KIA Picanto පිකැන්ටෝ රථය ලංකාවට එයි
ක්‍රීඩාශීලි හුරුබුහුටි KIA පිකැන්ටෝ රථය ලංකාවට එයි
කුඩා මෝටර් රථ වෙළඳ පොළ කොටස අල්ලා ගැනීම අරමුණයි
ඉහළ නිර්මාණාත්මක ගුණයක් හා කාර්යක්ෂමතාවයක් සහිත KIA පිකැන්ටෝ කුඩා මෝටර් රථය කොරියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගම වන KIA සමාගම විසින් මෙරට වෙළඳ පොළට හඳුන්වා දෙයි.
දොර පහක මෝටර් රථයක් වන මෙහි එන්ජින් ධාරිතාවය 1000CC වන අතර ඔටෝ හා මැනුවල් යන මාදිලි දෙකින්ම මෙම මෝටර් රථය විකිණීමට තිබෙන බව KIA ලංකා සමාගම සඳහන් කරයි.
“මැනුවල් රථයක් බදු එකතුවූ විට රුපියල් ලක්ෂ 18 ක් විතර වෙනවා. ඔටෝ ගියර් රථයක් බදු ඇතුළත්ව රුපියල් ලක්ෂ විස්සක් විතර වෙනවා.“
යනුවෙන් මෙම මෝටර් රථයේ මිල ගණන් පිළිබඳව සඳහන් කරමින් KIA ලංකා සමාගමේ නියෝජිතයෙකු “විමසුම“ ට කීය.
මෙම රථයේ වේග පහක් සහිත මැනුල් ක්‍රියා කාරීත්වය හා වේග හතරක් සහිත ඔටෝ ට්‍රාන්ස්මිෂන් පද්ධතියක් තිබෙන බවත් පෙට්රල් ලීටරයකින් කිලෝ මීටර් 20 ක් පමණ ධාවනය කළහැකි බවත් සඳහන්ය.
ගැනුම් කරුවන්ගේ පහසුව සඳහා තෝරාගත හැකි වර්ණ දහයකින් යුක්තව ක්‍රීඩාශීලි හුරුබුහුටි නිමාවෙන් වෙළඳ පොළට නිකුත් කර තිබෙන මෙම රථය “Urban Car“ නැමති මෝටර් රථ කාණ්ඩයට අයත් වේ.

KIA wala oya kiwwata petrol karanne na wedima 11 thamai (city limites) 