wow
ekath attha...
da?
harima amarui ne eka piliganna...adaraya karanakam eka piliganna amaru deyak.. eth adaraya karapau kenata waira karanna puluwanda?
bonna ona prashnayak hehe![]()
Ahala nethda machan kalin oya kathawa

wow
ekath attha...
da?
harima amarui ne eka piliganna...adaraya karanakam eka piliganna amaru deyak.. eth adaraya karapau kenata waira karanna puluwanda?
bonna ona prashnayak hehe![]()

යාළුවනේ.... සුළු නිහැඩියාවකින් පසු නැවතත් ගීතයක් අරගෙන ආව ඔන්න ඔබ වෙනුවෙන්ම.... මතකද මම මුලදිම සදහන් කරල තිබුන අපේ කොල්ලො ටික අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕන ගීතයක් තිබෙනව කියල.... අන්න ඒ ගීතය ගැන තමා දැන් මම පැහැදිලි කරන්න හදන්නෙ...
නල සහ දමයන්ති කතා පුවත අපේ යාළුවො අහල ඇති නේ.... ඉතින් මම ඒ කතාව වැඩිපුර විස්තර කරන්න උත්සාහ කරන්නෙ නෑ... නල කුමාරයට දමයන්තිය ගැන අසන්නට ලැබෙනවා.... දමයන්තිය අතිශයින් රූමත්ලු... නමුත් කිසිම කෙනෙකුට කැමතිවෙන්නෑලු.... කොහොම හිරි නල කුමාරයගෙ හිතනම් දමයන්තියට ගිහින් තියෙන්නෙ.... දැන් කොහොමද දමයන්තිගෙ හිත ගන්නෙ... කොහොමද දමයන්තියගෙ හිත කැමති කරවගන්නෙ.... හරි, යෙදුව හොද උපායක්.... යැවුව කාරණය තේරුම්කරල පණිවිඩ කරුවෙක්.....
මේ පණිවිඩකරුව තමා යාළුවනේ හන්සය.... හන්සය දමයන්ති කුමරිය ඉන්න රාජධානියට යනව... ගිහින් දමයන්තිය ගැවසෙන රජ උද්‍යානයේ විලට බහිනව.... ඔතනදී තමා කුමාරිකාවට හංසයයව ඇස ගැටෙන්නෙ... ඉතින් පසුසෙන් පහු හංසයා ආරම්භ කරනව නල කුමාරයගෙ රූප කාය වර්ණනා කරන්න..... දමයන්ති කුමරියගේ හිත නල කුමරු දැකීමේ ආසාවෙන් පොපියන විදියට හංසය මේ වර්ණනාව කරනව.... කෙටියෙන් මේකනේ කතාව.
ඉතිං ඔන්න ඔය වර්ණනාව ගීතයකට නැගීමේදී තමා සිංහල සම්භාව්‍ය සංගීතයේ පිරිමියෙකු වර්නණා කරන සුපිරිතම ගීතය මහගම සේකර ශූරීන් අතින් නිමැවෙන්නෙ....
මේ ගීතය නිර්මාණය කලේ චිත්‍රෙස්න නර්තන ශූරීන්ගේ මුද්‍රා නාටකයක් වූ නළ දමයන්ති නාට්‍යෙයේ තේමා ගීතය සදහා.... රාජගිරිය මාදින්ගොඩ කදු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරයන්ගේ නිවසේදී තිබෙනවා සුදු වැලි අතුල ප්‍රදේශයක්.... මෙන්න මේ ප්‍රදේශයේ ඉදගෙන තමා අමරදේව හා මහගම සේකරයන් මේ ගීතය නිර්මාණය කරල තියෙන්නෙ.....
අමරදේවයානන් පවසන පරිදි එය මේ ලෙසින් සිදුවිය.....
”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය. ”
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
නල දමයන්ති මුද්‍ර නාට්‍යයේදී වුවත් බටහිර සංගීතයේ ලක්ෂණ ඇසුරු කරමින් එහි සංගීතය නිර්මාණය කළා. ඒ ඒ සංගීත සම්ප්රමදායේ ලක්ෂණ අනුකූලතා පූර්වකව යොදා ගත යුතුය. ඒ සියල්ල අතර තම සංස්කෘතික අනන්යයතාව ද රැක ගත යුතුයි.
මේ ගීතය පුරාවටම තිබෙන්නෙ නල කුමාරයගේ දේහ කාය හිසේ සිට දෙපතුල දක්වාම අතිශෝක්තියකින් වර්ණනා කිරීමයි.... මොකද දමයන්තියගෙ හිත ඇදිල යන්නත් ඕනනේ.... කොහොම හරි හන්සය සාර්ථකයි.... දමයන්ති නල කුමාරයට වශී වුනා මේ වර්ණනාවට සවන්දීල...... හැම තැනම කතාවෙන්නෙ කුමාරය ගැනමයි.... ලස්සන කාන්තාවන්ගෙ සිහිනවල ඉන්නෙ මේ කුමාරයයි... රනින් කලා වගේ උරහිසක්, ඔහුගෙ පිරිසිදු හදවතේ ඇති ආදරේ, සරාගී දෙනෙත්... කොහොමද වර්ණනාව.....
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ...
ඈත කඳුකර..
රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ...
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ...
ඈත කඳුකර...
ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගමසේකරයන්
සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
නාට්‍යය - නලදමයන්තී (චිත්‍රසේන-වජිරා)
http://www.mediafire.com/?lfafq965248e7v6
(ගීතය සොයා දුන් IveyStyle මිත්‍රයාටත් ස්තූතියි)
සේකරයනු අමරදේවයානන් පවා අදටත් ඉතා ඉහලින් ගරු කරනු ලබන ගී පද රචකයෙක්... හරිම සරල බස් වහරක පටන් ඉතා සංකීර්ණ සාහිත්‍ය දක්වාම එතුමාණන් පරිපෝෂිතයි..... මේ තියෙන්නෙ එතුමානන් සීතල දිය පිරි සුනිල විලයි ගීතය එතුමාගේම අත් අකුරින් ලියපු විදිය.... බලන්න කපල කොටල ගීතය සරල බස් වහරකින් ගොඩනගල තිබෙන අපූරුව......අපි ඉහලින් කතා කල භාෂාව හා මේ පහල තියෙන භාෂාව එකම පුද්ගලයෙකුගෙ කියල හිතන්නවත පුළුවනිද.... එය තමා විශිෂ්ඨත්වය මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ........
![]()
එහෙනම් තවටිකකින් තවත් ගීතයකින් හමුවෙමු.... ඉඩ තිබුනොත් කමෙන්ට්ස් දීලම යන්න...

බුදු හාමුදුරුවො වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ
දුක හිතිලද හිර ගෙදරට වැඩියේ මාගෙ මරණ දිනේ
මගෙ අම්මා වත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ
මා ගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ
තනි තරුවේ...Code:http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1247
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
තාර පාර දිග පාට පාට කඩ සල් පිල් සෙවනැල්ලේCode:http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=718
ගිනි හුළගින් දූවිලි ඇවිලෙනවා - ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ
ඇසට අසුවන මායිමේCode:http://ananmanan.lk/free_sinhala_mp3/download_sinhala_mp3.php?id=1952
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැවිගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ....
සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟCode:www.mediafire.com/?o53245ql5lvb4ue
හඬා වැටෙනවා මියෑසි කැළක්
කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
මලට වඩා විෂ බඹර තුඩක්
Code:http://www.mediafire.com/?mimdmjgwqng

ප්‍රේමකීර්ති, ඔහු ගේ පවුල් ජීවිතය සහ නිර්මාණ කරනය..........
මචංලා මම මේක දාන්න හිතුවේ මේ ත්‍රෙඩ් එකේ දී ප්‍රේමකීර්ති මහතාණක් සහ එතුමා ගේ පවුල් ජීවිතයේ හැල හැප්පීම් ගැන යම් වැරදි තොරතුරු මම දැක්ක නිසා. ප්‍රෙමකීර්ති මහතානන් ගේ පවුල් දෙකම, පලමු විවාහය සහ පසු විවාහය, මගේ පවුලේ මිතුරන්. (ඒ මිතුරුකමට හේතුව මගේ පියාණන් ගැන දන්න එළකිරියන් දනී යයි සිතමි!) ඇත්තටම ප්‍රේමකීර්ති අංකල් ගේ පළමු විවාහයේ බිරිද දයා ආන්ටි (දයා ද අල්විස්) නම් මේ කියන විදියේ අසම්මත ප්‍රේමයක පැටලී හිටියේ නැහැ. ඇය ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගීත රචිකාවක්. එහෙම දෙයක් තිබුණද කියල හිතා ගනිල්ලා ප්‍රේමකීර්ති අංකල් නැවත නිර්මලා අක්කා සමග විවාහ වෙලා නව පවුල් ජීවිතයක් ගත කලත්, දයා ආන්ටි වෙන් වීමෙන් පසුව තවමත් අවිවාහකව සිටීම තුළින්.
ඇත්තට ම ප්‍රේමකීර්ති අංකල් කුකුල් කේන්ති කාරයා. නමුත් හිතේ පැහැව පැහැව ඉන්නේ නෑ. කියන්න තියන දේ මූණට කිව්වා, ඉවරයි. වරක් අංකල් මොනව හරි හේතුවකට ගෙදරින් අමනාපව ගිය අවස්ථාවක ඇය දුවනිය සමග දින ගණනක් ගෙවු විදිය ඇය පසුව ගෙදර ආ ප්‍රේමකීර්ති අංකල්ට කිව්වා. ඒ සිද්ධිය ඔහු ව කොතරම් ප්‍රලය කලාද කියනව නම් මේ නිර්මාණය බිහි වුණේ ඒ ඔස්සේ. සුරංගි අක්කා සමග ළතැවිල්ලෙන් දයා ආන්ටි ගෙවූ ඒ දින කීපය ගැනයි මේ ගීතය ප්‍රේම් අංකල් පසු කාලයක රචනා කලේ.......
මා එක්කලා අමනාපව වී දබර-දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර.........
වෙන් වීමෙන් පසුව ළුුවත් දයා ආන්ටි ගේ ඒ වෙන් වීම පිළිබද තිබූ පශ්චත්තාපය සහ ඇත්තටම සිදු වූයේ කුමක්ද යයි ඔබට සිතා ගැනීමට මම ඇය විසින් රචනා කල මෙන්න මේ ගීය මෙහි බහා තබන්නම්. ඇය වරක සදහන් කලේ මේ ඇගේ ආත්ම ප්රකාශණය ලෙස......
මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට........
මේ ගීතය උඩුගත කර ඇත්තේ එළකිරියේ පරන සිංදු පකීර් වන sudasingha සොයුරා.......පින් ඒකට......
ප්‍රේම් අංකල් නිර්මලා අක්ක සහ සම්පත් පුතා එක්ක පදිංචි වෙලා හිටියේ අපේ මහ ගෙදරට එහා ගොඩේ. ඒදා ඒ මූසල උදෑසන ප්‍රේම් අංකල්ට වෙඩි තියපු ඒ වෙඩි හඩ මට ඇහුණා. මෙච්චර සංවේදී ව මිනිස්සුන් ගේ දුක දැකපු ඒ මනුස්සයට වෙඩි තියල තිබ්බේ කටට. මෙපමණ සංවේදී මනුස්සයෙකු ගේ කටට වෙඩි තියන්න පුළුවන් විප්ලවයකින් මනුස්සකම ඉතිරිවේද කියන ප්‍රශ්ණය මට ඇතිවුණේ එදිනයි. ඒ දේශපාලන ව්‍යාපාරය සමග මගේ මතවාදීමය අරගලය ඇත්තට ම හට ගත්තේ එදිනයි.
උඹල සමාවෙයල්ලා මට මෙතනට දේශපාලනය ඇදල ගත්තට. හිතේ වේගයටයි මේහෙම ලියවෙන්නේ........නමුත් මට කියාපල්ලා හෘදය සාක්ෂියට එකගව, ප්‍රේමකීර්ති වගේ මන්සුසයෙක් ගේ කටට වෙඩි තියල මරන්න පුළුවන් අසංවේදී දේශපාලනයකින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන විදියේ විමුක්තියක් ද කියලා.........!!!
mama me kathawa ahuweth ada..........

යාළුවනේ.... මා දැන් ගීතයක අරගෙන ආවෙ විචාරය කිරීමටම නොවේ.... ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න... ඒ තමයි මේ අපේ ළමාකාලය වර්තමාන පරපුරට නැතිවීම... ඉතින් කොහොමද කලාකාරයො බිහිවෙන්නෙ.... ඔබ දන්නවද මේ ගීතයෙන් කියන එකදු කරුණක්වත් වර්තමාන ළමා පරපුරට විදින්න හැකියාවක් නෑ.... මට මතකයි මේ අත්දැකීම මා විදි අපූරුව ... ලන්ද, බිම්මල්, ඒ දඩු මංකඩ, දොඹගස්, මදටිය ගාල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගම්මානායක්.... හරි අපි හිතමු ගම්මානය නෑ කියල... ඒත් මෙහි කියවෙන් නිදහසේ ඉගිලෙන කුරුල්ලො වගේ නිදහසේ ඉන්න ළමයින් ඉන්නවද...? පුළුවන්නම් ඔබට ළමයි ඉන්නවනම් මේ ගීතය කියල දෙන්න... කියල දෙන්න මෙයින් කියවෙන ගම්මානය ගැන.... කොතරම් සුන්දරද....? ටිකක් හරි මේ දැගලිල්ල, කැලෑව සමග හාදකම තිබුණු ළමා කාලයක් ඔබට තිබුණ නම් ඔබට හොදින් වැටහෙනව මා පැවසීමට, ඔබට සන්නිවේදනය කිරීමට වෙර දරන්නාවූ හැගීම....
ඉතින් ඔබ-මම වගේම ගම්මානයේ අසිරිය විදපු රචකයාත් මේ දැගලිල්ල තියෙන ළමයින් අතරේ නිහඩව සිටින ළමයෙක් ගැන තමා මේ ගීතයෙන් කියන්නෙ (හැබැයි මමනම් ඒ ළමය වගේ නෙමෙයි අනිත් ළමයි වගේ තමා හිටියෙ... මඩ නාල තමා හැමදෑම ගෙදර ගියේ....) පාසල ඇරිලා හූ කියාගෙන විලාප තියාගෙන ළමයි ටික වෙල පාර දිගේ දුවගෙන එනවා. ඒත් ඒ අතර තමන්ගෙ පාඩුවෙ එන ළමයෙකුත් ඉන්නව.. මේ පැහැදිලි කිරීම හොදටම ඇති. මීට එහා පැහැදිලි කිරීමට තරම් මෙම ගීතය ඔබට නොතේරෙන ගීතයක් නොවේ... නමුත් මා මෙය ඔබ වෙත ගෙන එන්නේ... වර්තමාන සහ අනාගත පරපුරට අත්විදීමට නොහැකි වේයැයි මට හැගෙන කාරනා ටිකක් පැහැදිලි කරන්න......
පාසල් ඇරිල නිදහසේ ලන්ද දිගේ විලාප තියාගෙන ළමයින්ට අද කාලෙ එන්න බෑ... වෙලක නියරක ඇවිදින්න බෑ..... බිම්මල් දැකල නෑ.... තිත්ත පැටවු, ඒ දණ්ඩ දැකල නෑ එහි යන්න බෑ.... ලන්දවල් වල රිංගල අත් පා සීරිලා නෑ.... දොඹගස් නෑ.... නීල කොබෙයියන්ට ගලකින් ගහල පියාඹවල සතුටුවෙලා නෑ.... මදටිය ගාලක් නෑ... මේවත් එක්ක ඉන්නකොට බඩගින්න නොදැනෙන බව දන්නෙ නෑ.... පේනවද යාළුවනේ මුළු ගීතයම අද පරපුරට නෑ නෑ නෑ.... ඉතින් ඔබවත් මේ ගීතයෙන් ඔවුන්ට තේරුම් කරල දෙන්න....
බලන්න යාළුවනේ මේ ගීතය ගායනා කරන අපේ සුනිල් එදිරිසිංහ ශිල්පියා මේ ගීතය විදින අපූරුව... ඔහු ගීතය ගායනා කරන්නෙ ඔබට මට නෙමෙයි ඔහුටමයි.... වෙලාවකට ඇගිල්ල දික්කරල කතාවක් කියනව වගේ... වෙලාවකට ඇස් පියාගෙන... වෙලාවකට ඔහුගේ සිතේ මැවෙන සිතුවම නිසා සිනහරැල්ලක් මුවේ තියෙනව... බලන්න ඔහු ගීතය උපරිමයෙන් විදිමින් ගායනා කරන අපූරුව.......
ඉස්සර මං ගිය පාසල ඇරිලා...
පුංචි පැටව් පෙරහරෙ එනවා.....
හේවිසි ගහගෙන හූ හඩ දීගෙන
ළන්ද පුරා දුව පැන එනවා....
මේ දරු දැරියන් නොදුටුව දැසින්
එක දරුවෙක් තනිවී එනවා...........
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා....
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉවකෙරුවා.........
මේ විසිතුරු දැක කොතැනක යන්නද.......
පුංචි දෙපා එක තැන රැදුනා.......
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙලුම් රටාවකි තණ ගොල්ලේ.......
නීල කොබෙයි රැල පේළි සැදී හිඳ.......
මුතු ඇහිදියි මදටිය ගාලේ..........
ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ...
තාමත් ඔහු මේ වන නිල්ලේ..........
පොත් පිටු අතරේ නොරැඳෙන දැසින්......
වන වදුලේ අසිරිය දකිනා.....
ගම් දරුවන් මැද මේ දරු පැටියා.....
මගේ නෙතට කඳුලක් නැගුවා.....
ඔහුට මුවාවී...පාසල් යන්නේ.......
මා දැයි නිකමට මට සිතුනා.........
පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
තවත් ගීතයක් තව ටිකකින්.....
karana wade idiriyata karan yaman kolla!මා මේ පලකරන දෙයින් සිත්රිදිවීමක් ඇතිවුනිනම් .... කමත්වා....
යාළුවනි .... මම මේ දේ දාන්න කියල හිතුවෙ ගොඩාක් ඉස්සර ඒත් මට බැරිවුනා.... මොකද මට හොද නිදහසක් තිබුන අද හැමදේම හැම පැත්තෙන්ම හිතන්න...එනිසයි අද මම මේ ඉල්ලීම කරන්නෙ...
මේකයි යාළුවනේ දත් කිඹුලාවේවා... මම වේවා... වෙන කෙනෙක් වේවා... අපි මෙහි දාන විචාරයන් හුදෙක් විචාරයන් පමණයි.... මම දැක්ක සමහරු මගේ, කිඹුලගේ විචාරයන් තර්කයට භාජනය කරනවා.... ඒක හොදයි එහෙම වෙන්න ඕනි...ඒත් මතක තියාගන්න අපි කරන්නෙ අපි දකින දේ... අපේ රසඥතාවයන් ඔස්සේ අපි විදපු දේ ඔබටත් විදවන්න උත්සාහ කිරීමක් පමණයි...... ගීතයක් අපේ හිතට වැදුනොත් ඒ ගීතයේ වචනවලින් කියන අර්ථය කෙරෙහි අප සැලකිළිමත් වෙලා අරුත පසිදලන්නට උත්සාහ කරනවා..... එවිටදි එම ගීතය ගැන ගීතය ලියපු අය , වෙනත් විචාරකයින් , පවුලේ අය , හිතවතුන් කියූ දේවල් කියන්නෙ අපට උත්ප්‍රේරකයක් පමණයි.... එය ධන හෝ රින විය හැකියි.... කරුණා කරල මමත් විශේෂයෙන්ම දත් කිඹුලාත් කරන විග්රහයන් ගැන කවුරුවත් කියපුදේවල් ගැන අහල අපිත් එක්ක තර්ක කරන්න එපා.. එක්කෙනෙක් පීඑම් වලින් තර්කයට ආවා.... නමුත් ඔහු තර්ක කරන්නෙ ගීතයන්හි තිබෙන වචන ගැන නොවෙයි එයාට කවුද කිව්වෙ ඔය විදියට නෙමෙයි... ඒ කියපු කෙනා එයාට විශ්වාසයි කියල..... බලන්න එය සාධාරණද... අපිට තවත් ගීතයක් විචාරය කිරීමේ වෙලාව.....
දැන් පැයක් විතර තවත් යාළුවෙක් සැදෑ කළුවර ගැන මගෙත් එක්ක ලොකු වාදයක.... දෙවියනි අර්ථය මොක වේවා... දත් කිඹුල මා සමග විචාරය කරද්දි අපි දෙදෙනාම ඇඩුව, කදුලු වැටෙන්නම ඇඩුව... අර්ථය වෙනකක් වුවත් මම ගන්නෙ අර මගේ කදුලු වැටුනු අර්ථය... එතන් සැබෑ ගී විචාරය තියෙන්නෙ... නැතිනම් නාරිලතා පුෂ්ප,ඩැෆඩිල්මල්, ලියතඹරාමල්, ඇපල්මල් වගේ ලංකාවේ ඇසාවටවත් දිකින්න නැති දේවල් ගැන තිබෙන ගීත මේතරම් ජනප්‍රියවෙන්න බෑ...
අපි සාම්ප්‍රදායික ගීත විචාර කලාව බින්ද.... යාළුවනේ,මචංල,ඔන්න ඉතින්,අපේ බාෂාව වගේ වචන අපි දැම්මෙ ඔබ නිසාමයි... මෙය කියවන අපේ යාළුවන් නිසාමයි කරන්නෙ. මෙයිට සාම්ප්‍රදායික විචාරකයින් විරුද්ධ වේදෝයි තිබූ සැකය නිසාමයි මෙය ආරම්භයේදිම මේ ත්‍රෙඩ් එක දැමූ *ධනුෂ්ක* සොයුරාගෙන් මා ඇසුවේ මෙහි අපි විචාර දාන්නද කියලා...
අනික තමයි සමහර නිධාන කතාවන් තියෙනවා ඔබ දන්නවාට වඩා එහා ගිය ගොඩාක් දේවල් අපි දෙදෙනා දන්නවා ඉතින් අපි ඒ දෙවල් නොදා ඉන්නෙ මෙහි ප්‍රමිතිය සහ අපේ අරමුණ ගැන හිතලා... ඉතින් එවිටදි ඇවිත් අපිත් එක්ක තර්ක කරන්න එපා.... උදා. මාලනී බුලත් සිංහලගෙ ලමයෙක් නැතිවීම ගැන කවුදෝ තරක කරල තිබුන... ඒත් මම ඒ ගැන මුලින් සදහන් නොකලෙ බුලත්සිංහල පවුලේ එකම ඉල්ලීමලු කිසිම විටකත් ඒ දේ මතක්කරන්න එපා කියන එක..... අපි අපිට දැනෙන දේ අපිට හිතන දේ විචාරය කරමු... එකම ගීතයට විචාර 10ක් උවත් කමක් නෑ දාමු.... අපි අපි තර්ක නොකර ඉමු... සංවේදී හදවත් තුලට දැනුනුදේ ඔබටත් සංනිවේදනය කිරීම සදහායි මා සහ අපේ කිඹුල සහෝදරයා උත්සාහ කරන්නෙ.... අනික තමා මම පවා තවමත් ඉගෙන ගන්නේ අපේ කිඹුලා සහෝදරයාගෙන් ඉතින් ඔහුගේ අදහස් තර්කයට ලක් කරන්න ඔහුව තර්කයට ලක්කරන්න එපා... (එක් පුද්ගලයකු එවා ඇති පී.එම්. එකක් නිසයි මා මේදේ සදහන් කරන්නේ ) අවාසාන වශයෙනුත් පුද්ගලයන් 10 දෙනකු එක ගීතයක් දිහා බලන විදිය ක්‍රම දහයක්... එයින් ඔබ තෝරාගත යුත්තේ ඔබට, ඔබේ හදවතට දැනෙන විචාරය මිස .... රහුමාන් කිව්ව, ප්‍රේම කීර්ති කිව්ව, තාගෝර් කිව්ව කියන දේ නොවෙයි.... මොකද ඉන් ප්‍රයෝජනයක් නෑ... ඔබට අවැසි, ඔබට දැනෙනා දේ නොවේද ඔබ ලංකරගන්නෙ....
අවසන් වශයෙන් මට කතාවක් මතක්වුනා............
එක ගමක් පුද්ලගයෙක් අහනවා ගීතයක්.....
නෝ වුමන් නෝ ක්‍රයි
නෝ වුමන් නෝ ක්‍රයි
මොකද්ද ඔය අහන්නෙ
මම මේ බොබ් මාලිගෙ ගීතයක් අහනව... මම මේ අපේ ගෑනිට දැනෙන්න අහන්නෙ මේක.....
වැඩක් නෑ අනේ.... ඔයා බිරිදට ඔහොම කියන්න එපා....
මොකද්ද මම කියන්නෙ....
මම දන්නව ඔය එයාගෙ ලගට ගිහින් කියන්න බැරි කමටට ඔය සාමාවගන්නව නේද ගීතයෙන්...
මොකා.... මොකද්ද ආයෙත් කියන්න බලන්න
ඔයා ඔය අඩන්න එපා.... නො වුමන්... නෝ නෝ වුමන්... දැන් ඇති අඩන්න එපා කියලනේ කියන්නෙ....
තමුසෙට පිස්සුද .. මේකෙන් කියන්නෙ ගැහුනු නැත්නම්, කදුලක් නෑ කියන එක... නෝ වුමන්... නෝ ක්‍රයි...
දෙදෙනාටම තමන්ගෙ මතයට තර්ක කරන්න කරුණු ගොඩායි.... වැදගත් වන්නේ තමන්ගේ අත්දැකීම්, තමන්ගේ දර්ශණයන් අනුව හදෙහි ලැගුම් ගන්නා දර්ශණයයි.....
සමාවන්න මින් ඔබගේ විචාරයන්ට බාධාවක් සිදුවුනි නම්... අදාල නැති දෙයක් මා කතාකලෙහිනම් හැකි ඉක්මනින් රිමූව් කරනට කැමැත්තෙමි...

thread eka kiyawanna ....macanla me sinduweth vicharayak dammuda
![]()

thanx brother..සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතයේ පද වලට ගැලපෙන සංගීතයකුත් උඩින් බැලුවට තේරුම් ගන්න බැරි ගැඹුරු තේරුමකුත් තියෙනවා.මම දන්න විදියට අහල තියෙන විදියට මේ සිංදුවේ තේරුම කියන්නම්.
සදකඩ පහණ කියන්නේ කලා කරුවෙක් අතින් නිර්මාණය වන අපූරු දෙයක්.මේකෙ සදකඩ පහනට ආරෝපණය කරල තියෙනනෙ ඉතාමත් ලස්සන, සැමියා අහිමි, කුඩා දියනියක් සිටින කාන්තාවක්.
සදකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී,තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිසුන් එනවා.පාවෙන දේදුනු කියල උපමා කරන්නෙ ඒ මිනිසුනට.
කැලැතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක තනිවේ,මේ තහනම් ඇසුර කැලැතුනු රසය ගැන දන්නෙ පැමිනෙන මිනිසාත් ගැහැනියත් පමනයි.සදකඩ පහන කොතරම් අනගි නිර්මානයක් උනත් ඒක පයට පෑගෙනව.ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන වුනත් සමාජයේ ගැරහුමට ලක්වෙනව.
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැල වෙදදී,මේ විදියට දිගින් දිගටම මිනිස්සු ඇසුරු කරද්දි මේ කාන්තාවගේ රැකියාව ගණිකා සේවය බවට පත් වෙනව.ඈ ඇසුරට එන මිනිසුන් ඈ ඇසුරු කරන්න ඇයව නිවසින් පිටතට ගෙනියනව.එතකොට ඒ ගැහැනියගේ දරුවා නිවසේ තනි වෙනව.කැකුලකට ආරෝපණය කරල තියෙන්නේ ඒ දියනිය.අම්මව ඇසුරුකරන්න ළමයට තියෙන කාලය සීමා වෙනව.
දහසක් පෙතිමත රහසක් මුමුනා තුඩින් තුඩට ගෙන යන බිංදූ ,ඈව ඇසුරු කරපු මිනිස්සු තමන්ගෙ යාළුවන්ටත් ඇය ගැන කියනව,ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනව.
ගව්වක් ඉහලට ගොනුකොට රදවා පොපියන දෙතොලක් එහි කැන්දූ,ඈ ගැන ආරංචි වුනු මිනිස්සු ගව්වක් ඉහලට බලාපොරොත්තු තියා ගෙන තමා ඈ ගාවට එන්නෙ.ඒ කියන්නෙ ඇගෙන් ලැබෙන සුවය ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන තමා එන්නෙ.
අහසත් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදූ,නමුත් මේ කාන්තාව මේ කටයුත්ත කරනනේ කැමැත්තෙන් නෙමෙයි.තමන්ගෙයි දරුවගෙයි ජීවිතය වෙනුවෙන්.ඒක මේ පදයෙන් ගම්‍ය වෙනවා.
ඈ ගෙන යද්දී නටඹුන් අතරින් තවකෙක් ඈ වෙත හද රැන්දූ,ඒ පැමිණෙන පුද්ගලයා ඇසුරු කරලා ඉවර වුනු ගමන් ඈ ඇසුරු කරන්න තවත් පුද්ගලයෙක් එනව.මේ විදියට ඈට තම ජීවිතය ගැට ගහගන්න මිනිස්සු රාශියකගෙ ආශාවන් පිරිමහන්න වෙනව.
හදවිල ඉපැදුනු කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා,ඇගේ රැකියාව නිසා දරුවාට සිදුවන අවමානය නැති කරන්න තමන්ගෙ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනව.දියනියට සිදුවෙනව අකාලයේ අම්මව අතහැරල ඈතකට යන්න.
මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක් සත්සමුදුරකට මුහුව ගියා,මේ කාන්තාව තමන්ගෙ දියණිය වෙන තැනකට යවන්නෙ ගොඩක් දුකෙන්.ඒත් ඇයට ඒක තවත් එක් දුකක් පමණයි.කදුලක් සත්සමුදුරකට එකතු වෙනව වගේ ඇගේ දුක් සමුදායෙන් එක් දෙයක් බවට ඇගේ දියනිය ඈතකට යැවීමට සිදුවීම දක්වන්න පුළුවන්.
ඔබට උරුම වුනු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියඹා එනතුරු පොපියන හදවත සිටියි බලා,මේ කාන්තාව තමන්ගෙ දියණිය හොදින් ඉගෙන ගෙන ලොකු තැනකට ගිහින් තමන්ගෙ අම්මව මේ දුක්බර ජීවිතයෙන් මුදවා ගන්න එනකම් හුදෙකලාව ඇගිලි ගනිමින් බලා ඉන්නවා.
මම දන්න විදියට මේ ගීතයේ තේරුම ගොනුකරා.වැරදි එහෙම තියෙනවනම් සමාව ඉල්ලනවා.
atthenma mama ahalawath tibune nethi geethayak!යාළුවනේ.... සුළු නිහැඩියාවකින් පසු නැවතත් ගීතයක් අරගෙන ආව ඔන්න ඔබ වෙනුවෙන්ම.... මතකද මම මුලදිම සදහන් කරල තිබුන අපේ කොල්ලො ටික අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕන ගීතයක් තිබෙනව කියල.... අන්න ඒ ගීතය ගැන තමා දැන් මම පැහැදිලි කරන්න හදන්නෙ...
නල සහ දමයන්ති කතා පුවත අපේ යාළුවො අහල ඇති නේ.... ඉතින් මම ඒ කතාව වැඩිපුර විස්තර කරන්න උත්සාහ කරන්නෙ නෑ... නල කුමාරයට දමයන්තිය ගැන අසන්නට ලැබෙනවා.... දමයන්තිය අතිශයින් රූමත්ලු... නමුත් කිසිම කෙනෙකුට කැමතිවෙන්නෑලු.... කොහොම හිරි නල කුමාරයගෙ හිතනම් දමයන්තියට ගිහින් තියෙන්නෙ.... දැන් කොහොමද දමයන්තිගෙ හිත ගන්නෙ... කොහොමද දමයන්තියගෙ හිත කැමති කරවගන්නෙ.... හරි, යෙදුව හොද උපායක්.... යැවුව කාරණය තේරුම්කරල පණිවිඩ කරුවෙක්.....
මේ පණිවිඩකරුව තමා යාළුවනේ හන්සය.... හන්සය දමයන්ති කුමරිය ඉන්න රාජධානියට යනව... ගිහින් දමයන්තිය ගැවසෙන රජ උද්‍යානයේ විලට බහිනව.... ඔතනදී තමා කුමාරිකාවට හංසයයව ඇස ගැටෙන්නෙ... ඉතින් පසුසෙන් පහු හංසයා ආරම්භ කරනව නල කුමාරයගෙ රූප කාය වර්ණනා කරන්න..... දමයන්ති කුමරියගේ හිත නල කුමරු දැකීමේ ආසාවෙන් පොපියන විදියට හංසය මේ වර්ණනාව කරනව.... කෙටියෙන් මේකනේ කතාව.
ඉතිං ඔන්න ඔය වර්ණනාව ගීතයකට නැගීමේදී තමා සිංහල සම්භාව්‍ය සංගීතයේ පිරිමියෙකු වර්නණා කරන සුපිරිතම ගීතය මහගම සේකර ශූරීන් අතින් නිමැවෙන්නෙ....
මේ ගීතය නිර්මාණය කලේ චිත්‍රෙස්න නර්තන ශූරීන්ගේ මුද්‍රා නාටකයක් වූ නළ දමයන්ති නාට්‍යෙයේ තේමා ගීතය සදහා.... රාජගිරිය මාදින්ගොඩ කදු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරයන්ගේ නිවසේදී තිබෙනවා සුදු වැලි අතුල ප්‍රදේශයක්.... මෙන්න මේ ප්‍රදේශයේ ඉදගෙන තමා අමරදේව හා මහගම සේකරයන් මේ ගීතය නිර්මාණය කරල තියෙන්නෙ.....
අමරදේවයානන් පවසන පරිදි එය මේ ලෙසින් සිදුවිය.....
”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය. ”
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ
නල දමයන්ති මුද්‍ර නාට්‍යයේදී වුවත් බටහිර සංගීතයේ ලක්ෂණ ඇසුරු කරමින් එහි සංගීතය නිර්මාණය කළා. ඒ ඒ සංගීත සම්ප්රමදායේ ලක්ෂණ අනුකූලතා පූර්වකව යොදා ගත යුතුය. ඒ සියල්ල අතර තම සංස්කෘතික අනන්යයතාව ද රැක ගත යුතුයි.
මේ ගීතය පුරාවටම තිබෙන්නෙ නල කුමාරයගේ දේහ කාය හිසේ සිට දෙපතුල දක්වාම අතිශෝක්තියකින් වර්ණනා කිරීමයි.... මොකද දමයන්තියගෙ හිත ඇදිල යන්නත් ඕනනේ.... කොහොම හරි හන්සය සාර්ථකයි.... දමයන්ති නල කුමාරයට වශී වුනා මේ වර්ණනාවට සවන්දීල...... හැම තැනම කතාවෙන්නෙ කුමාරය ගැනමයි.... ලස්සන කාන්තාවන්ගෙ සිහිනවල ඉන්නෙ මේ කුමාරයයි... රනින් කලා වගේ උරහිසක්, ඔහුගෙ පිරිසිදු හදවතේ ඇති ආදරේ, සරාගී දෙනෙත්... කොහොමද වර්ණනාව.....
ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු සෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ...
සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ
ලදැළියන්ගේ හීන අතරේ
මැවෙයි ඒ රූපේ...
ඈත කඳුකර..
රනින් කල වන් පුළුල් උරයෙන්
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ...
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ...
ඈත කඳුකර...
ගායනය - පණ්ඩිත් අමරදේව
පද රචනය - මහගමසේකරයන්
සංගීතය - ආචාර්ය ලයනල් අල්ගම
නාට්‍යය - නලදමයන්තී (චිත්‍රසේන-වජිරා)
http://www.mediafire.com/?lfafq965248e7v6
(ගීතය සොයා දුන් IveyStyle මිත්‍රයාටත් ස්තූතියි)
සේකරයනු අමරදේවයානන් පවා අදටත් ඉතා ඉහලින් ගරු කරනු ලබන ගී පද රචකයෙක්... හරිම සරල බස් වහරක පටන් ඉතා සංකීර්ණ සාහිත්‍ය දක්වාම එතුමාණන් පරිපෝෂිතයි..... මේ තියෙන්නෙ එතුමානන් සීතල දිය පිරි සුනිල විලයි ගීතය එතුමාගේම අත් අකුරින් ලියපු විදිය.... බලන්න කපල කොටල ගීතය සරල බස් වහරකින් ගොඩනගල තිබෙන අපූරුව......අපි ඉහලින් කතා කල භාෂාව හා මේ පහල තියෙන භාෂාව එකම පුද්ගලයෙකුගෙ කියල හිතන්නවත පුළුවනිද.... එය තමා විශිෂ්ඨත්වය මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ........
![]()
එහෙනම් තවටිකකින් තවත් ගීතයකින් හමුවෙමු.... ඉඩ තිබුනොත් කමෙන්ට්ස් දීලම යන්න...

mama ahala ne machan..boru kiyanna ona ye...Ahala nethda machan kalin oya kathawa![]()

]යාළුවනේ.... මා දැන් ගීතයක අරගෙන ආවෙ විචාරය කිරීමටම නොවේ.... ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න... ඒ තමයි මේ අපේ ළමාකාලය වර්තමාන පරපුරට නැතිවීම... ඉතින් කොහොමද කලාකාරයො බිහිවෙන්නෙ.... ඔබ දන්නවද මේ ගීතයෙන් කියන එකදු කරුණක්වත් වර්තමාන ළමා පරපුරට විදින්න හැකියාවක් නෑ.... මට මතකයි මේ අත්දැකීම මා විදි අපූරුව ... ලන්ද, බිම්මල්, ඒ දඩු මංකඩ, දොඹගස්, මදටිය ගාල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගම්මානායක්.... හරි අපි හිතමු ගම්මානය නෑ කියල... ඒත් මෙහි කියවෙන් නිදහසේ ඉගිලෙන කුරුල්ලො වගේ නිදහසේ ඉන්න ළමයින් ඉන්නවද...? පුළුවන්නම් ඔබට ළමයි ඉන්නවනම් මේ ගීතය කියල දෙන්න... කියල දෙන්න මෙයින් කියවෙන ගම්මානය ගැන.... කොතරම් සුන්දරද....? ටිකක් හරි මේ දැගලිල්ල, කැලෑව සමග හාදකම තිබුණු ළමා කාලයක් ඔබට තිබුණ නම් ඔබට හොදින් වැටහෙනව මා පැවසීමට, ඔබට සන්නිවේදනය කිරීමට වෙර දරන්නාවූ හැගීම....
ඉතින් ඔබ-මම වගේම ගම්මානයේ අසිරිය විදපු රචකයාත් මේ දැගලිල්ල තියෙන ළමයින් අතරේ නිහඩව සිටින ළමයෙක් ගැන තමා මේ ගීතයෙන් කියන්නෙ (හැබැයි මමනම් ඒ ළමය වගේ නෙමෙයි අනිත් ළමයි වගේ තමා හිටියෙ... මඩ නාල තමා හැමදෑම ගෙදර ගියේ....) පාසල ඇරිලා හූ කියාගෙන විලාප තියාගෙන ළමයි ටික වෙල පාර දිගේ දුවගෙන එනවා. ඒත් ඒ අතර තමන්ගෙ පාඩුවෙ එන ළමයෙකුත් ඉන්නව.. මේ පැහැදිලි කිරීම හොදටම ඇති. මීට එහා පැහැදිලි කිරීමට තරම් මෙම ගීතය ඔබට නොතේරෙන ගීතයක් නොවේ... නමුත් මා මෙය ඔබ වෙත ගෙන එන්නේ... වර්තමාන සහ අනාගත පරපුරට අත්විදීමට නොහැකි වේයැයි මට හැගෙන කාරනා ටිකක් පැහැදිලි කරන්න......
පාසල් ඇරිල නිදහසේ ලන්ද දිගේ විලාප තියාගෙන ළමයින්ට අද කාලෙ එන්න බෑ... වෙලක නියරක ඇවිදින්න බෑ..... බිම්මල් දැකල නෑ.... තිත්ත පැටවු, ඒ දණ්ඩ දැකල නෑ එහි යන්න බෑ.... ලන්දවල් වල රිංගල අත් පා සීරිලා නෑ.... දොඹගස් නෑ.... නීල කොබෙයියන්ට ගලකින් ගහල පියාඹවල සතුටුවෙලා නෑ.... මදටිය ගාලක් නෑ... මේවත් එක්ක ඉන්නකොට බඩගින්න නොදැනෙන බව දන්නෙ නෑ.... පේනවද යාළුවනේ මුළු ගීතයම අද පරපුරට නෑ නෑ නෑ.... ඉතින් ඔබවත් මේ ගීතයෙන් ඔවුන්ට තේරුම් කරල දෙන්න....
බලන්න යාළුවනේ මේ ගීතය ගායනා කරන අපේ සුනිල් එදිරිසිංහ ශිල්පියා මේ ගීතය විදින අපූරුව... ඔහු ගීතය ගායනා කරන්නෙ ඔබට මට නෙමෙයි ඔහුටමයි.... වෙලාවකට ඇගිල්ල දික්කරල කතාවක් කියනව වගේ... වෙලාවකට ඇස් පියාගෙන... වෙලාවකට ඔහුගේ සිතේ මැවෙන සිතුවම නිසා සිනහරැල්ලක් මුවේ තියෙනව... බලන්න ඔහු ගීතය උපරිමයෙන් විදිමින් ගායනා කරන අපූරුව.......
ඉස්සර මං ගිය පාසල ඇරිලා...
පුංචි පැටව් පෙරහරෙ එනවා.....
හේවිසි ගහගෙන හූ හඩ දීගෙන
ළන්ද පුරා දුව පැන එනවා....
මේ දරු දැරියන් නොදුටුව දැසින්
එක දරුවෙක් තනිවී එනවා...........
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා....
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉවකෙරුවා.........
මේ විසිතුරු දැක කොතැනක යන්නද.......
පුංචි දෙපා එක තැන රැදුනා.......
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙලුම් රටාවකි තණ ගොල්ලේ.......
නීල කොබෙයි රැල පේළි සැදී හිඳ.......
මුතු ඇහිදියි මදටිය ගාලේ..........
ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ...
තාමත් ඔහු මේ වන නිල්ලේ..........
පොත් පිටු අතරේ නොරැඳෙන දැසින්......
වන වදුලේ අසිරිය දකිනා.....
ගම් දරුවන් මැද මේ දරු පැටියා.....
මගේ නෙතට කඳුලක් නැගුවා.....
ඔහුට මුවාවී...පාසල් යන්නේ.......
මා දැයි නිකමට මට සිතුනා.........
පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
තවත් ගීතයක් තව ටිකකින්.....

මම දන්නව මේ ගීතයනම් මට හිතේ හැටියට කවදාවත් විචාරය කරන්න බෑ.... ඒත් මගේ යාළුවො පී.එම්. මගිනුත් ඉල්ලනව මේ ගීතය දෙන්න කියල... ඔවුන් මොනව කරන්නද ඔවුන් දන්නවයැ කෙල්ලෙ ඔයා මට දීපු ගින්දර ගැන..... හැබැයි ඔයා තමයි මාව මෙතරම් ගීතයට ලං කලේ... ඒකට පිං ඔයාට. පුදුමයි වසර පහක් ළගින් ඉදල ඔබ ගිය අපූරුව... අපි බුද්ධිමත්... බුද්ධිමත්ව අවබෝධයෙන් වෙන්වෙමු.... ඔබ එහෙම කිවුවෙ ඔබවත් මමවත් බුද්ධිමත් නිසා නෙමෙයි.... අපි අපිවම රවට්ටල වෙන්වෙන්න ඕන නිසා සහ ඔයාට මම ගැන වදයක් නොවෙන්න කියල මම දන්නව.... රත්තරං කෙල්ලෙ මම කවදාවත් එහෙම ඔයාට වදයක් වෙනවද....? එහෙම වදයක් උනාද ඔයාට.....? එදත් නෑ... අදත් නෑ.... හෙටත් නෑ නේද....?
ඉතාම සරල වචන උපයෝගී කරගනිමින් අව්‍යාජ ආදරවන්තයෙකු තනිවම තම විරහ වේදනාව විදගැනීම පැහැදිලි කරන ආකාරය පුදුම සහගතයි... මේ ගීත රචකයා විරහව, දුක, වේදනාව, මේ සියල්ලම ඉතාම සියුම්ව නමුත් සුන්දරව රසිකයාට ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවා.. මම අහිංසක මිනිහෙක්.... කාටවත් වරදක් කරපු නැති මට, කවුරුවත් ගැන වැරැද්දක් නොදැකපු මටම වැරදුනා.... ආදරය කියන්නෙ විවධ පුද්ගලයන්ට විවිද විදියට දැනෙන දෙයක් බව ඇත්තයි... ඒත් මේ විදියටනම් හතුරෙකුටවත් දැනෙන්න එපා... ඔයා මාව තනිකරල ගියා.... මගේ හිතේ පුංචිම තැනකවත් පුංචිම තරහක්වත් නෑ.... ඒත් මමත් අනිත් හැම මනුස්සයෙක්ම වගේ ඇට මස් ලේ නහර වලින් හැදුන මනුස්සයෙක්.... මටත් හැගීම් දැනීම් තියෙනවා.... මුළු ලෝකයම ඔයා කියල හිතල, දෙවියන්ටත් වඩා උඩින් මගේ හදවතේ තැන්පත් කරපු ඔයාව මගෙන් වෙන්වෙලා යනඑක දරාගෙන ඉන්න තරම් මට ශක්තිමත් හිතක් නෑ.... ඔයාට වදයක් නොවෙන්න හොරෙන්ම මම මේ දුක විදිනවා....
සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්
හිනැහෙන්න පෙරදා වගේ..
මුමුණන්න වදනක් පෙර සේම ලංවී
මියඇදෙන මතකය වගේ...
මේ ආත්මෙදි ඔයා මගේ ලග ඉන්න අන්තිම මොහොත.... මට මේක දරාගන්න තේරෙන්නෙ නෑ... ආයෙත් ඔයා මගේ ලග නෑ කියල හිතුවම... සොදුරියේ ඔයා යන්න කලින් තව එකම එක සැරයක් අර මගේ ළග වෙනද ඉන්න හුරතල් විදියටම හිනහ වෙනවද...? එකම එක පාරක්.... මට හොදට හිත ඇතුලෙ මතක තියාගන්න.. මේ අහින්සක ඉල්ලීම ඉටුකරනවද... දැන් ඉතින් අපේ ආදර මතකය හුස්ම අරගන්නෙ නෑ... අපි වෙනවෙලා යන්න ඕන කියල ඔයා කියනවනේ.... ඔයාට බැරිද තව එකම එක සැරයක් මගේ ලගට වෙලා ආදරෙන් කතා කරන්න... මොකද මේ අවසාන මොහොතෙදි වෙන්වෙන්න ඕන කියල මගේ හිත නොරිදෙන්න ඔයා කියන්න උත්සාහ කලත්... මගේ පපුවට ඔය එන්නෙ පිහි පාරවල් වැස්සක්....
තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්..
මද සුලගෙ පාවී ගියේ..
සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුනේ..
ඇයි ආදරෙන් හමුවුනේ...
ඔයා ගියා.... යන්නම ගියා.... ආයෙ නොඑන්නම ගියා. දැන් ඉතින් මම එතනම තනිවෙලා... ඔයාට නොදැනෙන්න, වදයක් නොවෙන්න මම දුක්වෙන්නම්.... මමත් ඔබ වගේම මනුස්සයෙක්... මටත් හොරෙන් කදුළු කැට මේ අපි වෙන්වුන බිමට වැටෙන්න පොර බදනවා... සුළගේ පාවෙලා යනව... කමක් නෑනේ... මම කාටත් හොරෙන් මේ තුරු සෙවනෙ ඉදගෙන තනියම නොවැ කදුලු හෙලන්නෙ... කදුළු, සුසුම් මේව පිරිමින්ට ඒ තරම් පුරුදු නෑනේ.... ඉතින් මේ නුපුරුදු දේවල් මම සීමාවක් නැතිව කරනව... මෙහෙම වෙන්න ඇයි කෙල්ලෙ අපි හමුවුනේ... ඇයි මේ කදුල, සුසුම මම මේතරම් ආදරය කල, විශ්වාස කල ඔයාම මට උරුම කලේ....?
අවසන්ව යන මතක හද වේදනාවෙන්ම
සතපන්න ලය මත මගේ..
දිවි මං තලාවේ මා පරදවාලන්න..
ඔබ කිමද මට පෙම් කලේ....
මොනව කරන්නද ඔයා ගියා අහිංසක මාව අතරමං කරල ඔයා ගියා.... මම ලෝකෙට හොරෙන් අඩල, දුක්වෙලා මගේ වේදනාව හදවතේ හිරකරගන්නම්.... ඒත් මට එකම එක ප්‍රශ්ණයක් තියෙනව... අහිතක් නැතිනම් මට උත්තරයක් දෙනවද කෙල්ලෙ... මගෙත් එක්ක තරහ ගන්නෙ නැතිව මට පුංචිහරි උත්තරයක් දෙන්න... මට කොහොමවත් උත්තර නැති ප්‍රශ්ණෙට උත්තරයක් දෙන්න....ඒ ප්‍රශ්ණෙ තමයි....,
දහසකුත් පැතුම් එක්ක ආදරලෝකයක් ගොඩනගල මාව ප්‍රේමයෙන් පරාජිතයෙකු කරල මගේ ජීවිතයෙන්, ආදරයෙන් පාලා යන්නට නම් මුලදී මහමෙරක් තරමට ඔයා මට ආදරය කලේ ඇයි.......?
සමුගන්න මොහොතකට පෙර එක් වතාවක්
හිනැහෙන්න පෙරදා වගේ..
මුමුණන්න වදනක් පෙර සේම ලංවී
මියඇදෙන මතකය වගේ...
තුරු සෙවනෙ මල් අතරෙ වැලපෙන කථාවක්..
මද සුලගෙ පාවී ගියේ..
සුසුමකට ලං වෙන්න කදුලට රිදුම් දෙන්න
ඇයි ආදරෙන් හමුවුනේ..
ඇයි ආදරෙන් හමුවුනේ...
අවසන්ව යන මතක හද වේදනාවෙන්ම
සතපන්න ලය මත මගේ..
දිවි මං තලාවේ මා පරදවාලන්න..
ඔබ කිමද මට පෙම් කලේ....
(පැන්තර් සහෝදරය ස්තූතියි වීඩියෝව සොයා දුන්නට)
...ඒකටම දෙවනි නෑ අපේ sasliit සහෝගෙ විචාරය.. පිස්සු හැදෙනවා.....බොහොම ස්තුති (බොහොම පිං) යාලුවා මෙ ගීතය ලබා දුන්නට...