Laptop_එකක්_ගනිද්දි

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න

    images


    අද මම කියන්න යනදේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ අලුතින් laptop ගන්න ඉන්න කට්ටියට.

    අපි ඉතින් ගොඩක් වෙලාවට බලන්නෙ අපි ගන්න යන laptop එකේ කතා කරගත්තු විදිහට RAM, Processing Speed, VGA, Disk Space වගේ දේවල් තියනවද කියලනෙ. ඊට අමතරව බලන්න ඕන තව දෙයක් තියනව. ඒ තමයි laptop එකේ LCD/LED screen එක.

    මේ screen එකේ අපිට පේන්නෙ නැති තරම් කුඩාවට කළු, සුදු හෝ වෙනත් පැහැයක් ගන්නාවූ ලප තියෙන්න පුළුවන්. මේවට කියන්නෙ Dead/Stuck Pixel කියල. අපි මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම හේතුව තමයි, මේවගේ ලප (Dead Pixel) එකක් දෙකක් තිබුනට අපිට අලුත් screen එකක් warranty යටතේ හම්බවෙන්නෙ නැති එක. එහෙම අලුත් එකක් දෙන්නනම් ගොඩක් වෙලාවට අඩුම තරමින් Dead Pixel 5ක් වත් තියෙන්න ඕන. මේක laptop brand එක අනුව වෙනස් වෙන දෙයක්.

    deadpixel.jpg


    ඔයා ගන්න යන laptop එකේ Dead Pixel තියනවද කියල බලන්න පුළුවන් ලේසිම විදිහ තමයි wallpaper එකට සුදු පාට පින්තූරයක් සහ කලු පාට පින්තූරයක් දාල හොඳින් පරීක්ෂා කරන එක. මේ web site (UDPixel) එකේ තියන පොඩි software එකෙන් ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. Install කරන්න ඕන නැති නිසා laptop එක ගන්න වෙලාවට Flash Drive එකක දාගන ගිහින් run කරල බලන්න තියෙන්නෙ.
    මෙතනින් බාගන්න:

    UDPixel v2.2 English (.zip - 72kB) Compressed binaries, no installer

    ඊට අමතරව මේ web site එකට (Dead Pixels Test)
    ඒ වෙලාවෙම ගිහිනුත් හොඳ පරීක්ෂාවක් කරගන්න පුළුවන්. අමාරුවෙන් සල්ලි හොයාගන laptop එක ගත්තට පස්සෙ දුක් වෙනවට වඩා හොඳට පරීක්ෂා කරල ගන්න එක හොඳයිනෙ.[/COLOR]​
     
    Last edited:

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අඩේ.... මගේ මොනිටරේ ඔයවගේ පික්සල් එකක් තියෙනව බන්
    ඒකට කරන්න ඕනෙ මොකක්ද කියල මට පී.එම් පාරක් දානවද :D