සුන්දර ගීයක ඇරබුම,..

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මේකයි මචන් අපි දැන් මේකට අදාල මෑන් කවුද කියල නොකිව්වට දන්නවනේ... ඉතින් මෙන්න මෑන් රන්ඩු කලේ නෑ ගේ දාල ගියා හොදටම බොනව ඉදල හිටල තමා ගෙදර එන්නෙ... ඒ එන්නෙත් දුව බලල යන්න... දැන් ගෑනිටත් වැඩේ තේරුණා මිනිහට බඩු ආරන්චිවෙලා කියල.... ඒත් මොනව කරන්නද මිනිහ එන්නෙ නෑ.
    ඒක නෙමෙයි ප්රවශ්ණෙ දුව... දුව තාත්තට හරිම ලෙංගතුයි... දුවට සාංකාව වගේ... වෙනද වගේ ඇක්ටිව් නෑ... ගේටුටව ලගමයි තාත්ත එයි කියලා... සෙල්ලම් කරන්නෙත් නෑත.... ඉතින් මේ සිද්ධිය මූලික කරගෙන හැදුනා ගීතයක්...

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර

    වැලි පොල්කටුයි හැදි වෑයයි පෙරලාලා
    මිදුලේ වැටුන කොළ සේරම අතුගාලා
    ගේ ලග වැට කඩුල්ලට බැරි බර දීලා
    රෑ එලිවෙන තුරා ඉමු මිදුලට වීලා

    හද මාමා නැගෙන තුරු අපි තරු ගනිමු
    දෙදෙනාම දුකු තල් අත්තක ලියමු
    හද මාමා අත ඒ පණිවුඩ යවමු
    හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉදිමු

    මා එක්කලා අමනාප වී දඹර
    දූගේ තාත්තා එන්නේ නෑහැ ගෙදර


    අදට ඇති ඉතිරිටික හෙට දෙන්නම් උඹලට රස විදින්න... කැමතිනම් කමෙන්ට් එකක් දාල තියපල්ල කොල්ලනේ..... ජයවේවා....!


    නියමයි සහෝ... හෙට බලන් ඉන්නව උබ ට්‍රෙඩ් එක උප් ලෝඩ් කර්නකම්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලොල්.... විශ්ව විද්‍යාලයේදි අපිම පර්යේෂණ කරල ලියන පොත් බං... ඒව කොහෙද අපිට දෙන්නෙ....

    පුලුවන් කමක් තියනවනම්... මට ඔය පොත් සෙට් එකේ කොපි සෙට් එකක් හරි ඩීපන් කොයාලු.. වියදම් මම දරන්නම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඉදිරියේදී බලාපොරොත්තුවන්න......

    ආදර සැමරුම් කැටිවූ - නෙතුකදුලින් මුතු පබොලින්
    නිමා කලෙමි සිහිවටනය - යමුනාතීරේ.........

    පෙරුම්පුරාගෙන ආ සංසාරේ - පැතුමද සුනුවිසුනුව වැටුනේ

    චන්ද්රප මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ

    එදාමෙදා තුර කදුලට විවරව

    සහ තවත් ගීත කිහිපයක්
    අමතක උනොත් මේ සින්දු මතක්කරපල්ලා.....
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මා ඇසු කතාව

    ප්‍රේම කීර්ති ගොඩක් සිගරට් බොන කෙනෙක්ලු. දවසක් ඇතිඋන හිසරදයක් නිසා වේලාසන රැකියාවෙන් වේලාසන නිවසට එන්න පිටත් උන ඔහු නිවස ආසන්නයෙ ඇති කඩයට ගොස් සිගරට් පැකට් එකක් අරන් නිවසට එන්න පිටත් වන විට කඩයේ හිමිකරු මෙසේ කියා ඇත. මහත්තය දැන්ම යන් නෙපා. මෙතනට වෙලා ටික වෙලාවක් ඉදල යන්න. එහෙම කියන්න හෙතුව විමසුවාම කඩයේ හිමිකරු කියා තිබුනෙ මහත්තයටමයි දැන්ම ගියාම හොද නැත්තෙ. එක නිසා මෙතනට වෙලා ඉදල යන්න කියල.
    මෙතන මොකක් හරි ඇති යඉ තේරුනු ප්‍රේම කීර්ති නිවස ආසන්නයට ගොස් වැඩ අරින වෙලාව කිට්ටු වෙන තෙක් බලා සිට ඇත.
    දකින්න ලැබුනෙ නිවසෙ දොරින් තම බිරිදගෙ අත අල්වා එලියට එන අසල් වාසි මිනිහෙක්ය.
    මේ බව දැක්ක බව නොපවසා වෙනද නිවසට යන වේලාවට ගිය ඔහු තමන්ගෙ කාමරය වැදී ලියු සින්දුව තමයි
    සද කැන් වැසිලා
    ඉන් පසු විවාහයෙන් දික් කසාද උනු ඔහු නැවත විවාහයක් කරගෙන ඇත.

    අපි නම් මෙහෙම සින්දු ලියාවිද??
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඈත හිමගිර නිමවු අරණේ...
    සීත චංචල ලපළු හෙවනේ.....

    මේ ගීතයේ තියෙන විශේෂත්වය දන්නවද උඹලා.....

    ne machan. Dhaanna. e wahema Mea Nagaraya eketh eka dhanna
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් මම එළකිරි කොල්ලො නිසයි මේව දැම්මෙ... උඹ දන්නවද මේව හොයන්න අපි කොච්චර කට්ටක් කනවද කියල.... ඒක නිසා විශ්ව විද්‍යාලවලින් මේව ලයිබ්‍රි එකෙන් එළියටවත් ගන්න දෙන්නෙ නෑ.... අනික වැඩිමණක් අපි දැනගන්නෙ ඒවගෙන් නෙමෙයි මොකද ඒවගෙ හැම තැනම වගේ තියෙන්නෙ එකම ගීත දෙක තුනක්.... පර්යේෂණයේදී ඔය පුද්ගලයො හෝ සම්බන්ධ අය මුණගැහුනම තමා වැඩිපුර දැනගන්නෙ.... කොහොම උනත් මම උඹට මොනව හරි කරන්න උත්සාහයක් දරන්නම්...



    එහෙමද සීන් එක.. කමක් නෑ බන්..මම ඔච්චර දෙයක් දන්නෙ නෑ.. සිතූති මච්න් ඕව මෙතෙන දානවට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ne machan. Dhaanna. e wahema Mea Nagaraya eketh eka dhanna

    ඔය කඩචෝරු ගීත ගැනනම් මම අහල නැති නිසා දන්නෙ නෑ... ගොඩක් අය කරපු පර්යේශණ වලට අනුව සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය මේක.... හන්සය කුමාරිකාවට රජ කුමාරයගෙ ලස්සන තමා ඔය කියන්නෙ... කතාව පසුව කියන්නම්...

    දැන් අපේ කොල්ලො ටික පාඩම් කරගනියවු මේක... මොකද අපිට කියල තියෙන්නෙ මේ ගීතය විතරළු... මේක කිව්වෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහානාම කියන මහාචාර්යතුමා...

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ...

    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    ලදැළියන්ගේ හීන අතරේ
    මැවෙයි ඒ රූපේ...

    ඈත කඳුකර..

    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ...
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ...

    ඈත කඳුකර...

    ගායනය - පණ්ඩිත් අමරදේව
    පද රචනය - මහගමසේකරයන්
    සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ne machan. Dhaanna. e wahema Mea Nagaraya eketh eka dhanna

    ඒ සින්දුවේ ලොකු වාදයක් තියෙනවා මචන් .... ගායකය එක අර්ථයකුත් රචකය තවත් අර්ථයකුත් තමා කියන්නෙ... කොහොම උනත් පසුව දාන්නම්....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය කඩචෝරු ගීත ගැනනම් මම අහල නැති නිසා දන්නෙ නෑ... ගොඩක් අය කරපු පර්යේශණ වලට අනුව සම්භාව්‍ය සිංහල සංගීතයේ තියෙන පිරිමියෙකු සම්පූර්ණයෙන්ම වර්ණනාකරන එකම ගීතය මේක.... හන්සය කුමාරිකාවට රජ කුමාරයගෙ ලස්සන තමා ඔය කියන්නෙ... කතාව පසුව කියන්නම්...

    දැන් අපේ කොල්ලො ටික පාඩම් කරගනියවු මේක... මොකද අපිට කියල තියෙන්නෙ මේ ගීතය විතරළු... මේක කිව්වෙ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහානාම කියන මහාචාර්යතුමා...

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු සෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ...

    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    ලදැළියන්ගේ හීන අතරේ
    මැවෙයි ඒ රූපේ...

    ඈත කඳුකර..

    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ළමැදේ මුස කරන්නේ
    හදේ මෝරන ආදරේ...
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරා ගී නිල් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ...

    ඈත කඳුකර...

    ගායනය - පණ්ඩිත් අමරදේව
    පද රචනය - මහගමසේකරයන්
    සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම

    :)+ උබ එල පොරක්නෙ:)
     
    • Like
    Reactions: chamikawp

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ආසම කරන මාතෘකාවක්.. රිෆෙරෙශ් කර් කර බලනව..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....

    ගායනය.... මාලනී බුලත්සිංහල


    මෙහි නිධාන කතාවට වඩා ගීතයේ ලස්සන අර්ථයක් ඇත.... හෙට දින මතක් කරපියෝ......
    මම මේ මට අමතකවෙයි කියල මේකෙ දාන්නෙ උඹලත් දන්න ඒව දාපල්ල... කමෙන්ට් දාපල්ල...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න ගීතය..... උඹල දන්න ගීතය... නිධාන කතාවක් කියල වැදගත් කතාවක් නෑ.... ගීතයේ සැගවුනු උපමා ඔස්සේ දෙන පණිවුඩයයි වැදගත්.... ට්‍රයි එකක් දාපල්ල බලන්න.......

    රන්කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරයයි.....
    පෙම් රැහැණින් බැද සිතුම් වසගකල ආදරයයි....