සුන්දර ගීයක ඇරබුම,..

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,478
    5,871
    113
    යාළු ඩිග්ග්‍රි එක කියන්නෙ සුදුසු කමක් විතරයි....අපේ බාසාව රස විදින්න සිංහල මහාචාර්ය වරයෙක්ම වියයුතු නෑ. මම එහෙම කියන්නෙ ඔබ විස්වාස කරනවද.... මට තියෙන්නෙ තොරතුරු තාක්ෂණ උපාධියක්..... දත්කිඹුලට තියෙන්නෙ වෛද්‍ය විද්‍යා උපාධියක්.........

    aththa...mama inne uk wala ne.. eka ne awula.. librry ehekata gihin sahithya kruth balanna widihak nah ne.. .eka thama mey magula iwara wena kan inna ona kiwwe.etha kota mama ohey.. mata dan puluwan tharamk igena gannawa.. mey thread eken igena gaththuwa godai..mama ayeth mey dewani parata kiyawanna gaththa.. :P :P
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ගමෙන් කොලබ ඈවිත් මේගෙන්ද ගම් පොලවෙ පය ගහ... පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑගගහ බඩු විකිනල, මේසන් බාස් ල ලග අත් උදව් දීල .. කොලබ විතරක් නෙමේ මුලු ලෝකයම ජය ගත්ත දිරිය මිනෙසෙක් තමා කලු මහත්තයා, දන්න බාසාවෙන් කියනවනම් නවලෝක මුදලාලි මහත්තය.. ඒතුමන් සන්ගීතය දෑක්වූවේ මහා පුදුමා කාර ආදරයක්..

    මුලු සතිය පුරාවට සල්ලි හොයන්න රේස් එකේ එක පිම්මට දුවල , ප්‍රශ්න කෝටියක් හිතේ තියන් ඉදල එතුමන් යම් මානසික සුවයක් ලබන්නෙ සති අන්තයේ ගීත ඈසීමට ඔහු ඉතා මත් ප්‍රිය කලා.. මෙසේ ටික කලක් ගතවන විට එතුමන්ගේ ගීත පිපාසාව තවත් වෑඩි වුනා..
    මෙතුමන් තීරනය කරනව සෑම සති අන්තයකම තාමාගේ නිවසේදීම හිත මිතුරන් සමගින් පෑදුරු සාජ්ජයක් සන්විදානයකිරීමට..

    මුදලාලි මහත්තයගෙ දුව මේ වෑඩේට එතරම් කෑමති වෙන්නෙ නෑ හේතුව ඈය එතරම් ගීත ශ්‍රරවනය නොකරන නිසා. සහ දොස්තර වරයෙකු වීමට දකින සිහිනය තුල මෙවන් දේට ඉඩ නොමෑති නිසා.. එම දුව තීරනය කරනව අදාල සදයන්ට සහබාගිනොවී තමගේ පාඩම් කටයුතුවල නිරතවෙන්නට

    මදුවිත තොලගාමින්, කෑමෙන් සප්පායම් වෙමින්.. මුදලාලි මහතා ඈතුලු හිතවත්තු සන්ගීතයේ මිහිර විදගන්නව.. මෙමෙ පෑදුරු සාජ්ජ කන්ඩායමේ සිටි තරුන කොන්ඩය කෑරලිගෑසුනු.. ප්‍රස්න්න පෙනුමෑති පිරිමි ලමයා ගීත ගායානා කරන අපූරුව පිලිබද සියලු දෙනාම වර්නනා කරනව..

    මේ අතර මාලිගාවක් බදු නිවසේ ඉහල මාලයේ පාඩම් කරමින් සිටින මුදලාලි මහතාගේ තරුන දියනියට ඉතාමත් මියුරු කට හඩකින් ගෑයෙන ලයාන්විත ගීයක් ඈසී සාදය පවතන ස්තානයට පෑමිනෙනවා

    ඉතාමත් ප්‍රිය මනාප තරුනයෙකු දෑහෑනට සම වෑදීමෙන් ගීය ගායනා කරනා දෙස ඈ බලා සිටින්නෙ ඈස්පිය නොහෙලාමයි... ගීය ගයන අතර තුර තරුනයාගේ සහ මෙමෙ කෝටිපති දියනියගේ ඈස් එකට් යාවෙනවා...
    බව ගනනක ආදරයක් එම නෙතු ගෑටීමත් සමගම දෙදෙනාටම ඉගිකරනව...

    මේසේ සෑම සතියකම සාදයට මුදලාලි මහතාගේ දුව පෑමිනෙනනව.. අදාල තරුනයා ගීත ගායන කරනව..

    එක් දිනක් තරුනිය තරුනයාට පෙම් හසුනක් ලබාදෙනව.. තන්ගෙ හිතේ ඈති ආදරය පිලිබදව පවසල..මේ වනවිටත් තරුනයාටත් තරුනිය පිලිබදව ආදර සිතුවිලි පහල වි තිබුනත් ඔහු සිය දහස් වරක් කල්පනා කරනව

    මම සාදවල සින්දු කියල කීයක් හරි හොයාගන්න කෙනෙක්.. ඈ කෝටිපති මුදලාලි මහතෙක්ගේ දියනියක්... මේදේ සිද්දවිය හෑකිද?? ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරනව.. නමුත් ඈයගේ රූප ශ්‍රීයේන් මත්වී සිටින ඔහු ඊලග සති අන්තයේ ඈත ලියුමක්දෙනව ආදරය ප්‍රකාශ කිරීම තවුරු කරල.. මෙසේ දෙදෙනා ආදරය කරනව.. තරුනියද කෙලෙසින් හෝ වේලාව සොයාගෙන තරුනයාව හම්බවෙනව.. මෙසෙ ඔවුන්ගේ ආදාරය ගලා යනව

    මේ අතර තරුන කොලුවගේ හෑකියාවල් ගෑන සතුටුවන මුදලාලි මහතා ඔහුට තම ආයතනේ රෑකියාවක් ලබාදි හොදින් සලකනව
    නමුත් එක් දිනක් ආදරය සහ කෑස්ස හන්ගන්න බෑකියනව වගේම මොවුන්ව මුදලලි මහතාගේ අතටම අහුවෙනව...
    ඔහු කෙතරම් ඈවිටිකලත් සිය දියනිය හා තරුනයා අතර පෙම් හුටපටය නවත්තන්නට ඔහු අසමත්වෙනව... ඔහුට දෑඩි බියක් දෑනෙනව සිය දියනිය ඔහුසමග පෑනල යයි කිය්ලා..

    ඔහු ඊට කදිම උපක්‍රමයක් යොදනව.. ඒතාම. තමා මේ සම්බන්දයට කෑමතිබව ප්‍රකාසකර තරුනයාව තමගේ සමාජ පන්තියට සහ පවුලට ගෑලපෙන පුද්ගලයෙකු කිරීමට යෑයි පවසා විදේශ ගතකරවීම.

    ආදරවන්ත්යො දෙදෙනාත් ඉතාමත් දුකින් තාව කාලිඅව වෙන්වෙනව.. ඔහු දුරු රටකට යනව.. තරුනිය මෙහි තනිවෙනව

    ඉතිරිය පසුව දමන්නම්

    අම්මා ගහයි කියන්නේ,,
    කලින් ඩයල් එක කියල තියෙන්නේ ඇත්තනේ.:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙල බසේ ආනන්දනිය ශෘංගාරය.......
    මුව මුක්තා ලතා - පිපි හංසාංගනා.........

    මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
    මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
    බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන් නොනිදා.........

    ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යං පෙම් රසෝජාවේ.
    රූ සිරු කල්‍යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
    තුනු ශ්‍රියෙන් විපුල් වොරැදේ-මනසා නන්ද මන්දෝදරී

    හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ-හා හා ගයන් සෞම්‍යග සංගීතේ
    ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
    ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ

    අතිශයින් ම රාග නිශ්‍රිත ශෘංගාරාත්මක මේ වර්ණනය ප්‍රේමයෙන් සහ තුනු සපුවෙන් ආධ්‍ය වූ සුපෙම්වතියක් ගැන මය. හෙළ බසෙහි පොහොසත් කමද . වත්කම ද මේ යැයි පෙන්වන මෙවන් ගේය පද දුලබමයැ......!!!

    පෙම්වතා සිය පෙම්වතිය ගේ තුනු සපුව වර්ණනා කරයි......

    මුව මුක්තා ලතා පිපි හංසාගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

    ඇය හංස අංගනාවකි........මුවෙහි ඇත්තේ මුතු පෙලක්ම බදු වු දත් දෙපෙලකි.(හොද ඩෙන්ටිස්ට් කෙනෙක් සෙට් වෙලා ඇත!!) ඇය භාග්‍යවන්තය. රසය මවන්නියකි. සිරුර රන් පෑයෙන් දිදුලයි........
    ඔහු තව දුරටත් ඇය පිළිබද ව තම සිත තුළ ඇති ප්‍රේමණීය, රමණිය, සරාගික සිතුම් පල කරයි.......

    මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රහසෙන් ලඳේ
    බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් රගන් නොනිදා.........

    තම හදවතේ ඇති අංගනය, ප්‍රේමාංගනයකි. එම පුළුලු වූ මිදුලේ ඇය රැයෙහි රහසින් විත් තම සියලු සලු උනා දමා අනුරාගයෙන් යුත්ව ඇය හා සම්භෝගයට තම ප්‍රියයා කැදවන ආකාරය ඔහු ගේ සක්තාන යේ මැවේ.............මණිමේඛලාව යනු මැනික් සහ මුතු ඔබ්බවා කරන ලද සකල ශරීරය ම වැසෙ පරිදි සැකසූ ආභරණයක් බව සාහිත්‍යයේ දැක්වේ. මණිමේඛලාව උනා දැමු සද පෙනෙන්නේ ඇගේ ලාලිත්‍යවත් යොවුන් දේහයයි........!!!!!ප්‍රේමයෙන් බැදුනු ඔහුට ඇගේ ඒ සිරුරේ දැක්ම, ස්ඵර්ශය තරම් සැපයෙක් කොයින්ද?

    ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යං පෙම් රසෝජාවේ.
    රූ සිරු කල්‍යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
    තුනු ශ්‍රියෙන් විපුල් වොරැදේ-මනසා නන්ද මන්දෝදරී

    ප්‍රේමාද්වන්ධ වූවන්ට සියළු ම සොබා සිරි සිය පරිභෝගය සදහා නිමැවූ ඒවා වේ. ඔහුට මේ මිහිරි මොහොතේ අහස ගගකි. සද නැවකි. එම නෞකාවේ නැගී අහස් ගගට පෙම් රසයේ තනි වෙන්නට ඔහු ඇයට ආරාධනා කරයි.........
    ඇය ගේ රුසිරු දක ඔහු ට අවැසි වන්නේ ඇය ගේ රූ බර සිරුරේ සැතපෙන්නටය......ඇය ආනන්දනීය මන්දෝදරියක් වේ. (මන්දෝදරී යනු රාවණයන් ගේ රූමත් ම බිසව බවද, මෙලොව සිටි රූපත් ම කාන්තාව බවද සාහිත්‍යයේ සදහන්ය)

    හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ-හා හා ගයන් සෞම්‍යග සංගීතේ
    ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
    ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ

    හිරු එන්නට පෙර රාත්‍රියේ ම මේ රති කලහය නිමවිය යුතය. ප්‍රේමාන්ද්ව සිටින ඔහුට මේ සැඩ රති කලහය සෞමය සංගිතයකි. මේ රති කෙලියෙහි දිගින් දිගටම යෙදී සිටින්නට ඔහු ගේ පැතුම වන්නේ රාත්‍රිය තව දිගු වේවා යන්නය......!!!! රති කලහයේ තරම කෙතරම් ද යත් ඇය ගේ නලලත ඇති සදුන් තිලකය ඔහු ගේ දෙතොලින් ඇගේ නලලත පුරා විහිදී යනු ඇතැයි ඔහු අනාවැකි පල කරයි.........!!!!!

    මා නම් මෙවන් අතිශය රමණිය සහ රාගාන්විත සම්භෝග වර්ණනාවක් කියවා ඇත්තේ කුමාරදාස රජතුමා ලියූ "ජානකිහරණය' සංස්කෘත මහා කාව්‍යයේ පමණි.......
    ගීතයේ පද වැල එවු සස්ලිට් මලයා හට පිං පුදමි....!!!!!!.
     
    • Like
    Reactions: BlueWave

    pissu hadila ayeth hadenawa.. ela ela .sthuthiy
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    හෙල බසේ ආනන්දනිය ශෘංගාරය.......

    මා නම් මෙවන් අතිශය රමණිය සහ රාගාන්විත සම්භෝග වර්ණනාවක් කියවා ඇත්තේ කුමාරදාස රජතුමා ලියූ "ජානකිහරණය' සංස්කෘත මහා කාව්‍යයේ පමණි.......
    ගීතයේ පද වැල එවු සස්ලිට් මලයා හට පිං පුදමි....!!!!!!.

    elama thamai kibul aiye:yes::yes:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0

    මාර ලස්සන සිංදුවක්...
    විනාඩි 3ක් 4ක් යනවා තේරුනෙ වත් නැ අහන් ඉන්නකොට...thankz වේවා කිබුලානනී
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මෙන්න ඔයාලම උත්සාහ දරාපු ගීතයේ විචාරය ..... ඊට කිලින් මේ පින්තූර දෙක දිහා බලන්නකෝ.................................

    20100701075239_taj-mahal-texture.jpg

    TM-Tombs-Feb98-PR.jpg

    හරි එහෙනම් අටුවා ටීකා ඔනි නෑ.... අපි යමු විචාරයට.... යාළුවනේ මේ ගීතයෙන් කියවෙන්නෙ ෂාජෙහාන් ඒ කියන්නෙ ටජ් මහල් හදපු රජතුමා තමාගෙ බිරිදගේ දෙහය ටාජ් මහල් වල තැන්පත් කරන්න හා තැන්පත් කරල එනවිට හිතපු සිතුවිල්ල...... දැන් අපි බලමු ඇයි එහෙම කියන්නෙ කියලා........(මෙතෙනින් එහාට මම විග්රාහ කරන්නෙ ෂාජෙහාන් රජතුමා හිතන විදියට හෝදේ.....)

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

    මාව තනිකරල.... අපිදෙදෙනාගේ ආදරේ කථාව නිමා කරල... ඔයා සදහටම දෙනෙත් පියාගත්ත දේවියේ.... ඒත් අපිදෙන්නගේ ආදරේ මතක සටහනක් විදියට, මගේ කදුළු වල අර්ථකතනයක් දෙන්න මගේ උපරිම ශක්තිය යොදල උපරිම බල යොදල මම ටාජ් මහල් මන්දිය අපි දෙන්නගේ ආදරයේ සිහිවටයක් විදියට ඔන්න යමුනා අසබඩ මම ඉදිකෙරුව.... අන්න ඒ ලස්සන සොහොන් ගැබ බලා දැන් යන්න වෙලාව ඇවිත් තියෙන්නෙ... අහිතක් නැත්නම් අපේ ආදරේ නාමයෙන් ඒ ටාජ් මහල් මන්දිරයේ ඔබ වෙනුවෙන්ම තැනූ කුටිය බලා වඩින්න මගේ දේවියේ..... දැන් මගේ ලග ඉදල වැඩක් නෑ.... ඔයා නැති නිසා මේ මුළු මාළිගයම පාළුයි, අදුරුයි.... ඉතින් මෙහි ඉදල වැඩැක් නෑනේ.... තරහ නොගෙන මට අවසර දෙන්න ඔය දේහය ටජ් මහල් වෙත රැගෙන යන්නට.....

    දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
    යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
    චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

    (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී)
    සිය දහස් ගණනක් ලස්සන ලිය රටා, මල් රටා, සිත්තම් රටා..... අප දෙදෙනාගේ ප්‍රේමය ගැන සනිටුහන් කරපු සහසක් කැටයිම් .... මෙහි එන හමෝටම , දකින හැමෝටම යමුනා ගංගාවේ දියමතින් (දියෙහි ඇදෙන සෙවනැල්ල) පෙනේවා කියල මම ප්‍රාර්ථනා කරනව සොදුරියෙ.... මම ඔයාගෙ දේහය අරන් යනකොට මට පේනව මේ යමුනා ගගට ටාජ් මහල් වල සෙවනැල්ල වැටෙන හැටි.... එතකොට මට අපේ ආදරේ සිහිවෙනවා වගේම.... මෙහි එන හැමෝටමත් ඒ විදියටම අපේ ආදරේ, අපේ ආදර කතාව බිදුවක් නෑරමි සිහිවේවා.... අපේ ආදර කතාව මේ තියෙන ස්මාරක ඔස්සේ සියළුම ආදරවන්තයින්ට සිතින් මවාගන්න ලැබේවා.... කියල මම ප්‍රාර්ථනා කරනව......

    අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
    මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
    සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

    (ටාජ් මහල් තුල දේහය තබා එද්දී)
    ඔන්න මම ඔබගේ දේහය තැබුව එහෙනම් මට යන්න අවසර දෙන්න.... හැබැයි මම ඔබ වෙනුවෙන් මේ කරපු නිර්මාණය නිසා, අපේ ප්‍රේම කතාව අසා මේ දෙරණෙ සිටින සෑම ප්‍රේමවන්තියක්ම ප්‍රේමවන්තයෙක්ම කදුළු සලාවි...... මෙහි ඒවි සැබූ ආදරවන්තයින්.... මම ඔබ වෙනුවෙන් කරපු නිර්මාණය දැකල මගේ, අපේ, ඔබේ ආදරේ දරාගන්න බැරිව කම්පා වෙලා ඔවුන් කදුළු සලාවි..... ඒ කදුළු වලින් තෙත් වෙන මේ මැදුරුවල කිරි ගරුඩෙන් මම කරපු නිර්මාණ තව තවත් දීප්තිමත් වෙලා එළිය දේවා..... තව තවත් සුව හසක් ආදර හදවත් තුලට අප දෙදෙනාගේ ආදර පුවත සන්නිවේදනය වේවා....

    මෙය තමා මෙම ගීතයේ සරල වූ විචාරය..... මීට වඩා දෙයක් සදහන් නොකර ඉන්නයි මම කල්පනා කලේ... මොකද මෙය ආදරවන්තයින් විදිය යුතු ගීතයක්.... නමුත් තව එක් දෙයක් සදහන් කල යුතුයි ..... ඒ තමයි.... ඔබට හිතුනෙ නැද්ද ඇයි මම (ටාජ් මහල් වෙත දේහය රැගෙන යද්දී) හා (ටාජ් මහල් තුල දේහය තබා එද්දී) යැයි භැවිත් කලේ.... මෙහි කොතැනකදීවත් එහෙම සදහනක් නොකර ඇයි මම ඒ ලෙස භාවිතා කලේ කියල...... එය තමා යාළුවනේ ගීත විචාරයේ තිබෙන සුන්දර කම.... හොදන් බල්න්න මෙහි මුලින් කියන්නෙ .............
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..
    කියල... ඉන් පස්සෙ අවසානෙදි කියන්නෙ....

    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..
    කියල එහෙම නේද... දුටවද වෙනස මුල්ම කොටසේ හා අවසාන කොටසේ.....

    ඒ කියනනෙ මුල් අවස්ථාවෙන් කියන්නෙ ඔය දේහය මට රැගෙන යන්න අවසර දෙන්න... අපි යමු දේවියේ ඒ සොහොන් ගැබට.... දෙවන අවස්ථාවෙන් කියන්නෙ.... එහෙනම් ඔයා ඔතන සැතපිලා ඉන්න .... ඔන්න මම මගේ සොහොනත් ඔයා ලගින්ම ඉදිකලා හෙට දවසෙදි මා මිය ගියාන් පසුව මගේ දේහයත් ඔබ ලිගින්ම තැන්පත් වෙනවනේ.... ඉතින් මම එනකල් මගේ කුමාරිය සැතපෙන්න කියන එක....................

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ..

    දහසක් මිණි මල් ලිය කම්..පෙම පිදු වූ රන් කැටයම්..
    යමුනාවේ තරඟ මතින් මත පිළිබිඹු වේවා..
    චමත් කාර අතීත සඳ යළිත් ජනිත වේවා..

    අපගේ පෙම් පුරාවතින් දෙරණ හෙළු කඳුළු ගලා
    මැදුරත කිරිගරුඬ පවුරු පබා කැළුම් දේවා..
    සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා..

    ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබළු
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ..යමුනා තීරේ..
    එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ..
    හෙටදින මා එනතුරු එහි නිදන්න දේවියේ..

    හරිම සුන්දරයි නේද අපේ යාළුවනේ සිංහල සංගීතය..... කමේන්ට් දෙනවද...මට.....?

    MAXIMUM
     
    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    නියමයි මචන්.මම මේ ත්‍රෙඩ් එක දැක්කේ ඊයේ.මේ වෙනකොට පළවෙනි පිටුවේ ඉදන් 52 වෙනකම් කියෙව්වා.මම සෞදි අරාබියේ රියද් නගරයේ ගුවන් සේවයක වැඩ කරන්නේ.මාව මේ දවස් දෙක ඇතුලත් ජීවිතේ අමුතුම විදිහට වෙනස් උනා.හුගාක් අයගේ ජීවිත කතාව නුරූපනය කරන්න පුලුවන්ද ගීතයකට මේ තරම්.මේ ත්‍රෙඩ් එකට පෝස්ට් දාන අයට මම අලුතින් සුභා ශීෂන දෙන්න ඕනේ නෑ.උපරිමයි. හැබැයි සහෝදරවරුනී මගෙත් පොඩි ඉල්ලිමක් තියෙනවා.මම හිතන් හිටියේ මේ ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන් කියවලාම ඉල්ලීම කරනවා කියලා.ඒත් ඒ ගීතයේ තෙරුම දැන ගන්න තියෙන ආසව වැඩි කමටම කියවන එක පොඩ්ඩකට නවත්තලා මගේ ඉල්ලීම කරනවා.ඒ තමයි රූකාන්ත ගුණතිලක මහත්මයාගේ *බොල් පිනි වෑහේන මේ යාමේ* මෙකේ විචාරය දෙන්න පුලුවන්නම් ගොඩක් පිං.මොකද අවුරුදු ගානක ඉදන් හොයනේනේ...ඔබලාට ජය...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... සදකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....)

    සිංහල ගී වංශ කතාවේ එකම සිව් කුලුඳුල් ගීය වීමේ වරම් ලද ගීය ලෙස මෙය වරම් ලබයි. මෙලෙස විරල නැකතකින් උපන් මේ ගීය ‘‘සඳකඩ පහණක කැටයම් ඔපලා’’ ගීයයි. මුල් පදය කිව් සැණින්ම අප කවුරුත් හඳුනා ගන්නා මෙම ගීය ගැයූ ශිල්පියා පිළිබඳවද සිහිපත් කිරීමට ආයාසයක් ගත යුතු නෑ. ‘‘සඳකඩ පහණින්’’ උපන් හැඩ කැටයම්කරුවා නම් ශිල්පී සුනිල් එදිරිසිංහයි. සිය මුල්ම අධ්‍යක්ෂණයය කරමින් ‘මාතර ආච්චි’ චිත්‍රපටයෙන් දොරට වැඩි අධ්‍යක්ෂකවරයා සතිස්චන්ද්‍ර එදිරිසිංහයි.

    චිත්‍රපටයේ තේමාව වචනයට ගොනු කරමින් ඒ වදන් අතරින් පිළිපන් ගේය පද රචකයා, ප්‍රවීන රංගන හා හඩ කැවීම් ශිල්පී වොලි නානායක්කාරයි.

    මෙම ගීය ඔහුගේ ප්‍රථම මෙන්ම අවසන් පද රචනයද වූවා. තම සවර නිර්මාණ දිවියේ මුල් ම වරට චිත්‍රපටයක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ වික්ටර් රත්නායක සංගීතවේදියාණන් මෙම මියුරු ගීය සඳහා තනුවත් සංගීතයත් නිර්මාණය කළා.

    සුනිල් එදිරිසිංහයන් පවසන අයුරින්....
    ‘‘ලේසි වුණේ නෑ වැඬේ....’ සුනිල් සිය මියුරු හඬ අවදි කළා. ‘‘ ඇයි සිසිර, කෙළින්ම රෙකෝඩින් එක කරනවානේ. දැන් වාගේ නෙවෙයි. සියලූම වාද්‍ය භාණ්ඩත් ඒ එක්කම රෙකෝඩින් එකට ගන්නවා. එක් කෙනෙක් වැරැද්දුවොත් ආයෙත් ඔක්කොම මුල ඉඳලා ගන්න වෙනවා. මගෙ මතකයේ හැටියට දාසය වතාවක් විතර ආය ආය කරන්න වුණා. එක වයලීනයක බෝ පාරක් එහා මෙහා වුණත් වික්ටර් අයියා සතුටු නෑනේ ’’

    වික්ටර් රත්නායකයන් ව ‘‘වික්ටර් අයියා’’ නමිනුයි සුනිල් හඳුන්වන්නේ.

    ‘‘පටිගත කරපු අයටත් සෑහෙන්න වැඩ තියෙන්න ඇති?’’

    ‘‘අනේ ඔව් කැළණියේ සරසවි ශබ්දාගාරයේ දී මර්වින් රුද්‍රිගූ තමයි පටිගත කළේ. මේ වාගෙ වැඩවලදී පුදුම කැපවීමක් තියෙන්න ඕන. ඒ අතින් මර්වින් විතරක් නෙවෙයි, එතන වාදනයට හවුල් වුණ විශාරද විජේරත්න රණතුංග, රොක්සාමි, එඞ්ගා පෙරේරා, මර්වින් පෙරේරා, එන්.ඩබ්. පීරිස්, වයි.එම්. සුමනසිරි වගේ අයත් හරි උනන්දුවෙන් කළ වැඩක් මේක. මේ වගේ ප්‍රවීන පිරිසක් එක්ක ආධුනික මගෙන් උපරිම දේ ලබා ගන්න සෑහෙන්න වෙහෙසෙන්න වුණා.’’

    ‘‘අනික ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, බන්දුල විජේවීර, පුණසිරි මහවත්ත, සේන වීරසේකර වගේ අයගෙන් මට පුදුම හයියක් ලැබුණේ.

    සඳකඩ පහණ යනු සිංහල ගල් කැටයම් කලාවේ අපූර්වත්වය සහ සියුම් බව උපරිමයෙන්ම කියා පානා එක් විශ්මිත නිර්මාණයක්. එවන් සියුම් කැටයමක් දේදුන්නක එළියෙන් ඔපවත් වූ කල කෙතරම් චමත්කාරදැයි සිතා ගත හැකිද? එලෙස ඔපලමින් අහසේ පාවී යන දේදුනු එක තැනක ලැගුම් ගනී. කැලතුන රස දහරකින් පැන නැගුණ බුබුලක්, අකුරු වැලක් සේ දෙහදක ලියැවෙන්නේය.

    එක්තරා යුගයක රජ දහනක් සේ ගෙවුණ ප්‍රේම අතීතයේ අත්තිවාරම් නටඹුන් සේ මතු වෙද්දී, ඇයව ඒ පරිසරයෙන් මුදවා ඈතක ගෙන යන්නේ සියුමැලි ළාබාල ඇය මැලවී යද්දීය. අතීත ආදර පුරාවත හෙළිවද්දී තරුණ ඇය ඔහුගෙන් ඉවත් කරනා බවකි කියැවෙන්නේ.

    දහසක් මල් පෙති මත කොඳුරමින් තුඩින් තුඩට ගෙන යන බින්දු නම් මල් රොන් බිඳු නොවන්නේද? ගව් ගණනක් ඉහළට එක්කර රැඳවූ පොපියන දෙතොලකින් කියැවෙන්නේ ආදරයක් අයැදීම නොවේද? තුඩක පහස පතන මල්පෙති සේය ඒ තොල්පෙති. අහස ගුගුරා වැහි වලාවකින් කලූවරව එයට මුහු වුණ වැහි බින්දු ඉහතින් කී ප්‍රේම නටබුන් අතරින් ඇය ගෙන යද්දී ඇයගෙන් ගිලිහුණ කඳුලූ බිඳු වැනිය. අඳුරු අහස කුරිරු වටපිටාවත්, අහසේ ගිගිරීම තර්ජන - ගර්ජනත් මවා පායි. ඒ අතරේ තවත් කෙනෙක් ඇය වෙත හද රන්දයි. ඇයව බලාපොරොත්තු වෙයි.

    හදවත නමැති විලෙහි ඉපැදුන මල් කැකුලක් අකාලයේ නටුවෙන් ගලවා දුරකට යැවීමෙන් නෙතක උපන් කඳුලක් පොලෝ තලය තෙත් කර සත් සමුදුරකට මුහු වී ගියේය. මල් කැකුලකින් නැවතත් හැඟවෙන්නේ සිතෙහි මෝදු වී ගෙන ආ ආදරයම නොවේද? ඒ ආදරය මුලිනුපුටා ඉවත් කිරීමෙන් ඇයට උරුම වූයේ රිදුණ, තැවුණ හදක් පමණකි. ඒ සිත එක් ටැම් මැදුරක සිරගත වී ඇත්තා සේය. සිරගතව සිටියද තවමත් පොපියන සිත එක්ටැම් මැදුරේ විවර වූ කවුලූව අරාගෙන බලා සිටින්නේය.

    නැවුම් මිහිරි කටහඩක් රසික මනැසේ නොමැකෙන සේ කැටයම් කරන්නට තරම් උපරිම රසයක් මැවූ අති විශිෂ්ඨ තනුවකි මේ පද පෙළ නලවන්නේ. එම තනුව රසෝතියක හොවන්නට පෙළ ගැසුනා වූ වයලීන, බටනලා, ගිටාර, තබ්ලා සහ සිතාර් සරයෙන් අලංකෘත මියැසි ලියකමින් හැඩ ගැන්වූයේ වික්ටර් රත්නායක ගාන්ධර්වයාණන්ම මිස අන් කවුරුන්ද? මේ සියලූ කැටයම් ඔපලන දේදුනු කිරණය නම් සුනිලූන්ගේ ගැඹුරු මියුරු කට හඩ හා ගායනා ලතාවම නොවන්නේ ද?

    සඳකඩ පහණක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැගුම් ගනී
    කැළැතුණ රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ
    යුගයෙන් යුගයට නොමියන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලැවෙද්දී //

    දහසක් පෙතිමත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙන යන බින්දු
    ගව්වක් ඉහළට ගොනු කොට රඳවා
    පොපියන දෙතොලක් එහි රැුන්දු
    අහසක් ගුගුරා කලූවක් වපුරා
    ඒ හා මුහුවුණ වැහි බින්දු
    ඈ ගෙන යද්දී නටබුන් අතරක
    තවෙතෙක් ඈ වෙත හද රැන්දු //

    හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
    සත් සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා.... //

    • Like
    Reactions: DAMER

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83
    ගමෙන් කොලබ ඈවිත් මේගෙන්ද ගම් පොලවෙ පය ගහ... පේමන්ට් එකේ ගිරිය ලේ රහවෙනකම් කෑගගහ බඩු විකිනල, මේසන් බාස් ල ලග අත් උදව් දීල ..

    මචන්.. ඇත්තටම ඇයි නවලෝක මුදලාලි වගේ දුක නැතිවෙන්නම විඳපු, පහලම තැනින් පටන් ගත්ත මනුස්සයෙකුටත් ඒ පුහු මාන්නෙ ගැහුවෙ ඔළුවට??
    අර අසරණයට දුවව දෙන්න තිබුණ බැරිකම මොකද්ද? අනේ මන්දා, මේ කතාව ඇහුවෙ අද මචං, ඇහුවට පස්සෙ මොකක්ද වගේ,, ඒත් එක්කම මතක් වුණේ
    මිල්ටන් මහත්තයගෙ මේ සින්දුව..

    ජීවිත දෙකකට වේදනාව උරුම කලා අන්තිමට අර පුහු හැඟීම,
    උපතින්ම වලව්කාර පුස්සෙක් නම් එහෙම හිතුවත් කමක් නෑ කියන්න පුළුවන්,
    දුක තේරෙන, දුක විඳපු මිනිහම ගොඩ ආවට පස්සෙ තමන් හිටිය පන්තියෙම මනුස්‍සයෙක් ගැන
    මේ වගේ හිතපු එකට මට පට්ට අවුල් මචං..

    ********************

    ඔබෙ නිල් නුවන් තලාවේ
    සැලේ කඳුළු මිදිලා...
    මට ඒ මැදින් පෙනෙන්නේ
    අපේ මතක මැවිලා..

    ඔය දෑත මාගෙ දෑතේ
    සතපා ගෙවූ අතීතේ... //
    දෙදෙනා නොවේද දන්නේ
    සිත දැන් තමයි සිතන්නේ..

    මුලදී වුනේ මුලාවයි
    වැරදිම මා අතේමයි... //
    නොසැලී බලා එදා මෙන්
    හිඳිමී ඔබේම නාමෙන්...
    ********************

    :(:(:(:(:(:(:(
     
    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    හද විල ඉපැදුණ කැකුලක් නොකලෙක
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත් කොට ගිළිහුණ කඳුලත්
    සත් සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වූ රිදුණ තැවුණ හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා.... //

    [/COLOR]

    sasliit jaya wewa. me sinduwa gena demmata විශිශ්ටයි