මචන් මෙච්චර සරලව ගීත ලියන්න පුලුවන්ද ?? හිතා ගන්න බෑ මෙහෙම මිනිස්සුත් ඉන්නවද කියල..ඔබට ගොඩක් පින්..1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......?
ඉතින් .. ඔන්න කට්ටිය නුවර එළිය පැත්තෙ ඇවිදල ඉවරවෙලා තීරණය කලාලු නුවර එළියෙ තියෙන රෝහණ වීරසිංහයන්ගෙ මහ ගෙදරට යන්න.... නුවරඑළිය බ්ලැක් පූල් කියන වතුයායෙ පිහිටලා තියෙන මේ ලස්සන නිවසට ගියපු අය සීතලේ වෙවුල වෙවුල දැන් අවට සිරි නරඹනවලු.... මේ අතර පොඩ්ඩක් සීතල නිවාගන්න සප්පායම් වෙන්න කියල හිතාගෙන කස්ටිය රෝහණ වීරසිංහයන් ඉදපු විශාල කාමරේට ගිහින් ඇද උඩ ඉද ගත්තලු.... වැඩේ යන අතරෙ අපේ සීතලටත්, අවට පරිසරයේ තියෙන ලස්සනත්, නිහැඩි තාවයත් එක්කම ..... ලක්ෂ්මන් විජේසේකර මොනවදෝ විසිල් කරන්න පටන් ගත්තලු මේක අහගෙන හිටි කිංස්ලි රාජසිංහ ඇදට ගහන්න පටන්ගත්තලු ගැලපෙන තාලයකට ඒ විතරක් නෙමෙයි විසිල් එක නතර වෙන තැන් වලදි මියුසික එකකුත් දෙනවලු....... මේක අහගෙන මේ දිහා බලාගෙන ඉන්න කුමාරදාස සපුතන්ත්‍රී ගත්තුලු කොලයක්..... මොනව මොනවද ලියල දුන්නලු..... ඔව් යාළුවනේ වෙන මොනවද ඉතින් මේ ගීතය තමා ලියල තියෙන්නෙ...
බලන්න පද රචනය, සංගීතය, තනුව හා ගායනය නුවර එළියෙ බ්ලැක් පූල් වතු යායෙ රෝහාණ වීරසිංහයන්ගෙ මහ ගෙදරින් බිහිවුන අපීරුව.... හොදම වැඩේ කියන්නෙ ඒක නෙමෙයි මුලින්ම විසිල් එක ගහනකොට මෙයාලගෙ සින්දු අහන්න ප්‍රේමා ගනේගොඩ මහත්මිය ඒ දිහාට එන්න හැදුවලු..... ඒත් එවිටදිම රෝහණ විරසිංහ කිව්වලු යන්න එපා පොඩ්ඩක් ඉන්න ඔය විසිල් පාර ගීතයක්වත් අපි කලින් අහල පුරුදු තාලයක්වත් නෙමෙයි කියල. සමහරවිට රෝහණ වීරසිංහ බාධා නොකලනම් මේ ගීතය අපිට නොලැබෙන්නත් ඉඩ තියෙනවා.......
නොයෙක් නොයෙක් දේවල් කලාට වැඩක් නෑ .... මම එන්නෙ නෑ.... මට ඇහෙන්න පා සළඹ සෙලෙව්වත්, සද්දෙන් සුසුම් ලෑවත්, මට පේන්න හිටියත් මොනව කලත් වැඩක් නෑ මගේ හිත චංචල වෙන්නෙ නෑ.... ඒත්.... ඔය හිනාවනම් මට පේනන කරන්න එපා.... මගේ හදවතට අකුණක් ගහනව වගේ.... ඕන දෙයක් කරන්න හිනාවෙන්න එපා.....
![]()

විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තය.........
මට ගීත ගෑන විචාර කරන්න තරම් ඩෑනුමක් නෑ..ඒත් මම මේතරම් ගීතවලට යොමු වුනේඑක් අත් දෑකීමක් නිසා මෙච්චර කාලෙකට කාටවත්ම නොකියපු ඒ අත්දෑකීම මම උබඔලට කියන්නම්.. අදටත් ඒ සිදුවීම් මාලාව මත්ක් වෙනකඔට ඈඩෙනව..ඈත්තටම ඈඩෙනව...
මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..
ඔහොම ඉද්දි සාමාන්‍යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..
මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..
කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා
ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..
පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා
අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..
එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..
ඊයෙ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ....
හීයේ වේගෙන් අහස උසට බෑදි
ආදාරය ලෝකය හෙතත් තියේ......
ඒත් ඉතින් දෑන් සොදුරිය ඔබ නෑත
ඈයිමේ ලොව මා තිනව මෙසේ...
මාත් මගේ හිතටත් ඔබ සුවද්යි
සදා රෑදේමයි ඒ සුවදේ...
සමාවෙන්න යාලුවනේ මේ වගේ තෑනක ඔය කතාව දෑම්මට... එත් මෙතෙන තමා ඕක දන්න හොදම තෑන කිය්ල මමහිතන්නෙ....මොකද ගීතයකට ආදරය කරන හදවතකට ..මේවගේ කතාවක්ම්තේටුම් ගන්න පුලුවන් කියල මම හිතන නිසා
එළකිරි එක ආයෙත් 2009 ~ 2008 කාල වලට එනවා මේ වගේ එළමකිරි ත්‍රෙඩ් නිසා.......!!
![]()

අපි වත් ඒ තත්ත්වෙට මේක ආයෙ ගෙනෙමු..............!!!!
පරණ සහෝදරවරුන් ගේ බැක් අප් එක නම් නැතුව බෑ වැඩේට......!!!![]()

දෛවයේ සරදමක්ද බන් මේ..ඊයේ සිදු වීම, අද මේක...විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තය.........
සොදුරිය, කාලය කොතරම් නපුරුද?
සොදුරිය කාලය කොතරම් නපුරුද?
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන - රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය..........
පෙරුම් පුරා දුක සේ ගලපා ගත් - කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය.....
ලොවට හොරා විළි ලා බිහි කරගත් - වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය.........
ප්‍රේමයේ ආශ්වාදය විදිමින් හිද, විවාහයෙන් පසුව එකම යහනක වැද තම අධ්‍යාත්මයන් අතිපිහිත කරගන්නා යුවලක් මද කලකට පසුව මධුසමය අවසන් වී සිය පුරුදු ත්ත්තවයනට පැමිණෙත්. එවිට වැටහෙන්නේ මුලදී දුටු ආදරය, සෙනෙහස සහ අනුරාගය මිලින වී ඇති ආකාරයයි. මේ සිදුවන පුදුම රූප විපර්යාසයෙන් අන්ද මන්ද වන ස්වාමියා, තම බිරිදට ඇති සෙනෙහස කොතරම් ද යත්, මේ දොස් පවරන්නේ කාලයටය. සියල්ල වෙනස් කරවන කාලයටය. ඔහු ඇයට ඇති ප්‍රේමය නිසා ම තම බිරිද වෙනස් ඇති ආකාරය පිලිගැනීමට සූදානම් නැත. මේ සියල්ල කරන්නේ කාලයයි. වැරැද්ද කාලය අතය. ප්‍රේම කරන කාලය තුල විවිධ දුක් කම්කටොළු මැදින් පවත්වා ගත්, රැකගත් ආලය කාලය උදුරා ගෙන ඇති බවටය, ඔහු ගේ මේ චෝදනාව......
පෙම් කරන සමයේ ප්‍රේමවන්තයන් ගේ කවිය සිය පෙම්වතියයි. එල්ල වූ විවිධ බාධා කෙතරම් ද යත් මේ පෙම්වතා ඔහු ගේ කවිය ගලපන්නේ පෙරුම් පුරා ඉතාමත් දඅකසේය. ඔහුට ඉහිළුම් නැති වන්නේ එසේ ගලපා ගත් කවියේ ඔහු දුටු පෙම්වතිය, ඇගේ ප්‍රේමය විවාහයෙන් පසුව දියව යාමය. ඒ කාලයේ හද රැදි ඇය ගේ රුව, ගුණ, සෙනෙහස දැන් ඇය සතුව නොමැති බවටය මේ ලතැවිල්ල......එදා ඒ දුටු ඇය ගේ ස්නේහය කොතරම් මිහිරි ද යන්න ඔහු මෙනෙහි කරන්නේ ලතැවිල්ලෙනි........
ලොවට හොරා විළි ලා බිහි කරගත් - වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය.........
මේ ගීතයේ උභතෝකෝටික වන යෙදුම මෙයයි. ඔවුන් ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සද තුමක්ද? ඇයි එය දුකක් වූයේ.........
පෙම් කරනා සමයේ ම කායික ආශ්වාදය සමහර පෙම්වත් හු විදිති. ඒය ලබා ගැනීමට වෙහෙසිය යුත්ය. සමාජ සම්මතයන්ට පිටුපානා බැවින් එය ලොවට හොරෙන් සිදුවන දෙයකි. එහි ඵලය දරු ගැබකි. ප්‍රේමයේ ප්‍රතිඵලය බොහෝ පෙම්වතුන් හට විනාශකිරීමට සිදුවන්නේ ලොවට හොරෙන්, සමාජ සම්මතයන් හට පිටින් සිදුවන මේ කරුණු නිසාය. තම කුළුදුල් ගැබ විනාශවනු දැකීම දෙදෙනාටම වේදනාවකි. එහෙත් ඒ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන පෙම්වත්හු විකල්පයක් නොමැති සද ඒ වේදනාව නිහඩ වම විදිති. ඔහු ගේ ලසෝව වන්නේ එසේ එවැනි විටකදී බෙදා හදා ගත් "දුක" වත් දැන් තමාට බෙදා ගැනීමට තරම් නොලැබෙන නිසාය. සෙනෙහස විපරීතව ඇත. ඔහු වේදනාවෙන් සිහි කරන්නේ එවන් දුක වුවද දැන් විදින දුකට වඩා මිහිරි නොවෙද යන්නය.
කාලයත් සමග වෙනස්ව යන ප්‍රේමයේ සන්තාපය, දුක්ඛ දෝමනස්සයන් මනා ලෙස කැටි කොට සමන්ත මේ ගීතය නිමවා ඇත. ඔහු ගේ බොහෝ ගීත වල ප්රස්තූතය වන්නේ විරහවය. ප්‍රේමයේ වේදනාවය. එයින් පුදුම මිහිරක් රසිකයා ගේ චිත්ත සන්තානයේ දල්වා ලීමට මේ පුගුලා සමත්යැ. කේමදාසයන් ගේ මනහර තනු සහ ඒකල වයලීන වාදනය කරන ඩී.ඩී. ඩැනී සහ කළණි පෙරේරා යන සුධිමත්හු ද මේ ගීතයේ ආලෝකය දල්වා ඇතිතාහ. අමරසිරි පීරිස් ඔහු ගේ අති මාධූර්යය, ගැඹුරු කටහඩින් මේ ගයන්නේ සිය බිරිද ගේ සෙනෙහස නොලැබ ජීවිතයේ වියලි නිරුදක කතර පමණක් දක්නා සකල විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තයයි......!!!

aththaa theruma danna un .umba gana mona hithanna athi da..heheh

ඔව් බන්...
මන් ඒත් බැලුවා මගේ එකවුන්ට් එකෙ හිටපු සුපිරිම කෑලි එකා දෙන්නා අතුරුදන වෙන්න ඇයි කියලත්...![]()

නියමයි කිබුලා...දැන් නම් ඉස්සරට වඩ ගීතයක් ගැබුරින් බලන්න පුරුදු වෙලා....විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තය.........
සොදුරිය, කාලය කොතරම් නපුරුද?
සොදුරිය කාලය කොතරම් නපුරුද?
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන - රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය..........
පෙරුම් පුරා දුක සේ ගලපා ගත් - කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය.....
ලොවට හොරා විළි ලා බිහි කරගත් - වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය.........
ප්‍රේමයේ ආශ්වාදය විදිමින් හිද, විවාහයෙන් පසුව එකම යහනක වැද තම අධ්‍යාත්මයන් අතිපිහිත කරගන්නා යුවලක් මද කලකට පසුව මධුසමය අවසන් වී සිය පුරුදු ත්ත්තවයනට පැමිණෙත්. එවිට වැටහෙන්නේ මුලදී දුටු ආදරය, සෙනෙහස සහ අනුරාගය මිලින වී ඇති ආකාරයයි. මේ සිදුවන පුදුම රූප විපර්යාසයෙන් අන්ද මන්ද වන ස්වාමියා, තම බිරිදට ඇති සෙනෙහස කොතරම් ද යත්, මේ දොස් පවරන්නේ කාලයටය. සියල්ල වෙනස් කරවන කාලයටය. ඔහු ඇයට ඇති ප්‍රේමය නිසා ම තම බිරිද වෙනස් ඇති ආකාරය පිලිගැනීමට සූදානම් නැත. මේ සියල්ල කරන්නේ කාලයයි. වැරැද්ද කාලය අතය. ප්‍රේම කරන කාලය තුල විවිධ දුක් කම්කටොළු මැදින් පවත්වා ගත්, රැකගත් ආලය කාලය උදුරා ගෙන ඇති බවටය, ඔහු ගේ මේ චෝදනාව......
පෙම් කරන සමයේ ප්‍රේමවන්තයන් ගේ කවිය සිය පෙම්වතියයි. එල්ල වූ විවිධ බාධා කෙතරම් ද යත් මේ පෙම්වතා ඔහු ගේ කවිය ගලපන්නේ පෙරුම් පුරා ඉතාමත් දඅකසේය. ඔහුට ඉහිළුම් නැති වන්නේ එසේ ගලපා ගත් කවියේ ඔහු දුටු පෙම්වතිය, ඇගේ ප්‍රේමය විවාහයෙන් පසුව දියව යාමය. ඒ කාලයේ හද රැදි ඇය ගේ රුව, ගුණ, සෙනෙහස දැන් ඇය සතුව නොමැති බවටය මේ ලතැවිල්ල......එදා ඒ දුටු ඇය ගේ ස්නේහය කොතරම් මිහිරි ද යන්න ඔහු මෙනෙහි කරන්නේ ලතැවිල්ලෙනි........
ලොවට හොරා විළි ලා බිහි කරගත් - වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය.........
මේ ගීතයේ උභතෝකෝටික වන යෙදුම මෙයයි. ඔවුන් ලොවට හොරා විළි ලා බිහිකර ගත් වසන්තයේ සද තුමක්ද? ඇයි එය දුකක් වූයේ.........
පෙම් කරනා සමයේ ම කායික ආශ්වාදය සමහර පෙම්වත් හු විදිති. ඒය ලබා ගැනීමට වෙහෙසිය යුත්ය. සමාජ සම්මතයන්ට පිටුපානා බැවින් එය ලොවට හොරෙන් සිදුවන දෙයකි. එහි ඵලය දරු ගැබකි. ප්‍රේමයේ ප්‍රතිඵලය බොහෝ පෙම්වතුන් හට විනාශකිරීමට සිදුවන්නේ ලොවට හොරෙන්, සමාජ සම්මතයන් හට පිටින් සිදුවන මේ කරුණු නිසාය. තම කුළුදුල් ගැබ විනාශවනු දැකීම දෙදෙනාටම වේදනාවකි. එහෙත් ඒ අමිහිරි අත්දැකීමට මුහුණ දෙන පෙම්වත්හු විකල්පයක් නොමැති සද ඒ වේදනාව නිහඩ වම විදිති. ඔහු ගේ ලසෝව වන්නේ එසේ එවැනි විටකදී බෙදා හදා ගත් "දුක" වත් දැන් තමාට බෙදා ගැනීමට තරම් නොලැබෙන නිසාය. සෙනෙහස විපරීතව ඇත. ඔහු වේදනාවෙන් සිහි කරන්නේ එවන් දුක වුවද දැන් විදින දුකට වඩා මිහිරි නොවෙද යන්නය.
කාලයත් සමග වෙනස්ව යන ප්‍රේමයේ සන්තාපය, දුක්ඛ දෝමනස්සයන් මනා ලෙස කැටි කොට සමන්ත මේ ගීතය නිමවා ඇත. ඔහු ගේ බොහෝ ගීත වල ප්රස්තූතය වන්නේ විරහවය. ප්‍රේමයේ වේදනාවය. එයින් පුදුම මිහිරක් රසිකයා ගේ චිත්ත සන්තානයේ දල්වා ලීමට මේ පුගුලා සමත්යැ. කේමදාසයන් ගේ මනහර තනු සහ ඒකල වයලීන වාදනය කරන ඩී.ඩී. ඩැනී සහ කළණි පෙරේරා යන සුධිමත්හු ද මේ ගීතයේ ආලෝකය දල්වා ඇතිතාහ. අමරසිරි පීරිස් ඔහු ගේ අති මාධූර්යය, ගැඹුරු කටහඩින් මේ ගයන්නේ සිය බිරිද ගේ සෙනෙහස නොලැබ ජීවිතයේ වියලි නිරුදක කතර පමණක් දක්නා සකල විවාහක ස්වාමි පුරුෂයන් ගේ සදාතනික ශෝකාන්තයයි......!!!
Ada kale sindu aheddi mala paninawa macan. Mama me nula mula idala 15 page eka wenakamma kiyewwa. ithuru tikath kiyawann kalin quote ekak danna hithuwa. mama elakiriye mechchara kiyawapu palaweni nula. ''අද කාලෙ ගීත වලට අපි මේ විදියට සංවේදී වේවිද මචන්....![]()
1980 මැ භාගයේදි වෙච්චි සිද්දියක්. එංලන්තෙ ජීවත්වන සිනමා ශිල්පිණී ප්‍රේමා ගනේගොඩ ඒ කාලෙ හැම අවුරද්දක එනවලු ලංකාවට... ඒ එන්නෙ නිවාඩුවක් ගත කරන්න... ඉතින් එහෙම ආවම එයාගෙ හොදම යාළුවොටිකටත් ආරාධනා කරනල ලොකු බස් එකක් අරගෙන කොහේ හරි දවස් දෙක තුනක ට්‍රිප් එකක් යනවළු. ඉතින් මේ කියන අවුරුද්දෙත් ට්‍රිප් එක ගිහින් තියෙන්නෙ නුවර එළිය පැත්තෙ... ට්‍රිප් එකට සහභාගිවෙලා ඉන්න අය අතර හිටියළු රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, කුලරත්න ආරියවංශ, ආනන්ද වීරසිරි, කුමාරදාස සපුතන්ත්‍රී, කිංස්ලි රාජසිංහ වගේ අය. මොකද අද වගේ නෙමෙයි ඒ කාලෙ කලාකාරයො කියන්නෙ එක අම්මගෙ දරුවෝ වගේ එකමුතුයි, සමගියි. ප්‍රශ්ණ නෑ. තිබුනත් ඒව සමගියෙන් විසද ගන්නව. බලන්න සිංහල සංගීතයේ පතාක යෝධයෝ සෙට් එකක් නේ මේ එකට ඉදල තියෙන්නෙ... ඉතින් ලස්සන නිර්මාණ බිහි නොවී තියේවිද......?