එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,909
    2,830
    113
    Planet Earth
    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    0gOjcKp.jpg
    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections
    0gOjcKp.jpg


    එළකිරි මැතිවරණය අරභයා මැතිවරණ කොමිසමේ නිල කාර්‍යාල නූලට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා.

    YvyPJvt.jpg


    2019 / 20 පරිපාලන වර්ෂය වෙනුවෙන් එළකිරි සමූහයේ පැවැත්වෙන සියලුම නිල මැතිවරණ කටයුතු සිදු වන්නේ මෙම නූල ඔස්සේය.

    පළමුවෙන් එළකිරි සමුහයේ විධායක ජනාධිපති තෝරන ජනාධිපතිවරණයක් පවත්වන අතර, ඉන්පසු පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වේ.

    පළමුවෙන්ම මැතිවරණ නීති පිලිබඳ දැනුවත් වෙමු.


    ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකු,

    - මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය හැක්කේ එළකිරි සමුහයේ ජෙය්ෂ්ඨ සාමාජිකයන්ට (senior members) පමණි.

    - අපේක්ෂකයා ඡන්දයට ඉදිරිපත් වන දිනට අවම මාස 03 පෙර ලියාපදිංචි වී සිටිය යුතුය. පොස්ට් 1000 + සපුරා තිබිය යුතුය.

    - අපේක්ෂකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ.

    ඕනෑම මැතිවරණයකදී ඡන්ද දායකයා,

    - vote කරන සියල්ල ජෙය්ෂ්ඨ එලකිරි සාමාජිකයන් (senior members) විය යුතුයි (100+ posts)

    - සෑම ඡන්දයක් ම open/public එකක් නිසා හොර/ෆේක් වෝට් දැමීමට උත්සාහ ගැනීමෙන් වලකින්න, එම ඡන්ද සියල්ල ඉවත් කෙරෙනවා ඇත.

    - මැතිවරණ දිනයට අවම මාස 03 පෙර ලියාපදිංචි වී සිටිය යුතුය.ෆේක් ඡන්ද ඉවත් කෙරේ.

    - ප්‍රතිවාදීන්ට - rep දීම, පෞද්ගලික ඡායාරුප නම් ගම් ඇතුලත් කොට සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ මැතිවරණ කොමිසමට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

    - ඡන්ද දායකයා නිල් කොටු හෝ රතු කොටු වීම අදාළ නොවේ.


    මීට අමතරව


    - මැතිවරණ ව්‍යාපාරයක් සාදාරනව කරන්න සෑම පක්ශයකටම හැකියාව තිබෙනවා.

    - මැතිවරණ කොමිසමට, සාමාජිකයන්ට ගණන් කිරීමේ නිලධාරීන්ට ආදී මැතිවරණ කරයුතු සිදු කරන නිලධාරීන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න. ඔවුන්ට ඡන්ද අයිතිය නැත.

    - සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා කොමිසමේ අදාළ අංශයට දැනුම් දිය යුතුය.

    - අවශ්‍යතාවය මත කොමිසමේ නිර්දෙශ මත නව නීති රීති එකතුකිරීමේ බලය ඇත.

    - කොමිසමේ නිල ප්‍රථිපලය අවසන් තීරණය වේ.


    ඒ අනුව......

    පළමුවෙන්ම ජනාධිපතිවරණයක් කැඳවන අතර ඒ සඳහා කොමිසම විසින් ඉදිරියේදී දින වකවානු තීරණය කරනු ලබයි.

    මැතිවරණ ආකෘතිය ඒ ඒ අදාළ කාල වලදී නිල වශයෙන් දැනුම් දේ.

    නාම යෝජනා ලබා දීම සඳහා වෙනම ත්‍රෙඩ් දැමීම අදාළ කාලයේදී සිදු කෙරෙනු ඇත.

    ජනාධිපතිවරණයෙන් පත් වන්නේ විධායක ජනාධිපති වරයෙකි.

    පාර්ලිමේන්තු මහ මැතිවරණය පිලිබඳ තොරතුරු අදාළ කාලයේදී දැනුම් දෙනු ලැබේ.

    මැතිවරණ පූර්ව ප්‍රචණ්ඩ ක්‍රියා, උල්ලංඝනය කිරීම්, පැමිණිලි, නීති විරෝධී හැසිරීම් සියල්ල පැමිණිලි කිරීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්තුමිය ගේ පුර්ණ බලතල යටතේ '' මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශය '' වෙත ඉදිරිපත් කල හැක.

    [url]http://www.elakiri.com/forum/showthread.php?t=1920284[/URL]

    තවද අපගේ සියලුම මැතිවරණ තුලදී පහත කණ්ඩායම් ස්වාධින නිරීක්ෂකයන් වශයෙන් කටයුතු කරනු ඇති.

    - එළකිරි සැපේ සංවිධානය

    - ජාත්‍යන්තර පැපරල් සංවිධානය

    - ඉන්දීය ප්‍රෝ රාජ්‍ය නොවන ආයතනය

    - මුරුෂස් දිවයිනේ ඩෝඩෝ පදනම

    මැතිවරණ කොමිසම වෙනුවෙන්,



    එළකිරි මැතිවරණ කොමසාරිස්

    Dodo Mahaththaya

    sBER9NZ.png


    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

    Sara 531

    KIXw0vF.jpg
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    36,175
    1,558
    113
    hell
    samarisi1.png



    මැතිවරණ කොමසාරිස් තුමා,
    එළකිරි මැතිවරණ කොමිසම,
    එළකිරිය.
    2019.11.22


    ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,

    2019 එළකිරි මැතිවරණය සඳහා මෙවර පළමු වරට එළකිරි සමරිසි පෙරමුණ තරග කිරීමට බලා පොරොත්තු වෙමි.

    එම පෙරමුණේ සංයුතිය පහත පරිදි වේ.

    tupac97 - නායක
    kasunKDP - ලේකම්
    Pessimist - ප්‍රතිපත්ති සම්පාදක
    Kolavari
    Nicjosh
    Anuradhara
    G.D.1 Nirmal
    Pool
    Mohowk


    අපගේ පක්‍ෂ ලාංඡනය ලකුණ දේදුන්න වන අතර පැහැය දේදුනු වර්ණ පැහැය වේ. ඉතා සාමකාමී මැතිවරණයක් සඳහා පක්‍ෂයේ සියලු දෙනා බැඳී සිටින අතර මඩ හා වරදාන වරප්‍රසාද දොළපිදේනී දී මෙන් තොර මැතිවරණයක් වෙනුවෙන් අක්‍ෂය වෙනුවෙන් ඔබ ඉදිරියේ ප්‍රතිඥා දෙමි.

    මෙයට,
    පක්‍ෂ ලේකම්,

    KasunKDP
    එළකිරි සමරිසි පෙරමුණ
     
    Last edited:

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    19,077
    1,726
    113
    නෙතූෂි අක්කි ගාව
    2dhlaCl.png


    මැතිවරණ කොමසාරිස් තුමා,
    එළකිරි මැතිවරණ කොමිසම,
    එළකිරිය.
    2019.11.22


    ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,

    2019 එළකිරි මැතිවරණය සඳහා මෙවර පළමු වරට එළකිරි තනිකඩ පෙරමුණ තරග කිරීමට බලා පොරොත්තු වෙමි.

    එම පෙරමුණේ සංයුතිය පහත පරිදි වේ.

    sadamol buwa - පක්‍ෂ නායක
    Rahula Kasun - නියෝජ්‍ය නායක
    LazyLizard - භාණ්ඩාගාරික
    hichchiputha - ලේකම්
    JuZe_BaNda - සංවිධායක

    Ashan052
    Executer
    Ithika mithika
    asylum
    D_Mad
    lpwicrama
    iresh041
    rajasaba
    sithija.h
    sanjeewa2010
    dwpsg
    Alucard_SxE
    silentsahan
    Ultron

    අපගේ පක්‍ෂ ලාංඡනය අත ලකුණ
    avatar556899_7.gif
    වන අතර පැහැය අලු පැහැය වේ. ඉතා සාමකාමී මැතිවරණයක් සඳහා පක්‍ෂයේ සියලු දෙනා බැඳී සිටින අතර මඩ හා වරදාන වරප්‍රසාද දොළපිදේනී දී මෙන් තොර මැතිවරණයක් වෙනුවෙන් අක්‍ෂය වෙනුවෙන් ඔබ ඉදිරියේ ප්‍රතිඥා දෙමි.

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය

    ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථානය

    මෙයට,
    පක්‍ෂ නායක,

    සඳමෝල් බුවා
    එළකිරි තනිකඩ පෙරමුණ

    iikEMHX.png[
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,383
    1,164
    113
    logo.png


    මැතිවරණ කොමසාරිස්,
    එළකිරි මැතිවරණ කොමිසම,


    ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,

    මෙවර මැතිවරණයට "එළකිරි ජාතික සභාව" ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව මෙයින් දන්වා සිටින අතර එහි සාමාජිකයින් හා තනතුරු බෙදී යාම පිළිබඳව පහත දක්වා ඇත ..

    ඒ අනුව,

    Shehan_Giwantha:- නායක
    AngelHunter :- නියෝජ්‍ය නායක
    JohnnySS :- ලේකම්
    SBWoof
    Banned!
    Sunerudx
    Barath dpriye
    Tharinduncc
    Laknath123
    Robinhood wage ekek
    TDI110
    Saja
    Smother
    demee


    යන සාමාජිකයින් අප පක්ෂයේ සාමාජිකත්වය දරන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

    මෙම මැතිවරණයට ඉදිරිපත් වන අප පක්ෂයේ අනන්‍යතාව උදෙසා පක්ෂයට අදාළ වර්ණය ලෙස "maroon"වර්ණයද පක්ෂයේ සංකේතය ලෙස "නිවසක් යට සිටිනා මිනිස් රූප තුනක් " සහිත සංකේතය භාවිතා කිරීමට අප පක්ෂය තීරණය කොට ඇත්තෙමු.එම සංකේතය මේ හා සමඟ පලකොට ඇත.


    iJp0ngP.png



    අප පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත ලින්ක් එක මගින් බල ගත හැක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1920251


    අපවාද හා මඩ ගැසීම්වලින් තොරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගෞරවාන්විත ලෙසත් ,ිනීත ලෙසත් කරගෙන යාමට අප පක්ෂය පොරොන්දු වෙමු.

    එමෙන්ම අප සිදු කරන නීතිවිරෝධී,සදාචාරාත්මක නොවන කටයුතු සඳහා මැතිවරණ නීති ප්‍රකාරව අපට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවද මෙයින් පිළිගනිමු.

    ස්තුතියි!

    මීට,

    SHEHAN_GIWANTHA
    නායක
    එළකිරි ජාතික සභාව
     

    mac14

    Well-known member
  • Oct 27, 2014
    2,450
    61
    48
    මැතිවරණ කොමසාරිස්,
    එළකිරි මැතිවරණ කොමිසම,


    ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,

    "එළජන ආතල් පක්ෂය " වන අප පක්ෂය මෙවර මැතිවරණය සදහා තරග කිරීමට අදහස් කරන අතර අපගේ පක්ෂයේ තනතුරු සහ විස්තර පහත පරිදි වේ.

    mac14 - පක්ෂ නායක
    applekukka - නියෝජ්‍ය නායක
    hodakolla - ලේකම්
    Wanniyaz
    maxxan
    udara65
    omega18
    wqe123
    nash95
    virajkavn

    ඉහත නම් සදහන් සාමාජිකයන් දැනට අපගේ පක්ෂ සාමාජිකයන් වන අතර.අපගේ පක්ෂ වර්ණය නිල් පැහැය වන අතර පක්ෂ සලකුණ ඇගිලි දෙකක් ඔසවා ඇති අතක ලකුණයි. පක්ෂ ලාංචනය පහතින් දක්වා ඇත.


    zxZra9C.png




    ප්‍රතිපත්ති ප්‍රකාශණය


    නීති විරොධී ක්‍රියාකාරකම් වලින් තොරව ගෞරවාන්විතව මෙම මැතිවරණය තරග කිරීමට අපේක්ෂා කරන බව මෙයින් දන්වමි.

    ස්තුතියි.
    මෙයට විශ්වසී
    mac14 (පක්ෂ නායක)

     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,909
    2,830
    113
    Planet Earth
    elakiriye winadi 5k wadi :angry:

    ඒක මගේ වැරැද්ද නෙමේ....මම පොස්ට් කලේ එලකිරිය ඇතුලේ...සේරම මැතිවරණ තියන්නේ එලකිරිය ඇතුලේ.

    ඉතින් එළකිරි මැතිවරණ කොමිසම හැටියට අපි වැඩ කරන්නෙත් එළකිරි වෙලාවට අනුව....

    Not my fault


    :yes::yes::yes::yes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    27,188
    2,132
    0
    තරු අතරේ
    පොස්ට් අංක 2,3,4,5 යන පොස්ට් වලට තමන්ගෙ නිල පක්ශ කාර්‍යාලය නූල ඇතුලත් කරන ලෙස ඉල්ලා සිටිමු....
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,448
    534
    113
    කොහෙවත් නෑ


    කිරියේ වෙලාව වැඩියෙන් දුවන්නේ...
    අර හිච්චිපුතාට කියන්න වැඩි පොස්ට් ටික අයින් කර ගන්න කියලා...:rolleyes:

    එක පට්ට අසාදාරනයි...:dull:

    මැ.කො.දැනගන්න ඕන අපට අපේ වරප්‍රසාද අරන් දෙන්න...:oo:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,909
    2,830
    113
    Planet Earth
    මැකෝ පලවෙනි පෝස්ට් හයේ නෙමෙයි මුලින්ම සුදුසුකම් සපුරන පක්ෂවලට අවස්ථාව දෙමු:D


    :yes::yes::yes::yes:

    අපෝ ඔව්.....අපි එහෙම ඉල්ලීමක් කලේ කාර්යාල ත්‍රෙඩ් එක ලස්සන වෙන්න...එතකොට තරග වදින පක්ෂ මොනවද කියල ඕනෙම කෙනෙකුට 1 පිටුවෙන් බලා ගන්න පුළුවන්කම ලැබෙන නිසා....

    තනිකඩ පෙරමුණේ හැසිරීම සදාචාරාත්මක නැහැ කොහෙත්ම.
    :angry::angry::angry::angry:
     

    Sara531

    Member
    Jan 18, 2016
    27,188
    2,132
    0
    තරු අතරේ
    හිච්චිපුතා සහ සදමොල්..තමන්ගෙ පොස්ට් අයින් කරගන්න..නැත්නම් අයින් කරවන්න වෙනවා.
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,448
    534
    113
    කොහෙවත් නෑ
    තනිකඩ පෙරමුණේ ඉන්නේ මන්ද බුද්දීකයෝද බං? උන්ගේ පක්ෂේ උන් මුල් පිටුවම ගූ කරලා. මැතිවරණ කොමිසමේ කොන්දේසි අමු අමුවේම උල්ලංගනය කරලා


    අනිවා අපි වෙනුවෙන් සාදාරන්යක් ඉටු කරන්න...:dull:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    9,676
    4,794
    113
    තනිකඩ පෙරමුණේ ක්‍රියාකලාපය තරයේ හෙලා දකිමු!

    මුල් පිටුවේ අපිට ඉඩක් ලබා දියව්!
     

    Sara531

    Member
    Jan 18, 2016
    27,188
    2,132
    0
    තරු අතරේ
    මැකෝ පලවෙනි පෝස්ට් හයේ නෙමෙයි මුලින්ම සුදුසුකම් සපුරන පක්ෂවලට අවස්ථාව දෙමු:D

    අපි එහෙම දෙයක් කරන්නෙ ත්‍රෙඩ් එක ඔපන් කරන කෙනෙක්ට ඔක්කොම පලවෙනි පිටුවෙන් ම සියලුම දෙ බලාගන්න පුළුවන් වෙන්න..නැතුව එ පක්ශ ඔක්කොම ගන්නවා කියන එකම නෙවෙයි..මැකො ගෙ තීරනය අවසාන තීරනය :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,461
    14,372
    113
    6
    කටුකරෝලගම
    කඹේ වගෙ හැමතැනම spam කර කර pm ගගහ රෙප් බෙද බෙද නැතුව මේක කරන්න විදිහක් බැලුවොත් හොඳයි නේද මොකෝ කියන්නෙ
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    9,676
    4,794
    113

    hichchiputha ට එරෙහිව නඩු දමනු!


    hichchiputha ගේ ප්‍රජා අඉතිය අහෝසි කරනු!
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,813
    1,516
    113

    hichchiputha ට එරෙහිව නඩු දමනු!


    hichchiputha ගේ ප්‍රජා අඉතිය අහෝසි කරනු!

    පර දේශක්කාර NGO කුක්කන්ට හිස නොනමු..! නැගී සිටිමු..!:angry: