එළකිරි භූත කොටුව.........

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,504
    399
    83






    තෝ වගේ මෝ..... මූ..... ගො..... හර.....:angry::angry::angry:


    රෙබොට් අයියාගෙ ලෙංගතු ආමන්ත්‍රණේට ගොඩක් පිං, ඇත්තටම මාර හයියක් හිතට දැනෙන්නෙ ඒ වගේ වචන ටිකක් අහද්දි..
    තෑංක්ස් ඒ ෆීලින් එක දුන්නට..

    අහ්,, බො යන්නද තියෙන්නෙ මැද?? මෙච්චර කල් රොබට් කිය කිය කොල්ලො පස්සෙන් ආවම දන්නෑ වගේ හිටපු ‍එකා
    මං අරෙහෙම කීයනකං ම හිටිය නෙහ් නම මේකයි කියන්ඩ.. :P

    අඩේ මොකක්ද බං ඒ පට්ටම?? ර.බ.හු??
    හු නං හිතා ගත්තෑකි, ර.බ කියන්නෙ ගෑනු බබාගෙ නමේ මුලකුරුද?

    එළ එළ අයියා,, සොරි කතාව පිට යැවුවට,,
    ගර්ර්.. කතා නං අහපුව තියෙනව අම්බානක ඉතිං, හැබැයි ඉතිං කොච්චර උනත් මම මූණ නොදීපු නිසා කවුරු කිවුවත් මට සැකයි,, :frown:



    රොට් අයියා රොබොට් නමින් පොෂ් වෙයි :lol:

    :lol::lol::nerd:

    එහෙනම් ෂුවර් එකටම උඹ කුරුණෑගල පොරක් ;)

    හි හි,, ඕන් බලාපල්ලා,, රට
    රට පුරා පතලයි මේ නම..


    යේස් මචං.. ;)
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    399
    83


    ඔය මට කෝල් එක ආවේ අපට හිටිය ජනප්‍රිය ලේකකයෙකුගේ ප්‍රසිද්ධ දොස්තර පුතෙකුගෙන්.........

    ම්.. මේ අර ගොලුවෙක්ගෙ මොකක්දෝ ගැන ලියපු මහතැන්ද???
    එහෙමත් නැත්තං ගමක් පෙරළෙන සීන් එකක් ගැන කියන්න හදපු කෙනාද? :rolleyes::rolleyes:

    හරි හරි ඕන එකක්,, මොන පයන්නටද අළු මුට්ටිය ඩිකි අස‍්සෙ ගහන් නැටුවෙ? :rofl:

    හොල්මන් සීන්ස් ටිකත් දාපියෝව්....
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලෙකින් මුකුත් කිව්වේ නැති හින්ද ලියන්න කියල හිතුව ඉතින්. නැත්තම් රොබෝට් තරහ වෙනවනේ . එත් ඉතින් හොල්මන් යක්කු බූතයෝ,කඩෙන් ගෙනල්ල ලියන්නද දෙයියනේ. මේක හොල්මන් කතාවක් නෙවෙයි. මට සිද්ද උන අත්බූත සිදුවීමක්.

    සිද්දිය මේකයි. මේක සිද්ද උනේ 2001 අවුරුදේ. දවස ඉරිදාවක්. ඉරිදට ඉතින් කට්ටියට කැසිල්ල වගේනේ අතේ තියෙන තුට්ටුදෙක කුඩුකරගත්තේ නැති උනාම. සතියේ දවස් 5 මැරීගෙන වැඩ කරපන්. හවසට සෙට් උනොත් හීනියට දෙකක් දාපන්. සෙනසුරාදා රෑට හොඳට බීපන්. ඉරිදට රවුම් ගහපන්. ඕකනේ ඉතින් සාමාන්‍ය රටාව. ඔන්න ඉතින් ඉරිදා උදේම එකෙක් අමතනවා උණවටුනේ නාන්න යන්න ඕනෙලු. මුන් හරියට කතාකරන්නේ උන් මට පඩි ගෙවන ගානට. යන්න ඕන කිව්වොත් ඉතින් යන්නම ඕන. මොකද උන්ට යන්න වහනයක් නැති හින්ද මගේ වැන් කටුව හරියට උන් අරන් දුන්න හා සමානයි. කරුමෙට එදා වාහනේ හයර් එකක් ගිහින්. එත් ඉතින් මුන්ගෙන් කොහොම බේරෙන්නද. ඔන්න ඉතින් හිතවත් අයිය කෙනෙකුගෙන් වැන් එකක් ඉල්ලගත්ත. හැබැයි එක කොන්දේසියක් උඩ. හවසට එයාගේ වාහනේ ටිකක් එහා තියෙන නගරෙකට අරන් ගිහින් එයාගේ යාලුවෙකුගේ විකුනන්න තියෙන වහනෙක ආලෝ වීල් 4 මේකට දාගෙන මෙකෙතියෙන වීල් 4 එකට දාල එන්න ඕන. ඔන්න ඉතින් දෙල් එක හරි. අපි ඉතින් ගිහින් උණවටුනේ නාල කරලා හවස් වෙද්දී ආව මේ රෝද මාරුකරන වැඩේට. උණවටුනේ ඉඳන් පැය 2 ක් විතර දුර යන්න ඕන. (ලංකාවේ දුර මනින්නේ විනාඩි වලින්නේ මචන්ලා) ඔන්න ඉතින් ඇවිත් වාහන දෙකම අරන් අව ටයර් කඩේකට. ඇවිත් වැඩේ පටන් ගත්ත විතරයි මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්. ඒ කාලේ ඉතින් motorola one touch ezy කියන ෆෝන් එක තමයි එලම ලූක් එකක් තියෙන ෆෝන් එක. ඔයින් එකෙක් තිබුන මගේ යාලුවෙක් ළඟ. ඌට ජොබක් නැති උනාට ෆෝන් එකනම් ලංකාවට ෆෝන් අපු දවසේ හිටන්ම තිබුන. ඕකට තමයි මට ගෙදරින් කෝල් එක අවේ. ගෙදර පොඩි කරදරයක්. මගේ නෑයෙක් (තාත්තගේ අයිය) අසනීප වෙලා පැත්තක් පනනතිවෙන තත්වෙට ඇවිත්ලු. එකපාරටම මේ හොඳට හිටපු මනුස්සය. ගමේ ඉස්පිරිතාලෙට ඇතුල් කරලා. දැන් එතනින් ලොකු ඉස්පිරිතාලෙකට යවන හදනවලු. එයා මාව අහනවලු එන්න කියන්න කියනවලු. මොකද මගේ මේ ඥාතිය මට හරිම ආදරෙයි. එත් ඉතින් මේ රෝද ගලවපු වාහනේ කොහොමද දෙයියනේ එක පාරටම යන්නේ. ඔන්න අනික් වාහනේ රෝද ටික මාරුකරගෙන උන් යන්න ගියා. මේ වාහන දෙකම එකම ජාතියේ ඒවා හොඳේ. දැන් ඉතින් ඔලුවත් අවුල් වෙලා යන්නත් හදිසි හින්ද අපි කට්ටියත් වැඩේට බැහැල රෝද 4 හයි කර. හයි කරලා වාහනේ යන්න පිටත් වෙන්නයි දැන් සුදානම. මොන යමක්ද දෙයියනේ වාහනේ හොලවන්නවත් බැහැ. වාහනේ ස්ටාට් වෙනවා. එත් ගියර් එක දාල ඉස්සරහට යන්න හදකොට වාහනේ ගල් ගෙඩියක් වගේ ගල් වෙනවා. හොලවන්නම බැහැ. දැන් ගෙදරිනුත් කෝල් වල නොකැඩි එනවා ඉක්මනට ඉන්න තැනකින් වර කියල. එත් කොහොම යන්නද. මේ මගුල හොලවන්න බැහැ මේ හොඳට අපු වාහනේ. දැන් අපිට හිතෙන්නේ රෝද 4 මොකක්හරි ප්‍රස්නයක් ඇති කියල අලුතෙන් හයි කරපු. එත් මචන්ලා එකම ජාතියේ වාහන දෙක. එකම රීම් සයිස් එක. මේක කොහොමද වෙන්නේ හිතපල්ලකො. ඒ වාහනේට හරියනවනම් අයි මේකට හරි නොයන්නේ .? දැන් ඉතින් කරන්න දෙයක් නැති හින්ද දුන්න කෝල් එකක් අනික් වාහනේට අයෙත් එන්න මේ රෝද 4 හිරවෙනවා කියල. ඔන්න ඉතින් පැයක් විතර යනකොට උන් අපහු ආව. එතකොට ටයර් කඩේ වහල දැන් කරුවලත් වැටිලා. මොනවා කරන්නද මචන්ලා. පවතින තත්ත්වේ හැටියට හැකි ඉක්මනින් ගෙදර යන්න ඕන. වාහන දෙකේ ජැක් දෙකෙන් හැකි උපරිම ඉක්මනින් රෝද 8 නැවත මාරු කරා. කොහොම හරි පැය දෙකක් විතර ගමන ප්‍රමාද උනා. මාරුකරලා බැලුව දැන් මුකුත් ප්‍රස්නයක් නැහැ. මෙන්න වාහනේ යනවා බබා වගේ. ඔන්න මචන්ලා හැකි උපරිම වේගෙන් කොල්ලෝ සෙට් එකත් එක්කම කෙලින්ම ගෙදර. ආව නෙවෙයි ඉගිල්ලුනා කීවොත් නිවැරදියි. ඇවිත් ගෙදර වාහනේ නවත්තල ගෙදරට ගොඩවෙනකොටම තාත්ත කෝල් කරලා අම්මට කිව මගේ අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියපු එයාගේ අයිය නැති උනා කියල. (මැරෙනකම්ම මාව අහල තිබුනලු). දැන් ඉතින් මොනවා කරන්නද මම අම්මවත් එන්න පිටත් උනා තාත්තගේ මහ ගෙදරට (මගේ ගෙදර ඉඳන් විනාඩි 10 විතර දුර). ඒ කියන්නේ මගේ ආච්චි ඉන්න ගෙදරට කොල්ලෝ සෙට් එකත් එක්කම තමයි අවේ..(උන්ට හෙන ෆන් ඉතින් දැන් නොමිලේ ෆන් එකක් ගන්නනේ තියෙන්නේ මළගෙදර ඉවරවෙනකම්ම) මේක කියවන අයට මම නැවත කියනවා මේ ලියන්නේ 100% ක් සත්‍ය සිදුවීමක් කියල. මම මගේ ආච්චි ගේ ගෙදරට එනකොට මගේ ආච්චි (4 පෝයටම සිල් ගන්න ඉතාමත්ම හොඳ සෞක්‍ය මට්ටමක හිටපු කෙනෙක් මගේ ආච්චි. වයස ඒ වෙද්දී 80 ක් විතර වෙන්න ඇති. එත් ඇස් කන්නාඩි නැතුව පත්තරේ බලන මට්ටමේ හිටිය.) ඉස්සරහ ඉස්තෝප්පුවේ පඩිය උඩ අඬ අඬ ඉන්නවා. එයාගේ ලොකු පුතා තමයි දැන් මොහොතකට කලින් නැති උනේ. ආච්චි මාව දැක්ක ගමන් නැගිටලා ඇවිත් මගේ ලඟට ආවා ඒ එනකොටම ආච්චිට සිහි නැතුව ගියා. මම පැනල ආච්චිව වැටෙන්න නොදී අල්ලගත්ත. ඒ එක්කම ආච්චිව උස්සල අපි ඇඳෙන් තිබ්බ. ආච්චිලගේ ගෙදර ළඟ ඉන්නවා අපේ ඥාති වෙන නර්ස් කෙනෙක්. එයත් මේ වෙලාවේ මෙහෙට ඇවිත් උන්න . මලගේදරක් උනා හින්ද විනාඩිය දෙක යනකොට අහල පහල උදවිය එනවනේ ඉතින්. මේ කියන නර්ස් අක්ක ආච්චිගේ තත්වේ බලල මට කීව මල්ලි ආච්චිව ඉස්පිරිතාලේ ඇඩ්මිට් කරන්න එයාගෙත් තත්වේ ඒ තරම් හොඳ නැහැ කියල. ඒ වෙද්දී ආච්චිට සිහිය එමින් තිබුනේ. කොරේ පිටට මරේ කීවලු. දැන් ඉතින් මක් කරන්නද අපි ඉක්මනින් ගමේ ඉස්පිරිතාලෙට ආච්චිව ඇතුල් කරා. ඉතින් ඩොක්ටර් බලල මට කතාකරල කීව ටිකක් බලමු කියල. එත් ඩොක්ටර් මොකක් නමුත් වසන් කරන ගතියක් තිබුන. කොහොමහරි පැය බාගයක් විතර යද්දී ආච්චිට සිහිය ආවා. එත් එයාගේ පුතා නැති උනා බව එයාට මතක නැහැ. ටික වෙලාවක් යද්දී නැති උනා ඥාතියාගේ මරණේ මෝචරි දාල මගේ තාත්ත ඇතුළු කට්ටිය ආව මේ ඉස්පිරිතාලෙට ආච්චිව බලන්න. ආච්චි තාත්ත දැක්කම ඇහුව අයියට මොකද පුතේ කියල. ඒ කියන්නේ ඒ වෙද්දී ආච්චිට පරණ මතකේ තිබුනේ නැහැ කියල එකයි. දැන් එකෙක් මැරිලා ඉද්දි අපිට මෙතන තවත් බලන් ඉන්න බැරි තැන මම ගිහින් ඩොක්ටර් ගෙන් ඇහුව දුර තියෙන ශික්ෂණ රෝහලට ආච්චිව අරන් යන්නද කියල. ඊට අස්සේ ඩොක්ටර් මට පැත්තකට කතා කරලා කිව්වා මේ ලෙඩාගේ හදවත වැඩකරන්නේ නැහැ එත් ලෙඩා කතා කරනවා. එයටත් මේක මහා පුදුමයක් . ඔයාලට ඕනෙනම් ලෙඩ මහා ඉස්පිරිතාලෙට අරන් යන්න එත් වැඩක් වෙන්නේ නැහැ කියල. දැන් ඉතින් මොකද කරන්න දෙයියනේ. දැන් මම විතරයි මේ කතාව දන්නේ. මේ අතරේ මගේ තාත්තගේ මල්ලි (මගේ බාප්පා) ටිකක් දුර ඉන්නේ (ආච්චිගේ දරුවන්ගෙන් එයා විතරයි දැන් මෙතන නැත්තේ). එයාගේ නෝනත් දොස්තර කෙනෙක්. එයාල මට කතා කරලා කීව එයාල මග එනවා ඉක්මනින් ආච්චිව අරන් යන්න කියල ශික්ෂණ රෝහලට. කට කියන්නද මචන්ලා දැන් මේක. එකෙක් මැරිලා. තව එකෙක් හොඳට කතාකරනවා. එත් අවසිහියෙන් වගේ. දොස්තර කියනවා එයාගේ පපුව නැවතිලා කියල. කියවන උදවියට න්හිතගන්න පුලුවන්ද දැන් මම ඉන්න තත්ත්වේ. කරන්නදෙයක් නැහැ කැමැත්තෙන් ටිකට් කපන අරන් යනවා කියල මම අත්සන් කරලා ආච්චිව දාගත්ත වාහනේට. අද වගේ මතකයි. වේ 11 පහු ඇති වෙලාව . අයෙත් විදුලි වේගයෙන් 40 km එහා තියෙන ශික්ෂණ රෝහලට. බොක්කේ යාලුවෙක් තමයි සේලයින් එක උස්සගෙන අතින් අල්ලන් උන්නේ. අද උ ලංකාවේ ලොකු ටයිල් කොම්පැනියක ලොක්කෙක්. කොහොමහරි අපි හැකි ඉක්මනින් ආච්චිව ශික්ෂණ රෝහලට ඇතුල් කරා. එකේ ඉන්න දොස්තරලා ඔක්කොම වගේ ඇවිත් මේ අරුම පුදුම ලෙඩා බැලුව. හදවත නැවතිලා. එත් ලෙඩා කතා කරනවා. මේ අතරේ ආච්චිගේ බාල පුතත් ආව මෙතනට. එයා ඇවිත් පැය බාගයක් ගියේ නැහැ ආච්චි බඩ රිදෙනවා කීව. ඒ වෙද්දී බාප්පා දැනගත්ත එයත් යන්න කියල හදන්නේ. බාප්පා රතනසූත්රේ කියන්න ගත්ත. විනාඩි 2 ක් වගේ යද්දී ආච්චි නැති උනා. එක ගෙදර මරණ දෙකයි. එකම දවසේ. මොනවා කරන්නද ඉතින්. ජීවිතේ මෙහෙම තමයි. ආච්චි කොයි වෙලෙත් කීව කතාවක් තමයි එයාගේ දරුවෙකුගේ මරණයක් බලන්න එයා ජීවත් වෙන්නේ නැහැ කියන එක. එක එහෙමම සිඉද උනා. එයාගේ දරුවාගේ මරණේ එයාට බලන්න උනේ නැහැ. අපේ පැතිවල කෙනෙක් මරුනහම මරණ නැකතක් කියල එකක් හදනවා. එකට අනුව තමයි මරණේ වැඩ කටයුතු කරන්නේ නැකත් වලට. ලොකු අප්පච්චිගේ මරුන වෙලාව දුන්න ගමන් නැකත් හදන කෙනා කීව ගෙදර කට්ටියට පරෙස්සම් වෙන්න කියල. ගෙදර තව එක්කෙනෙක් මරෙනවමයි කියල. පෙට්ටියේ ගම බිත්තරයක් තියන්නත් කිව්වා. එත් ඉතින් අපි මොකට පරෙස්සම් වෙන්නද ඒ වෙද්දී දෙවැනි කෙනත් මැරිලා ඉවරයි. මම අදටත් විස්වාස කරනවා වාහනේ රෝද මාරුකරපු වෙලාවේ වාහනේ ගල් උනේ මගේ ආරක්ෂාවට කියල. මොකක් නමුත් නොපෙනෙන බලවෙගේකින් මාව පැය දෙකක් එතන හිර කරලා තියාගත්තා. එක තමයි අත්බූත සිදුවීම් පලවෙනි එක මේ කතාවේ. අනික තමා හදවත වැඩ කරන්නේ නැතුව එයාගේ බාල පුතා දකිනකම් ආච්චි මැරෙන්නේ නැතුව හිටපු එක. මේ දෙකම මෙහෙම උනේ අයි කියන්න අදටත් මට උත්තර නැහැ. වගකීමෙන් නැවතත් කියනවා මේ සිදුවීම 100% සත්‍ය සිදුවීමක්. මරණ දෙකම එක ගෙදර එක ළඟ තියල එකම චිතකයක දෙන්නම ආදාහනය කරලා අපි අවසන් කටයුතු කරා. කොල්ලෝ සෙට් එක තෝරන් ගහල ගොඩක් මහන්සි වෙලා ලොකු දායකත්වයක් සැපයුවා මගේ ලඟින්ම ඉඳල. මේ සිදුවීම කොටද්දී ඒ දවසේ දැනුන හිත අමාරුව අයෙත් දැනෙන්න ගත්ත. ඒ දවසට ගිය වගේ. මේක කියවන හිතවතුන්ගෙන් ඉල්ලසිටිනවා මගේ මියගිය ඥාතීන් දෙදෙනාට අපහස කරලනම් කමෙන්ට් දන්නා එපා කියල. බූත කොටුවට නොලිය බැරි හින්දම ලීවේ. නැත්තම් කීයටවත් මේ කතාව ලියන්නේ නැහැ. මේක ලියල හිත අමාරුව අලුත් උනා අවුරුදු 10 ට පස්සේ.

    බූත කොටුවට ජයවේව.:love::love::love:
     
    Last edited:
    • Like
    Reactions: sandun36

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    එම්බා හොරිකඩය:baffled::eek:..... බලපිය පලවෙනි ත්‍රෙඩ් එකේ ඉඳල මගේ නම රොට් රොබොට් ද තියෙන්නේ කියලා!!

    එදත් පොශ් අදත් පොශ්, :P:lol::rofl:

    :frown:රොබොට් අයියා.

    ඒ කලේ ඔය රබ්බොඩ අයියා ඇහෙමත් නැත්තම් (ඒ කියන්නේ රා බිල බඩ ලොකු උන රා බඩා). කියන නම තමයි කාලයාගේ ඇවෑමෙන් රබ්බොඩ අයියා උනා . පස්සේ ලංකාවට සුදු ජාතිකයන්ගේ බලපෑමත් එක්ක ඕක රොබෝට් උනා දැන් එක තවත් පොෂ් වෙනවා රොබට් කියල .:rofl:

    ඕන මට වින කටිනවා එකේම නොවේ මේවා හෙළි කර කියල . :P:P
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    අත්දැකීම බෙදාගත්තට ස්තූතියි..........

    මෙන්න මේක නම් පට්ටම එකක් අපේ අම්ම කිව්වේ.
    මගේ අම්ම පොඩිම කාලේ ඒ කියන්නේ අවුරුදු 13 වගේ කාලේදී වුන සිද්ධියක්. මගේ අම්මගේ තාත්තා ඒ කියන්නේ සීයා ඒ ගමේ ආරච්චි මහත්තයා. ............................................
    අමු තිත්ත කුණුහරුප කියාගෙන ඒ සද්දේ තියෙන පැත්තට එලෙව්වාලු. "තොපි මට මේ පෙට්ටිය දුන්නේ ආයේ ගන්නද" කියල:rofl::rofl:
    ඊට පස්සේ ඒ සද්දෙත් නැවතුනාලු. ආයේ ඒ සද්දේ ආවේ නෑලු.:rolleyes::rolleyes:


    ඕන් පටන්ගත්ත ස්තූති කතාව කරන්න:)....... කමෙන්ට්ස් දාපු උන්ගේ ටැබ්ස් බරගානක් ඇරගත්ත..... දැක්කහම බඩ පපුව පත්තුවෙනව:baffled:...... සෙකට්‍රි නංගියෙක් ඇප්ලයි කරපියෝ:love::love:........

    මට මොන වැඩ තිබුනත්, භූත කොටුවට උඹල හිත සන්තෝසෙන් කොටල යන දේට රිප්ලයි දැම්මෙ නැත්නම් හිතට නිකන් මොකක්ද වගේ:yes:......... මොකෝ ත්‍රෙඩ් එක බලල අමාරුවෙන් වචනයක් දෙකක කොටන්න හිතට එන්නෙ ත්‍රෙඩ් එකට තියෙන ආදරේට හා කැමැත්තට කියල මම දන්නව:love::)......... ආයෙත් ස්තූතියි ඔක්කෝටම.......

    ඕන් එහෙනම් කොනක ඉඳන් පටන්ගත්ත..........



    අත්දැකීම බෙදාගත්තට ස්තූතියි..........:) මට උඹේ අත්දැකීම් වලට කමෙන්ට් කරන්න මගහැරුනට මම බලන් හිටියේ ........ උඹ ගොඩක් මහන්සියෙන් භූත කොටුව පුරවනව:).......... මම ඇරපු ටැබ්ස් ගොඩක උඹේ අත්දැකීම් තියෙන්නේ.......... ඒ හැමදේටම ස්තූතියි:)........ පරක්කුවෙලාහරි ඔෆීශලි භූත කොටුවට ආදරෙන් පිලිගන්නව:cool:;)......

    යකුනේ...... මුගේ අත්දැකීම් බලල මාරුවෙලා යන් නැතිව කමෙන්ට් එකක් දාල, දිරිගන්වන්න රෙප්+ දීල පලයල්ලා:yes:......

    :frown:රොබොට් අයියා


     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    රොබොට් අයියේ ලියපන්කො බන් කතාවක්.. දැන් යන කතා වලට බය කෙසේ වෙතත් හිනා යනවා. :oo:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    සැර අත්දැකීමක් ඊලඟට දාන්නම්.......

    රොබොට් අයියේ ලියපන්කො බන් කතාවක්.. දැන් යන කතා වලට බය කෙසේ වෙතත් හිනා යනවා. :oo:


    උඹ හිනායනව කියන්නේ මගේ අන්තිම අත්දැකීම කියවල වෙන්න ඇති:dull:........ ඇත්තටම ඒක කියවල මටත් හිනා:rofl:........ මතකතියාගනින්.....මේ ත්‍රෙඩ් එක බය වෙන්න විතරක් දාපු එකක් නෙමෙයි....... මට මේකෙන් උඹලට පනිවිඩයකුත් යවන්න ඕන:yes:........ මම මේ දාන සමහර අත්දැකීම්, මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ වැරදුන තැන්.....:( ඉතින් මේව කියවල ඔය වැරදි කරන් නැතිව ඉන්න බලන්න:dull:...... දැනට ප්‍රශ්ණ තියෙන උන් මේව කියවල තමුන්ට වැරදුන තැන් කල්පණා කරල බලල ප්‍රශ්ණ නැතිකරගන්න:yes:............
    මට එන පි.එම්. බැලුවහම මිනිස්සුන්ට ප්‍රසිද්දියේ කියාගන්න බැරි මාර ප්‍රශ්ණ තියෙන්නේ...... ඉතින් මේව කියවල ජීවිත පාඩම් ඉගෙනගෙන පුලුවන් තරම් මේ අද්බූත ප්‍රශ්ණ දාගන්නැතිව සතුටින් ජීවත් වෙන්න බලන්න:)......
    සැර අත්දැකීමක් ඊලඟට දාන්නම්....... දැනට මේ යන විදියට යං;).......

    අනික් දේ......

    භූත කොටුව කියවන අවුරුදු 25 ට අඩු උන් මේක කියවන්නේ උ
    ලගේ වචනෙන්ම කියනවනම් "ආතල් එකට"........ උන්ට මේකෙයි රුපියල් 50ක් දීල බලන හොරර් ෆිල්ම් එකෙයි වනසක් තේරෙන් නෑ...... මොකෝ ජීවිතේ හැම දුකක්ම උඹලට පෙන්නන් නැතිව කරගහන් යන්නේ උඹලගේ දෙමාපියන් නිසා...... ඒත් බැඳල පවුල් බර දැනෙනකොට....... උඹල උඹලගේ අම්මගෙ තාත්තගේ රෝල් එක කරගෙන යනකොට....... මේ ත්‍රෙඩ් එක කියවන්නේ කියාගන්න බැරි දාහක් ප්‍රශ්ණ වලට උත්තර හොයාගන්න හරි, ඉස්සරහට වරද්ද නොගන්න හරියි........ ඕකයි මේ ත්‍රෙඩ් එකේ මට පේන යතාර්තය....... :yes:


    රියැලිටි එක සැර වැඩිදත් මන්දා.....:baffled: ඒත් ඉතින් ඕක තමයි ඇත්ත......;)

    :frown:රොබොට් අයියා........

     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙන්න මේක නම් පට්ටම එකක් අපේ අම්ම කිව්වේ.

    මගේ අම්ම පොඩිම කාලේ ඒ කියන්නේ අවුරුදු 13 වගේ කාලේදී වුන සිද්ධියක්. මගේ අම්මගේ තාත්තා ඒ කියන්නේ සීයා ඒ ගමේ ආරච්චි මහත්තයා. ගමේ හැමෝම හුඟක් සලකනවා. ඔන්න ඉතින් ඒ ගමේම හිටිය ඒක වඩු වැඩ කරන මනුස්සයෙක්. එයාගේ නම සයිමන්. මිනිහ ළඟ තිබ්බ ආයුධ පෙට්ටියක්. එකේ තියෙන්නේ, අඬු, මිටි, ඇණ සහ බුරුම වගේ දේවල්. තව එකේ ආයුධ වර්ග 200 විතර තිබිල තියෙනවා. මිනිහත් ඒකට පණ මෙන් ආදරෙයි. ඒත් මිනිහ වයසයි. මැරෙන්නත් කිට්ටු වුනා. ඉතින් මිනිහ තීරණය කළා ඒ ආයුධ පෙට්ටිය මගේ සීයට දෙන්න. එයාට දරුවෝ නෑ මගේ හිතේ. ඔන්න ඉතින් සීය ඒක බාරගත්ත කියමුකෝ. ඊට පස්සේ මිනිහ මැරුණා. ආයුධ පෙට්ටියට එයා ආසයි මොනවා වුනත්.

    ඔන්න දවසක් දා රෑක කට්ටියම බුදිය ගෙන ඉන්නකොට සීයාගේ ගෙදර ඉස්සරහ සද්දයක් ඇහෙනවා කවුදෝ කෙඳිරි ගානවා වගේ , මහ මූසල විදිහට. ඒ මදිවට ඒ සද්දේ එහාට යනවා මෙහාට යනවා. හරියට මිනිහෙක් යමක් යදිමින් ඇවිදිනවා වගේ. ඒ සද්දේ විනාඩි පහලවක් විතර තිබ්බලු.
    උඹල හිතයි ඒ සතෙක් කියල, ඉතින් මොන සතාද බං එකම ගෙදර ඉස්සරහ කෙඳිරි ගගා එහාටයි මෙහාටයි ඇවිදින්නේ. අනික ඒ වැඩේ කොල්ලෝ ටිකක් අපිව රවට්ටන්න කරපු දෙයකුත් නෙවෙයි, මොකද මේ කට්ට කරුවලේ කවුද ඔය වැඩ කරන්නේ? අනික අපේ සීයා ආරච්චි, හරි සැරයි. එයත් එක්ක කවුරුත් සෙල්ලන් කරන්න එන්නේ නෑ.

    ඔන්න ඉතින් මේ සද්දේ විනාඩි පහලවක් එහෙම තියෙනකොට, බැරිම තැන පවුලේ කට්ටිය සීයට මේක කිව්වා. සීය ගත් කටටම කිව්වා" මම දැනගෙන හිටිය සයිමා ඔය ආයුධ පෙට්ටිය ඉල්ලගෙන එන බව, හිටපන්කෝ" කියල ගෙදර තිබ්බ කඩුවකුත් අරගෙන එලියට බැහැල , අමු තිත්ත කුණුහරුප කියාගෙන ඒ සද්දේ තියෙන පැත්තට එලෙව්වාලු. "තොපි මට මේ පෙට්ටිය දුන්නේ ආයේ ගන්නද" කියල:rofl::rofl:
    ඊට පස්සේ ඒ සද්දෙත් නැවතුනාලු. ආයේ ඒ සද්දේ ආවේ නෑලු.:rolleyes::rolleyes:


    :eek::oo:
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    මුංගේ ආච්චිලට හාල්ගරන්න.....

    ඒ කලේ ඔය රබ්බොඩ අයියා ඇහෙමත් නැත්තම් (ඒ කියන්නේ රා බිල බඩ ලොකු උන රා බඩා). කියන නම තමයි කාලයාගේ ඇවෑමෙන් රබ්බොඩ අයියා උනා . පස්සේ ලංකාවට සුදු ජාතිකයන්ගේ බලපෑමත් එක්ක ඕක රොබෝට් උනා දැන් එක තවත් පොෂ් වෙනවා රොබට් කියල .:rofl:
    ඕන මට වින කටිනවා එකේම නොවේ මේවා හෙළි කර කියල . :P:P


    ඕං ආයෙත් මැදින් පැන්න!!...... මුංගේ ආච්චිලට හාල්ගරන්න..... යකෝ දැන් තුන්දෙනයි!! $@##!!:angry:........ අර රා.බ.හු. වත් දන් නැති ගම්-බට්ටෙක්:rofl: මට හොමා කියල නොකිය කියල කින්ඩියක් දැම්ම:baffled:.......... ඒක දාපු ගමන් අර මෝල් දර්ශණ:rofl: කියන එකා බක බක ගාල හිනාවෙන:lol: රිප්ලයි එකක් දාල පස්සෙ පොඩි කින්ඩියකුත් දාලතිබුන රොබොට් පොශ් වෙලා කියල:baffled:....... දැන් මූ......... නමේ ඉතිහාසෙ පෙන්නල දීල මට රා බඩා කියල කියනව:baffled:..... මං රා දැකලවත් නෑ බොලව්...... අපහාසකරපු තුන්දෙනාට හෙනම ගහපිය!!!! :angry: යකෝ උඹලට ලස්සන නම් නෑ කියල මං පලිද???:nerd::rolleyes:


    අර රා.බ.හු. මොකක්ද? කියල අහපු ගොන්ටට.......:P

    රජයේ
    ලයලත් #කන්නා........:baffled:

    ඕක නැත්නම් ඉතින් ලංකවෙදි කෙල්ලෙකුයි කොල්ලෙකුයි රූම් එකක ඔමි අතක් ගහ ගහ හිටියත් පොලීසියෙන් උස්සන් යනවනේ :lol:*(දැන් අහන්න එපා අයියේ ඔමි කියන්නේ මොකැයි කිය
    ල??... අර කාඩ් සෙල්ලම දන්නවනේ- බූරුව-බූරුව!! බං)....... ඊට පස්සේ ඉතින් අබ සරණයි......

    ඔය ආන්ඩුවෙන් දෙන
    රා.බ.හු. සහතිකේ තියෙනවනම් කිසි අවුලක් නෑ....
    ඒකට මෙහේ...... වැඩ පටන්ගන්නේ අවුරුදු 9න්-10න් සමහර උන් ඊටත් ඉස්සෙල්ලා:rolleyes:

    වල් පල් ඇති....

    නොදන්න උන්ට කියන්නේ...... රොබොට් අයියා මගේ ඒලියස් *(alias) එක පමණි.......:dull:

    :frown:රොබොට් අයියා!!
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    එළ සීය පොඩ්ඩ........

    මේ කියන්න යන දේට මුල පිරෙනුයේ මම ඔ/එල් කරන කාලයයි.:rolleyes::rolleyes: සති ගනනක් තිස්සේ එකතු වෙලා තිබුණු ගණන් වගයක් හදල ඉවර කරනවා කියන පිවිතුරු චේතනාවෙන් :lol::lol: ගණන් පොත ත් අරගෙන මම කෑම මේසයට වෙලා ගණන් හද හදා හිටියා. ................................................
    වැඩිපුරම කරදර උනේ මට. මගේ හොර ඔක්කම මාට්ටු වෙනවා.
    මෙහෙම මම අවරුදු දෙකක් විතරම දුක් වින්දා..:dull::dull:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මෙයාව මට්ටු කරපු හැටි ඊලග කතාවක ලියන්නම්....


    හප්පා කොලුවට වෙලා තියෙන අපරාදේ:lol:........හොරෙන් මලක් කඩන්නත් බෑ අම්ම දන්නව.......:P එළ සීය පොඩ්ඩ:cool:........ ඉතුරු ටිකත් දාපන්..... අත්දැකීමට ස්තූතියි.......

    :frown:රොබොට් අයියා........

     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කතා දාපු හැමෝටම බඩපුරා ස්තුතියි. මහන්සිවෙලා කොටලා කොටලා කතාවක් දාන එළකිරි කොල්ලන්ට ස්තුතියි කියලත් මදියි වගේ. ........................................ :)අපේ බූත කොටුවට වින කටින්න පිල්ලි එන්න ඉඩ තියෙනවා. කල්පනාවෙන් වැඩ කරපල්ලා. :no:
    රොබෝට් අයිය ප්‍රමුක බූත කොටුවටත් , බූත කොටුවට ලියන බම්ප් දාන බලන හැමදෙනාටම ජය වේවා.:love::love::love:


    මුල ඉඳලම භූත කොටුවට දෙන සහයෝගයට ස්තූතියි:).......

    උඹට ජය,
    :frown:රොබොට් අයියා........

     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කතා දාපු හැමෝටම ස්තුති. ඇත්තටම මේව අපිට කතාවක් උනාට ලියන කෙනාට අත්දැකීමක් වෙච්ච දේවල්නෙ.ඒ හින්ද "කතා" කියන එකත් අසාධාරණයි වගේ. ...........................
    ඒ හින්ද භූත කොටුවෙ හොල්මන් කරන අපිවගේ මලපෙරේතයන්ට භූත කතා ලියල දොලපිදේනි දෙන කට්ටඩියන්ගේ රෙප් කපන්නෙ නැතුව මේවට අකමැති නම් නොබල හිටපල්ලා කියන එකයි මගේ නම් ඉල්ලීම :nerd::frown:


    උඹටත් මුල ඉඳලම භූත කොටුවට දෙන සහයෝගයට ස්තූතියි.......

    උඹට ජය:)
    :frown:රොබොට් අයියා........
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    සොරි වෙන්න ඕන පැත්ත පලාතේ ආවෙ නැතුවට දවස් ගානකින්........දන්නව නේ ඉතිං පවුල් පන්සල් වල බර..........
    ඉස්‍ලේලාම රොබට් අයියට සුබ උපන් දිනක් වේවා........!!! මේහේ ආව වෙලාවක අම්මපා සෙට් වෙන්න බලං ඉන්න එකෙක් උඹ.

    හිල්ඩා කුමාරි ගේ කතාව..........ඒවං මේ සුතං ඈ...............!!!!!!!
    පේරාදෙණිය කුම්පස් එකේ කලින් හොස්ටල් ලැබිල තියනව ............... අළුත් නැව එද්දි ඒ එක්කම ඒකිත් කැම්පස් එනව කියල තමා කියන්නේ.............!!!!!!!

    අඩෝ කිඹුලෝ..... නිවැරදිකිරීමට ස්තූතියි:)...... පුලුවන් වෙලාවට බෙල්ල දාල පලයන්..........ලංකාවට ආපු ගමන් සෙට්වෙමු:)

    :frown:රොබොට් අයියා........
     
    ස්තූතියි මචන් ලින්ක් එකට...... මම පාවිච්චිකරන්නෙ කලම්බො යුනිවසිටියෙ සයිට් එක...... ගූගල් ට්‍රයක් දාල බලන්නම්.........

    වෙලාව හරි වගේ නේද කතාව දාන්න???


    :frown:රොබොට් අයියා......

    ආහ්හ් රොබොට් අයියා එහෙනං ඔයා ට හරියන්නෙ මේක තමයි,...
    ගූගල් සීන් එක ටිකක් වෙනස් ටයිප් කරන විදිය,.
    මේක ඔය කැම්පස් සීන් එකම තමයි,...


    QsFox මතකද? ඔන්න ආයෙත් වැඩ,..

    අලුත්ම එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1234944