යාළුවනේ කම්මැලි නැතිව කියවන්න.... හරිම සංවේදී කතාවක්
සදාදරණීය ක්ලැරන්ස් ගැන බිදක්.... යාළුවො කිහිප වතාවක්ම ක්ලැරනස් විජේවර්ධනගෙ ගීතයක විචාරයක් හෝ නිධාන කවාවක් කියන්න කියල ගොඩාක් ඉල්ලීම් කලා.... ඒත් අවාසනාවකට මට නිවැරදි නිධාන කතාවක් හොයාගන්න බැරි උන නිසා තමයි ප්‍රමාද වුනේ... ඒ පිළිබදව සමාව ඉල්ලනවා මුලින්ම අපේ එළකිරි යාළුවන්ගෙන්...
එහෙනම් අපි මොහු විසින් රචනා කරල තනු නිර්මාණය කරන ලද ගීතයක නිදාන කතාව බලමු.... මේ තියෙන්නෙ ගීතය අහල බලන්න දන්නවද කියල.....
හරි දැන් ගීතය දන්නවනේ... මේ ගීතය රචනාකරල තනු නිර්මානය කලේ ක්ලැන්ස් විජේවර්ධන... ඒත් මේ ගීතයෙන් කියවෙන දිල්හානි කවුද. කවුද මේ නිදියන්නෙ නැතිව අඩ අඩා ඉන්න දිල්හානි..... මේ ඉන්නෙ ඇය තමයි. ඇයගේ නම දිල්හානි කොරයා. සිරි සගබෝ කොරයාගේ දියණිය තමා මැය...... ඇය අද වෙනකොට දෙදරු මවක්..
![]()
මේ ඇය සිය දරුවන් දෙදෙනා සමග.....
![]()
මේ ගීතයේ නිදාන කතාවත්... ඉන් පසු මේ ගීතය ඇය වෙනුවෙන් ගායනා කල ආකාරයත් සහ තවත් තොරතුරු රාශියක් ඇය පවසන්නෙ මේ විදියට.....
මේ ගීතයේ කියැවෙන දිල්හානිය මමයි කියලා දැන ගන්න කොට මට වයස අටක් නමයක් විතර ඇති. හැමෝම ආදරය කළ ඒ ගීතය ක්ලැරන්ස් අන්කල් ලිව්වේ මටයි කියලා මම දැනගත් මොහොතේ මට අන්කල් ගැන ඇතිවුණ ආදරය ගෞරවය වචනයෙන් විස්තර කරන්නට අපහසුයි.
පුංචි කාලේ මම හරියට අඬනවාලු. ඉතින් මාව නලවන්න අන්කල් මාව තොටිල්ලේ තියලා තොටිල්ල හෙමිහිට පද්ද පද්ද අන්කල්ගේ ගිටාර් එක වාදනය කරද්දි මම අඬන්නේ නැතිව අන්කල් කියන සින්දු අහගෙන ඉන්නවාලු. ඔය වගේ දවසක මාව නලවන කොට තමයි අංකල්ට හිතුණේ මම වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්න.
මේ ගීතය ඉන්ද්‍රානිගේ හඬින් ඇසෙන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් හිතලා තිබුණේ අන්කල් මේ ගීතය හැදුවේ එකල ජනපි‍්‍රය නිළියකගේ දියණියට කියලා.
නමුත් අන්කල්ට මේ විස්තරේ දැනගන්න ලැබුණහම ගොඩක් දුක හිතිලා. ඒ නිසාම තමයි නව රඟහලේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී අන්කල් මාව වේදිකාවට ගෙන්වලා තුරුළු කරගෙන හැමෝටම හඳුන්වලා දුන්නේ. ඔහුගේ ගීතයේ කියැවුණු ආදරණීය දිල්හානී දියණිය මමයි කියලා. එදා තමයි බොහෝ දෙනෙක් දැන ගත්තේ මේ ගීතය හැදුවේ වෙන කාටවත් නෙමෙයි. ශ්‍රී සඟබෝ කොරයාගේ දියණියට කියලා. ඉතින් එදා මට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.
පුංචි වුණත් මාව දැන් හැමෝම දන්නවානේ මම දැන් ජනපි‍්‍රයයි නේද කියල, පුංචි ආඩම්බරයකුත් තිබුණා. එදා ඒ ප්‍රසංගය අවසානයේදී තාත්තා මාව හොයල කලබල වෙලා තිබුණා. ඒත් මම ඒ වෙලාවේ වේදිකාවේ කොණකට වෙලා සමරු පොත් අස්සන් කළා මට අද වගේ මතකයි. එදාම මට තවත් දෙයක් හිතුණා. අංකල් හදපු මේ ගීතය තවත් ජනපි‍්‍රයත්වයෙන් ජනපි‍්‍රයත්වයට පත්වේවි කියලා. එය අද සැබෑවක් වෙලා අදටත් ඒ ගීතයට ආදරය කරන පිරිස බොහොමයි.
මේ ළඟකදී ඉන්ද්‍රානි මට හරි අපූරු කතාවක් කිව්වා. ඔස්ට්‍රේලියාවේදී ඇය සහභාගි වූ සංගීත ප්‍රසංගයකදී, එය නිමා කිරීමට ජාතික ගීය ගැයීමෙන් පසුවත් කිසිම කෙනෙක් එම ස්ථානයෙන් ඉවත් වුණේ නැහැලු.
මේකට හේතුව ඉන්ද්‍රානි පැමිණි සිටි අයගෙන් අසද්දි ඔවුන් සියල්ලටම අවශ්‍ය වෙලා තිබුණේ ඇය ලවා දිල්හානි ගීතය නැවත ගායනා කරවාගන්නට. ඒ වන විටත් දෙවතාවක්ම එම ගීතය ගායනා කර තිබු නිසාත් ප්‍රසංගය අවසන් කර තිබු නිසාත් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට අපහසුයි යැයි ඉන්ද්‍රානි පහදා දෙන්නට උත්සහ කර තිබුණත් එය සාර්ථක වෙලා නැහැ. අවසානයේදී ඇයට දිල්හානි ගීතය තෙවැනි වතාවටත් ගායනා කරන්නට සිදු වුණාලු.
ඉතින් මෙවැනි දේවල් අසන්නට ලැබෙද්දි මට දැනෙන්නේ ක්ලැරන්ස් අන්කල්ගේ ගීත එදා පමණක් නොවෙයි සදාකාලිකවම ජනතාවගේ සිත් තුළ ඔහුගේ ගීත මතකයේ රැඳෙන්නට තරම් ඔහුගේ ගීතවල ආකර්ශනීය බවක් තිබෙනවා කියලයි.
ඉන් පසු කිහිප වතාවක්ම මම ඉදිරියේ ඒ ගීතය ගායනා කරනවා අසන්නට තරම් මම වාසනාවන්ත වුණා. මගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේ ඉන්ද්‍රානි මේ ගීතය ගායනා කරද්දි ඇය මා දිහා බලාගෙන ඇඬුවා මට අද වගේ මතකයි.
කුඩා කාලයේදී මේ ගීතයේ අරුත, මෙහි පද මාලාව ගැන මට එතරම් දැනීමක් තිබුණේ නැහැ. නමුත් තේරෙන වයසට පා තබද්දි මට ඒ වචන වටහා ගැනීමට හැකි වෙන කොට ඒ පද මාලාවෙන් කියැවුණු උතුරා යන ආදරය හමුවේ මම කිහිප වරක්ම හැඬුවා මට මතකයි. අදටත් සෑම ඉරිදාවකම අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා මේ ගීතය ගායනා කරනවා. අදටත් ඒ වචන තුළ තිබෙන අරුත මම ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා.
ඒ පද මාලාවට සවන් දෙන ඕනෑම කෙනකුගේ දෙනෙත් කඳුළින් තෙත් වනවා නියතයි. ඒ අතර මම විශේෂිතයි. මගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන නමැති සුන්දර මිනිසා කෙරෙහි මා තුළ තිබෙන ආදරය ගෞරවය මුසු කරගෙනයි.
රමණී සැනසුම ගෙන දෙන.... යන ගීය නිර්මාණය කළා ඒ ගිතය ලියැවුණේ මගේ අකක් රමණි වෙනුවෙනුයි. නම්ත් අපේ නංගි ශාමිනි වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. මට මතකයි අංකල් කියනවා එයාගේ හිතේ තිබුණු ලස්සනම වචන ඔක්කකෝම එකතු කරලා මගෙයි අක්කාගෙයි ගීත හදපු නිසා නංගීට වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට වචන නැති වුණාලූ.
ක්ලැරන්ස් අංකල් කෙරෙහි මා තුළ තිබෙන ආදරය අසීමිතයි. ඔහු අපෙන් සදහටම වෙන්වුණා කියන වදන් පෙළ මට ඇසුණු මොහොත... නැහැ ඔහු අප අතර නැහැයි කියලා කියන්නටවත් අසන්නටවත් අදටත් මම කැමැති නැහැ. ඔහු මිනිසුන් අතර සිටි අපූර්වතම සොඳුරු මිනිසෙක්.
අන්කල් අසනීප වෙලා අවසාන කාලයේ රෝහල් ගත කර සිටිද්දී ඔහු බෙහෙත් බිව්වේ නැහැ. ඔහුගේ බිරිය මට තුන් වරක් පමණ දුරකථනයෙන් කියනවා “අනේ දිල්හානි, අන්කල් බෙහෙත් බොන්නේ නැහැ ඔයා හරි ඇවිත් පොවන්න එතකොට අන්කල් බොයි කියලා” ඉතින් මම කාර්යාලයේ ඉඳල හනි හනිකට දුවනවා අන්කල්ව බලලා බෙහෙතුත් පොවන්න.
හැබැයි ඔහු දැනගෙන හිටියේ නැහැ මම ආවේ ඔහුට බෙහෙත් පොවන්න කියලා මම අංකල්ගේ දුක සැප ආදරෙන් අහලා අන්තිමේදී බෙහෙත් ටිකත් මගේ අතින්ම අංකල්ට පොවනවා. මම අන්කල්ව බලන්න රෝහලට ගිය දිනකදී ඔහුට බෙහෙත් පොවලා මම එන්න සැරසෙද්දී දිනක් “දුව පොඩ්ඩක් ඔහොම ඉන්න මට ඔයාගේ ඉස්සරහම ඔයාට ලියපු සින්දුව ගායනා කරන්නට ඕනේ කියලා” කිව්වා.
ඉතින් එදා ඔහු ලෙඩ ඇදේම ඉඳගෙන ගිටාරයක් නැතුව වේදනාවෙන් ඒ ගීතය ගයපු විදිහ අදටත් මගේ සවනට රැව් දෙනවා වගෙයි මට දැනෙන්නේ. මම කුඩා කාලයේදී අන්කල්ව සමීපව ඇසුරු කරන්නට මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් දැනුම් තේරුම් ඇති වයසට එළැඹෙද්දි මමයි අන්කලුයි අතර තිබුණේ ඉතා දැඩි සෙනෙහසක්.
දිල්හානි කියන නම එතරම් ජනපි‍්‍රය නමක් නොවුණත් මේ ගීය ප්රචාරයෙන් පසු දිල්හානි යන නම කොතරම් ප්‍රසිද්ධ වුණා දැයි කීවොත් බොහෝ මව්පියො තම දියණියට මේ නම දැම්මේ අන්කල්ගේ දිල්හානි ගීතය නිසා කියා මම අසා තිබෙනවා. දැන් මමත් ආදරණීය මවක් වැඩිහිටියෙක්.
නමුත් අදටත් දිල්හානි ගීතයට සවන් දෙද්දි මම නැවතත් පුංචි දිල්හානි දියණියගේ ලෝකයට ගමන් කරනවා. අන්කල් අප අතරින් සමුගෙන වසර ගණනක් ගත වුණත් අදටත් ලංකාවෙ බිහිවූ විශිෂ්ටතම නිර්මාණ කරුවා දක්ෂතාවලින් පරිපූර්ණ වූ මිනිසා ඔහු පමණයි යන්න මගේ හැඟීමයි.
තවත් ගීතයකින් හමුවෙමු..... ඔබේ අදහස් ලබා දෙන්න........
(මේ තොරතුරු සොයාගත්තෙ උපුටාගත්තෙ සිළුමිණ පත්‍රයකින් )
උපරිමයි...





..පටන් ගමු වැඩේ 