කෝ ඉතින් ඔන්න ආයිත් ප්‍රශ්නේ මග ඇරලා ගියා
01. මම ඇහුවේ ඔබගේ ආගමේ වැඩි හරියක් දරන අනික් කෙනා විවාහ වෙද්දි කන්වර්ට් වියයුතුයි අදහස ඔබ දරනවාද? එහෙම කරනවා නම් ඒ ඇයි
ඔබ යලිත් ප්‍රකාශ කරනවා බලකලේ නෑ කියල. 02.නමුත් බලපෑමක් නැති නම් විවාහයට කලින් ආගමට එන්නේ නෑ නේ. ඔයා මේක ගැන දාපු ඔරිජිනල් (මුල්) පෝස්ට් එකේ තිබ්බේ අයියාගේ නෝනා ආගමට ආපු හින්දා ගැටලුවක් උනේ නෑ කියල. ඒකෙන් ගම්ය වෙන්නේ ආගමට ආවේ නැති නම් ගැටලුවක් වෙනව කියල! 03.මම අහන්නේ එහෙම ගැටලුවක් ඇති වෙන්නේ ඇයි? 04.අයියාගේ වයිෆ් තමන්ගේ ආගමේ ඉන්න තීරනය කලානම් වෙන්නේ මොකක්ද? දෙන්නගේ ආගම් දෙකක හින්දා විවාහ වෙනවද? නැති නම් අයියා වයිෆ්ගේ ආගමට කන්වර්ට් වෙනවද? hindu-buddist, christian-buddist, hindu-christian, jew-christian etc 05.වගේ
හැබැයි ඔබගේ ආගමේ එහෙම අය නෑ නේ ඇයි ඒ? එහෙම නිදහසක් තියනව නම් උදාහරණයක් විදිහට ලැබෙන්න ඉන්න දරුවටත් තමන්ට කැමති ආගමක් ඇදහීමට නිදහස දි සිටිය හැකිනේ නමුත් ඔබගේ ආගමිකයෙක් සාමාන්ය යෙන් විවාහ වීමට අනිවාර්ය කොන්දේසීය ඒ ආගමේම කෙනෙක් විය යුතුයි කියන එකනේ. 06.එහෙම නැත්නම් කොන්වර්ට් වෙන්න ඕනේ මෙය කොතරම් අසාදාරන නීතියක්ද
ප්‍රශ්න වැලක් තියෙන හින්දා මට ඒ වැදගත් කියන ප්‍රශ්න විතරක්..
ඉලක්කම් හැටියට වෙන් කරන්න සිදු වුනා..
මේ වගේ එක දිගටම ප්‍රශ්න වැලක් අහන්නේ නැතිව එක එක අහන්න..
මේවාට උත්තර දෙන්න මගේ වටිනා කාලය වැය කරන්න වෙනවා.. එකයි මට දුක.. :පී
01.මම නම් දරන්නේ තමන්ට අයිතියක් තියෙනවා තමන්ගේ ආගම තිරණය කර ගන්න..
ඒ හින්දා බැන්දාට පස්සේ ආගමක් වෙනස් කරනවා ද නැද්ද කියලා ඒ අය තිරණය කර ගන්න ඕනේ ..
02.සහෝදරයා නැට්ට පාගාගෙන කියලා නම් පෙනවා..
මම කොතනවත් සදහන් කරලා නෑ ඒ සහෝදරි ඇවිත් විවාහයට කලින් අපේ ආගමට මාරු වුනා කියලා..
03.අපිට ඒ දේ ගැටළුවක් වුනේ නැති වුනාට මේ සමාජයට ඒක ගැටළුවක් වෙනවා..
ඒ හින්දා නේ ඒ වගේ උදවියව සමාජයෙන් කොන් කරන්න උත්සහ කරන්නේ බොහෝ පිරිසක්..
04.කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි..
අපි ආත්මාර්ථකාමි වෙන්න හොද නෑ.. ඒත්.. අපි ඉදිරිය ගැන හිතන්න ඕනේ..
විවාහ ජිවිතයක් කියන්නේ එසේ මෙසේ ජිවිතයක් නෙවෙයි..
අලුත් ජිවිතයක්.. හරියට අපි අලුතින් ඉපදුනා වගේ හැගිමක් දැනෙන්නේ..
අපිට ළමයෙක් ලැබුනොත් ඒ ළමයා ගැහැණු ළමයෙක් වුනා නම්..
ඒ දරුවාගේ ජිවිතයේ කොයි තරම් බලපැමක් වෙයි ද තමන්ගේ අම්මායි තාත්තායි වෙනත් ආගම් වල ජිවත් වෙන එක..
කොතින් ම මේ දරුවාගේ විවාහ වෙන අවස්ථාවේදි කොයි උඩවිය ද කැමති වෙන්නේ අන් ආගමික දෙමව්පියන් ඉන්න පවුලකට තමන්ගේ පුතාව දෙන්න..
දෙන්න කැමති අය ඉදි.. ඒත් බොහෝ දෙනෙක් බලන්නේ තමන්ගේ නම්බුවට ඒක කැලලක් වෙන හින්දා ඒ දේට ඒ තරම් කැමති වෙන්නේ නෑ..
05.සහෝදරයා මේවා කියන්නේ සමික්ෂණ පවත්වලා ද ?
කවුද නෑ කියන්නේ ඕන තරම් ඉන්නවා..
එළකිරි අඩවියේ වුනත් ඉන්නවා සහෝදරයෙක්.. තමන්ගේ අම්මා සිංහල තාත්තා මුස්ලිම් මම ගත්තේ උදාහරණයක්..
තේරුමක් නැතිව කියවන්න එපා සහෝදරයා..
06.සහෝදරයා අසාධාරණයි ද සාධාරණයි ද තිරණය කරන්න අදහස් කලේ.
ඕය සහෝදරයා මුස්ලි කෙල්ලෙක් ට ආදරය කරන්න පටන් ගත්තා ද ? :පි
එහෙම නැත්නම් ඇයි සහෝදරයාට මේ ගැන මේ තරම් කැක්කුමක් ... !!!
දැන් තමයි ඔෆිස් එකෙන් පොඩ්ඩක් විතර ෆ්‍රි වුනේ..
ඒ හින්දායි උත්තරයක් දෙන්න පරක්කු වුනේ ඒ ගැන සහෝදරයා කණගාටු වෙන්න එපා..





