අද මම කියන්න යන්නේ ගොඩ දෙනෙක් ආසකරන ගීතයක් හැදුනු විදිය ගැන.ගීතය තමයි අන්දර යායේ වැව් තාවුල්ලේ… කියන දිවුල්ගනේ ගායකයා ගායනා කරන මමත් පුද්ගලිකව ගොඩක් කැමති ගීතය.මේ ගීතය ලියලා තියෙන්නේ කුමාර ලියනගේ කියන ගීපද රචකයා.මියුරු තනුව රෝහන ධර්මකීර්ති.
මම අහලා දැන ගත්තු විදියට ගී පද රචකයා රුහුනේ.රුහුනේ කොහෙන්ද අන්දර යායවල් ..වැව් තාවුලු..ගීතය ගීපද රචකයාගේ අත්දැකීමක් නම් එහෙම වෙන්නේ කොහොමද?මේ ගීතයට ගොවිතැන වෙනුවෙන් ජීවිතය කැපකරපු , තම දරුවන් වෙනුවෙන් අපරිමාන කැපකිරීම් කරපු රජරට ආදරනීය පියෙකුගේ ගති ලකුනු කියැවෙන්න කරුනු කාරනාත් යෙදුනු හැටිත් හරිම සුන්දරයි..ගී පද රචක කුමාර ලියනගේ මහත්තයගේ පියා ගුරුවරයෙක්.ඒ වගේම ගොවියෙක්.එතුමගේ පියා වැඩකටයුතු ඉවර කරලා විවේක ගන්න දික්සඟලාවක වැතිරිලා ඉන්න හැටි තමයි ගීතයේ මුල් කොටසට එක්කසු කරලා තියෙන්නේ. දික්සඟලා පුටු කියන්නේ ලනු වලින් වියපු ඉස්සර කාලේ ගැමි ගෙවල් වල තිබුනු හාන්සි පුටුවක්..ගීතයේ මුල් පදපෙලේ ඇතුලත් වෙලා තියෙන්නේ "දික් සඟලාවේ දිවා විහාරේ වැඩ සිටිනා අපේ අප්පච්චි..." ඒ මේ පද පෙල ලියපු කුමාර ලියනගේ ගේ තමන්ගේ පියා පිලිබඳ මතකය.
කොහොම හරි මේ ගීතය ගයන්න කරුනාරත්න දිවුල්ගනේ ගායකයට දුන්නහම ගීතයේ පද බලලා දිවුල්ගනේ කියලා තියනවා "අනේ අපේ අප්පච්චිලා කවදාවත් දික් සඟලා පුටුවල වැතිරිලා හිටියේ නැ....කැති පොරෝ අරගෙන..අන්දර කැලැ බිඳ දාලා දරුවන්ට කන්න දීපු අය.." ඉතින් මේක ගයන්න ගායකයට හරියට ඇඟට එන්නේ නෑලු." මේක මට දැන්නේ රජරට සේවයේ ගීපද රචකයෙක් වන දම්මික බන්ඩාරයන් ලියපු ගීතයක් විදියට" කියලා මෙහෙම කවියක් මතක් කරලා දීල තියනවා
අන්දර කැලේ මැද හිනැහුනු අප්පච්චි
අන්දර මලේ සුවඳයි මට අප්පච්චි
අන්දර කැලේ හැංගී ඉඳ අප්පච්චි
ඈත ඉඳන් අඬගහපන් අප්පච්චි.
ගායකයා මේ විදියට එයාගේ අදහසුත් එකතු කලාලු පුලුවන් නම් මේක මේ විදියට වෙනස් කරල දෙන්න කියල .ඒත් ගීපද රචකයා ඒකට ඒතරම් කැමති වෙලා නැ..කොහොම කොහොම හරි අන්තිමට “දික්සඟලාවේ දිවා විහාරේ වැඩසිනා අපේ අප්පච්චි” කියන පද පේලිය රචකයාගේ අත්දැකීමෙන් වෙනස් වෙලා ගායකයාගේ කැමැත්තට අනුව “අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී” කියලා වෙනස් වෙනවා.
මේ ගීත්යට ගීයට තනුව යොදපු රෝහන ධර්මකීර්ති මහතාගෙ පැත්තෙනුත් අනුවේදනීය කතාවකින් ගීතයට සම්බන්ද වෙනවා.මේ ගීතයට තනුව සකස් කරන්න ගීපද පෙල එතුමට ලැබෙනකොට එතුමා ඉඳල තියෙන්නේ කනගාටුදායක තත්වයක.ඒ එතුමගේ පියාගේ අභාවය සිදුවෙලා ඒ කටයුතු අවසන් උනු සංවේදී මොහොතක.කෙසේ වෙතත් පද රචකයා තමන්ගේ පියා මියැදෙන වෙලේ ලංකාවේ ඉදලා නැ.පිටරට සංචාරයකට සහබාගි වෙලා ඉඳලා තියෙන්නේ.ඒ හේතුව නිසා තමන්ගෙ පියාගෙ අවසන් කටයුතු වලටවත් සම්බන්ද වෙන්න එතුමට හැකිවෙලා නැ.මේ කරුනු කාරනා නිසා පද රචකයා ගොඩක්ම කලකිරිලා ලංකාවට ආපු වෙලේකයි මේ පද පේලිවලට තනුව නිර්මානය කරන්න ලැබිලා තියෙන්නේ.
එතුමා කියන විදියට එතුමන්ගේ පියා පිලිබඳව මතකය අවදි කරන්න බටනලා වාදනය උපයෝගී කරන් තියනවා.සමස්ත තනුව පුරාවටම එතුමගේ පියා පිලිබඳව එතුමට දැනුනු සංවේගය සහ ගෞරවය මුසු මතකය තනුව තුලින් මතු කරන්න එතුමා උත්සහ කරලා තියනවා.එතුමා කියන විදියට මේ ගීතය මෙතරම් සාර්තක වෙලා තියෙන්නේ පිය සෙනෙහසින්ම උපරිමයෙන්ම දැනුනු මොහොතක නිර්මානය උනු නිසා.
කොහොම උනත් මම හිතන විදියට ගායකයා, ගී පද රචකයා, තනු රචකයා කියන තුන් දෙනාගෙම අත්දැකීම් දැනීම් සංවේදීතාවන් එකට එකතු උනු නිසා ගීතය වඩාත් දැන්නෙන්න නිර්මානය වෙලා තියනවා.ඒ වගේම මේ ගීතය විඳින පිරිස ගොඩක් වැඩියි.ඒ බොහොමයක් පුතුන් දායාද කල පියවරුන් "ඒ දඬු මං බැන්ද...සත්කුලු පව් බිඳ... " තම පුතුන් රජවරුන් කරවා , ඒ දෙස බලා නිහතමානීව සතුටු උනු පියවරුන් නිසාවෙන් වෙන්න ඇති..
අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී
වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා
තුරු හිස මුදුනේ මල් පලඳ්රඳ
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා
මේකත් මම මගේ බ්ලොග් එකට එකතු කරපු නිධන කතාවක්..එලකිරි නූලට මම එකතු කරපු දෙවෙනි ගීතය..රෝගී දැසේ ඇස රඳවන්නට කියන ගීතයත් හැදුනු හැටි දාන්න ඉන්නවා..බලමු වෙලාව තියන හැටියට..හැමෝටම ජය
![]()

විප්ලවය කරා යන මග බාධක පෙන්වන,රැවටිලි පෙන්වන, නොයා යුතු මග පෙන්වන.................
ඉරි තැළුනු වළා.................
ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනා සේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා
රිය පෙලේ කිරුල හිමි
රජ වරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
කලා කෘතිය වූ කලී මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන මාධ්‍යයකි යන්නට දියහැකි හොදම නිදසුනක් වන්නේ සමන් අතාවුදහෙට්ටි රචනා කළ, කේමදාසයන් සංගීතවත් කළ, අපේ යුගයේ ප්රතාපවත් සුභාවිත හඩ-අමරිසිරි පීරිස් ගායනා කරන මේ ගීතය දැක්විය හැකිය.
වටපිටේ සීරුවට
විදුලි ඇස් සිනා සේවී
නොරැවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා
මේ යන ගමන වට කොට විදුලි ඇස්, එනම් ඔවුන් ව හොදින් පිරික්සා බලන ඇස් තිබේ. ඒවා රවටන සුළුය. ඒ රැවටීමට හසුවුව හොත් මොවුන් ගේ අරමුණු සාක්ෂාත් කර ගත නොහැකිය. කුමක්ද ඔවුන් ගේ මේ අරමුණ? මදක් අවසන තෙක් කියවන්න. එතෙර වීමට ඇත්තේ කහ ඉරකි. එයින් එතර වීමය මේ අරමුණ. ඒ තෙක්, නොරැවටී සිටිය යුතුය.
රිය පෙලේ කිරුල හිමි
රජ වරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රැලි වැටීලා
මේ රිය පෙළ තුළ ද රජවරු සිටිති. ඔවුන් අත වනනු ඇත. මේ ප්‍රේමයට සම්බන්ධ දෙයක්ද? නැත. ඇත්තටම රචකයා අපේ ඇස්වසා යටි පෙල අර්ථය කුළුගන්වයි. මේ ප්‍රේමය හෝ පෙම්වතුන් නොවේ.
ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමින්
මේ පෙම්වතුන් හට(?) උඩු වියන් බදින්නේ ඉරි තැළුනු වළාකුළුය. පා තබා යන්නේ ඇතිරිල්ලකය-එය මුදුය, නමුත් තාරය. ඇළුණු තාර ඔවුන් යන දිශාව අන් අයට පෙන්වයි.මේ ඇවිද යන්නේ සැම පැත්තෙන් ම එන සෙනගක් රවටමිනි. මෙසේ කරන මොවුන් ඇත්තටම පෙම්වතුන්ද?
නැත. සමන්, ඔහු ගේ නිසග හැකියාව මොනවට විදහා දක්වමින් විප්ලවයකට, සමාජ අරගලයකට සමාජ ප්‍රවාහය ගෙන යන තුරුනු යුවලක් ගැන අපට කියයි.විදුලි ඇස්, පරීක්ෂාකාරී ඇස්, එනම් රාජ්‍ය ඔත්තු සේවාවන් විවිධ වූ ක්‍රමවේදයන් හරහා ඔවුන් බිලී බා ගැනීමට කැස කවති. එයට නොරැවටී යනනෝ මේ සමාජ පරිවර්තනය සාක්ෂාත් කරගන්නෝ වෙති. මේ සමාජ පරිවර්තනයයි කහ ඉර ලෙස සමන් අරුත් නංවන්නේ......ඒ කහ ඉරෙන් එතර වීමය මොවුන් ගේ ඒකායන අරමුණ. එයට මගය සමන් පෙන්වන්නේ. මේ රිය පෙළ, එනම් සමාජය දුවන පැත්තට ම යන දේශපාලකයන් ය රිය පෙලේ කිරුළ හිමි පුගුළන්. ඔවුන් විවිධ වූ දේශපාලන පොරොන්දු දෙමින් සමාජය වෙනස් කරන්නට යත්න දරන්නන් හට අත වනති. මේ රැවටිල්ලටය සමන් "බිම බලන් යන්න යමු" යැයි කියන්නේ.ඒ දෙස බැළුව හොත් ඔවුන් හට ද, පොරොන්දු දේශපාලනයට ද විප්ලවවාදී හු රැවටෙත්. සමාජ විප්ලව කරුවන් මේ මගඩි දේශපාලකයන් හට නොරැවටිය යුතු බව ඔහු කියයි. මේවන් රැවටිල්ලකට හසු වන ඔවුන් ගේ විප්ලවය, සමාජ අරගලය-කහ ඉර- පවා රැළි වැටි ඇති සෙයක් ඔහු දකියි.
ගේය පද රචකයෙකුට තම භාවයන් කෙතෙක් දුරට සගවා අර්ථය පළ කල හැකිද, අප කෙතරම් ගැඹුරින් ගීතයක විද ගත යුතු ද යන්නට මෙන්ම, ශ්රාවකයා ආනන්දෙයන් ප්‍රඥාව කරා කලා කෘතියකින් මෙහෙයවන්නේ කෙසෙද යන්නද ගැඹුරු ලෙසටම පෙන්වන නිර්මාණයක් ලෙස මෙය සනිටුහන් කරනු කැමැත්තෙමි.

මිත්‍රත්වය නිසා ලෝකෙ කොතරම් නම් සුන්දර වෙනවද....? මිත්‍රත්වය මිතුරන්ට කොතරම් නම් දැනෙනවද..... මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී..... බිතිසිතුවම් රූමෙන් පිටු නොපායතී..... කියනවනේ...... අද ඔබට මම ගෙන එන්නේ සංවේදී කතාවක්... කියවලම බලන්නකෝ....
මේ කතාව බිහිසුණු යුද්දධය ගැන සත්‍යකතාවක්... අතිජාත මිත්‍රයන් දෙන්නෙක් ඉන්නව එකම බලඇණියක... දෙන්නම වැටෙනව යුද්ධයේ ඉදිරියෙන්ම සටන් කරන්න. ඉතින් සිය අතිජාත මිත්‍රයට මේ යුද්ධයේ අතර මගදි වෙඩි වැදිල බිම ඇදගෙන වැටෙනව... යම් ආරක්ෂිත ස්ථානයකට ආවම ජීවත්වෙන මිත්‍රයට ඕන කරන්නෙ අර වෙඩි වැදුන මිත්‍රය ලගට යන්න... මිත්‍රය වෙඩි පහර වැදිල වැටෙන හැටි හා මේ වෙනකොට යුද්ධයේ දරුණු කම තේරුම්ගත් මේ බලඇණියේ අණ දෙන ලෙෆ්ටිනන්වරය කියනව...
මේ ගමන යන්න එපා... උඹේ මිත්‍රය මැරුණ.... ඉස්සරහ ආරක්ෂිතයි බය නෑ.... ආපිටනම් යන එක මාරාන්තිකයි.... ඒ නිසා ආයෙ යන්න එපා....
නමුත් අර වෙඩි වැදුණ යාළුව ගැන හිතනකොට ජීවත්වෙන මිත්‍රයාට මිත්‍රත්වය මත මරණය හුස්ම පොදක් විතරයි...
මට යන්න ඔන සර්.... ඒ ගමන මට වගේම එයාටත් වටිනව.....
ඔබගෙ මිත්‍රය මැරිල.... ඔය මාරාන්තික ගමන ගියොත් ඔබටත් වෙන්නෙ ඔහු ගිය ලෝකෙටම යන්න..... උඹට කවදාවත් ආපහු එන්න ලැබෙන්නෙ නෑ......
ඒකට කමක් නෑ.... මම යන්න ඕන සර්..........
මෙහෙම කියපු අර යාළුව යනව වෙඩි වැදිල වැටුන යාළුව හොයාගෙන..... මේ ප්රාතිහාර්යාත්මක ගමනෙ මිත්‍රයට හානියක් වෙන්නෙ නෑ... ඔහු නිරුපද්‍රිතව වෙඩි වැදුන මිතුරා ලගට ලගා වෙනව...... ගන්නව ඔහුව කරට.... දෙවියනේ.... යාළුව මැරිල නෑ... පණ තියෙනව.... යාළුවව කරට අරගෙන මේ බිහිසිණු ගමන කෙසේ හෝ නිරුපද්‍රිතව යාළුව ආපසු එනව කූඩාරමට.... වෛද්‍යවරය වෙඩි වැදුණු යාළුවව පරීක්ෂාකරනව....
මෙයා මැරිල......................................
නෑ වෙන්න බෑ.... මෙයාට පණ තිබුණ මම කරට ගන්නකොට.....
ඔව් වෙන්න ඇති..... ඒත් දැන් මොහු මැරිල.....
මම ඔබට කිවුව ඔය පිස්සු බූරු ගමන වැක් වෙන්නෙ නෑ කියල.... (ලෙෆ්ටිනන් බෙරිහන් දෙනව....)
නෑ සර්... ඒක වටිනව....
ඒ කොහොමද.... මෙයා මැරිල...... උඹටත් වෙඩි වැදුනනම්.....
ඇත්ත... ඒත් ඔහු මගේ කරට ගනිද්දි පණ තිබුණ.... ඔහු මාත් එක්ක කතා කලා.... ඔහු මට වෙවුලන ස්වරයෙන් වේදනාවෙන් මෙහෙම කිව්වා......
මම දන්නව මචන් මේ ලෝකෙ කවුරු නාවත්...... උඹ මාව හොයාගෙන එන බව.............
ඒ නිසා ඒ ගමන මගේ ජීවිතේට වැඩියෙ මට වටිනව සර්......
අපි අපේ හැමදේම බෙදාගන්නෙ යාළුවන් එක්ක නේද.... අපිට ඒ සදහා යාළුවො ඕනමයි.... යාළුවෙක් නැති ජීවිතයක් හරියට හබලක් නැති ඔරුවක් වගේ....යාළුකම් ගැන ගීත අනන්තවත් ඇතිනේ.... එහෙනම් මේ ගීතයත් අහනගමන් අපේ යාළුවො .... ඔයාලගෙ යාළුවොටික මතක් කරගන්නකෝ............ මේ වගේ යාළුවො ඇති නේද.....?
(කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටා ගැනීමක්)

ඔය දන්න කතාව මුලින් දාමුද බලන්නමචං වික්ටර් රත්නායක මහත්තය ගායනා කරන සිහිල් සුලං රැල්ලේ සින්දුවෙි තේරැම කියපන්කෝ බලන්න. ඒ සින්දුවට ගොඩ නැගුණ මම අහල තියන කතාව ඇත්තද බලන්න
![]()
ගෙදර වැඩ වගයක් නිසා කාලෙකට පස්සෙ එකතු වුනේ... කට්ටිය ටිකක් ඈත් වෙලාද මන්දා.......