එළකිරි භූත කොටුව.........

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    විවිධ කතා අතර පළි ගැහීම ගැනත් මම අහපු දෙයක් ලියන්න හිතුන. රොබොට් අයිය ගෙන් අවසර එහෙනං.....!!!!

    මම දන්න තරමින් පලි ගැහීම කරන්න ෆේමස් තැන් තුන හතරක් ලංකාවෙ තියනවා. සීනිගම දෙවොල් මහ දේවාලය එකක්.(මගේ අත්දැකීම මේ තැන එක්ක) තව අළුත් නුවර දැඩි මුණ්ඩ දේවාලය, පුත්තලම අනුරාධපුර මායිමේ මහ කැලේ මැද්දෑවෙ තියන කළු කම්බිළි දේවාලය, මුන්නේස්වරමේ කාළි කෝවිළ අනිත් තැන්. කළු කම්බිළි දේවාලය, මුන්නේස්වරමේ කාළි කෝවිළ යන තැන් වල පළි ගහන ක්‍රමවේදය මම දන්නේ නෑ.(දන්න උන් ඉන්නව නම් දාපල්ලා අපිටත් දැන ගන්න එක්ක) නමුත් අළුත් නුවර දැඩි මුණ්ඩ දේවාලයේ පලි ගහන්න ඕන කොන්ඩෙ ගොම ගාල, පනාවකින් ඒ ගොම පිරමින්, "මේ වරද මට කල උන් මෙහෙම පීරිලා යන්න ඕන" කියලලු.

    සීනිගම දෙවෙල් මහ දෙවොලේ දේවාල ‍දෙකක් තියනවා. මෙගොඩ දේවාලෙ සෙත් ශාන්ති වලට සහ දියඹ-අර මූද මැද දේවාලේ- පළි ගැහීම් වලට.
    දියඹ දේවාලෙට යන්න තියන ගමන මරු!! ඔරුවක, ගල් ගෙඩි මැද්දෙන් යන්න තියෙන්නේ පැද්දි, පැද්දී. දියඹ දේවලෙන් බහින කොට ඔරුවෙන්, කරකවල අතෑරිය වගේ. මේ දේවාලේ කළු දුම් බැදුණු දේවාල ගෘහය තුළ තියනව පිළිම තුනක්. සූනියම් දේවතාවුන් ගේ, දෙවොල් දෙවියන් ගේ සහ දෙවොල් කුරුම්බිර යක්ෂයා කියන මහත්මයා ගේ!!! දියඹ දේවාලේ කපු මහත්තයා ගෙන් වග වාසගම් අහුවාම කිව්වේ කරන පැමිණිල්ල විභාග කරන්නේ සූනියම් දේවතාව සහ දෙවොල් දෙවියන්ලු! තීරණය ක්‍රියාත්මක කරන්නේ අර දෙවොල් කුරුම්බිර යක්ෂයා ලු!(ඒ කියන්නේ මේ සමාජෙ වගේම අපට නොපෙනෙන ලෝකයෙත් ලොකු ලොකු අය ගේම් දෙන්නේ පාතාලයන් හරහ කියන එක නේද රොබට් අයියේ?)

    පිළිගැහීම කරන්න කලින් පහන් හදුන් කූරු පත්තු කරල තමන් ගේ යාදින්න දෙවොල් දෙවියන්ට කියන්න ඕන. පස්සේ කපු මහත්තයත් අපේ පැමිණිල්ල දෙවියන්ට යාදින්නක් වගේ කියනව. මේ වෙලාවෙදි පළිගැහීමට අඹරන මිරිස්, ගම්මිරිස්, සුදුළූණු, ඉගුරු සහ අබ තියන වට්ටියක් පළිගැහීම කරන කෙනා අතේ තබාගෙන ඉන්නවා.
    යාදින්නෙන් පස්සේ ගරා වැටිච්ච දෙවොල් දෙවි පිළිමයක් තියනව එළියේ. ඒ පිළිමය ළග තියනවා සියවස් ගණනක් පරණ ඇඹරුම් ගලක්. එතනට ගිහින් කපු මහත්තයා නැවත යාදින්න කියන අතරේ අර කළමණා ඇඹරුම් ගලට දාල, තමන් ගේ පැත්තට නැතුව තමන් ගෙන් පිටට මේ දේවල් ඇඹරිලා යන්න අත් ගලකින් කොටන්න වෙනවා. ඒකෙදි කරන්නේ මට වරද කළ උන් මෙසේ ඇඹරී, කුඩුවී, කෙළ වී පලයන් කියන පැතුමක්.

    දැන් මං අහපු කතාව.

    මගේ මුත්තා, අම්ම ගේ සීයා, ඕවිටක වවල තියනව දෙල් පැල වගයක්. බට ගස් වගේ හැදි ගෙන ආපු මේ ගස් ටික දවසක් මුත්ත ඕවිටට යනකොට කවුද පාහරයෙක් මුලින් ම කපල දාල තිබුණු ලු. මුත්ත ඉහිලුම් නැතුව අපේ ගමට අල්ලපු ගම වන සීනිගම දේවාලෙට ගිහින් ඇඹරුව ලු මිරිස්. වරු තුන යන කොට පොරක් එනවලු අසූචි මුට්ටි‍යක් ඔළුව උඩ තියයාගෙන,ලියන මහත්තයෝ බුදු මහත්තයෝ මමයි දෙල්ගස් කැපුවේ කිය කිය සිහි පරාද නැතුව, පිස්සුවෙන් වගේ කියව කියව. පස්සේ පොර දොවොල් දේවාලෙටම ගෙනිහින් ඇප නූලක් දාල, පූජාවට්ටි තියල ලු පිස්සුව නතරකර ගත්තේ.

    මට කෙළවන්න ආපු එකෙකුටත් මම ඇඹරුවා.:growl::growl: වෙච්ච දේ පස්සේ ලියන්නම්.:yes::yes:

    මගෙනං වැඩි විස්වාසයක් නෑ ඕව ගැන :no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙනං වැඩි විස්වාසයක් නෑ ඕව ගැන :no:
    මමත් විශ්වාස කලේ නැ කලින් කලින්...මමත් හම්බ ‍අපෝහක භෞතිකවාදියා.......
    නමුත් අත්දැකීම් සමග මෙහෙම දේවල් තියනව කියල තේරුණා......
    තෝ මේ තාම පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි හිච්චි එකා.....:angry::angry:
    පොර ටෝක් නොදි හිටු.....!!!!:angry::angry::P:baffled:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මමත් විශ්වාස කලේ නැ කලින් කලින්...මමත් හම්බ ‍අපෝහක භෞතිකවාදියා.......
    නමුත් අත්දැකීම් සමග මෙහෙම දේවල් තියනව කියල තේරුණා......
    තෝ මේ තාම පොල් කට්ටක් පිරෙන්න හුජ්ජ කරගන්න බැරි හිච්චි එකා.....:angry::angry:
    පොර ටෝක් නොදි හිටු.....!!!!:angry::angry::P:baffled:

    කවුද ඩෝ පොඩි :angry::angry::angry::angry::frown::growl:
    අත්දැකීම් නැතුව විස්වාස කොරන්ට බෑ :P
     
    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    මේක නොකියවා ඉන්ඩ බැ බන්... වැඩ ඇරිලා අපු හැටියේ කරන්නේ බූත කොටුව් ඔපෙන් කරන එක හේ හේ.. මේ කරදර අස්සේ මේ වගේ එකකින් හිත වෙන අතකට යව ගන්න එකත් මර සැනසීමක් බන්... ( ටිකක් බය වෙනවා නම් තමය්)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද ඩෝ පොඩි :angry::angry::angry::angry::frown::growl:
    අත්දැකීම් නැතුව විස්වාස කොරන්ට බෑ :P
    තොට අත්දැකිම් නැත්තං තෝ පොඩි තමා........!!:P:P
    අපි වයෝවෘධ, ඥාණවෘධ ඈයො........!!:yes::yes:
    ඒක නිසා පනින්නේ නැතුව හිටු, දෙන දේ කාල, වෙන දේ බලං....!!!!:angry::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොට අත්දැකිම් නැත්තං තෝ පොඩි තමා........!!:P:P
    අපි වයෝවෘධ, ඥාණවෘධ ඈයො........!!:yes::yes:
    ඒක නිසා පනින්නේ නැතුව හිටු, දෙන දේ කාල, වෙන දේ බලං....!!!!:angry::angry:

    මං පොඩි නෑ ඩෝ :angry::angry::angry::growl:

    පුහ් :P

    :growl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේකනං කතාවක් නෙවෙයි නිකන් සීන් එකක්

    අපේ යාලුවෙක් ඉන්නව ටිකක් ලොකු ජොබ්ස් එකක් කරල ෆන් එකේ ජීවත්වෙන, පොර අවුරුදු දෙක තුනකට කලින් ගෙයක් ගත්ත, අරගෙන ටික දවසක් යනකොට හැමදාම රෑට අංකල් කෙනෙක් හොල්මංකරනවලු, බෙල්ල මිරිකන්න හදනව, එහෙන් උගෙ බල්ලො ලෙඩ වෙනව, සමහර බල්ලො නිකන් යකෙක් දැක්ක වගේ බයවෙලා දුවනව වගේ සීන් ගොඩයි, මූටත් ඉතින් හෙන අප්සට්, අපේ උන්ට කිව්ව මේ සිණ් එක, අපේ 6x4 බුවාල කිව්ව අපෝ ඕව බොරු බන් තොට පිස්සු වරෙන් යන්න කියල, ඔය ගිය එකෙක්ගෙ බෙල්ල මිරිකන්න අර අංකල් බුවා ඇවිල්ල බාත් රූම් එකේදි :P අරූගෙ කෑගැහිල්ල සද්දෙට අනිත් එකාත් මාරුවෙලා :lol: පස්සෙ කට්ටඩි සෙට් එකක් ගෙනල්ල බැලුව ඒත් උන්ටත් මුකුත් කරගන්න බැරි වුනා, උනුත් බයේ මාරුවුනා, කොහොමහරි අපේ අලුත් ගෙයක් හදල ඒකට බහිරව පූජා/ලක්ශ්මි පූජාවක් කරන්න ඉන්දියාවෙන් වැල්ලවත්ත් කෝවිලට ආපු පූසාරි වරු කට්ටයකට ඔය සීන් එක මම කිව්ව, කිව්ව කියන්නෙ ට්‍රාන්ස්ලේට් කරන එකාට කිව්වහම පොර පුසාරි ලොක්කට සීන් එක කිව්ව, පස්සෙ අරූත් ෆ්‍රී වුනහම පූසාරි සෙට් එකයි අපියි ගියා අර ගෙදරට, මම ඉතින් කෝකටත් තෛලය කියල වාහනේට වෙලා පාරෙ හිටිය :P පැය දෙකතුනකට පස්සෙ කට්ටිය ඔන්න ආව, පස්සෙ මම අරූගෙන් සීන් එක ඇහුවහම් කියනව පූසාරි ලොක්ක කිව්වලු ඒ ගෙදර හදන්න කලින් තිබ්බ ගෙදර අයිති අංකල් බුවා ඉඩමට තියෙන තන්හාවට ඕකෙ රිංගන් ඉන්නවලු, ඒ මදිවට පොරගෙ මැරිච්ච බලු තඩියත් ඒක අස්සෙලු, පොරට මොකක්ද යන්තරයක් දාල කරල ඇවිල්ල, දැන් ඌට අංකල්ගෙන් එහෙම කරදරයක් නැහැලු, බල්ලොත් සැපෙන්ලු, ඒත් අපි නං යන්නෙ නෑ පැත්ත පලාතෙ :lol: මොකද අපිට යන්තර දාල නෑනෙ
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    Aiye matath kiyannako oya rusiyawata giyapu kramawdaya..

    රුසියාවට ගියේ දන්න කියන කෙනෙක් මාර්ගයෙන්..... ඒත් ඌ උඹලට රෙකමන්ඩ් කරන්න තරම් හොඳ කෙනෙක් නෙමෙයි:baffled:...... (හිතන්න එපා පරකමට විස්තරේ දෙන් නෑ කියල :no::no:) විහින් අමාරුවෙ වැටෙන්න ඕනනම් මට පිම් එකක් දාන්න..... එඩ්‍රසුත් එක්කම විස්තරේ දෙන්නම්;)

    :frown:රොබොට් අයියා
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    @ රොබොට් අයියා.....

    අපේ අම්මල කොහෙද තැන දෙක තුනකට ගිහින් සාත්තර දෙක තුනක් අහපුහම කියල තියෙන්නේ. තව එකපාරට අම්මව ගොඩක් ලෙඩ උනා. මගේ අහිංසක අම්ම. කාටවත් කරදරක් කරන්නෙත් න. ගොඩක් අසනීප උනා. හොස්පිටල් එකේ නවත්තල ඉන්නකොට හේතුවක් නැතුව එක පාරට සිහි නැතුව ගිහින් වැටිලා දොර යටින් ලේ යද්දී තමය් නර්ර්ස් ල දැකල තියෙන්නේ. අම්මව නතර කරලා ඇදුම් අරන් එන්න ගෙදරට ගිහින් එන ටිකට. අම්ම කියන මොනවා උනාද දන්නේ නළු , ගොඩක් බය හිතුනලු icu එකේ හිටිය ගොඩක් අමාරු උනා. ගෙදර පොඩි දේටත් රැඳු වෙනවා. දැන් නම් අම්මට ටිකක් හොදි එත් කරදර තියෙනවා . අනේ මන්ද රොබෝට් අය්යේ... මට මේ නීච කුල sean එක ගැන ඔය දන්නා දේවල් කියන්නකෝ... කොහොමද මේක කපන්නේ ? කොහොමද මේක කරන්නේ ? අපේ අල්ලපු ගෙදර සිය අපිත් එක්ක ගොඩක් තරහි. අපේ සියලගේ කලේ උනා දේවල් වලට. තාත්ත කියන්නේ එයාලු මේක කරලා තියෙන්නේ :(

    සාස්තර කාරයෝ නම් 99.99%ක්ම දැන් හොරු ඉන්නෙ..ඒක හින්ද ඒව විශ්වාස කරන්න නම් යන්න එපා ඕනෑවට වැඩිය. අපේ ගම් පළාත මාතර උනාට..මාතරත් දැන් ගොඩක්ම ඉන්නෙ හොර කට්ටඩියෝ..මාත් ඔය සාස්තර කියන පොට් කිහිපයකටම ගිහින් තියෙනව අම්මලත් එක්ක. අම්මල ගිහින් බලං හිටිය වගේ කියවෙන සාස්තර මට කියවෙන්නෙ නැහැ.හොර සාස්තර කාරයෝ අල්ලන්න පුළුවන් එකම විදිය තමා "ගොබ්බයෙකු" සේ සාස්තරය අසා සිටීම, මුහුණෙන්,ඇස් වලින්, කිසිම ආකාරයකින් හැඟීමක් ප්‍රකාශ නොවෙන ආකාරයට මොනදේ කීවත් ගොබ්බයෙක් වගේ ඉන්න පුලුවන්නම් හොර සාස්තර කාරයොන්ට සාස්තරේ කියාගන්න බැරුව යනවා..හිර වෙනවා..කොර වෙනවා :baffled::P

    මම නම් එතෙක් මෙතෙක් ගියපු හැම එකාම මට සාස්තර කියද්දී හිර වෙනවා...අපේ අම්මල මට බනින්නේ මං හොර අල්ලන්න යන හින්ද මට ඒව කියවෙන්නෙ නෑ කියල.:lol:
    ඒකෙන් කියන්නෙ නෑ ඕව බොරුයි කියල.:no:

    ඒත් අදකාලේ බහුතරයක් කරන්නෙ ව්යාපාරයක්නේ..ඒක හින්ද නිකන් අනම් මනං ඔලුවට දාගන්න එපා, හිතට විසක් ඇතුල් උනොත් ඒක තමා ලොකුම කොඩිවිනය.

    උඹේ ප්‍රශ්නෙට හොඳ කට්ටඩියෙක් හොයනවා කියන්නෙ කළුනික හොයනවා වගේ වැඩක්:baffled:
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    මචන් මේ ගුරුකම්,කොඩිවින වගේ වැඩ ඇත්ත නම් ප්‍රභාකරන් වගේ ම්නිහෙක්ව මෙච්චර කල් මරන්න බැරි වුනේ ඇයි කියල හිතෙනව :yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මගෙනං වැඩි විස්වාසයක් නෑ ඕව ගැන :no:
    ඕව ඇත්ත බන්, මම නං දැකල නෑ ඒත් ගම් වල ඔය සීන් තියෙනව, මම ඇහැට දැක්ක එකම සීන් එකයි ඒකත් හොල්මන් නෙවෙයි, යම් තැනක :P නිධානයක් තියෙන පොට් එකක් තියෙනව, එතන ඇතුලට ගියහම යම් යම් සංකේත තියෙන තැනක් සෙට් වෙනව, ඒක පාස් කරල පොඩ්ඩක් ඇතුලට යනකොට මායිම් ගල් දෙකක් සෙට් වෙනව, එතන තියෙන වැල් වලට කියන්නෙ "පොඩි සිඤ්ඤො මරං" කියලලු, මොකද ඔය වැල් ඇනිල පොඩි සිඤ්ඤො කියල පොරක් ලෝං ටයිම් අගෝ මැරිල තියෙනව, ඔය මායිම් ගල් දෙක පාස් කරල වැල් යටින් යන්න තියෙන තැනට අපි කාටවත් යන්න බෑ, එතන්ට ආපු ගමන් ස්නේක් තඩියෙක් එනව පෙනේ පුප්පගෙන, අපි එතනට ගියා නයාවත් දැක්ක :dull: හොදි ඕනෙ නෑ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕව ඇත්ත බන්, මම නං දැකල නෑ ඒත් ගම් වල ඔය සීන් තියෙනව, මම ඇහැට දැක්ක එකම සීන් එකයි ඒකත් හොල්මන් නෙවෙයි, යම් තැනක :P නිධානයක් තියෙන පොට් එකක් තියෙනව, එතන ඇතුලට ගියහම යම් යම් සංකේත තියෙන තැනක් සෙට් වෙනව, ඒක පාස් කරල පොඩ්ඩක් ඇතුලට යනකොට මායිම් ගල් දෙකක් සෙට් වෙනව, එතන තියෙන වැල් වලට කියන්නෙ "පොඩි සිඤ්ඤො මරං" කියලලු, මොකද ඔය වැල් ඇනිල පොඩි සිඤ්ඤො කියල පොරක් ලෝං ටයිම් අගෝ මැරිල තියෙනව, ඔය මායිම් ගල් දෙක පාස් කරල වැල් යටින් යන්න තියෙන තැනට අපි කාටවත් යන්න බෑ, එතන්ට ආපු ගමන් ස්නේක් තඩියෙක් එනව පෙනේ පුප්පගෙන, අපි එතනට ගියා නයාවත් දැක්ක :dull: හොදි ඕනෙ නෑ

    ඉතින් ඔය කතාවත් දාපන්කෝ :)

    විස්වාස කරන්න අමාරුයි ඔය වගේ දේවල් එත්
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹ කියපු ටික හරියටම හරි......

    සාස්තර කාරයෝ නම් 99.99%ක්ම දැන් හොරු ඉන්නෙ..ඒක හින්ද ඒව විශ්වාස කරන්න නම් යන්න එපා ඕනෑවට වැඩිය.
    උඹ කියපු ටික හරියටම හරි......:love::love::love:

    උඹල ලංකාවෙ ඉන්න නිසා පොඩි වැඩක් බාරදෙන්න හිතුනා....... මම ගොඩක් කලකට ඉහත බම්බලපිටියෙ පැල්මයුරා ඇවනිවු වල තිබුන නාඩි කියවන ඉන්දියන් කාරයො ටිකකින් මාගැන අසා දැනගත්තා......... උන් මගේ අම්ම තාත්තගේ නම් පවා හරියට කිවුව...... සිද්ද වුන..... දැන් සිද්දවෙන දේවල් ඔක්කෝම ටක්කෙටම හරි....... ඒත් මට පොඩි ප්‍රශ්ණයක් තිබුන...... මුන් ඔය ඔක්කෝම කියවන්නෙ පත් ඉරුවක් බලාගෙන..... ඒක ලියල තියෙන්නෙ දෙමලින්...... මට මේ දේ හරියටම ලියල තියෙනවද කියල හොයාගන්න දෙමළ යාලුවෙක් ඒ කාලෙ හිටියෙ නෑ..... පුලුවන් නම් ඒ දේ හොයල බලලල මට කියපල්ලා.... එක චැප්ටර් එකකට ඒකාලෙ 500/=ක් ගත්ත...... හැබැයි පට්ට.....;):cool::cool:

    ඔය අර නමේ මුල් අකුරු එහෙම හොයාගෙන නම හදාගෙන එහෙම කියන සීන් ඒක නේද? මට මතක හැටියට අපේ තාත්තත් ගියා..මතක හැටියට කියන දේවල් රෙකොර්ඩ් කරලා කැසට් එකකුත් දුන්න වෙන්න ඕන. ඒත් තාත්තගේ හිතට නම් පොට් එක අල්ලලා නැහැ..උන්ට තාත්තගේ නම හොයාගන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙලා..හැබැයි සමහරු ගැන ඔය නාඩි සීන් එකෙන් කියන්නත් බැරිලු..ඒකෙ ලියවිලා නැති අය ගැන එහෙම...

    පොඩ්ඩක් හොයල බලන්නම් ආයෙම :D
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    රෝබෝට්‌ අයිය කතාවක් දානවද නැද්ද :frown:
    කතාවක් දැම්මේ නැත්තන් තොට මම පිල්ලියක් එවනවා :growl:

    මේදවස්වල හිත එකලස් නැත......කට්ටිය එක්ක දුරු රටකට යන්නත් ඇත:love::love:...... ඉතින් කතා නැත....... ඉක්මනින් එකක් කොටන්නම්...... එතකන් දන්න උන් කතා කොටපල්ලා...........

    කට්ටියට පුලු පුලුවන් විදියට උත්තර දැම්ම කියල හිතනව..... අලුත් විස්තර දාන "හොරාටත්" ස්තූතියි;)

    මම ගියෝ....

    :frown:රොබොට් අයියා.......
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේදවස්වල හිත එකලස් නැත......කට්ටිය එක්ක දුරු රටකට යන්නත් ඇත:love::love:...... ඉතින් කතා නැත....... ඉක්මනින් එකක් කොටන්නම්...... එතකන් දන්න උන් කතා කොටපල්ලා...........

    කට්ටියට පුලු පුලුවන් විදියට උත්තර දැම්ම කියල හිතනව..... අලුත් විස්තර දාන "හොරාටත්" ස්තූතියි;)

    මම ගියෝ....

    :frown:රොබොට් අයියා.......

    උඹ මට දාපු පලවෙනි රෙප්ලයි එක :P

    එල එල ඉක්මනට කතාවක් දාපන් කෝ :)

    ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කන්නෝ :D
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ඔය අර නමේ මුල් අකුරු එහෙම හොයාගෙන නම හදාගෙන එහෙම කියන සීන් ඒක නේද? මට මතක හැටියට අපේ තාත්තත් ගියා..මතක හැටියට කියන දේවල් රෙකොර්ඩ් කරලා කැසට් එකකුත් දුන්න වෙන්න ඕන. ඒත් තාත්තගේ හිතට නම් පොට් එක අල්ලලා නැහැ..උන්ට තාත්තගේ නම හොයාගන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙලා..හැබැයි සමහරු ගැන ඔය නාඩි සීන් එකෙන් කියන්නත් බැරිලු..ඒකෙ ලියවිලා නැති අය ගැන එහෙම...

    පොඩ්ඩක් හොයල බලන්නම් ආයෙම :D

    හරියටම හරි:D....... මට තිතටම කියපු නිසා අපේ පවුලෙ ඔක්කෝම වෙන වෙනම හොරෙන් ගියා:D...... ඔක්කෝටම ටක්කෙට කිවුව...... මගේ ලඟ කැසට් එක තාම තියෙනව:rofl:......... සමහරුන්ගෙ විස්තරනම් උන් ලඟ නෑ:no:..... වෙලාවට අපේ තිබුන.... පට්ටම පට්ටයි

    :frown:රොබොට් අයියා....
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    මචන් මේ ගුරුකම්,කොඩිවින වගේ වැඩ ඇත්ත නම් ප්‍රභාකරන් වගේ ම්නිහෙක්ව මෙච්චර කල් මරන්න බැරි වුනේ ඇයි කියල හිතෙනව :yes:
    :yes::yes::yes:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹ මට දාපු පලවෙනි රෙප්ලයි එක :P

    එල එල ඉක්මනට කතාවක් දාපන් කෝ
    :)

    ගමන සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කන්නෝ
    :D

    අඩෝ:angry::angry::angry::angry:....... එහෙම කියන්න එපා මචන්:no::no:.....මට පුලුපුලුවන් විදියට කට්ටියටම රිප්ලයි කරනව:)..... පේනව නේ කට්ටිය අහල තියෙන ඒව.... එක එකා එක එක දේවල් අහන්නෙ...... වෙලාව සෙට් වුන ගමන් වැඩියෙන්ම කරන්නෙ අහල තියෙන ප්‍රශ්ණ වලට උත්තර දීල කමෙන්ට්ස් දාපු උන් ඔක්කෝටම ස්තූති කරන එක.......

    ප්‍රශ්නයක් අහල රෙප්ලයි කලේ නැත්නම් සොරි වෙන්න ඕන...... ටච් එකේ හිටපන් මචන්..... දෙන සහයෝගයට උබල ඔක්කෝටම ස්තූතියි........:love::love:

    :frown:රොබොට් අයියා......