කුහුඹුවෙකු මැරීම සදහා ක්‍රමයක් ( Funny)

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කුහුඹුවෙකු මැරීම සදහා ක්‍රමයක් ( Funny)

    389584_272585639447287_193218727383979_721990_1028309057_n.jpg



    Q25. කුහුඹුවෙකු මැරීම සදහා ක්‍රමයක් යෝජනා කරන්න. [ලකුණු 15]

    මේ විභාග ප්‍රශ්ණ පත්‍රයක තිබුනු ප්‍රශ්ණයක්(විභාගේ මොකද්ද කියලා අහන්න එපා).

    අනිත් එක ප්‍රශ්ණෙකටවත් හරියට උත්තර ලියා ගන්න බැරුව නන්නත්තාර වෙලා හිටිය කොල්ලෙක් මේ ප්‍රශ්ණෙට නම් කොහොම හරි ලකුණු 15න් 15ම ගන්නවා කියලා හිතලා මෙන්න මෙහෙම ලිව්වා.

    ►කුහුඹුවාව පැය කීපයක් නිරීක්‍ෂනය කර ඌ ජීවත් වෙන ගුල නිවැරදිව හදුනා ගන්න
    ►මිරිස් කුඩු ග්‍රෑම් 10 ක් සහ සීනි ග්‍රෑම් 40ක් ගෙන හොදින් මිශ්‍ර කරන්න(අනුපාතය 1:4)
    ►මිශ්‍රණයෙන් ස්වල්පයක් ගෙන කුහුඹුවා ජීවත් වෙන ගුල අසලින් තබන්න
    ►ලොකු බේසමකට ජලය පුරවා එයද ඒ අසලින් තබන්න.
    ►සීනි මිරිස් මිශ්‍රණය අනුභව කිරීමෙන් පසු කුහුඹුවා ජලය සොයා යනු ඇත.
    ►ජලය බීමට කුහුඹුවා ලොකු බේසමට නැග්ග විට ඌව බේසම තුලට තල්ලු කරන්න.
    ►ජලයෙන් පෙගුන කුහුඹුවා ඇග වියලා ගැනීමට ගිනි ගොඩක් අසලට යනු ඇත
    ►ගිනි ගොඩ අසල කුහුඹුවා ගිනි තපින විට ගිනි ගොඩට රතිඤ්ඤා කරල් කීපයක් දමන්න(බට්ටෝ නම් වඩා හොදයි)
    ►පිපිරීමෙන් කුහුඹුවා බරපතල තුවාල ලබනු ඇත.
    ►ප්‍රතිකාර සදහා කුහුඹුවාව දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න.
    ►පාතාල ලෝකයේ නම ගිය අපරාධකාරයෙකු සොයා ගොස් ඔහුට අත්තිකාරම් මුදලක් ගෙවා කුහුඹුවාගේ ඔක්සිජන් බටය ගැලවීම සදහා කොන්ත්‍රාත්තුව ඔහුට ලබා දෙන්න.
    ►පසුවදා රෝහල ලග ගැවසී කුහුඹුවා මැරුන බවට ප්‍රත්‍යක්‍ෂ කර ගත් පසු පාතාල කරුවාට සම්පූර්ණ මුදල ගෙවන්න.


    ..උපුටා ගන්නා ලද්දකි..
     
    Last edited:
    • Like
    Reactions: GAC

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කූඹියා එක්ක යාළු වෙලා ...ඌ එක්ක ඩ්‍රිංක් එකක් දාලා කොහොම හරි ඌ එක්ක ගෙදර යන්න ප්‍රයිවෙට් බස් එකකට නැග්ග නම්....කූඹියා හිරවෙලාම මැරෙයි.
    පාතාල බුවාලට කන්ට්‍රැක්ට් දෙන්න ඕනත් නෑ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කූඹියා එක්ක යාළු වෙලා ...ඌ එක්ක ඩ්‍රිංක් එකක් දාලා කොහොම හරි ඌ එක්ක ගෙදර යන්න ප්‍රයිවෙට් බස් එකකට නැග්ග නම්....කූඹියා හිරවෙලාම මැරෙයි.
    පාතාල බුවාලට කන්ට්‍රැක්ට් දෙන්න ඕනත් නෑ.

    :lol: :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අන්ඩවල්ඩ් කේස් එකකට කූඹියා සම්බන්ධයි කියලා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ආයුධ පෙන්නන්න එක්ක ගියාම පොලිසියට වෙඩිතියන්න ආව හින්දා මරලා දැම්ම කියන සීන් එකත් පට්ට:D:rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අන්ඩවල්ඩ් කේස් එකකට කූඹියා සම්බන්ධයි කියලා පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන ආයුධ පෙන්නන්න එක්ක ගියාම පොලිසියට වෙඩිතියන්න ආව හින්දා මරලා දැම්ම කියන සීන් එකත් පට්ට:D:rofl:

    ඔව් ඔක හොදයි වගේ මචන්, හොස්පිටල් ගෙනියන එක dangerous මොකද දුමින්ද අයියත් එහෙනෙ..:lol: