ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ ර

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,183
    25,925
    113
    29
    ලොවෙත් නැති තැනක
    ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ ර

    ිරිලක අවසාන සිංහල නරපතියා වූයේ ක්‍රි ව 1707-1739 දක්වා කන්ද උඩරට පාලනය කළ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය.මොහු දෙවන විමලධර්මසූරිය රජුගේ හා වත්තේගම වලව්වේ මුතුකුඩ කුමාරිහාමි කුමරියගේත් පුත්‍රයාය. මහනුවරින් පිටත කුණ්ඩසාලේහි රජවාසල පිහිටුවා ගත් බැවින් කුණ්ඩසාලේ රජ යන නමද ව්‍යවහාර විය. රජු සුරාව , ස්ත්‍රී ඇසුර ,විනෝදය අගය කළ කෙළිලොල් රජෙකු විය. ඒ නිසාම පොදු ජනයා රජු හැඳින්වුයේ සෙල්ලම් නිරිඳු යනුවෙනි.දඩබ්බර ජිවිතය නිසාම රජුට විරුද්ධව කැරලි කුමන්ත්‍රණ බහුලව ඇතිවිය.`

    වරක් දාමරික පිරිසක් විසින් මෙතුමා සිහසුනින් නෙරපා දැමිමට කුමන්ත්‍රණයක් කරන ලද්දේය. දිනක් මහමළුවේ ඇත්පොරයක් පිළියෙළ කරනු ලැබිණි. රජු එය බැලිමට පැමිණි පසු හදි පෙරළි කිරිමට වඩුග පෙලපත් වලින් පැවත එන පිරිසක් විසින් උපායක් යොදා තිබෙන බව මහවාසල ඇතුළු නිළමක්කාරයන්ට රජුගේ චරපුරුෂයන්ගෙන් දැනගන්නට ලැබී ඔවූහු රහසින් රජුට සැළකලෝය. නරේන්ද්‍රසිංහ රජු තම කුළුපග අතවැසියන් වු රන්නැකාරාළ,හිනටිකුඹුරේ රාළ ,දස්කොන් රාළ ,මැදන්වල රාළ ආදි හිතවතුන්ගේන් උඩුදුම්බරට ගොස් කුමන්ත්‍රණ කාරයන් ලුහුබඳවා තලවින්නේ දී අල්ලා මරා දැමුහ.

    නරේන්ද්‍ර සිංහරජු සෙංගඩකලපුරය හඟුරන්කෙත තම අගනුවර කර ගත්තේය.මෙම රජු නැටුම් ගැයුම් වල ආරක්ෂාවටත් රජයේ කටයුතු සඳහාත් හමුදාවක් ඇති කළේය.ගොවිතැන දියුණු කිරිමට මේ රජු විශාල උත්සාහයක් දැරුවේය, දඹේවෙල වැව ,මහවැව, පිලව කොට්ට වැව,දම්බරාව වැව තනවා ,දම්බරාවේ වෙල්යාය අස්වද්දවා ගොවිතැන් දියුණු කළේය.

    මෙම රජුගේ රජවාසල පැවති මිගොන් පොරයක් පිළිබඳ අපූරු ජනකතාවක් ඇත. කුණ්ඩසාලේ රජමාලිගයේ රජු ප්‍රියකළ සතුන් වත්තක් විය. එහි දඹරා නම්වූ රජු ගේ ආදරය බෙහෙවුන් ලැබු රජු ප්‍රියකළ මී ගොනෙක් සිටියේය.දඹරා සමග සටනට ආ සියළු මී ගොනුන් ඌ අතින් පැරැදි පලා යන්නේය.දඹරා සමග පොරයට දක්ෂ මීගොනෙකු එවන ලෙස රජු අණබෙර ගසා දැන්වුයේය. දඹරා සමග සටන් කොට දඹරා පාරාජය කරන මී ගොනෙක් ඇත්නම් උගේ අයිති කරුට තාන්න මාන්න තෑගි බෝග ලැබේන බවට රජු නිවේදනය කළේය.

    මහියංගනයේ විසු පුද්ගලයෙකුට අති දක්ෂ පොර මී ගොනෙකු විය. දඹරා පැරදවීමට තම මී ගොනා ඉදිරිපත් කරන බව ඔහු අණබෙරකරු අත රජ්ජුරුවන්ට දන්වා යැව්වේය.නියමිත දිනයේ නියමිත් වෙලාවට රජුගේ මී ගොනාත් මහියංගනයේ මී ගොනාත් පොරය පවත්වන බිමට ගෙන ඒනු ලැබිණි. රජුද සිය පිරිවර සමගින් මී ගොන් පොරය නැරඹිමට පැමිණියේය. සටන ඇරඹිණි. එහෙත් දඹරා මහිංගනය මීගොනා ලඟට ගොස් නතර වෙයි.සටනට නොයයි. එහෙත් මහියංගනය මී ගොනා දඹරා වෙත පිඹගෙන අවුත් පහර පිට පහර දෙයි.රජු ඇතුළු පිරිස ගල්ගැසි බලා සිටියි. අවසානයේදි මහි‍යංගනය මී ගොනා ජය ගත්තේය. සටන නිමවී තාන්න මාන්න දීමට පෙර මහියංගනය මී ගොනාව පරික්ෂා කරන ලදි. එහිදි මීගොනාගෙ ශරීරය පුරා සහ අං වල උරූතෙල් ගා ඇති බවයි. අවසානයේදි අයිතිකරු වරද පිලිගත්තේය.හුන්නස්ගිරිය කඳු මුදුනට දක්කාගෙන ගිය මහියංගනයේ මී ගොනා සමග උගේ අයිතිකරුව කන්දෙන් පහළට පෙරළා මරා දමන ලදි.

    පරාක්‍රම නරෙන්ද්‍රසිංහ රජු කාන්තා ඇසුරෙහි ඉතාමත් ලොල්වූ අයකු ලෙස ඉතිහාස ගත වී ඇත.මෙම රජුට මදුරාපුර බිසොවරුන් තිදෙනෙක් වූහ.ඒ අතරින් අග බිසව වූයේ නයක්කර් වංශික උඩුමාලේ දේවියයි.එසේම සිංහල ගොවි වංශික සහ සිංහල රදළ බිසොවරුන් කීප දෙනෙකුම සිටියහ. අන්තඃපුර කතුන්ගේන්ද නොසෑහී ගැමි ලලනාවන් සොයමින් රජු ගිය ගමන් ගැන ජනප්‍රවාද බොහොමයක් වෙයි.පහත දැක්වෙන්නේ එයින් එකකි.

    රජුගේ කාලයේ මහනුවර සිට කුණ්ඩසාලයට යාමට සිදු වුයේ යහන්ගල තොටුපලෙන් එගොඩ වීමෙනි. මෙකී මාර්ගයෙන් ගමන් ගන්නා සැම අවස්ථාවකදීම යහන්ගල තොටුපල අසල නැවතී විවේක සුවයෙන් පසුවී මහවැලි නදියේ පිහිනමින් ජලක්‍රීඩා කිරිම රජුගේ සිරිතක් විය.දිනක් යහන්ගල මහවැලියේ ස්නානය කරමින් සිටි රජුට තම ගෙලෙහි සියුම් සිනිඳු යමක් පැටලෙන බව දැනුණි. රන්වන් පාටැති දිගින් බඹයක් පමණ වූ අගින් අක්බඹරු වූ එය තරුණියකගේ කෙස් ගසක් බව රජුට අවබොධවිය. කෙස් ගස කුණ්ඩසාලේ මාලිගයට ගෙන ගිය රජතුමා එම හිසකෙසෙහි අයිතිකාරිය කෙතරම් සුන්දර සුතුමාර තරුණියක් විය හැකිදැයි සිතමින් කල් ගෙවන්නට වුයේය.එම යුවතිය නොදැක සිටිමට තමාට නොහැකි බව වටහාගත් රජු චර පුරුෂයින් කැඳවා යහන්ගල තොටුපලේ සිට ඉහළට මහවැළි ගඟේ ඉවුරු අසබඩ ගම්මාන පිරික්සා බලන ලෙසත් එසේ කිරිමේදි බඹයක් පමන දිග රන් පැහැත් කෙශ කලාපයක් හිමි තරුණියක්දුටුවහොත් ඇගේ තොරතුරු දැනගෙන ලෙසටත් නියෝග කළේය.

    කෙස්ගසේ හිමිකාරිය සොයාගතහොත් රජුගෙන් මහත් වූ වස්තු සම්භාරයක් ලබා ගත හැකි බවද රජුගේ අණ ඉටු කිරිමට නොහැකි වුවහොත් මරණ දඬුවම හිමිවන බවත් දත් චර පුරුෂයෝ මහවැලි ගං ඉවුරෙ ගම් පරික්ෂා කරමින් යාමට පටන් ගත්හ. වම් ඉවුර දිගේ ගමන් ගත් චරපුරුෂයෝ ගෙලිඔය ප්‍රදේශයේදි හිමිදිරියේම ගඟට බැස ජලස්නානය කරන කාන්තාවන් දෙදෙනෙකු දක්නට ලැබුණි.ඒ මවක සහ දියණියකි. දියණිගේ කේශ කලාපය දුටු චර පුරුෂයෝ තමන් සොයා ආ තරුණියම බව දැන ගත්හ. ඔවුන්ගේ වංහුං ඇසිමට චර පුරුෂයෝ සුදානම් වනවාත් සමගම ඇදුම් ඇඟලාගෙන කාන්තාවෝ දෙදෙනා තම ගම්මානය බලා ගියහ.ඒ මුස්ලිම් කාන්තාවෝ දෙදෙනෙකි.

    ඔවුන් පසුපස මුස්ලිම් ගම්මානයට ගිය චරපුරුෂයෝ තමන් පැමිණි සිටින්නේ දියණිය රජ මැදුරට ගෙනයාමට බවත් එහිදි දියණියට රජ සැප විදිමට හැකි බවත් දන්වා සිටියොය.තරුණිය ගේ දෙමාල්ලො හඬා වැලපෙන්නට වූහ. පසුදින තරුණිය කැඳවාගෙන යාමට පරිවාර ස්ත්‍රීන් සහ පැලැක්කි එවන බව දන්න ආපසු යන්නට ගියහ.තරුණිය අන්තඃපුරයට යැවිමට අකමැති මුස්ලිම් දෙමාල්ලො එදින රාත්‍රියේ තමන් දියණිය ද රැගෙන පලායන බව ඔවුන්ගේ නෑයන්ට දන්නවා සිටියෝය. ඔවුන් ගමෙන් පලාගිය පසු ගමේ ඉතිරිවන වැසියන්ට ද රාජ උදහසට ලක්වීමට සිදුවන බැවින් ඔවුහු ද ගමින් පලා යාමට තිරණය කළහ.

    එදින රාත්‍රියෙහි මහමගට බට ඔවුහු දින කීපයක් තිස්සේ ගමන් කොට බෙලිහුඔයෙන්ද බදුලු ඕය්න්ද එගොඩ වී උඩදෙණිය යන ගමේ පදිංචි වු මෙම මුස්ලිම් පිරිසගෙන් පැවත් එන්නන් මෙම ගමේ අදද සිටින බව කියැවෙයි. මෙම පිරිස ගම හැර ගියත් නරේන්ද්‍රසිංහ රජු එම තරුණිය සෙවිම අත් නොහළේය.එහෙත් මෙම තරුණිය සොයාගිය චර පුරුෂයන්ගෙන් නිසි ආරංචියක් ලැබිමට පෙර නරේන්ද්‍රසිංහ රජු මරණය වැළඳ ගත්තේය.

    ඕලන්ද ජාතික ඩැනියෙල්ගේ ලංකා විස්තරය අනුව සුරාව සහ ජිවිත වැරැදි නිසා අවුරුදු 49 වන විට රජු අකාලයේ රොගාතුරවී තුවාල ඔඩු දුවා 1739 මැයි 13 දින ජන්මාන්තර විය. නරේන්ද්‍රසිංහ රජු උඩරට අවසාන සිංහල රජුවු අතර මොහුගෙන් පසුව සිරිලක රජවූයේ නායක්කර් වංශයට අයත් කුමාරවරුය.

    Source

    http://muthuhara.wordpress.com

    ඔබේ ලිපිය ගැන පළමුව මගේ පැසසුම්........!!!

    මට යමක් එකතු කිරීමට අවසර දෙනු මැනවි......

    සිංහල රජ වංශයේ අවසන් සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මිය ගියේ කෙසේද? අප දන්නා පරිදි ඒ වග මෙසේයැ.
    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් මදුරා පුරයෙන් කුමරියක "ආනයනය" කළ පළමු රජුය. ඒ කුමරිය ඇත්තෙන් ම කුමරියක් නොව මදුරාපුර -එනම් මැඩ්‍රාස් නගරයේ- සිටි ප්‍රකට ගණිකාවක් වන ප්‍රමිලා නම් කාන්තාවයි. මේ කාන්තාව රජු හා විවාපත් වීමෙන් පසු ද කලේ තම සුපුරුදු කටයුත්තමය. මෙහි සදහන් වන කැරැල්ල මැඩලු ප්‍රංශ ජාතික දස්කොන් අදිකාරම සමග ඈ පැවැත් වූ ප්‍රෙම සම්බන්ධය හෙළි වී සිදු වූ අලකලංචිය ඔබ සැම දන්නවා ඇතැයි සිතමි.
    මෙම ද්‍රවිඩ ජාතික කාන්තාව ගෙන් රජු ලද දායාදය නම් සිෆිලිස් නම් සමාජ රෝගයයි. මේ නිසා ම රජුගේ දරුවන් ඇතිකිරීමේ හැකියාව විනාශවිය.
    අවසන දී අන්තිම සිංහල රජු මිය යන්නේ තෘතියික සිෆිලිස් රෝගය උත්සන්න වීමෙනි.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "කුණ්ඩසාලේ සෙල්ලමි නිරිදු" කියල නමකකුත් පටබැදිල තිබ්බලු එතුමා‍ටම.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :yes::yes: සිෆිලිස් කතාව ඇහුවෙ අද,ඒක වෙන්ඩ පුලුවන් :yes:
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,925
    113
    29
    ලොවෙත් නැති තැනක
    දස්කොන් අදිකාරම්ගේ සහ ප්‍රමිලා බිසවගේ ප්‍රේම කතාව සමහර විට සමහරු අහලා නැති වෙන්නත් පුුලුවන්. මේක නිකං ප්‍රේමයක් නෙමෙයි අසම්මත ප්‍රේමයක් නිසා ඒකට ඒ හැටි වටිනාකමක් ලැබෙන්න නැතුව ඇති අපේ සංස්කෘතිය ඇතුලේ. (ඒත් කොහොමද ඉන්දියාවේ ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි අසම්මත ප්‍රේමයට තියෙන තැන!). අද මේ කියන්න හදන්නේ මේ කතාව හා සම්බන්ධ වුනු ගීතයක් ගැන. ඒත් මම ඊට කලින් මේ ප්‍රේම කතාවේ සුලමුල විස්තර කරන්නම්.

    දස්කොන්ගේ පියා, ගැස්කොන් කියන්නේ ලංකාවේ වෙරලට පාවී ආපු ප්‍රංශ නැවක සේලරුවෙක්. දෙවැනි රාජසිංහ රජු විසින් මේ නැවියන් අල්ලා සිර කෙරුනු ලැබූ අතර කාලයකට පසු ඔවුන්ට නිදහස ලැබුනා. එවිට මේ ගැස්කොන් උඩරට ප්‍රදේශයට සංක්‍රමණය වෙලා එහි සිටි පෘතුගීසි කාන්තාවක් හා විවාහ වුනා. මේ දෙපලට ලැබුනු දරුවා තමයි පේදෲ ගැස්කොන් -- හෙවත් අපේ සිංහල මිනිසුන්ගේ කටවහරට හුරු වූ විදියට දස්කොන්. මේ කාලේ සිංහල රාජසභාවේ විදේශිකයනුත් හිටියා. ගැස්කොන් පවුලත් ඒ ආශ්‍රයෙන් තමයි රජවාසල හා කිට්ටු වුනේ. දෙවැනි රාජසිංහ රජ පුත් ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ කුමාරයා සමග කුඩාකල සිටම මිතුරු වූ දස්කොන්ට පසුව මේ කුමරා රජ වූ විට අදිකාරම් තනතුරකුත් ලැබුනා. කවියෙක් වුනු දස්කොන් මේ අතරතුර කවි ලිවීමේ දක්ෂතා තිබූ රජුගේ ප්‍රමිලා බිසව සමග හාදකමක පැටලුනා.

    මේ කාලයේ රාජසභාවේ හිටපු විදේශිකයෝ සිංහල රදලයන්ට, සංඝයාවහන්සේලාට විරුද්ධව කුමන්ත්‍රණ කල අතර සිංහල රදලවරුන්, සංඝයාවහන්සේලාත් අනිත් අතට විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා. මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි කියවෙන්නේ. සිදුවීම අවසන් වූයේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට පත් කිරීමෙන්.

    SOURCE
    http://blog.indranama.com/2010/03/daskon-pramila/
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිංහල රදලවරුන්, සංඝයාවහන්සේලාත් අනිත් අතට විදේශිකයන්ගෙන් පලි ගන්නට මාන බැලුවා. මෙන්න මේ ගැටුමේ ප්‍රතිඵලයක් විදියට දස්කොන්ගේත් ප්‍රමිලාගේත් අසම්මත ආදරේ රජතුමාගේ කණට ගියා කියලා තමයි කියවෙන්නේ. සිදුවීම අවසන් වූයේ දස්කොන් අදිකාරම හිසගසා දැමීමෙන් මරණයට පත් කිරීමෙන්.
    කතාව එන්නේ වෙන විදියකට........
    නරේන්ද්‍රසිංහ රජුට දරුවන් නොසිටි බව සහ හේතුව මම කලින් කිව්වා. නමුත් මේ ප්‍රශ්නය බිසව ගේ කියලා ප්‍රමිලාට දරු සම්පත් ලබා දෙන්න විශාල බලි යාගයක් සංවිධානය වුණා. මේ බලි යාගයට ප්‍රමිලා බිසව ගේ බලියක් බලි ඇදුරන් විසින් අඹනු ලැබුවා. බලිය නැරඹු මේ යාගයේ සංවිධායක කෙනෙක් වන දස්කොන් ප්‍රමිලා දේවිය ගේ රහස් ස්ථානයක තිබූ උපන් ලපයක් සටහන් කරන ලෙස බලි ඇදුරන්ට කීවා.
    රජු බලිය නැරඹු විට අර උපන් ලපය දුටුවා. බලි ඇදුරන් ගෙන් ඒ සදහා නියෝග අවේ දස්කොන් ගෙන් බව රජු දැන ගත්තා.......
    වැඩේ අතේ මාට්ටුයි........ඒකෙන් තමා දස්කොන් හිස් ගැසුම් කෑවේ..........
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේ යහන් ගල ඇත්තේ අපේ මහ ගෙදරට ටිකක් පහලින්!! වික්ටෝරියාවට එම ප්‍රදේශය යට වූ නිසාවෙන් රජු විවෙක ගත් ඒ ගල් පොත්ත එතැනින් ඉවත් කෙරිනි!! ඊට පෙර මම එය දුටිමි!! මහවැලි ගග හරහා රජු අසුන් පැන්නවූ පටු ස්ථානය අදටත් දැකිය හැකිය.

    යහන් ගල පාමුල මමද දිය නා ඇත්තෙමි!!
     
    :yes::yes::yes::yes: මේක තමයි මමත් අහල තියෙන කතාව,මම හිතන්නෙ මේකයි හරි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,925
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ යහන් ගල ඇත්තේ අපේ මහ ගෙදරට ටිකක් පහලින්!! වික්ටෝරියාවට එම ප්‍රදේශය යට වූ නිසාවෙන් රජු විවෙක ගත් ඒ ගල් පොත්ත එතැනින් ඉවත් කෙරිනි!! ඊට පෙර මම එය දුටිමි!! මහවැලි ගග හරහා රජු අසුන් පැන්නවූ පටු ස්ථානය අදටත් දැකිය හැකිය.

    යහන් ගල පාමුල මමද දිය නා ඇත්තෙමි!!

    මේ ඉන්නේ ගමේම පොරක් තව විස්තර හොයලා දාපන්කෝ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,925
    113
    29
    ලොවෙත් නැති තැනක
    කතාව එන්නේ වෙන විදියකට........
    නරේන්ද්‍රසිංහ රජුට දරුවන් නොසිටි බව සහ හේතුව මම කලින් කිව්වා. නමුත් මේ ප්‍රශ්නය බිසව ගේ කියලා ප්‍රමිලාට දරු සම්පත් ලබා දෙන්න විශාල බලි යාගයක් සංවිධානය වුණා. මේ බලි යාගයට ප්‍රමිලා බිසව ගේ බලියක් බලි ඇදුරන් විසින් අඹනු ලැබුවා. බලිය නැරඹු මේ යාගයේ සංවිධායක කෙනෙක් වන දස්කොන් ප්‍රමිලා දේවිය ගේ රහස් ස්ථානයක තිබූ උපන් ලපයක් සටහන් කරන ලෙස බලි ඇදුරන්ට කීවා.
    රජු බලිය නැරඹු විට අර උපන් ලපය දුටුවා. බලි ඇදුරන් ගෙන් ඒ සදහා නියෝග අවේ දස්කොන් ගෙන් බව රජු දැන ගත්තා.......
    වැඩේ අතේ මාට්ටුයි........ඒකෙන් තමා දස්කොන් හිස් ගැසුම් කෑවේ..........

    අපේ ඉතිහාසය කරපු මිසුත් කියල තියනවා මේ කතාව . කලවා වල උඩම හරියේ තිබුන කියලයි අපේ මිස් කිව්වේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    picture.php

    මේ විකිපිඩියාවේ යන යුද්ධයක්,එක එඩිටර් කෙනෙක් ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ නම මෙසේ ලියද්ද-> (Tamil:விக்கிரம ராச சிங்கன், Sinhala:ශ්‍රී වික්‍රම රාජසිංහ, Telugu:శ్రీ విక్రమ రాజసింహ) තව එක්කෙනෙක් එක මෙසේ ලියනවා-> (Sinhala:ශ්‍රී වික්‍රම රාජසිංහ,Telugu:శ్రీ విక్రమ రాజసింహ,Tamil:விக்கிரம ராச சிங்கன்)

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,925
    113
    29
    ලොවෙත් නැති තැනක
    picture.php

    මේ විකිපිඩියාවේ යන යුද්ධයක්,එක එඩිටර් කෙනෙක් ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමාගේ නම මෙසේ ලියද්ද-> (Tamil:விக்கிரம ராச சிங்கன், Sinhala:ශ්‍රී වික්‍රම රාජසිංහ, Telugu:శ్రీ విక్రమ రాజసింహ) තව එක්කෙනෙක් එක මෙසේ ලියනවා-> (Sinhala:ශ්‍රී වික්‍රම රාජසිංහ,Telugu:శ్రీ విక్రమ రాజసింహ,Tamil:விக்கிரம ராச சிங்கன்)

    කොටියෙක් වෙන්න ඕනා:angry::angry::angry::angry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබේ ලිපිය ගැන පළමුව මගේ පැසසුම්........!!!

    මට යමක් එකතු කිරීමට අවසර දෙනු මැනවි......

    සිංහල රජ වංශයේ අවසන් සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා මිය ගියේ කෙසේද? අප දන්නා පරිදි ඒ වග මෙසේයැ.
    ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් මදුරා පුරයෙන් කුමරියක "ආනයනය" කළ පළමු රජුය. ඒ කුමරිය ඇත්තෙන් ම කුමරියක් නොව මදුරාපුර -එනම් මැඩ්‍රාස් නගරයේ- සිටි ප්‍රකට ගණිකාවක් වන ප්‍රමිලා නම් කාන්තාවයි. මේ කාන්තාව රජු හා විවාපත් වීමෙන් පසු ද කලේ තම සුපුරුදු කටයුත්තමය. මෙහි සදහන් වන කැරැල්ල මැඩලු ප්‍රංශ ජාතික දස්කොන් අදිකාරම සමග ඈ පැවැත් වූ ප්‍රෙම සම්බන්ධය හෙළි වී සිදු වූ අලකලංචිය ඔබ සැම දන්නවා ඇතැයි සිතමි.
    මෙම ද්‍රවිඩ ජාතික කාන්තාව ගෙන් රජු ලද දායාදය නම් සිෆිලිස් නම් සමාජ රෝගයයි. මේ නිසා ම රජුගේ දරුවන් ඇතිකිරීමේ හැකියාව විනාශවිය.
    අවසන දී අන්තිම සිංහල රජු මිය යන්නේ තෘතියික සිෆිලිස් රෝගය උත්සන්න වීමෙනි.
    දත් කිඹුලටත් සිපිලිස් තියෙනවා.ඒක නිසා තමයි අපේ රජවරුන්ට මඩ ගහන්නේ.:lol: