හරි.... කමෙනට්ස් වලට බොහොම ස්තූතියි යාළුවනේ...... මම ඔයාලවත් සහභාගී කරගෙනයි ඊළග ගීතය විචාරය කරන්න හදන්නෙ.... ඔබට 0.0000001% හරි රසඥතාවයක් තිබෙනවානම් උත්සාහයක් දරන්න..... අපේ යාළුවො දරණ උත්සාහය අනුව තමා මම මේ ගීතය විචාරය කරන්නෙ... මොකද සැබෑවටම මුළු ශ්‍රී ලංකා ද්විපයෙන්ම මේ ගීතය තවමත් විචාරය කරල තියෙන්නෙ 3 දෙනෙක් පමණයි....
ඔවුන් ගෙනුත් එක්කෙනෙක් රචකයාගේ හිතවතෙක්ලු.... ඔන්න අපේ එළකිරි.කොම් වෙබ් අඩෙවිය දෙකෝටි ගානකට බැරි උනදේ කරන්න හදන්නෙ.... මෙන්න ගීතය... උත්සාහයක් දරන්න.....
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..
අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..
නියමයි යාලුවා...සුපිරි වැඩක්..





