එළකිරි භූත කොටුව.........

121221

Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මම අහල තියනවා ඔය පුළුටු බැදුම් තෙල් දාපුව මස් ජාති වලට යක්ෂයෝ ප්‍රේතයෝ ඇදිල එන්නේ සුබවයෙන්මයි කියල . සාමාන්යෙන් ඕව තියන තැන වලට තමයි හැමෝම රස වෙන්නේ . එක තමයි හැටි . අපි උනත් කොල්ලෝ සෙට් එකක් ගත්තොත් හැම එකම වගේ සෙට් වෙනවද පන්සල් ගිහිල්ල පින් වැඩ වලට සහබාගි වෙන්න නැහැ . නමුත් එල බයිටක් එක්ක බෝතලයකට සෙට් වෙලා බජව්වක් දන්න සෙට් වෙන්න කිව්වොත් බීවත් නැතත් මස් කවත් නැතත් ඔය තැනට නිකන්ම කට්ටිය ඇදිල එනවා එහෙම නේද ? ඇත්තටම ඒ අපේ තියන තණ්හාව නිසා . අමනුස්සයනුත් එසේමයි .


    මම අහල තියනවා ඔය පුළුටු බැදුම් තෙල් දාපුව මස් ජාති වලට යක්ෂයෝ ප්‍රේතයෝ ඇදිල එන්නේ සුබවයෙන්මයි කියල . සාමාන්යෙන් ඕව තියන තැන වලට තමයි හැමෝම රස වෙන්නේ . එක තමයි හැටි . අපි උනත් කොල්ලෝ සෙට් එකක් ගත්තොත් හැම එකම වගේ සෙට් වෙනවද පන්සල් ගිහිල්ල පින් වැඩ වලට සහබාගි වෙන්න නැහැ . නමුත් එල බයිටක් එක්ක බෝතලයකට සෙට් වෙලා බජව්වක් දන්න සෙට් වෙන්න කිව්වොත් බීවත් නැතත් මස් කවත් නැතත් ඔය තැනට නිකන්ම කට්ටිය ඇදිල එනවා එහෙම නේද ? ඇත්තටම ඒ අපේ තියන තණ්හාව නිසා . අමනුස්සයනුත් එසේමයි .

    තවත් දෙයක් මම අහල තියනවා දස කතා කියල (මේ ගැන හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න). ඒ කියන්නේ මේ දේවල් ගැන කතා කරන්න හොද නැහැලු . කෙලෙස් වඩන සාකච්චා තමයිලු මේවගෙන් වෙන්නේ . යක්ෂයන් පෙර්තයන් ගැන කරන කතාවලුත් මේ ගනයටමයි වැටෙන්නේ . සහජයෙන්ම සොබවයෙන්ම මේවා ගැන දැනගන්න කතා කර කර ඉන්නන අපේ ආසාවක් කුතුහලයක් තියනවලු. ඒ මගින් කෙලෙස් වැඩවල නිවනට තියන දුර වැඩි කරනවලු . සත්වය සංසාරෙට බැඳ තබන්න මේකත් මාරයාගේ එක්තරා උපක්ක්රමයක් .

    ඔන්න මෙහෙම කිව්වා කියල රොබෝ අයියේ මගෙත් එක්ක තරහ වෙලා මට විනකටිනවා එහෙම නොවේ .:no::shocked::growl: අහල තියන දෙයක් කිව්වේ .:D



    හොදටම විශ්වාසද
    එළකිරි එකේ යන අනිත් thread වලට වඩා,
    බීලා වැඩිවෙලා කරන කතා වලට වඩා ,
    හින්දි film එකක් බලනවට වඩා,
    යාළුවන් එක්ක ඕපාදුප කතා කර කර ඉන්නවට වඩා ,
    මේක බැලුවහම කෙලෙස් වැඩෙනවා කියලා ?
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,560
    1,447
    113
    Sri Lanka

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.


    Matath okama thiyenawa. eken adaha karanna hama dema piliwelakata diwayata anuwa sidu wenawa kiyana ekada ? help me
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    හොදටම විශ්වාසද
    එළකිරි එකේ යන අනිත් thread වලට වඩා,
    බීලා වැඩිවෙලා කරන කතා වලට වඩා ,
    හින්දි film එකක් බලනවට වඩා,
    යාළුවන් එක්ක ඕපාදුප කතා කර කර ඉන්නවට වඩා ,
    මේක බැලුවහම කෙලෙස් වැඩෙනවා කියලා ?

    හොදටම ෂුවර් නම් නැහැ . මේක බැලුවහම වෙන්නේ මොකක්ද කියල . මම අහල තියන්නේ ඒ වගේ දෙයක් .
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය


    තව ප්‍රශ්නයක් තියෙනව රොබට් අයිය හෝ priyankarascorpio සහෝදරයා හෝ උත්තරයක්‌ දෙයි කියල බලාපොරොත්තු වෙනව. මේකයි වැඩේ..

    මට සාමන්යෙන් එදිනෙදා ජීවිතයේදී යම් යම් වැඩ කරද්දී ඒ දේවල් ඒ විදියටම ඒ ආකාරයටම මීට පෙර අත්විඳලා තියෙනව කියල මතක් වෙනව. ඒත් ඒ කොහෙදිද? හීනෙන්ද? නැත්නම් වෙන අවස්ථාවකදීද කියල කොහෙත්ම මතකයට එන්නෙ නැහැ.

    උදාහරණයක් විදියට - අද මට කවුරු හරි කෙනෙක් (සමහරවිට ජීවිතේ ප්‍රථම වතාවට මුණගැහෙන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැත්නම් හොඳට දන්න යාලුවෙක් නෑදෑයෙක් වෙන්නත් පුළුවන්) හම්බ වෙලා මගෙත් එක්ක කතා කරනව කියල හිතමු යම් දෙයක් ගැන. ඒ කතා කරන අතරතුර මට තේරෙනවා මේ දෙබසම, මේ හමුවීමම කලිනුත් සිද්ද උනා නේද කියල මතකයක් එනව. ඒත් ඒ හීනෙන්ද? නැත්නම් කොහේ හරි තැනකදීද කියල මතක් වෙන්නෙ නැහැ. ඒත් හොඳටම මතකයි අදාළ පුද්ගලයා ඒ ඇඳුමින්ම, එම ස්ථානයේම, එම වචන වලින්ම අංශුමාත්‍රයක් වත් වෙනස් නැතුව මම ඒ අවස්තාව කලින් අත්විඳලා තියෙනව කියල.

    මේක මට මාර ප්‍රශ්නයක්. හැමදේම එහෙම වෙන්නෙ නැහැ. ඒත් මාසෙකට අඩුමගානේ ඔය වගේ සිද්දි 3, 4 ක් වත් වෙනව. මම මතක් කරන්න ෆුල් ට්‍රයි එක දුන්නත් කොහොමද මගේ මතකයේ දැන් වෙන දේවල් කලින්ම සටහන් උනේ කියල මතක් වෙන්නෙම නැහැ :growl:

    මොකද්ද මේ කේස් එක? :baffled:


    මචන් මටත් ඔය සීන් එකම තියනවා..... ගොඩක් වෙලාවට කොහෙහරි ගියාම ඒ ස්ථානය, කාත් එක්ක හි කතා කරනකොට ඒ කෙනාව මීට කලින් එහෙම්මම හම්බවෙලා තියෙනවා කියල එක පාරට මතක වෙනවා.. මටත් හිතා ගන්න බෑ මොකක්ද මේ සීන් එක කියල...... :confused::confused:


    මටත් ඔය වගේම අත්දැකීම් තියනවා සහෝදරයා. පලවෙනි පාර දෙයක් දැක්කත් , කරත් ඒ දේ කලින් දැකල , කරලා තියනවා වගේ හැගීමක් එනවා. මමත් කැමති ඒ ගැන දැනගන්න .
    11.gif
    11.gif
    11.gif


    මේවා ගේ දේවල් මටත් වෙලා තියනවා , හැබැයි හැමදාම වෙන්නේ නැ


    මටත් ඉදල හිටල මේ වගේ දේවල් වෙනව.හිතාගන්න බෑ මොකද්ද කියල :(



    හප්පා........ සොරිවෙන්න ඕන:baffled:....... උඹගේ ප්‍රශ්නෙ දිගටම යට යනව.... :baffled:උත්තරයක් කොටන්න යනකොට මොකක් හරි මගුලක් සෙට්වෙනව....:baffled:මොනවවුනත් මම දැක්ක උඹගේ ප්‍රශ්නයට කට්ටිය සාදාරන උත්තර දීල තියෙනව:yes:.... මට හෙට පුලුවන් වුනොත් ටිකක් වෙනස් උත්තරයක් දාන්නම්:rolleyes:

    :frown:රොබොට් අයියා

    හරි රොබොට් අයියා පුලුවන් වෙලාවක කොටල දාන්නකෝ :)

    සහෝදරයා..,

    සවස හයට කලින් කරන්න ඕනේ කියන්නේ හිරු බැසයාමට පෙර යන්න අදහස කිරීමට.. මන්ද යත්, රාත්‍රී කාලයේදී නිශාචර ශක්තින් බලවත් වන බැවිනි..., ( ගොම්මන් වෙලාවට පෙර..)

    සහෝදරයා.... මම කිව්වේ, නිවස ආරක්ෂා කිරීමේදී ශබ්ද නගා බුදු ගුණ දහස් වරක් කීමේදී නිවසේ සිටින සියලුම ආත්මයන් නිවසෙන් පිටව යාම සිදු කරනවා... ඒ නිසා ප්‍රශ්නයක් නැහැ... හැබැයි ආරක්ෂා කල යුතු නිවස තුලම බුදු ගුණ දහස් වාරයක් කිව යුතු වේ... ( කොච්චර ශක්තිමත් වුවත්, මොන යකෙකුටවත් බුදු ගුණ ඉදිරියේ දෑගලිය නොහැක..)

    අවසානයේදී ආරක්ෂා කල නුල් නිවසේ සතර කොනේ හිසට ඉහළින අනයක හෝ යමක රැඳවු කල ඔබගේ කාරිය අතිශය සාර්ථක යැයි කීම සාධාරණය.... :yes::yes:

    අතිශය වැදගත් කාරණාව වනුයේ.. තමන් කරනු ලබන දේ පිලිබඳව තමන්ගේ සම්පුර්ණ විශ්වාසය තිබිය යුතුය... නැත්නම් කරනු ලබන කිසිදු හෝ කාර්යයක් සපල නොවනු ඇත...

    තිබෙන ඕනෑම යන්ත්‍ර , මන්ත්‍ර , අනවින, කොඩිවින සිඳීමට හැකි එකම ක්‍රමය සහ සාර්ථක ක්‍රමය බුදුගුණ පමණි...

    බුදුගුණ වෙනස් කොට කියන කල්හි... ඒ තරම් ප්‍රභල කොඩිවිනයක් සැදීමට සමත් මන්ත්‍ර මේ මිහිපිට නොවන අතර.. එය හුදෙක් ඔබලාගේ දැනගැනීම උදෙසා පමණක් මා මෙහි සඳහන් කරමි...
    (මේ ගැන මගෙන් අහන්න එපා.. මම ඒ ගැන කියන්නේ නැහැ කියල පොරොන්දුවක් උණා..)


    හරි බොහොමත්ම ස්තූතියි සහෝ :)

     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    4. නොපෙනෙන ලෝකය
    කලින් දාපු දේවලට ප්‍රශ්න මොකුත් නැ වගේ ,

    කලින් කොටස
    http://www.elakiri.com/forum/showpost.php?p=11913926&postcount=662

    මම කලින් දැම්මේ නොපෙනෙන ලෝකය පෙනීමේ හැකියාව මොනවගේ එකක් ද වටහ ගැනීමට පොඩි හැදින්වීමක් .
    මින් පස්සේ මේ අය නොපෙනෙන ලෝකය පිලිබඳ කියපු දේවල් දාන්න බලාපොරොත්තු වෙනවා .

    1. කවුද මේ නොපෙනෙන සත්වයින් ?
    මේ අය බුදුදහමේ විදිහට හදුන්වන්නේ ප්‍රේත ,භූත , දේව කොටස් ලෙස ,
    2. මේ අයට ශරීරයක් තියනවද ?
    ඔව් මේ අයට සියුම් ශරීරයක් තියනවා , ඒවගේම එම ශරීරය වෙනස් කිරීමේ හැකියාවත් තියනවා ,
    3. මෙම සත්වයන් පෙනීමේ හැකියාව තියන මිනිසුන් කොහොමද මෙම අය සමඟ සන්නිවේදනය කරන්නේ ?
    විමසීමේදී දැනගන්න ලැබුනේ , සිතිවිලි හැර කිසිම වාචික භාෂාවක් භාවිතා නොකරන බව , උදා - අපි හිතමු එහෙම සත්වයෙක් දැක්ක කියලා , එයාව අරමුණු කරලා උඹ කවුද යන සිතිවිල්ල ඇති කරගත් විට එම සත්වයා තමන් ගේ ස්වරුපය අප දන්නා අකාරයකට පත්කර ගැනීම , ඒ කියන්නේ මැරෙන්න පෙර සිටි ආකාරයට එම ඇදුම් සමග ----->
    මෙම සන්නිවේදන කිරීම මට වැටහෙන විදිහට පංච ඉන්ද්රියට ගෝචර වෙන්නේ නැ (මන්තර භාවිතා කරන හා පරල වෙන අවස්ථා වලදී මේක වෙනස් වෙනවා , ඒවා රොබට් අය්යාගෙන් අහගන්න )
    4. මෙම සත්වයින් උපදින්නේ කොහොමද ?
    ඕපපාතිකව , මෙහෙම ඉපදෙන මෙම අයගේ විශේෂ ලක්ෂණය තමයි කලින් තමන් හිටිය විදිහ මතක තිබීම , ඒවගේම තමන් මෙම තත්වයට පත් වීමට හේතුවත් මෙම අය දන්නවා ඒ කියන්නේ මැරෙන්න ඉස්සර මේවා විස්ස්වාස කලත් නැතත් , එක එක ආගම් වල විස්වාස වල එල්බගෙන හිටියත් ප්‍රේතයෙක් භූතයෙක් උනාට පස්සේ මේ පිලිඹද කිසිම ගැටළුවක් නැ .
    හැබැයි මෙම තත්වයෙන් මිදී නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුනාට පසු පෙර කිසිමදෙයක් මතක හිටින්නේ නැ (සංසාරයේ හැටි ).

    cont ...
     
    • Like
    Reactions: බින්දු

    shanu84

    Member
    Jun 12, 2009
    8
    0
    0
    hikka
    රොබ් අය්යා කිව්ව විදියට මගේ වෑඩේ ගොඩ දාගෙනම කතාව දාන්නම්.විශේශයෙන් කියන්න ඔන, මම මේ ත්‍රේඩ් එකට රෙප්ලය් කරන්න ගත්තේ මේ යක්කු :growl: සම්බන්දයෙන් මට ලොකු ප්‍රශ්නයක් හුගක් කල් ඉදන් තියන නිසා:growl:.මම මේ ප්‍රශ්නෙ නිසා අම්බානක chaater කාලා තියනවා:angry:.ඒවා ඔක්කොම විස්තර ඈතුව දාන්නම් වෑඩේ හරි ගියාම.මේ ත්‍රේඩ් එක වෑඩිය සද්ද බද්ද නෑතුව යන එක තමයි වඩාත් හොද :dull: .උවමනාවක් තියන අය ත්‍රේඩ් එකෙන් උපරිම ප්‍රයොජන ගනීවි.මේ වගේ ප්‍රශ්න නිසා කරදර වෙන, මේ ගෑන හොයා බලන්න උනන්දුවක් තියන අය ත්‍රේඩ් එකේ දිගටම ඉදීවි.කවුරුවත් මේක ඈතුලෙ මරා ගන්නේ නෑතුව සාමයෙන් ඉමු.:yes:
     

    shanu84

    Member
    Jun 12, 2009
    8
    0
    0
    hikka
    121221 සහොදරයා කියලා තිබුනා මිනිස් සිරුරේ තෙවෑනි ඈස විවෘත උනාම නොපෙනෙන සත්වයින් පෙනෙන්න පටන් ගන්නවා කියලා.මට මේ සම්බන්දව පොඩි දෙයක් දෑන ගන්න ඔන.

    1.තෙවන ඈස විවෘත වෙන්න අපේ මොලයෙන් යම් බාදාවක් ඈති වෙන්න පුලුවන්ද?


    2.මේ සදහා අපි උත්සාහ කරනකොට, මේ නොපෙනෙන සත්ත්වයින් බාදා කරන්න පුලුවන්ද?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    121221 සහොදරයා කියලා තිබුනා මිනිස් සිරුරේ තෙවෑනි ඈස විවෘත උනාම නොපෙනෙන සත්වයින් පෙනෙන්න පටන් ගන්නවා කියලා.මට මේ සම්බන්දව පොඩි දෙයක් දෑන ගන්න ඔන.

    1.තෙවන ඈස විවෘත වෙන්න අපේ මොලයෙන් යම් බාදාවක් ඈති වෙන්න පුලුවන්ද?


    2.මේ සදහා අපි උත්සාහ කරනකොට, මේ නොපෙනෙන සත්ත්වයින් බාදා කරන්න පුලුවන්ද?

    මට දැනගන්න ලැබුණු විදිහට නොයෙකුත් බාධාවන් එන්න පුළුවන් ,
    මෙතැනදී සංසාර පුරුද්ද වැදගත් ,කලින් ආත්මවල මෙම හැකියාව තිබුණු අයෙක් නම් , ධර්මයට යොමු උන අයෙක් නම් ඒ අයට වැඩි වාසි යක් තියනවා ,
    සංසාරයෙන් නිදහස් වීම අරමුණ විදිහට තියා ගන්න , අනෙත් ඒවා අතුරු පල විතරයි .
    නොපෙනෙන අයගේ බාධාවන් තියනවා කියල සැක නම් ගෙය අරක්ශාකරගන ඉන්න
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    විස්තරාත්මකව පැහැදිලිකලාට ස්තූතියි මචන&#

    රොබට් අයියගෙන් අවසරයි එහෙනම්. බුද්ධ දේශනාව සහ අමනුස්සයින් ගැන කතා උන හින්ද පොඩි අදහසක් එකතුකරන්න හිතුන මටත්. ......... බූත කොටුවට ජය වේවා..



    ම මුලින් කිව්වත් වගේ, මම මගේ පැහැදිලිකිරීම හෙන පරිස්සමින් කළේ...... මගේ හිතේ තදකරන් හිටපු සමහර දේවල් විස්තරාත්මකව පැහැදිලිකලාට ස්තූතියි මචන්:love::love::love:......
    උඹළ හොඳටම දන්නව, බුද්ධ දේශණයේ පමණයි මෙමෙ අමනුශ්‍යයන් පිළිඹඳව පැහැදිලිව දේශණා කරල තියෙන්නේ;)....... ලොව ප්‍රචල අනෙක් ආගම් දෙක වන ක්‍රිස්තියානි හා ඉස්ලාම් දහමට අනුව මිනිස්සු ඕන කුප්ප වැඩක් කරාට, මළාට පස්සේ දෙවියන් වහන්සේ උන්ගේ පවු සෝදල සාදරයෙන් පිළිගන්නව......... ඉතින් එහෙම වුනාම කොහෙන්ද මේ හොල්මන්???:rolleyes::confused: කරුමෙ කියන්නේ කිරීටයේ කුරුසෙ ගහන් ඉන්න මහා බ්‍රිතාන්‍යයේ තමයි හොල්මන් අම්බානකටම තියෙන්නේ:shocked::shocked:...... ඉස්ලාම් භක්තිකයින් භූත භන්දන වලින් දෙන ගේම් ගැන පොතක් ලියන්න පුලුවන්;)....... ඒත් ඔවුන්ගේ දහම්වල මේ ගැන කිසිම සඳහනක් වෙන්නේ නෑ...... (***මේ සඳහන කලේ ආගම් වලට පහරගැසීමට නෙමෙයි )
    ඉතින් මේ අද්භූත ලෝක ගැන මා කරන සමහර පැහැදිලිකිරිම් ඉතාමත්ම සැලකිල්ලෙන් කරන්නේ,
    මා ඉදිරිපත් කරන කරුණු තාර්කිකව විමසීමක් කලහැක්කේ බුදුදමෙන් පමණක්ම වන නිසා.........

    ඒනිසා බුද්ධ ධර්මයට:love: කිසිදු අයුරකින් හානියක්, ප්‍රශ්ණ කිරීමක්, හෝ මිසදිටු මත ගොඩනැගීමක් ඇතිනොවෙන්න, හැමදෙනාටම ගෝචර වන (දැනෙනෙ තේරෙන ) ඉතාමත් සරල අදහස් පමනයි මා මෙහි ඉදිරිපත්කරන්නේ, මොකද මෙය විවිද මානසික, සාමාජීය හා අධ්‍යාපනික මට්ටම් වල පිරිස් පොදුවේ නරඹන නිසා.......

    ඉතින් භූත කොටුවෙ අදහස් දාන අයත් මේ පිළිඹඳව ඉතා සැලකිලිමත් වෙයි කියල බලාපොරොත්තුවෙනව:)

    ස්තූතියි,

    :frown:රොබොට් අයියා.....
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹේ වෑයම අගයකරනව......

    4. නොපෙනෙන ලෝකය
    කලින් දාපු දේවලට ප්‍රශ්න මොකුත් නැ වගේ ,


    මම සද්දේ වහල හිටියට උඹේ පැහැදිලිකිරීම හොඳට බලාගෙන ඉන්නේ;)...... ඇදන් පලයන් මචන්:love::love:..... අපැහැදිලි තැනක් සෙට්වුනොත් අනිවා අහනව;);)......

    කෝ මේව බලන උන්:angry::angry:......??? හොරෙන් බලල යන් නැතිව මුන්ගේ මහන්සියට වචනෙකින්වත් සලකල පලයල්ලා.....:angry::angry: මට හැමදාම මුන්වෙනුවෙන් උඹලගෙන් හිඟන්න බෑ:angry::angry:...... හරි හමන් ජාතියක් ජම්මයක් තියෙනවනම් මුන්ව දිරිමත් කරපල්ලා.... නැත්නම් භූතකොටුවට එන් නැතිව ඔය තියෙන ඕන බහුබූතයක් බලාපල්ලා:angry::angry:.......

    මම ඉස්සෙල්ලත් බලන් හිටියේ........ කොල්ලො දෙතුන්දෙනෙක් අත්දැකීම් දාල තිබුන, ආසාවට එකෙක් කමෙන්ට් කරල තිබුන් නෑ....:angry::angry: ඒත් හෝ ගාල හිට්ස් තියෙනව........... මම ආයෙ මේ දෙය මතක් කරන් නෑ...... භූත කොටුවට සහය වන මගේම උන් වෙනුවෙන්
    ආයෙ හිඟන්නෙත් නෑ............. උඹල දැනගන්න ඕන මේව කොටන උන් දිරිමත් කලේ නැත්නම් මෙහි පැවැත්මක් නැතිවග.......

    :frown:රොබොට් අයියා.....
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    උඹ ඇතුලු භූත කොටුව එක්ක ඉන්න ඔක්කෝටම ස්තූ&#350

    පැරණි සහ අතිපැරණි සාමාජිකයන් පවා මම දැක්කා දාල තියනව මේ පැත්තේ දැන් එන්නේ බූත කොටුව නිසා කියලා. ඒකෙන් ම තේරෙනව මේක ඇත්තටම හොද දෙයක් බව. මම මේක මෙතන කියන්න හිතුවේ මම දැක්කා මීට ටික කලතට කලින් නියම ගොං පාට් ත්‍රෙඩ් එකක් දාල ලෝකෙට ලොක්කා මම තමයි කියපු බුවෙකුත් දාල තිබ්බා උගේ ත්‍රෙඩ් නිසා සාමාජිකයෝ කඩාගෙන මේකට එනව කියලා.......ලොල් තමා......!!!උගේ ගොංපාට් එකයි මේකයි සැසදුවාම අහසට පොලව වගේ......!


    උඹේ කතාවේ දෙවන කොටස මට පැහැදිලි මදි:rolleyes:....... මොකද ඉස්සර සොෆ්ට්වෙයාර්, සින්දු බාන්න ආවට මම එළකිරියට රෙජිස්ටර් වුනේ මෑතකදි......;) අනික මම මේකෙ ගොඩක් උන් අඳුනන්නෙත් නෑ:dull:........ ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දැම්මත් ගොඩක් උන් මාව ගනන්ගන්නෙත් නෑ:P:rofl:....... සමහරු රොබොට් අයියා කියන්නේ අරූගෙ ෆේක් එක, මුගේ ෆේක් එක කියල කියනවත් අහල තියෙනව:baffled:......

    හැබැයි උඹ මුලින් කියපු කතාව ගැන මගේ හිතේ පොඩි සන්තෝසයක් තියෙනව:love::love:...... උඹල දකින්නේ පබ්ලික් කමෙන්ට්ස් විතරයි......මට පෞද්ගලිකවත් ගොඩක් උන් උඹ ඔය කියපු කතාවම කියල තියෙනව....... අහම්බෙන් පාලුව මකාගන්න පටන්ගත්ත භූත කොටුව:growl::growl: මෙච්චර දෙයක් කරයි කියල මම හීනෙන්වත් හිතුවේ නෑ:rolleyes::rofl:.....

    මම නැතත් උඹල ටික තමුන්ගේ වගේ මේක ඇදන් පලයල්ලා....... කවදහරි මොකාට හරි මේදේවල් උවමනා වෙයි....;)

    උඹ ඇතුලු භූත කොටුව එක්ක ඉන්න ඔක්කෝටම ස්තූතියි,:love::love:

    :frown:රොබොට් අයියා
     
    • Like
    Reactions: බින්දු

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    පැහැදිලිකිරීමක් පමණි.....


    මම අහල තියනවා ඔය පුළුටු බැදුම් තෙල් දාපුව මස් ජාති වලට යක්ෂයෝ ප්‍රේතයෝ ඇදිල එන්නේ සුබවයෙන්මයි කියල . සාමාන්යෙන් ඕව තියන තැන වලට තමයි හැමෝම රස වෙන්නේ . එක තමයි හැටි . අපි උනත් කොල්ලෝ සෙට් එකක් ගත්තොත් හැම එකම වගේ සෙට් වෙනවද පන්සල් ගිහිල්ල පින් වැඩ වලට සහබාගි වෙන්න නැහැ . නමුත් එල බයිටක් එක්ක බෝතලයකට සෙට් වෙලා බජව්වක් දන්න සෙට් වෙන්න කිව්වොත් බීවත් නැතත් මස් කවත් නැතත් ඔය තැනට නිකන්ම කට්ටිය ඇදිල එනවා එහෙම නේද ? ඇත්තටම ඒ අපේ තියන තණ්හාව නිසා . අමනුස්සයනුත් එසේමයි .

    තවත් දෙයක් මම අහල තියනවා දස කතා කියල (මේ ගැන හරියටම දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න). ඒ කියන්නේ මේ දේවල් ගැන කතා කරන්න හොද නැහැලු . කෙලෙස් වඩන සාකච්චා තමයිලු මේවගෙන් වෙන්නේ . යක්ෂයන් පෙර්තයන් ගැන කරන කතාවලුත් මේ ගනයටමයි වැටෙන්නේ . සහජයෙන්ම සොබවයෙන්ම මේවා ගැන දැනගන්න කතා කර කර ඉන්නන අපේ ආසාවක් කුතුහලයක් තියනවලු. ඒ මගින් කෙලෙස් වැඩවල නිවනට තියන දුර වැඩි කරනවලු . සත්වය සංසාරෙට බැඳ තබන්න මේකත් මාරයාගේ එක්තරා උපක්ක්රමයක් .

    ඔන්න මෙහෙම කිව්වා කියල රොබෝ අයියේ මගෙත් එක්ක තරහ වෙලා මට විනකටිනවා එහෙම නොවේ .:no::shocked::growl: අහල තියන දෙයක් කිව්වේ .:D


    හ්ම්ම්...................... :dull: උඹේ කතාවට උත්තරය කොහෙන් පටන්ගන්නද කොහෙන් ඉවරකරන්නද කියල හිතාගන්න බෑ..... ඒත් ඕන් අහුවෙන තැනින් පටන්ගත්ත..........:dull:

    මචන් මෙහෙමයි..... මිනිස්සු, සත්තු, සහජයෙන්ම හරිම කුතුහලයකින් ජීවත්වෙන ජාතියක්........ මොනවත් ඕන නෑ පාරෙ කපුටෙක් මැරිල හිටියොත් එතන කොච්චර විපර්යාස වෙනවද:rolleyes:, හදිස්සියේ බෝම්බයක් පිපිරුනොත් කොච්චර උන් වටවෙනවද?? කීයක් උන් ඊළඟ බෝම්බෙන් මැරුම්කනවද????:rolleyes: මිනිස් සිත කුතුහලයෙන් පිරුන දෙයක්........ උඩ බැලුවහම තරු පේනව, උන්ට ඒව බලන්න ඕන:rolleyes:.... ඉතින් රොකට් හදන් (ලඟම තියෙන) හඳට හරි ගිහින් ආව:P......... නාස එකෙන් කෝටි ගනන් වියදන් කරකර තරු බලබල ඉන්නව:yes:.......... පාන්පෙත්තේ පුස් තියෙනව:rolleyes:...... උන්ට ඒකත් බලන්න ඕන....... මයික්‍රොස්කෝප් හදහද හීන් කරකර
    පුස් බලන්:rofl:......

    ඒවගේම තමයි,........ මිනිස්සු මළාම ඒවට කරන වත්පිලිවෙත් පටන්ගත්තෙත් මීට වසර දසදහස්ගනනකට පෙර ආදි මානවයන්ගේ කාලේ ඉඳල.......... ඉස්සර පැවති මළවුන් ඇදහීමත් යම් දුරකට මේ අමනුශ්‍ය ලෝක හා සම්භන්දයි.....:yes::yes:

    ඉතින් උඹ
    අපි කොච්චර කැමතිවුනත් අකමැති වුනත්, මේදේවල් අතීතයෙත් පැවතුනා ඉදිරියටත් පවතිනව.........:rolleyes:

    මම මේ ත්‍රෙඩ් එක පටන්ගත්තේ මාරයගේ කන්ට්‍රෑක් එකකට නෙමෙයි;)........ උඹ හොඳින් බැලුවොත් පෙනෙයි මෙය අහඹු පටන්ගැනීමක්:rolleyes::yes:...... අනික් දේ, මම මේ දේවල් බෙදාගත්තේ මින් සමාජයට අවැඩක් කරන්න හිතන් නෙමෙයි:rolleyes:...... හැම අත්දැකීමක් ම ඉවර කළේ ඒ දෙයින් දෙයක් ඉගෙනගෙන ජීවිත සාර්ථක කරගනිල්ලා කියල......:yes: මේක පටන්ගත්තට පස්සේ කොච්චර උන් මගෙන් කොච්චර වැඩකරගන්න තැන් ඇහුවද...... මම කිසිම විටෙක මේ ස්ථාන ප්‍රසිද්ධකළේ නෑ... මම හැමවිටම කිව්වේ ඕව පස්සේ ගියොත් ගැලවීමක් නැතිබවයි:yes:...........

    ඉතින් මම හිතනව මේ ත්‍රෙඩ් එකෙන් මම කළේ උඹ
    ට මේ නොපෙනෙන ලෝක පිළිඹඳ පැහැදිලිකිරීමක් කිරීම පමණයි කියල....... උඹම දැක්ක නේද, මේ ආරම්භයත් එක්ක කොච්චර උන් තමුන්ට කියාගන්න බැරිව හිටිය අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තද කියල......... ඒවා කල්පිත නෙමෙයි.... හැබෑවට අපිත් එක්ක ජීවත්වන උන්ට අත්විඳින්න සිදුවුන සත්‍යය සිදුවීම්:yes:.........
    මට දැනෙන විදියට ගොඩක් උන් මේ ත්‍රෙඩ් එකෙන් දෙයක් ලබාගන්නව...... එකෙක් කියල තිබුන අනුරාධපුර පාරෙ මෙහෙම සීන් එකක් තිබුන පරිස්සමින් පලයල්ල කියල..... ඉතින් ඒ වගේ දේවල් දැනගැනීම මමනම් හිතන්නේ හොඳ දෙයක් විදියටයි....... නොදැන ගිහින් හොල්මනක් වාහනෙ දාගෙන චාටර් වෙනවට වඩා, හොල්මන පාරෙ ඉඳන් අතවැනුවම මාරුවෙලා යන එක මටනම් ඇඟට ගුනයි..... :yes:

    උඹ කියල තිබුන මේව ගැන කතාකරන්න එපා කියල කොහෙද කියල තියෙනව කියල....... එතකොට "ප්‍රේත වස්තු වර්නණාව" කියල එකක බුද්ධ කාලයේ සිදුවුන අමනුශ්‍ය බලපෑම් ගැන තියෙන සඳහන මොකක්ද???:confused: (පුලුවන්නම් පොත හොයාගෙන කියවපන් හරි වටිනව..... ඕනම පොත් සාප්පුවක ඇති......;)) බුදුන් එතුමාගේ මැරුණු අම්මව (මහාමායා දේවියව සොයා ගිහින් බණ දේශණා කලේ ඇයි??:confused:

    ඒ ඔක්කෝම පැත්තකින් තියමු......:rolleyes:
    මේක ලියපු උඹ, තමුන්ගේ නිවන් අවභෝදය තකා මොනවද මෙච්චරකල් කරල තියෙන්නේ????? :confused: ඇයි මේ දෙය නිවනට බාදාවක් කියල දැන දැනත් භූත කොටුවට වෙලා ඉන්නේ????:confused: සත්‍ය අවභෝදකරගැනී කෙසේ වෙතත්, දවසකට පන්සිල්පද කීයක් කඩනවද????:confused: මට මේ ඔක්කෝමටම හිතට එකඟව උත්තර ඕන......:yes:

    මම හිතන්නේ උඹ ලියපු දේ නිවැරදි වියයුතුයි:rolleyes:........

    මේ සම්භන්දව දැනුවත්වීමෙ
    න්සමාජයට කිසිදු හානියක් වෙන්නෑ..... *(වුනත් එය බොහෝ අල්පයි) නමුත් අසීමිතව මේවා පිළිඹඳව සොයාබැලීම්, අත්හදාබැලීම් කලොත් එයනම් වැඩිය හිතකර දෙයක් නෙමෙයි........ එහෙම උන් ගොඩක් උඹට අංගොඩ ගියොත් බලාගන්න පුලුවන්.......:rolleyes:

    භූත කොටුවේ වෙන්නේ මේපිළිඹඳව දැනුවත් වීමක් පමණයි, එයත් කැමති උන්ට පමනයි..............
    එතනින් එහාට දෙයක් කවුරුවත් වැරදිලවත් බලාපොරොත්තුවෙන්න එපා,.........
    මේවා පසුපස ගිහින් වල්මත් වෙන්න එපා.....

    මට උඹත් එක්ක පෞද්ගලික තරහක් නැත..... මේ පැහැදිලිකිරීමක් පමණි..... මේ පිළිඹඳව වෙනස් අදහසක් ඇත්නම් දන්වන්න....... භූත කොටුවෙන් සමාජයට, තම තමන්ගේ විමුක්තියට අවැඩක් වෙනව නම් හේතු සහිතව දක්වන්න...... කොන්දේසි රහිතව ත්‍රෙඩ් එක නවත්තනව....... (මට මේක තිබුනත් එකයි නැතත් එකයි.... ඒකයි මේක පටන් අරන් සතියෙන්ම උඹළට බාරදුන්නේ)

    අදහස පැහැදිලියැයි සිතමි........... :rolleyes:

    :frown:රොබොට් අයියා
     
    • Like
    Reactions: ColdBreath

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කැමති එකක් කරගනින්......අන්තිම එකනම් මරු

    රොබොට් අයියේ පුලුවන් වෙලාවක රිප්ලයි එකක් දාන්න.;)
    මොකද්ද මේ ගෙවල් වලට ආරක්ෂා දානව කියන්නේ?ඒක අලුතෙන් පදින්චියට යන හැම වෙලාවකම කරන්න ඕනේ දෙයක්ද? :rolleyes:
    ආරක්ෂාවක් දැම්මම ඔය බූතයන්ට පැත්ත පලාතේ එන්න බැරිද? :rofl: (මම මේක ඇත්තටම නොදන්න දෙයක්.සමහර විට හිතෙයි මේකවත් දන්නේ නැද්ද කියල :( )

    මේකයි මගේ යාලුවෙක්ගේ අවුලක් මේක.ඒක දැන් පදින්චි වෙලා ඉන්නේ කලින් කනත්තක් තිබ්බ පොට් එකකලු. :shocked: ඔය සාස්තරයක් බලන්න ගියපු වෙලාවක කියල තියෙන්නේ ගේ හරියට පේන්නේ නෑ ගෙදරට හොද ආරක්ෂාවක් දාන්න කියල :( හැබැ‍යි ගෙදර පිහිටීම එහෙමනම් හරියටම කියල තියෙනවලු.:yes:

    :shocked:

    මචන් මෙහෙමයි.......ගෙවල් වලට ආරක්ශා දැමීමෙන් බලාපොරොත්තුවෙන්නේ ඒ නිවෙසට හා එහි පදින්චි පුද්ගලයන්ට ඇතිවෙන අමනුශ්‍ය දෝශ මගහරවාගෙන සෞභාග්‍ය ලඟාකරගැනීමයි:)..... ආරක්ශාවක් දමාගැනීම තමතමන්ගේ රුචිකත්වය විශ්වාසය මතයි තීරණය වෙන්නේ........

    කට්ටිය කියල තිබුන විදියට බුද්ධ බලයෙන් නිවෙසට ආරක්ශාවක් දැමීම තමයි මාත් රෙකමදාරු කරන්නේ...... ;) ඒත් පොඩි පරහකට තියෙන්නේ..... ඒක කරන්න ඉස්සෙල්ලා වටපිටාවෙ උන්ගේ කල්ක්‍රියාව හා නිවෙසේ ඉතිහාසය සොයාබැලියයුතුයි:baffled::baffled::baffled:........ඔය ගෙවල් වලට ඉඩම් වලට කට්ටිය එක එක ගේම් දෙනව....... කාලකන්නි වෙලා යන්න සොහොන් අලු දානව:growl:, මතුරපු වැලි දානව:growl:...... ඔය වගේ විවිද දේවල් තියෙනව..... ඕව කලහම ඒවයේ බලය මට තේරෙන විදියටනම් බුද්ධ බලයට වඩා වැඩියි......:baffled: *(මේක වරදවා වටහගන්න එපා...... දීර්ගකාලීනව බලපුවහම බුද්ධ බලයට සමකරන්න දෙයක් නැතිවුනාට කෙටිකලකට මේ මන්ත්‍ර බල ප්‍රභලයි....... ) ඉතින් උඹ කොච්චර දානපතිය, උපාසකමහත්තය වුනත් ආපදාවක් වියහැකියි

    ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා ඔය නිවස මුලදි සොහොන් බිමක් කියපු නිසා ඕක බදන් ඉන්න යක්කු, භූතයොන්ට පෙරේත තටු තියල එලවල දාල බුදුගුණ කියපු වැලි, අබ මුලු වත්තටම ඉහින්න..... හොඳ කට්ටඩියෙක් හොයාගත්තොත් ඔයිට වඩාදේවල් කරල වත්ත ගොඩදාල දෙයි...... ඊට පස්සෙ තමුන්ට තියෙන අවදානම අනුව, අවදානම අඩුනම් බුද්ධ බලයෙන් ආරක්ශාවක්:yes: හෝ වටපිටාව උන් ශුවර් නැත්නම්:nerd: මන්ත්‍ර බලෙන් ආරක්ශාවක් කරගන්න.......:yes: ඔයිට අමතරව ලොකු කේස් වලදි භූතබලෙන් ආරක්ශාවක් කරගන්නත් පුලුවන්, හැබැයි ගෙදර 7-8 දෙනෙක් ගෙදර ඉන්නව වගේ දැනෙන්න ගන්නව:shocked:..... ඒත් ආරක්ශාව ගෙදරට එස් ටී එෆ් දැම්ම වගේ තමයි.........:rofl:


    කැමති එකක් කරගනින්......අන්තිම එකනම් මරු:rofl:......... ගාඩ් බුවාල ඇගේ ගෑවි නොගෑවිත් යනව...... lolzzz:D:baffled::shocked:

    :frown:රොබොට් අයියා......
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    :shocked::shocked::shocked:

    යකුනේ වරෙල්ලා මගේ භූත කොටුවට....... ඇවිත් කියපල්ලා උඹලට, උඹලගේ මිතුරන්ට අමනුශ්‍යයින් නිසා සිදුවුන අතවර ගැන............

    ගෙදර ඉන්න පාලුයි......පොඩි එකායි මාවයි දාල හාමිනේ සතියකට වෙනින් රටකට ගියා....... කම්මැලිකම යන්නත් එක්ක අවුරුදු 10-15 විතර රීසච් කරල හොයාගත්ත හොල්මන් සීන් ටිකක් එලකිරියත් එක්ක බෙදාගන්න හිතුව...මම දන් නෑ මීට පෙර මේ වගේ බ්ලොග් එකක් තිබුනද කියල...... මොනව වුනත් කට්ටිය අතින් දාන් නැතිව සත්‍ය සිදුවීම් මේ බ්ලොග් එකේ දාන්න......... මොක නැතත් කියවල බය වෙන එකෙත් පොඩි ෆන් එකක් තියෙනවනෙ..........

    ඕන් එහෙනම් මගෙන් පලවෙනි අත්දැකීම.......

    මේ සිද්දිය සිදුවුනේ මීට වසර 4-5කට ප්‍රථම රුසියාවේදී.........
    ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට......නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක.....ඒකෙ :love:රුසියන් බඩු විමානෙ...... හම පාට උන් පේන්න බෑ... :love:රෙද්ද උස්සගත්ත ගමන්මයි..... මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ........ කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා..... එළ ඩයල් ටික..... මට වඩා අවුරුදු දෙකක් සීනියර්.... හිටියෙ මගේ යුනිවසිටියෙම අනෙක් හොස්ටල් එකේ...... කොල්ලො ටික එළ වුනාට උන් එක්ක හිටිය මහ අමුතු එකෙක්...... :baffled::oo:කොන්ඩෙ රැවුල වවාගත්ත මූනක් කටක් හෝදපු නැති කොට කෙට්ටු මහ අමුතු එකෙක්. කොහොම හරි මගෙත් තිබුන පන්ඩිතකමට හොයන්නෙ බලන්නෙ නැතිව මාත් උන්ගෙ හොස්ටල් එකට මාරුවක් දාගත්ත.......... ලට්ට ලොට්ට ටිකත් අරන් අලුත් හොස්ටල් එකට ගියාම ලන්කාවෙ උන්ට කාමර තුනක් තියෙනව දැක්ක.... හැබැයි කට්ටිය ඔක්කෝම සෙට් වෙලා ඉන්නෙ කාමර දෙකක.... අනික් කාමරේ අර අමුතු බුවා විතරයි....... ඌ ඇඳවල් 3ක් තියන් එළට ඉන්නව
    මාත් ඉතින් මෑන් වගේ අරූටත් තට්ටුවක් දාල එහෙම උගේ කාමරේ සෙට්වුනා..... කට්ටියත් එක්ක හැන්දෑ වරුවෙ අවලමේ ගිහින් රෑ කෑමත් කාල කට්ටියම නිදාගන්න සෙට්වුනා......

    ගුඩ් නයිට් එව්රිවන්............

    කාමරේට ගිහින් නිදාගන්න සෙට්වුනාම :baffled:අර මලපෙරේතය මගේ ඇඳ උඩ ඉන්නව.......... ආපු මුල් දවස නිසා ශේප් එකේ ඌව උගේ ඇඳට යවල ලයිට් නිමන්න හදනකොට මූ කියපි :angry:ලයිට් නිමන්න එපා පාඩම් කරන්න තියෙනව කියල...... මුගෙ අම්මට හු... කියල හිතාගෙන මම රෙදි පොරවන් බුදි........ සීතලට හින්ද නින්ද යනවත් හොරයි..... මට අතරමගදි ඇහැරුන.......... අර හු##ත උගේ ඇඳේ කකුල් දෙකත් උඩ දාගෙන (ඇණ තියන්) මගේ දිහා බලන් ඉන්නව...... මමත් ඔහේ නිදාගත්ත.....

    කොහොම හරි ඒ සෙනසුරාද රැය මහ අමුතු විදියට ගෙවිල ගියා..... අරූ එක විනාඩියක් ඇස් පියවෙවුවෙ නෑ..... මගේ ලඟ ඉන්න එකා මහ අමුතු එකෙක් බව මට දැනුනත් මම වැඩිය ගනන්ගත්තෙ නෑ....... ඊලඟ දවසේ උදේ පාන්දරම මම අර අනික් උන්ගෙන් අර ගෝතය ගැන ඇහුව..... උන් කියුවෙ ඌ හරි හොඳ එකෙක් වැඩිය නිදාගන් නෑ කියල විතරයි....... උන් ටික ඌව මාර විදියට කවර් කලා....... මටත්
    තින් ඕන පු#ක් නිසා මාත් වැඩිය ඇඟට ගත්තෙ නෑ......

    ඉරිද දවසත් සුපුරුදු සුන්දර අවලම් විදියට ගෙවිල ගිහින් හැන්දෑවෙ කොල්ලොත් එක්ක :Pඔරිජිනල් රශියන් වොඩ්ක පාරක් දාල රෑ දෙගොඩ හරියෙ කාමරේට රිංගුව නිදාගන්න......... ලයිට් එක වැහුව විතරයි :angry:අර හු#තා කෑගැහුව පාඩම් කරන්න තියෙනව ලයිට් එක දාපන් කියල. වොඩ්ක එකෙන් පුක පැලෙන්න වැදිල හිටිය වෙලේ ඊයෙ සීන් එකත් මතක් වෙලා මම මූට අම්ම මුත්ත මතක් කරල බැනල ලයිට් එක වහල දැම්ම....... එදා රෑ -25c ට හීතලයි....... ඩෝප් මරගාතෙ එළට නින්ද ගියා...... එකපාරට :shocked:මර ලතෝනියක් ඇහිල උඩ ගිහින් ඇහැරුනා......සද්දෙ තරමට මුලු හොස්ටල් එකේම උන් කාමරේට දුවන් ආව........ ලන්කාවෙ උන් ටික අරූ හීනෙන් බයවෙලා කියල ශේප් කරල කට්ටිය
    යැවුව......... එදා කතන්දරේ ඉවරයි......... කොහොම වුනත් ඊටපස්සෙ ලයිට් වහපු හැම රැයකම මූ:angry::shocked: මහ රෑට යටිගිරියෙන් කෑගහන්න පටන් ගත්ත........ උගේ ඒ සද්දෙට චූ යන් නැති ටික විතරයි........මමත් දැන් දිගට හරහට ලයිට් දාගෙන බුදි දවස් 3-4කට පස්සෙ මළටම ඕන හුත්#ක් වෙන්න කියල ලයිට් වහල නිදාගත්ත....... ටිකවෙලාවකින් මට දැනුන මගේ ලඟ කවුරුහරි ඉන්නව කියල...... හෙමීට ඇස් හීන් කරල බැලුව....... අම්ම ගහයි පුහුල් ගෙඩියෙන්!!!!........ කට්ට කලුවරේ අර භූතය මගේ ලඟ හිටගෙන ඉන්නව කලුවරට චායාවක් විතරයි පෙනුනෙ....... මේන් බොලේ මූ ටික ටික මට කිට්ටුවෙනව..... මට බය දෙගොඩ තලා ගිහින්..... මූ මොකාට එන්න හදනවද කියල තේරෙන් නෑ...... පුක් කාරයෙක් ද?? නපුන්සකයෙක්ද? හොමෙක්ද?? සයිකො බුවෙක් ද??? මගේ ඔලුව යකාගෙ කම්මල වගේ...... ඕන එකක් කියල කකුලයි අතයි රෙඩිකරගත්ත මැරිල යන්නම කෙලින්න..... මගේ ලඟටමවෙලා මන් දිහා බලන් හිටපු මූ මගේ මූන ලඟට නැමන්න ගත්ත.... මල හුත්#යි...... උඹලම කල්පණාකරල බලපල්ලකො මහ කලුවරේ ආත බූත නැති එකෙක් මූන ලඟට වියතක් විතර දුරට ලන් වෙනකොට තියෙන සනීපෙ......මූ දැන් හොඳටම ලන්වෙලා මාව වකරනව..... හොඳට බලනව...... මගෙත් සීමාව ඉක්මයන්න ටික වෙලාවයි තිබුනෙ..... එකපාරටම මූ මුගෙ ඇඳ ලඟට ගිහින් කොට්ටෙ හාරල මොනවද ගත්ත........ පස්සෙ සිගරට් ලයිටරේ පත්තුකරන් අතටගත්තු දේ බලන්න ගත්ත........ මූ පින්තූර වගයක් බලනබව මට පෙනුන..... විනාඩි ගනනකින් මූ මහ හයියෙන් හූ තියුව....... සුපුරුදු විදියට කට්ටිය ඇහැරුනා..... මොනව කරන්නද සාමාන්‍ය දෙයක් නෙ..... ඔය අතරෙ බුවා චූකරන්න ටොයිලට් ගියා..... ම මාර චාන්ස් එක මූ මොනවද බලන්නෙ කියල හොයල බලන්න... මම ඩාං ගාල දොර ලොක් කරගත්ත.........

    කෝ බලන්න මූ
    රෑ දෙගොඩහරියෙ රහකරකර බලන පින්තූරටික......... මාත් තින් වැඩර් වගේ කොට්ටෙ ඇදල පින්තූර ටික ගත්ත.......

    :shocked:බුදු අම්මෝ.......

    :oo:බුදු අම්මෝත් හොඳ එක......

    පින්තූරවල තිබුනෙ සුදුපාට වෙඩින් ගවුමක් අන්දවපු මුලු මූනම දම්/කලු පාටට විරූප වුන මළමිනියකගෙ සමීප රූප...... ඒ පින්තූරටික බලන්න තියා හිතනකොටත් බයයි..... ඒක අස්සෙ අරූ යකා වෙලා... දොර කඩන්න හදනව.

    :angry:ඇරපිය යකෝ දොර..........

    මමත් පින්තූර ටික මේසෙ අස්සෙ දාල කාමරේ දොර ඇරිය..... අරූට ටිකක් සීන් එක සැක හිතිල ගානයි ඌ ශේප් එකේ කොට්ටෙට අතදදා ෆොටෝස් ටික හොයනව. මමත් සද්ද නැතිව හිටිය.... මූ ටිකක් නාහෙට අහන් නෑ ඒත් මම මුල් දවසෙ බීල දාපු ටෝක් එකට මූ ටිකක් මට බය වෙලා හිටියෙ....

    ටිකක් වෙලා ගිහින් මූ මගෙන් පින්තූරටික ඉල්ලුව..... මම මූට තදින් කියුව මට සීන් එක කියපන් නැත්නම් ඉස්සරහට වැඩ වරදියි කියල........

    මෙන්න මූ අතදරුව වගේ මගේ ලඟ අඬ අඬ සීන් එක කියන්න ගත්ත........


    උගේ සිද්දිය කෙටියෙන්......

    ඌ පවුලේ එකම දරුවලු..... අම්මයි තාත්තයි ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයින්...... පදින්චි වෙලා ඉන්නෙ පුන්චිබොරැල්ලෙ...... තාත්තගෙ කන්ටෑක්ස් වලින් ශ්‍රි ලන්කන් එකේ ලොකු පෝස්ට් එකක් සෙට් කරන් මූ හෙන සැපට ජීවත්වෙලා තියෙනව....... ඔය අතර මූ ඒ ඔෆිස් එකේම අහින්සක කෙල්ලෙක් ෆන් එකට සෙට් කරන් බලාපොරොත්තු දීල අමාරුවෙ දාල තියෙනව..... අන්තිමට කෙල්ල බඩින්..... කොහොමින් කොහොම හරි මූ වියදම් කරල කෙල්ලගෙ අකමැත්තෙන්ම ලමයටත් වැඩේ දීල........... මේ සිද්දිය කෙල්ලගෙ අයියට මාට්ටු වෙලා ඌ මුගේ ගෙදර ඇවිත් යකා නටල..... අන්තිමට අයිය තගෙන්ම කෙල්ලව බන්දල දීල බලෙන්ම උගේ ගෙදර නවත්තල.......ගෙදර හිටියට මොකද මුලු පවුලම ඒ කෙල්ලට වෙනස්කම් කරල......
    අන්තිමට මේ කෙල්ල ජීවිතේ නැතිකරගන්න කොල්ලගේ වාහනේට ගෙනාපු එන්ජින් ඔයිල් බීල........:no:

    කොලඹ මහ ලෝහලේ නොවිඳිනා දුක් විඳල සතියක් පණ ඇදල ඒ කෙල්ල මෙලොව අතහැරල ගිහින්...... ඌ මට කියනව..... ඉස්පිරිතාලෙ හිටිය ටිකට උගේ කෙල්ල විඳපු දුක ජීවිතේ තියෙනකන් අමතක වෙන් නෑ කියල..... බලන් ඉන්දැද්දි ඒ ලස්සන මූන විරූපී වුන හැටි..... පෙනීම දුර්වල වෙලා ඇස් අන්ද වුන හැටි...... කලු පාටට වමනෙ කරපු හැටි...... කොටින්ම කියනවනම් මූ නිසා මූට ආදරය කරපු කෙල්ල දින 7 කින් උපරිමයට විඳවල උගේ අත උඩම මැරෙන හැටි මූ අත්විඳල..... :no:

    අවසානයේ මරණයේ කටයුතු අවසන් වුනාට පස්සෙ හරියටම හත් දවසෙ බණ දවසෙ ඉඳල මේ විරූපී වුන කෙල්ල මූ ලඟට එන්න අරන්.....හැම වෙලේම මූ තනි වුනාම මුගේ කර උඩින් ඒකි කකුල් දෙක දාගෙන ඉන්නවලු.... ගොඩක් වෙලාවට අම්මත් මේ දේවල් දැකල තියෙනව........ මූව බේරගන්න තොවිල් පවිල් ආදී වූ කිසි දෙයක් කරත් හරි ගිහින් නෑ...... අන්තිමට මූව මේ බූත කේස් එක නිසා රස්සාවෙනුත් එලියට දාල...... දෙමවුපියන්ට කරකියාගන්න දෙයක් නැතිව ඉන්නකොට සාත්තරකාරයෙක් කියල තියෙනව අමනුශ්‍ය දෝශ රටින් පිටවුනාම බලපාන් නෑ කියල..... එතින් කට්ටිය පුලුවන් ඉක්මනින් මූව රුසියාවට එවල..... ඒත් මොන ගැලවීමක්ද...... ඒකි මූ පස්සෙන්මලු..... මූ රෑට බයවෙලා යටිගිරියෙන් කෑගහන්නෙ බැරි වෙලාවත් මූට ඇහැ පියවුනොත් ඒ සැනින් උගේ ඇඟ බරවෙල ඇහැරෙනවලු. ඇස් අරිනකොට විරූපී වුන කෙල්ලගෙ කකුල් දෙක උගේ කරේ තියෙනව පේනවලු......:no:

    මූ කියපු විදියට මූ කෙල්ල මැරුණට පස්සෙ එකදිගට අවුරුදු 2-3ක් නිදාගෙන නැහැ.
    විස්තරේ අහල මටත් නිකන් හොල්මන් හොඳ එක...... මට කියල මූව දොස්තරකෙනෙක් ලඟට ගෙනියන්නත් තේරුමක් නෑ.... අන්තිමට මම ඌට ටිකක් :love::love:බොන්න දුන්න... දෙයියන්ගෙ පිහිටෙන් මූට ඒදවස්වල පැයක් දෙකක් එකදිගට නින්දගිහින් තිබුන..........මම ටිකෙන් ටික මුගේ ගෑනිගෙ සීන් එකට මූ බයවෙන එක අඩුකලා..... මූ කලකට පස්සෙ කියුව මූට ගෑනි ලඟ ඉන්නව පේනව, ගොඩක් වෙලාවට කකුල් කරේ දාගෙන ඉන්නව නමුත් දැන් වැඩි බයක් දැනෙන් නෑ කියල........

    මොනව කලත් කලකම් පලදෙනව........ මටනම් ඒ ගෑනි මුගෙ පස්සෙන් ආවෙ නැත්නම් තමයි පුදුම. ඊත් මෙච්චර අමාරුවෙන් ගොඩ දාපු මූ, මම ගැන පොලීසියට ඔත්තුවක් දීල.... මම යුරෝප් බෝඩර් ක්‍රොස් කරන්න ඇවිත් ඉන්නෙ කියල.......පොලීසියෙන් මාව කාලයක් ෆලෝ කරල......මට පස්සෙ තමයි ආරන්චි වුනේ......:no:

    අනික් කාරණය... මට හම්බවුන එළ කොල්ලො සෙට් එකත් එළම නෑ....... උනුත් මූත් එක්ක ගහගෙන මේ මිනිහ උගේ අතක් කපාගෙන ඇඩ්මිට් වෙලා ඉගෙනගන්න ආපු ලන්කාවෙ කොල්ලො හතරදෙනෙක් ඩිපොර්ට් කරවල..... උන් ඔක්කෝම මට සීන් එක හැන්ගුව......:no:ඔය විස්තර දැම්මෙ මිනිස්සු තේරුන් ගන්න......


    ඕන් එහෙනං කතාව අහවරයි...... මේක කියවෙවුවට වැඩි බයක් නැතිවුනාට අත්දැකීමට මුහුනදුන්න මම මේ සීන් එකට පන යන්න බය වුනා.... වෙන එකක් තියා මම මේ සීන් එක දැන් ටයිප් කරන්නෙ ලයිට් දාගෙන........lol


    තවත් ස්ටෝරියකින් පසෙ සෙට්වෙමු........



    :frown:රොබොට් අයියා.......


    මේ වගේම කරේ ඉදන් ඉන්න හොල්මන් සීන් එකක් තියන ෆිල්ම් එකකුත් තියනවා.... මගේ අම්මේ.... අම්ම ගහයි බැට් එකෙන්....... ඒක මහා භයානක පිල්ම් එකක්.... Shutter I think.. cant remember the name....... :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මේ වගේම කරේ ඉදන් ඉන්න හොල්මන් සීන් එකක් තියන ෆිල්ම් එකකුත් තියනවා.... මගේ අම්මේ.... අම්ම ගහයි බැට් එකෙන්....... ඒක මහා භයානක පිල්ම් එකක්.... Shutter I think.. cant remember the name....... :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    yaa yaaa... SHUTTER.... anthima kotasa baladdi thamai adenne.... :nerd:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රොබට් අයියගෙන් අවසරයි කියල හිතට ආපු කාරණා කීපයක් ලියන්න හිතුන. යක්කු පෙරේතයෝ බූතයෝ ගැන කතා කිරීමෙන් කෙලෙස් වැඩිවෙනවා කියපු දේ ගැන යමක් කියනවනම් , කතාකරන මාතෘකාව මොකක් උනත් අපි ඒ මාතෘකාව ග්‍රහණය කරගන්න ආකාරයෙන් තමයි අපිට ලැබෙන දේ තීරණය වෙන්නේ . අපි මෙතන කතාවෙන යන්ත්‍ර මන්ත්‍ර සස්තරෙයි යක්කු බූතයෝයි අපේ සාමාන්‍ය ජීවිතේට කොතනින්ද අදාල කරගන්නේ කියන එක මේක කියවන හැමෝගෙම බුද්දියට ගොචරයි කියලයි මට හිතෙන්නේ. මන්තර සස්තරෙයි යක්කු බූතයෝ ගැනයි මගේ තියෙන අත්දැකීම් දෙකක් මෙතැනදී මම ලියන්න හිතුන හැමෝගෙම ප්‍රයෝජනේ පිණිස.
    පලවෙනි එකනම් ඔන්න අපේ යාළුවකුගේ ගෙදරක පිරිත් පින්කමක් තිබුන. මේක උනේ 2002 වසරේ වගේ තමයි මගේ මතකේ. ඉතින් ඔන්න අපිත් සැදී පැහැදී ගියා පිරිත් අහන මුවාවෙන් එළකිරි නයිටක් ගහන ෆුල් ආතල් එකක් අරගන්න බලාගෙන. ඔන්න ඉතින් මහා පිරිත ඉවරවේගෙන එනකොට අපේ යාළුවගේ අම්ම යකෙක් ගහල වගේ පිස්සු දොඩවන්න ගත්ත . වැඩේ ටික ටික වැඩි උනා. බැලුවම මුන්ගේ අම්මට ආච්චි වැහිලා. දැන් පිරිත් ගෙදර එකම යුද්දයයි. කොහොමහරි පිරිතේ වැඩේ කෙරෙන අතරේ අපි යාළුවගේ අම්ම වහනෙක ගෙන ගිහින් යන්තර මන්තර ගුරුකම් දන්නා හාමුදුරු කෙනෙක් ගාවට අරන් ගියා. කොහොමහරි හාමුදුරුවෝ සද්දේ දාල නුලක් එහෙම ගැටගහල ඒ වෙලාවට පොඩි ශේප්මන්ට් එකක් දාල දුන්න. ඔන්න ඉතින් වැඩේ එවෙලේ යන්තම් ගොඩ ගියා කියමුකෝ. පහුවදා දවල් දානේ ඉවරවෙලා කාල බීල ඉවර උනාම මෙන්න ආයෙත් යාළුවගේ අම්මට යකා වැහුන. දැන් ඉතින් මල යුද්දයයි. අර කලින් කියපු හාමුදුරුවෝ අයෙමත් ගෙන්නලා ඔන්න පොඩි ශාන්තිකර්මයක් කරලා පොඩි ශේප් එකක් දැම්ම ආයෙත්. දැන් මේ වැහිලා ඉන්නේ යාළුවගේ ආච්චි. දැන් මේ වැහිලා ඉන්න පෙරේතය කියන්නේ අපේ යාළුවගේ අම්මව අරන්යන්න ඕන කියල. දැන් ඔන්න පහුවදා රෑට තොවිලයක් කරන්න කතාකරගෙන එතකම් පෙරේතය වැහුන මනුස්සයව තනි කරන්නේ නැතුව තියන්න ඕන. දැන් ඔන්න අපිට තමා යාළුවගේ අම්මව බලාගන්න තියෙන්නේ. දැන් මෙයා කතාකරන්නේ තනිකරම යාළුවගේ ආච්චි කතා කරන විදිහට. ඔන්න ඉතින් පෙරේතය (මැරිච්ච ආච්චි) අපි එක්ක වලියටමයි එන්නේ. ඔන්න ඉතින් ටික ටික රෑ වෙනකොට පෙරේතය (මැරිච්ච ආච්චි) අපි එක්ක ශේප් උනා. ඉතින් දැන් ඉතින් අපේ කට්ටිය ටිකෙන් ටික බයිට් එකට ගන්නයි සෙට් වෙන්නේ. දැන් මේ අපේ යාළුවා ඉන්නේ අපේ ගමට අල්ලපු ගමේ. ඉතින් මේ අපේ යාලුවට උගේ ගමේ යාලුවෝ එක්ක සෙට් වෙන්න දෙන්නේ නැහැ මුන්ගේ ගෙදරින්. මොකද ඒ පැත්ත ටිකක් චාටර් පළාතක්. (අපහාසෙට කියනවා නෙවෙයි ) ඉතින් අපේ යාළුවා හවසට ,නිවාඩු දවසට වළක් බහින්න සෙට් වෙන්නේ අපේ පැත්තට තමයි. උන්ගේ ගෙදරින් අවසර ලැබෙන්නේ අපේ පැත්තට එන්න විතරයි යාලුවට. ඉතින් දැන් මෙන්න මුන්ගේ අම්මට වැහුන පෙරේතය (ආච්චි) කියනවා එයා කොල්ල (අපේ යාළුවා) පස්සෙන් යනවලු යන හැමතැනම . ( මු පවුලේ එකම පිරිමි දරුවා) ඉතින් අපේ සෙට් එකේ උන්නු එකෙක් ඇහුව එතකොට මු නිවාඩු දවස් හවසට හවසට් ********* ගමට යනකොටත් පස්සෙන් යනවද කියල. එතකොට පෙරේතය (ආච්චි) කියාපි ඔව් ඒ ගමේ යාලුවෝ විතරයි මේ දරුවට ඉන්න හොඳ යාලුවෝ ඒ හින්ද තමයි එතනට් විතරක් ගිහින් ඉන්න දෙන්නේ එයා පස්සෙන් ඇවිත් කට්ටිය කැරම් ගහනවා බලන් ඉන්නවා කියල. (ඇත්තටම අපි හවසට සෙට් වෙලා කැරම් ගහනවා. අපි හැමෝම හවසට වැඩ ඇරිලා එන ගමන් එතනට සෙට් වෙලා තමයි රෑ වෙලා ගෙදර යන්නේ.ඉතින් ටික ටික රෑ වෙනකොට කට්ටිය සල්ලි එකතුකරලා බෝතලයක් ගෙනල්ල හෙමින් හෙමින් සප්පායම් වෙන ගමන් තමයි කැරම් ගහල ගෙදර යන්නේ. කොයි වෙලාවෙත් සිගරට් එකක් දෙකක් අතින් අත යනවා ඉතින් සහයෝගෙන්.) දැන් ඉතින් මේ කියන විදිහට මුන්ගේ ආච්චි පෙරේතයත් මු එක්ක එනවලු මුගේ පස්සෙන් අපි කැරම් ගහන තැනට. ඔන්න ඊට පස්සේ තම අපේ එකෙක් පෙරේතයගෙන් වැදගත්ම ප්‍රස්නේ ඇහුවේ. එකෙක් ඇහුව ඉතින් එතන කැරම් ගහන ළමයි නරක වැඩ කරන්නේ නැතිද කියල. පෙරේතය කියපි අනේ ඒ ළමයි හරිම හොඳයි කිසිම වරදක් කරන්නේ නැහැ කියල. අපි ඉතින් කට්ටිය මුනට මුණ බලාගත්ත ශේප් එකේ. පහුවදා හාමුදුරුවෝ මොකක් නමුත් ගුරුකමක් කරලා මුන්ගේ අම්මව සුව කරලා තිබුන. එදානම් මට ඒ පැත්තට යන්න බැරි උනා. හැබැයි අපේ යාළුවගේ අම්ම නැති උනා සුනාමියට අහුවෙලා.

    දෙවැනි කරනේනම් මම එක්තරා කලෙක පූජා නගරෙක අවුරුදු 5 සේවය කරද්දී මන්තර ගුරුකම් කරපු මනුස්සයෙක් එක්ක බොහොම කිට්ටු ඇසුරක් පැවැත්වුවා කියල මම මීට කලින් පොස්ට් එකේ කිව මතක ඇති. ඉතින් මේ මනුස්සය වාසය කරේ මගේ නිල නිවාසය තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ. (මගේ කාර්යාලයත් නිල නිවාසයත් තිබුනේ අක්කර 5 ක් විතර ලොකු එකම ඉඩමක.)ඉතින් මේ අදුරගෙන් වැඩක් කරගන්න කෙනෙක් එනවනම් කෙලින්ම එන්නේ මගේ කාර්යාලයට.අපෙන් තමයි අහන්නේ අදාල පුද්ගලයා ඉන්නවද වැඩකට ගිහින්ද කියල. මොකද වැඩක් නැති හැම වෙලේම මේ අදුරු තුමා උන්නේ අපි එක්ක. කැවේ බිව්වෙත් අපෙන්.(අපහසෙකට ලොකු කමකට කියනවා නෙවෙයි . ඒ මනුස්සයට විතරක් එයාගේ පැල් කොටේ උයන්න ඕන නැහැ අපෙන්ම කන්න කියලයි මම එයාට කියල තිබුනේ. ඒ හින්ද මේ පුද්ගලයා අපිට පවුලේ සාමාජිකයෙක් වගේ උනා. එයාගේ මරනෙ ගැන අදටත් මම කණගාටු වෙනවා පවුලේ කෙනෙක් නැති උනා වගේ.) ඔන්න දවසක් ගැණු කෙනෙක් ඇවිත් මගෙන් ඇහුව ******* මාම ඉන්නවද කියල. ( ගමම එයාව හැඳින්වූවේ ******* මාම කියල ) ඒ වෙලාවේ මේ කියන පුද්ගලයා උන්නේ එයාගේ පැළට වෙලා පොඩි නින්දක් ගෙන. මම ඉතින් වැට ගාවට නම කියල කතාකරාම ආවා මගේ කර්යලේට.අවම තමයි දැක්කේ ගැහැණු කෙනෙක් ඇවිත් ඉන්නවා කියල. ඔන්න මේ ගැහැණු කෙනා ඇහුව මාමේ වැඩේ කරාද කියල. අපේ හිතවතා කිව ඔව් කරලා ඇත්තේ එයා කොහෙටහරි ගිය වෙලාවක ගැහැණු කෙනෙක් ඇවිත් ඉල්ලුවොත් දෙන්න කියල වැඩේ කරලා මට දීල ගියා කියල. ඔන්න ඉතින් මට දැන් වැඩේ හොල්මන්. මෙන්න මැන්ස් කියපි මම අර උදේ මහත්තයට දෙන්නේ පොඩි කොලේක ඔතපු දෙයක්. අන්න එක මට දෙන්න කියල. මම ඉතින් දැන් දෙකොන මූට්ටු වෙලා කිව අන්න මගේ ක්වාටස් එකේ මේස උඩ ඇති ගන්න කියල මම යන්නතම් ගොඩ උනා. මැන්ස් ගියා මගේ ක්වාටස් එකට. ගිහින් එලියට ඇවිත් පොඩි පත්තර කොලේක ඔතපු යමක් දුන්න අර ආපු ගැහැණු මනුස්සයට. දීල කිව වැඩේ කරලා ගුණ අගුණ කියන්න කියල . දැන් ඉතින් මට වැඩේ වැඩේ අන්දොස් . ගැහැණු මනුස්සයත් නොපෙනී යන්න දීල මම ඇහුව මොකද්ද යෝදයෝ ඒ කුනුහරුපේ කියල. ඔන්න ඊටපස්සේ තමා මට කතාවේ අග මුල පැහැදිලි කරේ. මේ ගැහැණු මනුස්සය මොකක්දෝ වැඩකට සීනි ටිකක් මතුරලා දෙන්න කියල මේ මනුස්සයට. සල්ලිත් දීල. ඉතින් මේ යෝදයට මේ වැඩේ කරන්න අමතක වෙලා. ඉතින් දැන් මේක කරේ නැහැ කියන්න බැරි හින්ද මගේ ක්වාටස් එකේ තිබුන සීනි බෝතලෙන් සීනි ටිකක් කොලේක ඔතල තමයි දීල තියෙන්නේ. මේක ලිව්වේ ඒ මැරිච්ච මනුස්සයට අපහාස කරන්න නෙවෙයි (මේ මනුස්සය රියල් වැඩකාරයෙක් ). ඇදුරෝ කාරණා දේවල් ගැන පොඩි අදහසක් දෙන්න හැමදෙනාටම. පස්සේ දවසක වැඩේ හරි ගියේ නැහැ කිවම කිල්ලක් අහුවෙන්න ඇති කියල ආයේ සීනි ටිකක් හරියටම මතුරලා දීල තිබුන.
    ඔන්න ඕකයි සිදුවීම් දෙක. මේ දෙකෙන් ඔයාලට තේරෙනවා ඇති බූතයෝ පෙරේතයෝ කියන්නෙත් ඇදුරෝ කියන්නෙත් කව්ද කියල. මේ කියන දෙගොල්ලොම කියන තරම් කළුත් නැහැ. කියන තරම් සුදුත් නැහැ. ඒ හින්ද මේ බූත කොටුවේ කියවෙන ලියවෙන දේවල් වලින් ගන්න ඕන මොනවද කියල තීරණය කාරණා එක කියවන හැමෝගෙම බුද්දියට ගොචරයි.
    කව්රු කොහොම කීවත් මගේ පුද්ගලික අදහසනම් යක්කු පෙරේතයෝ බූතයෝ එක්කයි යන්තර මන්තර කාරණා අයියල එක්කයි සෙල්ලමට යන්නනම් එපා කියලයි.
    රොබට් අයියගේ බූත කොටුවට ජයෙන් ජය වේවා.
    ඇදුරෙක් ගැන තවත් කතාවක් ලියන්නම් පසුවට...