තමන් දන්න කතා දාන්න කියල රොබට් අයියා කියල තිබ්බ නේ.......මෙන්න මම අහපු කතාවක්....මේක පේරාදෙණිය කැම්පස් එකට සම්බන්ධ එකක්......
පේරාදෙණිය කැම්පස් එක මැද්දෙන් ඉහලට නගින්න තියෙන්නේ උඩ පේරාදෙණියට. මේ පාර දෙකට බෙදිල යන තැනක් තියනව මැද්දෙ හරියෙ, බෝ ගහක් ගාවින්....එකක් හන්තානට, අනික උඩ පේරාදෙණියට.....
ඉස්සර පේරාදෙණිය පොලීසිය තිබිල තියෙන්නේ දැන් අපේ ෆැකල්ටිය තිබ්බ තැන, ඒ කියන්නේ ගැටඹේ පන්සලට මෙහා, රෝහලට හැරෙන තැන, මහ පාර අයිනේ.....
මේක දැනට අවුරුදු 20කට විතර එහා වෙච්ච දෙයක් ලු.දවසක් මහ රෑ ජාමේ උඩ පේරාදෙණිය පැත්තෙන් පොරක් ඇවිත් තියනව වෑන් එකක. අර බෝ ගහ හරියෙ දී කාන්තාවක් දරුවෙකුත් කරපින්න ගෙන අර වෑන් එන කොට හැරිල බලලා වෑන් එකට අත දැම්මලු. දරුව නිකං අසනීපෙන් වගේ හිටිය නිසා අර මෑන් නවත්තලා වෑන් එක. අර කාන්තාව කිව්වලු දරුවට සනීප නෑ පේරා හොස්පිට්ල් එක ගාවින් දාන්න කියල පුළුවන් නම්. පොර කාන්තාව ඉස්සරහ සීට් එකට නග්ගගත්තාම කාන්තාව කියල දරුවට හොදට ම අසනීපයි, ඉක්මනින් යමු කියලා. පොරත් ඇරල දාල ඇවිල්ලා. ජයතිලක හොස්ටල් එක ගාවින් ගලහ පාරට වාහනේ හරවන්න හදන කොට පොරට නිකං අමුතු සද්දයක් ඇහිලා, නිකං බර බර ගාන......පොර හැරිල එහා පැත්තේ සීට් එක බලන කොට අර ගෑනි ලේ පෙරා ගෙන අර දරුවව කනවලු, බර බර ගගා.......!!!!!!පොර දිහා බැලුවලු ඇස් ලොකු කරල.....ලේ පෙරෙන කට ඇරලා.....
පොර ට දෙවියො සිහි වෙලා "ඉතිපිසෝ භගවා..." කියාගෙන කෙලින් ම අල්ලලා තියෙන්නේ පේරා පොලීසියට. පොර පොලීසිය ඇතුලට ආත බූත කඩං ඇවිත් සිද්දීය කිව්වලු....!!! පොලීසියෙ පොරවල් ගිහින් බැලුවම වෑන් එක ඇතුලේ කවුරුවත් නෑලු!!!!!!!
ඒ ගැන කිව්වම අර මෑන් කිව්වලු "මට දැනුයි මතක් වුනේ...ඔය ගෑනි පාරේ යන කොට වෑන් එක දිහා හැරිල බැලුවෙ නෑ......ඕකි ගේ ඔලුව විතරයි හැරිල බැලුවේ" කියලා...!!! ඕක කියල මෑන් නහයෙන් කටින් ලේ දාගෙන ම වැටුනලු....ෂොක් එකට ම මිනිහ මැරුණා කියලයි කියන්නේ.......!!!
මේ කතාව මම අහපු එකක්....ඇත්ත ද බොරු ද නොදනිමි.......නමුත් තාම මේ පාරෙන් රෑ වෙලා මිනිස්සු යන්නේ නෑ කියල තමා ආරංචිය.......