ඔබේ_ප්‍රේමය

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? නෑවතත් අසමි .... ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? ඔබට මදක් සිතන්නට ඉඩදී මම මට සිතෙන දේ කියන්නම්...

    අද කලකට පසු..කලක් මගේ ප්‍රියතම වු ගීතයක් ඈසුවා,

    ඔබ දෙපා බදා මා හෑඩූ තරම්
    ලොව හෑඩුවා නම් ඒ යශෝදරා...
    මා හෙලූ තරම් කදුලෑලි හෙලුවා
    රජ කතන්දරේ එන සද කිදුරා...

    http://www.mediafire.com/?99n77aj24p3ikpb

    මා මේය දහස් වතාවක් අසා ඈති.. නමුත් අසන අසන හෑම මොහොතකම හිතට දෑනෙන්නේ ශෘන්ගාරයකට වඩා එහා ගිය ශාන්තියක්.

    ඔබේන් යමෙක් ඈසුවොත් ඔබ අසා ඈති හොදම පෙම්වතුන් යුවල කවුද කියලා... ඔබ මොකක්ද දෙන පිලිතුර? දම්මි සුගත්? මොනිකා බ්‍රිටෝ? කසුන් චාපා? ජෑක් රෝස්? රෝමියෝ ජුලියට්? මාක් ඈන්තනී ක්ලියෝපෑට්‍රා? බොහේ දෙනෙක්ට මෙවෑනි අය මතක් වෙයි.. නමුත් මගේ මතය නම් මෙලොව පහල වු උතුම්ම පෙම්වතුන් යුවල සිදුහත් යශෝදරා දෙපලයි.

    සූවිසි සන්ක්‍ය කප් ලක්ශයක් පෙරුම් පුරන ප්‍රේමයක් තරම් උතුම් පාරිශුද්ද පෙමක් වෙන කොයින්ද.. මට හෑගෙන දෑනෙන විදියට වර්තමානයේ අපි හෑමෝම අත්විදින්නේ සෑහෙන භොතිකකරනයකට ලක්වු ප්‍රේමයක්.. ප්‍රේමයේ අප ආධ්‍යාත්මය සුවපත් කරන මානයන් සන්ස්පර්ශ්නය කරන්නේ අප කීයෙන් කී දෙනාද? චිත්‍රපටයකට, හෝටල් කාමරයකට සීමාවු පෙම් කතන්දර අප අතර කෝතෙකුත් ඈත්ද?

    සද කිදුරු ජාතකය ඔබ අසා ඈතිනම් එහි මදක් ගෑබුරට ගොස් කතාව විමසන්න.. අසා නෑතිනම් වහාම තම පෙම්වතා හෝ පෙම්වතිය සමග අසන්න... අසා ප්‍රේමයේ අස්වෑන්න වපුරන්න.

    පුරුශයෙකුට ලෑබිය හෑකි උතුම්ම ප්‍රේමය යශෝදරාවන් සිදුහත් කුමරුන්ට දුන් ප්‍රේමයයි... සද කිදුරු දා කව සේම, යශෝදරා වත ද සියලුම පෙම්වතුන්/තියන් කියවිය යුතුය. සම්පුර්නයෙන්ම මතක නෑතත් මතක හෑටියට එහි පද පේලි කිහිපයක් ඔබට ගෙනහෑර දක්වන්න දෙන්න මට අවසර,

    සිදුහත් කුමරුන්ගේ නික්මයාමට මොහොතකට පෙර ඔහු ඈය කෙරේ තිබු ප්‍රේමය ප්‍රකාශ වන එක් කවියක් මෙසේය,

    සාගර ජලය මදි හෑඩුවා (1) මා හින්දා
    කීකරු ලද ලියක් මේ ලොව් තුල ඈත්දා?
    වෙන් කර අදම යන්නේ බුදු භව සින්දා
    සුන් කර කෙලෙස් දුරු කර එක සිත් පෑහෑදා

    පෑතුම් භලෙන් දෙන්නා ආවේ පේවී
    කතුන් සෑමට නායක බිම්බා දෙවී
    ඉතින් සසර ඈවිදින්නේ නෑත දේවී
    ගොසින් බුදුව එනකල් සිටපන් දේවී

    ඈය හෑර යෑම සිතට නෑඝෙන සෑම විටම.. ඔහුගේ සිතේ මෑවෙන්නේ ඈයගේ අප්‍රමාන ගුන සමුදායයි...

    [(1) නිරොශා විරාජිනිගේ ගීයක මම මේම උපමාව අසා ඈත.. ]

    පසුදා උදෑසන අවදි වු පසු ඈය තම ස්වාමියා සිහිකර වෑලපෙන්න පටන් ගනී..

    භාවනාව තොර නොකරමි සිතින් අනේ
    මාලිගාව අද අදුරුයි ස්වාමිනේ

    කෑලේ තිබෙන කොයි දෙවත් රස වේවා
    මලේ බබරු ලෙස පිරිවර ඈති වේවා
    අවුවේ තිබෙන රෑස් මාලා අඩු වේවා
    ගව්වේන් ගව්ව දිව මාලිග සෑදේවා(2)

    කම් රස විදීමක් නෑත මම දිවුරනවා
    වෙන් කර ගියත් මම සීලේ පිහිටනවා

    [(2) ජොතිපාලයන්ගේ උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා ගීතයේ බාවිතා වන්නේ මේම පද දෙකයි]

    මෙසේ ඈරබෙන යශෝදරාවත තවත් දීර්ඝව ගලායයි.. අවසන බුදුන් වහන්සේගේ ආගමනය.. බිම්බා දේවිය බුදුන් වෑදීම, රාහුල කුමරුන් බෑහෑදෑකීම ආදී අවස්තාවන් විස්තර කරයි. මේ සියල්ලන්ගෙන්ම ගම්යවන්නේ සාන්සාරික ප්‍රේමයයි.. හදවතේ ගෑභුරුම තෑන කෑකෑරේන ආත්මීය ආදරයයි. ඔබ පෙම්වතෙක් නම් මදක් මේ ගෑන සිතන්න... ප්‍රේමයේ ඔබේ බලපොරොත්තුව කුමක්ද? ඔබ සෑබෑ ප්‍රේමය අත්විදිනවාද? සෑබෑ ප්‍රේමය තරම් සුවදෙන ඔසුවක් ලොව තවත් නෑත.

    මේ ඔබේ ප්‍රේමයත් ආධ්‍යාත්මිකද යන්න සිතිමට කාලයයි...

    නිදිදෙව් දුව යහනට මා කෑදවන නිසාත්, සමහර කොටස් අමතක නිසාත් දෑනට මෙතෑනින් නවතිමි. ඔබට සිතෙන දෙයක් ලියා යන්නේ නම් ඉතා වටින්නේය. කියේව්වාට තුති.
     
    • Like
    Reactions: gora
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    මම යශෝදරාවතයි සඳ කිඳුරු ජාතකයයි කියවල නෑ....... මේක කියෙවුවම ඒව හොයාගෙන කියවන්න හිතුන...... දැන් නැතත් ජීවිතේ කවදක හරි ප්‍රයෝජනයක් වෙයි නෙව..... :yes::yes::yes:

    මම මේ ලඟදි පොත් කඩේක දූවිලි වැදි වැදි තියෙනව දැකල පරණ "සුදෝසුදු" පොතක copy එකක් අරගත්ත....... පොඩි කාලෙන් පස්සෙ කියවලම නැති නිසා. ඉස්සරහට ඒ පොත් හොයාගන්නවත් නැති වෙයිද මන්ද.......
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :love::love::love::love::love:දිවුල්ගනේ මහත්තයගෙ "ලාදලු බෝපත්" ගීතයේ පහත පද කිහිපයෙන් මේ කතාව මැනවින් අර්තවත් වෙනව....

    තැලී සෙනෙහෙ සිත...... සැලී හඩනවිට.....වැටී දෙපාමුල යසෝදරාවෝ......
    පිපී නිවන්මල් සාදුකාරදී නිවී පහන්විය උදෑසනක් සේ............
    :love::love::love::love::love::love:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    :love::love::love::love::love:දිවුල්ගනේ මහත්තයගෙ "ලාදලු බෝපත්" ගීතයේ පහත පද කිහිපයෙන් මේ කතාව මැනවින් අර්තවත් වෙනව....

    තැලී සෙනෙහෙ සිත...... සැලී හඩනවිට.....වැටී දෙපාමුල යසෝදරාවෝ......
    පිපී නිවන්මල් සාදුකාරදී නිවී පහන්විය උදෑසනක් සේ............
    :love::love::love::love::love::love:

    ඒ වගේම ඒ ගීතයේ කියනවා,

    ලේන කුලේ සිට ආගිය මගතොට... සිටියා නෝසෑලේන පහන් ටෑබක් වී
    නිවන් දකින තුරු මේ සන්සාරේ... පසුපස ආවා සෙවනෑල්ලක් වී

    ලේන්නු දෙන්නගේ ජාතක කතාව අපි ඉස්කොලෙදි ඉගෙනගත්තනේ... මතකද..? මේ වගේ නිර්මාන කිහිපයක් ම මට ඈහිලා තියෙනවා.. ඒ හෑම එකක්ම ඈහෙද්දි සිතට පුදුමාකාර ප්‍රේමනීය භාවයක්, නිවීමක්.. දෑනේනවා.. එවිට සිතෙනවා රාගයෙන් තොර ප්‍රේමය කොතරම් සවුම්‍යද කියලා..
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    Meka kohenda issuwe? ara "My Perfume Collection" wage. :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1223015

    පැටියා;11310322 said:
    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2210044&viewfull=1#post2210044

    :lol::lol::lol::lol:

    Learn how to cheat Elakirians :P

    තෝ අයර්ලන්ඩ් වලද ඉන්නෙ? ඇයි බං මෙහෙම පුහු ආටෝප ලෝකෙට පෙන්නන්නෙ? මානසික ආබාධයක්ද? :P

    පැටියා;11310330 said:
    මෙතනින් තමා මූ අන්තිමට දාලා තියන ෆොටෝ එක උස්සලා තියෙන්නෙ.

    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2235500&viewfull=1#post2235500

    තෝ පොන්නයා වෙන Communities වල ඇක්ටිවු වුනාට එකම ෆෝරම් එකේ නම් දෙකකින් (e-dub and Mervin) පෝස්ට් දාන්නෙ මොකෝ?

    පල ගොබිලො පවුනොදී හිඟන්නා :lol:

    :P:P
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    Meka kohenda issuwe? ara "My Perfume Collection" wage. :P
    :P:P

    ඕවාට උත්තර අදාල ත්‍රේඩ් එකේ දී ඈත. එසේම එක එකා කියන දේවල් වලට පිලිතුරු දීමට මගේ කොහෙවත් කසන්නේ නෑත. යමක් පිලිගෑනීමේ හෝ නොපිලිගෑනීමේ අයිතිය ඔබ සතුය. ඒ ගෑන එතනින් එහා කතාවක් අවශ්ය නෑත.

    ඉරාජ් අයියාලාගේ "Beat එකට වෑනෙන තාරුන්යය" ට මේවා නොතේරුනාට ඔලුගෙඩි හිස් නෑති, පොලොවේ පය ගසා ජීවත් වන අයට සන්වේදනයක් කියා යමක් ඈත. ඒ නිසා ඔබේන් කාරුනිකව ඉල්ලමි... හෑකිනම් අඩහසක් දක්වා ඔබේ පරිකල්පනය අනිත් අයත් එක්ක බෙදාගන්න, නමුත් තමුන්ගේ චින්තන මට්ටම මේතෑනට නෝගලපේ නම් කරුනාකර අනුන්ට හිරිහෑරයක් නොවී තමන්ගේ වෑඩක් බලාගන්න. ස්තුත්යි.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ඕවාට උත්තර අදාල ත්‍රේඩ් එකේ දී ඈත. එසේම එක එකා කියන දේවල් වලට පිලිතුරු දීමට මගේ කොහෙවත් කසන්නේ නෑත. යමක් පිලිගෑනීමේ හෝ නොපිලිගෑනීමේ අයිතිය ඔබ සතුය. ඒ ගෑන එතනින් එහා කතාවක් අවශ්ය නෑත.

    ඉරාජ් අයියාලාගේ "Beat එකට වෑනෙන තාරුන්යය" ට මේවා නොතේරුනාට ඔලුගෙඩි හිස් නෑති, පොලොවේ පය ගසා ජීවත් වන අයට සන්වේදනයක් කියා යමක් ඈත. ඒ නිසා ඔබේන් කාරුනිකව ඉල්ලමි... හෑකිනම් අඩහසක් දක්වා ඔබේ පරිකල්පනය අනිත් අයත් එක්ක බෙදාගන්න, නමුත් තමුන්ගේ චින්තන මට්ටම මේතෑනට නෝගලපේ නම් කරුනාකර අනුන්ට හිරිහෑරයක් නොවී තමන්ගේ වෑඩක් බලාගන්න. ස්තුත්යි.

    owa kiyapan konde bandu unta :P
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    ඔබේන් යමෙක් ඈසුවොත් ඔබ අසා ඈති හොදම පෙම්වතුන් යුවල කවුද කියලා... ඔබ මොකක්ද දෙන පිලිතුර? දම්මි සුගත්? මොනිකා බ්‍රිටෝ? කසුන් චාපා? ජෑක් රෝස්? රෝමියෝ ජුලියට්? මාක් ඈන්තනී ක්ලියෝපෑට්‍රා?

    me kauda :confused:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඒ වගේම ඒ ගීතයේ කියනවා,

    ලේන කුලේ සිට ආගිය මගතොට... සිටියා නෝසෑලේන පහන් ටෑබක් වී
    නිවන් දකින තුරු මේ සන්සාරේ... පසුපස ආවා සෙවනෑල්ලක් වී

    ලේන්නු දෙන්නගේ ජාතක කතාව අපි ඉස්කොලෙදි ඉගෙනගත්තනේ... මතකද..? මේ වගේ නිර්මාන කිහිපයක් ම මට ඈහිලා තියෙනවා.. ඒ හෑම එකක්ම ඈහෙද්දි සිතට පුදුමාකාර ප්‍රේමනීය භාවයක්, නිවීමක්.. දෑනේනවා.. එවිට සිතෙනවා රාගයෙන් තොර ප්‍රේමය කොතරම් සවුම්‍යද කියලා..
    ===================================================

    :love::love::love::love:සම්පූර්න ඇත්ත, හැබැයි මට නොතේරෙන දෙයක් තියනවා... රාගයෙන්තොර ප්‍රෙමයක් පැවතිය හැකිද කියනෙක...:confused: මනෝවිද්‍යත්මකව වුනත් ඒක එහෙම වෙන්නබෑ කියල තමයි මම අහලතියෙන්නෙ. (මෙතන රාගය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියන SEX නම්නෙමෙයි :no:)
    කොහොමහරි මේවගේ හොද නිර්මාන වලින් ඉහලම රසවින්දනයක් ලබාගන්න පුලුවන්.:yes:

    :love::love:මම පුද්ගලිකව ප්‍රෙමය ගැන සියුම් රසවින්දනයක් ලබපු තැනක් තමයි "මළවුන්ගේ අවුරුදුදා" හා "මළවුන්ගේ ළෝකය" කියන පොත්දෙක...මේ පොත්දෙක කියවන හැමවෙලාවකදීම ඉතාමත් සියුම් කම්පනයක් හදවතේ ඇතිවෙනවා....
    :nerd::nerd::nerd::nerd::nerd:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ===================================================

    :love::love:මම පුද්ගලිකව ප්‍රෙමය ගැන සියුම් රසවින්දනයක් ලබපු තැනක් තමයි "මළවුන්ගේ අවුරුදුදා" හා "මළවුන්ගේ ළෝකය" කියන පොත්දෙක...මේ පොත්දෙක කියවන හැමවෙලාවකදීම ඉතාමත් සියුම් කම්පනයක් හදවතේ ඇතිවෙනවා....
    :nerd::nerd::nerd::nerd::nerd:

    සරත්චන්ද්‍රයන් දුටු ප්‍රේමය ඉතා සියුම් නමුත් හරිම ලස්සනට ගලා යන එකක්.. ඒක තමයි සන්නස්ගල වගේ ෆෑන්ටසිවදී පෙම්කතන්දර කාරයින් සහ සරත්චන්ද්‍රලාගේ වෙනස..
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ===================================================

    :love::love::love::love:සම්පූර්න ඇත්ත, හැබැයි මට නොතේරෙන දෙයක් තියනවා... රාගයෙන්තොර ප්‍රෙමයක් පැවතිය හැකිද කියනෙක...:confused: මනෝවිද්‍යත්මකව වුනත් ඒක එහෙම වෙන්නබෑ කියල තමයි මම අහලතියෙන්නෙ. (මෙතන රාගය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔලුවෙ තියන SEX නම්නෙමෙයි :no:)
    කොහොමහරි මේවගේ හොද නිර්මාන වලින් ඉහලම රසවින්දනයක් ලබාගන්න පුලුවන්.:yes:

    රාගය කියන්නෙ හරිම භයානක වචනයක්, මොකද ඕක ඈහුනු ගමන් හෑමොම හිතන්නේ sex ගෑන. box අස්සේ, rooms අස්සේ නටන මගුල් ගෑන. එහේම නෙමෙයි මචන් ප්‍රේමයට අවශ්ය ශෘන්ගාරය (passion) ,කාමය (lust) නෙමයි.. රාගය යනු පොදුවේ මේ දෙකටම කියන එකක්.