කෙල්ලව~මීට්_වෙන~දවස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කෙල්ලව~මීට්_වෙන~දවස

    ආදරය කරන්න ලේසි වුනාට.. ඒ ආදරය අපේ ජිවිතයට ඇතුල් කර ගන්න පුදුම ගේමක් දෙන්න ඕනේ..
    ඒ දේ ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
    අපේ එළකිරි අඩවියේ අත් දැකිම් ලබාපු සහෝදර සහොදරියන් ඕන තරම් ඉන්නවා නේ..
    කොහොම වුනත් ආදරය ගැන ඉතින් මම හැම දාම වගේ කොයි කාටත් උපදෙස් දෙනවා නේ..
    ඒ හින්දා ආදරය කරන්න මට නම් ගේමක් නෑ.. ඒත්.. අද මගේ හිතට පොඩි චකිතයක් තියෙනවා..
    ඒකට හේතුව මම ආදරය කරපු කෙල්ලගේ ගෙදරට හවස මට යන්න වේලා තියෙනවා..
    මට කිව්වාට මාත් එක්ක අම්මායි තාත්තායි දෙන්නාම එනවා..

    මගේ ආදර කතාව හුගාක් වෙනස්..
    සමහර වේලාවට ඔගොල්ලන් විශ්වාස කරන්නේත් නැති වෙයි..
    ඒත් මම ඒ දවසේ ඉදලාම අපේ එළකිරි අඩවියේ ආදරය සම්බන්ධ ත්‍රේඩ් තියෙද්දි කියපු දෙයක් තමයි.. අපි ආදරය කරන්න ඕනේ ලස්සනට නෙවෙයි
    ලස්සන හදවතක් තියෙන කෙනෙක්ට කියලා.. , ඒහෙම කියද්දි බොහෝ දෙනෙක් මට චෝදනා නැගුවා තේරුමක් නැතිව බොලද අදහස් දෙනවා කියලා..
    ඒත් ඒ දේ බොලද වුනත්.. මම අනික් අයට උපදෙස් දෙනවා වගේම මම ඒ දේ අනුගමණය කරන්න ඕනේ..
    ඒත් බොහෝ දෙනෙක් උපදෙස් දුන්නාට ඒ අය පිළිපදින්නේ වැරදි පිළිවෙත්..

    මගේ ආදරය සිදු වුනේ ඔන්ලයින් එකෙන්.. දැන් කට්ටිය හිතන්න එපා.. දවසේ පැය 14 ක් ම ඔන්ලයින් ඉදලා කරලා තියෙන්නේ මේ වැඩේ කියලා :පී
    කොහොම වුනත් අහම්බෙන් හම්බ වුන මේ කෙල්ලත් එක්ක මම ඇසුරු කරන්න පටන් ගත්තා.. ඒ කිව්වේ ඔන්ලයින් එකෙන්..
    මම කෙල්ලගේ පෙනුම දැකලාත් තිබ්බේ නෑ.. ඒ වගේම කෙල්ලත් මගේ පෙනුම දැකලා තිබ්බේ නෑ..
    මම ආදරය කරන්න හිතාගෙන නෙවෙයි ඒ කෙල්ලත් එක්ක යාලු වුනේ.. ඒත්.. ඒ කෙල්ලගේ සිතුම් පැතුම් අදහස් හැම දෙයක් ම..
    මම බලාපොරොත්තු වුන කෙල්ලෙක් ගාව තියෙන්න ඕන හැම දෙයක් ම ඒ කෙල්ල ලග තිබ්බා.. ඒ හින්දායි මම කැමති වුනේ..
    ඒත් මම ආදරය කියන්න ඉක්මන් වුනේ නෑ.. හේතුව ආදරය කියන දේ.. අපිට ඕන ඕන විදියට මිලදි ගන්න බැරි හින්දා..

    ඒ කෙල්ලගේ පවුල ගැන කියනවා නම්.. අසරණ පවුලක්..
    ඒ කෙල්ලගේ තාත්තාත් නෑ..
    අපි නම් ඉතින් යම්තාක් දුරට ඔළුව උස්සන් ඉන්න පූල්වන් මට්ටමකට ඉන්නේ...
    ඒත් අපි ආදරය කරද්දි.. සල්ලි පදනම් ව නෙවෙයි ආදරය කරන්න ඕනේ.. ඒ හින්දා ඒ දේවල් ඒ හැටියට අපි හිතන්න නරකයි..

    කොහොම වුනත් කාලයක් තිස්සේ තිබ්බ මේ සම්බන්ධය මම අම්මාට කියලා තිබ්බා.. ඒ අවස්ථාවේදි තාත්තා ලංකාවේ හිටියේ නෑ..
    කොහොමත් අපි වැඩි හරියක් සමිප කම් දක්වන්නේ අම්මලාට නේ..
    මැතකදි තාත්තා රට ඉදලා ලංකාවට ආවා... ඒ ආවේත් මේ පාර නම් මට මොනවා හරි කරලා දිලා යන්න ඕනේ කියන මතයෙන්..

    කොහොම හරි.. තාත්තාට මේ කතාව ආරංචි වේලා අම්මායි තාත්තායි කෙල්ලගේ ගෙදර ගියා..
    ඊට පස්සේ , තාත්තා ඒ අයගේ පවුලට අපේ ගෙදරට එන්න කිව්වා..
    ඊයේ කට්ටියම ආවා.. බලන්න..
    ඒ වේලාවේ පුදුම විදියට හිතේ ගැස්මක් එනවා.. ඒ අවස්ථාවේදි.. දැනෙන සිතුවිලි ගැන මේ සම්බන්ධව පළපුරුදු සහෝදර සහෝදරියන්ට තේරුම් ගන්න පුලුවන්..
    කොහොමත් ඉදිරියේදි.. පිළිවෙලක් වෙන්න එන්න සහෝදර සහෝදරියන්ට වුනත් ඒ හදවතේ දැනෙන ගැස්මේ වේගය තේරුම් වෙයි.. ඒ අවස්ථාවට මුහුණ දුන්නාම..

    කොහොම වුනත් ඒ අය කැමති වුනත්.. අද කෙල්ලගේ ගෙදර එන්න කිව්වා කෙල්ල මාව දැකලා නැති හින්දා..

    ඒ කෙල්ල පැහැපත් නැති වුනත් මම පැහැයට නෙවෙයි ආදරය කලේ..
    ඒ කෙල්ලගේ ගතිගුණ වලට.

    මම මේ දේවල් කිව්වේ.. අපේ සහෝදරයන්ට මගේ පුද්ගලික කරුණු පහදලා දෙන්න නෙවෙයි..
    විශේෂයෙන් ආදරය කරන අපේ සහෝදර සහෝදරියන්ට මට කියන්න කාරණාවක් තියෙනවා..
    ඒ ඇවිත්.. අපි ඔන්ලයින් එකෙන් ආදරය කරන්න හිතනවා නම්.. ඒ කෙල්ලගේ පවුල් පසුබිම ගැන හිතන්න කලින් ඒ කෙල්ලගේ සිතුම් පැතුම් තමන්ට ගැලපෙනවා ද කියලා හිතන්න.
    ඒ වගේම ඒ කෙල්ලගේ පසුබිමේ කතාවත් පොඩ්ඩක් අහලා දැන ගන්න... තවත් දෙයක් හදවතින්ම ආදරය කරනවා නම්.. විශේෂයෙන් රූපයක් දකින්නේ නැතිව මේ මම වගේ..
    අපි බලාපොරොත්තු වුන පෙනුම තිබ්බේ නැති වුනත්.. තේරුමක් නැතිව ඒ කෙල්ලගේ ජිවිතයට බලපැමක් ඇති වෙන විදියට ක්‍රියා කරන්න එපා..
    අපි ඒ ගැන වැඩි තැකිමක් දැක් වුවේ නැති වුනාට කෙල්ලගේ හිතට හුගාක් දුරට ඒ දේ බලපායි..

    අනික අපේ තවත් පාර්ශ්වයක් ඉන්නවා.. මනමාලියෙක් බලන්න ඕනෑවට කිසිම සීමාවක් නැතිව.. හැම ගෙයක් ගාණේම ගිහිල්ලා කෙල්ලව බලලා අකමැති කියලා එන පිරිසක්..
    ඒ දේ නම් ඇත්තටම පහත් ක්‍රියාවක් හැටියටයි මම නම් දකින්නේ..
    මේ දේ කිව්වේ ආදරය නොකර විවාහ වෙන්න යන අයටයි..
    ඒ වගේ දෙයක් නොකර කපුවෙක් මංගල යෝජනාවක් ගෙනාපු පලියට ගෙවල් ගාණේ ගිහිල්ලා කෙල්ලව බලලා එන්නේ නැතිව.. කෙල්ලගේ පින්තුරයක් ගෙන්න ගෙන..
    ඒ පවුලේ විස්තර පොඩ්ඩක් හොයලා බලන්න.. දැන් කට්ටිය කියයි.. කෙල්ලව බලන්නේ නැතිව කොහොම ද මචන් කැමැත්තක් දක්වන්නේ කියලා..
    ඒක තමයි පින්තුර බලන්න ඊට පස්සේ කැමති නම් විතරක් ගිහිල්ලා බලන්න..
    නැතුව විනෝදාංශයක් හැටියට ඒ ව්දියට කරන්න උත්සහ කරන්න එපා..

    එකෙන් ඒ කෙල්ලට වගේම ඒ පවුලේ උදවියටත් ඒ දේ තදින්ම බලපාන්න පුලුවන්..

    අනික් කාරණාව ඇවිත් කිසිම දවසක දැවැදි බලාපොරොත්තු වෙන්න උත්සහ කරන්න එපා..
    ඒ අය කැමැත්තෙන් දෙන කතාව වෙනයි.. ඒත් අපිට මෙච්චරක් ඕනේ.. අක්කර මෙච්චරක් ඕනේ රත්තරං මේ ප්‍රමාණයක් ඕනේ කියලා
    ඉල්ලන පිරිසක් තවමත් මේ සමාජයේ ඕන තරම් ඉන්නවා..
    ඒ හින්දායි දුප්පත් පවුල් වල කෙල්ලෝ තවමත් කසාදයක් ගැන සිහින දකින්නේ නැතිව..
    ජිවත් වෙන්නේ..

    කොහොම වුනත් අද මගේ ජිවිතයේ ඉරණම කොහොම වෙයි ද කියලා හිතා ගන්න බෑ..
    ඒත්.. මම මගේ සහෝදර සහෝදරියන්ට මේ කතාව කිව්වේ..
    මේ කතාවෙන් හරි අපේ ආදරය කරන සහෝදර සහෝදරයන්ට යම් දෙයක් තමන්ගේ ජිවිතයට ගන්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්...

    ඔගොල්ලන්ට දැනෙන අදහස් ඉදිරිපත් කරන්න ,
    මම ඒ දේවල් වලට පුලුවන් පුලුවන් ආකාරයෙන් අදහස් ඉදිරිපත් කරන්නම්..

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    නොදැක ආදරේ කරන්න පටන් ගත්ත කෙනෙක් තමයි මචෝ මාත්...තවමත් ආදරේ දළුලනවා..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Poddak idapan,uba Online Love karala Thama Kellage munawath dekala na kiyalada Oya kiyanna yanne :O Kella ubawath thama dekala na????????
    EHEMADA?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ අපිට ලව් ඇඩ්වයිස් දෙන තරමට මේ වගේ දේවල් නම් උඹට සුලු දෙයක්. හැමදාම වගේ උඹ කොහොමත් වැදගත් දෙයක් කතා කරන නිසා ඇත්තටම මේ කාරණා අපි හැමෝටම ගැලපෙනවා. ආදරේ තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි සිතුම් පැතුම් වල කියන එක 100% ඇත්ත.
    කොහොම උනත් උඹට කවදාවත් වරදින එකක් නෑ.
    Good Luck for your future !!!!
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    උඹේ ජීවිතය උඹ බලාපොරොත්තු වෙනවාටත් වඩා අතිසාර්ථක වේවා!! කියා මම ප්‍රාර්ථනා කරනවා.......
    බයවෙන්න එපා...හැමදෙයක්ම හොඳින් විසඳෙයි..
     
    • Like
    Reactions: dj gamaya

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් උඹ නම් මාර පොරක්.නිකමටවත් ගනු ළමයගේ පිතුරයක් බලන්න ආසාවක් ඇති උනේ නැද්ද ?? අඩුම තරමේ ඒ ගානු ලමයවත් ඔයාගේ පිතුරයක් ඉල්ලුවේ නැද්ද..අම්මල එහෙ ගිහින් අවට පස්සේ අම්මගෙන් වත් ඒ ගෑනු ලමගේ හැඩ රුව ගැන ඇහුවේ නැද්ද ????
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුබ පතනව සියලුම කටයුතු සාර්ථකව ඉටුවෙන්න කියල.!!!!
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    ඒ කියන්නේ තාම උබල දෙන්න දෙන්නව දැකල නැද්ද. අවංකව සුබ පතනවා දෙන්නටම. හැබැයි ඉතින් උබේ කතාවට මන් එකග නෑ. ඔන්ලයින් ජිවිතේ == ඇත්ත ජිවිතේ කියල කවදාවත් හිතන්න යන්න එපා. මන් මේ එළකිරි එකේම සෑහෙන්න රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් ව දන්නවා, උ මේ ඔන්ලයින් ජිවිතේ රගන රැගිල්ල අපේ උන්ට කිව්වට විශ්වාස කරන්නෙත් නැති තරං. අමු හොරෙක් ට උනත් පුළුවන් ඔන්ලයින් ජිවිතේ උපාසක ටයිප් 1 ට ඉන්න. කෙනෙක් ගේ සිතුම් පැතුම් මොන වගේ ද , හැසිරෙන්නේ කොහොමද කියන දේවල් ඔන්ලයින් කියන්න අමාරුයි. එකට හම්බු වෙලා 1 ට ජිවත් වෙනකොට ඉබේම අපිටම තේරෙනවා මැච් වෙනවා ද නැද්ද කියල. ඔන්ලයින් සෙට් වෙන ඒවා කලාතුරකින් හරියන්නේ අන්න ඒ නිසයි. ඔන්ලයින් ලෝකේ පෙන්නන ඒවා නෙවේ ඇත්ත ලෝකේ. :)
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    අද යන ගමනට සුබ පැතුම් සහෝදරයා, ඔයාගේ ගතිගුණ වලට ගැලපුනා වගේම, ඔයාගේ හිතේ මවාගෙන ඉන්න girltaට එය ගැලපෙන්න කියල ප්‍රර්ථනා කරනවා ( මොනවා කිව්වත් අපි හැමෝටම එහෙම කෙනෙක් ඉන්නවනේ හිතේ මවාගෙන? නේද? ), ගිහින් ඇවිත් විස්තරේ කියන්නකෝ එහෙනම්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නොදැක ආදරේ කරන්න පටන් ගත්ත කෙනෙක් තමයි මචෝ මාත්...තවමත් ආදරේ දළුලනවා..

    එළ, මචන්, නියමයි..
    ඒත් ඒ ආදරය සාර්ථක කර ගන්න නම් තමන් ගේ ජිවිතයට..
    ගෙන්න ගන්න ඒ තරම් කල් ගන්න එපා සහෝදරයා..
     
    • Like
    Reactions: qwee123

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    උඹ අපිට ලව් ඇඩ්වයිස් දෙන තරමට මේ වගේ දේවල් නම් උඹට සුලු දෙයක්. හැමදාම වගේ උඹ කොහොමත් වැදගත් දෙයක් කතා කරන නිසා ඇත්තටම මේ කාරණා අපි හැමෝටම ගැලපෙනවා. ආදරේ තියෙන්නේ බාහිර පෙනුමේ නෙවෙයි සිතුම් පැතුම් වල කියන එක 100% ඇත්ත.
    කොහොම උනත් උඹට කවදාවත් වරදින එකක් නෑ.
    Good Luck for your future !!!!

    උඹේ ජීවිතය උඹ බලාපොරොත්තු වෙනවාටත් වඩා අතිසාර්ථක වේවා!! කියා මම ප්‍රාර්ථනා කරනවා.......
    බයවෙන්න එපා...හැමදෙයක්ම හොඳින් විසඳෙයි..

    එල එල මචන්
    ගිහින් වරෙන්
    බෙස්ට් ඔෆ් ලක්:D:D:D

    All the best machan..

    සුබ පතනව සියලුම කටයුතු සාර්ථකව ඉටුවෙන්න කියල.!!!!

    අද යන ගමනට සුබ පැතුම් සහෝදරයා, ඔයාගේ ගතිගුණ වලට ගැලපුනා වගේම, ඔයාගේ හිතේ මවාගෙන ඉන්න girltaට එය ගැලපෙන්න කියල ප්‍රර්ථනා කරනවා ( මොනවා කිව්වත් අපි හැමෝටම එහෙම කෙනෙක් ඉන්නවනේ හිතේ මවාගෙන? නේද? ), ගිහින් ඇවිත් විස්තරේ කියන්නකෝ එහෙනම්

    ස්තුතියි, මගේ ජිවිතයේ මේ වෙනස් විමට සුභ ප්‍රාර්ථනා කලාට..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Poddak idapan,uba Online Love karala Thama Kellage munawath dekala na kiyalada Oya kiyanna yanne :O Kella ubawath thama dekala na????????
    EHEMADA?

    ඔව්, ඒ කෙල්ල මාව තවම දැකලා නෑ..
    මමත් ඒ කෙල්ලව දකින්නේ නැතිවයි ආදරය කලේ..
    ලගදි දවස් 3 කට කලින් තාත්තායි අම්මායි ගිහිල්ලා බැලුවා නේ..
    ඊට පස්සේ පින්තුර අරන් ඇවිත් තිබ්බා.. ඒකෙදි තමයි මම කෙල්ලව දැක්කේ..
    මම ආදරය කරද්දි මම ඒ කෙල්ලට කියපු දෙයක් තමයි ඔයා කළු වුනත් සුදු වුනත් මට ප්‍රශ්නයක් නෑ කියන එක..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹ නම් මාර පොරක්.නිකමටවත් ගනු ළමයගේ පිතුරයක් බලන්න ආසාවක් ඇති උනේ නැද්ද ?? අඩුම තරමේ ඒ ගානු ලමයවත් ඔයාගේ පිතුරයක් ඉල්ලුවේ නැද්ද..අම්මල එහෙ ගිහින් අවට පස්සේ අම්මගෙන් වත් ඒ ගෑනු ලමගේ හැඩ රුව ගැන ඇහුවේ නැද්ද ????

    ආසාවක් හිතුනා.. ඒත් මම අහන්න ගියේ නෑ..
    දවස් 3 කට කලින් කෙල්ලගේ ගෙදරට අම්මායි තාත්තායි ගිහිල්ලා ආව.. ඒ වෙද්දි කැම් එකෙන් පින්තුර අරන් ඇවිත් තිබ්බා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ කියන්නේ තාම උබල දෙන්න දෙන්නව දැකල නැද්ද. අවංකව සුබ පතනවා දෙන්නටම. හැබැයි ඉතින් උබේ කතාවට මන් එකග නෑ. ඔන්ලයින් ජිවිතේ == ඇත්ත ජිවිතේ කියල කවදාවත් හිතන්න යන්න එපා. මන් මේ එළකිරි එකේම සෑහෙන්න රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් ව දන්නවා, උ මේ ඔන්ලයින් ජිවිතේ රගන රැගිල්ල අපේ උන්ට කිව්වට විශ්වාස කරන්නෙත් නැති තරං. අමු හොරෙක් ට උනත් පුළුවන් ඔන්ලයින් ජිවිතේ උපාසක ටයිප් 1 ට ඉන්න. කෙනෙක් ගේ සිතුම් පැතුම් මොන වගේ ද , හැසිරෙන්නේ කොහොමද කියන දේවල් ඔන්ලයින් කියන්න අමාරුයි. එකට හම්බු වෙලා 1 ට ජිවත් වෙනකොට ඉබේම අපිටම තේරෙනවා මැච් වෙනවා ද නැද්ද කියල. ඔන්ලයින් සෙට් වෙන ඒවා කලාතුරකින් හරියන්නේ අන්න ඒ නිසයි. ඔන්ලයින් ලෝකේ පෙන්නන ඒවා නෙවේ ඇත්ත ලෝකේ. :)

    ඔව්, සහෝදරයාගේ කතාව ඇත්ත..
    ඒත් ඒ කෙල්ලගේ පසු බිම තේරුම් ගත්තාම මට තේරුම් ගිය කරුණ ඇවිත්..
    ඒ කෙල්ලට වැරදි මාර්ග වලට යන්න තරම් පරිසරයක් ඒ කෙල්ලගේ ගෙදර නෑ...
    මම දැක්කා දැන් දවස් 3 කට කලින් පින්තුරය කෙල්ල මාව දැකලා නෑ..
    ඒ හින්දායි අද යන්නේ කෙල්ලගේ ගෙදර..