ජුලි 21 වන දින
නිශාන්ත මුතුහෙට්ටිගම ගාලු බස් නැවතුමේ යකඩ වැට කපයි
ගාල්ල බස් නැවතුම්පළේ යකඩ වැටක් හේතුවෙන් පුද්ගලික පුද්ගලික බස් සේවකයන් විසින් ගෙන ගිය වර්ජනය අවසන් කරවීමට ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිය බලය පාවිච්චි කර තිබේ.
මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගාල්ල නගර සභාව විසින් ඉදිකර තිබුණු එකී යකඩ වැට හේතුවෙන් පුද්ගලික බස් රථ සේවකයින්ට ජනයා බස් රථවලට ගොඩකරවා ගැනීමට අපහසු යයි කියා සිටිමින් ඔවුන් විසින් ප්‍රථමයෙන්ම ගාල්ල-හික්කඩුව පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු යොදවා තිබිණි.
පසුව ඊයේ දිනයේ සිට තවත් මාර්ග කිහිපයක පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම නිසා ගාල්ල මගී ජනයා බෙහෙවින් අසීරුවට පත්ව සිටියහ.
අද දවසේ ගාල්ල බස් නැවතුම්පළට ගිය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නගරාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ඒ මොහොතේම යකඩවැට කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=17551
ජුලි 22 වන දින
මුතුහෙට්ටිගම කපා දැමූ යකඩ වැට යළි සවිකරයි
ගාල්ල බස් නැවතුම්පළේ හික්කඩුව මගී වේදිකාවේ යකඩ වැට යළි සවි කිරීමට දකුණු පළාත් සභාව පියවර ගෙන තිබේ.
අදාළ යකඩ වැට ඊයේ(21) පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් කපා ඉවත් කර තිබේ.
එක් ප්‍රවේශ මාර්ගයක් පමණක් තිබු බැවින් අම්බලන්ගොඩ හා හික්කඩුව පෞද්ගලික බස් රථ සේවකයින් නව බස් නැවතුම්පළට විරෝධය පළ කරමින් වර්ජනයක් ද ක්‍රියාත්මක කර තිබුණි.
මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැමිණ ඉන් අනතුරුව අදාළ මගී වේදිකාවේ යකඩ වැට ඉවත් කළේය.
කෙසේ වෙතත් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන පොදු පහසුකම් රැකගැනීම තමාගේ වගකීමක් බව පෙන්වා දෙන පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා, කිසිදු වග විභාගයකින් තොරව පොදු දේපල කඩා බිඳ දැමීම අනුමත නොකරන බව සඳහන් කළේය.
ඒ අනුව වර්ජනයේ නිරත වු බස් රථ සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදී බස් නැවතුම්පළේ යකඩ වැට යළි ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=17564
මුලින්ම අපි හැදුවා කියලා TV එකේ පෙන්නලා ලකුණු දාගන්නවා.....
ඊට පස්සේ කරදර නිසා කැඩුවා කියලා TV එකේ පෙන්නලා ලකුණු දාගන්නවා.......
කඩපු එක අපි ආයිත් හැදුවා කියලා TV එකේ පෙන්නලා ලකුණු දාගන්නවා.......
මේවට ඉතින් ඔහම කඩ කඩ හදන්නේ ඒ කට්ටියගේ පෞද්ගලික මුදල් වලින් වෙන්න ඇති මං හිතන්නේ........






]
Last edited:



