සොයමි මචෝ......වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවිදේවතාවුන් වන් මිනිසුන් ඇත
sasliit යාළුවා මේ සින්දුවේ නිධාන කතාව දාමුද
ⓣⓗⓘⓝⓚ ⓟⓘⓝⓚගොඩක් හොඳ වැඩක් කට්ටිය ම එකතු වෙලා කරන්නෙ. බොහොමත් ම ස්තූතියි මේ සඳහා දායක වෙන හැමටම. දිගට ම කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
Office එකේ ඉදිද්දි thread මේ එක කියවන්න හරි ආමාරුයි මචන්ලා
ගොඩක් වෙලාවට ඇහැට කඳුලු එනවා..බොහොම අමාරුවෙන් හංගන් ඉන්නේ..
ධනුශ්ක අයියට බෝම ස්තූති මේක නූල පටන් ගත්තට
sasliit සහෝටයි කිඹුල් මාමටයිත් ගොඩක් පින්![]()
![]()











යාළුවනේ.... මා දැන් ගීතයක අරගෙන ආවෙ විචාරය කිරීමටම නොවේ.... ඔබගෙන් පුංචි ඉල්ලීමක් කරන්න... ඒ තමයි මේ අපේ ළමාකාලය වර්තමාන පරපුරට නැතිවීම... ඉතින් කොහොමද කලාකාරයො බිහිවෙන්නෙ.... ඔබ දන්නවද මේ ගීතයෙන් කියන එකදු කරුණක්වත් වර්තමාන ළමා පරපුරට විදින්න හැකියාවක් නෑ.... මට මතකයි මේ අත්දැකීම මා විදි අපූරුව ... ලන්ද, බිම්මල්, ඒ දඩු මංකඩ, දොඹගස්, මදටිය ගාල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගම්මානායක්.... හරි අපි හිතමු ගම්මානය නෑ කියල... ඒත් මෙහි කියවෙන් නිදහසේ ඉගිලෙන කුරුල්ලො වගේ නිදහසේ ඉන්න ළමයින් ඉන්නවද...? පුළුවන්නම් ඔබට ළමයි ඉන්නවනම් මේ ගීතය කියල දෙන්න... කියල දෙන්න මෙයින් කියවෙන ගම්මානය ගැන.... කොතරම් සුන්දරද....? ටිකක් හරි මේ දැගලිල්ල, කැලෑව සමග හාදකම තිබුණු ළමා කාලයක් ඔබට තිබුණ නම් ඔබට හොදින් වැටහෙනව මා පැවසීමට, ඔබට සන්නිවේදනය කිරීමට වෙර දරන්නාවූ හැගීම....
ඉතින් ඔබ-මම වගේම ගම්මානයේ අසිරිය විදපු රචකයාත් මේ දැගලිල්ල තියෙන ළමයින් අතරේ නිහඩව සිටින ළමයෙක් ගැන තමා මේ ගීතයෙන් කියන්නෙ (හැබැයි මමනම් ඒ ළමය වගේ නෙමෙයි අනිත් ළමයි වගේ තමා හිටියෙ... මඩ නාල තමා හැමදෑම ගෙදර ගියේ....) පාසල ඇරිලා හූ කියාගෙන විලාප තියාගෙන ළමයි ටික වෙල පාර දිගේ දුවගෙන එනවා. ඒත් ඒ අතර තමන්ගෙ පාඩුවෙ එන ළමයෙකුත් ඉන්නව.. මේ පැහැදිලි කිරීම හොදටම ඇති. මීට එහා පැහැදිලි කිරීමට තරම් මෙම ගීතය ඔබට නොතේරෙන ගීතයක් නොවේ... නමුත් මා මෙය ඔබ වෙත ගෙන එන්නේ... වර්තමාන සහ අනාගත පරපුරට අත්විදීමට නොහැකි වේයැයි මට හැගෙන කාරනා ටිකක් පැහැදිලි කරන්න......
පාසල් ඇරිල නිදහසේ ලන්ද දිගේ විලාප තියාගෙන ළමයින්ට අද කාලෙ එන්න බෑ... වෙලක නියරක ඇවිදින්න බෑ..... බිම්මල් දැකල නෑ.... තිත්ත පැටවු, ඒ දණ්ඩ දැකල නෑ එහි යන්න බෑ.... ලන්දවල් වල රිංගල අත් පා සීරිලා නෑ.... දොඹගස් නෑ.... නීල කොබෙයියන්ට ගලකින් ගහල පියාඹවල සතුටුවෙලා නෑ.... මදටිය ගාලක් නෑ... මේවත් එක්ක ඉන්නකොට බඩගින්න නොදැනෙන බව දන්නෙ නෑ.... පේනවද යාළුවනේ මුළු ගීතයම අද පරපුරට නෑ නෑ නෑ.... ඉතින් ඔබවත් මේ ගීතයෙන් ඔවුන්ට තේරුම් කරල දෙන්න....
බලන්න යාළුවනේ මේ ගීතය ගායනා කරන අපේ සුනිල් එදිරිසිංහ ශිල්පියා මේ ගීතය විදින අපූරුව... ඔහු ගීතය ගායනා කරන්නෙ ඔබට මට නෙමෙයි ඔහුටමයි.... වෙලාවකට ඇගිල්ල දික්කරල කතාවක් කියනව වගේ... වෙලාවකට ඇස් පියාගෙන... වෙලාවකට ඔහුගේ සිතේ මැවෙන සිතුවම නිසා සිනහරැල්ලක් මුවේ තියෙනව... බලන්න ඔහු ගීතය උපරිමයෙන් විදිමින් ගායනා කරන අපූරුව.......
ඉස්සර මං ගිය පාසල ඇරිලා...
පුංචි පැටව් පෙරහරෙ එනවා.....
හේවිසි ගහගෙන හූ හඩ දීගෙන
ළන්ද පුරා දුව පැන එනවා....
මේ දරු දැරියන් නොදුටුව දැසින්
එක දරුවෙක් තනිවී එනවා...........
ගහකොළ සෙලවී ඔහු දෙස බැලුවා
බිම්මල් හිනැහී හිස වැනුවා....
ඒ දඬු මංකඩ තිත්ත පැටව් රැල
ඔහුගේ සුවඳට ඉවකෙරුවා.........
මේ විසිතුරු දැක කොතැනක යන්නද.......
පුංචි දෙපා එක තැන රැදුනා.......
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙලුම් රටාවකි තණ ගොල්ලේ.......
නීල කොබෙයි රැල පේළි සැදී හිඳ.......
මුතු ඇහිදියි මදටිය ගාලේ..........
ගිනි මද්දහනේ කුසගිනි නොදැනේ...
තාමත් ඔහු මේ වන නිල්ලේ..........
පොත් පිටු අතරේ නොරැඳෙන දැසින්......
වන වදුලේ අසිරිය දකිනා.....
ගම් දරුවන් මැද මේ දරු පැටියා.....
මගේ නෙතට කඳුලක් නැගුවා.....
ඔහුට මුවාවී...පාසල් යන්නේ.......
මා දැයි නිකමට මට සිතුනා.........
පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
තවත් ගීතයක් තව ටිකකින්.....



වැඩේ නැගලම යනව නේද??? මට තව පිටු 10ක් බලන්න තියෙනවා,ඒවා බලල ආයෙත් කමෙන්ට් දාන්නම් දිගටම වැඩේ කරගෙන යන්න..,හුස්ම ගන්නත් බැරි තරම් වැඩ..


මචන්ලා
මට මෙන්න මේ ක්ලැරන්ස් ගේ සිංදු වල නිධාන කතා හරි විචාරයන් හරි තියෙනවනම් දාන්නකො
1. ඈත එපිට හිම කන්දෙන්
2. සඳ එකක් දිනක් තරු හා ගිලී


සිංහල සංගීතයේ තියෙන පුදුම සහගත ගීතයක් මම අපේ යාළුවන්ට දෙන්න හදන්නෙ... රන්බන්ඩා සෙනෙවිරත්න සහ ප්‍රේමසිරි කේමදාසයන් කියන පිරිමින් යුගල එකතුවෙලා දඩාවතේ යන සැමියෙකුට සිය බිරිද දක්වන අහිංසක ස්නේහය ගැන නිර්මාණය කරල තියෙන ගීතයක් තමා මේ ගීතය. ගායනා කරන්නෙ නීලා වික්‍රමසිංහ. අපේ යාළුවො මේ ගීතය වැඩියෙ අහල නැතිව ඇති කියල හිතල තමා මේ ගීතය ඔබත් එක්ක බෙදාගන්න කියල හිතුවෙ. රසවිදල බලන්න යාළුවනේ කොච්චර අහිංසක ඉල්ලීමක්ද මේ බිරිද කරන්නෙ කියල......
මේ ගීතයේ තිබෙන විශේෂත්ව කිහිපයක් තියෙනවා.... පළමු වැන්න තමා පිරිමින් දෙදෙනෙක් කාන්තාවකටත් වඩා හොදින් අසරණ කාන්තාවක්ව තේරුම් අරගෙන මේ ගීතය නිර්මාණය කිරීම.... දෙවැන්න තමා කාන්තාව ඇයටම රහසින් කියාගන්නා ආකරය අපට පිළිඹිබුවන සංගීතයක් හා කටහඩක් පාවිච්චි කිරීම... තෙවැන්න තමා අපට නිතර හමුනොවන මාතෘකාවක් එනම් සල්ලාල සැමියාට එම කටයුත්තට සමාව හා නිදහස දී ඔහුව රැකබලාගන්න බිරිදක් සූදානම් වීම......
බලන්න හවස් වුනා, රෑ වුනා, එළිවෙන්නත් ළගයි ඔයා තාමත් නෑ.... මම දන්නව ඔයා මාව තනිකරල ගියේ කොහෙද කියල... මම ඒව ගැන හිතන්නෙ නෑ... මම ඔයාට වද දෙන්නෙ නෑ... ඔයා ගෙදර එන්න... දන්නවද මම ඔයා ගෙදර ආවම කරන්න ඉන්න දේවල්..... මම දන්නව ඔයා යන දිහා කමක් නෑ... ඔයාගෙ ඇගෙන් දුම් සුවද ආවට මම ඒක ගැන හිතන්නෙ නෑ... නිදිමතේ මහන්සියෙන් එන ඔයාගෙන් ගියේ කොහෙද මොනවද කලේ කියල අහල වද දෙන්නෙ නෑ සත්තයි.....
ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
දැස දුම් වෙලා තිබුනට
මුව තැවරුන දුම සුවදයි
නිදිබර සුසුමෙන් සුසුමට
ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්න
කාන්තවන් තවරන පුයර ඔයාගෙ මූනෙ ගෑවිලා තිබ්බට කමක් නෑ.... ඔවුන්ගෙ කෙහෙරැළි ඔබේ ඇදුම්වල පැටලිලා තිබුනට කමක් නෑ.. මම ඒව ගැන හිතන්නෙ නෑ.... මට නිදිමතක් නෑ. මම ඔයා එනකල් අවදියෙන් මේ ඉන්නෙ.... කෑම බෙදල මම ඔයාට කන්න දෙන්නම්.... ඔයාට ආදරෙන් සළකන්නම්.....
කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...
රෑ තිස්සෙ ඇවිදල ඔයා මැළවිලා ඔයාට මහන්සියිනම් මම ඔයාව බලාගන්නම්. වතුර උණුකරල නාවල හිස පිහදල පීරන්නම්, නිදියනකල් ඔලුව අතගාන්නම්... ඔයා අහිංසක ලෙස නිදාගන්නව බලාගෙන ඉදල මම සැනසෙන්නම්.... සත්තයි මම ඔයාගෙන් වෙන මොනවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ... ඔයාට වද දෙන්නෙ නෑ....
තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න
මම මේ හැමදේම කරන්නම්. හැම සැපම ඔබට ලබාදෙන්නම්... ඒත් මම ඔබගෙන් ඉල්ලන්නෙ හරිම සුළුදෙයයි මම ඉල්ලන්නෙ.... හිමියනි ගෙදර එන්න හිමිදිරියෙවත්....
ඔබ ගෙදර එන්න පහන් තරුවපායන විටවත්
ඔබ ගෙදර එන්න කම්නැත මගෙ කුමරුවනේ
දැස දුම් වෙලා තිබුනට
මුව තැවරුන දුම සුවදයි
නිදිබර සුසුමෙන් සුසුමට
ආගිය තැන් නාසන්නෙමි සංකා නොම ගන්නම්
කම්පා නැත ලිය වත්සුණු ඔබේ වත තැවරී තිබුණට
නාඳුනනා කෙහෙ රෑනක් සළුපිළි අතරේ රැඳුනට
මට නිදිමත නැත කුමරුනි ඔබට බත බෙදන්න...
තෝන්තුවා වෙන්න එපා ගතම මැලවිලා තිබුනට
උනුදිය සනහා පිසදා හිස පීරමි නිදියන විට
තව්සකු සේ සැතපෙනු දැක මට හැක හිනහෙන්න
ගීතය සොයාදුන් තෝමියන් සහෝදරයාට සිය දහස්වාරයක් අපේ යාළුවන් වෙනුවෙන් පින්
මට තේරෙන්නෙ නෑ... මෙහෙම පිරිමින්ට හිතක් පපුවක් නැද්ද කියල... ඒත් මෙහෙම පිරිමි ඉන්න බවනම් මම දන්නව.... ගැහැණිය වැද වැද කිවුවත් ගැහිනියට පයින් ගහල වෙන ස්ත්‍රීන් වෙත යන පිරිමි අනන්තවත් ඉන්නව... කොහොමද යාළුවනේ ගීතය... පවුනේද මේ අසරණ බිරිද.... අහල තියෙනවද මේ ගීතය....? කමේනට්ස් දෙන්න බලන්න....

සිංහල පරණ ගීත වලට මම ගොඩක් ආසය්. ඒවගේ තේරුම් හොයන්න මම පොඩි කාලේ ඉඳං දොඩක් ආස කළා. මම දැන් දවස් තුනක් තිස්සේ කියවලා අද තමයි මේ නූල කියවලා ඉවර කලේ. කමෙන්ට් එකක් වත් දාන්න බැරිවුනාට සමා වෙන්න. මොකද එච්චර ආසාවෙන් මම මේක කියෙව්වේ. කියන්න ලජ්ජය් මම දවස් දෙකක් ඔෆිස් එකේ වැඩ කලේ නෑ. මමත් පුළුවන් හැම විදියකින්ම මේකට උපරිම දායකත්වය දෙනවා. සස්ලිට්, කිඹුලා සහ ධනුෂ්ක ගැන හරිම ආඩම්බරය්. මොකද අද කාලේ ගොඩක් ඉන්නේ සමාජයට දෙයක් දෙන අය නෙමෙයි. සමාජයෙන් කඩා වඩා ගන්න අය. එහෙම අය අතරේ උබලා අදහන්න වටිනා මිනිස්සු. මනුස්ස කියන්නේ මනසින් උසස් කියන එක. අන්න එක උබලා වගේ අයට හොඳින් ගැලපෙනවා. හැමදෙයක්ම නැතිවෙලා පිරිහිලා යන කාලෙක ඒ දේවල් රැක ගන්න තමන්ගේ කාලය ශ්‍රමය වැය කරන උබලා පෙරාපු රත්තරන් වගේ. ඒ වගේම මේ නූල සඳහා උදව් කරපු අනිත් හැමෝමත් සෙනෙහසින් සිහි කරනවා. මේක නවත්තන්න එපා. මම වගේම බොහෝ දෙනෙක් හදවතින්ම මේකට බැඳිලා ඉන්නවා. හැමෝටම ජය!
මම හිතුව ඕනාවට වඩා සී බාත් යනකොට![]()



ඔව්..සුදත් ගාමිණි බණ්ඩාර ඔහුගේ නම..දිවුල්ගනේ ගේ "හන්තාන දෙසින් එන " සින්දුව ලිව්වෙත් මොහු..........
http://www.mediafire.com/?gznd2j2zhz2