සුන්දර ගීයක ඇරබුම,..

thomian

Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    යාළුවනේ කම්මැලි නැතිව කියවන්න.... හරිම සංවේදී කතාවක්

    සදාදරණීය ක්ලැරන්ස් ගැන බිදක්.... යාළුවො කිහිප වතාවක්ම ක්ලැරනස් විජේවර්ධනගෙ ගීතයක විචාරයක් හෝ නිධාන කවාවක් කියන්න කියල ගොඩාක් ඉල්ලීම් කලා.... ඒත් අවාසනාවකට මට නිවැරදි නිධාන කතාවක් හොයාගන්න බැරි උන නිසා තමයි ප්‍රමාද වුනේ... ඒ පිළිබදව සමාව ඉල්ලනවා මුලින්ම අපේ එළකිරි යාළුවන්ගෙන්...

    එහෙනම් අපි මොහු විසින් රචනා කරල තනු නිර්මාණය කරන ලද ගීතයක නිදාන කතාව බලමු.... මේ තියෙන්නෙ ගීතය අහල බලන්න දන්නවද කියල.....


    හරි දැන් ගීතය දන්නවනේ... මේ ගීතය රචනාකරල තනු නිර්මානය කලේ ක්ලැන්ස් විජේවර්ධන... ඒත් මේ ගීතයෙන් කියවෙන දිල්හානි කවුද. කවුද මේ නිදියන්නෙ නැතිව අඩ අඩා ඉන්න දිල්හානි..... මේ ඉන්නෙ ඇය තමයි. ඇයගේ නම දිල්හානි කොරයා. සිරි සගබෝ කොරයාගේ දියණිය තමා මැය...... ඇය අද වෙනකොට දෙදරු මවක්..
    2010122104.jpg

    මේ ඇය සිය දරුවන් දෙදෙනා සමග.....
    av-30.jpg


    මේ ගීතයේ නිදාන කතාවත්... ඉන් පසු මේ ගීතය ඇය වෙනුවෙන් ගායනා කල ආකාරයත් සහ තවත් තොරතුරු රාශියක් ඇය පවසන්නෙ මේ විදියට.....

    මේ ගීතයේ කියැවෙන දිල්හානිය මමයි කියලා දැන ගන්න කොට මට වයස අටක් නමයක් විතර ඇති. හැමෝම ආදරය කළ ඒ ගීතය ක්ලැරන්ස් අන්කල් ලිව්වේ මටයි කියලා මම දැනගත් මොහොතේ මට අන්කල් ගැන ඇතිවුණ ආදරය ගෞරවය වචනයෙන් විස්තර කරන්නට අපහසුයි.

    පුංචි කාලේ මම හරියට අඬනවාලු. ඉතින් මාව නලවන්න අන්කල් මාව තොටිල්ලේ තියලා තොටිල්ල හෙමිහිට පද්ද පද්ද අන්කල්ගේ ගිටාර් එක වාදනය කරද්දි මම අඬන්නේ නැතිව අන්කල් කියන සින්දු අහගෙන ඉන්නවාලු. ඔය වගේ දවසක මාව නලවන කොට තමයි අංකල්ට හිතුණේ මම වෙනුවෙන් ගීයක් නිර්මාණය කරන්න.

    මේ ගීතය ඉන්ද්‍රානිගේ හඬින් ඇසෙන්න පටන් ගත්තාම බොහෝ දෙනෙක් හිතලා තිබුණේ අන්කල් මේ ගීතය හැදුවේ එකල ජනපි‍්‍රය නිළියකගේ දියණියට කියලා.

    නමුත් අන්කල්ට මේ විස්තරේ දැනගන්න ලැබුණහම ගොඩක් දුක හිතිලා. ඒ නිසාම තමයි නව රඟහලේ පැවැත්වූ සංගීත සංදර්ශනයකදී අන්කල් මාව වේදිකාවට ගෙන්වලා තුරුළු කරගෙන හැමෝටම හඳුන්වලා දුන්නේ. ඔහුගේ ගීතයේ කියැවුණු ආදරණීය දිල්හානී දියණිය මමයි කියලා. එදා තමයි බොහෝ දෙනෙක් දැන ගත්තේ මේ ගීතය හැදුවේ වෙන කාටවත් නෙමෙයි. ශ්‍රී සඟබෝ කොරයාගේ දියණියට කියලා. ඉතින් එදා මට දැනුණ සතුට කියලා නිම කරන්න බැහැ.

    පුංචි වුණත් මාව දැන් හැමෝම දන්නවානේ මම දැන් ජනපි‍්‍රයයි නේද කියල, පුංචි ආඩම්බරයකුත් තිබුණා. එදා ඒ ප්‍රසංගය අවසානයේදී තාත්තා මාව හොයල කලබල වෙලා තිබුණා. ඒත් මම ඒ වෙලාවේ වේදිකාවේ කොණකට වෙලා සමරු පොත් අස්සන් කළා මට අද වගේ මතකයි. එදාම මට තවත් දෙයක් හිතුණා. අංකල් හදපු මේ ගීතය තවත් ජනපි‍්‍රයත්වයෙන් ජනපි‍්‍රයත්වයට පත්වේවි කියලා. එය අද සැබෑවක් වෙලා අදටත් ඒ ගීතයට ආදරය කරන පිරිස බොහොමයි.

    මේ ළඟකදී ඉන්ද්‍රානි මට හරි අපූරු කතාවක් කිව්වා. ඔස්ට්‍රේලියාවේදී ඇය සහභාගි වූ සංගීත ප්‍රසංගයකදී, එය නිමා කිරීමට ජාතික ගීය ගැයීමෙන් පසුවත් කිසිම කෙනෙක් එම ස්ථානයෙන් ඉවත් වුණේ නැහැලු.

    මේකට හේතුව ඉන්ද්‍රානි පැමිණි සිටි අයගෙන් අසද්දි ඔවුන් සියල්ලටම අවශ්‍ය වෙලා තිබුණේ ඇය ලවා දිල්හානි ගීතය නැවත ගායනා කරවාගන්නට. ඒ වන විටත් දෙවතාවක්ම එම ගීතය ගායනා කර තිබු නිසාත් ප්‍රසංගය අවසන් කර තිබු නිසාත් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කිරීමට අපහසුයි යැයි ඉන්ද්‍රානි පහදා දෙන්නට උත්සහ කර තිබුණත් එය සාර්ථක වෙලා නැහැ. අවසානයේදී ඇයට දිල්හානි ගීතය තෙවැනි වතාවටත් ගායනා කරන්නට සිදු වුණාලු.

    ඉතින් මෙවැනි දේවල් අසන්නට ලැබෙද්දි මට දැනෙන්නේ ක්ලැරන්ස් අන්කල්ගේ ගීත එදා පමණක් නොවෙයි සදාකාලිකවම ජනතාවගේ සිත් තුළ ඔහුගේ ගීත මතකයේ රැඳෙන්නට තරම් ඔහුගේ ගීතවල ආකර්ශනීය බවක් තිබෙනවා කියලයි.

    ඉන් පසු කිහිප වතාවක්ම මම ඉදිරියේ ඒ ගීතය ගායනා කරනවා අසන්නට තරම් මම වාසනාවන්ත වුණා. මගේ විවාහ උත්සවයේ දෙවැනි දවසේ ඉන්ද්‍රානි මේ ගීතය ගායනා කරද්දි ඇය මා දිහා බලාගෙන ඇඬුවා මට අද වගේ මතකයි.

    කුඩා කාලයේදී මේ ගීතයේ අරුත, මෙහි පද මාලාව ගැන මට එතරම් දැනීමක් තිබුණේ නැහැ. නමුත් තේරෙන වයසට පා තබද්දි මට ඒ වචන වටහා ගැනීමට හැකි වෙන කොට ඒ පද මාලාවෙන් කියැවුණු උතුරා යන ආදරය හමුවේ මම කිහිප වරක්ම හැඬුවා මට මතකයි. අදටත් සෑම ඉරිදාවකම අපේ පවුලේ සියලු දෙනාම එකතු වෙලා මේ ගීතය ගායනා කරනවා. අදටත් ඒ වචන තුළ තිබෙන අරුත මම ඇස් දෙක පියාගෙන කල්පනා කරනවා.

    ඒ පද මාලාවට සවන් දෙන ඕනෑම කෙනකුගේ දෙනෙත් කඳුළින් තෙත් වනවා නියතයි. ඒ අතර මම විශේෂිතයි. මගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නේ ක්ලැරන්ස් විජේවර්ධන නමැති සුන්දර මිනිසා කෙරෙහි මා තුළ තිබෙන ආදරය ගෞරවය මුසු කරගෙනයි.

    රමණී සැනසුම ගෙන දෙන.... යන ගීය නිර්මාණය කළා ඒ ගිතය ලියැවුණේ මගේ අකක් රමණි වෙනුවෙනුයි. නම්ත් අපේ නංගි ශාමිනි වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට අවස්ථාවක් ලැබුණේ නැහැ. මට මතකයි අංකල් කියනවා එයාගේ හිතේ තිබුණු ලස්සනම වචන ඔක්කකෝම එකතු කරලා මගෙයි අක්කාගෙයි ගීත හදපු නිසා නංගීට වෙනුවෙන් ගිතයක් ලියන්න අන්කල්ට වචන නැති වුණාලූ.

    ක්ලැරන්ස් අංකල් කෙරෙහි මා තුළ තිබෙන ආදරය අසීමිතයි. ඔහු අපෙන් සදහටම වෙන්වුණා කියන වදන් පෙළ මට ඇසුණු මොහොත... නැහැ ඔහු අප අතර නැහැයි කියලා කියන්නටවත් අසන්නටවත් අදටත් මම කැමැති නැහැ. ඔහු මිනිසුන් අතර සිටි අපූර්වතම සොඳුරු මිනිසෙක්.

    අන්කල් අසනීප වෙලා අවසාන කාලයේ රෝහල් ගත කර සිටිද්දී ඔහු බෙහෙත් බිව්වේ නැහැ. ඔහුගේ බිරිය මට තුන් වරක් පමණ දුරකථනයෙන් කියනවා “අනේ දිල්හානි, අන්කල් බෙහෙත් බොන්නේ නැහැ ඔයා හරි ඇවිත් පොවන්න එතකොට අන්කල් බොයි කියලා” ඉතින් මම කාර්යාලයේ ඉඳල හනි හනිකට දුවනවා අන්කල්ව බලලා බෙහෙතුත් පොවන්න.

    හැබැයි ඔහු දැනගෙන හිටියේ නැහැ මම ආවේ ඔහුට බෙහෙත් පොවන්න කියලා මම අංකල්ගේ දුක සැප ආදරෙන් අහලා අන්තිමේදී බෙහෙත් ටිකත් මගේ අතින්ම අංකල්ට පොවනවා. මම අන්කල්ව බලන්න රෝහලට ගිය දිනකදී ඔහුට බෙහෙත් පොවලා මම එන්න සැරසෙද්දී දිනක් “දුව පොඩ්ඩක් ඔහොම ඉන්න මට ඔයාගේ ඉස්සරහම ඔයාට ලියපු සින්දුව ගායනා කරන්නට ඕනේ කියලා” කිව්වා.

    ඉතින් එදා ඔහු ලෙඩ ඇදේම ඉඳගෙන ගිටාරයක් නැතුව වේදනාවෙන් ඒ ගීතය ගයපු විදිහ අදටත් මගේ සවනට රැව් දෙනවා වගෙයි මට දැනෙන්නේ. මම කුඩා කාලයේදී අන්කල්ව සමීපව ඇසුරු කරන්නට මට අවබෝධයක් තිබුණේ නැහැ. නමුත් දැනුම් තේරුම් ඇති වයසට එළැඹෙද්දි මමයි අන්කලුයි අතර තිබුණේ ඉතා දැඩි සෙනෙහසක්.

    දිල්හානි කියන නම එතරම් ජනපි‍්‍රය නමක් නොවුණත් මේ ගීය ප්‍රචාරයෙන් පසු දිල්හානි යන නම කොතරම් ප්‍රසිද්ධ වුණා දැයි කීවොත් බොහෝ මව්පියො තම දියණියට මේ නම දැම්මේ අන්කල්ගේ දිල්හානි ගීතය නිසා කියා මම අසා තිබෙනවා. දැන් මමත් ආදරණීය මවක් වැඩිහිටියෙක්.

    නමුත් අදටත් දිල්හානි ගීතයට සවන් දෙද්දි මම නැවතත් පුංචි දිල්හානි දියණියගේ ලෝකයට ගමන් කරනවා. අන්කල් අප අතරින් සමුගෙන වසර ගණනක් ගත වුණත් අදටත් ලංකාවෙ බිහිවූ විශිෂ්ටතම නිර්මාණ කරුවා දක්ෂතාවලින් පරිපූර්ණ වූ මිනිසා ඔහු පමණයි යන්න මගේ හැඟීමයි.

    තවත් ගීතයකින් හමුවෙමු..... ඔබේ අදහස් ලබා දෙන්න........

    (මේ තොරතුරු සොයාගත්තෙ උපුටාගත්තෙ සිළුමිණ පත්‍රයකින් )

    11.gif
    11.gif
    11.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113


    ඔබ ඉල්ලූ ගීතය පිළිබදව ලොකු විචාරයක් කිරීම සදහා කාලය ප්‍රමාණවත් නොවන බැවින් සරල විග්‍රහයක යෙදෙන්නම්.... අඩුපාඩු තිබුනොත් සමාවන්න...

    මේ ගීතයට නිධාන වූ කතාව මේ අයුරින් තමා දැනගන්න ලැබුනෙ.... මෙහි පද රචකයා හා තවත් යාළුවෙක් නැවතිලා ඉදල තියෙනව විශ්ව විද්‍යාලය අසල බෝඩිමක.... දන්නවනේ ඉතින් එතකොට පුදුම නිදහසක් නේ තියෙන්නෙ.... කොහොම හරි දෙන්න මෙහෙම කාමරේ ඉන්න වෙලාවෙ ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් මෙයාලව මුණ ගැහෙන්න පණිවිඩයකට......

    ඉතින් අපේ යාළුවො දෙන්නට රටක් රාජ්‍යයක් ලැබුණ වගේ... පැනල උදවු කලාලු... ඉතින් ඒ ගෑණු ළමය ගියායින් පස්සෙ දෙන්න පිස්සුවෙන් වගේලු..... කෙල්ල ගැනමයි දෙන්න කියව කියව ඉන්නෙ... හාදයො දෙන්නට කන්න ඕනෙත් නෑ... (මචන් කොහොමද ඇසි දෙක... දැක්කද උඹ අර තොල්දෙක...ආ... මාර සීදෙවියි නේ බං.... ගින්දර ඈ.... ඔහොමනේ ඉතින් අපි උනත්.... )

    වැඩේ කියන්නෙ දෙන්න කෙල්ල ගැන හිත හිත ෆුල් මනෝ පාර ගගහ ඉන්න කොට මෙන්න ආයෙත් වතාවක් කෙල්ල ආවලු.... හරියට දෙන දෙයියො පැන පැන දෙනව වගේ.... කතා නෑ.... යාළුවො දෙන්නටම තියෙන සන්තෝසෙ පිටකරගන්න බෑ.... ගෑණු පරානයක් තියා හරි හැටි කොල්ලෙක්වත් නොඑන බෝඩිමකට කෙල්ලෙක් දෙපාරක් ආවම කොහොම දරාගන්නද..... ඉතින් රෑ තිස්සෙත් දෙන්නගෙ කතාව මේක තමයි.... දෙන්නම එක ලෙසින් සමගියෙන් ඒ කාන්තාව වර්ණනා කරනව, අගේ කරනව. ඉතින් ඔන්න ඔය සිද්ධියේදී දෙන්නගෙ හදවතේ පොපියන සන්තෝෂය රසිකයන්ට මැවෙන විදියට තමයි මෙම ගීතයේ තණුව යොදාගෙන තියෙන්නෙ.... දෙන්නගෙ හදවත් වලට සිතුන දේවල් තමයි ගීතයේ පදවලට මූලික වෙලා තියෙන්නෙ.... එහෙනම් රස විදල බලන්නකෝ......



    ගිණි මලක් පිපුනාය දොරකඩ
    වරක් නොව තව වතාවක්
    සඳක් සේ දිළිසුණා පුරපස
    පිපුණි දොරකඩ රන් මලක්

    මඳහසක් දිලිසීය මුව අග
    නිමේෂයකට කඩ ඉමක් ඇර
    නමුදු ඒ ඇස ඉරා කඩඉම්
    ගෙනගියා අප අනන්තය වෙත

    දුටිමි අප ඇගෙ ඇසිපියන් යට
    දෙසිත් කැළඹූ නිල් උපුල් යුග
    දැවි දැවී සැනසුනා අප සිත්
    තැබී ඈ තව පියවරක් දුර


    ප.ලි. (දත් කිඹුලා)
    දන්නව ද මේ ගීතයේ විශේෂත්වය........පද රචකයින් දෙදෙනෙකු සම්බන්ධ වෙලා ලියල තියන ගී අල්පයයි අපේ ගීත සාහිත්‍යයේ තියෙන්නේ.......මේක ඒ වගේ එකක්........ලියල තියෙන්නේ ධම්ම දිසානායක සහ (සොරිය...අනිත් එකා ගේ නම් දිව අග එන්නේ නෑ තදියමට......)
    දෙදෙනාම මේ වන විට විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු.................!!!!!
    ධම්ම පසු කාලෙක මේ ගීතය ගැන ආවර්ජනා කරමින් කිව්වේ ඇත්තටම මල්වෙඩිල්ලක් පිපුරුවා-නැතිවුණා වගේ අලහාදයක් ජනිත වුණා කියල මේ යුවතිය දුටු මොහොතේ දෙදෙනා ගේම සිත් වල........!!!

    නියමයි සහෝ....:)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,101
    16,868
    113
    මම මාස ගනනක සිට අසා විදින අතිශයින් ම භාවාත්මක ගිතයක් මෙය. අපේ තරුණ ගදඹ පරපුර හරසුන් ගීත ගයතියි කියන මතයට කදිම අතුල් පහරක් මේ ගීතය. ගායනය කසුන් කල්හාර ගෙන්. ගේය පද අප අසා නැති පද රචකයෙකු ගෙන්-අචල සොලමන්ස්. ගී තනු ද අප අසා නැති තරුණයෙකු ගෙන්-රාහුල සමරනායක...............

    ඇය ගේ කදුළ දකින ඔහු ගේ ළතැවිල්ල............

    කදුළු............



    ඊයේ ඇස් වල තිබු කදුළු
    පිසලන්නට බෑ කිව් නිසා.........
    ඒ කදුලේ - ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා......
    සද අදුරට උරුම වෙලා.........

    ආදරයේ කදු බෑවුම් අතරේ......
    කදුළු වලින් මියැදී
    සිනහවෙන් ඉපදී
    ආ හැටි පෙරදී
    කදුලේ ඉපදි වියැකි
    ඒ සුරතල් සිනා......
    ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...............
    ඒ කදුළේ ආදරයේ පැහැයක්..............
    තිබුණා............................!!!!!

    ඇය හඩයි. ඒ හඩන්නේ ඔහු ගැන උපදනා සෙනෙහසිනි. නමුත් ඔහු ඒ කදුලේ ආදරයක් නොමැති බව ම කියයි. ඒ කදුළු පිසදැමීම, ඇය අස්වැසීම ප්‍රතික්ෂේප කරයි. ඒ ප්‍රත්සේප කිරීම ඇගේ සදවන් වුවණත අදුරට බිලිකරවයි...........ඇගේ මුව මැළවී අදුරින් පිරේ.............

    ආදරයේ කදු බෑවුම් අතරේ......
    කදුළු වලින් මියැදී
    සිනහවෙන් ඉපදී
    ආ හැටි පෙරදී
    කදුලේ ඉපදි වියැකි
    ඒ සුරතල් සිනා......


    ඇගේ සිනහව ඔහු ගේ සිත ආලෝලනය කරන ආකාරය වර්ණනා කරන මේ පද දෙස බලන්න. ඔහු අගය කරන ඒ සුරතල් සිනාව ඇරඹෙන්නේ ආදරයේ සදු බෑවුම් අතරය. ඒ සිනාව වරෙක කදුළු වලින් මියැදී තිබූ බව ඔහු දනී. නැවත ඒ සිනහවෙන් ඉපදී, කදුළින් ම ඉපදී, එයින් ම වියැකෙන ඒ සොදුරු සිනාව ඔහු ගේ හදවතේ ඇති කරන හැගීම වර්ණවත් කරන ආකාරය මොනවට විදහා දක්වා ඇති ආකාරය බලන්න.
    ඔහු කල ඒ වරදට, ඇගේ කදුලේ ආදරයක සේයාව නොමැති බව කීමෙන් ඔහු කල වරදට, ඔහු තැවෙන ‍ආකාරයද, ඔහු ගේ හෟදය සාක්ෂිය ඒ කදුලේ ආදරයක් ම පවතින බව අවසන දී පිලිගන්නා ආකාරයද බලන්න.


    ඒ කදුළේ ආදරයේ පැහැයක් මා නෑ කිව් නිසා...............
    ඒ කදුළේ ආදරයේ පැහැයක්..............
    තිබුණා............................!!!!!


    බොක්ස් ගිතාරක් පමණක් හඩවමින්, කසුන් ගේ වර්ණනාවිෂයක්‍රාන්ත වන සොදුරු කටහඩ සමග මේ ගීතය කරන මේ ගනුදෙනුව, මිතුරනි, මොන තරම් සොදුරුද? මේ ගීතයේ කසුන් භාවිතා කරන ගායන උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ හඩ උච්චිවචනය කරමින් කරන මේ ගායනය, දෙවැනි වන්නේ කුමකටද? මා මේ ගීය ගැන එතරම් දීර්ඝ විස්තරයකට නොඑළඹෙන්නේ, මෙය හුදෙක් විද දරා ගත යුතු ගීයක් ලෙස මා හගින බැවිනි.
    අවසන දී සොයුරනි, මේ ගයන්නේ අප අත්විදි අත්දැකීමක් ම නොවේද?????????????

    :):):):):):)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    තමන්ගෙ බිරිද ගියා හරි කමක් නෑ ... දුව ඉන්නවනේ කියල හිතාගෙන මහාචාර්ය තුමා හිටිය....
    දැන් වැඩ ඇරිල ගෙදර එනකොට දුවගෙන ඇවිත් තමන්ව බලාගන්නෙ දුව... තාත්ත බෙහෙත් ගැන, කෑම ගැන බලන්නෙ නෑ... ඉතින් තාත්තගෙ කෑම බීම ගැන බලන්නෙ මේ දුව තමා.... බිරිදට වඩා සෙනෙහසින් මේ වයසක මහාචාර්යවරය දැන් දුව ආදරෙන් බලාගන්නව....

    කවන්නිය පොවන්නිය ... මා ගැන දුක් වන්නිය...
    වනයේ දුකක්විද... සොයන්නිය... බලන්නිය....

    මෙහෙම කාලයක් යනකොට දුවත් මහාචාර්යතුමාගෙ හොදම ගෝලයත් එක්ක පැනල ගියා. අම්මවගේ මාව දාල ගියේ ඇයි දුවේ... උඹටවත් මාව තේරුම් ගන්න බැරිඋනාද?... උඹටවත් මගේ ලග ඉන්න බැරිඋනාද...?

    ඇයි සුදු දුවණිය නුඹවත් නොසිටියෙ..... ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ.......
    ==============================
    ගල්ලෙන බිදලා
    ලෙන් දොර ඇරලා
    සින්හබා.... සින්හබා.... සින්හබා
    මා සොදුර.....///

    සින්හ සීවලී..... මා ප්‍රිය දියණිය
    ගල්ලෙන බිදලා
    ලෙන්දොර ඇරලා
    ගොසින් සැමදෙන
    නැතේ කිසිවෙක්

    මම දැන ගතිමි
    මම සැක කලෙමි
    සින්හබා.....///

    ලෙනතුල නොවෙති
    පෙරලා නො එති
    මම දැනගතිමි
    මම සැක කලෙමි
    සින්හබා......//

    ඔන්න ඔහොමයි සිංහල නාට්යන කලාවේ ශේෂ්ඨතම නාට්‍ය දෙක බිහි වීමේ මුලික අඩිතාලම වැටුනේ....


    කොහොමද මහාචාර්යතුමාට තව ළමයි හිටියනම්.........


    Meka mamath ahala thiyenawa, oya kathawa kiwveth wena kawuruwath neme, Rathnashri wijesingha'ma thamai...
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    1971 කියන්නෙ ලංකාවෙ තරුණ අරගලයක් ඇති උන කාලයක්. ඉතින් රජ්‍ය ආරක්ශක අංශ විසින් මෙකී අරගලය මැඩ පැවැත්වීමට කටයුතු කරද්දී මේ තරුණ කැරලි කරුවන් තම තමන්ගේ ආරක්ශා සදහාත් ඉදිරි සැලසුම් සදහාත් ඉතා ඝන කැලෑ තුල සැගවීගන්නවා. ඔය අතර ලංකා මෑනියන්ට ඒතෙක් මෙතෙක් ජාතක වුනු සුපිරිතම පුද්ගලයකුගේ සොයුරන්ද සිටිනවා.
    ඒ කාලයෙ වෙඩි හඩක් කෙනෙකුට මහා අරුමයක් නොවන තරමටම සුලබ වුනු කාලයක්. උලලේනෙකුගෙ හඩක් එක්ක මහා මූසලවූ රත්‍රියක තවත් එක් වෙඩි හඩ්ක් ඇහෙනවා. ඒ වෙඩි හඩේ දෝන්කාරය නිමා වන්නේ මෙකී සුපිරි මිනිසාගේ එක් සොයුරෙකුගේ ජීවිතයත් එක්කමයි. මේ පුවත මව් සෙනෙහස, සහොදරකම මිත්‍රත්වය දේවත්වයෙන් සලකන ලද මේ අපූරු මිනිසාගේ සවනට වැටෙනවා. හදවත් පතුලේ කැකෑරෙන සහෝදර කමින් සුපොශිත මේ මිනිසා මේ වෙන් වීම නිමිත්ත කර ගනිමින් අවි අතට ගන්නවා.
    මේ සොදුරු මිනිසා රංබන්ඩා සෙනෙවිරත්නයනුයි එතුමා අතට ගත් ඒතුමාගේ අවියෙන් ශ්‍රී ලංකා කලා කෙතට සුපෝශිත කරලක් එක් වෙනවා. ඒනම් වරක් ඇසූවකු තුල අමරනීයව පැලපදියම් වන අපූර්වතම ගීයක් දායාද වෙනවා..................
    මේ ගීතය අනූව එතුමා මේ සිදුවීම දකින්නේ තවත් කැරලි කරුවකුගේ ඇසිනි.....

    පාළුව දෙවනත් කරලා
    නාඬන් උලලේනෝ
    කාටත් නපුරු දා
    තනිකම් ඇතිවෙනවා
    උලලේනෝ..

    සියලු දෙනාට ම එළඹී ඇත්තේ නපුරු කලදසාවකි. ඊයේ හිටපු අය අද අපිත් එක්ක නෑ. ඒ නිසා පාලුව කියන දේ තදින්ම හිතට දැනෙනවා. උලලේනො උබේ මූසල හඩින් ඒ පාලුව තවත් වැඩිවෙනවා විතරයි. ඒ නිසා නාඩා ඉදින් උලලේනෝ............

    සීත සුළං හිරිකඩයි
    කැලේ අපට උරුමේ
    උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
    උලලේනෝ......

    මේ රුදුරු කැලය, හමන දරාගත නොහැකි සීත සුලං හා හිරිකඩ පමනයි අපට උරුම වෙලා තියෙන්නේ. තටු ලැබිල පියාබන්න ඔන තරුන්‍යය තමයි අපි කැලේ දඩු වලින් අටව ගත්ත පැලක අපි ගෙවන්නෙ. අපිට වඩා උබට නිදහස තියනවා උලලේනෝ. ඒ නිසා නාඩා ඉදින්..........

    ඉහිරුණු කිරි කොතලෙට
    ඉකි බිඳලා පල නෑ
    උඹටත් එක්කයි මම මේ
    කවිය කියන්නේ
    උලලේනෝ........

    නැති උන දේවල් වලට හඩල පලක් නෑ. මොකද අපි හැඩුව කියල ඒ දේවල් නැවත ලැබෙන්නේ නෑ. උබටත් එක්ක මම මේ කවිය කියන්නේ උලලේනෝ නාඩ ඉදින්.....

    සංසාරේ හැටි තමයි
    වියෝග ඇතිවන්නේ
    නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
    උලලේනෝ........

    ප්‍රිය කරන අයගෙන් වෙන්වීම දුකක් තමයි. ඒත් ඒ සංසාරෙ හැටි ඔකට හඩල වැඩක් නෑ උලලේනො.... ඔය දුක නැති කරගන්න නම් අපි නිවන් දකින්නම ඔනා........

    සෙනෙවිරත්නයන් මේ ගීතයේ දරුනුම අයුරින් වචනය භාවිතා කරන්නේ අන්තිම පද කිහිපයේදී යැයි මගේ හැගීම. මොකද උන දේවල් වලට හඩලා වැඩක් නෑ යැයි උලලේනට කියන්නේ ඇයි? මොකද ඔහු දන්නවා ඔහු වගේම තවත් පිරිස් මේ අයුරින් උල ලේනාගේ හඩට සවන් දෙමින් කැලයේ සිටිනා බව. රචකයා උලලේනාට මේ පවසන්නේ අන්න එවැන්නවුන් ටද ඔහුගේ හැගීම සන්නිවේදනය කරනමෙනි.
    නමුත් මේ හැගීම මොකද්ද...... ඇතැම් විට විප්ලව්යේ බලාපොරොත්තු සුන් වූවා කියන ඒකද නැත...... මා සිතනා අයුරින් එය එසේ නොවේ. මක්නිසාදයත් "සංසාරේ හැටි තමයි වියෝග ඇතිවන්නේ" රචකයා වියෝග ඇතිවීම සංසාරේ තවත් එක් සිදුවීමක් ලෙස දකියි. ඒනම් විප්ලවය නිසා නොවන බවයි. එසේනම් මේ විප්ලවවාදී රචකයා උලලේනාගේන් සන්නිවේදනය කිරීමට යැයි ඉල්ලන පනිවිඩය තමන්ගේ සොයුරන් මිතුරන් කොතෙක් අප හැරගියත් මේ විප්ලවය දිගටම පවත්වාගෙන ලෙස නොවේද?

    පද :- රංබන්ඩා සෙනෙවිරත්න
    තනු හා ගායනය :- ගුණදාස කපුගේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    පාළුව දෙවනත් කරලා
    නාඬන් උලලේනෝ
    කාටත් නපුරු දා
    තනිකම් ඇතිවෙනවා
    උලලේනෝ..


    සීත සුළං හිරිකඩයි
    කැලේ අපට උරුමේ
    උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
    උලලේනෝ......


    ඉහිරුණු කිරි කොතලෙට
    ඉකි බිඳලා පල නෑ
    උඹටත් එක්කයි මම මේ
    කවිය කියන්නේ
    උලලේනෝ........


    සංසාරේ හැටි තමයි
    වියෝග ඇතිවන්නේ
    නිවනට ගිය දා මේ හැම දුක නැතිවන්නේ
    උලලේනෝ........


    පද :- රංබන්ඩා සෙනෙවිරත්න
    තනු හා ගායනය :- ගුණදාස කපුගේ
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ඔබ කියන කතාව හරි. මොකද මේ සින්දුව ඉවර වෙනකොට යන වාදන ඛන්ඩය ටිකක් විප්ලවකාරී ගතියකින් යුක්තයි.කොහොම උනත් මේ සින්දුවේ මහා පුදුමාකාර අමුත්තක් තියනවා..
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    ප්‍රියා සූරියසෙනගේ 'ඈත රන් විමන්'....

    ප්‍රියා සූරියසෙනගේ 'ඈත රන් විමන්' සින්දුව ගෑන විස්තරයක් දෑන ගන්න කෑමතියි. අපේ අය්යල මගේ ඉල්ලීම අහක දාන එකක් නෑ කියල හිතෙනවා..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අපේ යාළුවෙක් ප්‍රියා සූරියසේනගේ 'ඈත රන් විමන්' ගීතය ගැන විස්තරයක් දැන ගන්න කැමතියි. කියල සදහනක් කරල තිබුන.. ඉතින් ඒ ගීතය විචාරය කිරීමට වඩා අන්තර්ජාලය මූලික කරගෙන මේ ගීතය නිසා සිදුවූ පටලැවිල්ලක් ඔයාලට පෙන්නල දෙන්න ඕන කියල හිතුන... මොකද මේ නූල තුලින් අප දන්නා හැම දේම ඔබට ලබා දෙන්නයි අපේ උත්සාහය.... ඉතින් මම මේ සදහන් කරන පටලැවිල්ල කියවල අපේ යාළුවොත් අන්තර් ජාලයේ පොඩ්ඩක් විස්තර හොයල බලන්නකෝ.......

    යාළුවනේ ඔය ගීතය ගැන කතා කිරීම සෑහෙන්න වටිනව..... ලොකු අසාධරණයකට ලක්වුන ගීතයක්... මෙච්චර ලස්සන ගීතයක ගෞරවය ප්‍රියා සූරියසේනට පමණක් නොවෙයි... පදරචකයා සහ තනු නිර්මාණ ශිල්පියාටත් යා යුතුයි... නමුත් නොයෙක් නොයෙක් ස්ථාන වල සදහන් වන්නෙ නොයෙක් නොයෙක් තොරතුරු.... ඒක හරිම අසාධාරණයි...

    එක තැනක සදහන් වෙනවා...
    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    සංගීතය : ප්‍රියා සූරියසේන​

    තවත් තැනක සදහන් වෙනවා
    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන​

    නමුත් මා දන්නා තරමින් (මා දන්නා තරමින් යැයි නැවතත් සදහන් කරනු කැමැත්තෙමි) එය විය යුත්තේ මෙන්න මේ ආකාරයටයි...
    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ෂෙල්ටන් වීරරත්න
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන​

    කෙසේ වෙතත් මෙයින් නිවැරදි එකක් පමණයි තිබිය හැක්කේ... අනික්වා සාවද්‍යයි.... ඉතින් ගීත සදහාම වෙන්වූ වෙබ් අඩෙවි ඇයි මේ වගේ වගකීම් විරහිතව කටයුතු කරන්නේ කියන ගැටළුව පැහැදිලිවම තියෙනවා... ඇයි මේ ජනප්‍රිය පිළිගත් ගීත වෙබ් අඩෙවි, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා වගකීම් විරහිතව කටයුතු කරන්නෙ... තමන්ගෙ හැගීම් ලස්සනට ගලපා ගීතයක් ලිවුවාම අඩුමගානෙ එහි වටිනාකමවත් පද රචකයට නෑ... තනු නිර්මාණ ශිල්පියටත් නෑ....

    අපිත් ගොඩාක් පදරචකයන්, තනු නිර්මාණ ශිල්පීන් ගැන තොරතුරු හොයන්න මේ වෙබ් අඩෙවි වලට යනවා... මේ ගීතය සම්බන්ධයෙන් මෙම ගැටළුව තිබෙනා බව මා හොදින්ම දන්නා නිසා දැන් අපිට මේ පිළිබදව සාකච්ඡා කරන්න පුළුවන්... ඒත් අපිත් නොදැන මේ වගේ කෙතරම් නම් ගීතවල තොරතුරු වලින් අසාධාරණයක් පද රචකයන්ට හා තනු නිර්මාණ කරුවන්ට වෙනව ඇද්ද කියල හිතන්න.....

    මට මතකයි කලකදී SLBC හි ගිය වැඩ සටහනකදී පැහැදිලිවම කීව මේ ගීතය ලියන ලද්දේ ප්‍රේම කීර්තිද අල්විස් කියල... අපේ යාළුවො ගොඩාක් හිතාගෙනත් ඇති එහෙම... මොකද අන්තර්ජාලයේ හැම තැනම සදහන් වෙන්නෙත් ඔහුගෙ නම....

    හරි එහෙමනම් බලන්න මේ ඡායාරූපයේ 1වන ගීතය වන ඈත රන් විමන් ගීතයේ පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියාගේ නම්....
    priyacd.jpg
    ප්‍රියා සූරියසේනගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ ඔහුගේම පැරණි ගීත එකතුවක් වන ඔහුගේම මෙම ඇල්බමයේ වැරදීමක් වෙන්න පුළුවනිද....? අනික සීඩී ඇල්බමයේ නමත් 'ඈත රන් විමන්'....

    කොහේ හෝ වැරදීමක් වෙලා තිබෙනවා... කිසිවෙක් එය නිවරැදි කිරීමක් කරන්නෙත් නෑ... මුදල් පසු පස හබායන අය ගීත රැකගන්නවා... අනාගතයට දෙනවා කියල වැරදි දේවල් දෙන එක සාධාරණ නෑ නේද... එය එම ගීත වල සැබෑ හිමිකරුවන්ට කරන අසාධාරණයක් නේද...?

    ගායකයෙක් ගීතයක් ගායනා කරල අපි වෙතට ගෙන එන බව ඇත්තයි.... නමුත් සිය හදවතේ ඇතිවන හැගීම් සමුදාය... මනසට අරගෙන....මනස ඔස්සේ පෑන් තුඩින් වචන වලට මුසු කරන්නේ පද රචනා කරන පුද්ගලය... ඒ විතරක් නෙමෙයි.... ඒ පද ටික අපේ සිත් වලට සන්නිවේදන කල යුතු නිවැරදිම ස්පන්දන රටාව තෝරාගෙන ඒ රටාවට ගැලපෙන තනුවක් නිර්මාණය කරන්නේ තනු නිර්මාන ශිල්පියා.... ඉතින් මේ තිදෙනාගේම උත්සාහයේ ප්‍රතිඵලයකින් තමයි සුන්දර ගීතයක් නිමවෙන්නෙ.... එහෙම නිමවූ ගීතයක දෙදෙනෙක්ව මග හැර වෙනත් දෙදෙනෙකුගේ නම් යොදමින් වගකීම් විරහිතව මේ කරන සාවද්‍ය ප්‍රචාරය අසාධාරණයි නේද...?



    ඈත රන් විමන් තුලින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//


    තවත් ගීත විචාරයකින් හමුවෙමු........

    (ඡායා රූපය සොයා ගත්තේ එළකිරියෙන්මයි)
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙච්චර ලස්සන ගීතයක ගෞරවය ප්‍රියා සූරියසේනට පමණක් නොවෙයි... පදරචකයා සහ තනු නිර්මාණ ශිල්පියාටත් යා යුතුයි... නමුත් නොයෙක් නොයෙක් ස්ථාන වල සදහන් වන්නෙ නොයෙක් නොයෙක් තොරතුරු.... ඒක හරිම අසාධාරණයි...
    මෙයත් අසාධාරණයයි කියමි. ගීතයක ගෞරවය ඒ ගීතය සදහා වාදනයෙන් සහය වූ වාදන හිල්පීන්ට සහ ගීතය මනාව පටිගත කළ ශබ්ද පරිපාලකවරයා වෙතද හිමිවිය යුතුයයි හගිමි.:nerd:
     

    user52

    Member
    Jan 25, 2012
    135
    36
    0
    මෙයත් අසාධාරණයයි කියමි. ගීතයක ගෞරවය ඒ ගීතය සදහා වාදනයෙන් සහය වූ වාදන හිල්පීන්ට සහ ගීතය මනාව පටිගත කළ ශබ්ද පරිපාලකවරයා වෙතද හිමිවිය යුතුයයි හගිමි.:nerd:
    ඇත්ත සහෝ....... කනකොට විසිකරන රම්පේ කරපිංචා නැති උනත් හොද්දෙ රස එන්නෙ නෑ නේ..........
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අපේ යාළුවෙක් ප්‍රියා සූරියසේනගේ 'ඈත රන් විමන්' ගීතය ගැන විස්තරයක් දැන ගන්න කැමතියි. කියල සදහනක් කරල තිබුන.. ඉතින් ඒ ගීතය විචාරය කිරීමට වඩා අන්තර්ජාලය මූලික කරගෙන මේ ගීතය නිසා සිදුවූ පටලැවිල්ලක් ඔයාලට පෙන්නල දෙන්න ඕන කියල හිතුන... මොකද මේ නූල තුලින් අප දන්නා හැම දේම ඔබට ලබා දෙන්නයි අපේ උත්සාහය.... ඉතින් මම මේ සදහන් කරන පටලැවිල්ල කියවල අපේ යාළුවොත් අන්තර් ජාලයේ පොඩ්ඩක් විස්තර හොයල බලන්නකෝ.......

    යාළුවනේ ඔය ගීතය ගැන කතා කිරීම සෑහෙන්න වටිනව..... ලොකු අසාධරණයකට ලක්වුන ගීතයක්... මෙච්චර ලස්සන ගීතයක ගෞරවය ප්‍රියා සූරියසේනට පමණක් නොවෙයි... පදරචකයා සහ තනු නිර්මාණ ශිල්පියාටත් යා යුතුයි... නමුත් නොයෙක් නොයෙක් ස්ථාන වල සදහන් වන්නෙ නොයෙක් නොයෙක් තොරතුරු.... ඒක හරිම අසාධාරණයි...

    එක තැනක සදහන් වෙනවා...
    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    සංගීතය : ප්‍රියා සූරියසේන​

    තවත් තැනක සදහන් වෙනවා
    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන​

    නමුත් මා දන්නා තරමින් (මා දන්නා තරමින් යැයි නැවතත් සදහන් කරනු කැමැත්තෙමි) එය විය යුත්තේ මෙන්න මේ ආකාරයටයි...
    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ෂෙල්ටන් වීරරත්න
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන​

    කෙසේ වෙතත් මෙයින් නිවැරදි එකක් පමණයි තිබිය හැක්කේ... අනික්වා සාවද්‍යයි.... ඉතින් ගීත සදහාම වෙන්වූ වෙබ් අඩෙවි ඇයි මේ වගේ වගකීම් විරහිතව කටයුතු කරන්නේ කියන ගැටළුව පැහැදිලිවම තියෙනවා... ඇයි මේ ජනප්‍රිය පිළිගත් ගීත වෙබ් අඩෙවි, රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි නාලිකා වගකීම් විරහිතව කටයුතු කරන්නෙ... තමන්ගෙ හැගීම් ලස්සනට ගලපා ගීතයක් ලිවුවාම අඩුමගානෙ එහි වටිනාකමවත් පද රචකයට නෑ... තනු නිර්මාණ ශිල්පියටත් නෑ....

    අපිත් ගොඩාක් පදරචකයන්, තනු නිර්මාණ ශිල්පීන් ගැන තොරතුරු හොයන්න මේ වෙබ් අඩෙවි වලට යනවා... මේ ගීතය සම්බන්ධයෙන් මෙම ගැටළුව තිබෙනා බව මා හොදින්ම දන්නා නිසා දැන් අපිට මේ පිළිබදව සාකච්ඡා කරන්න පුළුවන්... ඒත් අපිත් නොදැන මේ වගේ කෙතරම් නම් ගීතවල තොරතුරු වලින් අසාධාරණයක් පද රචකයන්ට හා තනු නිර්මාණ කරුවන්ට වෙනව ඇද්ද කියල හිතන්න.....

    මට මතකයි කලකදී SLBC හි ගිය වැඩ සටහනකදී පැහැදිලිවම කීව මේ ගීතය ලියන ලද්දේ ප්‍රේම කීර්තිද අල්විස් කියල... අපේ යාළුවො ගොඩාක් හිතාගෙනත් ඇති එහෙම... මොකද අන්තර්ජාලයේ හැම තැනම සදහන් වෙන්නෙත් ඔහුගෙ නම....

    හරි එහෙමනම් බලන්න මේ ඡායාරූපයේ 1වන ගීතය වන ඈත රන් විමන් ගීතයේ පද රචකයා සහ තනු නිර්මාණ ශිල්පියාගේ නම්....
    priyacd.jpg
    ප්‍රියා සූරියසේනගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ ඔහුගේම පැරණි ගීත එකතුවක් වන ඔහුගේම මෙම ඇල්බමයේ වැරදීමක් වෙන්න පුළුවනිද....? අනික සීඩී ඇල්බමයේ නමත් 'ඈත රන් විමන්'....

    කොහේ හෝ වැරදීමක් වෙලා තිබෙනවා... කිසිවෙක් එය නිවරැදි කිරීමක් කරන්නෙත් නෑ... මුදල් පසු පස හබායන අය ගීත රැකගන්නවා... අනාගතයට දෙනවා කියල වැරදි දේවල් දෙන එක සාධාරණ නෑ නේද... එය එම ගීත වල සැබෑ හිමිකරුවන්ට කරන අසාධාරණයක් නේද...?

    ගායකයෙක් ගීතයක් ගායනා කරල අපි වෙතට ගෙන එන බව ඇත්තයි.... නමුත් සිය හදවතේ ඇතිවන හැගීම් සමුදාය... මනසට අරගෙන....මනස ඔස්සේ පෑන් තුඩින් වචන වලට මුසු කරන්නේ පද රචනා කරන පුද්ගලය... ඒ විතරක් නෙමෙයි.... ඒ පද ටික අපේ සිත් වලට සන්නිවේදන කල යුතු නිවැරදිම ස්පන්දන රටාව තෝරාගෙන ඒ රටාවට ගැලපෙන තනුවක් නිර්මාණය කරන්නේ තනු නිර්මාන ශිල්පියා.... ඉතින් මේ තිදෙනාගේම උත්සාහයේ ප්‍රතිඵලයකින් තමයි සුන්දර ගීතයක් නිමවෙන්නෙ.... එහෙම නිමවූ ගීතයක දෙදෙනෙක්ව මග හැර වෙනත් දෙදෙනෙකුගේ නම් යොදමින් වගකීම් විරහිතව මේ කරන සාවද්‍ය ප්‍රචාරය අසාධාරණයි නේද...?



    ඈත රන් විමන් තුලින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//


    තවත් ගීත විචාරයකින් හමුවෙමු........

    (ඡායා රූපය සොයා ගත්තේ එළකිරියෙන්මයි)

    :D:D
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපේ යාළුවෙක් ප්‍රියා සූරියසේනගේ 'ඈත රන් විමන්' ගීතය ගැන විස්තරයක් දැන ගන්න කැමතියි. කියල සදහනක් කරල තිබුන.. ඉතින් ඒ ගීතය විචාරය කිරීමට වඩා අන්තර්ජාලය මූලික කරගෙන මේ ගීතය නිසා සිදුවූ පටලැවිල්ලක් ඔයාලට පෙන්නල දෙන්න ඕන කියල හිතුන... මොකද මේ නූල තුලින් අප දන්නා හැම දේම ඔබට ලබා දෙන්නයි අපේ උත්සාහය.... ඉතින් මම මේ සදහන් කරන පටලැවිල්ල කියවල අපේ යාළුවොත් අන්තර් ජාලයේ පොඩ්ඩක් විස්තර හොයල බලන්නකෝ.......


    (ඡායා රූපය සොයා ගත්තේ එළකිරියෙන්මයි)






    ඔය ගීතය අසද්දිම දෑනෙනෙ දෑයක් තමා සන්ගීතය ක්ලෑරන්ස් විජේවර්දනයන්ගෙ කියන එක... නොදන්න දෙයක් යාලු.. ස්තූතී බෙදාගත්තාට