අපරාධය~හා_සමානයි

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපරාධය~හා_සමානයි



    අද කාලයකට පස්සේ කතාවක් ඔස්සේ අපේ සහෝදර සහෝදරියන්ට..
    යම් මාතෘකාවක් එක් කරගෙන ඒ ගැන කරුණු පහදලා දෙන්නයි මේ උත්සහය..

    දැනටමත් ත්‍රේඩ් එක දාන්න පරක්කු හින්දා වැඩි කතාවක් නැතුව කෙලින් ම මම කතාව කියලා ඉන්නම්..
    මේ කතාව පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න..
    සමහර වේලාවට මේ ප්‍රශ්නයට ඔගොල්ලන් මුහුණ දිලාත් ඇති.. එහෙම නැත්නම්..
    ඔයාලගේ දන්න කියන සහෝදර සහොදරියන් මේ ගැටළුවට මුහුණ දිලාත් ඇති..
    හරි දැන් අපි බලමු
    මම පරිවර්තනය කල මේ කතාව මොකක් ද කියලා..


    දුකෙන් පිඩාවෙන් ඉන්න කාන්තාවක් වෛද්‍යවරයෙක් වෙත ගොස් ඒ කාන්තාවගේ දුක පවසන්නට වුහ..

    " වෛද්‍යතුමනි, මට බරපතල ප්‍රශ්නයක් තියෙනවා, මම හිතනවා ඒ ප්‍රශ්නයට යහපත් උත්තරයක් වෛද්‍යතුමාගෙන් ලැබෙයි කියලා "
    " වෛද්‍යතුමනි මට දැනට වයස අවුරුදු 2ක් වත් නැති දරුවෙක් ඉන්නවා.

    ඒත් වෛද්‍යතුමනි මම ආයෙත් ගැබ් ගෙන ඉන්නවා.. මට දැන් ම දරුවෙක් හදා ගන්න විදියක් නෑ.. "

    වෛද්‍යතුමා ගේ කටහඩ අවධි කලා..

    " හරි මගෙන් දැන් මොනවා ද වෙන්න ඕනේ.. ? "

    " වෛද්‍යතුමනි මගේ මේ දරුවා එපා, ඒ හින්දා මට ගබ්සා කිරිමක් කර ගන්න ඕනේ. "
    වෛද්‍යතුමා මද වේලාවක් කල්පනා කරගෙන සිට..

    " මම දන්නවා මේකට හොදම විසදුම, හැබැයි ඒ ක්‍රමයෙන් ඔයාටත් පොඩි බලපැමක් ඇති වෙයි " කියා පැවසුවේය..

    ඒ කාන්තාවගේ මුවගේ සිනාවක් මතු වුනා.. වෛද්‍යතුමා තමාගේ ඉල්ලිමට කැමැත්තක් දැක්වුවා කියන මතයෙන් සිතන්නට වුහ..

    " හරි දැන් ඔයා කියන විදියට ළමයි දෙන්නෙක් එක පාරට බලා ගෙන ලොකු මහත් කරන්න බෑ කියන එක නේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය..
    හරි එහෙනම් දැන් ඔයාගේ අතේ ඉන්න දරුවාගේ ගෙල මිරිකලා ඔයා මරන්න.. එතකොට ඔයාට තව ටික කාලයක් නිදහසේ ඉන්න පුලුවන් වෙයි
    ඔයාගේ බඩේ ඉන්න ළදරුවා ඉපදෙන කම්..
    කොහොමත් ඔයා මේ දරුවන් දෙන්නාගෙන් එක්කනෙක්ව මරන්න නේ ඉන්නේ..
    ඒ හින්දා ඔයාට කොයි දරුවා ද තෝරාගන්නේ කියන එක ගැන හිතන්න ඕන වෙන එකක් නෑ.. "

    " අනික ඔයාගේ අතේ ඉන්න දරුවාව ඔයා තොරා ගත්තා නම් ඔයාගේ ශරිරයට කිසිම හානියක් වෙන්නෙත් නෑ.. "

    කියා වෛද්‍යතුමා ඒ කාන්තාවට විස්තර කලේය..


    " බෑ වෛද්‍යතුමා ඒ මොන අපරාධයක් ද..!! අනික ඒක නීතිය උල්ලංඝනය කිරිමක් නේ..!!! "
    ඇය භිතියට පත් වේලා කලබලයෙන් ප්‍රශ්න කරන්න ට වුහ..

    " ඔව්, ඔයා කියන කතාවට මම එකග වෙනවා "
    වෛද්‍යවරයා පැවසුවේය.


    " නමුත් ඔයා හිතන විදියට මම හිතුවේ ඒ ප්‍රශ්නය තමයි හොදම විසදුම කියලා.. "
    වෛද්‍යතුමාගේ මුවගට සිනාවක් කැන්දාගෙන ආවා.. ඔහු බලාපොරොත්තු වුන මාතෘකාවට ඒ කාන්තාව ගෙන්න ගන්න පුලුවන් වුනාට..

    ඉන්පසු ඒ කාන්තාවට තේරුම් කරලා දුන්නා ඉපදිලා ඉන්න දරුවෙක් මරණ එකට සමාන පවක් තමයි ගර්භය තුල ඉන්න බිලිදාවත් මරණ එකත් කියන එක ගැන..


    හරි මේ කතාව කියෙව්වාම බොහෝ දෙනෙකුට හිතට එන්න ඇති මේ ප්‍රශ්නේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකය පුරාම පැන නගින ප්‍රශ්නයක් කියලා..
    ඔව්, ඔගොල්ලන් හරි.. ඒත් ඒ ප්‍රශ්නයකට මුලිකම හේතුව මොකක් ද කියලා කවුරුත් නම් හිතලා බලලා නැතුව ඇති නේ..

    මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ අඹු සැමියන් අතර හරි හමන් අවබෝධයක් නැති නම් තමයි..
    බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ කසාදයක් කියන්නේ ලිංගිකත්වය විතරයි කියන පදනමෙන් ජිවත් වෙන්නයි බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..
    ඔව්, ඔයාලා හරි ලිංගිකත්වයේ එක්තරා කොට්ටාංශයක් තමයි කසාදය කියන එක.. ඒත් ඒ ලිංගිකත්වය හේතුවෙන් අහිංසක ජිවිතයක් වන්දි ගෙවන්න ඕනේ නෑ නේ..

    මම මේ මාතෘකාව කසාදයක් කර ගත්ත පවුලක් වටා ගෙන ආවාත් මේ ප්‍රශ්නේ..
    කසාද බදින්න හිතලවත් නැති තරුණියන් බොහෝ දෙනෙක් තුල වුනත් මේ මාතෘකාව ප්‍රශ්නයක් කර ගෙන ඉන්නවා..

    තමාගේ ආදරවන්තයා පිළිබදව අහස උසට බලාපොරොත්තු තියාගෙන ඒ තරුණයාගේ ඕනෑ එපා කම් හැම දෙයක් ම සංසිදුවා ලිමට ඇය ආදරයට
    මුලාවි කටයුතු කරන්නයි බොහෝ වේලාවට උත්සහ කරන්නේ..
    ඒත් ඒ සිහිනය බොද වෙන්නේ මේ වගේ ලිංගික තෘප්තිය වෙනුවෙන් ම
    ආදරය කරන්න මාන බලාගෙන ඉන්න පුද්ගලයෙක් එක්ක තමයි තමා ආදරය කලේ කියලා දැන ගත්තාම තමයි..


    ඒ වෙද්දි තමන් පරක්කු වැඩි වෙන්න පුලුවන්..

    ඔව්, ඔගොල්ලන් හිතනවා වෙන්න ඇති මේ වගේ දෙයක් වෙන්නේ නෑ නේ..
    දැන් ඕන තරම් බෙහෙත් තියෙනවා නේ මේ සමාජයේ මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න කියලා..

    එහෙම බෙහෙත් තියෙන පලියට කෙල්ලෙක් ගේ ජිවිතයක් නැති කරන එක සාධාරණයි ද.. ?
    තමන්ගේ සහෝදරියෙක් ගේ එහෙම නැතිනම් තමන්ගේ හොදම යෙහෙළියෙකුට මේ වගේ ආසාධාරණයක් වුනාම ඒ ගැන කිසිම කම්පාවක් ඇති වෙන්නේ නෑද්ද ?
    මොහොතක් හිතන්න..


    මම මේ ගැන අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න කැමතියි..
    ඔව්, ටිකක් විතර ලොකු විස්තරයක් නම් තමයි
    ඒත් ඒ දේ පොඩි වේලාවක් වෙන් කරගෙන
    කියෙව්වා නම් ඔගොල්ලන්ගේ ජිවිතයට පාඩුවක් නම් වෙන එකක්
    නෑ කියලා මම හිතනවා..


    මේවාගේ සිදුවිම් වලට එරෙහි වෙන්න බොහෝ දෙනෙක් කැමතියි කියලා හිතන්න වෙන්නේ
    අපේ එළකිරි සහෝදර සහෝදරියන් මේ ත්‍රේඩ් එකට වචනයකින්
    හරි දෙන අදහස් වලින් විතරයි..
    මේ ත්‍රේඩ් එක දැකලාත් නොදැක්කා වගේ ඉන්න පිරිසක් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ..
    මේ වගේ ප්‍රශ්න මතු වුනාට කමක් නෑ කියන මතයෙන් හිතන පිරිසක් තවමත් ජිවත් වෙනවා කියලායි
    අකමැත්තෙන් වුනත් අපිට හිතන්න වෙන්නේ..

     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙතන වෙන ප්රශ්නෙකුත් තියෙනවා. ගැබ්ගෙන තියෙන්නෙ බලහත්කාරකමකින් නම් ඔය කියන තත්වෙ වෙනස් වෙනවා. එතනදී ඒ කාන්තාවගේ කැමැත්තෙන් නෙමෙයිනෙ වැඩේ වෙන්නෙ.
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    aniwa bro.. maru post eka.. kiyanna deyak na..
    11.gif
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙතන වෙන ප්රශ්නෙකුත් තියෙනවා. ගැබ්ගෙන තියෙන්නෙ බලහත්කාරකමකින් නම් ඔය කියන තත්වෙ වෙනස් වෙනවා. එතනදී ඒ කාන්තාවගේ කැමැත්තෙන් නෙමෙයිනෙ වැඩේ වෙන්නෙ.

    ඔව්, සහෝදරයා ඔයා කියන කතාව ඇත්ත..
    ඒ හින්දායි ඔගොල්ලන්ට අදහස් දක්වන්න එක් වෙන්න කිව්වේ..
    අනික ඔයා එක් කරමු මාතෘකාව මේ කොට්ටාංශයට ආදාල වුනත්..
    මානසිකත්වය ගැන වෙනම ත්‍රේඩ් එකකින් කතා කරන්න පුලුවන්..
    හේතුව ඒ ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා...
    ස්තුතියි අදහස් එකතු කලාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hoda thread ekak machan...thread eka podi unata hitanna loku deyak thiyenava machan

    ඔව්, බොහෝ දෙනෙක් මේ මාතෘකාව ගැන දන්නවා වුනත්..
    ඒ තරම් කතා කරන්න උත්සහ කරන්නේ නෑ.. මේ සමාජයේ මේ ගැන ඒ හැටි දැනුවත් කමක් කරන්නේ නැති හින්දායි..
    මේ වගේ ප්‍රශ්න තව දුරටත් මේ සමාජයෙන් තුරන් කරන්න බැරි.
     
    • Like
    Reactions: roshancs05

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kathawa aththa athe inna ekawa marala dana ekai bade inna ekawa marala daana ekai dekama ekai

    ඒත් ආසාවට තෘප්තියට වහල් වුන අයට..
    මේ දෙකේ වෙනස හරි හැටි අවබෝධ කර ගන්න බෑ..
    ඒකයි මෙතන තියෙන වැරද්ද...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Superb thread 1k bro!!! Wikara thread 1k daanawata wada mewage samaajayata watina thread 1k daapu 1ta Thnx! Hithanna deyak thiyenawa! Ape spoil wechcha youth minds EK 1th innawa nam meka kiyawalawath hadenawa nam loku deyak!

    තාරුණ්‍ය පිරිසට ලිංගිකත්වය ගැන හැගිම් එක සාමාන්‍ය දෙයක්..
    ඒ හින්දා අපිට වැරද්දක් කියන්න බෑ... ඒහෙම හැගිම් එන්නේ නැත්නම් එතන වෙනම ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි අපිට හිතන්න වෙන්නේ..
    ඒත් අපි හරි කෙනාව හරි මොහොතේ ඒ වගේ තෘප්තියක් ලබා ගන්න හිතාගෙන ඉන්නවා නම්..
    අපිට කවදාවත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
    මේ වගේ ප්‍රශ්නයක් හේතුවෙන්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Oya ge thread 1 female kenek widihata agaya karanna puluwan deyak thamai me prob 1di onama kenek angilla didu karana kanthawata witharakma waradda nokiya eyawa e thathwayata adala daana aya ganath sandahan karala thibeema!

    මෙහෙම නේ..
    දැන් මේ ප්‍රශ්නය වෙනුවෙන් එක්කෙනෙක් වෙනුවෙන් අපිට ඇගිල්ල දික් කරන්න බෑ..
    හේතුව එක්කෙනෙක් පාදක කරගෙන මේ ප්‍රශ්නය සිදු කරන්න බැරි හින්දා..
    කොහොම වුනත්.. අපි එක එක්කනා වෙනුවෙන් ඇගිලි දි කරන්නේ නැතිව..
    දෙගොල්ලන් ම මේ ප්‍රශ්නය ප්‍රශ්නයක් කර ගත්තා නම් මේ ගැන හිතලා බලලා ප්‍රශ්නය නිරාකරණය කරන්න පුලුවන් කම තියෙනවා..
     
    තාරුණ්‍ය පිරිසට ලිංගිකත්වය ගැන හැගිම් එක සාමාන්‍ය දෙයක්..
    ඒ හින්දා අපිට වැරද්දක් කියන්න බෑ... ඒහෙම හැගිම් එන්නේ නැත්නම් එතන වෙනම ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි අපිට හිතන්න වෙන්නේ..
    ඒත් අපි හරි කෙනාව හරි මොහොතේ ඒ වගේ තෘප්තියක් ලබා ගන්න හිතාගෙන ඉන්නවා නම්..
    අපිට කවදාවත් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
    මේ වගේ ප්‍රශ්නයක් හේතුවෙන්..

    oya kiyana deyata mama ekagai. Namuth hari kenawa evani deyakata thora gaththa wunath avivahakava e wage deyak karanawanam e deyata ekanga wenna amarui!!