සුන්දර ගීයක ඇරබුම,..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මම ගියා බන් මැච් එල බලන්න...
    ශ්‍රි ල0කා ක්‍රිකට් කණ්ඩායම සහ ගැහැණිය යන දෙකම එක සමානය..
    කිසිම විටක විශ්වාස කල නොහැක..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,176
    487
    83
    EaRtH
    පට්ටම නූලක් මචන් එළමකිරි,, මුල ඉදන් ම කියෙව්වා ,, මාත් දන්න එකක් තියනවා දාන්නම්කො :)
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....

    මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්‍රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ...
    හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව
    මට ප්‍රශ්ණයක් නෑ, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ......

    අන්න ඒවගේ ප්‍රබල චෝදනාවක් තමා පළමු පද හතරෙන් කරනු ලබන්නෙ. තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ

    හරි.. දැන් යමු අපි විචාරයට මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට ලක් කකරන්නෙ.

    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    නෑඹුල් මල කියන්නෙ පිරිසිදු කාන්තාව... සුළග සමාජය.... ඉතින් පෝසත් පවුලක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද කරනව. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.

    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    (මෙතන ප්‍රබල යෙදුමක් තියෙනව.... නමුත් විවිද අය විවිද අර්ථකථන ලබාදෙන නිසා.. මම සරල අර්ථයක විතරක් යන්නම්.) කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මමවගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන සිහිනය දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ.

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    කමක් නෑ... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්‍රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන වතුර ඇදල දෙනව.... (කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය කියන විදියෙ කල්ලො නෑ කියන එක ගැන.

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....

    ගායනය.... මාලනී බුලත්සිංහල

    කොහොමද යාළුවනේ.... මේ කාන්තාවගේ වේදනාව, අදෝනාව, ආදාරය හා තමා පිළිබදව තියෙන ආත්මාභිමාණය ප්‍රකාශ කරල තියෙන විදිය.... අපේ යාළුවො මොකද කියන්නෙ ... ඔයාලගෙ අදහසත් මගේ විචාරය වගේද වෙනස්ද....? මොකද කියන්නෙ තව දාමුද....?

    Andenawa thani ahata machan...Maarama meaning ekak tyene.. aththa thamai issara gam wala dennek yalu wunothing ehema anith ewunta thamai maarama prashne oke.... e yeduma nam maru...
    E wagemai As kooden man wathura adinnam kiyapaueke as koode kiyanne HIL koode kiyana eka mata nikamatawath hthune na.....
    meken therenawa hondata e kellata wuna asadharanaya saha ekata e kelleage hithe athiwela tiyena duka... Maru machan...
    Sinhala wachana wala theruma maara gamburui...>!
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    හදිස්සියේ ඔළුව දාල යන්න ආවට දැක්කම නම් රිප්ලයි නොකර බැරියෝ.........!!!!!!

    මම පෞද්ගලිකව දන්න දෙයක්, ගීතයේ රචිකාව අපේ පවුලේ මිතුරියක් නිසා
    අසුරු සැනින් එක මොහොතක දී..............

    ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
    පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
    තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
    ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
    පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා................(ටිකක් ඉන්නනම්.....ස්ක්‍රීන් එක පේන්නේ නැති තරමට ඇස් දෙක බොද වෙලා....මේ ගීතය මගේ ජීවිතයට ඉතාමත් සමීපයි.......!!!)

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    යෙහෙළියන් ගෙ ඉගි දිනක සැබෑ වී - ඔබේ ම කුළ ගෙයි පතිනිය වන්නට
    එන සෙවනැල්ලක හමු වෙවා.....
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා - සිගිති තොලක කිරි සිනා දකින්නට
    මතුයම් දවසක හැකි වේවා......
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!
    :(:(

    Meka nam godak ayata wela thiyena deyak wenna ona saho...Matath wela thiyenawa... ekane kiyanne pivithuruya Palamupema kiyala.... Anyways eka nisam deweni sare dakala massekin ahuwa... ;-)
    Maarama sanwedi wachan tikak... Marry karala innakota danaganna labunama e kollath adaren hitiya kiyala... podi deyak ahhanne nathi nisa loku deukak wune kiyala danagaththama kohoma duakak wenna athida... :(:(:(:(
     
    • Like
    Reactions: TonyMontana83

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මීලගට බලාපොරොත්තු වන්න....
    "සඳකඩ පහණක කැටයම් ඔප ලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ"
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    මීලගට බලාපොරොත්තු වන්න....
    "සඳකඩ පහණක කැටයම් ඔප ලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ"

    Menna meketh thiyenawa supirima therumak... dawasak paththareka gihim thibuna... Dan mathaka naa... Please daaoan machan... Elakiri!:):)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Menna meketh thiyenawa supirima therumak... dawasak paththareka gihim thibuna... Dan mathaka naa... Please daaoan machan... Elakiri!:):)

    දන්න විදියට මේ ගීතයේ අර්ථ රසය මවන් ට්‍රයි එකක් දාන්න බලන්න.
    "සඳකඩ පහණක කැටයම් ඔප ලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ"

    යුගයෙන් යුගයට නොමියෙන දහනක
    දිවියක පදනම මතු වෙද්දී
    නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා
    සියුමැලි කැකුළක් මැලැවෙද්දී"

    "දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දූ
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන කැකුළක් එහි කැන්දූ

    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හ මුසුවෙන වැහි බිංදූ
    ඈගෙන යද්දී නටබුන් අතරෙක
    තවකෙක් ඈ වෙත හද රැන්දූ"
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    4000 මේ ත්රෙඩ් එක බලල.......:nerd::nerd::nerd:
    ඒත් රිප්ලයි 230 දීල තියෙන්නෙ මම දාපුවත් ඇතුලත්ව.........:(:(:(
    හිතනම් ටිකක් රිදෙනව........:no::no::no:
    මහන්සිය ගැන..........:baffled::baffled::baffled:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    4000 මේ ත්රෙඩ් එක බලල.......:nerd::nerd::nerd:
    ඒත් රිප්ලයි 230 දීල තියෙන්නෙ මම දාපුවත් ඇතුලත්ව.........:(:(:(
    හිතනම් ටිකක් රිදෙනව........:no::no::no:
    මහන්සිය ගැන..........:baffled::baffled::baffled:

    ඒවා එහෙම තමයි බන් , වැඩිය හිතන්න එපා...
    මෙතන 18+ කියල තිබ්බා නම් 230views 4000 replies වෙන්න තිබුනා..:angry:
    කවුරු නැතත් අපි ඉන්නවා මචන්..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඒවා එහෙම තමයි බන් , වැඩිය හිතන්න එපා...
    මෙතන 18+ කියල තිබ්බා නම් 230views 4000 replies වෙන්න තිබුනා..:angry:
    කවුරු නැතත් අපි ඉන්නවා මචන්..

    aniwa..api innawa
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙන්න අහසින් තරුවක් කඩා වැටෙනවා ගීතයේ විචාරය....

    මුල් පද හතර තමා මේ ගීතයේ තියෙන ප්‍රභලතම යෙදුම්... උපමා උපමේය යොදාගෙන තියෙනව කඩු පහරවල් වගෙ.... හරියට කාන්තාව මේ විදියට කියනව වගේ...
    හරිවැඩක්නෙ මගෙයි ඒ කොල්ලගෙයි සම්බන්ධෙ... වෙන උන්ටනේ අමාරුව
    මට ප්‍රශ්ණයක් නෑ, එයාටත් ප්‍රශ්ණයක් නෑ... අනිත් අයනේ මෙතන කෑ ගහ ගහ දගලන්නෙ......

    අන්න ඒවගේ ප්‍රබල චෝදනාවක් තමා පළමු පද හතරෙන් කරනු ලබන්නෙ. තරුව කඩාගෙන වැටුනම තරුවටයි වේදනාව තියෙන්න ඕනි.... ඒත් අහසනේ වැලපෙන්නෙ, සුළං පාරට නෑඹුල් මලක් වැටුනම දුක් වෙන්න ඕන මල ... ඒත් සුළග අඩනව....

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ

    හරි.. දැන් යමු අපි විචාරයට මෙහි තරුව කියන්නෙ පිරිමිය. මේ කාන්තාව දුප්පත්, පිරිමිය පොහොසත්... ඉතින් කාන්තාව බදිනවනම් පෝසත් පවුල අතාරින්න වෙනව... කොල්ල ඒක කරන්න සූදානම්. නමුත් කෙල්ල කියනව ඔයා කරන්න සූදානම් උනාට ඔයාට නෙමෙයිනෙ පවුලට අවනම්බු කලා කියල ඔයාගෙ පවුලෙ අයනෙ ඔයාව දෝෂ දර්ෂණයට ලක් කකරන්නෙ.

    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    නෑඹුල් මල කියන්නෙ පිරිසිදු කාන්තාව... සුළග සමාජය.... ඉතින් පෝසත් පවුලක් එක්ක සම්බන්ධකමක් ඇතිකරගත්තට නොයේක නින්දා අවලාද කරනව. ඒ නින්දා අවලාද (සුළග) නිසා අන්තිමේ මේ මල බිමට වැටෙනව. අන්තිමේ සම්බන්ධෙ කරන්න බැරිවෙනව. නමුත් ඒකට දුක්වෙන්න ඕන කෙල්ල... නමුත් දුක්වෙන්නෙ ඒ කෙල්ලව වට්ටපු සමාජයමයි.

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    ඔයාවත්, මමවත් කොපමණ උත්සාහ කලත් පලක් වෙන්නෙ නෑ.... මේක හරියන්නෑ... අපේ හැම දේම වැරදියටයි දකින්නෙ.. අනිත් එක නොකෙරෙන්නමයි වැඩසලස්වන්නෙ කියන එකයි මේ පද වලින් අර්ථ දැක්වෙන්නෙ.

    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    (මෙතන ප්‍රබල යෙදුමක් තියෙනව.... නමුත් විවිද අය විවිද අර්ථකථන ලබාදෙන නිසා.. මම සරල අර්ථයක විතරක් යන්නම්.) කෙල්ල පැහැදිලවම සිය ආදරවන්තයට කියනය මමවගේ දුප්පත් කෙල්ලෙක් ඔයා වගේ පොහොසත් කොල්ලෙක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්ත. ඒක වැරදියි... ඒ වැරැද්ද තියෙද්දිත් ඔයාව විවාහ කරගන්නවා කියන සිහිනය දකිනන්න තරම් මම තවත් මෝඩ උනා... මම හිතුව සමාජය අපේ දෙමාපියන් නෑදැයන් අපිට ආශිර්වාද කරාවි කියල... නමුත් මමයි අන්තිමට අමාරුවෙ වැටුනෙ.

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    කමක් නෑ... මම දුප්පත් කෙල්ලෙක්... මට මොනතරම් අවමන් චෝදනා කලාද, මගේ අඩුපාඩු කොච්චර විවේචනය කලාද, මම නොකරපු දේවල් වලට කොච්චර චෝදනා කලාද..... කමක් නෑ.. අපි බලමු ඔය මට කියපු ගරහපු අය දැන් මගේ වැරදි, අඩු පාඩු නැති කෙල්ලෙක් ඔයාට හොයල දේවිනේ. හැබැයි එහෙම කෙල්ලෙක් මේ ලෝකෙ ඉන්න බෑ... එහෙමනම් එයා මලෙන් උපන් පත්තිනි අම්ම කෙනෙක් වෙන්න ඕනි. මගේ චරිතය, ක්‍රියාවන් හා ආදරය මට හොදටම විශ්වාසයි... ඒ වගේ කෙල්ලෙක් හොයාගත්තොතින් ඒ විවාහය වෙනදාට මම හිල් තියෙන කූඩයකින් එදාට ඕන වතුර ඇදල දෙනව.... (කරන්න බැරි වැඩක්) ඒතරම් මට විශ්වාසයක් කෙල්ලට විශ්වාසයක් තියෙනව ඔය කියන විදියෙ කල්ලො නෑ කියන එක ගැන.

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නැහැ අහසයි වැළපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නැ සුළඟයි වැළපෙන්නේ

    පෑහිමක් නැ නොකෙරෙන දීගේ - සෙවනැල්ලක් ඇද ලූ
    දවල් වැටුනු වල මෙදා වැටුනේ රෑ - හිත හොද වැඩිකම ලූ

    අහසින් තරුවක්....

    මලෙන් උපන් මල් පත්තිනි දේවී - කැන්දන් එන නැකතේ
    ඇස් කූඩෙන් මං වතුර අදින්නම් - ඔබේ මඟුල් දවසේ

    අහසින් තරුවක්....

    ගායනය.... මාලනී බුලත්සිංහල

    කොහොමද යාළුවනේ.... මේ කාන්තාවගේ වේදනාව, අදෝනාව, ආදාරය හා තමා පිළිබදව තියෙන ආත්මාභිමාණය ප්‍රකාශ කරල තියෙන විදිය.... අපේ යාළුවො මොකද කියන්නෙ ... ඔයාලගෙ අදහසත් මගේ විචාරය වගේද වෙනස්ද....? මොකද කියන්නෙ තව දාමුද....?

    උබෙඔ ඔය දෑනුම අපිත් එක්ක බෙදාගන්නවට උබට පින් මචන්.. දිගටම දාපන්... අපි බලන් ඉන්න්නව
     
    Raveensach

    Active member
  • Dec 10, 2006
    963
    62
    28
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

    ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

    වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්රේැමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ

    මේ එවැනි අවාසනාවන්ත පෙම්වතෙක්‌... "හිතවත... ඔබ ආදරය කරන පෙම්වතිය, පෙම් රජදහනේ ඔබේ කුමරිය... ඔබේ හිස පිරිමදිමින් ඔබට ආදරෙයි කියා කියන ඇයට කාලයක්‌ මමත් පෙම්කළා... එදාත් ඇය අද වගේමයි... ඔබට ආදරෙයි කියා කියන ඈ. එදා මටත් ආදරෙයි කියා දිව්රා සිටියා...." පෑරුනු පෙම්වතා... මේ අමතන්නේ පැරණි පෙම්වතියට නොවේ... ඈ සමඟ එක්‌ව සිටින අලුත් පෙම්වතාටයි...

    සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේට තමයි ලියුවේ.

    මේක සත්ය. අත්දැකීමක්‌.... පාසල් කාලයේ සිටම පෙම්කළ දෙදෙනෙක්‌... අවසනයේ තේරුණේ විශ්වවිද්යාඅල දෙකකට... මේ පෙම්වතා මගේ ළඟම යහළුවෙක්‌... ඔවුන් පෙම්කළ කාලයේ පටන්ම මා සමීපව ඇසුරු කළා... ඒත්... විශ්වවිද්යා්ලයට ගියාට පස්‌සේ... තරුණිය වෙනස්‌ වුණා.. ඈ වෙනත් කෙනෙකු සමඟ පෙම්කරන්න පටන් ගත්තා.

    ඇය ඔහුට තුරුළුවෙලා පෙම්කරන අයුරු මගේ මිතුරා දැක්‌කා... ඔහු සමඟ ඒ අත්දැකීම ලබන්න මටත් සිද්ධ වුණා. අපි දෙන්නට නිතරම දකින්න ලැබුණා. ඔවුන් දෙන්නා පෙමින් වෙලී සිටින හැටි... මගේ මිත්රතයා විඳින වේදනාව මට හොඳින් දැනුනා... ඒ වේදනාව තමයි මේ විදිහට පද පෙළකට ඇමිණුවේ... සුනිල් ආර්. ගමගේ සහෘදයා ප්රනකාශ කළා.

    සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
    අද ඔබ ළඟ ඔබ සනහාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    හිරු බැස යන සුන්දර සැන්දැවෙ මුහුදු වෙරළේ විතරක්‌ නොවේ... අඳුර රජයන රඟහලක කෙළවරේ... අසුනක ඔබට ලංවෙලා... ඔබව සනසන ඇය ඔය ආකාරයටම පෙර දිනයක මගේ තුරුළට වෙලා හිටියා... පෙම් බස්‌ මුමුනමින් මම ඔයාට ආදරෙයි කියා කිව්වා...

    බලන්න.... අවංකවම ආදරය කළ පෙම්වතෙකුට මේ දසුන බලා ඉන්න පුළුවන්ද... තමන් සමඟ ආ ගිය තැන්වල තව කෙනෙකු සමගින් සැරිසරමින් ආදරය කරන ඇය... නෙත ගැටෙද්දී... පිවිතුරු පෙම්වතෙක්‌ හදවතින් කොතරම් හඬා වැටෙනවද...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළු වී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    දෙපා ගෙවෙනතුරු අපි ඇවිද්දා... අපි දෙන්නා... තේරුමක්‌ නැති දේ.... ඔහේ කතා කළා... පෙම්බස්‌ දෙඩුවා... ඒත් ඒ පෙම්බස්‌ ගොළු වුණා.... මගෙන් සමුගත් ඔබ වෙත සමීප ඇය... ආදරය.. සෙනෙහස සඟවමින් නුරාවෙන් පිරි දෙනෙතින් මටත් ආදරෙයි කියා කිව්වා...

    වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ ගේ හඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්යෙ රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.

    අජිත් අලහකෝන්
    http://www.divaina.com/2011/08/28/meewitha03.html
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    දන්න විදියට මේ ගීතයේ අර්ථ රසය මවන් ට්‍රයි එකක් දාන්න බලන්න.
    "සඳකඩ පහණක කැටයම් ඔප ලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලැතුණු රසයක පැන ආ බුබුළක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ"

    යුගයෙන් යුගයට නොමියෙන දහනක
    දිවියක පදනම මතු වෙද්දී
    නොපෙනෙන ඈතට ඈ ගෙන යනවා
    සියුමැලි කැකුළක් මැලැවෙද්දී"

    "දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දූ
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන කැකුළක් එහි කැන්දූ

    අහසක් ගුගුරා කළුවක් වපුරා
    ඒ හ මුසුවෙන වැහි බිංදූ
    ඈගෙන යද්දී නටබුන් අතරෙක
    තවකෙක් ඈ වෙත හද රැන්දූ"

    ඇත්තම කියනවා නම් මචන් මේකේ තේරුම නම් mata gannama බ...
    සඳකඩ පහන කිව්වම මතක් වෙන්නේ ඉස්සර මාලිගා වගේ වැදගත් තැන වලට ඇතුල් වෙන කොට තිබ්බ එකනේ...
    එත් මේකේ මුල මද අග හිතාගන්න බෑ...!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙන්න යාළුවන්ට තවත් ගීතයක් ..... හොදනම් ඉතින් මොනවම හරි මාව දිරිමත් වෙන්න කියල යන්න...(ගවේශණ කිහිපයක එකතුවක්)

    අපි එකිනෙකාට කරන ආදරේ වැඩි වෙනකොට සැක යා හා බයත් ඒ තරමටම වැඩි වෙනව. ඒක තමා ඇත්ත... අපේ කෙල්ලව, බිරිදව තනියම ගමනක් යවන්න , තනි කරන්න අපි අකමැති එයාට තනියම කැන්න බැරිවෙයි කියන හින්දම නෙමෙයි.... අවංකව හිතුවොත් ආදරේ,බය වැඩි වෙන නිසා. ඒ සැකයන්ගේ කිසිම ඇත්තක්‌ නෑ. ඒ බව ඔවුනොවුන් දන්නවා. ඒත් දෙදෙනාටම දෙදෙනා කෙරෙහි ඇති බැඳීම, ආදරය වැඩි වෙන්නත් මෙය බලපානවා... සමහර වෙලාවටම ආදරය වේදනාවෙන් නිම වෙන්නෙත් මේ සැකය නිසායි.

    තමන් ආදරය කරන පෙම්වතියගේ හැසිරීම් රටාව. ඇගේ මව්පියන්ගේ ප්‍රතිචාර නිසා ඈ තමා හැර යන්නට සූදානම් බව පෙම්වතාට හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. ඒත් ඒක සැකයක්‌ විතරයි. මේ හැමදේම සිද්ධවෙන්නෙ අපේ බය නිසා.... අපි ආදරේ වැඩි තරමටම බය වෙනව අනේ අපේ කෙල්ල අපිට නැතිවෙයිද කියල.........

    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පින් මදිද සිතෙයි

    අපි එකිනෙකාට ආදරේ කරගෙන ආව.... ඔයා මටත් මම ඔයාටත් ආදරේ කලා.... නමුත් ඔයා දන්නව ඔයා මට ආදරේ කරන්න කරන්න, මගේ ලගින් ඉන්න ඉන්න මම පුදුම විදියට ඔයාට ආදරෙන් ලංවුනා...... වෙලාවකට මුළු ලෝකෙටම ඇහෙන්න හයියෙන් කෑ ගහල ඔයාගෙනම කියන්න හිතෙනවා...... දවසේම ඔයාට කොහේවත් යන්න නොදී තුරුළු කරගෙන ආදරෙන් ඉන්න හිතෙන්ව..... මට පිස්සුද....?

    මට වෙලාවකට හිතෙනව එහෙම කොච්චර ආදරෙන් ආවත් අපිට වෙන් වෙන්න වෙයිද..... ගොඩාක් අය කියනව උඹේ ආදරේ වැඩියි .... මොකද කෙල්ල නැති උනොත් උඹට දරාගන්න බැරිවෙයි කියල......

    ඉතින් මම හිතනව ඒ අය කියපුදේ ගැන.... දෙවියනේ අපිට වෙන් වෙන්න උනොත්. මේ ආ දුර තවත් ඉදිරියට යන්න වරම් නැහැ. ඒ නිසා මා ආපසු හැරී යා යුතුයි. මට ඒ සඳහා පාර කියනවද අපි ආයෙත් හමුවෙන එකක්‌ නැහැ. මම ඒ තරම්ම පිං කරලා නැහැ. මම දන්නව මේක මගේ පිස්සු සිතුවිල්ලක්. ඒත් ආදරේ වැඩි කමටයි මම එහෙම හිතන්නෙ.

    මේ ගීය ලියුවේ හේසල ගුණතිලක. ඔහු වෘත්තියෙන් මහජන සෞඛ්යෙ පරීක්ෂ කවරයෙක්‌. තේරෙන භාෂාවෙන් කියනවානම් පී. එච්. අයි. කෙනෙක්‌.

    ඔහු පවසන්නෙ මෙන්න මේ වගේ දෙයක්,
    මේ ගීයේ තියෙන්නේ පෙම්වතිය දාලා යන්න වේවිද කියන අවිනිශ්චිත බවක්‌ විතරයි. මම මේ සිංදුව ලියුවේ මගේ බිරියට. ඒ කාලේ ඇය මගේ පෙම්වතිය බඳින්න ඔන්න මෙන්න කියා තිබියදී විරෝධයක්‌ ආවා. පවුලේ අයගෙන්... මම ඒ කාලේ උඳුගොඩ පී. එච්. අයි. ගෙයක්‌ අරගෙන තනිවම පදිංචිවෙලා හිටියා. ඉතින් රෑට තනිවෙලා ඉඳිද්දි මට දැනෙනවා. ඇයගෙන් සමුගන්න වේවිදෝ කියලා. ඒ සිතිවිල්ල තමයි මම ගීයට පෙරලුවේ.

    යොදුන් ගණන් දුර ආවෙද පසුකර
    මල් මාවතක නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

    අපි මේ වෙනතුරු කොතරම් දුරක්‌ ආවද ඔයාගෙත් මගෙත් ආදර බැඳීම අවුරුදු ගණනාවක්‌. අපි මේතාක්‌ දුර ආවේ කොතරම් බාධක මැදද. ඒ මාවතේ කවදාවත් මල් අතුරා තිබුණේ නැහැ. ගල් මුල්, කටු ඉති... අපිට බාධා එල්ල කලා දෙයියනේ.. ඇයි ඔයාමට ආදරේ කළේ. ඇයි මම ඔයාට ආදරේ කළේ...

    මේක මගේ අත්දැකීමක්‌ නිසා හොඳින් නිර්මාණය වුණා. විඳපු තරමට තමයි වේදනාවක්‌ වුණත් රසවත් වෙන්නේ. චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි මගේ හොඳ යාළුවෙක්‌. මම මේ ගීයට කලිනුත් ඔහුට ගීයක්‌ ලියා දුන්න. දුර ඈත අතීතේ... කියලා. ඒ කාලේ අපි හරිම තරුණයි. චන්දරේ හරිම කැමැත්තෙන් මේ ගීය ගැයුවා.. ගීය ජනප්‍රිකය වුණා. ආපසු යන්නට පාර කියනවද කියලා ත්‍රීවිල්වලත් පිටුපස ලියන්න පටන්ගත්තා.

    කල්ප කාලයක්‌ පෙරුම් පිරුවේ
    හෙට සමුගන්න නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

    කල්පගනන්, ආත්ම ගනන් අපි පෙරුම්පුරල ආදරේ කලා.... හැම භවයකම අපි ප්‍රාර්ථනා කරන්න ඇති අපි අපේ වෙන්න කියල. ඒ ආදරේ කොතරම් සුන්දර ද, ඒත් එහෙම ආදරේ කරන්න අපි පෙළඹුනේ ඉක්‌මනින්ම සමුගන්නද නැහැ. ඇයි ඔයා මට ආදරේ කියලා කිව්වේ. ඇයි මම ඔයාට ආදරේ කියලා කිව්වේ.

    අන්තිමට අපි දෙන්නා ගෙවල්වල අකමැත්තෙන් විවාහ වුණා. මගේ බිරිය වැඩිපුරම ආසකරන ගීය. මුලදී මේ ගීය දැක්‌කාම එයාට බයත් හිතුනලු. මම එයාව දාලා යයි කියලා. දැන් අපි දෙන්නට දුවෙක්‌ සහ පුතෙක්‌ ඉන්නවා. ඒ දෙන්නාම විශ්වවිද්‍යාල සිසුන්. දරුවෝ දෙන්නා මේ කතාව අහලා හිනාවෙනවා. ඒත් ඉතිං අත්දැකීමක්‌ වුණත් මේ ගීය ඇත්තක්‌ වුණේ නැහැනේ.

    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පින් මදිද සිතෙයි...

    යොදුන් ගණන් දුර ආවෙද පසුකර
    මල් මාවතක නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

    කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
    හෙට සමුගන්න නොවේ
    ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ

    පද මාලාව - හේසල ගුණතිලක
    ගී තනු - ස්‌ටැන්ලි එම්. ප්‍රියනාන්දු
    ගායනය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි

    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන් sasliit දැනුයි වැඩට ආවේ.ඉස්සේල්ලම කලේ මට මඟ අරුණු පිටු ටික කියවපු එක..කියන්න දෙයක් නෑ විශිෂ්ඨයි...