යකඩ_වැට

Gayan88

Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    ජුලි 21 වන දින​
    නිශාන්ත මුතුහෙට්ටිගම ගාලු බස් නැවතුමේ යකඩ වැට කපයි​

    11745786671349553117muthhetti-L.jpg

    ගාල්ල බස් නැවතුම්පළේ යකඩ වැටක් හේතුවෙන් පුද්ගලික පුද්ගලික බස් සේවකයන් විසින් ගෙන ගිය වර්ජනය අවසන් කරවීමට ගාල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිය බලය පාවිච්චි කර තිබේ.

    මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගාල්ල නගර සභාව විසින් ඉදිකර තිබුණු එකී යකඩ වැට හේතුවෙන් පුද්ගලික බස් රථ සේවකයින්ට ජනයා බස් රථවලට ගොඩකරවා ගැනීමට අපහසු යයි කියා සිටිමින් ඔවුන් විසින් ප්‍රථමයෙන්ම ගාල්ල-හික්කඩුව පුද්ගලික බස් ධාවනයෙන් ඉවත් කිරීමට කටයුතු යොදවා තිබිණි.

    පසුව ඊයේ දිනයේ සිට තවත් මාර්ග කිහිපයක පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම නිසා ගාල්ල මගී ජනයා බෙහෙවින් අසීරුවට පත්ව සිටියහ.

    අද දවසේ ගාල්ල බස් නැවතුම්පළට ගිය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා නගරාධිපතිවරයාට දුරකථනයෙන් අමතා ඒ මොහොතේම යකඩවැට කපා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=17551

    ජුලි 22 වන දින​
    මුතුහෙට්ටිගම කපා දැමූ යකඩ වැට යළි සවිකරයි

    11745786671349553117muthhetti-L.jpg

    ගාල්ල බස් නැවතුම්පළේ හික්කඩුව මගී වේදිකාවේ යකඩ වැට යළි සවි කිරීමට දකුණු පළාත් සභාව පියවර ගෙන තිබේ.

    අදාළ යකඩ වැට ඊයේ(21) පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් කපා ඉවත් කර තිබේ.

    එක් ප්‍රවේශ මාර්ගයක් පමණක් තිබු බැවින් අම්බලන්ගොඩ හා හික්කඩුව පෞද්ගලික බස් රථ සේවකයින් නව බස් නැවතු‍ම්පළට විරෝධය පළ කරමින් වර්ජනයක් ද ක්‍රියාත්මක කර තිබුණි.

    මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පැමිණ ඉන් අනතුරුව අදාළ මගී වේදිකාවේ යකඩ වැට ඉවත් කළේය.

    කෙසේ වෙතත් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන පොදු පහසුකම් රැකගැනීම තමාගේ වගකීමක් බව පෙන්වා දෙන පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා, කිසිදු වග විභාගයකින් තොරව පොදු දේපල කඩා බිඳ දැමීම අනුමත නොකරන බව සඳහන් කළේය.

    ඒ අනුව වර්ජනයේ නිරත වු බස් රථ සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදී බස් නැවතුම්පළේ යකඩ වැට යළි ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව මහ ඇමතිවරයා ප්‍රකාශ කළේය.


    Code:
    http://www.adaderana.lk/sinhala/news.php?nid=17564

    Bus-002.jpg

    මුලින්ම අපි හැදුවා කියලා TV එකේ පෙන්නලා ලකුණු දාගන්නවා.....
    ඊට පස්සේ කරදර නිසා කැඩුවා කියලා TV එකේ පෙන්නලා ලකුණු දාගන්නවා.......
    කඩපු එක අපි ආයිත් හැදුවා කියලා TV එකේ පෙන්නලා ලකුණු දාගන්නවා.......


    මේවට ඉතින් ඔහම කඩ කඩ හදන්නේ ඒ කට්ටියගේ පෞද්ගලික මුදල් වලින් වෙන්න ඇති මං හිතන්නේ........ :rolleyes::rolleyes::rolleyes:

    :dull::dull::dull::dull:]​
     
    Last edited:
    • Like
    Reactions: Dileepa_J

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මුතුහෙට්ටිගම කෑපූ යකඩ වැට යළි සිටුවයි.

    මුතුහෙට්ටිගම කෑපූ යකඩ වැට යළි සිටුවයි.

    ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිශාන්ත මුතුහෙට්ටිගම විසින් ඊයේ (21) කපා දැමූ ගාල්ල නව බස් නැවතුම්පලේ හික්කඩුව පර්යන්තයේ යකඩ වැට මේ වනවිට යළි සවි කරමින් පවතිනවා.
    දකුණු පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති ඒ. සමරසිංහ කියා සිටියේ බස් නැවතුම්පල ඉදිකළ සමාගම විසින් මෙම යකඩ වැට මේ වනවිට සවිකරමින් පවතින බවයි.
    මෙම යකඩ වැට නිසා බස් මගීන්ට හිරිහැර වන බව පවසමින් පෞද්ගලික බස් රථ ඊයේ වැඩ වර්ජනයක ද නිරත වූ අතර, අනතුරුවයි මන්ති‍්‍රවරයා හදිසියේ පැමිණ එය කපා දැමීමට පියවර ගත්තේ.
    සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ ගාල්ල බස් නැවතුම්පල ශී‍්‍ර ලංකාවේ දිගම සහ නවීනතම බස් නැවතුම්පල ලෙස රුපියල් මිලියන 405 ක් වැය කර සංවර්ධනය කර ජනපති අතින් ජනතා අයිතියට පැවරුණේ පසුගිය 11 වැනිදායි.

    Code:
    http://www.hirunews.lk/sinhala/11925
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    :):):)

    මචං අළුත් කුණුහරප එහෙම හම්බුණේ නැද්ද? මුන්ට පරණ ඒවයින්ම බැනල දැන් ඇති වෙලා තියෙන්නෙ!

    :angry::angry::angry:

    සිරාවට මචන්..... මේවට ඉතින් මොනවා කියන්නද :rofl::rofl::rofl:

    :angry::angry::angry::angry:
     

    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....

    සුනාමි ව්‍යසනයෙන් විනාශ වූ ගාල්ල බස් නැවතුම්පල ශී‍්‍ර ලංකාවේ දිගම සහ නවීනතම බස් නැවතුම්පල ලෙස රුපියල් මිලියන 405 ක් වැය කර සංවර්ධනය කර ජනපති අතින් ජනතා අයිතියට පැවරුණේ පසුගිය 11 වැනිදායි.



    :angry::angry::angry::angry:
    11 හදලා 21 කඩලා 21 ආයිත් හදනවා :no::no::no: