ඕන් එහෙනං කාලෙකට පස්සේ කෙටි අත්දැකීමක්..... ඇත්තටම මේක මට වුන දෙයක් නෙමෙයි, ඒත් දාල තිබුන කතා දැක්කහම මට මේක කියන්න හිතුන............
ජනක කියන්නේ මගේ කුඩා කල ඉඳල හිටිය හොඳ මිතුරෙක්....... සල්ලිය බාගේ තිබුන මධ්‍යමපාන්තික පවුලක එකෙක්.......
මගේ මේ අද්භූත ලෝක සොයා යෑමේ ඇම්ම මදි නොකියන්න ඌටත් ඌ කුඩා කාලෙයේ ඉඳලම තිබුන, ඌට ඒකට ප්‍රධානම හේතුව වුනේ උන් පරම්පරාගත ප්‍රසිද්ධ මල් ශාලා කාරයෝ
..... ඉතින් හිතාගන්න පුලුවන් නේ......... ඌට තිබුන මේ සම්භන්දව පුදුමාකාර අත්දැකීම් ගොන්නක්.....
හා........... දැන් ඌ ගැන කිව්ව ඇති....... දැන් බහිමු ස්ටෝරියට...........
මීට ටිකක් කාලේකට ඉහත අලුත බැඳපු විවාහක ජෝඩුවක් ගාලුපාරේ බෙන්තොටට ටිකක් නුදුරින් රිය අනුතුරකට මුහුන දෙනව.......ඔවුන්ගේ තිබුන දැඩි අසාද්‍ය බව නිසා ඔවුන්ව වහාම රජයේ මහ රෝහලට ඇතුලත් කරනව....ඒත් උන් දෙන්නටම මාරය වීස ගහල හමාරයි දින දෙක තුනක අසාර්ථක ප්රයත්නයකට පස්සේ මේ ජෝඩුව නොඑන ගමන් යනව.........
හා.... දැන් මිනියේ කටයුතු.........
මේ වෙනකොට ජනකගේ තාත්තා ජනකට මහරෝහල යාබදව මල්ශාලාවක් ලබාදීල තිබුන..... කොහොමින් හරි මුගේ තියෙන ඇයි හොඳැයියට මහරෝහලේ බුවෙක් මේ මිණී දෙකත් මූට පංගාත්තුකරල දීල.........
අපේ බුවත් ඉතින් හම්බුකරන් කන රස්සාවනේ........ කට පුරා හිනාවෙලා, හිත සන්තෝසෙන් මිනීදෙක බාරගෙන එම්බාම් කරන බුවාලට බාරදීල...............![]()
ජනක බුවාගේ (අ)වාසනාව........
උඹල දන්නවනේ ඔය එම්බාම් වැඩ කරන්නේ ටිකක් ඇඟ රත් කරන් කියල,අනික ඕව අස්සේ මළ මිනී කප කප, ඔලු පල පල ඉන්න උන්ට, යකා භූතය මොකා මාට්ටුවුනත් ඇදල අරන් එම්බාම් කරන මූඩ් එකෙන්නේ ඉන්නේ
......... ඉතින් කට්ටියම (අපේ ලොක්ක බුවත් ඇතුලුව) ජයටම බයිට් ගෙනත් බෝතල් දෙක තුනක් හිස් කොරල....... ඩෝප් පිටම මිනී දෙක ලෑස්ති කරන්න පටන් අරන්.......
එහෙන් මෙහෙන් වෙරි මරගාතේ මිනී දෙක රෙඩි කරල ඔක්කෝම ලෑස්තිකරගන්නකොට රෑ 10 - 11 කිට්ටුවෙලා........
ඔක්කෝම රෙඩි කරන් බොඩිස් දෙක ගෙනියන්න බලනකොට හර්ස් එක පදින්න එකෙක් නෑ...... ඩ්‍රයිවර් බුවා කරටි කැඩිල දොයි...........මොනව කරන්නද, අපේ එකත් ඕන එකකට ඔට්ටු එකා නිසා උදව්වට එකෙකුත් දාගෙන මහ රෑම අම්බලංගොඩ පදින්න ලෑස්තිවෙලා (මළගෙදර තිබිල තියෙන්නේ අම්බලන්ගොඩ )....... ඒත් අර උදව්වට හිටිය එකා ජනකයගේ පොඩි අවුල් ගතියක් දැකල තියෙනව
......... මෙතුවක් කාලේකට ශොට් එකක් දාල සන්තෝසෙන් හෙමිහිට සින්දුවක් කියල සද්ද නැතිව ශේප් එකේ ඉන්න බොසා එදා අමුතුවට දඟලනව, කෑගහනව, ටිකක් අවුට් වගේත් පෙනිල තියෙනව
........ (ඒත් අවුට් නෑත් වගේලූ) මූත් වැඩිය හිතන්න ගිහින් නෑ, කට්ටියම් දාගෙනනේ ඉන්නේ,
ඕන් ඉතින් පෙට්ටි දෙකකුත් ඔබාගෙන අඩුම කුඩුමයි බඩවැල් මුට්ටියි ඔක්කෝම පටෝගෙන දෙන්න ඩබල් දාල හැටට හැටේ අම්බලන්ගොඩට පැදල.......(මළගෙදර ඇල්පිටියේදත් කොහෙද.... හරියටම මතක නෑ......)
ජනක මහත්තයෝ හෙමින් යමු!!........
මොන!! ජනකය යකා වගේ පදිනවලු පාරෙත් බලුබල්ලෙක් නැති නිසා මූ පෙට්ටි දෙකත් පටෝගෙන වංගු කෙලින් කරන් පැදල...........
ටිකදුරක් යනකොට මුගේ සද්දේත් ටිකක් අමුතුවෙලා...... සපෝට් එකට ගිය, සපෝටර් මූට මේ මොකෝ එකපාරටම වුනේ කියල හිත හිත ඉඳල,බොසා හින්ද වැඩිය මොනවත් කියන්නත් බෑ නේ........
ඔහොම කොහොමහරි කලුතරත් පහුකරන් යනකොට සපෝටර් බුවාට ඇස් අගින් පේනවලු වාහනේ පදින්නේ ජනකය නෙමෙයි කියල,හැරිල බැලුවහම ජනකය පිස්සු නට නට යකා ගහල වගේ වාහනේ පදිනවලු.......
මූත් ඉතින් ඩෝප්පිට නේ.......මීටරේ අවුල් ඇති කියල හිතිල....... ඒත් දැකල තියෙන ඩයල් එකක් වගේ නිසා කෝකටත් කියල ඇස් කොනින් ආයෙත් බලල.
මල හු#තයි!!!වාහනේ පදින්නේ පැය කීපයකට පෙර එම්බාම් කරපු, පිටිපස්සේ පෙට්ටියේ ඉන්න ඕන එකාලු
.......... මූ මග යනකන්ම කියවල තියෙන්නේත් හැප්පිල මැරෙනකොට තියෙන සනීපේ......... ඔය වගේම තව හත් අට දෙනෙක් පරලොව යවන්න ඕන....... වගේ කතා.....
(සපෝටර් බුවත් ඕව කියපු වෙලේ වැඩිය ගනන් අරන් නෑ ලොක්ක මූව බයකරන හදනව කියල)
හප්පා තියෙන සනීපේ, යකා දැක්ක ගමන් අරූගේ වෙරි බැහැල, මූත් ඉතින් එක එල්ලේම ජනකය දිහා බලන්....... ඉස්සරහින් වාහනෙ නවත්තල නයිට් කඩේකින් තේ එකක් බීල යමු කියල........
තොගෙ අම්මට හු@!!!!
කව්ද හු#තෝ බීල ප්ලේන්ටි ගහන්නේ@#$$!!හිටපිය කටපියන් පරය කියල.......
(ඇත්තටම මම දන්න ජනකය මොනම හේතුවකටවත් අම්ම මතක්කරල බනින එකෙක් නෙමෙයි,(ඌ අම්මට පනදෙන්න ආදරෙයි) උදව්වට හිටි එකාටත් මොනව කරගන්නද කියල හිතාගන්න බැරිවෙලා.......)
ඒක අස්සේ අරූ මහ හයියෙන් හිනාවෙවූ කියනවලු......තොපි බිව්වා........ තොපි කෑවා
....... තොපි බජව් දැම්මා
........ තව ටිකයි
.....තව ටිකයි
........ ඔහොම හිටපාන්....... ඔහොම හිටපාන්......තොටත් පෙට්ටියෙම ගියෑකි කියල
..........
.......................හිතපන්කෝ කට්ට කලුවරේ පෙට්ටි දෙකක් පටෝගෙන.......... මර හයියෙන් හූ තිය තිය කෑ ගහ ගහ යන........ පාරේ තියෙන ලයිට් එලියට යකා එහෙන් මෙහෙන් ලාවට පේනකොට තියෙන සනීපේ.......ඒක අස්සේ පෙට්ටියෙන් යන්නත් තව ටික වෙලාවලු
යකා බුවා දන්න කියන දහඅටපාලි ඔක්කෝම දාල........බෙන්තොට පහුවේගෙන යනකොටම වගේ මෙන්න මෙතන තමයි යකෝ මම මැරුනේ කියල මහ හයියෙන් කෑගහල හර්ස් එක ලයිට්කනුවකට අල්ලල.............
සෙට්ට පෝච්චි!!...... ජනකය ඔන් ද ඇස්-පොට්....... සපෝටර් වින්ඩ්ස් ස්ක්‍රීන් එක කඩන් එලියට විසිවෙලා හතර හන්දි කැඩිල, අනූ නමයෙන් ජීවිතේ බේරිලා...........
පස්සේ දාගෙන ගිය පෙට්ටි දෙක කුඩුපට්ටම්, උන් දෙන්න දෙවනිපාරටත් ඇක්සිඩන්ට් වුනා........ඒපැත්තේ තියෙන මල්ශාලාවකින් අටවල තමයි බොඩීස් දෙක නෑයන්ට බාරදීල තියෙන්නේ
............ජනකය කිව්වත් වගේ ඌ අන්තිමට ගෙදර ගියේ පෙට්ටියෙන්
..............
වෛද්‍ය වාර්තා අනුව නිගමනය වෙලා තිබුනේ අධික බීමත්ව අනතුරුදායක ලෙස රිය පැදවීමක් නිසා සිදුවුන මාරක රිය අනතුරකින් වුන මරනයක් කියල.............
ඒත් කොහොම හරි මට මේ සැබෑ සිද්දිය ආරන්චිවුනේ මේ මරණින් කාලේකට පස්සේ අහම්බෙන්................
විස්තරේ කිව්වේ හදිස්සියේ මහඉස්පිරිතාලේට යන අතරමගදි හම්බවුන අපේ ජනකගේ "සපෝටර් බුවාගෙන්" ඇන මුරිච්චි දාල ඇටකටු ටික අටවගත්තට ඌටත් කාලයක් යනකන් හරි හමන් සිහිකල්පණාවක් තිබිල නෑ..... පස්සේ හොඳ ආරක්ශාවක් කරගත්තට පස්සේ තමයි බුවා යථා තත්වෙට පත්වෙලා තියෙන්නේ...... ඒත් ඉතින් උගේ තියෙන දුප්පත්කමට ඌ තවමත් අර මල්ශාලාවට කඹුරනව........ (මට දැනුන විදියටනම් ඌ ඒ හිටියෙත් ටිකක් සිහිකල්පණාව අඩුවෙන්.........)
පිය උරුමෙන් කරුම රස්සාවක් කළත්, මල් ශාලා 7-8 ක අධිපතිව සිටි, නිහතමානී, ඕන දේකට කට්ට කාගෙන එන, හිත හයියට යකා වගේ හිටිය අකාලයේ නැසීගිය ජනක සොහොයුරාට නිවන් සුව........
පස්සේ සෙට්වෙමු.......
රොබොට් අයියා.......
ammiyo...





ඒත් උන් දෙන්නටම මාරය වීස ගහල හමාරයි දින දෙක තුනක අසාර්ථක ප්රයත්නයකට පස්සේ මේ ජෝඩුව නොඑන ගමන් යනව.........
අනික ඕව අස්සේ මළ මිනී කප කප, ඔලු පල පල ඉන්න උන්ට, යකා භූතය මොකා මාට්ටුවුනත් ඇදල අරන් එම්බාම් කරන මූඩ් එකෙන්නේ ඉන්නේ
......... ඉතින් කට්ටියම (අපේ ලොක්ක බුවත් ඇතුලුව) ජයටම බයිට් ගෙනත් බෝතල් දෙක තුනක් හිස් කොරල....... ඩෝප් පිටම මිනී දෙක ලෑස්ති කරන්න පටන් අරන්.......
........ (ඒත් අවුට් නෑත් වගේලූ) මූත් වැඩිය හිතන්න ගිහින් නෑ, කට්ටියම් දාගෙනනේ ඉන්නේ,


රොබොට් අයියා.......
. මම අන්තිමට දාපු කතාවට ඒ කියන්නේ අර බාත් රූම් එකට රිංගල පැනල ගිය කතාව ගැන කිසිම ප්‍රතිචාරයක් කාගෙන්වත් ආවෙත් නෑ
. පස්සේ කියවල බැලුවම හිතුන කට්ටියට ඒක බොරුවක් කියල හිතුනවත්ද දන්නේ නෑ කියල. හැබැයි මට ඒ කතාව කියපු එක්කෙනා නම්, ඒ කියන්නේ මගේ යාළුවා නම් කියන්නේ ඒක එහෙම උනාම කියල
යි. මටත් ඒක විශ්වාස කරන්න බැරි උන හින්ද තමයි කට්ටියගෙන් ඇහුවේ ඒ ගැන මොකක්ද හිතන්නේ කියල. කෝ ඉතින් කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැනේ
