වායු හඳුනා ගැනීම 2
Cl2(ක්ලෝරීන්)
මෙය ලා කොළ පැහැති කටුක ගඳක් සහිත වායුවකි.ක්ලෝරීන් වායුව හඳුනා ගැනීමට කරම කීපයක් ඇත.මෙම වායුවට තෙත් ලිට්මස් පත්‍රයක් ඇල්ලූ විට ලිට්මස් පත්‍රය විරංජනය වේ.එසේ නොමැතිනම් Cl2 HBr ද්‍රාවණයක් තුළින් යැවූ විට Br2 දුඹුරු දුමාරය ද,HI ද්‍රාවණයක් තුළින් යැවූ විට දම් පැහැති I2 වාෂ්පය ද මුක්ත වේ.
Br2(බ්රෝමීන්)
මෙය දුඹුරු පැහැති කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව HI ද්‍රාවණයක් තුළින් යැවූ විට දම් පැහැති I2 වාෂ්පය මුක්ත වේ.එසේ නොමැති නම් වායුව ජලය තුළින් බුබුලනය කොට(මෙවිට කහ-තැඹිලි ද්‍රාවණයක් ලැබේ) බිංඳු වශයෙන් NaOH එකතු කරයි.එවිට කහ-තැඹිලි ද්‍රාවණය අවර්ණ වේ.
I2(අයඩීන්)
මෙය දම් පැහැ,කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව Na2S2O3(සෝඩිය තයෝ සල්ෆේට්) ද්‍රාවණයක් තුළින් බුබුලනය කළ විට දම් පැහැ I2 විවර්ණ වේ.එසේ නොමැතිනම් I2 වායුව පිශ්ට ද්‍රාවණයක් තුළින් යැවූ විට ද්‍රාවණය නිල් පැහැ ගන්වයි
NO2(නයිට්රජන් ඩයොක්සයිඩ්)
මෙය දුඹුරු පැහැ,කටුක ගඳක් ඇති වායුවකි.මෙය හදුනා ගැනීමට,මෙම වායුව සිලින්ජයක් තුළට එක් රැස් කොට සම්පීඩනය කළ හැක එවිට දුඹුරු පැහැය අවර්ණ වේ(NO2--->N2O4).එසේ නොමැතිනම් වායුව අළුත සැදූ FeSO4 තුළින් බුබුලනය කළ හැක.එවිට දුඹුරු පැහැ ද්‍රාවණයක් ලැබේ{[Fe(NO)]2+}
CrO2Cl2(ක්රෝමයිල් ක්ලෝරයිඩ්)
මෙය,රතු දුඹුරු පැහැ,කටුක ගඳක් සහිත වායුවකි.මෙම වායුව හඳුනා ගැනීමට ජලය තුළින් බුබුලනය කොට ලැබෙන කහ-තැඹිලි දාවණයට බිංදු වශයෙන් NaOH එක් කිරීම සිදු කළ හැක.එවිට කහ-තැඹිලි ද්‍රාවණය කහ පාට වේ.
all rights reserved