සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මචන්ල....
අපි කවුරුත් එකතුවෙලා වැඩක් කරමු... කට්ටිය හැමෝම දන්න දන්න විදියට මේ ගීතයේ අර්ථ රසය මවන් ට්‍රයි එකක් දාන්න බලන්න.

අහසින් තරුවක් කඩා වැටෙනවා
තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

අහසින් තරුවක්....

මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

අහසින් තරුවක්....

ගායනය.... මාලනී බුලත්සිංහල
 
DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    ..............................................................

    sasliit
    user_online.gif

    Senior Member

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    bouquet-flowers1.jpg

    ..............................................................

    jontyc

    Member
    Jan 9, 2009
    1,594
    209
    0
    39
    in LION'S Area
    කියන්න කිසිම දෙයක් නෑ , උපරිමයි විශිෂ්ටයි..
    දිගටම කරගෙන යන්න ,
    සින්දුව අහනවට වඩා අමුතු දෙයක් තියනවා අපි නොදන්න
    සුබපැතුම් !!!!
    RF0042.jpg

    :):):):):):):):):):):)
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    ammatasiri uba innawaada.. koheda gihin hitiye onna sinduwak dekak daala ethi... thawa ekak daanna mathak karamin inne aniwaaa daanawaaa kohomahari ubala wenuwen.....

    Poddak withara weda machan... Poddak newei godak weda... Akkage podi eka andanawa.... ithin eka digata log wenna amarui... raata nam elakiri... sorry comment karanna delay wunaata... ehemai kiyala thread eka nam maga ariye naa...:):)
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මචන්ල....
    අපි කවුරුත් එකතුවෙලා වැඩක් කරමු... කට්ටිය හැමෝම දන්න දන්න විදියට මේ ගීතයේ අර්ථ රසය මවන් ට්‍රයි එකක් දාන්න බලන්න.

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....

    ගායනය.... මාලනී බුලත්සිංහල

    Mehemai machan... hina wenna epa... Umba kiyana nisa mata hithena de daannam... habai man sinhala karalawath... sahithya rachakayekwath newei... ;-)

    Mata hithenne mehemai... kellata thama methandi hithe amaruwa... kolla kellagen wen wela... wena deegayak karaganna hadanawa... Kella duppath wenna athi... ekai kellage affair ekata kollage gedarin bara nare daala aththe... ekane kiyanne nokerena deege sewanallath adai kiyala...

    Dawal watuna wale ra watune nam moda kamada amnda...

    Kellage yaluwekmada manda kolla bandinna yanne...
    Paththini devi kiyanne kolla bandinna yana kellata wenna athi... Ohomai mata nam hithuwene..... :-)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ දත් කිඹූල සහෝදරය ගීතයක ඉතිහාසය මෙහි දාල ගොඩාක් හැගීම්බර උනා.....
    මේ ගීතයත් ඒවගේ... දිවයින පුවත්පතින් උපුටා ගැනීමක්

    අම්මා කෙනෙක්, බිරිඳක් වෙලා
    ලොව කාට හෝ නුඹ උරුමැතී
    සතුටින්ද ඔබ පෙරටත් වඩා
    මගේ ඉපැරණි පෙම්වතී

    මමද සැමියෙකි ඇයට අවනත
    දෙදරුවන් ළඟ නිවන සරතැස
    කාලයේ වැලි තලාවේ
    සබඳකම් සැඟ වුණාවේ

    අතරමඟ සුනුවිසුනු පැතුමක
    මතක මිහිරියි තාම හිත යට
    පරවුණත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ

    පද රචනය – රවී සිරිවර්ධන
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය – කරුණාරත්න දිවුල්ගනේ

    ”ප්‍රේමය” සොඳුරුමය. හිමි අහිමි වීම් අතරමැද සිනහා කඳුළු මෙන්ම විඳීම් සහ විඳවීම් සමඟ මුසුවී දැනෙන ප්‍රේමය තරම් මානවයා හට දැනෙන හැඟීමක් තවත් වේද යන්න සිතීම පවා අසීරුය. ප්‍රේමයෙන් උරුම වන වේදනාව වුවද, සොඳුරු වන්නේ එහෙයින්ය. අතීත පෙම් මල් පරවී ගියත් ඒ සුවඳ සිතේ රුවා ගෙන ජීවත් වෙන පෙම්වතුන් කොපමණ දෙනෙකු මේ ලෝකයේ සිටිනවා විය හැකිද? ඔවුන්ගේ සිත් ස්පර්ශ කරන සිතුවිලි ගී මුතු වැලකට අමුණා ගැයුණු විට එය මියුරු ගීතයක් වනු නොඅනුමානය.

    ගී පද රචනයේ හිමිකරු රවී සිරිවර්ධනය. රවී අප සමඟ මෙම ගී මුතු වැල ගැන සිය අදහස් පැවසුවේ මෙසේය.

    ”දශක කීපයක සිට ඒකාකාරීව දිවෙන අපගේ එකම සංගීත ප්රගකාශනය වන සරල ගීතයේ හැඩ රුව වඩාත් පුළුල් රූපාන්තරණයකට හසු විය යුතු යැයි මම හිතනවා. ඊට විවෘත මනසකින් කැප විය යුතුයි. සිංහල ගීත පදමාලා පිළිබඳව සලකා බැලීමේදී අද එහි කාව්යමමය ගුණය ශීඝ්ර යෙන් පරිහානියට යමින් පවතින අයුරු දැක ගැනීමට පුළුවන්.

    පද රචනයට සරු අරුත් කැඳවාගෙන එනවා වෙනුවට එය හරසුන් වචන සැරසිලිවලින් රිද්ම ගත කොට තෘප්තිමත් වන පිරිසක් බවට අද ගී පද රචකයන් පත් වෙලා. අරුත් සුන් ප්‍රේම විලාප, සල්ලාප වචන රාමුවෙන් මිදී ගී පද රචනයේ යෙදෙන්න මම හැම විටම වෑයම් දැරුවා.

    වියපත් පෙම්වතෙක් තම අතීත ප්‍රේමය ආවර්ජනය කරනා අයුරු තමයි මෙම ගීතයේ සංකල්පනාව පද රචනය කළේ. මේ අත්දැකීම හුඟක් පොදු එකක් කියලා මට දැනුණා. මේ ගී සංකල්පනාවේ ප්‍රකාශකයා සැමියෙක්. ඔහුට බිරිඳක් සිටිනවා. පෙර පෙම්වතියත් විවාහ වී ඇයට සැමියෙකු සිටිනවා. ඔවුන්ට දරුවන්ද සිටිනවා.

    මෙහිදී ඔවුන් සියලු දෙනාටම වින්දනය කළ හැකි විනයකින් යුතුව පෙම්වතාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට හැකි අයුරු මෙම ගීතයේ පද රචනය කිරීමට මම පරිස්සම් වුණා. ඊට ගීත ශ්‍රාවකයින්ගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙන නිසා මගේ කාර්යය සාර්ථක වී තිබෙනවා කියා මම විශ්වාස කරනවා.”

    දැන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන රවී සිරිවර්ධන, අපේ තරුණ ගීත පද රචක පරපුරේ දක්ෂතම ගී පද රචකයෙකි. “වසත් කාලය” නම් කෘතියට රාජ්‍ය සම්මාන ලත් රවී “ලාංකීය සංගීතයේ රෝහණ ලකුණ” (සමුද්රර වෙත්තසිංහ සමඟ) ග්ර න්ථයේත් කාව්යස ග්‍රන්ථ වන “නඟුල් තරුව“ සහ “පිළිසඳර” ග්‍රන්ථවලත් කතුවරයාය.

    “වසත් කාලය මනරම්” (දයාන් විතාරණ සමඟ නෙලූ අධිකාරී) – “ඔබෙ සුසුම් පවන් සලයි” (දයාන්) – “දෙවෙන්දොරාසං නිදන්න” (නන්දා මාලනී) – “නෙතු කඳුළු කඳුළු කඳුළු” (සුනිල් එදිරිසිංහ) – “රංචු ගැසෙන කොලු රෑනේ” (ජානක වික්ර්මසිංහ) වැනි ගීතලෝලී සිත්ගත් ගී රැසක පද රචකයා වන රවී සුභාවිත ගීතයට පෙම් බැඳි නිර්මාණකරුවෙකි.
     
    • Love
    Reactions: TonyMontana83

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Mehemai machan... hina wenna epa... Umba kiyana nisa mata hithena de daannam... habai man sinhala karalawath... sahithya rachakayekwath newei... ;-)

    Mata hithenne mehemai... kellata thama methandi hithe amaruwa... kolla kellagen wen wela... wena deegayak karaganna hadanawa... Kella duppath wenna athi... ekai kellage affair ekata kollage gedarin bara nare daala aththe... ekane kiyanne nokerena deege sewanallath adai kiyala...

    Dawal watuna wale ra watune nam moda kamada amnda...

    Kellage yaluwekmada manda kolla bandinna yanne...
    Paththini devi kiyanne kolla bandinna yana kellata wenna athi... Ohomai mata nam hithuwene..... :-)

    well try bro well try... u encourage me.. thanks...
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    ela ela machan ela.mama mekata bookmark ekakuth da ganawa.godak asawen okama kiyewa sasliit thankx machan.digatama karan yana
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හදිස්සියේ ඔළුව දාල යන්න ආවට දැක්කම නම් රිප්ලයි නොකර බැරියෝ.........!!!!!!

    මම පෞද්ගලිකව දන්න දෙයක්, ගීතයේ රචිකාව අපේ පවුලේ මිතුරියක් නිසා
    අසුරු සැනින් එක මොහොතක දී..............

    ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
    පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
    තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
    ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
    පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා................(ටිකක් ඉන්නනම්.....ස්ක්‍රීන් එක පේන්නේ නැති තරමට ඇස් දෙක බොද වෙලා....මේ ගීතය මගේ ජීවිතයට ඉතාමත් සමීපයි.......!!!)

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    යෙහෙළියන් ගෙ ඉගි දිනක සැබෑ වී - ඔබේ ම කුළ ගෙයි පතිනිය වන්නට
    එන සෙවනැල්ලක හමු වෙවා.....
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා - සිගිති තොලක කිරි සිනා දකින්නට
    මතුයම් දවසක හැකි වේවා......
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!
    :(:(

    යාලු ඔය ස්ද්දිය ඔය විදිහටම මට උනා කිවුවොත් ඔයා පිලිගන්න්නවද??? ඒ දේ එහෙම උනාඅ... නමුත් දෑන් වෙලාව නෙමේ ඒ කතාව දාන්න ඒ ස්ම්බන්ද නූලකදි දාන්නම් ඒක.. ස්තුතී අපිත් එක්ක බෙදාගත්තාට
     
    • Sad
    Reactions: Yastysan

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    හදිස්සියේ ඔළුව දාල යන්න ආවට දැක්කම නම් රිප්ලයි නොකර බැරියෝ.........!!!!!!

    මම පෞද්ගලිකව දන්න දෙයක්, ගීතයේ රචිකාව අපේ පවුලේ මිතුරියක් නිසා
    අසුරු සැනින් එක මොහොතක දී..............

    ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
    පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
    තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
    ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
    පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා................(ටිකක් ඉන්නනම්.....ස්ක්‍රීන් එක පේන්නේ නැති තරමට ඇස් දෙක බොද වෙලා....මේ ගීතය මගේ ජීවිතයට ඉතාමත් සමීපයි.......!!!)

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    යෙහෙළියන් ගෙ ඉගි දිනක සැබෑ වී - ඔබේ ම කුළ ගෙයි පතිනිය වන්නට
    එන සෙවනැල්ලක හමු වෙවා.....
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා - සිගිති තොලක කිරි සිනා දකින්නට
    මතුයම් දවසක හැකි වේවා......
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!
    :(:(

    :(:(:(
    kibul ayya ge story eka kalin dekala tiyenawa....
    :(:(:(
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    sasliit
    උබ මච්න් අග් සෑහෙන්න වටින මනුස්සයෙක්.. මේකෙ දිගටම දාපන්.. ගල් මුල් වලට සෙලෙන්න එපා සහෝ.. මේවයෙ වටිනාකම මම සෑහෙන්න දන්නනව...

    මචන් මගේ පුන්චි කුමරී එකේ තෙරුම සහ නිදාන කතාව දන්න පුලුවන්නම්.. උබට ජය මචන්

    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=11904071
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....

    මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්‍රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ...
    හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව
    මට ප්‍රශ්ණයක් නෑ, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ......

    අන්න ඒවගේ ප්‍රබල චෝදනාවක් තමා පළමු පද හතරෙන් කරනු ලබන්නෙ. තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ

    හරි.. දැන් යමු අපි විචාරයට මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට ලක් කකරන්නෙ.

    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    නෑඹුල් මල කියන්නෙ පිරිසිදු කාන්තාව... සුළග සමාජය.... ඉතින් පෝසත් පවුලක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද කරනව. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.

    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    (මෙතන ප්‍රබල යෙදුමක් තියෙනව.... නමුත් විවිද අය විවිද අර්ථකථන ලබාදෙන නිසා.. මම සරල අර්ථයක විතරක් යන්නම්.) කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මමවගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන සිහිනය දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ.

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    කමක් නෑ... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්‍රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන වතුර ඇදල දෙනව.... (කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය කියන විදියෙ කල්ලො නෑ කියන එක ගැන.

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....

    ගායනය.... මාලනී බුලත්සිංහල

    කොහොමද යාළුවනේ.... මේ කාන්තාවගේ වේදනාව, අදෝනාව, ආදාරය හා තමා පිළිබදව තියෙන ආත්මාභිමාණය ප්‍රකාශ කරල තියෙන විදිය.... අපේ යාළුවො මොකද කියන්නෙ ... ඔයාලගෙ අදහසත් මගේ විචාරය වගේද වෙනස්ද....? මොකද කියන්නෙ තව දාමුද....?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    sasliit
    උබ මච්න් අග් සෑහෙන්න වටින මනුස්සයෙක්.. මේකෙ දිගටම දාපන්.. ගල් මුල් වලට සෙලෙන්න එපා සහෝ.. මේවයෙ වටිනාකම මම සෑහෙන්න දන්නනව...

    මචන් මගේ පුන්චි කුමරී එකේ තෙරුම සහ නිදාන කතාව දන්න පුලුවන්නම්.. උබට ජය මචන්

    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=11904071
    දාන්නම් යාළුව... නිධාන කතාව හරි පොඩියි... අර්ථය තවම සම්පූර්ණයෙන් විග්‍රහ කරල අවසන් නෑ... ඉක්මනටම දෙන්නම්.