##### !!! Sri lanka is in Danger!!!!!

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,793
    20,317
    113
    හස්තිශෛලපුර
    xxirm5bbm.jpg



    Satelite%20Image%20Info-1a.jpg
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අයහපත් කාලගුණික අනතුරු ඇඟවීම්

    ඉදිරි පැය 12 සඳහා අයහපත් කාලගුණය පිළිබද නිවේදනය
    2011 දෙසැමිබර් මස 26 දින පැය 07.00 ට නිකුත් කරන ලදී.
    (කාලගුණ විද්‍යා දෙපාර්්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයක්‍ෂ
    දිවයින ආශ්‍රිතව බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය අද(26 දින) පෙරවරු 02.00 වන විට යාපනයේ සිට කි.මී. 750 ක් පමණ නැගෙනහිර දෙසින් පැවතිණි. එය එහි කේන්ද්‍රයේ සිට වයඹ දිශාවට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවෙි.
    මේ හේතුවෙන්, මන්නාරම සිට යාපනය සහ ත්‍රීකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ස්වභාවයන්් අපේක්‍ෂා කරයි. එම නිසා මෙම මුහුදු ප්‍රදේශ ධීවර සහ නාවික කටයුතු සඳහා ආරක්‍ෂාකාරී නොවන බව දැනුම් දෙනු ලැබේ. විශේෂයෙන් එම ගැඹුරු මුහුදු ප්‍රදේශ වල තද වැසි ද ඇති වන අතර මෙම මුහුදු ප්‍රදේශ වල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස තවදුරටත් උපදෙස් දෙනු ලැබේ.
    විශේෂයෙන් උතුරු, වයඹ උතුරු මැද සහ නැගෙනහිර පලාත් වල තැනින් තැන වැසි සමග විටින් විට හමන තද සුළං පවතී.
    මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටින බවත්, ඒ පිළිබඳව නිකුත් කරනු ලබන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.