විවිධ කතා අතර පළි ගැහීම ගැනත් මම අහපු දෙයක් ලියන්න හිතුන. රොබොට් අයිය ගෙන් අවසර එහෙනං.....!!!!
මම දන්න තරමින් පලි ගැහීම කරන්න ෆේමස් තැන් තුන හතරක් ලංකාවෙ තියනවා. සීනිගම දෙවොල් මහ දේවාලය එකක්.(මගේ අත්දැකීම මේ තැන එක්ක) තව අළුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය, පුත්තලම අනුරාධපුර මායිමේ මහ කැලේ මැද්දෑවෙ තියන කළු කම්බිළි දේවාලය, මුන්නේස්වරමේ කාළි කෝවිළ අනිත් තැන්. කළු කම්බිළි දේවාලය, මුන්නේස්වරමේ කාළි කෝවිළ යන තැන් වල පළි ගහන ක්රමවේදය මම දන්නේ නෑ.(දන්න උන් ඉන්නව නම් දාපල්ලා අපිටත් දැන ගන්න එක්ක) නමුත් අළුත් නුවර දැඩි මුණ්ඩ දේවාලයේ පලි ගහන්න ඕන කොන්ඩෙ ගොම ගාල, පනාවකින් ඒ ගොම පිරමින්, "මේ වරද මට කල උන් මෙහෙම පීරිලා යන්න ඕන" කියලලු.
සීනිගම දෙවෙල් මහ දෙවොලේ දේවාල දෙකක් තියනවා. මෙගොඩ දේවාලෙ සෙත් ශාන්ති වලට සහ දියඹ-අර මූද මැද දේවාලේ- පළි ගැහීම් වලට.
දියඹ දේවාලෙට යන්න තියන ගමන මරු!! ඔරුවක, ගල් ගෙඩි මැද්දෙන් යන්න තියෙන්නේ පැද්දි, පැද්දී. දියඹ දේවලෙන් බහින කොට ඔරුවෙන්, කරකවල අතෑරිය වගේ. මේ දේවාලේ කළු දුම් බැදුණු දේවාල ගෘහය තුළ තියනව පිළිම තුනක්. සූනියම් දේවතාවුන් ගේ, දෙවොල් දෙවියන් ගේ සහ දෙවොල් කුරුම්බිර යක්ෂයා කියන මහත්මයා ගේ!!! දියඹ දේවාලේ කපු මහත්තයා ගෙන් වග වාසගම් අහුවාම කිව්වේ කරන පැමිණිල්ල විභාග කරන්නේ සූනියම් දේවතාව සහ දෙවොල් දෙවියන්ලු! තීරණය ක්රියාත්මක කරන්නේ අර දෙවොල් කුරුම්බිර යක්ෂයා ලු!(ඒ කියන්නේ මේ සමාජෙ වගේම අපට නොපෙනෙන ලෝකයෙත් ලොකු ලොකු අය ගේම් දෙන්නේ පාතාලයන් හරහ කියන එක නේද රොබට් අයියේ?)
පිළිගැහීම කරන්න කලින් පහන් හදුන් කූරු පත්තු කරල තමන් ගේ යාදින්න දෙවොල් දෙවියන්ට කියන්න ඕන. පස්සේ කපු මහත්තයත් අපේ පැමිණිල්ල දෙවියන්ට යාදින්නක් වගේ කියනව. මේ වෙලාවෙදි පළිගැහීමට අඹරන මිරිස්, ගම්මිරිස්, සුදුළූණු, ඉගුරු සහ අබ තියන වට්ටියක් පළිගැහීම කරන කෙනා අතේ තබාගෙන ඉන්නවා.
යාදින්නෙන් පස්සේ ගරා වැටිච්ච දෙවොල් දෙවි පිළිමයක් තියනව එළියේ. ඒ පිළිමය ළග තියනවා සියවස් ගණනක් පරණ ඇඹරුම් ගලක්. එතනට ගිහින් කපු මහත්තයා නැවත යාදින්න කියන අතරේ අර කළමණා ඇඹරුම් ගලට දාල, තමන් ගේ පැත්තට නැතුව තමන් ගෙන් පිටට මේ දේවල් ඇඹරිලා යන්න අත් ගලකින් කොටන්න වෙනවා. ඒකෙදි කරන්නේ මට වරද කළ උන් මෙසේ ඇඹරී, කුඩුවී, කෙළ වී පලයන් කියන පැතුමක්.
දැන් මං අහපු කතාව.
මගේ මුත්තා, අම්ම ගේ සීයා, ඕවිටක වවල තියනව දෙල් පැල වගයක්. බට ගස් වගේ හැදි ගෙන ආපු මේ ගස් ටික දවසක් මුත්ත ඕවිටට යනකොට කවුද පාහරයෙක් මුලින් ම කපල දාල තිබුණු ලු. මුත්ත ඉහිලුම් නැතුව අපේ ගමට අල්ලපු ගම වන සීනිගම දේවාලෙට ගිහින් ඇඹරුව ලු මිරිස්. වරු තුන යන කොට පොරක් එනවලු අසූචි මුට්ටියක් ඔළුව උඩ තියයාගෙන,ලියන මහත්තයෝ බුදු මහත්තයෝ මමයි දෙල්ගස් කැපුවේ කිය කිය සිහි පරාද නැතුව, පිස්සුවෙන් වගේ කියව කියව. පස්සේ පොර දොවොල් දේවාලෙටම ගෙනිහින් ඇප නූලක් දාල, පූජාවට්ටි තියල ලු පිස්සුව නතරකර ගත්තේ.
මට කෙළවන්න ආපු එකෙකුටත් මම ඇඹරුවා.වෙච්ච දේ පස්සේ ලියන්නම්.
![]()
මගෙනං වැඩි විස්වාසයක් නෑ ඕව ගැන







පස්සෙ කට්ටඩි සෙට් එකක් ගෙනල්ල බැලුව ඒත් උන්ටත් මුකුත් කරගන්න බැරි වුනා, උනුත් බයේ මාරුවුනා, කොහොමහරි අපේ අලුත් ගෙයක් හදල ඒකට බහිරව පූජා/ලක්ශ්මි පූජාවක් කරන්න ඉන්දියාවෙන් වැල්ලවත්ත් කෝවිලට ආපු පූසාරි වරු කට්ටයකට ඔය සීන් එක මම කිව්ව, කිව්ව කියන්නෙ ට්රාන්ස්ලේට් කරන එකාට කිව්වහම පොර පුසාරි ලොක්කට සීන් එක කිව්ව, පස්සෙ අරූත් ෆ්රී වුනහම පූසාරි සෙට් එකයි අපියි ගියා අර ගෙදරට, මම ඉතින් කෝකටත් තෛලය කියල වාහනේට වෙලා පාරෙ හිටිය 
හොදි ඕනෙ නෑ



......... සමහරුන්ගෙ විස්තරනම් උන් ලඟ නෑ