♥ සොදුරු නවෝදය ♥
01
ඉස්කෝලෙට ඇතුල් වෙන්න තිබේබෙත් තව ඩිංග දුරයි. කොල්ලො සෙට් එකේ එකෙක්වත් පේනතෙක් මානෙකවත් නෑ. උදේපාන්දරම මුං ඔක්කොටම බඩේ අමාරුවක්වත් හැදිලද මංදා. හත්වලාමෙ එහෙනං මටත් ඩිංගිත්තක් හරි හැදෙන්න එපැයි. දවසකට උං කන ඒවයි ලූණු බිකක් හරි මටත් කැවෙනවනේ.
කොලෙජ් ලේන් එකේ, ඉස්කෝලෙ ළග තියෙන වංගුව ගාවින් මතුවෙනකොටම, කොට තාප්පෙ ගාව අපේ ඉස්කෝලෙ කොල්ලෙක් මූණ හතරැස් කරන් ඉන්නවා මං දැක්කා. වැඩිය දැකලා පුරුද්දක් නැතිවුණත්, සාක්කුවෙ ගහපු බැජ් එකෙනුයි ඌ අපේ ඉස්කෝලෙ කියලා අදුන ගත්තේ.
"මොකෝ මල්ලි...?"
කොල්ලගෙ මූණ පිරිලා තිබ්බ අප්සට ගතිය හන්දම මං ඇහුවා. මගේ මූණ දැකපු ගමන් ඌ කලබල වුණා.
"නවෝද් අයියේ.."
එහෙනම් මේකා මාව දන්නවා. හැබැයි ඉතිං ඒකෙ ඇති අලි පුදුමෙකුත් නෑ. මේ කොලෙජ් එකේ නවෝද්ගෙ නම විහිලුවට හරි අහපු නැති එකෙක් නෑ.
"ඇයි මල්ලි... අද ඉස්කෝලෙ වර්ජනේ කරලද..?"
"න්.... නැහ්.."
"එහෙනම්...?"
"මට... මට..."
"ඔව්..."
"ම.... මට..."
"තටමන්නැතුව කියපං බං මොකක්ද ප්‍රශ්නේ..?"
"ම... මට ගහන්න කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා.."
පොඩි එකා කිව්වෙ ඇඹරි ඇඹරි. පෙනුමෙ හැටියට නම් මූ මේ පාර ඕ ලෙවල් කරන බත් බරියෙක්. ඉතිං හත්වලාමේ, මොකෙක් හරි ගහන්න ඉන්නවා නම් මූත් අත පය දිග ඇරලා දීලා ඇද්දා නම් ඉවරනේ.. සියලු සංස්කාර සර්මයෝ මල පෙරේතයි කියලා..
"ගහන්න..."
"ඕ.. ඔව් නවෝද් අයියේ.."
"කවුද ගහන්න ඉන්නේ..? අපේ ඉස්කෝලෙ කවුරු හරිද..? නැත්නම් පිට එවුන්ද..?"
"අපේ ඉස්කෝලේ.."
එහෙනම් මේක මංඩලේ කචල් එකක්. හැබැයි තවත් මූ එක්ක ද්විපාර්ශිකව සාකච්ඡා පවත්තන්න ගියොත්, උදේ එසෙම්බිලි එකටත් බඩුම තමා..
"ඉස්කෝලෙ එවුන් නම් ඔතන ඉදන් බම්බු ගහනවද..? ඉස්කෝලෙ ඇතුලට යන්නෙ නැතුව.."
"න... නවෝද් අයියේ..."
"ඇයි...?"
"අද ඉස්කෝලෙට ආවොත්, මට ගහන්නලු ඉන්නේ.."
පිස්සු හැදෙනවා.. කොහේ තියෙන නීතියක්ද යකෝ ඒක. හරි නම් ඉස්කෝලෙ යන්නැත්නම්නේ, අල්ලලා දෙන පාර සම්බුව දෙන්න ඕන.. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ප්‍රතිපත්තිත් වෙනස් වෙලාද මංදා. ඉස්කෝලෙ එනකොටත් ගහනවා..
වැදගත්ම ප්‍රශ්නෙ මං ඇහුවෙ අන්තිමට. ඒකත් අහලම යන්න එපැයි, ඩිංගක් පරක්කු උනත්. නැත්තං කිසි වගතුවක් නෑ..
මගේ පුරස්නෙන් කොල්ලගෙ මූණ ඇඹුල් වුණා. යකෝ.. මං ඇහුවෙ ලුණු දෙහි ප්‍රශ්නයනක්ද..? මේකා මේ තරම් තටමන්නේ..?
"ඇයි මල්ලි.. කටේ පිට්ටුද..?"
කොල්ලා හිටපු ගමන් කඩේ වහපු හින්දා මං ඇහුවා. පිස්සු නැත්නන් හොදයි.. මෙන්න හත්වලාමේ මුගේ ඇස්වල කදුළු. ඒක දැක්කහම මටත් මාර අප්සට්. ඇයි අප්පා.. කොල්ලෙක් අඩනවා කිව්වාම...
"එයාලා කියනවා ම.. මට නිලංකාව අතාරින්නලු.."
"දැන් කවුද ඔය නිලංකා...?"
"ම... මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."
පිස්සු කෝච්චියයි.. මේකා තාම ඕලෙවල්වත් ලියලා නෑ. කෙල්ලෙකුත් සෙට් කරගෙන. බලන් ගියහම මේකා මහා දරුණු ඝණයේ අපරාධකාරයෙක් නොවෑ..
"හරි දැන් කවුද මලයට ගහන්න ඉන්නේ...?"
"ඒ ලෙවල් ක්ලාස් වල, චතුර අයියා.."
කොල්ලා කිව්වෙ බොහෝම බය පක්ෂපාතීව. හරියට නිකං චතුරංග සේනාව අත ළග එනවා වගේ. කොහොමත් ඉතින් චතුරංගයා කියන්නෙ ඒ වගේ එකෙක් තමයි.. ඌ සෑහෙන්න හිතට අරන් ඉන්න එකෙක්. කොලෙජ් එකේ අන්ඩර් නයින්ටීන් බාස්කට් බෝල් කැප්ටන් වුණා කියලා. කොහොමටත් ඌ අඩි දෙක තුනක් උඩින් යන්නේ. මොනවා උනත් මේ නවෝද්ට නම් චතුරං ගියලා කියන්නේ, දිරවන්නෙම නැති ඩයල් එකක් තමා..
"චතුරංග..., මල්ලිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ට්‍රයිද..?"
කොල්ලගෙ ඇස් දෙක උඩ තිබ්බ කදුළු බිංදු දෙක, පල්ලෙහාට ගලාගෙන ආවා. බලන් ගියහම මේකා අහිංසක බක බක එකෙක් නේ..
"මේ පිස්සු නැතුව ඔය කදුලු පිදුළු පිහිදා ගන්නවා... නැත්නන් දකින එකෙක් හිතයි, තමුසෙයි මායි ලව් කරනවා කියලා.."
මගේ කතාවට කොල්ලා සට පට ගාලා කදුළු පිහිදා ගත්තා.
"චතුරංග අයියා, මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් යාලුවෙන්න අහලා.."
"ඉතිං...?"
"නිලංකා කියලා මාත් එක්ක යාලුයි කියලා.. ඊයෙ දවල් චතුරංග අයියා ඇවිත් මට හොදටම බැනලා, එෆෙයාර් එක නවත්තන්න කිව්වා. එහෙම කරේ නැත්නම්, ඉස්කෝලෙ එන්න බැරිවෙන්න ගහනවා කිව්වා.."
හත්වලාමේ ඒක මාර කැලෑ නීතියක්නේ.. චතුරංගයද දන්නෑ ඒක හදලා තියෙන්නේ.. අනේ අපි නොදන්න චතුරංගයා..
"මල්ලි මේ...? මට දැන් පරක්කු වෙනවා.. බය නැතුව ඉස්කෝලෙට යන්න.."
"අ.. අනේ නවෝද් අයියේ.."
"ඇයි...?"
"චතුරංග අයියා මට ගහනවා කිව්වා.."
"හරි මනුස්සයෝ.. ඔයා කියනවා ලව් එක නැවැත්තුවා කියලා.. නිලංකාටත් කියනවා එහෙම කියන්න කියලා.."
"එතකොට..?"
මූට නම් අයන්නෙ ඉදලම කියලා දෙන්න වෙයි වගේ. මේකා මොන නැකතකින් ජාතියෙ පිනට පහල වුණ ශිෂ්‍යයෙක්ද මංදා...
"එතකොට චතුරංග, නිලංකාට ච්‍රටි කරයි.. ඒකිට කියනවා ගණන් උස්සලා ඉන්න කියලා.. ඒ අතරේ ලව් එක ෂේප් එකේ අරන් යන්න පුළුවන් නේ.."
"අ... අනේ අයියේ.. චතුරංග අයියා හැම තැනම කොල්ලො දාලා මේ ගැන හොයන්න.. අපි දෙන්නා බොරු කරනවා කියලා අහුවුණොත් අපි දෙන්නටම ගහයි.. ආයේ එයා කිව්වා අපි දෙන්නව ප්‍රින්සිපල් සර්ට අල්ලලා දෙනවා කියලා.."
අන්න.. අන්න ඒවා නම් කැත වැඩ මල්ලි. ඒවා නම් ඔරිජිනල් ජපන් පෙරේත වැඩ.. මොකද කියනවා නම් තව එකෙක් එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලෙක් හරි කමක් නෑ, ට්‍රයි කරලා ට්‍රයි කරලා මහන්සිවෙලා යාලු කරගන්නවා නම්. ඒවට කියන්නෙ උපන්ගෙයි ටැලන්ට් කියලා. එහෙන නැතුව, බකට් ඇදලා ඒ ආදරේ කාබාසිනියා කරලා, ආදරේ කරන අයට ලැජ්ජා කරලා කෙල්ලව යාලු කරගන්නවා කියන්නෙ අන්තිම කුප්ප, කුජීත, සක්කිලි වැඩක්..
"ඒවට බයවෙන්න එපා මල්ලි.. ඒ චතුරංගය දවල් කාලේ දකින හීන.. ඔයාට නිලංකාව විශ්වාසද..?"
"ඔව්.. අයියේ.."
කොල්ලා එකසිය ගානට ෆෝම් වෙලා උත්තරේ දුන්නා..
"එහෙනම් ඉතින් චතුරංගට කරන්න පුළුවන් බිබික්කමක් නෑ. ඔයා පංතියට යන්න.. මොනවා හරි ප්‍රශ්නයක් ආවොතින් මාව හම්බවෙන්න.. ඉතිරි හරිය මං බලාගන්නම්.. "
"තැන්ක් යූ නවෝද් අයියේ..."
කොල්ලා ඇස් දෙකේ කදුළු හංගගෙන හිනාවුනා.. මගේ හිතටත් පොඩියට සතුටක් ආවා..
"හැබැයි....?"
"ඇයි අයියේ..?"
"ආදරේ කරනවා වගේම, ඉස්කෝලෙ වැඩ ටිකත් හරියට කරලා, ඉස්සෙල්ලම ඕලෙවල් ගොඩ දාගන්න දෙන්නම, මේ කාලෙදි ආදරේ අංක එක දුන්නොත්, අධ්‍යාපනේ ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙන් පැනලා යනවා.. මලයා ඒකත් මතක තියාගන්න.."
කොල්ලගෙ මූණෙ හිනාව ටිකෙන් ටික මැකිලා යද්දි මං කොලෙජ් ලේන් එකෙන් මහපාරට ආවා. කරන්න දෙයක් නෑ.. කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දැම්මා.. නැත්නං ආදරේටත් කලින් මූ විනාශ වෙනවා දැකලා අපිටයි තනි ඇහැට ඇඩෙන්නේ..
උස දැවැන්ත ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඉස්සරහට හම්බවෙන්නෙ බාස්කට් බෝල් කෝඩ් එක. ඒ කෝඩ් එකට දෙපැත්තෙන් ටිකක් ඈතට වෙන්න තට්ටු දෙකේ බිල්ඩින් දෙකක් තිබුණා. හුගාක් වෙලාවට හවස බාස්කට් බෝල් මැච් තියෙනකොට, අපි ඒවා බැලුවේ, ඔය කියපු බිල්ඩින් වල දෙවැනි තට්ටුවෙ ඉදලා. ඒ හැම එකක්ම පංති කාමර වලට වෙන් කරලා තිබ්බා. බාස්කට් බෝල් කෝඩ් එකට පිටිපස්සෙන් විහිදිලා ගියපු තැන්නේ, ඉතිරි පංති වලට කාමර වෙන් වෙච්චි ගොඩනැගිලි හතර පැත්තටම විහිදිලා තිබ්බා. දොළහා වසරේ අපේ ක්ලාස්එක තිබ්බෙ බාස්කට් බෝල් කෝඩ් එක පහු කරලා, පඩිපේලි තුන හතරක් හැබැගෙන ගියහම ඉස්සෙල්ලම හම්බවෙන තට්ටු දෙකේ බිල්ඩින් එකේ..
"ඇති යාං...තන්.."
"ඔය එන්නේ...?"
"දෑස රිදෙනවා... පාර බලා ඉදලා.."
"මොන අලගෙඩියක් කලාද බං මේචචර වෙලා..?"
මාව දැක්කා විතරයි අපේ පංතියෙ කොල්ලන්ගෙ කටවල් වැඩ කරන්න පටන් ගත්තා. අපේ මුළු පංතියම මාත් එක්ක සිරාවටම ෆිට් වුණත්, බුදු ෆිට් එකේ හිටියෙ හත් අට දෙනෙක් විතරයි..
"පොඩි කේස් එකක් බං.."
කියාගෙනම මං පොත් ටිකත් අරගෙන ක්ලාස් රූම් එක ඇතුළට ආවා. කොහොමත් අපේ ක්ලාස් රූම් එක ඇතුළවොහම, ගෙදර ආවා වගේ තමයි. ඇයි ඉතිං කරන කියන හැමදේටම ඉඩ තියෙන්නෙ එතනනේ..
"මොකක්ද බං..?"
මාධව මගේ ඉස්සරහට ආවා. උගේ මුළු මූණම ලොකු කුතුහලයකින් පිරිලා තිබ්බා..
"චතුරංග, දහය පංතියෙ බබෙකුට බැල්ම දාලා.."
"ඉතිං..?"
මාධවගෙ කුතුහලේ එහෙම් පිටින්ම නැතිවෙලා ගියා. කොල්ලන්ටත් ඒක විශේෂ ප්‍රකාශයක් වුණේ නෑ. ඔව්.. ඉතිනං ඒක ඇති ගත යුත්තක් නෑ නේන්නම්.. කොල්ලෙක් කෙල්ලෙකුට බැල්ම දානවා කියන්නේ, මේ.. මේ සිහි නැතිවෙන්න තරම් අතුරු ආන්තරාවක් නෙමෙයි නේ..
"ඉතිං හිචිං ගාන්න එපා යකෝ.. දෙයක් කියනකොට ඩිංගක් මනුස්සකමට අහං හිටපං.."
"ඔව්.. ඔව්.. මේ මනුස්සකමටයි අහන්නේ.. දැන් ඔය නංගි බබාට මොකද වෙලා තියෙන්නේ..? චතුරංගයා ඒකිට බාස්කට් බෝලයක් දීලද..?"
"ඌ දීපු ඇට මගුලක් නෑ.. ඒ නංගි බබා, ඒ පංතියෙම මල්ලි බබෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.. චතුරංගයා ගාල කඩාගත්තු හරකා වගේ ඒක මැද්දට පැනලා තියෙන්නේ.."
මගේ කතාවට නව අර්ථකතන හම්බවුණේ ඒ ප්‍රකාශනෙන් පස්සෙ. වැඩේ නැගලම ගියා. කොයි තරම් ඇග කිළිපොලා යන වැඩ කෙරුවත් අපේ කොල්ලො සෙට් එක නම්, ඔය වගේ පජාත වැඩ කරන්නෙ නෑ..
"චතුරංගයගෙ කොහොමටත් උණ ඩිංගක් වැඩියි.."
"ඩිංගක් නෙමෙයි මහේලයා.. ඌට අලි උණ.."
"ඕකගෙ උණ, නිව්මෝනියාව දක්වා වැඩි කරමුද මචං.. ඊට පස්සෙ බැරියැ බයිපාස් එකක් කරන්න.. ඕකා එතකොට අසාධ්‍ය වෙලා මැරිලා යාවි.."
ඉදලා ඉදලා මහේලයා කිව්වෙත් හිතේ ෆිට් එක දෙගුණ තෙගුණ වෙන කතාවක්..
"වැඩිය ඕන්නෑ බං.. අපි ඕකට බාස්කට් බෝල් කෝඩ් එකේම දාගෙන නෙලමුද..? ඌ නිතරම කියනවා කියන්නෙ.. ඌ ඉපදුනෙත් බාස්කට් බෝල්වලට, ඌ මැරෙන්නෙත් බාස්කට් බෝල් වලට කියලා.."
"නිකං ඉදපං මාධවයා.. ඌ කොහේද බාස්කට් බෝල් වල ඉපදුනේ.. ඔය අන්ඩර් නයින්ටීන් කැප්ටන්කම ඌට හම්බවුණෙත් කණා චාන්ස් එකකට.. ඕක හරි නම් හම්බවෙන්න තිබ්බෙ උෂාන්ට.."
"හරි බං... අපිට ඒවා වැඩක් නෑ. චතුරංගයා වැඩිය උඩ පනිනවා නම් අපි ඌව හයි ජම්ප් එකට දාමු.."
මහේල ආයෙත් අමුතු කතාවක් කිව්වා. ඌ කොහොමටත් කියන්නෙ, ඔය වගේ මෙලෝ රහක් නැති, අංඩර දෙමළ කතා තමයි..
"ඇයි නවෝද් පරක්කු වුණේ..?"
කොහේ ඉදලද මංදා නිරෝමි මගේ ළගට ආවා.. කොහෙද ඉතින් ආපු වෙලාවෙ ඉදලා මුංගෙ කච කචේට අහුවුණානේ.. වර්තමානයයි, අතීතයයි පේන්නැතිවෙන තරමට...
නිරෝමි කියලා කිව්වේ අපේ පංතියෙ නායිකාව.. ඕනම අසාධ්‍ය කටයුත්තකට දුවලා පැනලා, බොක්කෙන්ම ගේමට එන්ටර් වෙන කූල් කැරැක්ටර් එකක්. කෙල්ල මං ගැන ලාවට ලාවට වගේ ඩිංගක් ඉන්ටෙරස්ටින් කියලා මට දැනිච්ච වෙලාවක් තිබුණා. ඒත් මං ඒවා ගැ ඒතරම් හිතන්න ගියේ නෑ. අපේ පංතියෙ නිරෝමිට වැඩිය ලස්සන කෙල්ලො කිහිපදෙනෙක්ම හිටියා. ඒ අයගෙනුත් ඉස්සරහින්ම හිටියෙ නෙහාරා..
"කියන්නකෝ.. නවෝද්.."
"මොකක්ද..?"
"වෙනදට වැඩිය අද ඔයා හුගාක් පරක්කුයි.."
"ඉතිං..?"
"මං ඇහුවෙ ඇයි පරක්කු කියලා.."
නිරෝමි එහෙනම් මං එනකල් මග බලන් ඉදලා.. හැබැයි මං පංතියට එනකොට කෙල්ල පංතියෙ හිටියෙ නෑ..
"පරක්කු වුණේද..? හ්ම්... කෙමිස්ට්‍රි පොත අරන් වරෙන් ලියලා දෙන්න.."
නිරෝමිගෙ මූණ ඇද වුණා. ටිකක් තෙලඑලලු පාට උනත් ඒකිගෙ මූන වගේම ඇගත් හරි ගතියක් තිබ්බා.. හැමදේම ගානට.. අඩුත් නෑ.. වැඩිත් නෑ...
"ඔ... යා.. හරි නරකයි.. නවෝද්.."
"අ..නේ.. ඇයි වස්තුවේ ඔයා අපේ නවෝදයා නරකයි කියන්නේ..? ඌ ඔයාට මොනව හරි කළාද..? ඔයාට ශාරීරික පීඩාවක්, මානසික ආතතියක් මූ ඇති කළාද.. ආ..?"
කොල්ලො සෙට් එකේ ඉස්සරහින්ම ආපු පැතුම් ඇහුවා..පැතුමා කොහොමත් කෙල්ලෝන්ට ඇගේ තියෙන හැම අවයවේකින්ම ආදරේ කරන එකෙක්. කොටින්ම ඌට චීත්ත කෑල්ලක්වත් පේන්න බෑ. වැඩිය ඕන්නෑ වැලක වනලා තියෙන බ්ලවුස් එකක් දැක්කත් ඌට කවි සිතුවිලි පහල වෙලා ප්‍රේමයෙන් හදවත මුසපත් වෙනවා..
"මට ඔයත්තෙක්ක කතාවක් නෑ පැතුම්.. ඔයා පාඩුවෙ ඉන්න.."
නිරෝමි පැතුම්ට කඩන් පැන්නා, මේ පංතියට ආපු දා ඉදලා මුං දෙන්නා ගෑනියි මිනිහයි වගේ මරා ගන්නවා..
"පාඩුවේ ඉන්න තිබ්බා.. ඔයා මගේ හදවත කෑවේ නැත්තම්.."
ඌ ඒක කියපු තාලෙට මට බකස් ගාලා හිනා ගියා..
"පැතුම්, ඔයා හිතන් ඉන්නෙ මං වනචරියක් කියලද..? ඔයාගෙ හදවත කන්න.."
"ඒත් කමක් නෑ... මගෙ දෙයියො.. ඔයා එහෙම නම් මාත් වනචාරියෙක් වෙනවා.."
"ඒයි.... ඒයි.... මුං දෙන්නා මීනීමස් කාගන්න යන්නේ.. දුවපල්ලා......"
සවුත්තුවටත් එක්ක මහේල කියද්දි මුළු පංතියම හිනාවනේන ගත්තා. ඒ එක්කම තමයි ඉස්කෝලේ ඝාන්ඨාරේ දැල්ලා අතින් වැදුනේ.. දැක්කා කියලා කිව්වේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට කාල පරාසෙ පෙන්නන බෙල් ගහන මනුස්සයා. හැබැයි නිකනං හරි කොල්ලෙක් මෑන්ට දැල්ලා කියලා කියනවා ඇහුනොත්, දැල්ලන්ගෙ අම්මගෙ තාත්තාගෙ ඉදලා ජාතකේ මතක් කරනවා..
*************************************