සුන්දර ගීයක ඇරබුම,..

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හෝර්ටන් තැන්නේ ලෝකාන්තයෙන් පැන ජීවිතය නැති කරගත් ආදරවන්තයිනගේ....ආදරය හදවතට දැනීමෙන් සුනිල් ආරියරත්නයන් ලියූ ගීතයක් බලාපොරොත්තු වන්න..............ඕනිනම් කමෙන්ටස් ටිකක් තියමු බලන්න..........
 
Last edited:

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෝර්ටන් තැන්නේ ලෝකාන්තයෙන් පැන ජීවිතය නැති කරගත් ආදරවන්තයිනගේ....ආදරය හදවතට දැනීමෙන් සුනිල් ආරියරත්නයන් ලියූ ගීතයක් බලාපොරොත්තු වන්න..............ඕනිනම් කමෙන්ටස් ටිකක් තියමු බලන්න..........

    බලාගෙන ඉන්නව යාලුව
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ගනන් ගන්න එපා සහෝ....... ඔය ඒක එක්කෙනාගෙ හැටි. අදහස් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේද.........:P
    කෙනක් කියනකොට "හිත මිතුරු සුලග ලග ඒන වැහිවලාවට කියන්" කියල අනික් කෙනා කියනවා "මහරගමට වහිනැතුව වහින්න ඔනෑ තැනකට" කියල
    ඔය හැටි, ගනන් ගන්න ඒපා............

    ගොඩක් ස්තූතී යාලුවා...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හිත රිදුනානම් සමාවෙන්න...මම හිතුවේ ඔබ හිතා මතා ම 1970 කියලා දැම්මා කියලා...

    නෑ යාලු කවමදාකවත් මම මගේ රටේ සුන්දර අතීතය වෙනස් කරන්න හීනයකින්වත් හිතන්නෙ නෑ.. මම ඉතිහාසයෙ මොනාහරිදෙයක් වෙනස් කරල දෑම්මනම්.. අනාගතයට යන්නෙ විකුර්ති ඉතිහාසයක්..

    මම ඔය පෝස්ට් එක ටයිප් කලේ හදිස්සියෙන් ගමනක් යන්න හදන කොට...ඒක නිසාම වෙන්න ඈති දශකය කියන වචනය අමත්ක වෙන්න ඈත්තෙ.. කොහොම වුනත් ගොඩක් ස්තූතී යාලු ඒ වරද පෙන්වාදුන්නාට..

    අපි දෑන් ඕක අමතක කරල දාමු..
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    menna lakbima paththare thibune

    ImmagineSSSSSSSS.jpg

    මන් හිතන් හිටියේ මේක මචන් කවි කීරිති හාමුදුරුවො ලියපු එකක් කියල...
    බලනකොට ප්‍රේම කීරිති මහත්තයානේ...
    එල එල ,,
    මගේ ආසම සින්දුවක් ,
    ස්තූතියි මචෝ..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නැගෙනියගේ ප්‍රේමයට එරෙහිවන කිසිදා පෙම් සුව විද නොමැති සිය වැඩිමහල් සොයුරා වෙත කරන දුක්බර ආයාචනය අදාර්ශමත් ආයාචනය "පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා"
    මෙයද මගෙ හදවතෙ ගැබුරුම තැන් ස්පර්ශ කල ගීතයක් කිවහොත් නිවැරදියි.නැගෙනියගෙ ප්‍රේම සම්භන්දයට සිය සොයුරා විරුද්ධ උවද නැගෙනිය ඔහු කෙරේ වෛරයක් නොබදියි මක් නිසාද යත් සිය සොයුරා කිසිම දිනක පෙම් කල කෙනෙක් නොවන බැවිනි. කිසි දින පෙම් නොකල ඔහු කෙසේ නම් ප්‍රේමයක ඇති සුවය කෙසේ නම් හදුනන්නද නමුත් යම් දිනෙක් ඔහුද ප්‍රේම කලහොත්
    ඔහුටද ආදරයෙ සුව දැනෙවි අන්න එ දිනයෙ ඔහු මා විදී වේදනාව හදුනා ගනි එදාට ඔහු මට සමා දෙවි.අයියන්ඩියේ ඔබ මා ප්‍රේමයට කොතරම් මුරකාවල් වැටකඩොලු බැන්දද ඔබ කෙසේ නම් මා සිතට වැට බදින්නදඔබ කොතරම් මා ඔහුගෙන් වෙන් කලද මා හදවත් ඔහුගෙ දෙපතුල මත පුදදි හමාරය ඔබෙ රැකවල් කොතරම්
    දැඩි වුවද මා සිත කෙදිනක වත් වෙනස් කල නොහැක මතු යම් දිනයක මෙ රැකවල් සියල්ල සිද බිද දමා මා
    ඔහුගෙ විජිතයේ කිරුලු පලදින්නෙමි නමුත් මා අතිතයෙ චිත්‍රා කුමරියමෙන් ඔබ සිත රිදවා කිසිදින ඔහු වෙත නොයන්නෙමි
    යමි දිනෙක ඔබගේ ආශිර්වාදය තුලින්ම මෙය ජය ගන්නෙමි මෙය ආදර්ශමත් ගියක් යැයි මා කියන්නට හේතුවද මෙයමයි
    වර්තමාන පෙම්වතියක් නම් සොයුරගෙ තියා කිසිවකුගෙ අන නොතකා පෙම්වතා සමග පලා යැම අද සුලභ සිදුවිමකි
    මෙවන් ගීතයකින් සමාජගත කරවන පණිවිඩය වන්නෙද ප්‍රේමය හමුවෙ ඉක්මන් තීරණ නොගෙන මනා අවබොදයකින් යුතුව
    තින්දු තීරන ගත් යුතුය යන්නය.

    පෙම් කල වරදට මට වද දෙන්නේ
    පෙම් කල හිතකින් නොවන නිසා
    අයියන්ඩියේ මට සමාව දෙනු මැන
    ආදරයෙ සුව දැනුනු දිනෙ

    යන එන හමුවන මග අවුරාලා
    ආදරයක් වැලකිය හැකිදෝ
    නොපෙනෙද ඔහුගේ දෙපතුල මා හිත
    සැනහෙමි මේ රැකවල් බිදදා

    චිත්‍රාවක් වන්නේ නෑ මා නම්
    අයියන්ඩියේ ඔබෙ අණට හොරා
    ආදරයේ සුව ඔබට දැනෙවී
    පෙම්වතියක මුන ගැසුනු දිනේ

    ඉන්ද්‍රනි බෝගොඩ

    wageesha87

    Active member
  • Oct 31, 2008
    315
    87
    28
    kandy

    අනිවා දාන්නම්........ එක ගීතයක් නම් දැනටම දාල තියෙන්නෙ...."ඔබේ සිනා ලග" ගීතයෙ පොඩි කතවක් තියනවා.........මේ ගීතය දිහා ඒක පාරටම බැලුවාම පොඩි අඩුවක් වගේ පේනව නේද?.....
    කතාව දාන්නම් හැබැයි තව ප්‍රතිචාර ඔනා..........ඒක ලග විචාර තියන කොටත් ඒකෙ අගයක් නැති වෙනවා

    මෙකෙ 3 වෙනි verse එක නෑ. මම අහල තියෙන විදියට 3 වෙනි verse එක තිබිලා තියෙන්නෙ කොලේ අනිත් පැත්තෙ.recording කරද්දි ඒක දැකලා නෑ.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙකෙ 3 වෙනි verse එක නෑ. මම අහල තියෙන විදියට 3 වෙනි verse එක තිබිලා තියෙන්නෙ කොලේ අනිත් පැත්තෙ.recording කරද්දි ඒක දැකලා නෑ.

    මට සන්තෝසයිබන් උඹල හින්ද.... දැන් මම හෙට මැරුනත් ... බොරු ප්‍රවෘත්ති පැත්තක දාල නිවැරදි තොරතුරු හොයන අය ඉන්නව... මේක ගැන මම දන්න දේවල් කිසි දෙයක් දාන්නෙ නෑ... උඹල දාපල්ල... තොරතුරු හොයන්න ඉගෙන ගනිල්ල.... ඔක්කොම තොරතුරුටික වැටුනම මම කියන්නම්.

    උඹල මුල ඉදල මම පෝසට් දාපු ටයිම් එකත් එක්ක බලපන්... මහ රෑ.. උදේ පාන්දර මම ගීත විචාරයන් දාල ඇති chamal89 and vekee දන්නව මම එහෙම දැම්මෙ උබල හින්ද බව... දැන් මට පට්ට සන්තෝසයි... දැන්‍ මම උඹලට පොවල උගන්නල රසේ පෙන්නපු පාරෙ යන්න ගොඩාක් අය ඉන්නව.... මෙන්න උදාහරණ... USER52, maheshsenadheera, dath kibula, wageesha87, gora, chamal89, *danushka* and so more i cant remember there so many PMs to me....

    යාළුවනේ මම තවත් මෙතන විචාරය දැමීම පට්ට අපරාදයක් මොකද උඩින් සදහන් කරපු උන්ට(දත් කිඹුලා හැර) රසට දැන් හිතට වැදිලා.... මම, කිඹුල දන්න හැම සබ්බ සකලමනාවම දැම්මොතින් උන්ට හොයන්න දෙයක් නෑ.... තේරෙනව නේද.... මමත් කිඹුලත් අපි සුවිසේෂ වූ ගීත පමණක් මින් ඉදිරියට දාන්නම් ..... අනික්වා නොදා ඉන්නම්.....

    (මගේ අදහසක් පමණයි මීට විචාර අවැසියි.... විශේෂයෙන්ම USER52, maheshsenadheera, dath kibula, wageesha87, gora, chamal89, *danushka* හා මගේ පට්ට බොක්කවල් තිදෙනා ක්ලබ්එල්කේ, අයිවි ස්ටයිල් හා මගේ හොදම යාළු තෝමියන් කියන දේ අසමි... මොනවා උවත් දත් කිඹුලා අයියාට ප්‍රමුකත්වය දෙමි.... ) ස්තූතියි........
     
    • Like
    Reactions: ganu88

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම ඉංග්‍රීසි ගීත ගැන විචාරය කරන්න කැමති නෑ......
    ඒත් මම ඒව ගැන් අම්බානෙක නිධාන කතා දන්නවා... උඹලව අඩවන්න පුළුවන් ඒව.... මොකද කියන්නෙ දැම්මොතින් චාටර් වේවිදි.... අදහස් දෙන්නෝ........

    ප.ලි.
    ලංකාවේ සංගීතඥයන් පවසන පරිදි සංගීතය සැපයීම ලොකෙන්ම අපහසු ඉන්දියානු සංගීතය දෙවෙනි අපේ රටලු... ඉංග්‍රීසී ගීත ගේමක් නෑලු....
     
    • Love
    Reactions: Yastysan

    user52

    Member
    Jan 25, 2012
    135
    36

    ඒහෙමම කරන්න එපා සහෝ........ අපි ඔය දෙන්න ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නව. විශේශයෙන් මම. ගොඩක්ම කිඹුලා අයිය ගෙන් (මට අයිය තමයි) ඒයා දෙයක් දිහා දකින ආකාරය භාශාව හැසිරවීම් හා භාශාත්මක ප්‍රවීන තාවය, පට්ටයි............
    අනික සහෝ...... මේ ගැන තොරතුරු හොයන්න මුලාශ්‍ර ගොඩක් අඩුයිනෙ. තිබ්බත් ඒව හොයන්න අමාරුයි.. ඒ නිසා ඒ තොරතුරු දන්න ඔයාලා පුලුවන් හැම වෙලාවෙම විචාරයක් දාන්න උත්සහ කරන්න. හැබැයි වැඩ පාඩු කරගන්නෙ නැතුව..............
    ඇත්ත, සමහර වෙලාවට කලකිරෙනවා ප්‍රතිචාර අඩුවුනාම.. 18+ කියල ගැහුවනම් කොහොමද......... අනේමන්දා සමහරවිට අපිත් ඒක්ක ඉන්න අය මහා ලොකු ප්‍රදර්ශනවාදි චින්තනයක් ආරූඩ කරගෙන නැති අය හින්දද දන්නෙත් නෑ........ නමුත් ඒ අය හදවතින් සුබපතනව ඇති...........
    කොහොම උනත් සහෝ ඉස්සර වගේම පුලුවන් හැම වෙලාවෙම ඒන්න වැඩ පාඩු කරගන්නේ නැතුව මොකද මේ නූල පුරාවටම ස්තූතියි කියන වචනේ අඩුයි..... ඒ වෙනුවට කියන්නේ බොහොම පින් කියලා.........
     
    Last edited:

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මම ඉංග්‍රීසි ගීත ගැන විචාරය කරන්න කැමති නෑ......
    ඒත් මම ඒව ගැන් අම්බානෙක නිධාන කතා දන්නවා... උඹලව අඩවන්න පුළුවන් ඒව.... මොකද කියන්නෙ දැම්මොතින් චාටර් වේවිදි.... අදහස් දෙන්නෝ........

    ප.ලි.
    ලංකාවේ සංගීතඥයන් පවසන පරිදි සංගීතය සැපයීම ලොකෙන්ම අපහසු ඉන්දියානු සංගීතය දෙවෙනි අපේ රටලු... ඉංග්‍රීසී ගීත ගේමක් නෑලු....

    වින්දනය කියන දේට භාශා නැති උඅනත් මම නම් පෞද්ගලිකව ඉංග්‍රිසි සින්දුවලට කැමති නෑ. මොකද අපි අපේ දේවල් හරියට දන්නෙ නැතුව අනුන්ගෙ දේවල් හොයන ඒක වැඩක් නැනෙ.
    මේ නූල බලන හැම ලාංකිකයක්ම ඒක ලංකාවේ සිංදුවක හරි තමන් විදින ආකාරය විග්‍රහ කරල පුලුවන් විදියට මෙතන දාන්න පුලුවන් උන දවසට දාපු දවසට අපි අනුන්ගෙ සිංදු වලට යමු.......
    මේ මම හිතන විදිය බලමු අනික අයගේ අදහස්.........
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මෙකෙ 3 වෙනි verse එක නෑ. මම අහල තියෙන විදියට 3 වෙනි verse එක තිබිලා තියෙන්නෙ කොලේ අනිත් පැත්තෙ.recording කරද්දි ඒක දැකලා නෑ.

    නියමයි.... ඔය තියෙන්නෙ.... දන්න දේ හොදින්ම තහවුරු කරගෙනම කතාව දාන්නම්
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    නැගෙනියගේ ප්‍රේමයට එරෙහිවන කිසිදා පෙම් සුව විද නොමැති සිය වැඩිමහල් සොයුරා වෙත කරන දුක්බර ආයාචනය අදාර්ශමත් ආයාචනය "පෙම් කල වරදට මට වද දෙන්නේ පෙම් කල හිතකින් නොවන නිසා"
    මෙයද මගෙ හදවතෙ ගැබුරුම තැන් ස්පර්ශ කල ගීතයක් කිවහොත් නිවැරදියි.නැගෙනියගෙ ප්‍රේම සම්භන්දයට සිය සොයුරා විරුද්ධ උවද නැගෙනිය ඔහු කෙරේ වෛරයක් නොබදියි මක් නිසාද යත් සිය සොයුරා කිසිම දිනක පෙම් කල කෙනෙක් නොවන බැවිනි. කිසි දින පෙම් නොකල ඔහු කෙසේ නම් ප්‍රේමයක ඇති සුවය කෙසේ නම් හදුනන්නද නමුත් යම් දිනෙක් ඔහුද ප්‍රේම කලහොත්
    ඔහුටද ආදරයෙ සුව දැනෙවි අන්න එ දිනයෙ ඔහු මා විදී වේදනාව හදුනා ගනි එදාට ඔහු මට සමා දෙවි.අයියන්ඩියේ ඔබ මා ප්‍රේමයට කොතරම් මුරකාවල් වැටකඩොලු බැන්දද ඔබ කෙසේ නම් මා සිතට වැට බදින්නදඔබ කොතරම් මා ඔහුගෙන් වෙන් කලද මා හදවත් ඔහුගෙ දෙපතුල මත පුදදි හමාරය ඔබෙ රැකවල් කොතරම්
    දැඩි වුවද මා සිත කෙදිනක වත් වෙනස් කල නොහැක මතු යම් දිනයක මෙ රැකවල් සියල්ල සිද බිද දමා මා
    ඔහුගෙ විජිතයේ කිරුලු පලදින්නෙමි නමුත් මා අතිතයෙ චිත්‍රා කුමරියමෙන් ඔබ සිත රිදවා කිසිදින ඔහු වෙත නොයන්නෙමි
    යමි දිනෙක ඔබගේ ආශිර්වාදය තුලින්ම මෙය ජය ගන්නෙමි මෙය ආදර්ශමත් ගියක් යැයි මා කියන්නට හේතුවද මෙයමයි
    වර්තමාන පෙම්වතියක් නම් සොයුරගෙ තියා කිසිවකුගෙ අන නොතකා පෙම්වතා සමග පලා යැම අද සුලභ සිදුවිමකි
    මෙවන් ගීතයකින් සමාජගත කරවන පණිවිඩය වන්නෙද ප්‍රේමය හමුවෙ ඉක්මන් තීරණ නොගෙන මනා අවබොදයකින් යුතුව
    තින්දු තීරන ගත් යුතුය යන්නය.

    පෙම් කල වරදට මට වද දෙන්නේ
    පෙම් කල හිතකින් නොවන නිසා

    නියමයි...... බොහොම පින් දන්න දේ හැමොම එක්ක බෙදාගත්තට........
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යාළුවනේ මම කලින් වගේම ඔන්න අදත් අරන් ආවෙ නිධාන කතාවක්... හැබයි ගැටළුවක්............ මේකෙ නම් ගම් එළි කරන්න බෑනේ මොකෝ කරන්නෙ... මෙහෙම්ම දාමුනේද.........

    පලමුවනදේ තමා මේ කතාව අහල දුකක් ගන්න එපා. මොකද මේ කතාවට අදාල පුද්ගලය අද හොදින් ඉන්නවා... හැබැයි කවුද කින්ද මන්ද මගෙන් අහන්න එපා... මේ වෙනකොට දෙයියනේ කියල සුන්දර බිරිදක් හා ළමයි දෙදෙනෙක් ඉන්න පියෙක්ව මට පාව දෙන්න බෑ... ඒත් ඔහු මට පැවසූ වදන්, ඔහුට ඒ මොහොතේ දැනුන දේ මට නොකිය ඉන්නත් බෑ..... එළකිරි.කොම් වලින් එහාට මේක දෙන්න එපා..... මොකද වගකීම මම 100% භාර ගන්න නිසා මේ දාන දේවල් වල..

    හැබැයි ඔහු හා සබැදුන ඇය ගැන ඔහු දන්නෙත් නෑ.. මට හොයාගන්න තොරතුරුත් ප්‍රමාණවත් නෑ.. මම පට්ට ට්‍රයි එකක් දුන්න ඒත් හොයාගන්න බෑ... ලැබුන දත්ත වලට අනුව ඇයගේ පළමු විවාහය අසාර්ථක වෙලාලු. අපි බලමු එළකිරියෙන්වත් ඇය හමුවෙයිද කියල... හමු උනත් ඔහු ඉල්ලපු දේ තමා ඔහුට කියන්න එපා උදවුවක් ඕනෙ නම් ඒක විතරක් අහල මට කියන්න මට කරන්න පුළුවන් දේ කරන්නම් කියන එක. හැබැයි ඈ දුකෙන් නම් මට කියන්න එපා... ඇය සතුටෙන්නම් මට කියන්න කිව්ව... අනේ මන්දා යාළුවනේ.. අදරේ කියන්නෙ මහ පුදුම දෙයක් අප්පා...... .

    හරි මම කලින් කිවුව වගේ කවුද කින්ද මන්ද කියල අහන්න එපා. ඇය නෙට් බෝල් ෂූරියක්.. එකෙන් ලැබුන ලකුණුත් එක්ක තේරුණා ඇය විශ්ව විද්‍යාලයට...

    ඇයි පුතේ මෙහෙම වෙන්නෙ.... ඇයි මට එයා එච්චර කාලයක් හැංගුවෙ.... ඇයි එයා මගෙත් එක්ක, මගේ ජීවිතයත් එක්ක එයා සෙල්ලම් කලේ.... ඇයි පුතේ ඇයි.....
    ඔන්න කතාව පටන් ගත්ත විදිය......... දැන් මම කතාව හරවනව වර්තමානයට දැනෙන විදියට හොදේ...........

    ගෙදරින් මට බත් කන්න දුන් සල්ලි බත් නොකා මම ඉතිරි කලා..... ඇයි... කොල්ලො කන්න බොන්න යද්දි මම ඒවට නොගිහින් හිටිය...ඇයි කෙල්ලෙ ඇයි... සමහර දවස්වලට ඔයාට ගන්න හදන ගවුමට සල්ලි මදි වුනාම ඒ ගාන හොයාගන්න මම කුලී වැඩ කලා. මම උඹට කොහොම නම් ආදරේ කලාද.... මේ දුප්පත් මම නොකා නොබී උඹට ශක්තියක් උනා.... උඹ විශ්ව විද්‍යාලයට ගියා.... මම කොච්චරනම් සතුටු උනාද. මගේ සන්තෝශය මගේ යාළුවන් දන්නව...

    කොහොමින් හරි මම පොඩි රස්සාවක් හොයාගත්ත... ඒ රස්සාව කරල පඩිය හම්බ උනාම අම්මට තාත්තට තඹ දොයිතුවක් වියදම් නොකර මම ඊට පහුවෙනිදම අවෙ උඹ බලන්න විශ්ව විද්‍යාලය ලගට.... උඹත් මුලින් කොච්චර ආසාවෙන්ද දුවගෙන ආවෙ මාව බලන්න.... හැබැයි අන්තිමට මෙහෙම උඹ වෙනුවෙන් තාත්ත කෙනෙක්වගේ එන මාව බලන්න උඹ එන්නෙ ඔනවට එපාවට...... ඇයි කෙල්ලෙ උඹ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කෙරු මට එහෙම කලේ... මම ඒත් හිතුවෙ උඹට ඇත්තටම වැඩ ඇති කියල... මොකද මට උඹ රැජිණක්... ඔටුණු නොපලන් රැජිනක් නිසා.... ඒත් එක දවසක්......................................................................

    උඹ එදා මට කියනව ඔයා ආයෙ මාව බලන්න එන්න එපා මට වැඩ ගොඩායි.... මට ආදරේ කරන්න වෙලාවක් නෑ කියල.... උඹට තියෙන ආදරේ නිසාම මම හිතුව අනේ මගේ මේ පොඩි කෙල්ලට වැඩ ඇති කියල. මට උඹ රැජිණක් නිසා මම හිතුව උඹ කියන විදියට ඉන්න ඕනෙ කියලා.... මම හිතේ දුක තද කරගෙන ගියා යන්න... ඒ දුක හින්දම අපේ අම්ම උඹට දෙන්නම කියල උඹ කැමතිම එළවළු දාල හදපු කෑම පාර්සලේ දෙන්න අමතක වුනා.... අනේ මම මගේ වේදනාව, කදුළු හංගගෙන ආයෙත් හැරිල උඹ බලන්න ආවෙ උඹට ඒ කෑම එක දෙන්න කෙල්ලෙ.....

    ඒත් මම එනකොට මට යන්න කියපු උඹ... වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා පැද්දි පැද්දි කොමල පපා ඔය යන විදිය මම මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කම මොනව කරන්ද රත්තරනේ.... මට ඔයාගෙ ලගට ඇවිල්ල මේදේ කතා කරන්න සරසවිය වරම් දෙන්නෙ නෑ.... ඒත් මම මේ වේදනාව දරාගෙන ඇවිත් හිතේ තියෙන දුක මගේ හොදම යාළුවට කිවුව කෙල්ලෙ.....
    ඊට ටික දවසක්ට පස්සෙ මේ ගීතය හැදුනට මම එදා වගේම අදත් නිහඩ නිසා අපි කාටවත් ප්‍රශ්ණයක් නෑ... ඔයා එදා මාව මගහැරියට අදටත් මේ ගීතය ඇහෙන හැම වාරයකම මුළු ලෝකයටම, මගේ බිරිද ළමයි මේ හැමෝටම හොරෙන් මම ඔයාලග කෙල්ලෙ..... මම ඔයාලග...................

    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමු වුනේ...
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ

    අත් වැල් බැඳගෙන මංමාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද...
    පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
    ඔබ හිනැහුණු ඒ කාලය මතකද

    අනාගතය ගැන අහස් මාළිගා
    අප දෙදෙනා මැවු කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලගින් උන් කාලය මතකද..

    පද - අජන්තා රණසිංහ
    ගායනය - දයාරත්න රණතුංග

    මීට වඩා විචාරයක් මට කරගන්න බෑ යාළුවනේ... ඒ ගැන මට සමාවෙන්න.... මොකද මමත් පට්ට විදියට හැගීම්බර වෙන නිසා.... ඔබගේ අදහස් දෙන්න.... ඔබගේ ඉල්ලීම නිසයි දැම්මෙ හොදේ... අදහස්නම් ඕනිමයි...............
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඔන්න මට පුලුවන් විදියට උදව්කරා........
    මේක කරගෙන යන අයට හෙල්ප් 1ක් දීපල්ල.
    මට මොකවත් ඕනි නෑ......

    පහල තියෙන ලින්ක් එකේ ගීතය සහ තේරුමය් 2කම දාලා තියනව
    (ගොඩක් ගීත වල, අනෙක් එව්වත් ටිකටික දාන්නම් ............. )

    All songs & meaning can download ONE SHOT

    …This is a help for Great thread......

    Thanks 4 sasliit & other partners.

    https://skydrive.live.com/redir.asp...DED086472A0795!373&parid=1CDED086472A0795!128
     
    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    යාළුවනේ මම කලින් වගේම ඔන්න අදත් අරන් ආවෙ නිධාන කතාවක්... හැබයි ගැටළුවක්............ මේකෙ නම් ගම් එළි කරන්න බෑනේ මොකෝ කරන්නෙ... මෙහෙම්ම දාමුනේද.........

    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමු වුනේ...
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ

    අත් වැල් බැඳගෙන මංමාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද...
    පුංචි ළදැරියක් වගේ හුරතලෙන්
    ඔබ හිනැහුණු ඒ කාලය මතකද

    අනාගතය ගැන අහස් මාළිගා
    අප දෙදෙනා මැවු කාලය මතකද
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලගින් උන් කාලය මතකද..

    පද - අජන්තා රණසිංහ
    ගායනය - දයාරත්න රණතුංග

    මීට වඩා විචාරයක් මට කරගන්න බෑ යාළුවනේ... ඒ ගැන මට සමාවෙන්න.... මොකද මමත් පට්ට විදියට හැගීම්බර වෙන නිසා.... ඔබගේ අදහස් දෙන්න.... ඔබගේ ඉල්ලීම නිසයි දැම්මෙ හොදේ... අදහස්නම් ඕනිමයි...............

    නියමයි සහෝ නියමෙට ලියල තියනවා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න මට පුලුවන් විදියට උදව්කරා........
    මේක කරගෙන යන අයට හෙල්ප් 1ක් දීපල්ල.
    මට මොකවත් ඕනි නෑ......

    පහල තියෙන ලින්ක් එකේ ගීතය සහ තේරුමය් 2කම දාලා තියනව
    (ගොඩක් ගීත වල, අනෙක් එව්වත් ටිකටික දාන්නම් ............. )

    All songs & meaning can download ONE SHOT

    …This is a help for Great thread......

    Thanks 4 sasliit & other partners.

    https://skydrive.live.com/redir.asp...DED086472A0795!373&parid=1CDED086472A0795!128
    පට්ට ඈ...........
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    [FONT=&quot]එළකිරියෙහි නිලනොලත් ගීත භාන්ඩාගාරය වූ [/FONT]Thilzz [FONT=&quot]සොයුරිය, ඇගේ ප්‍රියතම ගීතය ලෙස දක්වා තිබූ මේ ගීතය, ඇය එළකිරි ගීත ලෝලීන් වෙත කරන මුදුනත් බැද පැසසිය යුත් සේවය නිසාම මෙසේ විචාරයට ලක් කරමි.....!!![/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නොලද ප්‍රේමයේ විරහව සහ කදුළ..................[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි............[/FONT]

    [FONT=&quot]පා......................ළු අදුරු නිල් අහස මමයි[/FONT]
    [FONT=&quot]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]
    [FONT=&quot]යුගයෙන් යුගයට හදවත් ඉල්වන[/FONT]
    [FONT=&quot]බලාපොරොත්තුව පැතුම ඇයයි ඊ.....ඊ......[/FONT]
    [FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
    [FONT=&quot]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]

    [FONT=&quot]අසාර වූ මහ පොළොව මමයි[/FONT]
    [FONT=&quot]ගලා බසින දිය දහර ඇයයි//[/FONT]
    [FONT=&quot]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]
    [FONT=&quot]සදාකාලික වු සැපත ඇයයි........ඊ....ඊ......[/FONT]
    [FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
    [FONT=&quot]ඈත දිලෙන තනි තරුව ඇයයි[/FONT]

    [FONT=&quot]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]
    [FONT=&quot]පිපී වැනෙන මල් පොකුර ඇයයි//[/FONT]
    [FONT=&quot]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]
    [FONT=&quot]අදුරු වේදනා කැටිය ඇයයි.......ඊ.....ඊ......[/FONT]
    [FONT=&quot]පාළු අදුරු නිල් අහස මමයි[/FONT]
    [FONT=&quot]ඈත දිලෙන තනි තරුව[/FONT]
    [FONT=&quot]ඇයයි!![/FONT]

    [FONT=&quot]පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය අමරදේව ගුරුදේවයාණන් විසින් සිය මුල් යුගය තුළ ගායනා කල, හෙළයේ පිනට පහල වූ කිවියාණන් වූ මහගම සේකරයානන් ගේය පද රචනා කළ අතිශය ම සිත් අලවන, සිත් නලවන, නිවා සනහන අර්ථ පූර්ණ, භාව පූර්ණ ගීයකි මෙය.[/FONT]
    [FONT=&quot]තරුණයෙකු සිය හද දිනූ යෞවනිය කෙතරම් අගය කරනවාද යන්න මෙතරම් හිත් කාවදින අන්දමින් හෙල සුභාවිත ගීත සාහිත්‍ය තුළ සනිටුහන් කල අන් අවස්ථාවෙක් සෙවීම පවා උගහට බව මා ගේ හැගීමය. ඔහු නිතොරවම ජීවිතයේ දුක, වේදනාව, රළු කරළු බව පෙන්වන සංකේතය ලෙස තමාවම තබා ගනී. තම සිත් පැහැරගත් ලලනාව දිවියෙහි සකල යහපත, සුඛය, දීප්තිය බව පෙන්වාදෙයි.[/FONT]
    [FONT=&quot]ඔහු පාලු අදුරු අහසකි. එවන් රාත්‍රියකට සහන් එළියක් දෙන එකම තරුව වන්නී මෙම යෞවනියයි. ගණදුරු රැයක තනි තරුවක් අප ගේ සිත් තුළ ඇති කරන ආලෝලනය අමරදේවයෝ ස්වකීය ගැඹුරු නාසික ස්වරයෙන් අපේ හදවත තුළ ඇති ගැඹුරුම තැන තැන්පත් කරති. ඇය මුළු ජීවිත කාලයම ඔහු ගේ ස්වර්ගීය අපේක්ෂාවය. ඔහු ගේ හදවත ඉල්වන බලාපොරොත්තුව-පැතුම ඇය ම පමණි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අසාර වූ මහ පොළොව මමයි[/FONT]
    [FONT=&quot]ගලා බසින දිය දහර ඇයයි[/FONT]
    [FONT=&quot]යුගයෙන් යුගයට හදවත් නලවන[/FONT]
    [FONT=&quot]සදාකාලික වු සැපත ඇයයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අතිශය නිසරු වූ මහපොළවක් දිය දහරක් විසින් සරු කරන්නේ යම් සේ ද, තම නිසරු දිවිය සරු කරන සුනිල්වන් දිය දහර ඇයම බව ඔහු කියයි. පොළවෙන් පණක් උපදවන්නේ ද, සශ්‍රීක වන්නේ ද දිය ඇති විටෙක පමණි. ඇය දිය දහරකි. මහා ගංගාවක් නොවේ. ගංගාව සියළු දේ රැගෙන යන මුත්, මේ සුනිල්වන් දිය දහර ඔහු ගේ දිවියට මල් ද, ඵල ද එක්කරයි. මේ සැපත මුලු යුග ගණනක සිට ඔහු ගේ හදවත නලවන සදාකාලික වූ සැපතයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කැලෑව මැද කටු පදුර මමයි[/FONT]
    [FONT=&quot]පිපී වැනෙන මල් පොකුර ඇයයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අදුරු වූ කැලයක් මැද ඇති කටු වලින් ගහන වියළි පදුරු ගොන්නක් මැද පිපී ඇති මල් කිනිත්තක් ඔබේ මනසෙහි මවා ගන්න. හාත් පස ඇති රළු, කර්කශ පරිසරය මැද අර මල් පොකුර ඔබට ලබා දෙන්නේ කිනම් නම අස්වැසිල්ලක් ද? එබදු ය මේ ලලනාව මේ තරුණයාටද. තමා දිවියෙහි විදින නේක දුක්ඛ-දෝමනස්සයන් මැද මේ ස්නේහනීය මල් පොකුර, ඔහු ගේ සියළු සරතැසයන් නිවන දිව සළකුණ ‍වී පවතී[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]නමුත්.............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]යුගයෙන් යුගයට හදවත් පුරවන[/FONT]
    [FONT=&quot]අදුරු වේදනා කැටිය ඇයයි[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ සොදුරු මල් පොකුර කෙදිනකවත් තමා සතු කර ගත නොහැකි බව ඔහු අවසන දී සාක්ෂාත් කර ගනී. එනිසා ඇය ඔහු ගේ හදවත සදාකාලිකවම අදුරු වූ වේදනාවෙන් පුරවා ලන නොලද පෙම බවට පත්වේ..........[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මිතුරනි, සංගිත භාණ්ඩ ලෙස උඩැක්කියක්, සිතාරයක්, වස්දණ්ඩක් සහ බොක්ස් ගිතාරයක් පමණක් උපයෝගී කරගෙන මේ ගීතය අපේ හදෙහි සියුම් ම තැන කරා අමතන මේ අතිශය රමණිය, භාවාත්මක විලාශය බලන්න. මේ ගීතය ශ්‍රවණය කිරීමෙන් අප හදවත් තුල ඇතිවන මේ හැගීම් සමුදාය, ඇත්තෙන් ම වදන් වලට කෙසේ නම් පෙරලන්න ද? නූතනයෙහි කටහඩ මැඩ වැයෙන කර්ණ කඨෝර වාදය වෘන්ද හා සසදන කල, මේ නම් අප සවනෙහි ඕනා මී බිදු නොවේද? මහගම සේකරයන් සරල, සුගම වදන් කීපයකින් ජනිත කරවන මේ රසාස්වාදය, ජීවිතයේ විදි, නමුත් අපේ වදනින් අපට කියා ගත නොහැකි වූ අප සැම ගේ ම අත් දැකීම නොවේද? (මගේ පෞද්ගලික අදහස නම් සේකරයන් වදන් කීපයකින් ජනිත කරවන මේ අර්ථ සහ භාව රසය මතුකරලීමට අප නම් බුදුවනු පිනිස පෙරුම් පුරන තරම් කල්-සාරාසංක්‍ය කල්ප ලක්ෂයක් ම-පෙරුම් පිරිය යුත් බවය!!)අමරදේව ඇදුරුපානන් ගේ අතිශය භාවාත්මක, මධුර ස්වරය, කෙදිනකවත් මේ ගීතය අපේ මතකින් බැහැර නොවන දිව්‍යමය ගීතයක් නිර්මාණය කර ඇති බවය මාගේ මතය නම්............[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ සංයමයකින් යුත්, හදවතෙහි ගැඹුරුම අස සොයා යන ප්‍රේම ගීත, අහෝ අද දින අසන්නට නොලැබෙන්නේ අප ගේ දෙසවන කළ කුමන නම් පාපකර්මයක් නිසාද???????????????????[/FONT]

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif