සුන්දර ගීයක ඇරබුම,..

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    තුමුල නමුනුකුල ගිරිහිස උදුල සදමඩල දුටුනෙත් රැවටුණා.. තමයි
    කිමද මේ තරම් මේගැන හිනැහෙන්නට.. කාරණාව
    මුණ රතුවෙලා දෙනෙතින් කදුළු පනින තුරු එලියට
    ඔහොම හිනා වෙනකොට ඔබ ලස්සනයි උමා......


    මේකෙ තේරුම දන්නෙ කවුද
     
    • Like
    Reactions: twisted

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අද සවස මගේ සායනයට ගොඩ වැදුණු සස්ලිට් සොයුරා සමග අතිහය රමණිය සහ හරබර සාකච්ඡාවක් සිදු වූවා නන්දා මාලිනිය ගයන, මඩවල එස්. රත්නායකයන් ගේය පද රචනා කළ, වික්ටර් රත්නායකයන් සංගිතවත් කළ මෙන්න මේ ගීතය පිළිබද ව..........



    සැදෑ කළුවර කුර ගගා විත් - ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත් වූ සද - මගෙ සරා සද
    තනිවෙලා මා තනිවෙලා.........ආ....ආ....ආ...ආ...ආ................!!!!!!!!!


    ඇත්තටම මේ ගීතයේ යටිපෙල අරුත කුමක්ද? අපේ සාකච්ඡාවට ප්‍රස්තූත වූයේ එයයි.......කදුළු අතරින් නිමවුණු ඒ විචාරාත්මක සාකච්ඡාවේ ඵලය ඔබට ගෙන එන්නම්.......එතෙක් අපේ සකියන් තම තම ණැන පමණින් මෙහි අරුත පසිදින්නට උත්සහ ගනිත්වා......!!!!!
    mama mesinduwa dethun paarak ahanna ethi..eth ahapu sema awasthawakama machan,sampurna arthaya therune nathi unath,hithata wediccha geethayak...

    geethayen tiyena wirahawa hadawathatama wadinawa!
    tamange adharawanthaya jeewithen samu aran tiyena thatwayak me sinduwe gab wela tiyenawada kiyana eka prashnayak..
    nathnam e kellagen adarayen witharak ain wela da?
    oyalage ma wachan walin ahanna puluwan wei kiyala balaporotthuwen innam..
    :D
    sathutui sasliit saha dathkibula hamu wela me wage deyak gena katha kara kiyala ahanna labunu ekath...
    ada karanna weda godak tiyei e kiyanne ah..:D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මේ ගීත දෙකම ලියැවෙන්න හේතුව එකම අත්දැකීමක්.......

    මේ ගීතයන් ගායනා කරන අමරසිරිපීරිස් මහත්මාණන් ගේ යහළුවෙක්, එතුමා ගේම වයසේ පසුවන වගේ, කියා තිබෙනවා ඔහුට තම පාසලේ නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් වන යෞවන සිසුවියක් වෙත ඔහු ගේ හදවතේ තිබූ ප්‍රේමය. නමුත් මැදි වයසත් මහළු වයසත් අතර සිටින අමරසිරි ගේ මිත්‍රයා මේ ගැන ඇයට කියන්නට හෝ බලපෑම් කරන්නට ගොස් නැහැ. ඔහු එය සිතෙහිම රහසේ සගවා ගෙන සිට ඇත්තේ සාධු සම්මතයෙන් එවැන පෙම් බැදීමක් බැහැරවන නිසාමයි. නමුත් ඔහු අමරසිරි ට කියා ඇත්තේ "අමරේ, ඒ ළමයා මගේ ගෙදර ඉන්නව නම් පුදුම ආලෝකයක් ගෙදර තියෙයි කියල මට හිතෙනවා" යනුවෙනි.
    අමරසිරි මේ අත්දැකීම ගීත රචකයන් දෙදෙනෙක් හා පැවසුවා. එක් අයෙක් ධම්මික බණ්ඩාර. ඔහු මේ කථාවේ හරය පමණක් ගෙන පබැදූ ගීයයි "මගේ පුංචි රෝස මලේ-මමයි නුඹේ වියපත් බඹරා" මෙය මැදි වයසේ පසුවන බොහෝ පිරිමින් ගේ පොදු අත්දැකීමක් බැවින් අතිශය ජනප්‍රිය වූවා.......




    අත්දැකීම ගැන අමරසිරි කිවූ දෙවැන්නා කැළුම් ශ්‍රීමාල්. ඔහු මේ මුළු කතාවම තම ගීතයට ග්‍රහණය කර ගත්තා.
    "සුහදිනියේ සගවන්-ඍජු බැල්මේ ඇරයුම්"


    ඇත්තට ම එතරම් ජනප්‍රිය නොවුනත්, සුභාවිත ගීතයක ලක්ෂන අතින් නම් මේ ගීතය පවතින්නේ පළමුවැන්නට වඩා ගව් ගානක් ඉදිරියෙන්. බලන්න මේ සිංහල භාෂාවේ මාධුර්යය නොවේද?

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සද වනියේ නුඹ නම්-සැනකෙළියයි මගෙ නම්
    කවියන් ගේ දෑසේ රස සීමා පණිනා........
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    දග මෙනෙවිය ඔබ මා වල්මත් කළ අරුමැසියයි මෙලොවේ........

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....

    වීණා බද වට කැරකෙන වරලස අණ දෙන හෘද ස්ඵන්දනයෙන්
    සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
    හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
    රතු නළගන මගේ හිත අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......

    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
    සිහිනෙක් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
    සංවරියේ රන් තිත කෝ මා පානනා........
    සුහදිනියේ සගවන් - ඍජු බැල්මේ ඇරයුම්
    දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....


    කැළුම් මේ ගිතයට මේ මුළු කතාන්දරයම ඇතුලත් කරගන්නේ නාටිකාංගනාවක මේ ගීතය තුළට ගෙන ඒමෙන්. ඇය මේ පුද්ගලයා ගේ මුළු සිහිනයම අත්කරගෙන සිටින ආකාරය සැනකෙළියයි මගෙනම්, සිහිනෙන් රෑ අවුදින්-සුවදක් සේ ළග හුන් වැනි පද තුලින් අතිහය රමණිය සහ භාවාත්මක ලෙසට ගෙන එනවා..........එපමණක් නොවේ, ඇය පිළිබද ව ඇති රාග නිශ්‍රිත හැගීම් ද අතිශය චමත්කාර ජනක ලෙස කැළුම් දක්වන්නේ වීණා බද වට කැරකෙන වරලස වැනි අතිශය රමණිය සහ භාවාතිශය යෙදුමක් මගිනුයි.
    කවදාවත් ගීතයක හමු නොවූ මේ යෙදුම් දෙස බලන්න........

    "වාත්තු කර ඇති දේහ තලාවට හේත්තු වෙන්න ද හෙවනැල්ලෙන්
    කාන්ති ඉහිරෙන නයන ඉනාවට සාන්තුවර සිත හීදැල්ලෙන්"
    "වීණා බද වට කැරකෙන වරලස"
    "මගේ හිත අවතැන් කළ"
    "සැනකෙළියයි මගෙ නම්"

    ඇත්තෙන් ම මෙවන් රචනාවක් කැළුම් වැනි ජනප්‍රිය ගීත කලාවේ රචකයෙකු අතින් බිහිවීම විශ්මය දනවන ක්‍රියාවකි...........!!! මොන තරම් මනරම් ද මේ භාෂා මෙහෙයවීම......අපේ මනස තුළ මේ නළගන ගේ චිත්තරූප මැවෙන ලෙස මේ ගායනය ද, පද රචනය ද, ඒයට ම ගැලපෙන "ලැටිනෝ" තාලානු රූප සංගීත් වික්‍රමසිංහයන් ගේ සංගීතයද වෙත අප ගේ ප්‍රසාද පූර්වක ආචාරය පිරිනැමිය යුතුය.........
    watrinawa machan watinawa
    meke ubala athin liyawena dewal uparimayen watinawa
    ammapa me tika ekathu karala pothak gahanna hithenawa!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    Listen Online

    මේ ගීතයෙන් කියවෙන්නේ යාලුවනේ අසම්මතයේ පිහිටා කටයුතු කරන බාලවයස්කාර තරුණියක් ගැන....ඒ කියන්නේ ගණිකා වෘත්තියේ.........මේ ගීතය ලියා කිබෙන්නේ ඒ තරුණිය සමග ලිංගිකව හැසිරුණ තරුණයෙක්ගේ කෝණයෙන්...

    මේ තරුණිය ඒ කාර්යයේම යෙදෙන්නේ මුදල් අගහිගකම් නිසා........ජීවිතේ අමාරු නිසා.......දැන් ඇයට මේ වෘත්තිය එපා වෙලා......ඒ වුණත් මොනවා කියලා කරන්නද?....පැයකට දෙකකට සීමා වුණ ප්‍රේමයක් පමණයි ඇයට උරුම.......

    ඒ රාත්‍රියේ ....ඒ වෙලාවේ ඇයට තුරුල් වෙලා...ඇයගේ සිරුරට හාදු දෙන විට ඇගේ තොල් සිප ගන්නා විට ඇයගේ මුවින් කිරි සුවද දැනෙන්නේ ඇය තවමත් කුඩා දැරිවියක් වග ඒත්තුගන්වමින්........

    සද එළියට දිදුලන අලංකාර ඔබ...මා අද මේ ඉන්නා ලෙස තවත් බොහෝ දෙනාගේ අතින් අතට ඔබව යයි...........මගේ සිතේ ඔබට සත්‍ය ප්‍රේමයක් ඉපදුනද මා හට ඔබත් සමග ගෙවන දිවිය ගැන සිතන්නට වුවද බිය වන්නේ............ඔබ ගණිකාවක් බැවිනි........


    (මචංලා.....ඔබලාගේ අදහස්ද ඉතා කාරුණිකව භාර ගනිමි)

    ඔබේ අදහස යම්තාක් දුරට නිවැරදි යයි හගිමි. නමුත් මේ ගිතය ලියා ඇත්තේ ඒ තරුණිය සමග ලිංගිකව හැසිරුණ තරුණයෙක්ගේ කෝණයෙන්... යන්න නම් මදක් විවාදාපන්න බව මගේ හැගීමයි. ඒ පිළිබදව ඉගියක් සැපයෙනවා අවසන් පදය වන "හෙටක් ගැන ඉතින් මට නම් හිතන්නට බයයි" යන යෙදුමින්. ඇයි ඔහු ඇය ගේ ගනුදෙණුකරුවෙකු නම් හෙටක් ගැන සිතන්නට බිය වන්නේ. ඔහු හෙටක් ගැන සිතීමට බිය වන එකම කාරණාව ඇය සමග සමාජ සම්මතයට මුහුණ දීමේ අසීරුතාවයයි. පහස සොයා ගියත් මේ තරුණයා දැන් මේ යෞවනිය සමග පසුවන්නේ ප්‍රේමයෙන්. එනිසයි ඇගේ රඅව සද එළියේ කුමුදු මලක් සේ ඔහුට පෙනෙන්නේ.........
    සමාජ සම්මතයට පිටින් යන්නට නොහැකිව, ගණිකාවක් වෙත උපන් ප්‍රේමය හදවත තුළ සිරකොට ගෙන ළතැවෙන තරුණයෙකු ගේ ශෝකාලාපයකි මේ ගීය.......!!!

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒ විතරක් නෙවෙයි මචං, අපි මේ කොළඹ ඇවිත් පොරවල් සේ හිටියට, කවදා හරි දවසක මේ සියල්ල කඩා ගෙන වැටුනට, ආයෙ ඉතිරි වෙන්නේ මව්පියන් විතරයි.......බලන්න යොදල තියල උපමාව...........
    "
    කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට" එතකොට තමා ගම මතක් වෙන්නේ........තමන් ගේ උපයා ගත්ත දේවල් හුළගට ගහගෙන ගියාම ඉතුරු වෙන්නේ මේ ඉහ තියං ඉන්න ඔටුන්න බිම දාල දුවන එක විතරයි........
    ඒහෙම වුණ මොහොතෙදිත්, සියල්ල විනාශවෙලා ඔටුණු බිම වැටිල තියන වෙලාවෙදිත්, ආයේ හිගන්න වගේ, පරාජය වෙලා එන පුතා එන මග බලා ඉන්නේ අපේ අම්ම විතරයි.......

    මව් සෙනෙහේ මහිමය මෙච්චර අධ්‍යාත්මයට දැනෙන ගීතයක් නැති තරම්.........අහලකින් වත් තියන්න පුළුවන් සුනිල් කියල " දෙවැනි බුදන් ලෙස-ලොවම උවම් කළ" ගීතය විතරයි.....

    11.gif
    11.gif
    :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔබ භාෂා විශාරදයෙක් උනත් ඔබට පුළුවනිද කුරුල්ලෙකුගෙ ගීතයේ තේරුම කියල දේනන....? ඔබ කොයිතරම් හොද අසන්නෙක් උනත් ඔබට පුළුවන්ද ඈත කදු මුදුනක් පහු කරල එන සුලගෙ රහස අහ ගන්න.....? මේ වගේ කොයිතරම් දේවල් තියෙනවද පුංචි උනත් කවදාවත්ම හිතාගන්න බැරි....? කොයිතරම් ගීත ඇහුවත් අපි හැබෑවටම ඒ ගීත අහල තියෙනවද.....? විනාඩි තුනක් හතක් ධාවනය උනාට සමහර ගීතවල තියෙනව සියවස් ගානක් හිතන්න දේවල්....... අපි මෙහෙම හිතමුකෝ...... ඔබ මාව අදුනන්නෙ නෑ..... ඒත් මම උමතුවුන ගීතයකටම ඔබත් වසග වෙලා...... ඒත් අපි දැකලවත් නෑ...... ඉතින් අපි අපි අදුනන්නෙ නැති උනත්, අනුන් ලියපු, අනුන් හදපු, අනුන් කියපු ගීතයකින් අපි අපි සදාකාලික මිත්‍රයො වෙන්න පුළුවන්..... මම හොද උදාහරණයක් ඔබට කියන්නම්....

    “1983 වසරෙ ධර්මසිරි ගමගේ අපේ ප්‍රවීණ කළාකරුව මට කියනව කොග්ගල පහන්වැට උළෙල සංවිධානය කරන්න මට උදව් කරන්න කියල. ගමගේ මහත්තය මට කියනව උත්සවය සංවිධානය කරන්න තියෙන්නෙ මාටින් වික්‍රසිංහයන්ගෙ මහගෙදරවූ කොග්ගල. මට ඔහු කියනව එහෙට ගිහින් එන්න කියල. ගමගේ මහත්තය ආපහු මට කියනව බන්ධු තනියම යන්න එපා. ගාල්ලෙ ටවුමෙ ඉන්නව ගාමිණී සමරරත්න කියල කෙනෙක්. එයාගෙ වෑන්එකේ එයත් එක්ක යන්න කියල. මම ඉන්නෙ ගාල්ලෙ කොටුවෙ බැංකුවෙ ගාමිණි ඉන්නෙ ගාල්ලෙ ටවුමෙ එයාටම අයිති තීන්ත සාප්පුවෙ. අපි දෙන්න එක්ක යනව ගාමිණීට අයිති 28 ශ්‍රී හයිඒස් වෑන් එකේ කොග්ගල. ගාල්ලෙ හිටියට අපි හදුනන්නෙ නෑ.... ඉස්කෝලත් දෙකක.... හැම අතින්ම අපි දෙන්න දෙන්නෙක්. අපි එකිනෙකා අදුනගන්නෙ ගාල්ලෙ ටවුමෙදි නෙමෙයි. මාගාල්ලෙ බුදුපිළිමෙ පහුවෙද්දි ගාමිණී දානව කැසට් එකක්. දෙයියනෙ මම කැමතිම සින්දු ඒකෙ තියෙන්නෙ.

    “වික්ටර් රත්නායකට ආසයිද....?” ගාමිණි මගෙන් අහනව
    “නැතුව.... මට ඕන සින්දුවක් පාඩම්.... මම සා ප්‍රසංගය 28 පාරක් බලල තියෙනව....” මම කියන්නෙ ආඩම්බරයෙන්
    “එච්චර නැතිඋනත් මමත් සෑහෙන් සා බලනව” ගාමිණී කියනව

    අපි මාගාල්ලෙ ඉදන් ගීත ගැන කතා කර කර යනව දිගට හරහට. කොග්ගල රේල් පාරෙ අනාරක්ෂිත හරස් මාර්ගය ලගදි තමයි අපේ කතාව නතර වෙන්නෙ. මොකද ගීතයක් හින්ද මොන පරිත්‍යාග කලත් මැරෙන්න බෑනේ.. රේල් පාර පැන්න විතරයි ආයෙත් සින්දු. එකම ගමක, නගරයක, ඉසව්වක හිටියට අපි දෙන්න හදුනගෙන හිටියෙ නෑ.... අදුන ගත්තත් අවුරුදු 30කට කිටුටුවෙන්න ඇසුරක් ඇති උනේ අපි වරුගනන් ගීත වින්ද හින්ද....”

    ........බන්ධුල නානායක්කාර වසම්........


    ගීත කියන්නෙ මහ පුදුම ජාතියක් මට හිතෙනව. සමහර ගීත අහනකොට මොනතරම් සුන්දර දෙයක් ලියවිල තිබුනත් ඇස්වලට කදුලු එනව..... ඇල්ඩියස් හෂ්ලි කියන මහා දාර්ෂණිකය නම් කියන්නෙ, ඒ ගලන්නෙ Tears of tenderness නැත්නම් මුදු මොලොක්භාවයේ කදුලුයි කියල..... සමහර ගීත අහද්දි රෝම කූප අංශක 90 ට හිටිනව. මේ මේ කියල අපි අනිත් අයට පෙන්නනව. මේක මහ විකෘතියක්ද කියලත් මට වෙලාවකට හිතෙනව. එහෙමනම් ඉතින් නඋෂාර්ඩ්ගෙ ඉදල රහුමාන්ගෙ වෙනකල්ම විකෘති වෙන්න ඕන. මේක ප්‍රකෘතියක් මට ආපහු හිතෙනව. හොද ගීතයක් ඇහුවම ඇඩෙන්න ඕන, හැගීම් සසල වෙන්න ඕන... අන්න ඒදේයි අද අපට අහිමි වීගෙන යන්නෙ .........
    net eke kiyawana taramak kiyawanne his wachana ehema nathnam mansgaatha..
    e atharin me wachana tika masuran kolla!
    sirama,api nohithana maanasika sathutak,sinduwak ahala widinna puluwan!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩක් සතුටක් හිතට දැනෙනවා..... දැන් අපේ යාළුවො සිංහල ගීත රසවින්දයෙන් මත්වී අපව දිරිමත් කිරීම ගැන.... ඔන්න එහෙනම් තවත් ගීතයක් අරගෙන ආව මම.... කලින් කිව්ව වගේ රජ මැදුරක ඉපදී සිටියානම් කියන ගීතය තමා දැන් මම ඔයාලට ගීපද විචාරයකින් දෙන්න හදන්නෙ..... රස වින්දොතින් කමෙන්ට්ස් වලින් අපිට සංග්‍රහ කරලම යන්න............

    ජීවිතය කියන්නෙ මොනතරම් අහම්බයක්ද....? ජීවිතය කියන්නෙ මොනතරම් අසාධාරණයක්ද....? ළමයෙකුට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිනාවෙලා අඩවන්න පුළුවන් කියල ඔබල අහල තියෙනවද....? ඒත් දැන් අපි කතා කරන ගීතයේදි මේ පුතා අම්මව තමන්ගෙ සිනහවෙන් රිදවනව... අඩවනව.....හොදටම අඩවනව.....

    පුතේ උඹ හැබහින් හිනා උනානම් ඒක මට සැපතක්... උඹ හැබැහින් ඇඩුවත් මට ඒක සැපක්..... උඹව රජෙක් නොවුනෙ මගේ කරුම දුප්පත් කමට... ඒත් උඹ මේ දුප්පත් පැලේ හිරිකඩ වැටෙද්දි... පොල් අතු ගැලවෙන්න හදද්දි... හීනෙන් රජ සැප විදිමින් හිනාවෙනව.... මම කොහොමද උඹ ඒහෙම හිනාවෙනව අඩන්නෙ නැතිව බලාගෙන ඉන්නෙ පුතේ........

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...


    උඹ පුතෙක් නෙවෙයි දෙව්ලොවෙන් ආපු දේව කුමාරයෙක්.... නිහඩවම ඉදගෙන මාව ඇයි මගේ පුතේ මෙතරම් රිද්දන්නෙ.... ඇයි උඹ වගේම, උඹේ වයසේම ළමයි පාර දිගේ යනකොට රස කැවිළි දැකල ඉල්ල අඩනව.... සෙල්ලම් බඩු දිහා බලල පොරකනව ඒව ඉල්ලල..... ඒත් උඹ.... ඒව ලගදි අහක බලාගන්නව... ඇයි මගෙ පුතේ ඇයි.... උඹ තාම පොඩියිනේ... මෙච්චර පොඩි වයසෙන්ම උඹට කොහොමද පුතේ මගේ අසරණ කම, මගේ දුප්පත් කම තේරුණේ... මට උඹ ඉල්ලන දේවල් අරන් දෙන්න සල්ලි නැති නිසා මම දුක්වෙයි, මගේ හිත රිදෙයි කියල නේද මගේ පුතේ එහෙම අහක බලාගන්නෙ.... උඹ පුතෙක් නෙමෙයි බෝසත් කෙනෙක්.... ඒව ඉල්ලල මට වද නොදී, මාව අසරණ නොකර හීනෙන් ඒ රස විදින විදිය මට පේනව පුතේ.... මම කොහොමද දෙවියනේ මේක වාවගන්නෙ.....

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    අපි කොයිතරම්නම් දුප්පත්ද .... හරියට තුන්වේල කන්න අපිට වත්කමක් නෑ.... වේලක් කන්නෙ තව වේල් දෙකක් බඩගින්නෙ ඉන්න ඕනි නිසා.... ඒ හදන කෑම වේලෙත් කන්න දෙයක් නෑ... ඒත් ඒ හුනු සාලයි ලුණුවතුරයි කිසිම දෝෂයක් කියන්නෙ නැතිව කන්නෙ කොහොමද පුතේ..... උඹ ඒක මට පේන්න හරිම ආසාවෙන් කනව... උඹ පුතෙක් නෙමෙයි තාත්ත කෙනෙක් ... ඔය පුන්චි වයසටම මේ තරම් මම ගැන, මගේ හිත ගැන හිතනවා..... මම දෙන මොනව හරි බඩට දාගන්න උඹ, හරි උද්යෝගයෙන් දුවගෙන යනව ඉස්කෝලෙ..... එහෙම කරන්නෙ ඇයි පුතේ.... වෙන ළමයි වගේ ආස කරන දේවල් ඉල්ලල මාවා අසරණ කරල මාව අඩවපන්, ඒත් ඒක යට වාවගන්න පුළුවන් ඒත් එහෙම නොකර අනේ නිහිඩවම තමන්ගෙ ආසාවල් යටපත් කරගන්න එපා... උඹ තවම පුන්චි වැඩිය රත්තරන් කොල්ලො.... ඒ උඹ යටපත් කරන හැම ආසාවක්ම හීනෙන් විදල හිනාවෙනකොට , ඒක දකිනකොට මට ඉවසගන්න බෑ.. මගේ පපුව පැලෙයි... මම අසරණයි මගේ පුතේ.... මම අසරණයි.....

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...


    ඇස් දෙකට කදුළු උනන තරම් සංවේදනීය කතාන්තරයක්... පුතෙක් හීනෙන් හිනාවෙලා අම්මව අඩවනව කියන එක කොතරම් නම් හැගුම්බර කාරනයක්ද.... මව කොච්චරටම අසරණවෙලාද... මේක තමා යාළුවනේ අපි නොදකින අපිට නොපෙනෙන සැබෑ සමාජ යථාර්ථය.... ඔබත් මමත් සැපට වාඩිවෙලා මේ විචාරය කයවන මොහොතෙදිත් අතේ මුදල් නැති කමට කොතරම් නම් පිරිසක් බඩගින්නෙ ඉන්නව ඇතිද කියල හිතන්න.... මොහොතකටවත් අපි ඒ අය වෙනුවෙන් දුක්වෙමු..... සමාජ අසාධාරණය ගැන කියවෙන මේ ගීතය නම් ඉතාම සංවේදී ගීතයක්.... යාළුවනේ මේ විචාරයෙන් පස්සෙ මේ පුළුවන්නම් ගීතය අහන්න... සමාජ යථාර්තය මේකයි... අපි කොතරම් උත්සාහකලත්.... සමාජයේ උස්-පහත්, කළු-සුදු, ඇති-නැති පරතරයන් තියෙනවා.... මේ ගීතය විචාරය මම අවසන් කරන්නෙ දිනයක අන්න ඒ දේ තුරන්වේවා කියල ප්‍රාර්ථනා කරමින්.....

    රජ මැදුරක ඉපදී සිටියානම්
    නුඹත් රජෙකි
    පුතුනේ..
    හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
    අද නුඹෙ සිරි යහනේ
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන් මේ
    රෑ යාමේ...

    පුංචි පැටික්කන්
    මග දිග අඬවන
    සිල්ලර රස කැවිලි..
    දුව යන ඉගිලෙන
    විසිතුරු සෙල්ලම් යානා
    පෙනි පෙනී...
    අහක බලාගෙන
    මග දිග යනවිට
    නැහ මට වාවන්නේ..
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ..

    ඉඳහිට මොලවන
    ලිපත් දනී පුත
    ලුණු රස සුනු සහලේ...
    රස බොජුනක් සේ
    දිව ගා ඇල්මෙන්
    අකුරට දිව යන්නේ...
    ඇඳලා කල්ගිය රෙදි වැරළී
    නැහැ මට වාවන්නේ...
    හීනෙන් හිනා නොවී
    මා හඬවාපන්
    මේ රෑ යාමේ...

    පද - ලූෂන් බුලත්සිංහල
    තනුව - එච් එම් ජයවර්ධන
    ගායනය - මාලනී බුලත් සිංහල


    මෙම විචාරය රසවත්නම් තව ගීතයක් තවත් ටික වේලාවකින්..........

    :)
    me post eken me gaathaya ,e liyapu kenata wenna ona saadharanaya uparimayenma deela tiyenawa.
    wagema watina paniwidyak ekka me wicharaya kireema gena hadawathinma sathutu wenawa sahodaraya!
    geethaya le walatama athul una wage hageemak dannenawa!:)
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83

    බොහොම ස්තූතියි සහෝ නමුත් අපි ඒ විදියට හිතනකොට "වටින් මහ සෙනඟ ඇවිදින් සාදු කියා වැන්දයි" යන යෙදුමට දෙන අරුත් ගැන්වීම මොකක්ද?..... එවැනි අයට අපේ සමාජයේ ලොකු ගරු කිරීමක් නෑ නේද?.........

    ekath aththa thamai machan. eka ahanna wenne me vichaare hadapu kenagenma thamai
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    Non -Ethical වැඩක් වගේ නේද??????:baffled: උපකාරක් විදියට දෙයක් කියන්නම් අයිඩී එක පටන් ගන්නේ W අකුරෙන් සහ අවතාර් එකේ ඉන්නෙ මාළුවෙක්........!!!

    Meke comment dala nene eya
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    සස්ලීත් හා දත්කිඹුලා එකතුව අප හදවත් සසල ..........කලේ
    එලකිරියට ඔබ දෙපලගේ වටිනාකම දැනෙන ...........වෙලේ
    රැප් හිපොප් මෙටල් තාලය ඇත්තේ
    දැන් හද්ද ..........කැලේ
    යහමින් නාමි සුන්දර ගීයක ඇරඹුම නමැති මේ .......ගී විලේ

    VectorSwirlFloralDesignElement.jpg


    :yes::yes::yes::yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගහක මල් පිපිලා මෙකෙ තෙරුම දන්න කෙනෙක් ඉන්නවා නම් දාන්න....නියම නූලක් මෙක ජය වේවා
    mama dawas 3k wage kalayak aran kiyewwe pitu 44 i me inne e page eke
    uparimenma widinawa e rasaya!
    mama nikan bhaawanawak karanbawa wage ban sirama!
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මටත් දෙයක් කියන්න ඕන.......!!!!!!

    මිල්ටන් මල්ලවාරච්චි කියන ගායකයා බදින්න හිටපු කෙනාව බදින්න බැරිඋනාලු........!!!!

    එකලු ඒ ගායකයා ඔච්චර විරහ ගීත කියල තියෙන්නේ.......!!!!!


    ඇත්තද බොරුද නම් දන්නේ නෑ මචෝ.....!!!!!

    එත් මන් අහල තියෙන්නේ එහෙමයි......!!!!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    WOW....ඔය තියෙන්නෙ අපිටත් වැදගත් වෙන තොරතුරු..........:D:D:D
    aniwaryenma..mamath danna siddiya oka thamai !
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83


    මේ ගීතයෙන් කියවෙන්නේ යාලුවනේ අසම්මතයේ පිහිටා කටයුතු කරන බාලවයස්කාර තරුණියක් ගැන....ඒ කියන්නේ ගණිකා වෘත්තියේ.........මේ ගීතය ලියා කිබෙන්නේ ඒ තරුණිය සමග ලිංගිකව හැසිරුණ තරුණයෙක්ගේ කෝණයෙන්...

    මේ තරුණිය ඒ කාර්යයේම යෙදෙන්නේ මුදල් අගහිගකම් නිසා........ජීවිතේ අමාරු නිසා.......දැන් ඇයට මේ වෘත්තිය එපා වෙලා......ඒ වුණත් මොනවා කියලා කරන්නද?....පැයකට දෙකකට සීමා වුණ ප්‍රේමයක් පමණයි ඇයට උරුම.......

    ඒ රාත්‍රියේ ....ඒ වෙලාවේ ඇයට තුරුල් වෙලා...ඇයගේ සිරුරට හාදු දෙන විට ඇගේ තොල් සිප ගන්නා විට ඇයගේ මුවින් කිරි සුවද දැනෙන්නේ ඇය තවමත් කුඩා දැරිවියක් වග ඒත්තුගන්වමින්........

    සද එළියට දිදුලන අලංකාර ඔබ...මා අද මේ ඉන්නා ලෙස තවත් බොහෝ දෙනාගේ අතින් අතට ඔබව යයි...........මගේ සිතේ ඔබට සත්‍ය ප්‍රේමයක් ඉපදුනද මා හට ඔබත් සමග ගෙවන දිවිය ගැන සිතන්නට වුවද බිය වන්නේ............ඔබ ගණිකාවක් බැවිනි........


    (මචංලා.....ඔබලාගේ අදහස්ද ඉතා කාරුණිකව භාර ගනිමි)




    Machan uba elakiri wage liyala thiyenawa. mamath ada thamai me theruma danne. thnx machan
     
    • Like
    Reactions: delmar

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Meke comment dala nene eya
    මනුස්සයා සෑහෙන්න කාර්ය බහුල කෙනෙක්. නමුත් සිංදු පිස්සෙක්. පෞද්ගලිකව දනිමි. දැන් සෑහෙන කලකින් ඇවිත් නෑ, රෝගීන් ගේ වැඩ ම තමා.........
     

    Anushka Gayan

    Junior member
  • Apr 29, 2008
    55
    7
    8
    යාළුවනේ දින දෙක තුනක් මට එන්නට නොවෙන නිසාත්.... බහුතරයගේ ඉල්ලීම නිසාත්..... එම ඉල්ලීම ඉටු කිරීමට මාහට තවමත් ඉඩක් නොලැබුණු නිසාත් .... සදකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයේ උපුටා ගැනීමක් අවසන් වශයෙන් මේ ලෙස ඔබ වෙත ඉදිරිපත් කරමි.... (නැවත දින කිහිපයකින් පසුව හමුවෙමු.... දින තුනකට දුන්නු ප්‍රමාණය මදෑ....)



    Thx saho me geethayata..
    3.gif
    3.gif
    3.gif

    Godak dawas idan balan hitiye meka danakan...:yes::yes:
    Me tread1 digatama karagena yanna shakthiya labewa kiyala pathanawa oba samata...!!!!
    !
    1.gif
    1.gif
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,426
    698
    113
    37
    AREA 51
    මනුස්සයා සෑහෙන්න කාර්ය බහුල කෙනෙක්. නමුත් සිංදු පිස්සෙක්. පෞද්ගලිකව දනිමි. දැන් සෑහෙන කලකින් ඇවිත් නෑ, රෝගීන් ගේ වැඩ ම තමා.........

    අවතාරේ ඉන්නේ මෝරෙක්ද
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    මනුස්සයා සෑහෙන්න කාර්ය බහුල කෙනෙක්. නමුත් සිංදු පිස්සෙක්. පෞද්ගලිකව දනිමි. දැන් සෑහෙන කලකින් ඇවිත් නෑ, රෝගීන් ගේ වැඩ ම තමා.........

    ekath ahemada. ahenam hoyanna wena widihak ne. ara sindhuwe vichaare dhanna ikmanin :)