දියඇලි thread

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    20. ලක්ෂපාන දිය ඇල්ල.

    ලංකාවේ 8 වෙනි උසම දිය ඇල්ල. උස 129m , අඩි 676. ලෝකෙන් 625 වන උසම දිය ඇල්ල. ලක්ෂපහන නම හැදුනේ පහන් ලක්ෂයක් දැල්වීමට හැකියාව ආරුඩ වීමිනේ. ගැමියන් අතර "වැද්දා සිටි ඇල්ල" කියලත් කියනවා. ඉතිහාසයේ බුධුරජහාණන් වහන්සේ ලංකාවට වැඩම කර ශ්‍රී පදයට යන අතරතුර උන් වහන්සේගේ සිවුර මෙම ස්ථානයෙන් මසාගත්තා කියලත් සඳහන් වෙනවා.

    පිහිටලා තියෙන්නේ නුවරඑළියේ අඹගමුව කෝරලේ, ගිනිගත්හේන ප්‍රාදේශීය කොට්ටාශයේ. බලන්න යන්න පුලුව්වන් හැටන් මස්කෙළිය පාරෙන්. පෝෂණය වෙන්නේ මස්කෙලි ඔයෙන්. ලක්ෂපහන විදුලි බලාගාරය මෙමගින් ලැබෙන ජලයෙන් මෙගා වොට් 50 ක විදුලිය නිපදවනවා. මේ අවට ලක්ෂපහන, පතන, කිරිවනේලිය, මුරුත්තතැන්න, කොටලෙන, හුණුගල හා බැලුම්ගල ගම්මාන පිහිටලා තියනවා.


    59390778870cc06595b8b.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    21. ලවර්ස් ලීප් (Lovers Leap)

    උස 30m , අඩි 98. පිහිටා තිබෙන්නේ නුවරඑළියේ. නම පට බැඳුණේ දඩයමේ ගිය රජ කුමාරයෙක් අතරමන් උනාට පස්සේ මේ අවට ජීවත් උන ලස්සන ගැහැණු ළමයෙක් හමු උනා. පසුව මේ දෙන්න වෙන් කරන්න බැරි තරමටම ආදරෙන් බැඳුනා. :love:

    මේක නොරිස්සපු කුමාරයාගේ තාත්තා එයාගේ හේවායෝ දාලා මෙයාලව හෙව්වා. අන්තිමට මෙයාලා මේ දිය අල්ල ළඟට ඇවිත් වෙන කොහෙවත් යන්න බැරි නිසා දෙන්නම අත් අල්ලාගෙන මේ ඇල්ලෙන් වැටිලා මැරුනලු.
    :(:(:(

    46383814.jpg
     
    • Like
    Reactions: menaka4u

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    22. මන්නා කැති ඇල්ල.

    උස 60m , අඩි 197. පිහිටලා තියෙන්නේ කරවනැල්ල, කිතුල්ගල, මල්වත්ත ග්‍රාමයේ. නම හැදිලා තියෙන්නේ මේ ග්‍රාමයේ උදවියගේ එදිනෙදා ආයුධ වන මන්නය හා කැත්ත වැඩ කරාට පස්සේ මේ ඇල්ලෙන් සෝදාගන්න නිසා මේ නම වැටිලා තියෙන්නේ. පෝෂණය වෙන්නේ ගිරන්කිත ඔයෙන්. මන්නා කැති ඇල්ලේ ජලය පසුව කැළණි ගඟට එකතු වෙනවා.


    247123-manna-kethi-ella-kitulgala-sri-lanka.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    23. මාපනාන ඇල්ල.

    උස 148m , අඩි 486. පිහිටලා තියෙන්නේ රත්නපුර, ගිල්ලිමලේ. මේ ඇල්ල කොටස් තුනකින් කඩා හැලෙනවා. පෝෂණය වෙන්නේ ඇල්ල ඔයෙන්. වැහි කාලෙට මේ ඇල්ලේ වැටෙන වතුර සද්දේ 6km ක් දුරට ඇහෙනවලු. ජනප්‍රවාදයේ ගැමියෝ වැසි නැති කාලෙට මේ ඇල්ලේ පොඩි පහන්, පන් කොළ එල්ලා සමන් දෙවියන්ට ආයාචනා කරනවලු වැස්ස ලබා දෙන්න කියලා.


    29xzrl.jpg


    Mapanana%20Falls%202.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    24. නක්කාවිට ඇල්ල

    උස 100m , අඩි 328. පිහිටලා තියෙන්නේ දැරණියගල. පෝෂණය වෙන්නේ මහගල් ඔයෙන්. හින්ගුරංගල කන්දේ බටහිර බැවුමේ ගල්තලාවේ තමයි මේ ඇල්ල ගලා හැලෙන්නේ.


    46725652.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    25. නානුඔය දිය ඇල්ල.

    උස 60m , අඩි 197. පිහිටලා තියෙන්නේ නානුඔය. පෝෂණය වන්නේ උඩරදැල්ල හා බඹරකැලේ ඔය වල් වලින් හැදෙන නානුඔයෙන්. ගලාගෙන හැලෙන ජලය මේ ඇල්ලේ පඩිපෙල් 25 ක් මතින් පහලට කඩා හැලී කොත්මල් ඔයාටත් එතනින් මහවැලි ගඟටත් එකතු වෙනවා.


    46385866.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    26. ඕළු ඇල්ල.

    උස 127m , අඩි 416. පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය සභාවේ අමනාවෙල ග්‍රාමසේවා වසමේ. ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි උසම දිය ඇල්ල. කොටස් හතරකට කඩා හැලෙන මේ ඇල්ල වැටෙන ස්ථානය ඕළු දොළ කියලා කියනවා. පසුව වී ඔය එක්ක එකතු වෙන මේ ජලය යටියන්තොට සමන් දේවාලය අසලින් කැළණි ගඟට එකතු වෙනවා. මේ ඇල්ලෙන් මේ අවට ගොවි ජනපද ගොඩකට ජල පහසුකම් සපයනවා.


    42477838043ee5eab79fb.jpg


    sldec2010noone185.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    27. පුන්ඩළු ඔය දිය ඇල්ල. (දුන්සිනානේ ඇල්ල)

    උස 100m , අඩි 328. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ, පුන්ඩළුඔය දුන්සිනාන් හා ෂයින් තේ වතු අතර මැද. පෝෂණය වන්නේ පුන්ඩළු ඔයෙන්. ගලාගෙන යන ජලය කොත්මලේ ඔයට එකතු වි කොත්මලේ ජලාශයට එකතු වෙනවා. මේ ඇල්ල මැද කුඩා හින්දු කෝවිලක් ඉදි කර තිබෙනවා. ඉහල කොත්මලේ විදුලි බලාගාරය නිසා මෙයට ලැබෙන ජල ප්‍රමාණය සැහෙන අඩු වෙලා තියනවා.


    46265423.jpg


    47759235.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    28. රම්බොඩ දිය ඇල්ල.

    උසින් 109m , අඩි 358. ලංකාවෙන් 11 වන උසම දිය ඇල්ල හා ලෝකෙන් 729 වන උසම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ පුස්සැල්ලාව, රම්බොඩ ප්‍රදේශයේ. මහනුවර - නුවරඑළිය මාර්ගයේ රම්බොඩ මෙය බලාගන්න පුළුවන්. පෝෂණය වන්නේ පන්නා ඔයෙන්.


    3109469325_6d07a0eccd_b.jpg