දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............
නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........
පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ.......
එදා සෙනෙහෙන් නොබැඳුනානම්
මෙදා වියෝවක් නෑ.....
මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......
තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුලක් නෑ....
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ.....
අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි...
මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි.
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ.....
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ....
ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහම පමනයි....
පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒ මාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.
මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයි මට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින් පහදාදීම තුලින් අපට හෙලිවේ.......
මොනව උනත් මම මේම තේරුම් ගන්නකොට මම ගොඩක් දුර ගිහිල්ල අන්තිමේ තව රුපියල් 7ක් දීල තව බස් එකක ආපහු අවා.ඒකත් මාරයි.......