එළකිරි භූත කොටුව.........

dm_anjana

Member
Dec 20, 2011
77
14
0
[FONT=&quot]මගේ පියා දෙවියන් දිවය ලෝක විශ්වාශ කරන්නේ නෑ තඹ සතේකට. දවසක් දා තාත්තට මෙහෙම දෙයක් වුනා. තාත්තට රෑ මැද පපුව පොඩ්ඩක් රිදිලා තියෙනවා. එත් එකක්ම තාත්ත දැක්ක කිව්වා ඒක අශ්ව කරත්තයක සුදු ඇඳගත්ත මිනිහෙක් තාත්ත දිහා බලාගෙන ඉන්නවා.:eek: ඉතින් තාත්තට හරි ආස හිතුනලු ඒකට යන්න.;) හරි ලස්සනයි ලු ඒ සිද්ධිය. හැබැයි තාත්තට ඒක පාරම මතක් වෙලා මාවයි අම්මවයි. ඒක නිසා තාත්ත යන්න කැමති වෙලා නෑ.:no::no:[/FONT]

මේක මට කිව්වේ වහ බීල දවස් ගණනක් අයි සි යු එකේ ඉදල යාන්තමට බේරුන කෙනෙක්

එයා බේරගන්න බැරි වෙයි කියලා දොස්තර මහත්තයලත් සැක පල කරලා තිබුනේ. කොහොම හරි බේරිලා මාස තුනක් විතර ගියාට පස්සේ දවසක් මාත් එක්ක කතා කර කර ඉන්නකොට කිව්වා

:oo::oo: එයා දැක්කලු එයා ඇදට වෙලා ඉන්නවා. එයා උත්සහ කළා ලු ඇදෙන් නැගිටලා යන්න. ඒත් කලුපාට උස මහත කට්ටියක් වට වෙලා හිටියලු. එයා යන්න හදනකොට ඒ කව්රු හරි එයාව
"තෝ හිටපු තැනට පල"
කියල ඇදලා දානවලු.

මේක එයාගේ මරණාසන්න අත්දැකීමක් .
:no::oo:

සමහර විට එයාගෙම හිතේ මවිච්ච දෙයක් වෙන්නත් පුළුවන්. නැත්තම් සත්‍යතාවක් තියෙන්නත් පුළුවන්:yes::yes::yes::yes::confused::confused::confused::confused:
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    :oo::oo: එයා දැක්කලු එයා ඇදට වෙලා ඉන්නවා. එයා උත්සහ කළා ලු ඇදෙන් නැගිටලා යන්න. ඒත් කලුපාට උස මහත කට්ටියක් වට වෙලා හිටියලු. එයා යන්න හදනකොට ඒ කව්රු හරි එයාව
    "තෝ හිටපු තැනට පල"
    කියල ඇදලා දානවලු.

    [FONT=&quot]කළු පාට උස මහත කට්ටියක්[/FONT][FONT=&quot][/FONT] ??? දෙවියන් සුදුයි, එතකොට කළු
    [FONT=&quot]පාට කවුද? :eek::eek::eek::dull::dull::dull:[/FONT][FONT=&quot][/FONT]
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මේක මට වෙච්චි දෙයක් නෙමෙයි. අපේ අයියා කෙනෙකුට 95 , 96 කාලයේ වෙච්චි එකක්. :eek::eek:

    මේකේ නම් ගම් විතරක් මනක්කල්පිතයි...

    ඔන්න දැන් නම් මටත් බය හිතෙනවා :oo::baffled:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න මෙකයි හිලඩා කුමාරිගෙ කාමරෙ සින් එක :eek:අපිට මුලින්ම හම්බුනෙ හිල්ඩා ඔබේසේකර හොස්ටල් එකෙ හත්වෙනි වින්ඩ් එකෙ 157 කියන රූම් එක අපි 4ක් හිටියා ඔය හිල්ඩා කුමාරි කියල ප්‍රසිද්ද හොල්මනට සම්භන්ද ගැනු ලමයා හිටියෙත් ඔය 157 හෝ 158 කියන කාමර දෙකෙලු:shocked::shocked:
    කාමර දෙක කෙසේ වෙත්ත හිල්ඩා හොස්ටල් එකට ගිය අය දන්නවා ඇති මෙකෙ 7වින්ඩ් එක මාර පාලුයි කොච්ච්ර කොල්ලො හිටියත් ඒ පැත්තෙ තියන්නෙ මහ පාලු ගතියක් මෙකෙ දෙවෙනි තට්ටවට නගින පඩිපෙලෙ ලයිට් එකත් කැඩිලා කවදාවත් ඒක හදන්නෙත් නැ :no:එකට කොච්චර ලයිට් දම්මත් දවස් දෙක තුනකින් පිච්චෙනවලු හේතුවක් නම් දන්නැ :no:
    කොහොමහරි අපි මේ 157 රූම් එකට යන්කොට රෑට එහෙම අර පඩිපෙලෙ පට්ට වේගෙන් දුවල තමා යන්නෙ කොච්චර චන්ඩි උනත් හෙමින් යන්න බයයි:lol: දවසක් සෙනසුරාදා දවසක මට ගෙදර යන්නත් බැරි වෙලා හොස්ටල් ඉන්න සෙට් උනා අනිත් රූම් වල උන් ඔක්කොම දොරවල් වහල ගිහින් මගෙ කරුමෙට:( මගෙ ලග යතුර තියන්නෙත් 157 විතරයි සෙනසුරාදට ඉතින් හොස්ටල් වල ගන්න දෙයක් නැ රෑට පට්ටම පාලුයි ඇයි හැමෝම ගෙදර යනවනෙ:frown::frown:
    ඕන මගුලක් කියලා මාත් ගියා රූම් එකට චන්ඩියාවගෙ ගියාට ඉතින් ඉන්නත් බයයි වෙන කොරන්න දේකුත් නැ:(ඕන රෙද්දක් වෙන්න කියලා මම නිදාගන්න සෙට් උනා ලයිට එකත් දාලා තමා නිදාගත්තෙ මොකද හිල්ඩා කුමාරි ආවත් හොදට පෙනවනෙ:lol:
    මොන නින්දක්ද නින්ද යන්නෙත් නැ යකො බලු බල්ලෙක් වත් නැතිව හොල්මනක් හිටිය කාමරෙක කොහොම නිදාගන්නද බොලව්:frown: කොහොමින් හරි අහැරගන ඉදලා රැ 1-2 විතර වෙද්දි මට සැරටම නින්දක් ගියා මට නින්දක් ගියොත් ඉතින් ආයේ ලෙසියට ඇහැරෙන්නෙ නැ ඒත් පාන්දර 3ට විතර මම උඩ විසිවෙලා ඇහැරුනා හත් ඉලව්වයි කවුදෝ දොරට ගහනවා:shocked::shocked::shocked:
    මට එලො පොල් පෙනුනා:eek: හොස්ටල් එකෙත් මෙලෝ සද්දයක් නැ මොනව කරන්නද අදනම් හිල්ඩා කුමාරිම තමා ටිකක් වෙලා අහගන හිටියා දොරට ගහන එක නවතින්නෙම නැ:growl::growl:
    මොන මගුලක් කියලා කොරන්නද කැ ගහන්නත් බැ:( ඕන කුමාරියක් හිටියදෙන් දොර ඇරලා බලනවා කියලා හිතගත්තා හිමිට දොර කරකලා තනි ඇහෙන් බැලුවා මෙන්න බොලේ ඉන්නවා කලුවට කලු එකෙක් හිටගන මොකාද පෙන්නෙත් නැ ඇයි දෙය්යනෙ ලයිටුත් නැනෙ:no::no:
    ඔන මගුලක් කියලා ඇරියා දොර හොදටම මෙන්න යකො final year අයියා කෙනෙක් නෙව මෙ ප#$%^ මොන මගුලක් කරනවද මෙ රැ :growl::growl::growl:
    ඒකගෙ යාලුවෙක් ආවලු පාන්දර ගමනක් යන ගමන් ඌට නවතින්න රුමක් හොයගන යද්දි මෙ ලාවට ලයිට් එලියක් දැකලා ආවලු මට ඒකව මරන්න කෙන්ති :frown::frown:
    ඔන්න ඕකයි සින්කෝන් එක එදා තමා මම ජීවිතෙ හොදටම බය උන දවස:lol::lol:

    තව පොඩි ෆන් සිද්දියකුත් මෙත් එක්කම කියන්නම් අපෙ රුම් එකෙ හිටිය 4ක් එකෙක් හිටියා හෙන චන්ඩියා දවල්ට ගහගන්නමයි කතාව රැ වෙනකොට මුගෙ බල බිදෙනවා රැ 7න් පස්සෙ තනියම බාත් රුම් යන්නෙ නැ මූට දත් මදින්න බොකක් දාන්න මොන මගුලට යන්නත් අපි කවුරු හරි එකෙක් පස්සෙන් යන්න ඕන:growl::growl::growl:
    ඕන්න දවසක් මුට පම්ප් එකක් සෙට් වෙලා මලවදෙ බාත් රුම් යමන් කියලා අපි තුන් දෙනාට මල පැනලා කීවා තොත් එක්ක එන්නෙ නැ තනියම පල කියලා මෙ යකා කොච්චර බය ගුල්ලෙක්ද කියනවනම් මෙකා බාත් රුම් ගියෙ නැ පොලිතින් බෑග් එකක් අරන් පම්ප් එක දැම්මා:lol::lol:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කෙටි මරණාසන්න අත්දැකීමක්

    මට මේ දවස්වල භූත කොටුව පැත්තේ කරක්ගහන්න පිලිතුරු දාන්න වෙන්නෑ:dull:..... ඒත් පුලුපුලුවන් වෙලාවට දාතියෙන ඔක්කෝම සිද්දි කියවනව...... එකින් එකාට ස්තූති නොකලට ඔක්කෝටම ගොඩක් ස්තූතියි භූත කොටුව ඇදන් යනවට:love::love:;).....

    කිහිපදෙනෙක්
    කියල තිබුන මරණාසන්න අත්දැකීම් කිහිපයක් ගැන....... බෙදාගන්න අකමැතිව හිටියත් මමත් කෙටි මරණාසන්න අත්දැකීමක් දාන්නම්......... :baffled:

    අත්දැකීම දාන්න ඉස්සෙල්ලා අම්මට පිං:love::love:

    කතාව කෙටිම කෙටි කරන්නම්, මගේ අම්මගේ හදිසියේ ඇතිවුන වචන උච්චාරණයේ අපහසුතාවයකට කොතරම් ඉංගිරිසි බෙහෙත් කලත් ප්‍රිතිපල ඉතා සෙමින් වූ නිසා වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් අපි ඔක්කෝම අමාරුවේ වැටුන:angry::angry::angry::angry:..... වෙද බුවාගෙ ගුලි වගයක් විශවෙලා අම්මට මාංශපේශී දියවන ලෙඩක් හැදුන:(:no::no:...... medicine is poison ~ poison is medicine....... කියල අහල ඇතිනේ....... ඉතින් වෙදමහත්තයට බැනල වැඩකුත් නෑ:dull:

    *මොනව වුනත් ඊට් පස්සේ අම්මට බෙහෙත් කරද්දී, අම්මට දීර්ගායුශ පතල, බොන බෙහෙතේ ගුණය වැඩිවෙන්න කියල, මම අම්මට පොඩි සෙත්ශාන්තියක් කරල පොඩි පිරිත් නූලක් එහෙම දාල නොපෙනෙන පැත්තෙන් වෙන්න ඕන දේ, ලෙඩේ බරපතලකම දැනගත්ත ගමන්ම කළා.....

    ඒත්........ලස්සනට හිටිය අම්ම, බලන් ඉන්දෙද්දී ඇටසැකිල්ලක් ගානට දියවෙලා යන්න පටන්ගත්ත.....:(. (අම්මගේ අන්තිමකාලෙ වෙනකොට ඇඟේ තිබුනේ හමයි නහරයි ඇටයි පමනයි......) මරණය පැහැදිලියි...... ඒත් මේ නියත මරණය මම අම්මට විතරක් නෙමෙයි මුලු පවුලටම හැංගුව:dull:...... මොකද මම කැමති වුන් නෑ මොකෙක්වත් "මගේ අම්ම හෙට අනිද්ද මැරෙනව" කියන පනිවිඩේ වැරදිලවත් අම්මට දෙනවට.......:no: *(ඔය හේතුව නිසාම මම මොනම හේතුවකටවත් පිටස්තර කෙනෙක් ගෙට ගන්න ඉඩ දුන් නෑ:dull:...... මොකෝ කට්ටිය ගෙට ඇවිත් අම්ම දැක්ක ගමන්, අයියෝ... බුදු ටීචර් මොකෝ මේ වුනේ???...... මගේ අම්මෝ.... අයියෝ..... ඇයි මේ??....... කිය කිය, අමාරුවෙන් පන ගැටගහන් ඉන්න මනුස්සයට පනපිටින් ඉන්දැද්දිම වෙස්සන්තර ජාතකේ කියවන්න ලෑස්තියෙනව:angry::angry::angry::angry::angry:.............)

    ආ.....අනික් දේ......... මට කියන්න ඕන... මේ අද්භූත සිද්දිය වෙනකොට අම්ම අතිශය දුර්වල තත්වේ නෙමෙයි හිටියේ.... අසනීපෙන් හිටියත් අපෙන් පොඩි උදව්වක් ඇතුව එයා එයාගේ වැඩ තිනියම කරන් යන කාලේ.....:dull:.

    මම ඔය කියන දවස්වල ගෙදර එන්නේ රෑ 11-12ට,
    ගෙදර ඇවිත් ඔෆිස් එකේ බත්මුල බල්ලො දෙන්නට කන්න දාල:D (මම වෙජි වුනාට බල්ලො එහෙම නෑ:yes:....ඉතින් චිකන් බත් මුල ගේනකන් (රෑට බත් කාලත්) මුන් දෙන්න (ආ.... පූසො දෙන්න අමතක වුනා) මුන් හතර දෙනා ම එනකන් ගේට්ටුව මුරකරනව) නාල කියල, බත් ටිකක් බෙදන් කකා..... අයි.ටී.එන් නිවුස් රිපීට් ටෙලිකාස්ට් එකයි බී.බී.සී.යි බලල 2ට 3 විතර නිදාගන්නව.... අම්මත් කොච්චර අමාරුවුනත් මමත් එක්ක ටීවී බලල දවසේ වැඩකටයුතු, ඕප දූප අහල ඉවරවෙලා තමයි නින්දට යන්නේ:yes::yes:.......

    දවසක් මහ අමුතු සිදුවීමක් වුනා...... :shocked::shocked::growl:

    අම්ම මාත් එක්ක රතු ඉර (මතක හැටියට) ආසාවෙන් බල බල ඉඳල (අම්ම ආසයි ගොබ්බයො ටික මරාගන්නව බලන්න:D) හදිස්සියේම පුතේ මට නිදිමතයි කියල....
    අම්ම මට කියල ඇඳට එක්කරන් ගියා...... මාත් ඉතින් හැම දෙයක්ම සූදානම් කරල අම්ම නිදාගත්තට පස්සේ ටී වී බල බල හිටියේ...... ඉතින් ඔහොම ටී වී බල බල ඉන්නකොට එකපාරටම.......:shocked::shocked::growl::growl:

    පල පල...... උඹළ මැරිළ....... පල පල!!!!! පලයං යන්න!! කියල කෑගහල:angry::angry: එකපාරටම "සුදුමහත්තයා..........." කියල කෑගහුව........ :shocked::shocked:

    දැන් තොපි බලයි කව්ද යකෝ සුදුමහත්තය කියල:confused: (රොබොට් යකෝ රොබොට්...... අම්ම විතරක් ආදරේට:love::love: අතිශය පෞද්
    ලිකව ගෙදරට විතරක් කියන නම:love::love: )

    මමත් උඩ ගියා.....:oo::oo:
    දිව්ව අම්මගෙ කාමරේට..... අම්මත් කොන්ඩේ කඩන් ඇස් ලොකු කරන් බලන් ඉන්නව්.......:shocked: අම්ම මට කිව්ව
    අම්මට පිටිත් කරපු රන්තැඹිලි තෙල් ටිකක් ඔලුවෙ ගාන්න කියල......:dull:

    හ්ම්ම්....... අම්ම ශේප් (ඉස්සෙල්ලත් ශේප් තමයි පිරිත් තෙල් ගෑවට පස්සේ තවත් ශේප්:dull: අම්ම මොන යකාටත් බය නෑ.... (බය වුන කතාවක් තියෙනව පස්සේ කියන්නම්:D) ඉතින් වැඩි තැතිගැනීමක් හෝ සිහිමඳගතියක් තිබුන් නෑ;))

    මාත් ඉතින් ඇඳේ ඉඳන් ඇහුව මොකෝ වුනේ කියල...... අම්ම කිව්ව අම්ම අඩ නින්දේ ඉන්නකොට අම්මගේ නෑ සනුහරේම ඇඳ වටේ
    ආව කියල:shocked::growl:, පස්සෙ අම්ම ඇහැරිල ඒත් කට්ටිය ඇඳ වටකරන් ඉඳල:shocked:......

    අම්මගෙ අම්ම:growl:, තාත්ත:growl:, අම්මගෙ මැරිච්ච නැන්දල:growl::growl: මාමල:growl::growl:, වැඩට හිටිය:shocked: උන්, වෙන එකක් තියා ඒ දවස් වල මළ අම්මගෙ මල්ලි කෙනෙකුත්:growl: ඇඳ වටේ ඉඳගෙන එන්න එන්න අපි ලඟට එන්න කියල පින්සෙන්ඩුවෙනවලු......:angry::angry::baffled:

    ආච්චි:growl:, ලොකුදුවේ දැන් හිටිය ඇති මෙහෙ වරෙන් කිව්වලු:shocked:, අම්මගෙ මල්ලි (හින්නි මල්ලී) ලොකු අක්කේ අපි පාලුවෙන් හිටියේ මෙහේ වරෙන් කිව්වලු:growl:........ මේ සි
    ද්දිය අම්ම පියවි සිහියෙන් ඉන්දැද්දී වෙලා තියෙන්නේ......:baffled: අම්මටත් මේ මොකෝ මේ කියල හිතාගන්න බැරිවෙලා.... අම්මටත් නිකන් මැරිච්ච ගෑනියෙක් ගානට හිතිල:oo:..... ඒත් ටිකෙන් ටික කල්පණාවෙලා..... මම මුන් ඔක්කෝම ඇඳිනුවට මුන් ඔක්කෝම මැරිලනේ කියල:rolleyes:...... ඒක තමයි ක්ලික් වුන ගමන්, පල යන්න පල යන්න උඹල මැරිල කියල කෑගහල තියෙන්නේ........:baffled:

    මම එවෙලේ එතනට ආපු හැ
    ටියේ කට්ටිය අන්ත්‍රස්දාන වෙලා...:growl::growl:

    හ්ම්ම්ම්........

    මේ සිද්දිය අම්මට වගේම මටත් හෙන පසුතැවීමක්, හා කනස්සල්ලට හේතුවක් වුනා..... මගේ අධ්‍යයනයන්ට අනුව මළගිය උන් බුරුතු පිටින් වටකරගෙන එන්න කියල කතාකරන්නේ අදාල කෙනාගේ ආයුශ ඉවරයි, වැඩිම මාසයක් අතරතුර සෙට්ට පෝච්චි ශුවර් කියන එකයි......:baffled::baffled:

    ඔහොම ඉන්න අතර තුර තව දවසක් අම්ම ටොයිලට් එකේ ඉන්නකොට පොඩ්ඩක් නින්ද යන්න වගේ ඇවිත් එකපාරටම ආච්චි අතින් ඇදල මෙහෙවරෙන් කියල සැරකරල:shocked::growl::growl::growl:........ එදා තාත්තයි අම්මව බේරන් තියෙන්නේ.......:yes:

    ඒ දින කීපයට දෙතුන්වතාවක් එක එකා අම්මට එන්න කියල පනිවිඩ ගේන බව අම්ම මට කිව්ව.....:no::dull: පස්සේ අම්ම ඇහුව, පුතේ මට යන්න කාලෙ හරි නේ කියල???:( මට මළ හොඳ එක..... මම අම්මටත් කෑගහල:angry::angry:.....බය නැතිව ඉන්න කියල ශේප් කරා.... කෝකටත් හැමවිටම අම්මව තනි නොකරන්න වගබලාගත්ත........:yes:

    ඒත් මගේ හිත කියනව, අම්ම ඉන්නේ සතියයි කියල..... ඕන මගුලක් කියල තව තත්පරයක් හරි වැඩියෙන් ජීවිත් කරගන්න මම ගියා අත්භූත සරණ සොයාගෙන.... ගිහින් විස්තරේ කිව්ව........ පොඩි විය
    මක් දරල, අම්මවත් ගෙනියල පොඩි ආරක්ශාවක් දැම්ම......:yes:

    ඒකෙන් වෙනෙ දේත් කියන්නම්කෝ;)....... මේ ලඟදි එකෙක් දාල තිබුන "වෙනසේ" අංගම් හටනේ
    විසුධ්දි අංගම් වල එකෙක්-සීයකට ගහන සාස්තරය..... (පුදුමයි ඌ ඒක ප්‍රසිද්දියේ කියපු එක:rolleyes:.....:rolleyes:

    ටිකක් ඒ වගේ එකක්.... අපි කරගත් ආරක්ශාවෙන් අම්මගේ චිත්ත ශක්තිය ශරීර ශක්තියට වඩා ඉහලට ගෙන්නගන්නව:rolleyes::yes:..... ඊට අමතරව අම්මට ආදරේ අම්මට ලැදි සම්‍ය දෘශ්ටික, අමනුශ්‍යයන් ගතින් දුබල අම්මව ඔසවන්න ශක්තිය ලබාදෙනව:dull:....... ඒවගේම කිසිදු මිසදිටු අමනුශ්‍යයෙක්ට අම්ම සමග ගනුදෙනුකරන්න ඉඩක් ලැබෙන් නැතිවෙනව :baffled:(නොතේරෙන උන්ට - පවර් ස්ටියරින් වාහනේක ස්ටියරින් වීල් එකේ සැහැල්ලුව හිතට ගනිල්ලකෝ:D.... ඒ වගේ තමයි...... හරියට පරණ මොරිස් මයිනරේකර පවර් ස්ටියරින් දැම්ම වගේ:D;))
    ඇත්තටම මේක බලන්ඉන්න කෙනෙක්ට තේරෙන් නෑ..... මම මේ පිළිඹඳව හැදෑරපු නිසා
    මමත් දන්නේ........

    වැඩේ සාර්තකයි..... ඉන් මතු කිසිම අමනුශ්‍ය බියක් අම්මට ඇතිවුනේ නෑ.......... මරණය පෙනිපෙනි හිටි අම්ම මේ ආරක්ශාව නිසා වසර තුනකට ආසන්න කාලයක් සිහිකල්පනාව ඇතිව, ඇඟේ මළ මුත්‍ර කරගන් නැතිව ඉඳල මියපරලව ගියා....... :dull:

    මේකෙ වැදගත් අනෙක් කරුණ..... අම්මගේ මේ ලෙඩේ හැදුන සියලු දෙනා වසරක් ඇතුලත අනන්ත දුක් විඳල මැරිල යන නමුත් මගේ අම්ම මේ ලෙඩේ හැදිල අවුරුදු හතරහමාරක් පහක් විතර ජීවත්වීමයි....... අම්මට බෙහෙත් කරපු ස්ණායු සම්භන්ද ලංකාවේ හොඳම දොස්තරත් අම්මගේ මේ දිගු ආයුකාලය ගැන තාමත් ඉන්නේ පුදුමෙන්........:yes::rolleyes:

    ආයෙත් අම්මට පින්......:love::love::love::love::love::love:

    :frown:රොබොට් අයියා.......

    Last edited:
    Oct 10, 2011
    179
    31
    0
    Matara

    obe mawata niwan suwa ath wewa................labuu prathisandiya yahapath ekakma wethwa.....................
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Bhootha kotuwa digata yanawa wage...matanam sehena kalekin kiyawanna beriwuna.. :(
    welaawak nehe... good luck guys!
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මෙන්න මෙකයි හිලඩා කුමාරිගෙ කාමරෙ සින් එක :eek:අපිට මුලින්ම හම්බුනෙ හිල්ඩා ඔබේසේකර හොස්ටල් එකෙ හත්වෙනි වින්ඩ් එකෙ 157 කියන රූම් එක අපි 4ක් හිටියා ඔය හිල්ඩා කුමාරි කියල ප්‍රසිද්ද හොල්මනට සම්භන්ද ගැනු ලමයා හිටියෙත් ඔය 157 හෝ 158 කියන කාමර දෙකෙලු:shocked::shocked:

    :baffled::baffled::baffled:

    හිල්ඩා කුමාරිව ඇත්තටම දැකල නැද්ද කවුරුහරි???? :eek:
     
    Jan 28, 2012
    16
    15
    0
    ආයු බෝ වේවා!!!

    ඕන් ඉතින් ටික දවසකට පස්සේ අද තමයි වෙලාවක් ලැබුනේ භූත කොටුවට ඇවිත් බලන්න:yes:. භූත කොටුව තමන්ගේ දැනුමෙන් පෝෂණය කරන හැමෝටම බොහොම ස්තුතියි:). ඒ වගේම, එහෙම තමන්ගේ කතා දාන අයව දිරිමත් කරන හැමදෙනාටමත් බොහොම ස්තුතියි:). රොබොට් අයියේ උබට බොහොම ස්තුතියි මම දාපු හැම අදහසකටම කමෙන්ට් කරලා දිරි ගැන්නුවට:yes:. ස්තුති කතාව අවසන්.

    මේ භූත කොටුව හින්ද දැන් යාලුවෙක් සෙට් උනත් අහන්නේ "මචන් උඹට මේ වගේ අත්දැකීම් තියෙනවද" කියලයි:rofl:. එහෙම අහන්නේ ඒ අයගේ අත්දැකීම් හරි දාල භූත කොටුවට උදව් කරන්නයි. සමහර අය තමන්ගේ අත්දැකීම් කියන්න පටන් ගන්නේ මෙන්න මෙහෙමයි. "මම මේක මෙච්චර කල් කාටවත් නොකිව්වේ මේවා කිව්වම බයිට් එකට ගනීවි කියල හිතල:baffled:" කියලයි. ඉතින් බොහොම අමාරුවෙන් එහෙම අහගත්ත දේවල් ටිකක් දාන්නයි මේ හදන්නේ. මේ දාන්නේ එහෙම අහගත්ත එක කතාවක්. අනිත් කතා ටිකත් ඉඩ ලැබෙන විදියට දාන්නම්. මේක හොල්මන් කතාවක් නම් නෙමෙයි:no:. යම් තරමක අත්බුත සිදුවීමක්. ඔක්කොටම කලින් කියන්නේ මේක මගේ අත්දැකීමක් නොවෙයි.

    මේක වෙලා තියෙන කාලේ නම් මගේ යාළුවා මට කිව්වේ නෑ(සොරි වෙන්න ඕන එක අහගන්න මට අමතක උනා). එත් මේක වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 4 හෝ 5 ඇතුලත කියල නම් හිතෙනවා. මේකයි වෙලා තියෙන්නේ, මගේ යාළුවගේ නෑදෑ අක්ක කෙනෙක් රට ඉදල අපු අයියා කෙනෙක්ව බැදලා තියෙනවා. ඒ මංගල්‍යය සෙට් වෙලා තියෙන්නෙත් හරි අමුතු විදියට. ගෙදරට ගිහිල්ල බලල වැඩි දවසක් යන්න කලින් මංගල්‍යය කෙරිලා. කොහොම හරි ඒ අයියා බොහොම උස මහත කොටින්ම කිව්වොත් හැන්ඩ්සම් කොල්ලෙක්ලු :P.(රටලුනේ හිටිය කියන්නේ.) කොහොම හරි බැදලා ටික දවසක් ගියාම තමයි දැනගෙන තියෙන්නේ ඒ අයියට මොකක් හරි ආවේස වීමක් තියෙනවා කියල. වැඩේ කියන්නේ එහෙම ආවේස වෙච්ච වෙලාවට මිනිහ කතා කරන්නේ අමුතුම හෙන සැර කට හඩකින්ලු. කොහොම හරි කට්ටඩි මහත්තයෙකුත් එක්කගෙන ඇවිත් අයියව බලවල තියෙනවා මොකක්ද මේකට හේතුව කියල. ඒ කෙනා කියල තියෙනවා බලවත් යක්ෂයෙක් ඉන්නවා කියල ඇඟේ:shocked:. ඒ පාර මේකට විසදුමක් විදියට ඒ කෙනා කියල තියෙනවා මේ වෙනුවෙන් යම්කිසි සෙත් ශාන්තියක් කරන්න ඕන කියල. ඒ කියන්නේ ඒ බලගතු යක්ෂයව අයින් කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් කරන්නේ ඒ කෙනා ඉන්න ගෙදර උනත් මේ කෙනා කියල තියෙනවා ගෙදර කරලා බෑ, මේක කරන්න යන්න ඕන කියල අනුරාධපුරයට.

    ඉතින් පවුල්වල අයත් ඒ පාර වැඩේට ලේස්ති වෙන්න පොඩි මීටින් පාරක් දල හවසක මේ අයියත් ඉන්දෙද්දී ඒ අයියලාගේ ගෙදරට ඇවිල්ල. ඉතින් මිනිහත් එතනට වෙලා ඒ ගැන අහගෙන ඉඳල. එක පාරටම මිනිහ බාත් රූම් එකට ගිහිල්ල තියෙනවා. ඒත් ඉතින් කට්ටිය වැඩිය ගණන් අරගෙන නෑ. දැන් කට්ටිය වැඩේ ගැන කතා කර කර ඉඳල තියෙනවා සැහෙන්න වෙලාවක්. ඒත් බත් රූම් එකට ගිය මිනිහ තාම නෑලු. කට්ටියටත් කොහොමින් කොහොම හරි කතාවත් එක්ක මිනිහ ගැන එච්චර මතක් වෙලත් නෑ. කොහොම හරි ටික වෙලාවකට පස්සේ මිනිහ පෙන්න නැති නිසා කට්ටිය බැලුවාලු. දැන් ඉතින් ගෙදර හැමෝම ගේ පුර මිනිහ හොයනවලු. මිනිහගෙන් කිසි ප්‍රතිචාරයක් නෑලු. බාත් රූම් එකේ විතරක් දොර ඇතුලෙන් වහල තියෙනවා කියල කට්ටියට තේරිලා තියෙනවා. ඉතින් කට්ටියට තෙරුනලු මිනිහ දැන් බාත් රූම් එකේ ඉන්නවා කියල. ඒ පාර දැන් කට්ටිය දොරට ගහනවලු, කතා කරනවලු, කිසිම සද්දයක් නෑලු. දැන් ඉතින් කට්ටියම ඩිම්:oo:. පිරිමි කට්ටිය කතා වෙලා තීරණය කරාලු එන පොට හොද නැති නිසා දොර කඩන්න. දැන් කට්ටියම හිතන්නේ මිනිහ ඇතුලේ මැරිලා ඇති කියලයි. ඉක්මන් උන කට්ටිය දොරට ගහල ගහල දොර කඩල. හිතා ගන්න පුලුවන්ද දොර කැඩුවම දකින්න ලැබුනේ මොකක්ද කියල?

    මේ මනුස්සය ඇතුලේ නෑ...

    දැන් කට්ටිය හොදටම බය වෙලා. අන්තිමට කට්ටිය දැක්කේ මිනිහ බාත් රූම් එකට යනවා විතරනේ. හැබැයි බාත් රූම් එකේ උඩින් තියෙන ජනේලය නම් ඇරලා තියෙනවා කට්ටිය දැකල තියෙනවා. දන්නවනේ ඉතින් ඕනෑම ගෙදරක බාත් රූම් එකේ පොඩි ජනේලයක් තියෙනවා කියල හුලන් කවුළුවක් විදියට. දන්නා අය මේකත් දන්නවා ඇතිනේ, එහෙම වා කවුළුවක් තියද්දි තියන්නේ බොහොම පොඩියට කියල. එහෙම කරන්නේ හොරෙකුට රිංගන්න බැරි වෙන්න කියලත් දන්නවනේ.

    කොහොම හරි හිටපු අයට අනුමාන කරන්න තිබ්බේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි මේ මනුස්සය මේ කවුළුවෙන් පැනල ගිහින් කියල. පිරිමි කට්ටිය ගම පුරාම දුවල තියෙනවා මිනිහව හොයන්න. කට්ටියක් ළඟම තිබ්බ සුසාන භූමියටත් ගිහිල්ල. එහෙම ගිහිල්ල තියෙන්නේ ඔහොම ආවේස උනාම ඒ වගේ තැන වලට යනවා කියල අහල තිබ්බ නිසයි කියලයි මගේ යාළුවා නම් කිව්වේ. කොහොම හරි ඔහොම යද්දී මිනිහ එහෙත් නෑ. ගමේ කෙළවරක බිම සිහිය නැතුව වැටිලා ඉන්දෙද්දී තමයි හම්බෙලා තියෙන්නේ.

    ඊට පස්සේ ඒ අයියව අනුරාධපුරයට එක්කන් ගිහින් ශාන්ති කර්මයක් කරලා තියෙනවා. කොහොමින් හරි එයා සම්පුර්ණ සුවය ලබල. මෙතැනදී මගේ යාළුවා කිව්ව අදහ ගත නොහැකි දේ තමයි අච්චර උස මහත හැදී දැඩි ශරීරයක් තිබ්බ මනුස්සය අර වගේ පොඩි හුලන් කවුළුවකින් රිංගුවේ කොහොමද කියන එක. දොර ඇරන් ගියා වෙන්නත් බෑ කිව්වා මොකද කට්ටිය කතා කර කර හිටපු තැනට බාත් රූම් එකේ දොර හොඳට පේන නිසා.

    ඒකෙන් කියවෙන්නේ ඒ ආවේස වෙලා හිටපු යක්ෂයා මේ පුද්ගලයාගේ ශරීරයේ ප්‍රමාණය අවශ්‍ය විදියට වෙනස් කරලා කියන එකද? :shocked:

    කතාව ඉවරයි කොල්ලනේ. ලියල තියෙන විදිය ඉන්ටරෙස්ටින් නැත්නම් කියපල්ලා. මේ විදියට කාගෙන් හරි අහගත්ත කතාවක් උනත් මෙහෙම කොටලා දැම්මමයි ඕන්(මේ first time ඒකයි.:rofl:).
    අයෙත් හම්බෙමු.
    ජය වේවා!!!