දියඇලි thread

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    29. සුරතලි ඇල්ල.

    උස 60m , අඩි 196. පිහිටලා තියෙන්නේ රත්නපුර දිස්ත්‍රිකයේ, කළුපහන, බෙරගල. සුරතලි නම ආදේශ වෙලා තියෙන්නේ "සුරතලි" සිංහල චිත්‍ර පටය රූ ගත කිරීමට මේ ඇල්ල තෝරාගත් නිසා. ශ්‍රී පාද කඳු වලින් එක් කන්දක් වන එල්ලමන කඳු වලින් ගලා හැලෙන කඩවත් ගඟෙන් මේ ඇල්ල පෝෂණය වෙනවා.

    මේ අවට වැලි කැට විශේෂ ස්වරූපයක් ගන්නවා. මේවට සීතා දෙවි ගුලි කියලා නම පට බැඳිලා තියනවා. ජනප්‍රවාදයේ සිතා දේවිය මේ ඇල්ල අසල අග්ගලා හද හද ඉන්නකොට වැටුන හාල් කියලයි මේ වැලි කැට වලට කියන්නේ. තවත් කතාවක් හැටියට මේ ඇල්ලේ ගුහාවක් ඇතුලේ රන් වලින් හදපු තසිම් ගැමියන් දෙදෙනෙකු දැකලා තියෙනවා. මේක ගන්න මේ දෙන්න ඇතුලට ගියහම මේ ගුහාවේ දොර විශාල ගල් කුට්ටියකින් වැහුනලු. පස්සේ මෙයාලා මේ නිධානය වළගම්භා රජුගේ කියලා තේරුම් ගියාට පස්සෙලු මේ දොර ඇරුනේ මෙයාලා දෙන්නට එලියට යන්න.


    ab3yfm.jpg


    4468691853_814e10ab84.jpg
     
    • Like
    Reactions: Srilankan1

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    30. රාවනා ඇල්ල.

    උස 25m , අඩි 82. පිහිටලා තියෙන්නේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ. කිරිඳි ඔයෙන් පෝෂණය වෙනවා.

    රාවනා කිව්වම හැමෝම දන්නවනේ රාවනා රජ ඉන්දියාවේ ඉඳලා සීතා දේවිය පැහැරගෙන ගෙනත් තියාගත්තේ මේ දිය ඇල්ල එක්ක පිහිටලා තියන ගුහාවක. සීතා දේවිය මේ දිය ඇල්ල වැටෙන ස්ථානයේ පොකුණෙන් දිය නැවා කියලත් සඳහන් වෙනවා.


    Rawana_Falls.JPG
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    31. රාවන් ඇල්ල

    උස 40m , අඩි 131. පිහිටලා තියෙන්නේ වැලිමඩ, උඩුහවර කියන ගමේ. මේ ගමේ ගැමියන් මේ ඇල්ලෙන් එයාලගේ ගොවිතැන් කටයුතු වලට අවශ්‍ය ජලය සපයා ගන්නවා. මේ දිය ඇල්ලත් රාවනා ඇල්ලත් සමග සම්බන්ද කමක් තියනවා රාමායනය කතාව හේතුවෙන්.


    rawanella.jpg


    Ravan_Falls.JPG
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    32. රත්නැල්ල දිය ඇල්ල

    උස 101m , අඩි 331. ලංකාවෙන් 10 වෙනි උසම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ මහනුවර, මහියංගන මාර්ගයේ හසලක කිට්ටුව. රත්නැල්ල නම වැටුනේ "රත්තරන් යාය" වගේ කියන නිසා. ජනප්‍රවාදයේ කියන විදියට මේ ඇල්ලේ වටිනා මුතු මැණික් පුරවපු බූලි 7 ක් සඟවලා තියනවලු. දැනට 5 ක් හොයාගත්තලු. ඉතුරු 2 ක හොයන්න කව්රුහරි හැදුවොතින් මේ ඇල්ල ඒ පුද්ගලයව බිලි ගන්නවලු. මේ ඇල්ලෙන් මේ අවට කුඹුරු වලට ජලය සැපයෙනවා.


    IMG_0156.JPG


    IMG_0111.JPG


    IMG_0127.JPG
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    33. ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල (St.Clair's)

    උස 80m , අඩි 262. පිහිටලා තියෙන්නේ හැටන්, තලවකැලේ. ගලා බසින්නේ ශාන්ත ක්ලෙයාර් තේ වත්ත මැදින් නිසා තමයි නම පට බැඳුනේ. ලංකාවේ නයගරා ඇල්ල කියලත් කියනවා. පළලින් 50m වන මේ ඇල්ල ලංකාව් පළලින් වැඩිම ඇලි වලින් එකක් වෙනවා. පෝෂණය වන්නේ කොත්මල් ඔයෙන්. මේ ඇල්ල කොටස් දෙකකින් සමන්විත වෙනවා. මහ ඇල්ල හා කුඩා ඇල්ල කියලා. මේ ඇල්ල ඉහල කොත්මලේ බලාගාරයේ ඉදි කිරීම නිසා ජලය නොලැබෙන තත්වයකට පත් වෙලා. මෑතකදී ලංකාවේ වැඩියෙන්ම කතා බහට ලක් උන දිය ඇල්ලක්.


    2ektzrq.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    34. හුළුගඟ ඇල්ල.

    උස 75m , අඩි 246. පිහිටලා තියෙන්නේ හුළුගඟ කියන කුඩා නගරයේ පන්විල කිට්ටුව. පෝෂණය වන්නේ නකල්ස් කඳු මුදුනෙන් ගලා හැලෙන නදියකින්. මෙය පස්සුව මහවැලි ගඟට එකතු වෙනවා.


    2uizpeb.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියල වැඩක් නැහැ බන්..ගොඩක් ලස්සන වැඩක්..දිගටම කරගෙන යමු..
    මෙන්න මගෙන් රෙප් +5
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    35. රිකිල්ලේ ඇල්ල.

    උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටියේ. රිකිල්ල කියන නම වැටුනේ ගසක අත්තක හැඩයක් ගන්න නිසා. පෝෂණය වෙන්නේ හුනසල්දෙනිය කන්දෙන් එන දොළ පහරකින්.


    rikilla.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    36. හත්මලේ ඇල්ල.

    උස 45m , අඩි 147. හත්මලේ කියලා කියන්නේ කොටස් හතකට කඩෙන නිසා. පිහිටලා තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය, පල්ලේගම ගම්මානයේ. පෝෂණය වන්නේ දෙනියාය ගෝනගල කන්දේ ඉඳලා හැදෙන දොළකින්. මේ ජලය ගින්ගගට පල්ලෙගමින් එකතු වෙනවා. මෙය 10m පළලයි. ගින්ගගේ උසම දිය ඇල්ලද මෙයයි.


    2083437740_c7bcd66d50_o.jpg


    2083384900_7797be0d96_o.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    37. ගල් ඔරුව ඇල්ල.

    උස 30m , අඩි 98. පිහිටලා තියෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, ලංකා ගම ගම්මානයේ. පෝෂණය වන්නේ සිංහරාජ වනාන්තරේ උල්පතකින්. ගල් ඔරුව නම පට බැඳුනේ වැටෙන වතුර ඔරුවක හැඩයට පිහිටි ගල් පර්වත නිසයි. උඩ සිට වැටෙන වතුර 25m දිග 2m පළල ගල් දෙබෝක්කාවක් අතරින් 40m පමණ ගලාගෙන ගොස් උඩට මතු වෙනවා. මෑත කාලයක් වෙනකන් මේ ඇල්ල හා ලාදුරු රෝගීන් අතර බැඳීමක් තිබුණා කියලත් සඳහන් වෙනවා ඒ මොකද කියනවා නම් මේ ඇල්ලේ ලාදුරු සුව කිරීමේ බලයක් තියනවලු.


    15zh661.jpg


    ගල් දෙබෝක්කාව
    1zykoes.jpg