යුද්ධේ ඉවර වෙනකම් ජනාධිපති තුමා කරපු දේවල් මිනිස්සු ඉවසුවා රට වෙනුවෙන් සහ හමුදාවට දෙන සහයෝගයක් වශයෙන්. බඩු මිල ගණන් වැඩියි කියල කවුරුත් ඒ කාලේ පාරට බැස්සේ නැහැනේ. එතකොට ජනාධිපතිට වගේම මේ ලංකාවේ හැම මිනිහටම මේ නිදහසේ ගෞරවයට අයිතියක් තියනවා. ඒ හින්ද යුද්ධේ ඉවර කරා කියල හිතුමතේට ණය ගන්න ජනාධිපතිට ලයිසන් දීල නැහැ. ජනාධිපති ණය ගත්තට ගෙවන්න වෙන්නේ ලංකාවේ සියලු පුරවැසියන්ට.
අනිත් එක තමයි, ලංකාවේ ජනාධිපතිගේ අනුදැනුම ඇතුව වෙන වැරදි වැඩ දැක්කම ණය ගෙවන්නේ එයාගේ කවුරුහරිද කියල හිතෙනවා. ලෝකේ ලොකුම කැබිනට්ටුව. සිය ගණන් නඩ කැන්දන් රට සවාරි යෑම (ගණිකාවන් හෙන්චයියන් ඇතුළුව) , මිහින් ගුවන් සේවය ඇරඹීම, ඉතා විශාල වාණිජ පොලී අනුපාත වලට ගත්තු ණය වලින් කරන බොරු සංවර්ධන වැඩ, දැයට කිරුල වගේ බොරු ප්‍රදර්ශන සඳහා කෝටි ගණන් වැය කිරීම, නාමල් බබාගේ රේස් ආසාව සන්සින්දුවන්නට හමුදාව යොදා වැලි ගෝනි අද්දවා දහස් ගණන් වැඩ කරන ජනතාව පීඩාවට පත් කොට colombo night race පැවැත්වීම, ගොඩ පෙරකදොරුවෙක් වෙන්නටවත් මොලේ කලඳක් නැති නාමල් බබාට කොපි කිරීමට පහසුකම් ලබාදී නීති විභාගය පාස් කරවීම, ලංකාවේ ව්‍යවසායක් කිරීමට කැමති කෙනෙක්ට කුට්ටිය දෙනතුරු කිසිම අවස්තාවක් නොලැබෙන පරිදි වංචාව සහ දූෂණය ඔඩු දුවා යාමට සැලැස්වීම, මර්වින්, SB , කුඩු දුමින්ද වැනි සිරගෙදර හෝ මානසික රෝහලේ සිටිය යුතු වූවන්ට තනතුරු ලබා දීම. 18 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා රටේ නිදහස්ව සහ ස්වාධීනව තිබිය යුතු අධිකරණය, හමුදා, රාජ්‍ය සේවය, පොලිසිය වන් ආයතන විධායකයට ගැති කොට ගැනීම, වැනි මෙකී නොකී බොහෝ දේ ඇත.