ඉල්ලීමක් තිබුණා Tandoori Chicken හදන්න කියලා. ඔන්න ඒ නිසා අද Tandoori Chicken විතරක් නෙවේ ඒකට හරියන්න Garlic Naan & Dhal Makhani Curry එකකුත් හදනවා!
Garlic Naan මෙතන.
http://www.elakiri.com/forum/showthread.php?p=10658363#post10658363
Dhal Makhani මෙතන.
http://www.elakiri.com/forum/showthread.php?p=10658622#post10658622
මුලින්ම Tandoori Chicken හදමු!!
මේක හදන්න වඩාත් සුදුසු Chicken whole Leg or Thighs. හොදින් අයිස් ඉවත් වූ 500 -750g විතර ගන්න.
සෝදා හොදින් වතුර බේරෙන්න තියන්න. පිරිසිදු රෙදිකැල්ලකින් තෙතමාත්තු කලත් කමක් නෑ.
මීකිරි මේස හැදි 4ක් පමණ ගෙන රෙදි කෑල්ලක දමා තරමක් වතුර මිරිකා හරින්න.
රතු මිරිස්කුඩු හා ලුණු තේ හැන්ද බැගින්
කහ කුඩු හා ගම්මිරිස් තේ හැදි 1/2 බැගින්
දෙහි ගෙඩියක යුෂ සහ වතුර මිරිකාගත් මීකිරි
කරදමුංගු, කරාඹු නැටි, කුරුදු, වසාවාසි සහ බේ ලීෆ් කුඩු කරගත් තේහැදි 1/2ක්
දෙහි යුෂ, ලුණු සහ කුලුබඩු සියල්ල මීකිරි සමග මිශ්ර කරන්න. රතු හා තැඹිලි පාට කලරින් බිංදු 5-6 බැගින්ද එක්කරන්න.
විකන් වල ගැඹුරු කැපුම් යොදා ගෙන රතු කලරින් බිංදු 5-6ක් දමා පාට කරගන්න.
මීකිරි මිශ්රණය හොදින් තවරා ගන්න.
ශීතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
දැන් ෆ්රයින් පෑන් එකකට දමා පියන වසා ඉතා අඩු ගින්දරෙන් පිසගන්න.
විටින් විට දෙපැත්ත පෙරලන්න.
නැත්නම් අවන් එකක පුලුස්සා ගන්න.
BBQ Grill එකක වුනත් හදා ගන්න පුලුවන්.
නියම විදියටනම් මෙන්න මේ වගේ Tandoori Oven එකක තමා හදන්න ඕනේ. නමුත් පෑන් එකක හදාගන්න එක පහසුයි පිරිමැසුම් දායකයි!!
දෙහි ,පිපිඤ්ඤා සහ ලූනු පෙති කීපයක් සමග පිලිගන්වන්න.
Last edited:







