සුන්දර ගීයක ඇරබුම,..

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    අපි මේ වන විට ගොඩාක ගීත විචාරය කලා.... රස වින්ද ........ මේ හැම දෙයක්ම කරන්න පුළුවන්උනේ අපේ යාළුවන්ගෙ සහයෝගය නිසා..... මේ වෙලාවෙදි මේ නූල ආරම්භ කරපු සහෝදරය සහ පළමු කමෙන්ට් එක කවියකින් දාල බම්ප් කරල ගත්තු දත් කිඹුල සහෝදර මතක් නොකරම බෑ. ඒ නිසා තමා මම මේ ත්රෙඩ් එක දුටුවෙ... ස්තූතිය ඔබල සියළුම සහෝදරවරුන්ට........

    මේක මම මීට කාලයකට උඩදි කියවල මගේ පරිගණක සටහන් අතර තබා ගත්ත ලිපියක්.... කාංචන කියල සහෝදරයෙක් විසින් දාල තිබුනෙ....... ගීත විචාරය කියවගෙන පිටු ගානක් ඉදිරියට එන ඔබගේ විඩාව නිවන්න සහ මතකය ඈත අතීතයට ගෙනියන්න මෙතුවක් ඇසූ ගීතමානයෙන් වෙනත් මගකට යොමුකරන්න මම මෙහි එම ලිපිය යම් සංස්කරණයකට ලක් කරමින් පල කරනවා.....

    “අම්මෙ මෙන්නෝ…….. ආත්තම්ම දෙහි හංගනවා……”
    “දෙහි හංගනව නෙමෙයි පුතේ, වැඩිපුර දෙහි වැලිවලට යට කරල තිබුනම පස්සෙ කාලෙක ප්රපයෝජනයට ගන්න පුළුවන්.”

    මේ මේ දින වල දකින්න ලැබෙන දැන්වීමක්. මේ දැන්වීම දකින දකින වාරයක් පාසා මට ඇතිවෙන්නේ මේ දැන්වීම ගැන පිළිකුලක්. ඒ හැමවෙලේම මට හිතෙන්නේ මේ දැන්වීම වෙනස් වුනා නම් කියලා.

    “අත්තම්මා මොකද කරන්නේ?”
    “පුතේ මම වැඩිපුර දෙහි වැලිවලට යට කරනවා. එතකොට ඒව පස්සෙ කාලෙක ප්‍රයෝජනයට ගන්න පුළුවන්.”

    මේ දැන්වීම මෙහෙම වුනානම් කොච්චර ලස්සනද? ඇයි මට එහෙම හිතෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඔබට මේ දෙකේ දෙබස් වල වෙනසට වඩා වෙනසක් තේරුනේ නැත්තම් ඔබ කුහකයෙක්.

    මට මේ වෙලාවෙ මතක් වෙනවා අපි පුංචි කාලේ ඒ කිව්වෙ අවුරුදු 15 කට 20 කට විතර එහා රූපවාහිනියේ නිතර ගියපු ගීතයක්. දැන්නම් මේ වගේ ඒවා වැරදිලා වත් යන්නෙ නෑ. පුංචි කාලේ අපේ ජීවිත හැඩගැහුනේ මේ වගේ ගීත වගේ එවයින්. “අනාගත දායාදය” කියල තමා ඒක නම් කරල තියෙන්නේ. ඇස් මහින්ද හිමියන්ගේ අරුත් බර ගේය පද, රෝහණ වීරසිංහගේ සංගීතයට මුසුව එතුමාම, අනූෂ නානයක්කාර සමඟ ගායනා කරන මේ ගීතය කොතරම් ද ලස්සනද කියලා බලන්න. අදටත් මේ ගීත අපේ මතකයේ නොමැකී කට පාඩමේ තියෙන්නේ මේවායේ තියන අරුත්බර සුන්දරත්වය නිසාමයි.

    මොනවද මුත්තේ මොකද කරන්නේ
    මොකටද ඔබ ඔය බිම හාරන්නේ

    ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
    අඹ ඇටයක් සිටුවන්නට හාරමි


    දුකසේ සිටුවා අඹ ඇටයක් අද
    එක අඹයක් වත් කන්න ලැබේවිද

    මම ළමයෝ මින් අඹයක් නොපතමි
    යුතුකම පමණක් ඉටුකොට තබනෙමි


    තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
    කරන්න හැකිදේ නොම තේරේ මට

    පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
    හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

    පෙර උන් අය සිටවූ අඹ ගස්වල
    පලයෙන් අපි කවුරුත් ලබනෙමු පල
    අපෙන් පසුව එන අයටත් එම පල
    ලැබෙන්න සැලසුම අපගේ යුතුකම


    මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
    ආයුබොවන් මුත්තේ මම යන්නෙමි.


    මේ ගීතය මෙතුවක් අප දැමූ ගීත වලට වඩා වෙනස්.... හේතුව තමා අපි එක තත්පරයකින් අතීතයට ගෙනියනවා.... මට තවමත් මතකයි මම පොඩිකාලෙ දොස්තර හොදහිත, පිස්සු පූසා, ගලිවර්ගේ සුවිසැරිය බලපු හැටි... කොච්චර සුන්දරද... මේ ගීතය පොඩි කාලෙ ඇහුණයින් පස්සෙ අපිට ඇහෙන්නෙ නෑ... ඒත් පදවල සහ තණුවේ තියෙන ප්රසබල කම කියන්නෙ අදටත් පුදුම විදියට තණුවත් පදත් එක වගේ මතකයි..... අපේ යාළුවන්ටත් එහෙම වෙන්න ඇති කියල හිතනව... මේ ගීතයට සංවේදී රූප රචනාවකුත් තිබුනා. අඹ ඇටය හිටවලා ඒකට වඳින හැටි බලන්න. ඒ වගේම අවසානයේදී සීයට නැගෙන සතුටු කඳුළු ඒ රූප රචනාවෙ තිබුන. නමුත් දැන් වෙලාවකට හිතෙනවා ඒ සතුටු කඳුළුද නැතිනම් අනාගතය දැකලා සීයට ඇතිවුන දුකට ආපු කඳුළුද කියලත්.

    අපි මෙතෙක් කතා කල විදියෙ ගීත නොලියවුනත් කමක් නෑ... අඩුමගානෙ අපේ දරුවන්ටවත් මේ වගේ ආදරශමත් ගීත ලියවෙනවනම්.... ඒකත් නෑ නොවැ.. මේක අපේ දරුවන්ගෙ ලැබීමද අවාසනාවද කියලත් හිතෙනව වෙලාවකට............
    සහතික ඇත්ත
     

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!
    :(:([/QUOTE]

    බලාගෙන ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ අය. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද දවසේ දී ජනප්‍රිය ම ගීතයක්...........
    ඇරඹුම ම කදුළක් වෙලා..........


    arambumama-kandulak-wela-kasun-kalhara.jpg


    හැල හැප්පීමක් මැද්දෙන ඇරඹෙන පෙමක්??????? අන්තිම කෙළවරදී ඇති වුණ හැල හැප්පීම්....???
    කොහොම වුණත් ඇය යන්නේ අවසානයට පෙර වීම ඔහුට දරා ගන්නට බැරි දෙයක්. ඇය අවසානය තෙක් වත් සිටියා නම්....??
    ඒ ප්‍රේමය දුක්බර කවියක්. නමුත් එහිත් පද පෙලක් ඈ අඩුවෙන් තියන තරමට ඇයව ‍වටහා ගැනීම ඔහුට අපහසුයි. ප්‍රේමය බිද වැටෙන්නේ ඒනිසාමයි.......ඇට ගිය පසුත් මම ඒ අඩු පදයේ අරුත සොයනවා.........ඇත්තටම එය පසිදින්නට, වටහා ගන්නට බැරි හේතුවක්........
    මේ ප්‍රේමයේ අවසන ශෝකාන්තටන් බව ඇය දන්නා බව ඔහුත් දන්නවා. ඇය ඒ තුල රැදෙන්නේ නැති බවද ඔහු දන්නවා. නමුත් ඈ ඔහුව මේ ප්‍රේමයේ අනන්තය වෙත කැදවා අවසානයි. ඔහු මේ ප්‍රේමයේ අනන්තය තුළ නිරා දුක් විදිමින් පැසෙනවා. එයද ඇත්තම සෙනෙහස......??????
    ඔහුට විදවන්නට, දරන්නට, උහුලාගන්නට බැරි එකම කරුණ, ඇය අවසානය තෙක් නොසිට ම යාමයි.

    ප්‍රේමය පමණද???????
    කසුන් ගේ මෑණියන් ඔහු සංගීත ලොව දිග්විජය කරන්නට පෙරම අවසන් ගමන් ගියා. මේ ඇය වන්නට බැරිද? ප්‍රසව වේදනා දරා, ඇරඹුම කදුළකින් අරඹන ඇය, ආ දුර බොහෝ දුර වැඩි නිසා තම පුතනුවන් හැර ගියා ද?
    මවකගේ සෙනෙහස ඇත්තටම අරුත පසිදින්නට බැරි කවියක්, කිකලකවත්. ඔහු නොලද ඇගේ සෙනෙහස ද මේ පද පෙලේ අඩුව?
    කවදා මුත් මියන බව දැන, ඒ හෝකාන්තය එනතෙක් නොසිට ම මාලිනී බුලත්සිංහල සමුගෙන ගියාද? කසුන් ඒ වන විටත් මව් සෙනෙහේ අනන්තය ළග තනිව බව කියනවාද?

    විවිධ පැතිවලින් බලන කළ විවිධ පාටින් පෙනෙක පිරිසිදු දියමන්තියක් බදු මේ පබැදුම මනරම්. ඇත්තෙන් ම දලීප එය කෙලෙස ගොනු කලා ද යන්න මට නම් ප්‍රෙහේලිකාවක්......!!!

    නියම කලාකෘතියක ස්වභාවයත් එයමැයි. බුදුන් වදාල තෙවලා දහම සේමැ "තම තම නැන පමණින් දැන ගත යුත්" එකකි. තම තම අත්දැකීම් අනුව විද ගත් යුත් දෙයකි.......!!!!
     
    • Like
    Reactions: TonyMontana83

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කිඹුලයියේ..... උඹ මේ ගීතය දැම්මමයි මතක් උනේ... මේක ගැන පොඩි විස්තර ටිකක් තියෙනවා... අයිය මොකද කියන්නේ... දාන්නද......?
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    4000 මේ ත්රෙඩ් එක බලල.......:nerd::nerd::nerd:
    ඒත් රිප්ලයි 230 දීල තියෙන්නෙ මම දාපුවත් ඇතුලත්ව.........:(:(:(
    හිතනම් ටිකක් රිදෙනව........:no::no::no:
    මහන්සිය ගැන..........:baffled::baffled::baffled:
    බිය නොවන්න අය්යේ
    THREAD එක ඉහලට ගන්නා හැටි මම පෙන්නමි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ..... උඹ මේ ගීතය දැම්මමයි මතක් උනේ... මේක ගැන පොඩි විස්තර ටිකක් තියෙනවා... අයිය මොකද කියන්නේ... දාන්නද......?
    මොකටෙයි බං වරං ගන්නේ........:nerd:
    දාපං........!!!!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හිතන්නේ යාලුවෝ මේ thread එක යන වේගය වැඩයි කියල
    මෙහෙම ගියොත් පස්සට දාන්න ගීත නැති වෙයි ද දන්නේ නැ
    සිංදු නැතිවෙයි...........????????:shocked::shocked:
    මගේ එක්ස්ටර්නල් හාඩ් එකේ ම තියනව 6000කට වඩා.........:frown:
    මට ම ගහන්න පුළුවන් ඒ කියන්නේ 6000ක්...........:baffled:
    එළ ම සිංදු...........:P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!
    :(:(

    බලාගෙන ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ අය. :)[/QUOTE]
    හැමෝම බොහෝ විට රස විදින්නේ විප්‍රලම්භ ශෘංගාරය තමා........!!!!!!!
    ඒක අපි හැමෝටම ළගයි.........සහ රසයි..........
     

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    Saslit and Other in one day this thread can be hiddine under thousend of other..I it is must not turn for all Sinhala Literature lovers to miss such a precious source.. Saslit..Make your knowledge more utilize for all..Start a blog ..with all these interesting stuff.. Promises we will be there for you help. rep+++
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඔන්න මම අපේ යාළුවන්ගෙ ඉල්ලීමක් තමා දැන් දෙන්න හදන්නෙ...... අනිවා කමේනට් බලාපොරොත්තු වෙනව... ඔයාල දාන හැම කමෙන්ට් එකක්ම මේ ගීතවලටත් වඩා ආසාවෙන් මම කියවනවා....

    මේ ගීතයේ අපිට ලොකූ කතාවක් කියන්න නෑ. හේතුව තමා සරල ගේය පදවලින් හා සංගීතයෙන් අපිට කියන්න තියෙන හැම දේම කියන එක. සරල සංගීතය හා සරල බස් වහරෙන් රසිකයන්ට දරු සෙනෙහස ඇති කරවන ගීත වලින් ඉතාමත් ඉහල තැනකලු මේක තියෙන්නෙ....

    හොදයි.... ඒත ඊට කලින් මේ ගීතය නිර්මාණය වීමේ රසවත් කතාවක් තියෙනවා... මේ කතාව හරි හැටි ඔප්පු කරගන්න තවමත් අපිට බැරි උනා ... නමුත් දන්න දේ හංගන්න ඕනෙ නැති හින්දා මම කියනවා... කරුණාකරල මට පසුව චෝදනා කරන්න එපා බොරු දානවා කියල... අනික මේක එළකිරි සහෝදරයින්ට පමණය වෙන කිසිම තැනකට දෙන්න එපා.... මම හරි හැටි නොදන්න දෙයක් දාන නිසයි ඉල්ලන්නෙ............

    හොදයි කතාවෙ හැටියට මේ ගීතය රචනා කරල තියෙන්නෙ ප්‍රවීණ ගීත රචක ප්‍රේම්නාත් ජයතිලක මහතා. ඔහු මේ ගීතය රචනා කරල තියෙන්නෙ හෙන්රි කල්දේරා මහත්මයටලු... කෙසේ වෙතත් දවසක් හෙන්රි කල්දේර මහත්මයා සහ කේ. සේන මහත්මයා දෙදෙනා ඉන්න තැනකදි මේ ගීතය මුල් වරට පෙන්නල තියෙනව අපේ රචකය.... ඉතින් කේ. සේන එකපාරටම ඒක අරගෙන කියවපු ගමන් ගොඩාක් සංවේදී වෙලා ගීතය ඔහුට ඉල්ලුවලු... කරන්න දෙයක් නෑ හෙන්රි කල්දේර ලවා කියවන්න හැදුවත් කේ. සේනට මේක දෙන්න උනා. කොහොමින් කොහොම හරි අන්තිමට මේ ගීය කේ. සේන ගායනා කලා. ඉතාමත් ජනප්‍රිය උනා ඒ කාලයේ..... ජනප්‍රිය වීමත් සමග ඔහුට චෝදනා දස අතින් එන්න පටන් ගත්ත අර සිද්ධිය මුල් කරගෙන... මේ හේතුවෙන් ගොඩාක් කම්පා උන කේ. සේන ගායකයා ගත්ත දැඩි තීරණයක්... ඒ තීරණය නිසා අපට ලස්සන කටහඩක් අහිමි උනා... තීරණය තමයි තවත් කිසිම දිනක ගී ගායනා නොකිරීම... ඇත්තටම ඔහු ගායනා කල පළමු සහ අවසන් ගීතය තමා මේ ගීතය.

    මවකගෙ උණුසුම නොලබා
    සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම
    දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිඟිති පුතේ
    මගෙ පාළුව ‍මැකේ...


    කිරි කැටියෙක් උපන් හැටියෙම අම්ම අහිමි වෙනව කියන්නෙ කොච්චර අසරණ වීමක්ද කියල පියෙකුට හෝ මවකට පමණයි තේරෙන්නෙ... එතනිනුත් මවක් නැතිඋනා කියන්නෙ පියාගෙත් එක පැත්තක් නැති උනා හා සමානයි. මෙතනදි පියා කොච්චර අසරණ වෙනවද අසරණ කිරකැටිය බලාගන්නත් ඕනි, තමාගෙ බිරිද නැතිඋන දුක විදගන්නත් ඕනි... දෙවියනේ මෙහෙම දෙයක් හතුරෙකුටවත් වෙන්නනම් එපා.... මීට වඩා දණුවමක් පියෙකුට දෙන්න පුළුවන්ද..... කොහොම උනත් තාත්ත අහනව කිරිකැටියගෙන් පුතේ උඹටත් මට වගේම පාළුව දැනෙනවද? මම නම් පාළුව නැති කරගන්නෙ මෙහෙම උඹත් එක්ක කතා කරල තමා පුතේ.....

    හිතේ තියෙන පාළු ගතිය
    මගහරින්න පුතේ...
    සුර කුමරුන් සමගින් ඔබ
    හි‍නැහෙනවද පුතේ...
    අප දෙන්නා අඳුරු ලොවක
    තනි කර දා පුතේ...
    නුඹෙ අම්මා දිවිය ලෝකෙ
    ගියා පුංචි පුතේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
    සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...


    මම එහෙම කතා කලාට මගේ පුතාට කතා කරන්න බෑනේ.... අම්ම නැතිව හිතේ ඇතිවෙන පාළුව නැතිකරගනන ඔය හිනාවෙන්න සුර කුමාරයන් එක්කද? ඔයා කතා කරන්නෙ සුර කුමාරයන් එක්කනම් පුතේ උඹේ අම්මත් එහේ ඇති.... මට ඔයාව දීල අපි දෙන්නව තනි කරල දාල අම්ම එහෙට තමා ගියේ....... අනේ මගේ රත්තරන් කෙල්ලෙ ඔයා සුරංගනාවක් වෙලා දිව්‍ය ලෝකෙ ඉන්නව කිය මම විශ්වාස කරනව.......

    තවමත් කිරි සුවඳ දැනේ
    ඔබේ සිඟිති කටේ...
    ඔබ නැති නම් මම දැනටත්
    මැරී ඇතැයි සිතේ...
    පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
    එක දිනයෙම උනේ...
    කොහොම ද මම සිහිකරන්නෙ
    පුතුගෙ උපන් දිනේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//


    මගේ පුතාගෙ කිරි සුවද තවමත් මට දැනෙනව... ඒ සුවද ඔස්සේ මට උඹේ අම්මවත් සිහි වෙනව... උඹ හින්ද තමා මගේ පුතේ මම ජීවත් වෙන්නෙ... නැතිනම් මම ජීවත් වෙන එකක් නෑ කියල මට හිතෙනව. මගේ පුතා උපදිනකොටමයි පුතේ අම්මව නැති උනේ.... ඉතින් මට ජීවිතේ ලබන්න තියෙන උපරිම සතුටයි දුකයි දෙකම එක මොහොතකම ලැබුන මම මේ දෙකෙන් සමරන්නෙ කෝකද කියල මට වැටහෙන්නෙ නෑ .... මම පියෙකු උනෙත්, බිරිදක් නැති සැමියෙක් උනෙත් එකම දවසෙ එකම මොහොතෙ..... මේක කිසිම මනුස්සයෙකුට දරාගන්න පුළුවන් දෙයක් නෙමෙයි.... ඒත් මම දරාගන්නෙ මගේ රත්තරන් පුතා නිසයි, ඇය දිව්‍ය ලෝකයට යන්නැති කියල හිතෙන නිසයි...

    ලොකු උනාම අම්මා ගැන
    අහන්නෙපා පුතේ...
    එතකොට මගේ දෙනෙත්
    වලට කඳුළු පිරෙයි පුතේ...
    සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//


    මගේ පුතාව මම කොහොම හරි උස්මහත් කරනව... අනේ රත්තරන් පුතේ මම උඹව එහෙම කරන්නෙ දරාගන්න බැරි දුකක් හිත පතුලෙ බලෙන්ම තදකරගෙන.... උඹ ලොකුවෙනකොට මේව අමතක වෙලා අම්ම ගැනනම් අහන්න එපා... එහෙම උනොත් මීට වඩා දහස් ගානකින් දුක වැඩිවෙලා, ගිණිකන්දක් පුපුරණව වගේ මගේ යටපත් කරන් හිටපු වේදනව එළියට ඒවි. සමහරවිට මට ඒක අද වගේ දරාගන්න බැරිවේවි........

    පිය සෙනෙහස සහ සැමියෙක් බිරිද ගැන දක්වන ආදරය ගැන කියවෙන මේ ගීතය විචාරය කරද්දි පවා අපේ ඇස් වලට කදුලු එනවා... මේ ගීතය සුවහසක් පියවරුන්ට උපාහාරයක්ම වේවා.....

    මවකගෙ උණුසුම නොලබා
    සැපට නිදන පුතේ...
    ඔබටත් මට මෙන් තනිකම
    දැනෙනවාද පුතේ...
    ඔබෙන් සිඟිති පුතේ
    මගෙ පාළුව ‍මැකේ...

    හිතේ තියෙන පාළු ගතිය
    මගහරින්න පුතේ...
    සුර කුමරුන් සමගින් ඔබ
    හි‍නැහෙනවද පුතේ...
    අප දෙන්නා අඳුරු ලොවක
    තනි කර දා පුතේ...
    නුඹෙ අම්මා දිවිය ලෝකෙ
    ගියා පුංචි පුතේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...
    සුර විමනක වැදී - මගෙ රන්කද නිදී...

    තවමත් කිරි සුවඳ දැනේ
    ඔබේ සිඟිති කටේ...
    ඔබ නැති නම් මම දැනටත්
    මැරී ඇතැයි සිතේ...
    පුතු‍ගෙ උපත ම‍වගෙ විපත
    එක දිනයෙම උනේ...
    කොහොම ද මම සිහිකරන්නෙ
    පුතුගෙ උපන් දිනේ...
    මා හට දී ‍ඔයා - ඈ සු‍රලොව ගියා...//

    ලොකු උනාම අම්මා ගැන
    අහන්නෙපා පුතේ...
    එතකොට මගේ දෙනෙත්
    වලට කඳුළු පිරෙයි පුතේ...
    සුර විමනක වැදී මගෙ රන් කද නිදී...//

    mulinma mage illima gana salakala oya me githaya gana wicharayak dapu ekata mama godak sthuthiwantha wenawa... me gethaya mage hithata godak kawadichcha githayak..... oyage wicharaya kiyewwata passe mata wenadatha wada me geethaya hithata kawadhuna...
    meka hoda wadak yaluwak.. digatama me wage honda geetha gana wichara liyanna...
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,760
    859
    113
    ස්වර්ණවිමානේ
    ඒ ඇසෙන්නේ මොහිදින් බෙග් ගේ හඬයි. නාරිලතා මල පිළිබඳ ව අපූරු පුවතක් ජාතක පොතේ හමුවෙයි. එක්තරා තාපසයකු වනාන්තරයක භාවනා කරමින් සිටියේ ය. දිනක් ඔහුගේ ඇස ගැටෙන්නේ තම ආරණ්‍ය ඉදිරියේ පිපී ඇති අපූරු පුෂ්පයකි. ඒ පුෂ්පයේ විශේෂත්වය වන්නේ එහි ස්ත්‍රියකගේ හැඩරුව ඇඳී තිබීමයි.
    මිනිස් ඇසුරෙන් බැහැර ව අපිස් ජීවිතයක් ගතකරමින් සිටි මේ තාපසයා ගේ මනසෙ හි එක්වර ම රාගය පිබිදෙයි. මේ පුෂ්පය නාරිලතා මල ලෙස හඳුන්වන්නේ ගැහැනියක ගේ රූපකාය මේ මලෙන් දැකිය හැකි බැවිනි. නමුත් ඒ මල සුපිපුණේ හිමාල වනාන්තරයේ ය. මේ මල පූදින්නේ යටලීයෙනි. එසේ ම මේ ගීයෙන් අපට මුණගැසෙන්නේ තාපසයකු ද නොවේ.
    සමාජ ආර්ථික ගැටලු ගීතය සමඟ සම්මිශ්‍රණය කරගැනීමට ලූෂන් බුලත්සිංහලයෝ සමත්කම් දක්වති. ‘පිපුණු මලේ රුව‘ නමැති නිර්මාණය මේ සඳහා කදිම නිදර්ශනයකි. මේ නිර්මාණයෙන් ද මුණගැසෙන්නේ දරිද්‍රතාවයෙන් බැටකමින් තම යෞවනය තුළ පරාජිතභාවය උරුම කරගන්නා වූ පුද්ගලයෙකි.
    ආර්ථික දරිද්‍රතාව ඉදිරියේ ඔහුගේ ජීවිතය ලිහාගන්නට නොහැකි අවුල් ජාලාවක පැටලෙයි. මේ නිසාම ආලය සෙනෙහස ඔහුගේ ජීවිතයෙන් ක්‍රමයෙන් ඈත්වෙයි. මේ සියල්ල සංකේතාත්මක ව රූපකාර්ථ නඟමින් ඉදිරිපත් කිරීමට බුලත්සිංහලයෝ සමත් වෙති.

    ”සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ...


    ඔහුට නිදන්නට ඇත්තේ ලණු ඉහිරුණු සිරි යහනකි. සිරියහනට පවා ඔහු ගැන දුක සිතී සුසුම් හෙළයි. ඔහුගේ කුටිය පුරා මකුළුවෝ දැල් වියති. ඔහු පැටලී ඇති අවුල් ජාලාව ඒ මඟින් ප්‍රකාශිත වේ. සැබෑ ලෙස ම රචකයා අප ඉදිරියේ මවන සංකල්ප රූපය තුළ ජනනය වන්නේ ලනු ඇඳක නිදිවර්ජිත ව රාත්‍රිය ගත කරන්නා වූ යොවුන් වියෙන් මැදිවයසට ප්‍රවේශවෙමින් සිටින බලාපොරොත්තු කඩකරගත් පුද්ගලයෙකි.
    එසේ නම් වහලය දෙස බලාගෙන සුසුම් හෙළන මොහු දකින නාරිලතා මල් මොනවාද? ඒ අනෙකක් නොව ජීවිතය වරින් වර ඔහුට මුණගැසුණු සුන්දර තරුණියෝ ඇර කවුරුන්ද? එහෙත් එදා තාපසයාට මෙන් ඒ නාරිලතා මල් සිහිවීමෙන් ඔහුට උපදින්නේ රාගයක් නොව ශෝකයකි. මන්ද ඔහුට ජීවිතයේ වරින් වර මුණගැසුණු තරුණියන් ඔහුට අහිමිවන්නේ ඔහු වෙලාගෙන ඇති දරිද්‍රතාව නිසා බැවිනි.
    මේ ගීතය විචාරයට හසු කළ මගේ මිත්‍ර සිංහල ගුරුතුමකු සිසුන් ඉදිරියේ පවසා තිබුණේ තරුණියන් සිහිකරමින් ස්වයං වින්දනයක යෙදෙන්නකු මේ ගීතයෙන් මතුවන බවයි. එබඳු අර්ථ දැක්වීමක නිරතවීම මේ ගීතයට කරන බරපතළ හානියක් බව මගේ හැඟීමයි.
    ආර්ථික දරිද්‍රතාවය ඉදිරියේ බිඳවැටුණු ආදරයක් සිහිපත් කරන්නකු රාගාධික උන්මත්තකයකු බවට පත්කිරීම නොකළ යුත්තකි. මේ මොහොතේ ඔහු සිටින්නේ තමා ගැන ම උපන් කළකිරීමකින් මිස අහිමි වූ ස්ත්‍රීන් සමඟ මානසික සම්භෝගයකින් නොවේ.

    සදෙන් සඳට මුවා වෙලා
    කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කදුළු බිංදු
    පැදුරට මුහුවෙලා හොරෙන්



    ඔහු කිසිදාක හඬන්නට බලාපාරොත්තු වූවකු නොවේ. එහෙත් යෞවනය මෙසේ අකාලයේ ගෙවීයාම පිළිබඳ වාවාගත නොහැකි වේදනාවක් ඔහු තුළ පවතී. “සඳෙන් සඳට මුවාවී” යන යෙදුම අකාලයේ ගෙවී ගිය කාලය වෙනුවෙන් යෙදූ අපූර්වතම කාවේ‍යීක්තියකි. කිසිදා අඬන්නට නොසිටි මිනිසකුගේ හඬා වැටීම වෙනුවෙන් නෙතට නුහුරු යන යෙදුම ප්‍රබල ප්‍රකාශනයක් බවට පත්වෙයි. සැම විට ම සමාජ ආර්ථික දේශපාන පරිසරය මිනිස් ජීවිතයට කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න මේ ගීතයෙන් මනාව ප්‍රත්‍යක්ෂ වේ.

    යහන තලා සැප විඳිනා
    පල දී නැතුවා පෙර පින්
    මාල වළලු නොතිත් අයට
    අප අමතක වෙලා ගිහින්“


    ගීත රචකයකු සාහිත්‍ය ඥානයෙන් භාෂා ඥානයෙන් කෙතරම් පිරිපුන් විය යුතු ද යන්න බුලත්සිංහලයන් ගේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙන් මනාව වටහාගත හැකිය. “මාල වළලු නොතිත් අය” නැමැති යෙදුම පැරැණි සම්භාව්‍ය සාහිත්‍ය ඔස්සේ ගලා එන්නකි. ස්ත්‍රීන් මාල වළලු වලට දක්වන අසීමිත ආසාව මේ මඟින් ප්‍රකාශිත වේ.

    ”දරුවන් වැදීමෙන්
    අබරණ ලා සැදීමෙන්
    රති කෙළි යෙදීමෙන්
    වෙසෙත් අඟනුන් නොතිත් වීමෙන්

    (කාව්‍යශේඛරය - තොටගමුවේ ශ්‍රී රාහුල හිමි)

    ඔහු පවසන්නේ ඔහුගේ දරිද්‍රතාවයේ බරපතලකම වටහාගත් තරුණියන් ඔහු ව අමතක කර දැමූ බවයි. එහෙත් ඔහු කිසිවකුට දොස් නොපවසන අතර තමා ව වෙලාගත් ආර්ථික අගාධය පිළිබඳ ව තනිව ම පශ්චත්තාප වේ.

    එඩ්වඩ් ජයකොඩි ගේ ගායන විශිෂ්ටතාව නිසාම මේ පදමාලාවට සුවිශේෂ අගයක් හිමිවෙයි. මෙහි සංගීත රිද්මය ගීතයේ රසය තීව්ර කිරීමට වඩා ගීතය ජනප්‍රිය කරවීම උදෙසා ම ගත් වෑයමක් බව මගේ හැඟීමයි.



    සිරියහනේ ලණු ඉහිරී සුසුම් හෙළන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    ස‍ඳෙන් සඳට මුවා වෙලා කල දවසත් ගෙවී ගිහින්
    නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//

    සිරියහනේ ලණු ඉහිරී..

    යහන තලා සැප හිඳිනා කලහී නැතුවා පෙර පිං
    මාල වළලු නොතිබ් අයට අප අමතක වෙලා ගිහින්
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ//


    ධම්මික බණ්ඩාර, සිළුමිණ
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මේ හාදයා ගේ තමා "මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා":yes::yes::yes:
    me sir ape scl eke sinhala igannuwa kalayak.. sindu liyanna witharak newe meyata hodata sindu kiyananth puluwan... aa dawas wala meyage sindu ahanna api sinhala period eka enakm balan inne
     
    • Like
    Reactions: TonyMontana83