ආදරයක් හින්ද පසුතැවෙනවනම්...

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    ආදරයක් හින්ද පසුතැවෙනවනම්...

    අලුත් අව්රුද්දෙ අලුත් වෙන්න අලුත් පෙමක් (තනි කඩයන්ට පමණයි) …

    2011 ඉවර වෙලා . දැන් 2012 ලබලා තියෙන්නේ ….
    ඉතින් ඔබ ආදරයක් හින්ද පසුතැවෙනවනම් අන්න එකෙන් මිදෙන්න පොඩි උදව්වක් දෙන්න මේ ලිපිය ගොඩක් වැදගත් වේවි .
    ඔබේ පෙම්වතා පෙම්වති ඔබ හැර ගියාද ?? ඔබට බොරු කලාද ?? ඔබේ හිත රිදෙවුවද ?? ඒවා සියල්ලම පසෙක දාලා හිත හදාගෙන අලුත් වෙන්න මෙන්න පොඩි පුෂ් එකක් …
    හැබැයි පෙම්වතා පෙම්වති කිරියි පැණියි වගේ හොදින් ඉන්න කට්ටියට මේවා අදාල නෑ …

    images.jpg


    1. අතෑරලා දාන්න … තේරුමක් නෑ…

    ඔබ තව කොපමණ බලන් හිටියත් ඒ කෙනා දැන් ඔබ දාලා ගිහින් .. ඒ කෙන්න ඔබේ හිත රිදවල අවසන් .. ඒ නිසා දැන් මුලින්ම ක‍රන්න ඕනේ ඔබ ඒ කෙනාට යන්න දෙන්න එකයි .. ඒ කෙනා ඔබේ හිතෙන් ඉවත් කරන්න … ඒක අමාරුයි තමා .. ඒත් අලුත් අවුරුද්ද කදුලෙන් සුසුමෙන් පටන් ගන්න එපා ..
    ඔබ තදින් අල්ලාගෙන ඉන්න ඒ මතකයන් ලිහිල් කරලා අතෑරලා දාන්න. තේරුමක් නෑ … ඔබ තව බලා ඉදිමේ පලක් නැ … ඔබ එසේ බලා සිටීමෙන් සිදුවන්නේ ඔබට ඊට වඩා හොද කෙනෙක් මුණ ගැසීමේ chance එකක් නැති කර ගැනීමක් පමණයි …
    ආයේ බාගෙට ඈත්වීම් එපා … සම්පුර්ණයෙන් අත ඇරලා දාන්න .. තව කතා කරන්න මුණ ගැහන්න හදන්න එපා …. ඔබ අතින් වුනු වැරදි හදා ගන්න …

    download-1.jpg


    2.තව කෙනෙක්ට ඉඩ දෙන්න …

    ඔබේ හිත රිදුනයින් පස්සේ ඔබ කරන්නේ තව කෙනෙක් එක්ක සම්බන්දයක් පවත් වන්නේ නැතිව සිටීම .. නමුත් එහෙම වෙන්න එපා ..
    ඒ කෙනා ඔබෙන් ඈත්වෙලා ගියේ ඒ කෙනා ඔබට වැරදි කෙනා නිසා … නිවැරදි කෙනා තවම ඉන්නවා .. ඒ කෙනාට ඉඩ දෙන්න ..
    හැමෝම බොරු කරන්නේ නැ .. අලුතින් පටන් ගන්න ..

    නමුත් ඉක්මන් වෙන්න එපා .. දුක බෙදා ගන්නකොට පරිස්සමින්.. රැවටෙන්න එපා ..
    මේ කාලයේ ඉතාමත් ඉවසිලි වන්තව වැඩ කරන්න… ඔබේ හැගීම් වලට වහල් වෙලා තීරණ නිගමන වලට එලබෙන්න එපා…
    ඔබේ තනිකම දුක බෙදා ගන්න කොට ඔබේ හිතට වඩා මනසට ඉඩ දීලා වැඩ කරන්න….

    images-1.jpg


    3.ධනාත්මකව සිතන්න ….

    ඔබේ ධනාත්මක හැගීම් සහ ඔබේ පෞර්ෂය තරම් කිසි දෙයක් ලස්සන නැ .. ඒක නිසා ජීවිතේ ගැන ධනාත්මකව සිතන්න. ඒ දේ නැති වුනේ ඔබේ හොඳට කියා සිතා ගන්න .. ඔබ දැක්කේ ඒ නරක හීනයක් කියා සිතා ගන්න . ඔබ තවත් දුක් වුනයි කියලා වැඩක් නෑ … ඔබට නැති වන දේවල් ඔබට නැති වෙනවා. ඔබට යමක් ලැබෙනාව නම් ඒ දේ ඔබට අනිවාර්යෙන්ම ලැබෙනෙව. ආදරයත් ඒ වගෙයි….

    download-2.jpg


    4.ඔබට අවංක වන්න …

    සමහරුන්ට ඉක්මනින් අමතක කරලා දාන්න පුළුවන් වුනාට සමහරුන්ට බෑ .. එකේ තේරුම ඉක්මනින් අමතක කරේ බොක්කෙන් love නොකරයි කියන එක නෙමෙයි .. නමුත් සමහරුන්ට පුළුවන් අර කලින් කිවා වගේ හිත හදගෙන ඉස්සරහට මුණ දෙන්න…ඔබ ගැන දන්නේ ඔබයි .. ඔබට ඉකමනින් අමතක කරන්න බැරි නම් ටිකක් කල් ගන්න .. එයා දීපු දේවල් සහ පින්තුර බැලුවයි කියල වෙනසක් වෙන්නේ නෑ .. ඒ කෙනා අයේ එන්නේ නැ .. ඒවායින් මිදෙන්න .. මිදිලා කල් අරගෙන තව කෙනෙක් එක්ක අලුතින් පටන් ගන්න .. අතීතය අමතක කරන්න … ඒ අතීතය;අතීතයට බාර දී ඉදිරිය ගැන සිත වැඩ කරන්න….

    download-3.jpg


    5.පොඩි වෙනසක් කර බලන්න…

    මිතුරන් සමග එලියට යන්න . මිතුරන් සමග විනෝද වන්න .. අලුත් දේවල් අත්හදා බලන්න (වැරදියට ගන්න එපා …. සමාජීයව පිළිගත් සහ ඔබේ ධර්මනුකුල දේවල් පමණක් )… ඔබේ ජීවිතයට සතුට නැවත ළඟ කර ගන්න ….

    images-2.jpg


    6.තාත්වික වන්න ….

    අපි හැමෝගෙම හිතේ ඉන්නවා අපි කැමති කෙනෙක් .. අපි කැමති ලක්ෂණ .. මේ විදියේ දේවල් හොදයි .. නමුත් ඒ කෙනා තාත්වික ද කියල සිතන්න .. ඔබ කියවපු කතාවක නැත්තම් බලපු ෆිල්ම් එකක නම් එයා ඉන්නේ ;ඒ කෙනා ඉන්නේ ෆිල්ම් එකේ සහ අර කියවපු කතාවේ පමණි … සබැ ආදරය වෙනුවෙන් අවංකකම ,කැපවීම , විශ්වාශය , තේරුම් ගැනීම වැදගත් ….

    images-3.jpg


    7.ඔබ ගැන තෘප්තිමත් වෙන්න ..

    ඔබ ගැන ඔබ තෘප්තිමත් නැත්තම් වෙන කෙනෙක් ඔබ ගැන තෘප්තිමත් වෙන්නෙත් නැ .. ඔබ ඉන්න විදියට ඔබ ආදරය කරන්න .. ඒවිට ඒකෙනත් ඔබට අවශ්‍ය ආදරය දෙයි.. ඔබ ඔබව පිළිගන්න .. ඒවිට ඒ කෙනත් ඔබව පිලිගනී… සබැ අදරෙයේදී ඔබ ඉන්න විදියට ආදරේ කල යුතුයි… ඔබ ආදරය වෙනුවෙන් වෙනස් විය යුතු නැ… නමුත් ආදරය වෙනුවෙන් කැප කිරීම් කරන්න වෙන්නවා…

    images-4.jpg


    මේවා උදුවවක් වුනැයි සිතනවා
     
    • Like
    Reactions: miniya

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes::yes::yes::yes::yes:

    තියෙන මතකයන් සේරම සුනුවිසුනු කරලා අලු කරලා දාන්න
    ලියුම් පුච්චල දාන්න දුන්න තෑගි විසි කරන්න කිසිම මතක් වෙන දෙයක් තියාගන්න එපා:cool:
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    :yes::yes::yes::yes::yes:

    තියෙන මතකයන් සේරම සුනුවිසුනු කරලා අලු කරලා දාන්න
    ලියුම් පුච්චල දාන්න දුන්න තෑගි විසි කරන්න කිසිම මතක් වෙන දෙයක් තියාගන්න එපා:cool:

    එල එල,:cool: හොඳට කියවල වගේ නේද ඥාව්වා.:yes::yes::):)
     
    • Like
    Reactions: Dulanzz

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    :yes::yes::yes::yes::yes:

    තියෙන මතකයන් සේරම සුනුවිසුනු කරලා අලු කරලා දාන්න
    ලියුම් පුච්චල දාන්න දුන්න තෑගි විසි කරන්න කිසිම මතක් වෙන දෙයක් තියාගන්න එපා:cool:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    empty life-u
    girl-u come-u
    life reverse gear-u
    lovvu lovvu
    oh my lovvu
    you showed me bouv-u
    cow-u cow-u holi cow-u
    i want u hear now-u
    god i m dying now-u
    she is happy how-u