සහෝ පුලුවන්නම් මගේ පුන්චි කුමාරි එකෙඔ නිදාන කතාව සහ විචාරය දන්න..
එකේ මොකක්දෝ යටි අරුතක් තියනව කියල මට හිතෙනව..
mage wicharaya daanna den ne.akuru wediyi kiyala...ita wada akuru wedi ewa daala thiyenawa meke.....help me

mage wicharaya daanna den ne.akuru wediyi kiyala...ita wada akuru wedi ewa daala thiyenawa meke.....help me
බැරිවෙන්න විදියක් නෑ යාළුවේ.... යාළුවනේ අපේ මේ යාළුවට උදව්වක් දෙන්නෝ.....
වෙන්න පුළුවන් මචං, මොකද Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv කියන මේ ටූ බුලටින් වර්ෂන් එක සපෝට් කරන්නේ එක පොස්ට් එකක් අකුරු 20000ක් වෙනකං විතරයි. දෙකට කඩලා දිපං මචං.......අවුලක් නෑ.........!!!ahema wenna widihak ne![]()
haa tooth crockadileවෙන්න පුළුවන් මචං, මොකද Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv කියන මේ ටූ බුලටින් වර්ෂන් එක සපෝට් කරන්නේ එක පොස්ට් එකක් අකුරු 20000ක් වෙනකං විතරයි. දෙකට කඩලා දිපං මචං.......අවුලක් නෑ.........!!!

mage wicharaya daanna den ne.akuru wediyi kiyala...ita wada akuru wedi ewa daala thiyenawa meke.....help me

මචන් බලාගෙන ගියාම උඹත් අස්සරේ කරපු නැති කෙනෙක් නෑනෙ.මට මෙන්න මේ නෑදෑ කම හැදුනා හැටි පොඩ්ඩක් කියනවද තරහ නැතුව..ප්‍රේමකීර්ති, ඔහු ගේ පවුල් ජීවිතය සහ නිර්මාණ කරනය..........
මචංලා මම මේක දාන්න හිතුවේ මේ ත්‍රෙඩ් එකේ දී ප්‍රේමකීර්ති මහතාණක් සහ එතුමා ගේ පවුල් ජීවිතයේ හැල හැප්පීම් ගැන යම් වැරදි තොරතුරු මම දැක්ක නිසා. ප්‍රෙමකීර්ති මහතානන් ගේ පවුල් දෙකම, පලමු විවාහය සහ පසු විවාහය, මගේ පවුලේ මිතුරන්. (ඒ මිතුරුකමට හේතුව මගේ පියාණන් ගැන දන්න එළකිරියන් දනී යයි සිතමි!) ඇත්තටම ප්‍රේමකීර්ති අංකල් ගේ පළමු විවාහයේ බිරිද දයා ආන්ටි (දයා ද අල්විස්) නම් මේ කියන විදියේ අසම්මත ප්‍රේමයක පැටලී හිටියේ නැහැ. ඇය ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගීත රචිකාවක්. එහෙම දෙයක් තිබුණද කියල හිතා ගනිල්ලා ප්‍රේමකීර්ති අංකල් නැවත නිර්මලා අක්කා සමග විවාහ වෙලා නව පවුල් ජීවිතයක් ගත කලත්, දයා ආන්ටි වෙන් වීමෙන් පසුව තවමත් අවිවාහකව සිටීම තුළින්.
ඇත්තට ම ප්‍රේමකීර්ති අංකල් කුකුල් කේන්ති කාරයා. නමුත් හිතේ පැහැව පැහැව ඉන්නේ නෑ. කියන්න තියන දේ මූණට කිව්වා, ඉවරයි. වරක් අංකල් මොනව හරි හේතුවකට ගෙදරින් අමනාපව ගිය අවස්ථාවක ඇය දුවනිය සමග දින ගණනක් ගෙවු විදිය ඇය පසුව ගෙදර ආ ප්‍රේමකීර්ති අංකල්ට කිව්වා. ඒ සිද්ධිය ඔහු ව කොතරම් ප්‍රලය කලාද කියනව නම් මේ නිර්මාණය බිහි වුණේ ඒ ඔස්සේ. සුරංගි අක්කා සමග ළතැවිල්ලෙන් දයා ආන්ටි ගෙවූ ඒ දින කීපය ගැනයි මේ ගීතය ප්‍රේම් අංකල් පසු කාලයක රචනා කලේ.......

ප්‍රේම් [COLOR=Red]අංකල්[/COLOR] නිර්මලා [COLOR=Red]අක්ක[/COLOR] සහ සම්පත් පුතා
ඇය ඔහුට වඩා සෑහෙන්නට වයසින් බාලයි..........එනිසා ආන්ටි කියන්නට අපේ දිව නැමුණේ නෑ.........තාමත් හම්බ වුණාම අක්කා තමා කියන්නේ........මචන් බලාගෙන ගියාම උඹත් අස්සරේ කරපු නැති කෙනෙක් නෑනෙ.මට මෙන්න මේ නෑදෑ කම හැදුනා හැටි පොඩ්ඩක් කියනවද තරහ නැතුව..
Code:ප්‍රේම් [COLOR=Red]අංකල්[/COLOR] නිර්මලා [COLOR=Red]අක්ක[/COLOR] සහ සම්පත් පුතා

ඒ කියන්නේ පොරත් හිතන තරම් අහිංසක නෑ.ඇය ඔහුට වඩා සෑහෙන්නට වයසින් බාලයි..........එනිසා ආන්ටි කියන්නට අපේ දිව නැමුණේ නෑ.........තාමත් හම්බ වුණාම අක්කා තමා කියන්නේ........
ඕක මොකක්ද බං....සුනිල් මාධව ප්‍රේමතිලක ට අපේ තාත්තා කතා තරන්නේත් සුනිල් අයියෙ කියලා (සුනිල් අයියා අපේ තාත්තාට වඩා බාලයි.....) මම කතා කරන්නෙත් සුනිල් අයියා කියල. සුනිල් අයිය අපි දෙන්නටම කතා කරන්නේ මචං කියලා.........!!!![]()

.(කොටියෙක් නෙ) 

ප්‍රේමකීර්ති, ඔහු ගේ පවුල් ජීවිතය සහ නිර්මාණ කරනය..........
මචංලා මම මේක දාන්න හිතුවේ මේ ත්‍රෙඩ් එකේ දී ප්‍රේමකීර්ති මහතාණක් සහ එතුමා ගේ පවුල් ජීවිතයේ හැල හැප්පීම් ගැන යම් වැරදි තොරතුරු මම දැක්ක නිසා. ප්‍රෙමකීර්ති මහතානන් ගේ පවුල් දෙකම, පලමු විවාහය සහ පසු විවාහය, මගේ පවුලේ මිතුරන්. (ඒ මිතුරුකමට හේතුව මගේ පියාණන් ගැන දන්න එළකිරියන් දනී යයි සිතමි!) ඇත්තටම ප්‍රේමකීර්ති අංකල් ගේ පළමු විවාහයේ බිරිද දයා ආන්ටි (දයා ද අල්විස්) නම් මේ කියන විදියේ අසම්මත ප්‍රේමයක පැටලී හිටියේ නැහැ. ඇය ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගීත රචිකාවක්. එහෙම දෙයක් තිබුණද කියල හිතා ගනිල්ලා ප්‍රේමකීර්ති අංකල් නැවත නිර්මලා අක්කා සමග විවාහ වෙලා නව පවුල් ජීවිතයක් ගත කලත්, දයා ආන්ටි වෙන් වීමෙන් පසුව තවමත් අවිවාහකව සිටීම තුළින්.
ඇත්තට ම ප්‍රේමකීර්ති අංකල් කුකුල් කේන්ති කාරයා. නමුත් හිතේ පැහැව පැහැව ඉන්නේ නෑ. කියන්න තියන දේ මූණට කිව්වා, ඉවරයි. වරක් අංකල් මොනව හරි හේතුවකට ගෙදරින් අමනාපව ගිය අවස්ථාවක ඇය දුවනිය සමග දින ගණනක් ගෙවු විදිය ඇය පසුව ගෙදර ආ ප්‍රේමකීර්ති අංකල්ට කිව්වා. ඒ සිද්ධිය ඔහු ව කොතරම් ප්‍රලය කලාද කියනව නම් මේ නිර්මාණය බිහි වුණේ ඒ ඔස්සේ. සුරංගි අක්කා සමග ළතැවිල්ලෙන් දයා ආන්ටි ගෙවූ ඒ දින කීපය ගැනයි මේ ගීතය ප්‍රේම් අංකල් පසු කාලයක රචනා කලේ.......
මා එක්කලා අමනාපව වී දබර-දූ ගේ තාත්තා එන්නේ නෑ ගෙදර.........
වෙන් වීමෙන් පසුව ළුුවත් දයා ආන්ටි ගේ ඒ වෙන් වීම පිළිබද තිබූ පශ්චත්තාපය සහ ඇත්තටම සිදු වූයේ කුමක්ද යයි ඔබට සිතා ගැනීමට මම ඇය විසින් රචනා කල මෙන්න මේ ගීය මෙහි බහා තබන්නම්. ඇය වරක සදහන් කලේ මේ ඇගේ ආත්ම ප්‍රකාශණය ලෙස......
මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට........
මේ ගීතය උඩුගත කර ඇත්තේ එළකිරියේ පරන සිංදු පකීර් වන sudasingha සොයුරා.......පින් ඒකට......
ප්‍රේම් අංකල් නිර්මලා අක්ක සහ සම්පත් පුතා එක්ක පදිංචි වෙලා හිටියේ අපේ මහ ගෙදරට එහා ගොඩේ. ඒදා ඒ මූසල උදෑසන ප්‍රේම් අංකල්ට වෙඩි තියපු ඒ වෙඩි හඩ මට ඇහුණා. මෙච්චර සංවේදී ව මිනිස්සුන් ගේ දුක දැකපු ඒ මනුස්සයට වෙඩි තියල තිබ්බේ කටට. මෙපමණ සංවේදී මනුස්සයෙකු ගේ කටට වෙඩි තියන්න පුළුවන් විප්ලවයකින් මනුස්සකම ඉතිරිවේද කියන ප්‍රශ්ණය මට ඇතිවුණේ එදිනයි. ඒ දේශපාලන ව්‍යාපාරය සමග මගේ මතවාදීමය අරගලය ඇත්තට ම හට ගත්තේ එදිනයි.
උඹල සමාවෙයල්ලා මට මෙතනට දේශපාලනය ඇදල ගත්තට. හිතේ වේගයටයි මේහෙම ලියවෙන්නේ........නමුත් මට කියාපල්ලා හෘදය සාක්ෂියට එකගව, ප්‍රේමකීර්ති වගේ මන්සුසයෙක් ගේ කටට වෙඩි තියල මරන්න පුළුවන් අසංවේදී දේශපාලනයකින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොන විදියේ විමුක්තියක් ද කියලා.........!!!

මා මේ පලකරන දෙයින් සිත්රිදිවීමක් ඇතිවුනිනම් .... කමත්වා....
යාළුවනි .... මම මේ දේ දාන්න කියල හිතුවෙ ගොඩාක් ඉස්සර ඒත් මට බැරිවුනා.... මොකද මට හොද නිදහසක් තිබුන අද හැමදේම හැම පැත්තෙන්ම හිතන්න...එනිසයි අද මම මේ ඉල්ලීම කරන්නෙ...
මේකයි යාළුවනේ දත් කිඹුලාවේවා... මම වේවා... වෙන කෙනෙක් වේවා... අපි මෙහි දාන විචාරයන් හුදෙක් විචාරයන් පමණයි.... මම දැක්ක සමහරු මගේ, කිඹුලගේ විචාරයන් තර්කයට භාජනය කරනවා.... ඒක හොදයි එහෙම වෙන්න ඕනි...ඒත් මතක තියාගන්න අපි කරන්නෙ අපි දකින දේ... අපේ රසඥතාවයන් ඔස්සේ අපි විදපු දේ ඔබටත් විදවන්න උත්සාහ කිරීමක් පමණයි...... ගීතයක් අපේ හිතට වැදුනොත් ඒ ගීතයේ වචනවලින් කියන අර්ථය කෙරෙහි අප සැලකිළිමත් වෙලා අරුත පසිදලන්නට උත්සාහ කරනවා..... එවිටදි එම ගීතය ගැන ගීතය ලියපු අය , වෙනත් විචාරකයින් , පවුලේ අය , හිතවතුන් කියූ දේවල් කියන්නෙ අපට උත්ප්‍රේරකයක් පමණයි.... එය ධන හෝ රින විය හැකියි.... කරුණා කරල මමත් විශේෂයෙන්ම දත් කිඹුලාත් කරන විග්‍රහයන් ගැන කවුරුවත් කියපුදේවල් ගැන අහල අපිත් එක්ක තර්ක කරන්න එපා.. එක්කෙනෙක් පීඑම් වලින් තර්කයට ආවා.... නමුත් ඔහු තර්ක කරන්නෙ ගීතයන්හි තිබෙන වචන ගැන නොවෙයි එයාට කවුද කිව්වෙ ඔය විදියට නෙමෙයි... ඒ කියපු කෙනා එයාට විශ්වාසයි කියල..... බලන්න එය සාධාරණද... අපිට තවත් ගීතයක් විචාරය කිරීමේ වෙලාව.....
සහෝ ඔයා කිසිම හිත රිදවීමක් ඇති කරගන්න එපා,ඔයාලට එක එක්කෙනා පිඑම් එවපු කතාව දන්නේ දැන්,,මේ වගේ ගැටළු ඇති කරන අයට කියන්න තියෙනේ අනිවාර්යෙන්ම ඇත්ත කතාව හා විචාරය කියන්නේ දෙකක්..අනෙක් කෙනාගේ විචාර වලට තර්ක කරන්න යන්නෙ නැතුව ඒ වෙලාවෙ තමන්ගේ විචාරය ඉදිරිපත් කරන්න..එතකොට විචාර සේරම බලල අනිත් අයට පුළුවන් හරිම විචාරය මොකද්ද කියල තේරුම ගන්න,,,
මා මේ පලකරන දෙයින් සිත්රිදිවීමක් ඇතිවුනිනම් .... කමත්වා....
යාළුවනි .... මම මේ දේ දාන්න කියල හිතුවෙ ගොඩාක් ඉස්සර ඒත් මට බැරිවුනා.... මොකද මට හොද නිදහසක් තිබුන අද හැමදේම හැම පැත්තෙන්ම හිතන්න...එනිසයි අද මම මේ ඉල්ලීම කරන්නෙ...
මේකයි යාළුවනේ දත් කිඹුලාවේවා... මම වේවා... වෙන කෙනෙක් වේවා... අපි මෙහි දාන විචාරයන් හුදෙක් විචාරයන් පමණයි.... මම දැක්ක සමහරු මගේ, කිඹුලගේ විචාරයන් තර්කයට භාජනය කරනවා.... ඒක හොදයි එහෙම වෙන්න ඕනි...ඒත් මතක තියාගන්න අපි කරන්නෙ අපි දකින දේ... අපේ රසඥතාවයන් ඔස්සේ අපි විදපු දේ ඔබටත් විදවන්න උත්සාහ කිරීමක් පමණයි...... ගීතයක් අපේ හිතට වැදුනොත් ඒ ගීතයේ වචනවලින් කියන අර්ථය කෙරෙහි අප සැලකිළිමත් වෙලා අරුත පසිදලන්නට උත්සාහ කරනවා..... එවිටදි එම ගීතය ගැන ගීතය ලියපු අය , වෙනත් විචාරකයින් , පවුලේ අය , හිතවතුන් කියූ දේවල් කියන්නෙ අපට උත්ප්‍රේරකයක් පමණයි.... එය ධන හෝ රින විය හැකියි.... කරුණා කරල මමත් විශේෂයෙන්ම දත් කිඹුලාත් කරන විග්‍රහයන් ගැන කවුරුවත් කියපුදේවල් ගැන අහල අපිත් එක්ක තර්ක කරන්න එපා.. එක්කෙනෙක් පීඑම් වලින් තර්කයට ආවා.... නමුත් ඔහු තර්ක කරන්නෙ ගීතයන්හි තිබෙන වචන ගැන නොවෙයි එයාට කවුද කිව්වෙ ඔය විදියට නෙමෙයි... ඒ කියපු කෙනා එයාට විශ්වාසයි කියල..... බලන්න එය සාධාරණද... අපිට තවත් ගීතයක් විචාරය කිරීමේ වෙලාව.....
දැන් පැයක් විතර තවත් යාළුවෙක් සැදෑ කළුවර ගැන මගෙත් එක්ක ලොකු වාදයක.... දෙවියනි අර්ථය මොක වේවා... දත් කිඹුල මා සමග විචාරය කරද්දි අපි දෙදෙනාම ඇඩුව, කදුලු වැටෙන්නම ඇඩුව... අර්ථය වෙනකක් වුවත් මම ගන්නෙ අර මගේ කදුලු වැටුනු අර්ථය... එතන් සැබෑ ගී විචාරය තියෙන්නෙ... නැතිනම් නාරිලතා පුෂ්ප,ඩැෆඩිල්මල්, ලියතඹරාමල්, ඇපල්මල් වගේ ලංකාවේ ඇසාවටවත් දිකින්න නැති දේවල් ගැන තිබෙන ගීත මේතරම් ජනප්‍රියවෙන්න බෑ...
අපි සාම්ප්‍රදායික ගීත විචාර කලාව බින්ද.... යාළුවනේ,මචංල,ඔන්න ඉතින්,අපේ බාෂාව වගේ වචන අපි දැම්මෙ ඔබ නිසාමයි... මෙය කියවන අපේ යාළුවන් නිසාමයි කරන්නෙ. මෙයිට සාම්ප්‍රදායික විචාරකයින් විරුද්ධ වේදෝයි තිබූ සැකය නිසාමයි මෙය ආරම්භයේදිම මේ ත්රෙඩ් එක දැමූ *ධනුෂ්ක* සොයුරාගෙන් මා ඇසුවේ මෙහි අපි විචාර දාන්නද කියලා...
අනික තමයි සමහර නිධාන කතාවන් තියෙනවා ඔබ දන්නවාට වඩා එහා ගිය ගොඩාක් දේවල් අපි දෙදෙනා දන්නවා ඉතින් අපි ඒ දෙවල් නොදා ඉන්නෙ මෙහි ප්‍රමිතිය සහ අපේ අරමුණ ගැන හිතලා... ඉතින් එවිටදි ඇවිත් අපිත් එක්ක තර්ක කරන්න එපා.... උදා. මාලනී බුලත් සිංහලගෙ ලමයෙක් නැතිවීම ගැන කවුදෝ තරක කරල තිබුන... ඒත් මම ඒ ගැන මුලින් සදහන් නොකලෙ බුලත්සිංහල පවුලේ එකම ඉල්ලීමලු කිසිම විටකත් ඒ දේ මතක්කරන්න එපා කියන එක..... අපි අපිට දැනෙන දේ අපිට හිතන දේ විචාරය කරමු... එකම ගීතයට විචාර 10ක් උවත් කමක් නෑ දාමු.... අපි අපි තර්ක නොකර ඉමු... සංවේදී හදවත් තුලට දැනුනුදේ ඔබටත් සංනිවේදනය කිරීම සදහායි මා සහ අපේ කිඹුල සහෝදරයා උත්සාහ කරන්නෙ.... අනික තමා මම පවා තවමත් ඉගෙන ගන්නේ අපේ කිඹුලා සහෝදරයාගෙන් ඉතින් ඔහුගේ අදහස් තර්කයට ලක් කරන්න ඔහුව තර්කයට ලක්කරන්න එපා... (එක් පුද්ගලයකු එවා ඇති පී.එම්. එකක් නිසයි මා මේදේ සදහන් කරන්නේ ) අවාසාන වශයෙනුත් පුද්ගලයන් 10 දෙනකු එක ගීතයක් දිහා බලන විදිය ක්‍රම දහයක්... එයින් ඔබ තෝරාගත යුත්තේ ඔබට, ඔබේ හදවතට දැනෙන විචාරය මිස .... රහුමාන් කිව්ව, ප්‍රේම කීර්ති කිව්ව, තාගෝර් කිව්ව කියන දේ නොවෙයි.... මොකද ඉන් ප්‍රයෝජනයක් නෑ... ඔබට අවැසි, ඔබට දැනෙනා දේ නොවේද ඔබ ලංකරගන්නෙ....
අවසන් වශයෙන් මට කතාවක් මතක්වුනා............
එක ගමක් පුද්ලගයෙක් අහනවා ගීතයක්.....
නෝ වුමන් නෝ ක්‍රයි
නෝ වුමන් නෝ ක්‍රයි
මොකද්ද ඔය අහන්නෙ
මම මේ බොබ් මාලිගෙ ගීතයක් අහනව... මම මේ අපේ ගෑනිට දැනෙන්න අහන්නෙ මේක.....
වැඩක් නෑ අනේ.... ඔයා බිරිදට ඔහොම කියන්න එපා....
මොකද්ද මම කියන්නෙ....
මම දන්නව ඔය එයාගෙ ලගට ගිහින් කියන්න බැරි කමටට ඔය සාමාවගන්නව නේද ගීතයෙන්...
මොකා.... මොකද්ද ආයෙත් කියන්න බලන්න
ඔයා ඔය අඩන්න එපා.... නො වුමන්... නෝ නෝ වුමන්... දැන් ඇති අඩන්න එපා කියලනේ කියන්නෙ....
තමුසෙට පිස්සුද .. මේකෙන් කියන්නෙ ගැහුනු නැත්නම්, කදුලක් නෑ කියන එක... නෝ වුමන්... නෝ ක්‍රයි...
දෙදෙනාටම තමන්ගෙ මතයට තර්ක කරන්න කරුණු ගොඩායි.... වැදගත් වන්නේ තමන්ගේ අත්දැකීම්, තමන්ගේ දර්ශණයන් අනුව හදෙහි ලැගුම් ගන්නා දර්ශණයයි.....
සමාවන්න මින් ඔබගේ විචාරයන්ට බාධාවක් සිදුවුනි නම්... අදාල නැති දෙයක් මා කතාකලෙහිනම් හැකි ඉක්මනින් රිමූව් කරනට කැමැත්තෙමි...