සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔන්න මම අපේ යාළුවන්ගෙ ඉල්ලීමක් තමා දැන් දෙන්න හදන්නෙ...... අනිවා කමේනට් බලාපොරොත්තු වෙනව... ඔයාල දාන හැම කමෙන්ට් එකක්ම මේ ගීතවලටත් වඩා ආසාවෙන් මම කියවනවා....

මේ ගීතයේ අපිට ලොකූ කතාවක් කියන්න නෑ. හේතුව තමා සරල ගේය පදවලින් හා සංගීතයෙන් අපිට කියන්න තියෙන හැම දේම කියන එක. සරල සංගීතය හා සරල බස් වහරෙන් රසිකයන්ට දරු සෙනෙහස ඇති කරවන ගීත වලින් ඉතාමත් ඉහල තැනකලු මේක තියෙන්නෙ....

හොදයි.... ඒත ඊට කලින් මේ ගීතය නිර්මාණය වීමේ රසවත් කතාවක් තියෙනවා... මේ කතාව හරි හැටි ඔප්පු කරගන්න තවමත් අපිට බැරි උනා ... නමුත් දන්න දේ හංගන්න ඕනෙ නැති හින්දා මම කියනවා... කරුණාකරල මට පසුව චෝදනා කරන්න එපා බොරු දානවා කියල... අනික මේක එළකිරි සහෝදරයින්ට පමණය වෙන කිසිම තැනකට දෙන්න එපා.... මම හරි හැටි නොදන්න දෙයක් දාන නිසයි ඉල්ලන්නෙ............

හොදයි කතාවෙ හැටියට මේ ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක මහතා. ඔහු මේ ගීතය රචනා කරල තියෙන්නෙ හෙන්රි කල්දේරා මහත්මයටලු... කෙසේ වෙතත් දවසක් හෙන්රි කල්දේර මහත්මයා සහ කේ. සේන මහත්මයා දෙදෙනා ඉන්න තැනකදි මේ ගීතය මුල් වරට පෙන්නල තියෙනව අපේ රචකය.... ඉතින් කේ. සේන එකපාරටම ඒක අරගෙන කියවපු ගමන් ගොඩාක් සංවේදී වෙලා ගීතය ඔහුට ඉල්ලුවලු... කරන්න දෙයක් නෑ හෙන්රි කල්දේර ලවා කියවන්න හැදුවත් කේ. සේනට මේක දෙන්න උනා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ ගීය කේ. සේන ගායනා කලා. ඉතාමත් ජනප්‍රිය උනා ඒ කාලයේ..... ජනප්‍රිය වීමත් සමග ඔහුට චෝදනා දස අතින් එන්න පටන් ගත්ත අර සිද්ධිය මුල් කරගෙන... මේ හේතුවෙන් ගොඩාක් කම්පා උන කේ. සේන ගායකයා ගත්ත දැඩි තීරණයක්... ඒ තීරණය නිසා අපට ලස්සන කටහඩක් අහිමි උනා... තීරණය තමයි තවත් කිසිම දිනක ගී ගායනා නොකිරීම... ඇත්තටම ඔහු ගායනා කල පළමු සහ අවසන් ගීතය තමා මේ ගීතය.

මවකගෙ උණුසුම නොලබා
සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාළුව ‍මැකේ...

කිරි කැටියෙක් උපන් හැටියෙම අම්ම අහිමි වෙනව කියන්නෙ කොච්චර අසරණ වීමක්ද කියල පියෙකුට හෝ මවකට පමණයි තේරෙන්නෙ... එතනිනුත් මවක් නැතිඋනා කියන්නෙ පියාගෙත් එක පැත්තක් නැති උනා හා සමානයි. මෙතනදි පියා කොච්චර අසරණ වෙනවද අසරණ කිරකැටිය බලාගන්නත් ඕනි, තමාගෙ බිරිද නැතිඋන දුක විදගන්නත් ඕනි... දෙවියනේ මෙහෙම දෙයක් හතුරෙකුටවත් වෙන්නනම් එපා.... මීට වඩා දණුවමක් පියෙකුට දෙන්න පුළුවන්ද..... කොහොම උනත් තාත්ත අහනව කිරිකැටියගෙන් පුතේ උඹටත් මට වගේම පාළුව දැනෙනවද? මම නම් පාළුව නැති කරගන්නෙ මෙහෙම උඹත් එක්ක කතා කරල තමා පුතේ.....

හිතේ තියෙන පාළු ගතිය
මගහරින්න පුතේ...
සුර කුමරුන් සමගින් ඔබ
හි‍නැහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක
තනි කර දා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ
ගියා පුංචි පුතේ...
මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

මම එහෙම කතා කලාට මගේ පුතාට කතා කරන්න බෑනේ.... අම්ම නැතිව හිතේ ඇතිවෙන පාළුව නැතිකරගනන ඔය හිනාවෙන්න සුර කුමාරයන් එක්කද? ඔයා කතා කරන්නෙ සුර කුමාරයන් එක්කනම් පුතේ උඹේ අම්මත් එහේ ඇති.... මට ඔයාව දීල අපි දෙන්නව තනි කරල දාල අම්ම එහෙට තමා ගියේ....... අනේ මගේ රත්තරන් කෙල්ලෙ ඔයා සුරංගනාවක් වෙලා දිව්‍ය ලෝකෙ ඉන්නව කිය මම විශ්වාස කරනව.......

තවමත් කිරි සුවඳ දැනේ
ඔබේ සිඟිති කටේ...
ඔබ නැති නම් මම දැනටත්
මැරී ඇතැයි සිතේ...
පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
එක දිනයෙම උනේ...
කොහොම ද මම සිහිකරන්නෙ
පුතුගෙ උපන් දිනේ...
මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//

මගේ පුතාගෙ කිරි සුවද තවමත් මට දැනෙනව... ඒ සුවද ඔස්සේ මට උඹේ අම්මවත් සිහි වෙනව... උඹ හින්ද තමා මගේ පුතේ මම ජීවත් වෙන්නෙ... නැතිනම් මම ජීවත් වෙන එකක් නෑ කියල මට හිතෙනව. මගේ පුතා උපදිනකොටමයි පුතේ අම්මව නැති උනේ.... ඉතින් මට ජීවිතේ ලබන්න තියෙන උපරිම සතුටයි දුකයි දෙකම එක මොහොතකම ලැබුන මම මේ දෙකෙන් සමරන්නෙ කෝකද කියල මට වැටහෙන්නෙ නෑ .... මම පියෙකු උනෙත්, බිරිදක් නැති සැමියෙක් උනෙත් එකම දවසෙ එකම මොහොතෙ..... මේක කිසිම මනුස්සයෙකුට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.... ඒත් මම දරාගන්නෙ මගේ රත්තරන් පුතා නිසයි, ඇය දිව්‍ය ලෝකයට යන්නැති කියල හිතෙන නිසයි...

ලොකු උනාම අම්මා ගැන
අහන්නෙපා පුතේ...
එතකොට මගේ දෙනෙත්
වලට කඳුළු පිරෙයි පුතේ...
සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//

මගේ පුතාව මම කොහොම හරි උස්මහත් කරනව... අනේ රත්තරන් පුතේ මම උඹව එහෙම කරන්නෙ දරාගන්න බැරි දුකක් හිත පතුලෙ බලෙන්ම තදකරගෙන.... උඹ ලොකුවෙනකොට මේව අමතක වෙලා අම්ම ගැනනම් අහන්න එපා... එහෙම උනොත් මීට වඩා දහස් ගානකින් දුක වැඩිවෙලා, ගිණිකන්දක් පුපුරණව වගේ මගේ යටපත් කරන් හිටපු වේදනව එළියට ඒවි. සමහරවිට මට ඒක අද වගේ දරාගන්න බැරිවේවි........

පිය සෙනෙහස සහ සැමියෙක් බිරිද ගැන දක්වන ආදරය ගැන කියවෙන මේ ගීතය විචාරය කරද්දි පවා අපේ ඇස් වලට කදුලු එනවා... මේ ගීතය සුවහසක් පියවරුන්ට උපාහාරයක්ම වේවා.....

මවකගෙ උණුසුම නොලබා
සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම
දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ
මගෙ පාළුව ‍මැකේ...

හිතේ තියෙන පාළු ගතිය
මගහරින්න පුතේ...
සුර කුමරුන් සමගින් ඔබ
හි‍නැහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක
තනි කර දා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ
ගියා පුංචි පුතේ...
මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

තවමත් කිරි සුවඳ දැනේ
ඔබේ සිඟිති කටේ...
ඔබ නැති නම් මම දැනටත්
මැරී ඇතැයි සිතේ...
පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
එක දිනයෙම උනේ...
කොහොම ද මම සිහිකරන්නෙ
පුතුගෙ උපන් දිනේ...
මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//

ලොකු උනාම අම්මා ගැන
අහන්නෙපා පුතේ...
එතකොට මගේ දෙනෙත්
වලට කඳුළු පිරෙයි පුතේ...
සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහන් කන්ද මුල අදුරුයි.............!!!!

    ඇත්තටම ඇත්ත නේද මේ කතාව.............!!!! සුනිල් ආරියරත්න සර් ලියපු, නන්දා මාලිනිය ගැයූ, රෝහණයන් සංගීතවත් කල මේ ගීතය ආවේ 1987 දී සින්ග් ලංකා වෙනුවෙන් ආනන්ද ගණේගොඩ මහත්මාණක් ඉදිරිපත් කළ "පහන් කන්ද" ගීත සමුච්චයේ......

    පහන් කන්ද මුල අදුරුයි
    ඔබට ගයන මගෙ හද අදුරුයි - මගේ පැළ අදුරුයි
    පහන් කන්ද මුල අදුරුයි

    කටුක දුකින් ගිනි ගැණුන ආත්මය - පුපුරා ගලනා ශෝ ගී රාවය
    අසා ලබන සතුටෙන් බිදුවක් - ආපසු මාවෙත දුන මැනවි.........

    අදුරෙන් එළියට ගයනා ගීයෙන් - එද ගැබ නොපහන් සිතුවිළි දුරු කර
    පහන් සිතින් දල්වා පහනක් - ආලෝකය මට දුන මැනවි............

    මේ ගීත සමුච්චයේ මේ ගීතය ගැන කියැවී තිබුනේ මෙහෙමයි............
    "රසිකයාට සතුට සළසන කලාකෘතිය වූ කලී කලා කරුවා ගේ ආත්මය පුපුරා ගලන ශෝක ගීත රාවයයි.
    කලා කරුවා පහන් කන්දක් වැනිය. හාත්පස ආලෝකමත් කරන පහන් කන්ද පාමුල වැතිර සිටින්නේ සදාකාලික වූ රුදුරු අන්ධකාරයයි........."

    මම වෙන දෙයක් ලිව යුතුයයි මම නොසිතමි. ඉහත ලියා ඇති දේ ඒ කිව යුතු ‍සියළු ම දේ පවසයි.......නන්දා මාලිනිය ගේ අතිශය භාවාත්මක ශෝකී ස්වරයත්, රෝහණ ගේ ඉතාමත් ශෝකී වූ සංගීතයත් මේ ගීතය විදිනවුන් ගේ අධ්‍යාත්මය සිදුරු කරනු ලබයි.........

    මා හට ඇති පැනය වෙනකකි. ඔහුත් (මහැදුරු සුනිල් ආරියරත්නයන්) ඇයත් (විශාරද නන්දා මාලනිය) මගේ ජීවිතය ගැන මෙතරම් හොදින් දන්නේ කෙළෙසකද යන්නය.......!!!

    පහන් සිතැත්තෝ පහත දිගුව මගින් බාගත කොට ගෙන රස විදිත්වා....!!!

    http://www.mediafire.com/?20zdzummjzn
     
    • Like
    Reactions: මල්කි

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මමත් මගඇරුන පිටු 5ක් බලල තමයි ආවෙ දැන් තමයි කාර්යාලයට ආවෙ.කරන වැඩ ටික පැත්තක තියල පළමු කාර්‍යය වුනේ මේක.සස්ලිට් සහෝ.උඹ මාර මීටරයක්නෙ බං. තව දාපන් මචං මොන වැඩේ පාඩු වුනත් මේ නූල නම් මග අරින් නෑ. නූලෙ කොමෙන්ට්ස් නැති වුනාට ගනන් ගන්න එපා.මම කිව්ව වගේ මේව අගයන කට්ටියකුත්, අගයන්නෙ නැති කට්ටියකුත් ඉන්නව බං. ඒ කොහොම වුනත් උඹ ගැන නම් කියන්න වචන නෑ.උඹෙ අවුරුදු 6ක මහන්සිය අපතේ ගියා කියන්න බෑ.
    අර කිව්ව වගේ 18+වගේ දෙයක් දම්ම නම් රිප්ලයි 4000ක් එන්න ඉඩ තිබුන. හොඳ දේ අගයන කට්ටිය හරිම අඩුයි මචං. මේ නූලෙ දැනුම ඔක්කොම අරන් කොපි කරගෙන සද්දයක්වත් නැතුව ගිය කට්ටියකුත් නැත්තේම නෑ. කෙසේ වුනත් උඹට ජය. රෙප්++

    …සස්ලිට් සහෝට සහ දත් කිඹුලාට සහ එකී මෙකී නොකී මේ නූල ඉදිරියට ගෙනයෑමට උදව් කල සැමට පිං.ඒ මංද යත් මෙවැනි දැනුම්ක් වෙනත් කිසිදු තැනකින් ලබාගත නොහැකි මැයින්..

    …ස්තූතිය..
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔන්න මම අපේ යාළුවන්ගෙ ඉල්ලීමක් තමා දැන් දෙන්න හදන්නෙ...... අනිවා කමේනට් බලාපොරොත්තු වෙනව... ඔයාල දාන හැම කමෙන්ට් එකක්ම මේ ගීතවලටත් වඩා ආසාවෙන් මම කියවනවා....

    මේ ගීතයේ අපිට ලොකූ කතාවක් කියන්න නෑ. හේතුව තමා සරල ගේය පදවලින් හා සංගීතයෙන් අපිට කියන්න තියෙන හැම දේම කියන එක. සරල සංගීතය හා සරල බස් වහරෙන් රසිකයන්ට දරු සෙනෙහස ඇති කරවන ගීත වලින් ඉතාමත් ඉහල තැනකලු මේක තියෙන්නෙ....

    හොදයි.... ඒත ඊට කලින් මේ ගීතය නිර්මාණය වීමේ රසවත් කතාවක් තියෙනවා... මේ කතාව හරි හැටි ඔප්පු කරගන්න තවමත් අපිට බැරි උනා ... නමුත් දන්න දේ හංගන්න ඕනෙ නැති හින්දා මම කියනවා... කරුණාකරල මට පසුව චෝදනා කරන්න එපා බොරු දානවා කියල... අනික මේක එළකිරි සහෝදරයින්ට පමණය වෙන කිසිම තැනකට දෙන්න එපා.... මම හරි හැටි නොදන්න දෙයක් දාන නිසයි ඉල්ලන්නෙ............

    හොදයි කතාවෙ හැටියට මේ ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක මහතා. ඔහු මේ ගීතය රචනා කරල තියෙන්නෙ හෙන්රි කල්දේරා මහත්මයටලු... කෙසේ වෙතත් දවසක් හෙන්රි කල්දේර මහත්මයා සහ කේ. සේන මහත්මයා දෙදෙනා ඉන්න තැනකදි මේ ගීතය මුල් වරට පෙන්නල තියෙනව අපේ රචකය.... ඉතින් කේ. සේන එකපාරටම ඒක අරගෙන කියවපු ගමන් ගොඩාක් සංවේදී වෙලා ගීතය ඔහුට ඉල්ලුවලු... කරන්න දෙයක් නෑ හෙන්රි කල්දේර ලවා කියවන්න හැදුවත් කේ. සේනට මේක දෙන්න උනා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ ගීය කේ. සේන ගායනා කලා. ඉතාමත් ජනප්‍රිය උනා ඒ කාලයේ..... ජනප්‍රිය වීමත් සමග ඔහුට චෝදනා දස අතින් එන්න පටන් ගත්ත අර සිද්ධිය මුල් කරගෙන... මේ හේතුවෙන් ගොඩාක් කම්පා උන කේ. සේන ගායකයා ගත්ත දැඩි තීරණයක්... ඒ තීරණය නිසා අපට ලස්සන කටහඩක් අහිමි උනා... තීරණය තමයි තවත් කිසිම දිනක ගී ගායනා නොකිරීම... ඇත්තටම ඔහු ගායනා කල පළමු සහ අවසන් ගීතය තමා මේ ගීතය.

    මවකගෙ උණුසුම නොලබා
    සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම
    දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිඟිති පුතේ
    මගෙ පාළුව ‍මැකේ...

    කිරි කැටියෙක් ඔපන් හැටියෙම අම්ම අහිමි වෙනව කියන්නෙ කොච්චර අසරණ වීමක්ද කියල පියෙකුට හෝ මවකට පමණයි තේරෙන්නෙ... එතනිනුත් මවක් නැතිඋනා කියන්නෙ පියාගෙත් එක පැත්තක් නැති උනා හා සමානයි. මෙතනදි පියා කොච්චර අසරණ වෙනවද අසරණ කිරකැටිය බලාගන්නත් ඕන.... තමාගෙ බිරිද නැතිඋන දුක විදගන්නත් ඕන... දෙවියනේ මෙහෙම දෙයක් හතුරෙකුටවත් වෙන්නනම් එපා.... මීට වඩා දණුවමක් පියෙකුට දෙන්න පුළුවන්ද..... කොහොම උනත් තාත්ත අහනව කිරිකැටියගෙන් පුතේ උඹටත් මට වගේම පාළුව දැනෙනවද? මම නම් පාළුව නැති කරගන්නෙ මෙහෙම උඹත් එක්ක කතා කරල තමා පුතේ.....

    හිතේ තියෙන පාළු ගතිය
    මගහරින්න පුතේ...
    සුර කුමරුන් සමගින් ඔබ
    හි‍නැහෙනවද පුතේ...
    අප දෙන්නා අඳුරු ලොවක
    තනි කර දා පුතේ...
    නුඹෙ අම්මා දිවිය ලෝකෙ
    ගියා පුංචි පුතේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
    සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

    මම එහෙම කතා කලාට මගේ පුතාට කතා කරන්න බෑනේ.... අම්ම නැතිව හිතේ ඇතිවෙන පාළුව නැතිකරගනන ඔය හිනාවෙන්න සුර කුමාරයන් එක්කද? ඔයා කතා කරන්නෙ සුර කුමාරයන් එක්කනම් පුතේ උඹේ අම්මත් එහේ ඇති.... මට ඔයාව දීල අපි දෙන්නව තනි කරල දාල අම්ම එහෙට තමා ගියේ....... අනේ මගේ රත්තරන් කෙල්ලෙ ඔයා සුරංගනාවක් වෙලා දිව්යඅ ලෝකෙ ඉන්නව කිය මම විශ්වාස කරනව.......

    තවමත් කිරි සුවඳ දැනේ
    ඔබේ සිඟිති කටේ...
    ඔබ නැති නම් මම දැනටත්
    මැරී ඇතැයි සිතේ...
    පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
    එක දිනයෙම උනේ...
    කොහොම ද මම සිහිකරන්නෙ
    පුතුගෙ උපන් දිනේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//

    මගේ පුතාගෙ කිරි සුවද තවමත් මට දැනෙනව... ඒ සුවද ඔස්සේ මට උඹේ අම්මවත් සිහි වෙනව... උඹ හින්ද තමා මගේ පුතේ මම ජීවත් වෙන්නෙ... නැතිනම් මම ජීවත් වෙන එකක් නෑ කියල මට හිතෙනව. මගේ පුතා උපදිනකොටමයි පුතේ අම්මව නැති උනේ.... ඉතින් මට ජීවිතේ ලබන්න තියෙන උපරිම සතුටයි දුකයි දෙකම එක මොහොතකම ලැබුන මම මේ දෙකෙන් සමරන්නෙ මොකද්ද කියල මට වැටහෙන්නෙ නෑ මයෙ පුතේ.... මම පියෙකු උනෙත්, බිරිදක් නැති ස්වාමියෙක් උනෙත් එකම දවසෙ එකම මොහොතෙ..... මේක කිසිම මනුස්සයෙකුට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.... ඒත් මම දරාගන්නෙ මගේ රත්තරන් පුතා නිසයි... ඇය දිව්ය ලෝකයට යන්නැති කියල හිතෙන නිසයි...

    ලොකු උනාම අම්මා ගැන
    අහන්නෙපා පුතේ...
    එතකොට මගේ දෙනෙත්
    වලට කඳුළු පිරෙයි පුතේ...
    සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//

    මගේ පුතාව මම කොහොම හරි උස්මහත් කරනව... අනේ රත්තරන් පුතේ මම උඹව එහෙම කරන්නෙ දරාගන්න බැරි දුකක් හිත පතුලෙ බලනේම තැදකරගෙන.... උඹ ලොකුවෙනකොට මේව අමතක වෙලා අම්ම ගැනනම් අහන්න එපා... එහෙම උනොත් මීට වඩා දහස් ගානකි වැඩිවෙලා... ගිණිකන්දක් පුපුරණව වගේ මගේ යටපත් කරන් හිටපු වේදනව එළියට ඒවි. සමහරවිට මට ඒක අද වගේ දරාගන්න බැරිවේවි........

    පිය සෙනෙහස සහ සැමියෙක් බිරිද ගැන දක්වන ආදරය ගැන කියවෙන මේ ගීතය විචාරය කරද්දි පවා අපේ ඇස් වලට කදුලු එනවා... මේ ගීතය සුවහසක් පියවරුන්ට උපාහාරයක්ම වේවා.....

    මවකගෙ උණුසුම නොලබා
    සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම
    දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිඟිති පුතේ
    මගෙ පාළුව ‍මැකේ...

    හිතේ තියෙන පාළු ගතිය
    මගහරින්න පුතේ...
    සුර කුමරුන් සමගින් ඔබ
    හි‍නැහෙනවද පුතේ...
    අප දෙන්නා අඳුරු ලොවක
    තනි කර දා පුතේ...
    නුඹෙ අම්මා දිවිය ලෝකෙ
    ගියා පුංචි පුතේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
    සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

    තවමත් කිරි සුවඳ දැනේ
    ඔබේ සිඟිති කටේ...
    ඔබ නැති නම් මම දැනටත්
    මැරී ඇතැයි සිතේ...
    පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
    එක දිනයෙම උනේ...
    කොහොම ද මම සිහිකරන්නෙ
    පුතුගෙ උපන් දිනේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//

    ලොකු උනාම අම්මා ගැන
    අහන්නෙපා පුතේ...
    එතකොට මගේ දෙනෙත්
    වලට කඳුළු පිරෙයි පුතේ...
    සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//

    තෝරු,මෝරුන් හා කිබුළන් තම තමන්ගේ මතකයක් හා පොරබඳයි.දැනුම බෙදාගනී.හාල්මැස්සෙකු තරම් වූ මා ඒවා රස විදිමි..:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝරු,මෝරුන් හා කිබුළන් තම තමන්ගේ මතකයක් හා පොරබඳයි.දැනුම බෙදාගනී.හාල්මැස්සෙකු තරම් වූ මා ඒවා රස විදිමි..:):)
    මේ ප්‍රකාශය අතිශය මඩකි. සාතිශය මඩකි.
    කා ඇති මඩ ගැන සැසදූ කල්හී නොසලකා හල හැකි බැවින් කම් නැතැ......!!!!!
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ ප්‍රකාශය අතිශය මඩකි. සාතිශය මඩකි.
    කා ඇති මඩ ගැන සැසදූ කල්හී නොසලකා හල හැකි බැවින් කම් නැතැ......!!!!!

    eye re kollek eduwada manda........... madapaarata jayawewaaaaaa
    hooooooooooooooooooo:P:P:P:P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිද වැටෙන පවුල් සංස්ථාවක ශෝකාන්තය.........
    රුවල් ඉරී ගිය නෞකාවේ...........

    රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
    නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ

    දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
    මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
    දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම............

    සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
    අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
    දෑස පියාගෙන මා බිලි දී දිය - ගැඹරට
    ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට...........

    වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක.......

    ඇය තම සැමියා පිළිබදව කරන ගුණ වැනීමට සවන් දෙන්න. මේ ආර්ථික ආගාධයේ ගිලෙමිනුත් ඔහු ඇයට ඉරුණු රුවල් රෙදි දවටා උණුසුම දෙයි. දෝතට එක්කල වැසි දිය පොවා පවස නිවයි. ආර්ථික අහේණියාවෙන් බැට කමින් ම ඔහු සිය බිරිද වෙනුවෙන් සිය යුතුකම හැකි පමණ ඉටු කරයි. ඇය, ඔහු ගේ ඒ වෙර පිළිබද සංවේගයෙන් පසුවේ.

    දැන් ගිලෙන නැව බේරාගත නොහැක.කල හැක්කේ විවාහයේ මේ බැදීම් බිද දැමීම පමණකි. ඇය ගැන සෙනෙහස අත්හරින ලෙසට ඇය ආයාචනා කරන්නී එබැවිනි. ඔවු. ඔහු සිත දැඩි කොට මේ තීරණයට එළබිය යුතු වේ. ඇය ගේ ආයාචනය වන්නේ ඇය මේ දිය ගැඹරට බිළි දී තමාට මෙතරම් යුතුකම් ඉටුකරන ස්වාමියාට ගැළවී යන ලෙසටය.

    වර්තමාන පවුල් සංස්ථාව මුහුණ දෙන ආර්ථික දරිද්‍රතාවය මෙතරම් සංවේදී නිර්මාණයකට ගොනු කල දුර්ලභ අවස්ථාවකි මෙය. මහැදුරු සුනිල් ආරියරත්නයන් නැවත නැවත ද ප්‍රකට කරන්නේ සිය නිසග හැකියාව පිළිබද ව රමණිය වූ අත්දැකීමයි. නන්දා මාලනිය ගේ වැලපෙන ස්වරයකට ආසාන්න කටහඩ, රෝහණයන් අතින නිමැවුණු අධ්‍යාත්මය වෙත කාවදින විලම්භ ලයකින් යුතු තානයකින යුතු වූ සංගීතය සහ ඒ.එම.රොක්සාම් මහතානන් විසින් මවන සිත කීරි ගස්වන වයලීන වාදනය මේ ගීතය හෙල සුභාවිත ගීත අස්වැන්නේ මහගු අස්වැන්නක් බවට පත් කරයි.
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔන්න මම අපේ යාළුවන්ගෙ ඉල්ලීමක් තමා දැන් දෙන්න හදන්නෙ...... අනිවා කමේනට් බලාපොරොත්තු වෙනව... ඔයාල දාන හැම කමෙන්ට් එකක්ම මේ ගීතවලටත් වඩා ආසාවෙන් මම කියවනවා....

    මේ ගීතයේ අපිට ලොකූ කතාවක් කියන්න නෑ. හේතුව තමා සරල ගේය පදවලින් හා සංගීතයෙන් අපිට කියන්න තියෙන හැම දේම කියන එක. සරල සංගීතය හා සරල බස් වහරෙන් රසිකයන්ට දරු සෙනෙහස ඇති කරවන ගීත වලින් ඉතාමත් ඉහල තැනකලු මේක තියෙන්නෙ....

    හොදයි.... ඒත ඊට කලින් මේ ගීතය නිර්මාණය වීමේ රසවත් කතාවක් තියෙනවා... මේ කතාව හරි හැටි ඔප්පු කරගන්න තවමත් අපිට බැරි උනා ... නමුත් දන්න දේ හංගන්න ඕනෙ නැති හින්දා මම කියනවා... කරුණාකරල මට පසුව චෝදනා කරන්න එපා බොරු දානවා කියල... අනික මේක එළකිරි සහෝදරයින්ට පමණය වෙන කිසිම තැනකට දෙන්න එපා.... මම හරි හැටි නොදන්න දෙයක් දාන නිසයි ඉල්ලන්නෙ............

    හොදයි කතාවෙ හැටියට මේ ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක මහතා. ඔහු මේ ගීතය රචනා කරල තියෙන්නෙ හෙන්රි කල්දේරා මහත්මයටලු... කෙසේ වෙතත් දවසක් හෙන්රි කල්දේර මහත්මයා සහ කේ. සේන මහත්මයා දෙදෙනා ඉන්න තැනකදි මේ ගීතය මුල් වරට පෙන්නල තියෙනව අපේ රචකය.... ඉතින් කේ. සේන එකපාරටම ඒක අරගෙන කියවපු ගමන් ගොඩාක් සංවේදී වෙලා ගීතය ඔහුට ඉල්ලුවලු... කරන්න දෙයක් නෑ හෙන්රි කල්දේර ලවා කියවන්න හැදුවත් කේ. සේනට මේක දෙන්න උනා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ ගීය කේ. සේන ගායනා කලා. ඉතාමත් ජනප්‍රිය උනා ඒ කාලයේ..... ජනප්‍රිය වීමත් සමග ඔහුට චෝදනා දස අතින් එන්න පටන් ගත්ත අර සිද්ධිය මුල් කරගෙන... මේ හේතුවෙන් ගොඩාක් කම්පා උන කේ. සේන ගායකයා ගත්ත දැඩි තීරණයක්... ඒ තීරණය නිසා අපට ලස්සන කටහඩක් අහිමි උනා... තීරණය තමයි තවත් කිසිම දිනක ගී ගායනා නොකිරීම... ඇත්තටම ඔහු ගායනා කල පළමු සහ අවසන් ගීතය තමා මේ ගීතය.

    මවකගෙ උණුසුම නොලබා
    සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම
    දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිඟිති පුතේ
    මගෙ පාළුව ‍මැකේ...

    කිරි කැටියෙක් උපන් හැටියෙම අම්ම අහිමි වෙනව කියන්නෙ කොච්චර අසරණ වීමක්ද කියල පියෙකුට හෝ මවකට පමණයි තේරෙන්නෙ... එතනිනුත් මවක් නැතිඋනා කියන්නෙ පියාගෙත් එක පැත්තක් නැති උනා හා සමානයි. මෙතනදි පියා කොච්චර අසරණ වෙනවද අසරණ කිරකැටිය බලාගන්නත් ඕනි, තමාගෙ බිරිද නැතිඋන දුක විදගන්නත් ඕනි... දෙවියනේ මෙහෙම දෙයක් හතුරෙකුටවත් වෙන්නනම් එපා.... මීට වඩා දණුවමක් පියෙකුට දෙන්න පුළුවන්ද..... කොහොම උනත් තාත්ත අහනව කිරිකැටියගෙන් පුතේ උඹටත් මට වගේම පාළුව දැනෙනවද? මම නම් පාළුව නැති කරගන්නෙ මෙහෙම උඹත් එක්ක කතා කරල තමා පුතේ.....

    හිතේ තියෙන පාළු ගතිය
    මගහරින්න පුතේ...
    සුර කුමරුන් සමගින් ඔබ
    හි‍නැහෙනවද පුතේ...
    අප දෙන්නා අඳුරු ලොවක
    තනි කර දා පුතේ...
    නුඹෙ අම්මා දිවිය ලෝකෙ
    ගියා පුංචි පුතේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
    සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

    මම එහෙම කතා කලාට මගේ පුතාට කතා කරන්න බෑනේ.... අම්ම නැතිව හිතේ ඇතිවෙන පාළුව නැතිකරගනන ඔය හිනාවෙන්න සුර කුමාරයන් එක්කද? ඔයා කතා කරන්නෙ සුර කුමාරයන් එක්කනම් පුතේ උඹේ අම්මත් එහේ ඇති.... මට ඔයාව දීල අපි දෙන්නව තනි කරල දාල අම්ම එහෙට තමා ගියේ....... අනේ මගේ රත්තරන් කෙල්ලෙ ඔයා සුරංගනාවක් වෙලා දිව්‍ය ලෝකෙ ඉන්නව කිය මම විශ්වාස කරනව.......

    තවමත් කිරි සුවඳ දැනේ
    ඔබේ සිඟිති කටේ...
    ඔබ නැති නම් මම දැනටත්
    මැරී ඇතැයි සිතේ...
    පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
    එක දිනයෙම උනේ...
    කොහොම ද මම සිහිකරන්නෙ
    පුතුගෙ උපන් දිනේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//

    මගේ පුතාගෙ කිරි සුවද තවමත් මට දැනෙනව... ඒ සුවද ඔස්සේ මට උඹේ අම්මවත් සිහි වෙනව... උඹ හින්ද තමා මගේ පුතේ මම ජීවත් වෙන්නෙ... නැතිනම් මම ජීවත් වෙන එකක් නෑ කියල මට හිතෙනව. මගේ පුතා උපදිනකොටමයි පුතේ අම්මව නැති උනේ.... ඉතින් මට ජීවිතේ ලබන්න තියෙන උපරිම සතුටයි දුකයි දෙකම එක මොහොතකම ලැබුන මම මේ දෙකෙන් සමරන්නෙ කෝකද කියල මට වැටහෙන්නෙ නෑ .... මම පියෙකු උනෙත්, බිරිදක් නැති සැමියෙක් උනෙත් එකම දවසෙ එකම මොහොතෙ..... මේක කිසිම මනුස්සයෙකුට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.... ඒත් මම දරාගන්නෙ මගේ රත්තරන් පුතා නිසයි, ඇය දිව්‍ය ලෝකයට යන්නැති කියල හිතෙන නිසයි...

    ලොකු උනාම අම්මා ගැන
    අහන්නෙපා පුතේ...
    එතකොට මගේ දෙනෙත්
    වලට කඳුළු පිරෙයි පුතේ...
    සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//

    මගේ පුතාව මම කොහොම හරි උස්මහත් කරනව... අනේ රත්තරන් පුතේ මම උඹව එහෙම කරන්නෙ දරාගන්න බැරි දුකක් හිත පතුලෙ බලෙන්ම තදකරගෙන.... උඹ ලොකුවෙනකොට මේව අමතක වෙලා අම්ම ගැනනම් අහන්න එපා... එහෙම උනොත් මීට වඩා දහස් ගානකින් දුක වැඩිවෙලා, ගිණිකන්දක් පුපුරණව වගේ මගේ යටපත් කරන් හිටපු වේදනව එළියට ඒවි. සමහරවිට මට ඒක අද වගේ දරාගන්න බැරිවේවි........

    පිය සෙනෙහස සහ සැමියෙක් බිරිද ගැන දක්වන ආදරය ගැන කියවෙන මේ ගීතය විචාරය කරද්දි පවා අපේ ඇස් වලට කදුලු එනවා... මේ ගීතය සුවහසක් පියවරුන්ට උපාහාරයක්ම වේවා.....

    මවකගෙ උණුසුම නොලබා
    සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම
    දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිඟිති පුතේ
    මගෙ පාළුව ‍මැකේ...

    හිතේ තියෙන පාළු ගතිය
    මගහරින්න පුතේ...
    සුර කුමරුන් සමගින් ඔබ
    හි‍නැහෙනවද පුතේ...
    අප දෙන්නා අඳුරු ලොවක
    තනි කර දා පුතේ...
    නුඹෙ අම්මා දිවිය ලෝකෙ
    ගියා පුංචි පුතේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
    සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

    තවමත් කිරි සුවඳ දැනේ
    ඔබේ සිඟිති කටේ...
    ඔබ නැති නම් මම දැනටත්
    මැරී ඇතැයි සිතේ...
    පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
    එක දිනයෙම උනේ...
    කොහොම ද මම සිහිකරන්නෙ
    පුතුගෙ උපන් දිනේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//

    ලොකු උනාම අම්මා ගැන
    අහන්නෙපා පුතේ...
    එතකොට මගේ දෙනෙත්
    වලට කඳුළු පිරෙයි පුතේ...
    සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//

    නියමයි යාලු නියමයි.. මගෙ ඉල්ලීම ගෑනත් ටිකක් සලකලබලන්න...

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බිද වැටෙන පවුල් සංස්ථාවක ශෝකාන්තය.........
    රුවල් ඉරී ගිය නෞකාවේ...........

    රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
    නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ

    දෝතට එක්කල වැසි දිය පොවමින් - පවසට
    ඉරුණු රුවල් රෙදි දවටා සදමින් - උණුසුම
    මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ- අද දින
    දියඹේ නවතිමි යනු මැන පෙරමග - තනිවම............

    සුන්බුන් නැව් බද දියබත් වී යයි - හෙමිහිට
    අත්හල මැන දැන් මෙතුවක් මට බැදි සෙනෙහස
    දෑස පියාගෙන මා බිලි දී දිය - ගැඹරට
    ගැලවී යනු මැන මේ විපතින් සිත - දැඩි කොට...........

    වර්තමාන පවුල් සංස්ථාවේ ආර්ථික අගාධයක වැටෙන පවුලක ගැහැණිය විවාහය අතැර යන ලෙසට කරන අයැදීමක් ද මේ........මේ විවාහ සංස්ථාව ආර්ථික අගාධයේ ගිලෙමින් පවතී. එය රුවල ඉරී ගිය නෞකාවකි. දළ රල අතරින් ඇදී යා නොහැක. විසදුම එය ගිලෙන්නට ඉඩ දී නෞකාව හැරයාමය. කෙදිනකවත් දෙදෙනාටම ගොඩ බිමක් බලා යා නොහැක.......

    ඇය තම සැමියා පිළිබදව කරන ගුණ වැනීමට සවන් දෙන්න. මේ ආර්ථික ආගාධයේ ගිලෙමිනුත් ඔහු ඇයට ඉරුණු රුවල් රෙදි දවටා උණුසුම දෙයි. දෝතට එක්කල වැසි දිය පොවා පවස නිවයි. ආර්ථික අහේණියාවෙන් බැට කමින් ම ඔහු සිය බිරිද වෙනුවෙන් සිය යුතුකම හැකි පමණ ඉටු කරයි. ඇය, ඔහු ගේ ඒ වෙර පිළිබද සංවේගයෙන් පසුවේ.

    දැන් ගිලෙන නැව බේරාගත නොහැක.කල හැක්කේ විවාහයේ මේ බැදීම් බිද දැමීම පමණකි. ඇය ගැන සෙනෙහස අත්හරින ලෙසට ඇය ආයාචනා කරන්නී එබැවිනි. ඔවු. ඔහු සිත දැඩි කොට මේ තීරණයට එළබිය යුතු වේ. ඇය ගේ ආයාචනය වන්නේ ඇය මේ දිය ගැඹරට බිළි දී තමාට මෙතරම් යුතුකම් ඉටුකරන ස්වාමියාට ගැළවී යන ලෙසටය.

    වර්තමාන පවුල් සංස්ථාව මුහුණ දෙන ආර්ථික දරිද්‍රතාවය මෙතරම් සංවේදී නිර්මාණයකට ගොනු කල දුර්ලභ අවස්ථාවකි මෙය. මහැදුරු සුනිල් ආරියරත්නයන් නැවත නැවත ද ප්‍රකට කරන්නේ සිය නිසග හැකියාව පිළිබද ව රමණිය වූ අත්දැකීමයි. නන්දා මාලනිය ගේ වැලපෙන ස්වරයකට ආසාන්න කටහඩ, රෝහණයන් අතින නිමැවුණු අධ්‍යාත්මය වෙත කාවදින විලම්භ ලයකින් යුතු තානයකින යුතු වූ සංගීතය සහ ඒ.එම.රොක්සාම් මහතානන් විසින් මවන සිත කීරි ගස්වන වයලීන වාදනය මේ ගීතය හෙල සුභාවිත ගීත අස්වැන්නේ මහගු අස්වැන්නක් බවට පත් කරයි.

    කිබුලත් ගේමට බෑහෙල වගේ එල එල දන්න දන්න දේ දාපන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    eye re kollek eduwada manda........... madapaarata jayawewaaaaaa
    hooooooooooooooooooo:P:P:P:P
    විදින්න පුළුවන් ගීත ඔක්කොම ඇඩෙන ඒව තමා............
    ඇයි...පිරිමින්ට අඩන්න තහනම් ද?
    සංවේදීකම කියන එක ශිෂ්ණය මත වත, යෝනිය මතවත් පරායත්ත නැති බව තේරුම් ගනින්......:angry::angry::angry:
     
    • Like
    Reactions: TonyMontana83

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රුවල් ඉරී ගිය නෞකාවේ - නියමුවාණනේ
    නොගිලී දළ රළ පෙළ අතරේ - මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ
    එළ දෙකක් නෑ එළ.... ලොකු හයියක් දැනෙන්නෙ කිඹූල මචෝ... එළකිරි එකේ කොහේ හිටියත් උඹේ සප් එක එතන තියෙනව ජය වේවා.... රෙප් දෙමි......
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට කොච්චර හිතුවත් යාන්තමින්වත් ඉගියක්වත් හම්බ වෙන්නෙ නෑති ගීත්යක් තියන්ව ගහක මල් පිපිලා කරුනාරත්න දිවුල් ගනේගෙ.. මට හිතෙන්නෙම මේකෙ මොකක් හරි සෑගවුන අර්තයක් තියනවමයි කියල... ඒක එහෙමද????
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට කොච්චර හිතුවත් යාන්තමින්වත් ඉගියක්වත් හම්බ වෙන්නෙ නෑති ගීත්යක් තියන්ව ගහක මල් පිපිලා කරුනාරත්න දිවුල් ගනේගෙ.. මට හිතෙන්නෙම මේකෙ මොකක් හරි සෑගවුන අර්තයක් තියනවමයි කියල... ඒක එහෙමද????

    දෙන්නම් මචන් අනිවා දෙන්නම්... මේ වෙලාවෙ කාර්ය බහුල නිසා සවස් කාලයේදී අනිවාර්යයෙන් දෙන්නම්........
     
    • Like
    Reactions: Kudnadun

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපි මේ වන විට ගොඩාක ගීත විචාරය කලා.... රස වින්ද ........ මේ හැම දෙයක්ම කරන්න පුළුවන්උනේ අපේ යාළුවන්ගෙ සහයෝගය නිසා..... මේ වෙලාවෙදි මේ නූල ආරම්භ කරපු සහෝදරය සහ පළමු කමෙන්ට් එක කවියකින් දාල බම්ප් කරල ගත්තු දත් කිඹුල සහෝදර මතක් නොකරම බෑ. ඒ නිසා තමා මම මේ ත්රෙඩ් එක දුටුවෙ... ස්තූතිය ඔබල සියළුම සහෝදරවරුන්ට........

    මේක මම මීට කාලයකට උඩදි කියවල මගේ පරිගණක සටහන් අතර තබා ගත්ත ලිපියක්.... කාංචන කියල සහෝදරයෙක් විසින් දාල තිබුනෙ....... ගීත විචාරය කියවගෙන පිටු ගානක් ඉදිරියට එන ඔබගේ විඩාව නිවන්න සහ මතකය ඈත අතීතයට ගෙනියන්න මෙතුවක් ඇසූ ගීතමානයෙන් වෙනත් මගකට යොමුකරන්න මම මෙහි එම ලිපිය යම් සංස්කරණයකට ලක් කරමින් පල කරනවා.....

    “අම්මෙ මෙන්නෝ…….. ආත්තම්ම දෙහි හංගනවා……”
    “දෙහි හංගනව නෙමෙයි පුතේ, වැඩිපුර දෙහි වැලිවලට යට කරල තිබුනම පස්සෙ කාලෙක ප්රපයෝජනයට ගන්න පුළුවන්.”

    මේ මේ දින වල දකින්න ලැබෙන දැන්වීමක්. මේ දැන්වීම දකින දකින වාරයක් පාසා මට ඇතිවෙන්නේ මේ දැන්වීම ගැන පිළිකුලක්. ඒ හැමවෙලේම මට හිතෙන්නේ මේ දැන්වීම වෙනස් වුනා නම් කියලා.

    “අත්තම්මා මොකද කරන්නේ?”
    “පුතේ මම වැඩිපුර දෙහි වැලිවලට යට කරනවා. එතකොට ඒව පස්සෙ කාලෙක ප්‍රයෝජනයට ගන්න පුළුවන්.”

    මේ දැන්වීම මෙහෙම වුනානම් කොච්චර ලස්සනද? ඇයි මට එහෙම හිතෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඔබට මේ දෙකේ දෙබස් වල වෙනසට වඩා වෙනසක් තේරුනේ නැත්තම් ඔබ කුහකයෙක්.

    මට මේ වෙලාවෙ මතක් වෙනවා අපි පුංචි කාලේ ඒ කිව්වෙ අවුරුදු 15 කට 20 කට විතර එහා රූපවාහිනියේ නිතර ගියපු ගීතයක්. දැන්නම් මේ වගේ ඒවා වැරදිලා වත් යන්නෙ නෑ. පුංචි කාලේ අපේ ජීවිත හැඩගැහුනේ මේ වගේ ගීත වගේ එවයින්. “අනාගත දායාදය” කියල තමා ඒක නම් කරල තියෙන්නේ. ඇස් මහින්ද හිමියන්ගේ අරුත් බර ගේය පද, රෝහණ වීරසිංහගේ සංගීතයට මුසුව එතුමාම, අනූෂ නානයක්කාර සමඟ ගායනා කරන මේ ගීතය කොතරම් ද ලස්සනද කියලා බලන්න. අදටත් මේ ගීත අපේ මතකයේ නොමැකී කට පාඩමේ තියෙන්නේ මේවායේ තියන අරුත්බර සුන්දරත්වය නිසාමයි.

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ

    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි

    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක් වත් කන්න ලැබේවිද

    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්න හැකිදේ නොම තේරේ මට

    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹ ගස්වල
    පලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
    අපෙන් පසුව එන අයටත් එම පල
    ලැබෙන්න සැලසුම අපගේ යුතුකම

    මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි.

    මේ ගීතය මෙතුවක් අප දැමූ ගීත වලට වඩා වෙනස්.... හේතුව තමා අපි එක තත්පරයකින් අතීතයට ගෙනියනවා.... මට තවමත් මතකයි මම පොඩිකාලෙ දොස්තර හොදහිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය බලපු හැටි... කොච්චර සුන්දරද... මේ ගීතය පොඩි කාලෙ ඇහුණයින් පස්සෙ අපිට ඇහෙන්නෙ නෑ... ඒත් පදවල සහ තණුවේ තියෙන ප්රසබල කම කියන්නෙ අදටත් පුදුම විදියට තණුවත් පදත් එක වගේ මතකයි..... අපේ යාළුවන්ටත් එහෙම වෙන්න ඇති කියල හිතනව... මේ ගීතයට සංවේදී රූප රචනාවකුත් තිබුනා. අඹ ඇටය හිටවලා ඒකට වඳින හැටි බලන්න. ඒ වගේම අවසානයේදී සීයට නැගෙන සතුටු කඳුළු ඒ රූප රචනාවෙ තිබුන. නමුත් දැන් වෙලාවකට හිතෙනවා ඒ සතුටු කඳුළුද නැතිනම් අනාගතය දැකලා සීයට ඇතිවුන දුකට ආපු කඳුළුද කියලත්.

    අපි මෙතෙක් කතා කල විදියෙ ගීත නොලියවුනත් කමක් නෑ... අඩුමගානෙ අපේ දරුවන්ටවත් මේ වගේ ආදරශමත් ගීත ලියවෙනවනම්.... ඒකත් නෑ නොවැ.. මේක අපේ දරුවන්ගෙ ලැබීමද අවාසනාවද කියලත් හිතෙනව වෙලාවකට............