ගැහැණු කම

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara


    සරමක්ද?
    කම්බායක්ද?
    ------------------------------------------
    අපෝ!............... පුතෙක් ඉපුදුනා නම් තමයි හොද!
    ---------------------------------------------------
    දුවේ ගේ අතුගාලා දාන්න.
    අක්කි මට තේ එකක් දානවද?
    නංගි.. සුදු නංගි වගේ මගේ ඇදුම් ටික හෝදලා දමන්න හොදේ.
    චූටි මැනිකේ මට උයන්න ටිකක් උදව් කරන්නකෝ
    ------------------------------------------------------
    ගැහැණු ළමයි වැඩ කරන්න පුරුදු වෙන්න ඕන
    ගැහැණු ළමයි ගෙදරට වෙලා ඉන්න ඕන
    ගැහැණු ළමයි හයියෙන් හිනාවෙන්න හොද නෑ
    ගැහැණු ළමයි සංවරව හැසිරෙන්න ඕන
    ...........................................................
    අලුත් මනමාලි ඉන්නවනේ දැන් ගෙදර වැඩ කරන්න
    ඔය රෙදි ටිකත් දාන්න. නෑනා සෝදයි.
    අලුත් ලේලි කෑම රසට උයයි.
    ලේලි ගේ අස් පස් කරලා අතුගාලා දමයි.
    ----------------------------------------
    කසාද බැදලද?
    ළගදි ප්‍රසූත නිවාඩු ගන්න අදහසක් නැහැනේ..
    එහෙම අය අපි මෙහාට බදවා ගන්නෙ නැහැ.
    --------------------------------------------
    බබාට සනීප නෑ....... මහත්තයාට සනීප නෑ..........
    ඕවා හරියන්නෙ නෑ රක්සාවත් එක්ක.
    .................................................................
    මගේ ඇදුම් අයන් කරලද?
    කෝ මගේ කෑම එක?
    කෝ මගේ බෑග් එක.
    මම එන්න පොඩ්ඩක් පරක්කු වෙයි.
    ඔයා ටිකක් කලින් ඇවිල්ලා මගේ කමිස ටික සෝදල දමන්න.
    -----------------------------------------------------------------
    වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යමුද?
    උදේට කාලා යමු
    දවල් කෑම අරන් යමු
    මගදි කන්නත් මොනවා හරි හදන්න
    ඔය කඩවල් වල කෑම කන්න බෑ
    --------------------------------------
    ඔයාට ක්ලිනික් යන්න මම ඕන නැහැනේ.
    අම්මා හරි නංගි හරි එක්ක යන්න.
    -----------------------------------
    ඔයාට පුළුවන්නෙ තනියම ගිහින් බබාට ඉන්ජෙක්ෂන් එක දෙන්න.
    අපි දෙන්නම නිවාඩු දමන්න ඕන නැහැනේ.
    ------------------------------------------
    බබාට ඉදුල් කට ගාන්න නැකතක් හදන්න ඔයාට යන්න පුළුවන් නේ.
    පඩියට පස්සෙ දවසක් කියල හදාගන්න.
    අපි පාටි එකකුත් දමමු.
    ------------------------------------

    බබාගෙ පලවෙනි උපන් දිනේ නෙ අපි පාටි එකක් දමමු
    මම යාළුවන්ටත් එන්න කිව්වා
    හොදට කෑම ටිකක් හදන්න.. බයිට් ටිකකුත් එක්ක.. දන්නවනේ ඉතින්.
    -----------------------------------------------

    දැන් සර්වන්ට්ස් ලා ඕනෙ නැහැනේ.
    බබා ඩේ කෙයා එකකට දමමු
    ඔයාට පුළුවන්නෙ උදේට ගිහින් දමලා හවසට අරන් එන්න.
    ----------------------------------------------
    අම්මේ බඩගිනියි
    අම්මේ කට දනවා වතුර ඕනේ
    අම්මේ කක්ක බරයි
    අම්මෙ කලිසමේ චූ ගියා
    අම්මෙ අයියා ගැහුවා
    අම්මෙ මල්ලි කෙනිත්තුවා
    ---------------------------------
    අම්මෙ මගේ පැන්සල කෝ?
    අම්මෙ මගේ ඔළුව පීරන්න
    අම්මෙ මගේ ටයි එක ගැට ගහන්න
    අම්මෙ මගේ ලේස් ගැට ගහන්න
    --------------------------------
    අම්මෙ කෝ මගේ සපත්තු?
    අම්මෙ කෝ මගේ පනාව?
    අම්මෙ කෝ මගේ කෑම එක?
    අම්මෙ මගේ ඇදුම් අයන් කලාද?
    අම්මෙ හෙට මගේ යාළුවෝ ටිකක් එනවා කෑම ලෑස්ති කරන්න.
    ------------------------------------------------
    ළමයින්ට හොද නරක කියලා දෙන්න ඕන අම්මා.
    ළමයින් ට පොත් කියවන්න අම්ම හුරු කරන්න ඕන
    ළමයි යන්නෙ කොහෙද? ආශ්‍රය කරන්නෙ කවුද? කියලා අම්මා දැන ගන්න ඕන.
    ළමයින්ට ගේ දොර වැඩ හුරු කරන්න අම්ම දැන ගන්න ඕන.
    ----------------------------------------------------
    අම්මෙ අපි එනකොට හවස් වෙයි බබාට වෙලාවට කෑම දෙන්න.
    අම්මෙ බබා නෑව්වද?
    බබාට සනීප නෑ අම්මට පුළුවන්නේ ළග ඉන්න
    -----------------------------------
    ආච්චි මේ ගවුම අන්දන්න
    ආච්චි මගේ ඔළුව පීරන්න
    ආච්චි මට හෝම්වර්ක් කියලා දෙන්න
    ආච්චි මට කතාවක් කියලා දෙන්න
    ආච්චි මට කවියක් කියලා දෙන්න
    ආච්චි මට බඩගිනියි.
    ආච්චි මගේ ඇදුම් සේදුවද?
    ආච්චි මගේ ඇදුම් අයන් කලාද?.............................................................


    හොද නම් rep+ 1ක් හරි bump 1k හරි දාල යන්න. :D
     

    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    දැක්කනේ නිවනක් නෑ :no:
    ලෝකේ ගැහැණිය ඉන්නේ වැඩ කරන්න නෙමෙයි
    ඒත් ඉතින් මේ වැඩ ටික වෙන කව්රු කරන්නද?
    මේ ටික පිරිමි කරොත් වැඩ අනා ගන්නවානේ
    6.gif
     
    • Like
    Reactions: Snowl

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව් ඔව් වයිෆ්ට වැඩ වැඩියි...මෙව්ව අඩු කරන්න තව වයිෆ් කෙනෙක් ගන්න නීතියෙන් අවසර දුන්න නම් .....ඉන් ඉක්බිතිව සියල්ලෝම සතුටෙන් ජීවත් වූහ තමයි....
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඔව් ඔව් වයිෆ්ට වැඩ වැඩියි...මෙව්ව අඩු කරන්න තව වයිෆ් කෙනෙක් ගන්න නීතියෙන් අවසර දුන්න නම් .....ඉන් ඉක්බිතිව සියල්ලෝම සතුටෙන් ජීවත් වූහ තමයි....

    :eek::eek::eek::P:P:rofl::rofl:
     

    skinny007

    Member
    Oct 26, 2011
    9
    0
    0
    38
    Kottawa
    Let me tell a naughty things my girl does on me. She has a fascination with undressing me. When we return home together after work, she will take off my tie, shirt, vest and pants right in the garage. Leaving me with my undies(white briefs), shoes socks and specs….! I have to be in this uniform till bed time and have dinner in this funny uniform too. All the while she pokes fun of me, pats me and caresses me. It feels soo self conscious now that I have put on some weight and not as skinny as I used to be……….
    6263728006