♥ සොදුරු නවෝදය ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ♥ සොදුරු නවෝදය ♥

    Cover-01.jpg



    01


    ඉස්කෝලෙට ඇතුල් වෙන්න තිබේබෙත් තව ඩිංග දුරයි. කොල්ලො සෙට් එකේ එකෙක්වත් පේනතෙක් මානෙකවත් නෑ. උදේපාන්දරම මුං ඔක්කොටම බඩේ අමාරුවක්වත් හැදිලද මංදා. හත්වලාමෙ එහෙනං මටත් ඩිංගිත්තක් හරි හැදෙන්න එපැයි. දවසකට උං කන ඒවයි ලූණු බිකක් හරි මටත් කැවෙනවනේ.



    කොලෙජ් ලේන් එකේ, ඉස්කෝලෙ ළග තියෙන වංගුව ගාවින් මතුවෙනකොටම, කොට තාප්පෙ ගාව අපේ ඉස්කෝලෙ කොල්ලෙක් මූණ හතරැස් කරන් ඉන්නවා මං දැක්කා. වැඩිය දැකලා පුරුද්දක් නැතිවුණත්, සාක්කුවෙ ගහපු බැජ් එකෙනුයි ඌ අපේ ඉස්කෝලෙ කියලා අදුන ගත්තේ.




    "මොකෝ මල්ලි...?"



    කොල්ලගෙ මූණ පිරිලා තිබ්බ අප්සට ගතිය හන්දම මං ඇහුවා. මගේ මූණ දැකපු ගමන් ඌ කලබල වුණා.



    "නවෝද් අයියේ.."



    එහෙනම් මේකා මාව දන්නවා. හැබැයි ඉතිං ඒකෙ ඇති අලි පුදුමෙකුත් නෑ. මේ කොලෙජ් එකේ නවෝද්ගෙ නම විහිලුවට හරි අහපු නැති එකෙක් නෑ.



    "ඇයි මල්ලි... අද ඉස්කෝලෙ වර්ජනේ කරලද..?"



    "න්.... නැහ්.."



    "එහෙනම්...?"



    "මට... මට..."



    "ඔව්..."



    "ම.... මට..."



    "තටමන්නැතුව කියපං බං මොකක්ද ප්‍රශ්නේ..?"



    "ම... මට ගහන්න කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා.."



    පොඩි එකා කිව්වෙ ඇඹරි ඇඹරි. පෙනුමෙ හැටියට නම් මූ මේ පාර ඕ ලෙවල් කරන බත් බරියෙක්. ඉතිං හත්වලාමේ, මොකෙක් හරි ගහන්න ඉන්නවා නම් මූත් අත පය දිග ඇරලා දීලා ඇද්දා නම් ඉවරනේ.. සියලු සංස්කාර සර්මයෝ මල පෙරේතයි කියලා..



    "ගහන්න..."



    "ඕ.. ඔව් නවෝද් අයියේ.."



    "කවුද ගහන්න ඉන්නේ..? අපේ ඉස්කෝලෙ කවුරු හරිද..? නැත්නම් පිට එවුන්ද..?"



    "අපේ ඉස්කෝලේ.."



    එහෙනම් මේක මංඩලේ කචල් එකක්. හැබැයි තවත් මූ එක්ක ද්විපාර්ශිකව සාකච්ඡා පවත්තන්න ගියොත්, උදේ එසෙම්බිලි එකටත් බඩුම තමා..



    "ඉස්කෝලෙ එවුන් නම් ඔතන ඉදන් බම්බු ගහනවද..? ඉස්කෝලෙ ඇතුලට යන්නෙ නැතුව.."



    "න... නවෝද් අයියේ..."



    "ඇයි...?"



    "අද ඉස්කෝලෙට ආවොත්, මට ගහන්නලු ඉන්නේ.."



    පිස්සු හැදෙනවා.. කොහේ තියෙන නීතියක්ද යකෝ ඒක. හරි නම් ඉස්කෝලෙ යන්නැත්නම්නේ, අල්ලලා දෙන පාර සම්බුව දෙන්න ඕන.. දැන් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ප්‍රතිපත්තිත් වෙනස් වෙලාද මංදා. ඉස්කෝලෙ එනකොටත් ගහනවා..



    වැදගත්ම ප්‍රශ්නෙ මං ඇහුවෙ අන්තිමට. ඒකත් අහලම යන්න එපැයි, ඩිංගක් පරක්කු උනත්. නැත්තං කිසි වගතුවක් නෑ..



    මගේ පුරස්නෙන් කොල්ලගෙ මූණ ඇඹුල් වුණා. යකෝ.. මං ඇහුවෙ ලුණු දෙහි ප්‍රශ්නයනක්ද..? මේකා මේ තරම් තටමන්නේ..?



    "ඇයි මල්ලි.. කටේ පිට්ටුද..?"



    කොල්ලා හිටපු ගමන් කඩේ වහපු හින්දා මං ඇහුවා. පිස්සු නැත්නන් හොදයි.. මෙන්න හත්වලාමේ මුගේ ඇස්වල කදුළු. ඒක දැක්කහම මටත් මාර අප්සට්. ඇයි අප්පා.. කොල්ලෙක් අඩනවා කිව්වාම...



    "එයාලා කියනවා ම.. මට නිලංකාව අතාරින්නලු.."



    "දැන් කවුද ඔය නිලංකා...?"



    "ම... මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.."



    පිස්සු කෝච්චියයි.. මේකා තාම ඕලෙවල්වත් ලියලා නෑ. කෙල්ලෙකුත් සෙට් කරගෙන. බලන් ගියහම මේකා මහා දරුණු ඝණයේ අපරාධකාරයෙක් නොවෑ..



    "හරි දැන් කවුද මලයට ගහන්න ඉන්නේ...?"



    "ඒ ලෙවල් ක්ලාස් වල, චතුර අයියා.."



    කොල්ලා කිව්වෙ බොහෝම බය පක්ෂපාතීව. හරියට නිකං චතුරංග සේනාව අත ළග එනවා වගේ. කොහොමත් ඉතින් චතුරංගයා කියන්නෙ ඒ වගේ එකෙක් තමයි.. ඌ සෑහෙන්න හිතට අරන් ඉන්න එකෙක්. කොලෙජ් එකේ අන්ඩර් නයින්ටීන් බාස්කට් බෝල් කැප්ටන් වුණා කියලා. කොහොමටත් ඌ අඩි දෙක තුනක් උඩින් යන්නේ. මොනවා උනත් මේ නවෝද්ට නම් චතුරං ගියලා කියන්නේ, දිරවන්නෙම නැති ඩයල් එකක් තමා..



    "චතුරංග..., මල්ලිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට ට්‍රයිද..?"



    කොල්ලගෙ ඇස් දෙක උඩ තිබ්බ කදුළු බිංදු දෙක, පල්ලෙහාට ගලාගෙන ආවා. බලන් ගියහම මේකා අහිංසක බක බක එකෙක් නේ..


    "මේ පිස්සු නැතුව ඔය කදුලු පිදුළු පිහිදා ගන්නවා... නැත්නන් දකින එකෙක් හිතයි, තමුසෙයි මායි ලව් කරනවා කියලා.."



    මගේ කතාවට කොල්ලා සට පට ගාලා කදුළු පිහිදා ගත්තා.



    "චතුරංග අයියා, මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් යාලුවෙන්න අහලා.."



    "ඉතිං...?"



    "නිලංකා කියලා මාත් එක්ක යාලුයි කියලා.. ඊයෙ දවල් චතුරංග අයියා ඇවිත් මට හොදටම බැනලා, එෆෙයාර් එක නවත්තන්න කිව්වා. එහෙම කරේ නැත්නම්, ඉස්කෝලෙ එන්න බැරිවෙන්න ගහනවා කිව්වා.."



    හත්වලාමේ ඒක මාර කැලෑ නීතියක්නේ.. චතුරංගයද දන්නෑ ඒක හදලා තියෙන්නේ.. අනේ අපි නොදන්න චතුරංගයා..



    "මල්ලි මේ...? මට දැන් පරක්කු වෙනවා.. බය නැතුව ඉස්කෝලෙට යන්න.."



    "අ.. අනේ නවෝද් අයියේ.."



    "ඇයි...?"



    "චතුරංග අයියා මට ගහනවා කිව්වා.."



    "හරි මනුස්සයෝ.. ඔයා කියනවා ලව් එක නැවැත්තුවා කියලා.. නිලංකාටත් කියනවා එහෙම කියන්න කියලා.."



    "එතකොට..?"



    මූට නම් අයන්නෙ ඉදලම කියලා දෙන්න වෙයි වගේ. මේකා මොන නැකතකින් ජාතියෙ පිනට පහල වුණ ශිෂ්‍යයෙක්ද මංදා...



    "එතකොට චතුරංග, නිලංකාට ච්‍රටි කරයි.. ඒකිට කියනවා ගණන් උස්සලා ඉන්න කියලා.. ඒ අතරේ ලව් එක ෂේප් එකේ අරන් යන්න පුළුවන් නේ.."



    "අ... අනේ අයියේ.. චතුරංග අයියා හැම තැනම කොල්ලො දාලා මේ ගැන හොයන්න.. අපි දෙන්නා බොරු කරනවා කියලා අහුවුණොත් අපි දෙන්නටම ගහයි.. ආයේ එයා කිව්වා අපි දෙන්නව ප්‍රින්සිපල් සර්ට අල්ලලා දෙනවා කියලා.."



    අන්න.. අන්න ඒවා නම් කැත වැඩ මල්ලි. ඒවා නම් ඔරිජිනල් ජපන් පෙරේත වැඩ.. මොකද කියනවා නම් තව එකෙක් එක්ක යාලුවෙලා ඉන්න කෙල්ලෙක් හරි කමක් නෑ, ට්‍රයි කරලා ට්‍රයි කරලා මහන්සිවෙලා යාලු කරගන්නවා නම්. ඒවට කියන්නෙ උපන්ගෙයි ටැලන්ට් කියලා. එහෙන නැතුව, බකට් ඇදලා ඒ ආදරේ කාබාසිනියා කරලා, ආදරේ කරන අයට ලැජ්ජා කරලා කෙල්ලව යාලු කරගන්නවා කියන්නෙ අන්තිම කුප්ප, කුජීත, සක්කිලි වැඩක්..



    "ඒවට බයවෙන්න එපා මල්ලි.. ඒ චතුරංගය දවල් කාලේ දකින හීන.. ඔයාට නිලංකාව විශ්වාසද..?"



    "ඔව්.. අයියේ.."



    කොල්ලා එකසිය ගානට ෆෝම් වෙලා උත්තරේ දුන්නා..



    "එහෙනම් ඉතින් චතුරංගට කරන්න පුළුවන් බිබික්කමක් නෑ. ඔයා පංතියට යන්න.. මොනවා හරි ප්‍රශ්නයක් ආවොතින් මාව හම්බවෙන්න.. ඉතිරි හරිය මං බලාගන්නම්.. "



    "තැන්ක් යූ නවෝද් අයියේ..."



    කොල්ලා ඇස් දෙකේ කදුළු හංගගෙන හිනාවුනා.. මගේ හිතටත් පොඩියට සතුටක් ආවා..



    "හැබැයි....?"



    "ඇයි අයියේ..?"



    "ආදරේ කරනවා වගේම, ඉස්කෝලෙ වැඩ ටිකත් හරියට කරලා, ඉස්සෙල්ලම ඕලෙවල් ගොඩ දාගන්න දෙන්නම, මේ කාලෙදි ආදරේ අංක එක දුන්නොත්, අධ්‍යාපනේ ඉස්කෝලෙ පිටිපස්සෙ තාප්පෙන් පැනලා යනවා.. මලයා ඒකත් මතක තියාගන්න.."



    කොල්ලගෙ මූණෙ හිනාව ටිකෙන් ටික මැකිලා යද්දි මං කොලෙජ් ලේන් එකෙන් මහපාරට ආවා. කරන්න දෙයක් නෑ.. කියන්න තියෙන දේ පොල්ලෙන් ගැහුවා වගේ කියලා දැම්මා.. නැත්නං ආදරේටත් කලින් මූ විනාශ වෙනවා දැකලා අපිටයි තනි ඇහැට ඇඩෙන්නේ..



    උස දැවැන්ත ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම ඉස්සරහට හම්බවෙන්නෙ බාස්කට් බෝල් කෝඩ් එක. ඒ කෝඩ් එකට දෙපැත්තෙන් ටිකක් ඈතට වෙන්න තට්ටු දෙකේ බිල්ඩින් දෙකක් තිබුණා. හුගාක් වෙලාවට හවස බාස්කට් බෝල් මැච් තියෙනකොට, අපි ඒවා බැලුවේ, ඔය කියපු බිල්ඩින් වල දෙවැනි තට්ටුවෙ ඉදලා. ඒ හැම එකක්ම පංති කාමර වලට වෙන් කරලා තිබ්බා. බාස්කට් බෝල් කෝඩ් එකට පිටිපස්සෙන් විහිදිලා ගියපු තැන්නේ, ඉතිරි පංති වලට කාමර වෙන් වෙච්චි ගොඩනැගිලි හතර පැත්තටම විහිදිලා තිබ්බා. දොළහා වසරේ අපේ ක්ලාස්එක තිබ්බෙ බාස්කට් බෝල් කෝඩ් එක පහු කරලා, පඩිපේලි තුන හතරක් හැබැගෙන ගියහම ඉස්සෙල්ලම හම්බවෙන තට්ටු දෙකේ බිල්ඩින් එකේ..



    "ඇති යාං...තන්.."



    "ඔය එන්නේ...?"



    "දෑස රිදෙනවා... පාර බලා ඉදලා.."



    "මොන අලගෙඩියක් කලාද බං මේචචර වෙලා..?"



    මාව දැක්කා විතරයි අපේ පංතියෙ කොල්ලන්ගෙ කටවල් වැඩ කරන්න පටන් ගත්තා. අපේ මුළු පංතියම මාත් එක්ක සිරාවටම ෆිට් වුණත්, බුදු ෆිට් එකේ හිටියෙ හත් අට දෙනෙක් විතරයි..



    "පොඩි කේස් එකක් බං.."



    කියාගෙනම මං පොත් ටිකත් අරගෙන ක්ලාස් රූම් එක ඇතුළට ආවා. කොහොමත් අපේ ක්ලාස් රූම් එක ඇතුළවොහම, ගෙදර ආවා වගේ තමයි. ඇයි ඉතිං කරන කියන හැමදේටම ඉඩ තියෙන්නෙ එතනනේ..



    "මොකක්ද බං..?"



    මාධව මගේ ඉස්සරහට ආවා. උගේ මුළු මූණම ලොකු කුතුහලයකින් පිරිලා තිබ්බා..



    "චතුරංග, දහය පංතියෙ බබෙකුට බැල්ම දාලා.."



    "ඉතිං..?"



    මාධවගෙ කුතුහලේ එහෙම් පිටින්ම නැතිවෙලා ගියා. කොල්ලන්ටත් ඒක විශේෂ ප්‍රකාශයක් වුණේ නෑ. ඔව්.. ඉතිනං ඒක ඇති ගත යුත්තක් නෑ නේන්නම්.. කොල්ලෙක් කෙල්ලෙකුට බැල්ම දානවා කියන්නේ, මේ.. මේ සිහි නැතිවෙන්න තරම් අතුරු ආන්තරාවක් නෙමෙයි නේ..



    "ඉතිං හිචිං ගාන්න එපා යකෝ.. දෙයක් කියනකොට ඩිංගක් මනුස්සකමට අහං හිටපං.."



    "ඔව්.. ඔව්.. මේ මනුස්සකමටයි අහන්නේ.. දැන් ඔය නංගි බබාට මොකද වෙලා තියෙන්නේ..? චතුරංගයා ඒකිට බාස්කට් බෝලයක් දීලද..?"



    "ඌ දීපු ඇට මගුලක් නෑ.. ඒ නංගි බබා, ඒ පංතියෙම මල්ලි බබෙක් එක්ක යාලුවෙලා ඉන්නේ.. චතුරංගයා ගාල කඩාගත්තු හරකා වගේ ඒක මැද්දට පැනලා තියෙන්නේ.."



    මගේ කතාවට නව අර්ථකතන හම්බවුණේ ඒ ප්‍රකාශනෙන් පස්සෙ. වැඩේ නැගලම ගියා. කොයි තරම් ඇග කිළිපොලා යන වැඩ කෙරුවත් අපේ කොල්ලො සෙට් එක නම්, ඔය වගේ පජාත වැඩ කරන්නෙ නෑ..



    "චතුරංගයගෙ කොහොමටත් උණ ඩිංගක් වැඩියි.."



    "ඩිංගක් නෙමෙයි මහේලයා.. ඌට අලි උණ.."



    "ඕකගෙ උණ, නිව්මෝනියාව දක්වා වැඩි කරමුද මචං.. ඊට පස්සෙ බැරියැ බයිපාස් එකක් කරන්න.. ඕකා එතකොට අසාධ්‍ය වෙලා මැරිලා යාවි.."



    ඉදලා ඉදලා මහේලයා කිව්වෙත් හිතේ ෆිට් එක දෙගුණ තෙගුණ වෙන කතාවක්..



    "වැඩිය ඕන්නෑ බං.. අපි ඕකට බාස්කට් බෝල් කෝඩ් එකේම දාගෙන නෙලමුද..? ඌ නිතරම කියනවා කියන්නෙ.. ඌ ඉපදුනෙත් බාස්කට් බෝල්වලට, ඌ මැරෙන්නෙත් බාස්කට් බෝල් වලට කියලා.."



    "නිකං ඉදපං මාධවයා.. ඌ කොහේද බාස්කට් බෝල් වල ඉපදුනේ.. ඔය අන්ඩර් නයින්ටීන් කැප්ටන්කම ඌට හම්බවුණෙත් කණා චාන්ස් එකකට.. ඕක හරි නම් හම්බවෙන්න තිබ්බෙ උෂාන්ට.."



    "හරි බං... අපිට ඒවා වැඩක් නෑ. චතුරංගයා වැඩිය උඩ පනිනවා නම් අපි ඌව හයි ජම්ප් එකට දාමු.."



    මහේල ආයෙත් අමුතු කතාවක් කිව්වා. ඌ කොහොමටත් කියන්නෙ, ඔය වගේ මෙලෝ රහක් නැති, අංඩර දෙමළ කතා තමයි..



    "ඇයි නවෝද් පරක්කු වුණේ..?"



    කොහේ ඉදලද මංදා නිරෝමි මගේ ළගට ආවා.. කොහෙද ඉතින් ආපු වෙලාවෙ ඉදලා මුංගෙ කච කචේට අහුවුණානේ.. වර්තමානයයි, අතීතයයි පේන්නැතිවෙන තරමට...



    නිරෝමි කියලා කිව්වේ අපේ පංතියෙ නායිකාව.. ඕනම අසාධ්‍ය කටයුත්තකට දුවලා පැනලා, බොක්කෙන්ම ගේමට එන්ටර් වෙන කූල් කැරැක්ටර් එකක්. කෙල්ල මං ගැන ලාවට ලාවට වගේ ඩිංගක් ඉන්ටෙරස්ටින් කියලා මට දැනිච්ච වෙලාවක් තිබුණා. ඒත් මං ඒවා ගැ ඒතරම් හිතන්න ගියේ නෑ. අපේ පංතියෙ නිරෝමිට වැඩිය ලස්සන කෙල්ලො කිහිපදෙනෙක්ම හිටියා. ඒ අයගෙනුත් ඉස්සරහින්ම හිටියෙ නෙහාරා..



    "කියන්නකෝ.. නවෝද්.."



    "මොකක්ද..?"



    "වෙනදට වැඩිය අද ඔයා හුගාක් පරක්කුයි.."



    "ඉතිං..?"



    "මං ඇහුවෙ ඇයි පරක්කු කියලා.."



    නිරෝමි එහෙනම් මං එනකල් මග බලන් ඉදලා.. හැබැයි මං පංතියට එනකොට කෙල්ල පංතියෙ හිටියෙ නෑ..



    "පරක්කු වුණේද..? හ්ම්... කෙමිස්ට්‍රි පොත අරන් වරෙන් ලියලා දෙන්න.."



    නිරෝමිගෙ මූණ ඇද වුණා. ටිකක් තෙලඑලලු පාට උනත් ඒකිගෙ මූන වගේම ඇගත් හරි ගතියක් තිබ්බා.. හැමදේම ගානට.. අඩුත් නෑ.. වැඩිත් නෑ...



    "ඔ... යා.. හරි නරකයි.. නවෝද්.."



    "අ..නේ.. ඇයි වස්තුවේ ඔයා අපේ නවෝදයා නරකයි කියන්නේ..? ඌ ඔයාට මොනව හරි කළාද..? ඔයාට ශාරීරික පීඩාවක්, මානසික ආතතියක් මූ ඇති කළාද.. ආ..?"



    කොල්ලො සෙට් එකේ ඉස්සරහින්ම ආපු පැතුම් ඇහුවා..පැතුමා කොහොමත් කෙල්ලෝන්ට ඇගේ තියෙන හැම අවයවේකින්ම ආදරේ කරන එකෙක්. කොටින්ම ඌට චීත්ත කෑල්ලක්වත් පේන්න බෑ. වැඩිය ඕන්නෑ වැලක වනලා තියෙන බ්ලවුස් එකක් දැක්කත් ඌට කවි සිතුවිලි පහල වෙලා ප්‍රේමයෙන් හදවත මුසපත් වෙනවා..



    "මට ඔයත්තෙක්ක කතාවක් නෑ පැතුම්.. ඔයා පාඩුවෙ ඉන්න.."



    නිරෝමි පැතුම්ට කඩන් පැන්නා, මේ පංතියට ආපු දා ඉදලා මුං දෙන්නා ගෑනියි මිනිහයි වගේ මරා ගන්නවා..


    "පාඩුවේ ඉන්න තිබ්බා.. ඔයා මගේ හදවත කෑවේ නැත්තම්.."



    ඌ ඒක කියපු තාලෙට මට බකස් ගාලා හිනා ගියා..



    "පැතුම්, ඔයා හිතන් ඉන්නෙ මං වනචරියක් කියලද..? ඔයාගෙ හදවත කන්න.."



    "ඒත් කමක් නෑ... මගෙ දෙයියො.. ඔයා එහෙම නම් මාත් වනචාරියෙක් වෙනවා.."



    "ඒයි.... ඒයි.... මුං දෙන්නා මීනීමස් කාගන්න යන්නේ.. දුවපල්ලා......"



    සවුත්තුවටත් එක්ක මහේල කියද්දි මුළු පංතියම හිනාවනේන ගත්තා. ඒ එක්කම තමයි ඉස්කෝලේ ඝාන්ඨාරේ දැල්ලා අතින් වැදුනේ.. දැක්කා කියලා කිව්වේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට කාල පරාසෙ පෙන්නන බෙල් ගහන මනුස්සයා. හැබැයි නිකනං හරි කොල්ලෙක් මෑන්ට දැල්ලා කියලා කියනවා ඇහුනොත්, දැල්ලන්ගෙ අම්මගෙ තාත්තාගෙ ඉදලා ජාතකේ මතක් කරනවා..



    *************************************
     
    • Like
    Reactions: DIGPRIYANKARA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්කෝලෙ පීරියඩ් දෙක චේතනා මිස්ගෙ විශය තමයි ඇප්ලයිඩ් පියෝ.. කොටින්ම චේතනා මිස් තමයි අපේ දොළහා සී ක්ලාස් එක භාරව හිටියේ. එයත් හරිම කූල් කැරැක්ටර් එකක්. කොල්ලො කෙල්ලො කෑගැහුවට සත පහකටවත් ගනන් ගන්නෙ නෑ. එයා එයාගෙ වැඩේ අපූරුවට කරගෙන යනවා. තව හදන්න වැඩිපුර ගණනුත් දෙනවා. කොහොම හරි ලාවට වගේ උදේ පාන්රම නිදිමතක් වගේ එද්දි, ඉතා අමාරුවෙන් පීරියඩ් දෙකම ගෙවිලා ගියා..

    චේතනා මිස් පංතතියෙන් එළියට යද්දිම වගේ අපේ පංතිය ඇතුළට ඔලුව දැම්මෙ දොළහා බී එකේ චමිල්.. ඌට කවුරුත් ඇතිතැන වගේම නැති තැනත් කිව්වේ බලයා කියලා.. ඕකගෙ මොකක් හරි සම්බන්ධයක් බල මාලුවට තියෙනවා. ඒකයි ඒ නම් ඌට වැටිලා තියෙන්නේ.. බලයා කෙලින්ම හැරුණෙ මා දිහාට..



    "ඒයි.. බෙකම්... අන්න උඹට පිනා සර් එන්න කිව්වා.."



    ඉස්කෝලෙ දොලහා වසරේ ඒ ලෙවල් මැත්ස් ක්ලාස් වලින් ෆුට් බෝල් ටීම් එකේ හිටියෙ මායි, චමලුයි විතරයි. අපේ මැත්ස් ක්ලාස්වල කොල්ලො හුග දෙනෙක් මට කතා කරේ බෙකම් කියලා අන්වර්ථ නාමයක් දාගෙන. කොහොමටත් මං බෙකම් ට පණ ඇරලා කැමතියි. ඕක උන් හැමෝම දැනන් හිටියා. කොටින් අපේ ගෙදර මටත් වැඩිය බිත්ති වල ගහලා තිබ්බෙ බෙකම්ගෙ පිංතූර...



    "හීනෙන්ද.... ආ.....?"



    ඈනුමක් අරින ගමන් මාධව ඇහුවා..



    "නෑ යකෝ අමු පාන්දර.. අමු පාන්දර.."



    "මොකටද චමිල්..?"



    පුටුව පස්සට දාන ගමන් මං ඇහුවා..



    "මංදා බං.. විනයයි, පිනයි තමා කතා කර කර හිටියේ.."



    බලයා කියපු කතාවෙන් කොල්ලන්ගෙ ඇස් උඩ ගියා. පිනා කෙසේ වෙතත් විනයා ඉන්නවා නම් අවුලක් තමයි. පිනා කියලා කිව්වෙ ප්‍රින්සිපල්ට, විනයා කියලා කිව්වෙ මුලු ඉස්කෝලෙම විනය කටයුතු පිළිබද පශ්චාත් උපාධියක් හදාරලා ඉන්න ජයසූරිය සර්. මොන මලදානෙ හොරෙන් කරත්, මිනිහට කොහෙන් හරි පුංචි පොටක් අහුවෙනවාමයි. කොල්ලො අපි සෙට් එක හිතුවෙ විනයා ඉස්කෝලෙ යන කාලෙ සියලු නසරානි වැඩ වලින් අගතැන්පත් වෙන්න ඇති කියලා. ඒකනේ මෙලෝ අවමගුලක් හොරෙන් කරන්න බැරි..



    "ලෙඩක් වගේ නවෝදයා..."



    "මටත් පේන්නෙ ඒ වගේ තමයි.."



    "තලපතාගෙ සීන් එකවත් ආරංචි වෙලාද..?"



    පැතුම්ගෙ කතාවෙන් මගේ ඔලුවට ආවෙත් ඒකමයි. හැබැයි තලපතාගෙ සීන් එක නම් මාර ගති කතාවක්. මතක් වෙනකොටත් ඇගේ හැම තැනකින්ම හිනා යනවා..



    "ෆිසික්ස් වලට ටවුන් එකේ තියෙන හැම ඉස්කෝලෙමස ඒ ලෙවල් කරන කොල්ලො කෙල්ලො ටියුෂන් ගියේ ප්‍රනාන්දු ස්ර් ළගට. ඒක අපිටත් පොදු වුණා. ප්‍රනාන්දු සර්ගෙ ඇග පත ගැන කිව්වොත් හයේ හතරෙ සද්දන්ත කුලේ පතරංග අග පතක්. ඒක නිසා මීට අවුරුදු ගානකට කලින් ඉදලම ප්‍රනාන්දු සර්ට කොල්ලො කිව්වෙ තලපතා කියලා."



    හැබැයි ඉතිං ප්‍රනාන්දු සර් කියලා කියන්නෙ, මම ඉගැන්වීමට උපන්නෙමි කියලා කියන ජාතියෙ පොරක්. හැබැයි ඒවටම විතරයි අනිත් එව්වා මේ ලෝකෙ දෙයක් නෑ.. උගන්වනවා හොද හින්දා යනවා මිසක තලපතාගෙ ක්ලාස් එකේදි නම් මේ ලෝක ගතියක් නෑ. ඒක ඇතුලෙ තිබ්බෙ, ඉගෙන ගන්නම ඒවා විතරයි. පාඩමට බාධා කරන ඒවා, සු සද්ද බද්ද, ලව් කතන්දර, අරවා මේවා මිනිහට වහා කදුරු වගේ තිත්තයි. ඉස්කෝලෙ ඇතුලෙදි කොයි තරම් ගනන්කාරයෙක් උනත්. ප්‍රනාන්දු සර්ගෙ ටියුෂන් පංතිය ඇතුලෙදි මීක් නෑ..



    මොනවා හරි අවුලක් උනොත්, ආයෙ දෙකක් නෑ කතා කරලා ස්ටේජ් එක උඩටම නග්ගලා. කොල්ලො කෙල්ලො හාරසීයක් පන්සීයක් විතර ඉස්සරහා පට්ට ලැජ්ජා කරලා තමයි පංතියෙන් එළියට දාන්නේ..



    වෙන ෆිසික්ස් පංති නහුතයක්ම තිබ්බත් අවුරුදු ගානක ඉදලා උගන්නලා, උගන්නලා හෙණ සිරා ප්‍රතිඵල අරන් දීපු හින්දා ඕනම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම එකෙන්ම අත්දුටුවයි, ප්‍රථ්‍යක්ෂයි කියලා නිර්දේෂ කරන්නේ තලපතාව.



    ඉස්කෝලෙ කොල්ලො, තලපතාට කිව්වෙ මැස්සා කියලා. ඒකටත් හේතුවක් තියෙනවා. මිනිහට මැස්සෙකුට වගේම හතර වටේම පේනවා. ෆිසික්ස් ක්ලාස් එකෙ ඕන අහුමුල්ලක කෙරෙන ඕන තරාතිරමක කන් මංත්‍රණ මිනිහට අල්ල ගන්න පුළුවන්.. කොයිම දවසක හරි මිනිහගෙ පංතියෙ බැනුමක් අහන්නැතුව එළියට ආවොත් ඒකත් වීරකමක් කියලයි කොල්ලො කෙල්ලො හිතුවේ..



    එදා සිකුරාදා දවසක්. මං යනකොටත් ටිකක් පරක්කු වෙලා..



    "බෙකම්..."



    පංතියට හැරෙන අතුරු පාරට පැන්නා විතරයි කවුදෝ කතා කරා. මං හැරුණා. ඒ අපේ ඉස්කෝලෙ දොළහ ඒ එකේ ඉන්න නාලක..



    "ඇයි..?"



    "උගුරක් අදිනවද..?"



    මං ඇස් පුංචි කරලා ඌ දිහා බැලුවා. නාලකයගෙ අතේ සිගරැට් එකක්. ඌ‍ට ටිකක් එහායින් මහේලයි තව කොල්ලො කීඵ දෙනෙකුයි හිටියා.



    "
    ඔය කැහි කූරු ඇදලා මං ෆුට්බෝල් ගහනකොට දුවන්නෙ කොහොමද බං..? උඹට ඇදපං.. මට එපා.."


    "බැරි නම් අවුලක් නෑ.. මං ෆිට් එකට ඇහුවේ.."



    "ෆිට් එක කෙසේ වෙතත්, හොදට කට හෝදගෙන හැක්ස් ටොෆියක් කාලා වරෙන්. දන්නවනේ තලපතාගෙ හැටි."



    "ඌට මගේ වලිගෙවත් අල්ලන්න බෑ බං.. ඒක නෙමේ කවදද උඹලගෙ මැචස් පටන් ගන්නේ..?"



    දුම් ගුලියක් ආකාසෙ උඩට පිඹලා යවන ගමන් නාලක මගේ මූණට එබුණා.



    "තවම නෑ බං.. උඹ කොහොමත් යූ.සී ග්‍රවුන්ඩ් එනවනේ.."



    "ආයේ අහලා.. උඹට චියර් කරන්නැත්නම් අපි කාටද චියර් කරන්නේ බෙකම්..?"



    නාලකයගෙ කතාවට හිතේ ෆිට් එක උතුරද්දි මහේල ඌවත් තල්ලු කරගෙන මගේ ලගට ආවා..



    "යමං පංතියට.. තව ටිකකින් තලපතා එයි.."



    ඒ ඒකම තමයි කාඩ් මාක් කරන දුෂ්මන්ත කොලුවා ආවේ. ඌ ටිකක් එක විදියක එකෙක්. ඒ කියන්නෙ පිරිම රූපයක් ඌට ලැබිලා තිබ්බට් උගේ කතාබහ, ගමන බිමන හැම ලට්ට පටේම ගෑනියෙක්ගෙ වගේ තමයි..



    "ඇයි අනේ ඔයාලා ඔතෙන්ට වෙලා ඉන්නේ..? පංතියට යන්නැද්ද..? බලන්නකෝ ඔක්කොම කට්ටිය වාඩිවෙලා.."



    "ඉතිං... උඹට තියෙන අමාරුව මොකක්ද..?"



    හිටපු තැනින් එළියට ආපු නාලක, උගේ මූණ දුෂ්මන්ත ළගට ළංකරා. මහා අප්පිරියාවකින් මූණ අකුලගෙන ඌ නහය වහගත්තා.



    "හානේ.. ඔයාලා ඔක්කොම හරි නරකයි.. හැමෝම එකතුවෙලා සිගරැට් බිව්වා නේද..? ඉන්නකෝ.. මං මේක නම් ප්‍රනාන්දු සර්ට කියනවාමයි.. ඔවාලා ඕවටද දෙයියනේ පංති එන්නේ..? ඔයාලා හැමෝම මං අස් කරනවා.."



    මං නාලකගෙ මූණ දිහා බැලුවෙ කටවහගනින් කියන්න. දුෂ්මන්ත කියන්නෙ. එපා එකයි ඕන එකයි හැමදේම ප්‍රනාන්දු සර්ට කියන, එලෝ මෙලෝ දෙකටම නැති එකෙක් නේ.. ඌට පිරිමි කමක් ගෑවිලාවත් නෑ..



    "හා.. අස්කරවලා බලපංකෝ.."



    "ඉන්නකෝ... ඔයා මගේ චූටි හිත රිදෙව්ව එකටයි, ඔයා කරපු නරක වැඩේටයි මං ඔයාට ඩිංගක්වත් සමාව දෙන්නෑ.."



    "හැබැයි දුෂ්මන්තයා.... උඹ ප්‍රනාන්දු සර්ට කේලම් කියලා තිබ්බොත් හෙම, සකුන්තලාටවත් උඹව හොයන්න වෙන්නෑ.. ඒක දැනගනින්..."



    "හානේ.. කවුද අ..යි..යේ.. සකුන්තලා.. මේ ක්ලාස් එකට එන ළමයෙක්ද.?"



    හොදටම අප්සට් වෙලා ඌ ඇහුවා..



    "ඒක ඉස්සර කාලෙ කතාවක්.. උඹට ඒ පංඩිත කම් වැඩ් නෑ. අපි කිව්ව විදියට කට වහගෙන ඉදපං.."



    "ඔය බලන්නකෝ ඉතිං. ඔයා හරිම නරකයි.. මාව තව බය කරනවා... මං යනවා කාමරේට.."



    තාලෙට පස්ස පද්ද පද්දා දුෂ්මන්ත ගියා..



    "ඕකා කියයිද බං..?"



    මහේල හිතේ අමාරුවෙන් වගේ මගෙන් ඇහුවා. පේන විදියට මූත් ඩම් එකක් ඇදලද කොහෙද ඉන්නේ.. ටිකකින් ප්‍රනාන්දු සර් ස්ටේජ් එක උඩට ඇවිත්, මයික් එකට සූ ගාලා පිම්බා. මිනිහා ඒක ටෙස්ට් කනරවා වගේ. එකපාරටම මුළු ශාලාවම නිශ්ශබ්ද වුණා.



    "හැමෝටම සුභ සැන්දෑවක්. අද පංතිය පටන් ගන්න කලින් විසදන්න ඕන දෙයක් තියෙනවා. මෙතෙන්ට ඇවිල්ලා ඉන්න මේ දුවා දරුවන්ගෙ, රත්තරං දෙමව්පියෝ ඔය අයව මෙතෙන්ට එව්වේ මං ගැන විශ්වාස කරලා. අවුරුදු ගානම් මං පන්ති කරපු අත්දැකීම් දිහා බලලා. මං දන්නවා.. මං දන්නවා ඔයාලා මට කැමති නෑ.. අම්මලා තාත්තලා මට කැමතියි.. ඒත් ඒ රත්තරං දෙමව්පියන්ගෙ බලකිරීමට හරි ඔය ළමයි මෙතන්ට එන එක ගැන සංතෝස වෙනවා.."



    මහා ගරු ගාම්භීර විදියට ප්‍රනාන්දු සර්ගෙ කතාව ගලාගෙන ගියා. ඒත් මට නිකං ඒ කතාවෙ අවුලක් දැණුනා. පොර මෙච්චර බටර් ගාන්නෙ හොදකට නම් නෙමෙයි.. රත්තරං කියලම කී පාරක් කිව්වද..?



    "එහෙම ඒ වැදගත් දෙමව්පියෝ ඔයාලා මෙනෙත්ට එව්වේ, උසස් පෙළ ඉහලින්ම මේ විෂයය සමත් වෙනවා දකින්න. ඒත් ඒ වැදගත් දෙමව්පියන්ගේ, නැහැදිච්ච එවුන් කීප දෙනෙකුත් මේ අතර පතරෙ ඉන්නවා."



    "නවෝදයා.... තලපතාගෙ කතාව හැරෙන්නෙ නම් හොද පැත්තකට නෙමෙයි.. දුෂ්මන්තයා වැඩේ අල කරලා වගේ.."



    "කට වහගනින්... අන්න තලපතා බලනවා.."



    "මං දැන් කතා කරන්නෙ අන්න ඒ නැහැදිච්ච එවුන් කීප දෙනෙකුට. මේ පංතිය පටන් ගන්නකොටම දැනට මාසෙකට විතර කලින් මං කිව්වා වැරදි වැඩ කරලා අහුවෙන්න එපා කියලා. මගෙන් සමාවක් නෑ කියලා.. හ්ම්.. ඔය අන්තිම පේළි දෙකේ ඉන්න එවුන් ඔක්කොම ටික, ඔතන පඩිපෙල ගාවින් බැහැලා මේ පැත්තට ආවා නම්."



    තලපතාගෙ කටහඩේ ගාම්භීර කම මට ඩබල් වෙලා ඇහුණා. ඒත් මට නම් සත පහක බයක් දැනුනෙ නෑ. ඒත් නාලකයා නම් වෙව්ලනවා වගේ මං දැක්කා. ඒත් ඔශ්කා නම් උපන්ගෙයිම ඇම්ඩා. මැත්ස් ක්ලාස් වල කොල්ලො කියන්නෙ, අර භාතිය - සංතුෂ් සිංදුවක් හදලා තියෙන්නෙ මූව දැකලලු, මුගේ වැඩ කෑලි දැකලා පැහැදිලලු.. අර තියෙන්නෙ මම පිසා කුලුනත් ඇද කලා - ටජ් මහලේ වහලෙන් බැස ගියා කියලා. ඒක තමයි සිංදුව.



    "හතර විලිලැජ්ජාවෙ පණ යනවා.. කෙල්ලො ඔක්කොම ඉස්සි ඉස්ස ඉලනවා.. ෂිහ්.. මීට පස්සෙ පැණි හලලත් ඉවරයි.."



    වෙන ඉස්කෝලෙක එකෙක් කුණු කුණු ගානවා..



    "මොකටද බං ඔය තලපතා කතා කරන්නේ..?"



    පේළී දෙකේ හිටපු, වෙච්ච සංසිද්ධිය නොදන්නා ඈයෝ විළාප තියනවා. උගෙ සමාජීය දැනුම ගැන සෑහෙන්න අනුකම්පාවක් මට දැණුනා. මුං නේද හත්වලාමෙ රටට දැයට උගත් පුරවැසියෙ වෙන්න ඉන්නේ.. ළග ඉන්න එකා කැහි කූරක් ඇද්දා කියලා දැනගන්න මුංට නහයක් නැද්ද අම්මපා..



    "ආ... බෙකම්..! මොකද බං තලපතා අපිට ස්ටේජ් එකට කතා කරන්නේ..?"



    "නිව්ටන්ගෙ ගුරුත්වාකර්ෂනය කියලා දෙන්න.."



    මට ඌට වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ..



    "හා.. හා.. ඉක්මන් කරනවලා.. තමුසෙලාව පංතියෙන් එළියට ඇදලා දාලා, මට නිවී සැනසිල්ලෙ මේ පංතිය කරගෙන යන්න ඕන.. හැදිච්ච දෙමාපියන්ගෙ නැහැදිච්ච කාළකණ්නි. මං කවදාවත් මගේ පංතියෙ තියාගන්නෙ නෑ. මං තමුසෙලා ඔක්කොම එළවනවා.."



    "නාලක.."



    "ම්....."



    "උඹ හැක්ස් ටොෆිය කෑවද..?"



    "ඔව්... ඔව්.. ඒවා හරි..."



    "උඹ බය නැතුව ඉදපං.. මං තලපතාට කතා කරන්නම්"



    "මෙකම්.. උඹේ වචනෙත් ඇති මචං. උඹ තමයි අපේ බුදු ෆිට් එක. ඔන්න බලපං මං මේ පාර තලපතාට දෙන්නෙ අලුත් අවුරුදු තෑග්ගක්. ඌට ජාති ජාතිත් මතක් කර කර විදවන්න.."



    ප්‍රනාන්දු සර් අපි හැමෝවම එළියට ගත්තා. පංතියේ කෙල්ලො කොල්ලො ටික ඉවක් බවක් නැතුව ඉස්සි ඉස්සි බලනවා. සමහර අම්ම වැඩි ඈයා් බංකු උඩත් නැගීගෙන.. මයික් එකත් අතේ තියාගෙනම තලපතා අපේ ඉස්සරහට ආවා. දැන ්නම් ඉතිං අදහන හැම දෙයියකේම සිහිපත් කර ගත්තා නම් හොදයි කියලා එතන හිටපු හැම එකාටම හිතෙන්න ඇති.



    "ම්... ඉස්සෙල්ලම එනවා.. අපේ ෆුට් බෝල් කාරයා.. නිතරම ග්‍රවුන්ඩ් එකේනේ ඉන්නේ.... බලමු..."



    ඒ කතා කරේ මට කියලා මං දන්නවා. මෙතන වෙන එකෙක්වත් ෆුට්බෝල් ගහන්නෙ නෑ..



    "ක්‍රීඩාවයි, අධ්‍යාපනයයි දෙකම කරන ගමන් තව නොහොබිනා වැඩත් කරනවා එහෙනම්.."



    මට බයක් කියලා නාමයක් දැණුනෙ නෑ. ඒත් තලපතා රවාගෙන ඉන්න හැටි දැක්කාම, හිත ඩිංගක් හෙල්ලුන්නෑ කියලා කිව්වොත් ඒක පට්ට මුසාවාදයක්..



    "කෝ අත් දෙක දෙනවා මෙහාට.."



    තලපතා ඒ පාර මොකකද් කරන්න යන්නේ.. මට හිතාගන්න බැරි වුණා. හරි නම් කටනේ ඉඹලා බලන්න ඕන.. මං හෙන පහැපි මූඩ් එකේ හිටියේ, තලපතාගෙන් කිස් එකක් ගන්න. එහෙනම් මේ ස්ටෝරිය ලියලා තලපතාගෙන් කිස් එකක් කියලා සිරස්තලේකුත් දාලා කලා සංගමේට යවන්න තිබ්බා..



    "ඇ..... ඇයි ස...සර්.."



    "ඇයි සර්.... තමුසෙලා හිතන් ඉන්නෙ මං මොකෙක් කියලද..? මතක තියාගන්නවා මාත් ඔය වයස පහු කරලයි මෙතනට ආවේ.. මං නිච්චියටම කියන්නම් මෙතන ඉන්න හැම එකාම හැක්ස් ටොපියක් කාලා ඇති. ඒක හින්දා මං කටවල් ගැන උනන්දු වෙන්නෙ නෑ. මං ඉඹලා බලන්නෙ, තමුසෙලගෙ අත්.. හහ්.. හහ්.. හා... තමුසෙලට බෑ මාව තම්බන්න.."



    විරයා වගේ ප්‍රනාන්දු සර් කියද්දි මට උඹේටම නාලක දිහා බැලුණා. ඌ හිටියෙ පේලියේ හතරවෙනියට. උගේ මූණ තිබ්බෙ මහා ඇම්ඩන් හිනාවක්. මේකා මොනවාකරන්න හිතාගෙන ඉන්නවද මංදා..



    තලපතා ඉස්-ඉස්සෙල්ලාම නමෝ විත්තියෙන් මගේ අත් දෙක ඉඹලා බැලුවා. එකපාරටම ඒ රවුම් මහත මූණ මහා පුදුමයකින් වැහිලා ගියා. බලාපොරොත්තු කඩවුණු ඒ දාර සයිස් ඇස් දෙක දිහා මං බලන් හිටියෙ මාර ගතියකින්..



    "වෙන්න බෑනේ.. මං දැක්කනේ තමුසෙලා අර අතුරු පාරේ කැහි කූරු අදිනවා.. හ්ම්.. කෝ ඊළග.."



    ඊගාවට හිටපු කොල්ලො දෙන්නා මේ අලකලංචිය ගැන මෙලෝ සංසාරයක් දන්න එවුන් නෙමෙයි. උංට බයටම ගිනි පත්තුවෙලා තිබුණා. අනික උං දෙන්නගෙ කෙල්ලෝ දෙන්නත් හිටියේ මේ ක්ලාස් එකේමයි. ඉතිං පරිප්පුවක් කෑවොත් සදහටම ඔබ මගේ - නෑව මං හැමදාම වගේ කිය කියා ඉන්නයි වෙන්නේ.. කොහොම හරි දෙවනි පාරත්, තුන්වෙනි පාරත් අත් අල්ලලා ඉම්බත්, තලපතාගෙ පූජනීය අදහස ඉෂ්ඨ වුනේ නෑ. දැන් දැන් ඒ ගොරෝසු මූණෙ තිබ්බෙ ගිනියම් වෙච්ච කේන්තියක්. මොනවා උනත් ඊගාව පේලියේ හිටගෙන ඉදපු නාලක දැක්කාම ප්‍රනාන්දු සර්ගෙ මූණට සිරා හිනාවක් අවා. සර් ඉන්තේරුවෙන්ම දන්නවා මේ ඇම්ඩා නම් අනිවාර්‍යයෙන්ම බට් එක අදිනවා කියලා. ඒත ආයෙ හොදන්න දෙයක් නෑ කියලා.



    "කෝ දික් කරනවා මෙහාට අත් දෙක.."



    නාලක බයෙන් සැකෙන් වගේ තලපතා ළගට ගිහින් අත් දෙක දික් කරා. මිනිහා කිසිම අවුලක් නැතුව නාලකගෙ අත් දෙකම, නහය ඇතුලෙ ඔබාගත්තා. හැබැයි ඒ තත්පරේක විතරයි. වමනෙ පාරක් දානකොට සුලින්ම ඇහෙන ඇග කිලිපොලා යන ලස්සන ඕක සද්දෙ ඒකක් තලපතා පැත්තකට පැන්නා..



    "උඹ මොනවද යකෝ බිව්වේ..? ................ දිය කරලා බිව්වද..?"



    හෝ ගාලා හෝටල් පාර දාන ගමන් තලපතා රාස්සයෙක් වගේ කෑගැහුවා. ඒකියවුණු වචනත් එක්ක මුලු පංතියම මහා සද්දෙට හිනාවෙන්න ගත්තා. හැබැයි උනේ මොකක්ද කියලා කාටවත්ම හිතාගන්න බැරිවුණා. එතැනින් පස්සෙ තලපතා කාවවත් ඉඹින්න ගියේ නෑ. එදා පංතිය කලින්ම නැවැත්තුවා. පංතිය ඇරිලා තත්පර ගානයි ගියේ. ළමයි පනහක් හැටක් විතර ගෑනු පිරිමි භේදයක් නැතුවම ඇවිදින් නාලක වට කර ගත්තා. මාත් හිටියේ ඌ ළගමයි.



    "ත... තලපතාට මොකද කරේ නාලක..?"



    වෙන ඉස්කෝලෙක එකෙක් ඉස්සෙල්ලම ඇහුවා. එතන ඉදපු හැමෝගෙම හිත්වල තිබ්බ ප්‍රශ්නෙ ඒකම තමයි..



    "මුකුත් කරේ නෑ බං.."


    "නැතිවෙන්න බෑ... එහෙනම් ඒකා අර වමනෙත් දැම්මේ.."



    "ඔව්.. ඔව්.. තලපතාට සිහිය නැතිවෙලා වගෙ හිටියෙත්.."



    "ඊයෙ රෑ කාපු බිත්තරේකුත් ඌ වමනෙත් එක්ක දාලා තිබුණා."



    එතන හිටපු පිරිමි ඉස්කෝලෙ එකෙක් අමතු කතාවක් කිව්වා.



    "අනේ කියන්නකෝ නාලක, අගේ නොකර.. ඔයා මොකකද් ප්‍රනාන්දු සර්ට කරේ...?"



    කොන්වන්ට් එකේ කෙල්ලෙක් ඉස්සරහට පැනලා අහද්දි ඔන්න නාලකයා අප් වුණා. උගේ කලු ඉංගිරියෝ දෙන්නත් කැත නැතුව ඉස්සරහට පැන්නා..



    "ආ.. ඒක ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි.. තලපතා අත් ඉඹ ඉඹ එනකොට මං බිත්තියෙ ගාවම තිබුණු හූණු බෙට්ටක් අතේ ගාගෙන ඌට ඉඹින්න දුන්නා.."



    "ඊය්යා..."



    "ශික් විතරක්..."



    "මහා.. ජරා ලමයෙක්..."



    "කැතේ බෑ අනේ..."



    "මැනර්ස් කියලා ජාතියක් දන්නෙම නැති ළමයෙක්.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටපිටාවෙන්, නානා ප්‍රකාර සද්ද ගෑනු ළමයින්ගෙන් ඇහුණා. සමහර ගෑනු ළමයි වමනෙ යන්න එනවා වගේ කටවල් වගෙන එතතින් මාරු වුණා. එත් එදා ඉදලා නාලකයා, ෆිසික්ස් ක්ලාස් එකේ අසහාය වීරයා උණා. ඌට වැඩිය පොරක් හොයාගන්න බැරි වුණා.


    ඔනන් ඕකයි තලපතාගේ කතාව.. සමහර විට තලපතා පිනාව හම්බවෙලා, මේ ඉස්කෝලෙ ජනප්‍රියම ශිෂ්‍යයෙක් කැහිකූරු කතාවෙ මුලින්ම ඉන්නවා කියලා මාව පාවලා දුන්නද දන්නෑ. එදා නාලකයා කරපු වැඩෙන් තලපතාට නහුතෙටම තදවෙන්න ඇත්තේ පංතියෙ කොල්ලො කෙල්ලොන්ගෙ සිරික්කියට. ඉඹපු ගද නම් වමනෙ දාලා හරි ඉවර වෙයි.. ඒත් හූ තිය තියා හිනාවෙච්ච සද්දෙ හැමදාම පපුව ඇතලෙ දෝංකාර දෙනවනේ..



    "කවුරු කලත්, ඉස්සෙල්ලම එනවුස් කරන්නෙ, නවෝදයගෙ නමනේ බං.. මූ හතේ පංතියෙ ඉන්නකොටත් දහතුන වසරෙ එවුන්ට වැඩිය ෆේමස්.. මතක නැද්ද උඹලට..."



    "ෂුවර් එකටම තලපතා හැරෙන තැපෑලෙන් ලියුම එවලා.."



    "විනයක් ඔතෙන්ට ගෑවුණා කියන්නෙ අවමගුලක් තමයි.. ඔය අලුගුත්තේරු වාහේ නැති තැනක් නෑනේ බං.."



    කොල්ලො විවිධ අදහස් දක්වනවා. ඒත් ඒවා එකෙක්වත් මට ෆිට් වුණේ නෑ. ප්‍රින්සිපල් සර් හම්බවෙන්න යන්න, ක්ලාස් එකේ දොරකඩට එනකොට චමිල් උංගෙ ක්ලාස් එකට රිංගාගෙන ඉවරයි. උංට දැන් පතියෙන්නෙ කමල් සර්ගෙ ෆිසික්ස් කියන්න මං දැනගෙන හිටියා. ආපහු හැරිලා පංතිය දිහා බලද්දි නිරෝමි මං දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ. මේ කෙල්ල මොනවට මං ගැන මේතරම් බය වෙනවද මංදා..



    "බෙකම්.. අපි එන්නද උඹත් එක්ක..?"



    පැතුමයි, මහේලයි මගේ ළගට ආවා..



    "ඕන්නෑ බං.. අවුල මොකක්ද කියලා මං බලලා එන්නම්.. ලොකු අප්සට් එකක් වෙන්න බෑ. වැඩිම උනොත් තලපතාගෙ සීන් එක තමයි.."



    "එහෙනම් නාලකයටත් කතා කරන්න එපායෑ.."



    "අනේ පැතුම්.. ඔයයි, මහේලයි, නවෝද් එක්ක යන්න.. මොකක්ද ප්‍රශ්නෙ කියලා දන්නෑ නේ.."



    ඒ පාර නෙලුනිත් කතාවට සම්බන්ධ වෙලා...



    "ඒයි.. මේ බලපල්ලකෝ.. බෙකම්ට තියෙන සැලකිලිවල තරම.. නෙලුනි මං කිව්වයි කියලා හිතාගන්න.. ඔයා ඔය කන්න හදන්නෙ මගේ කැවුත්ත.. ඔයාට කොහොමටවත් වැඩක් නෑ බෙකම් ගැන හිතන්න. මේ ඉස්කෝලෙ ඉන්න හැම කෙල්ලම ඌ ගැන හිතන්න ගියොත්, ඇයි යකෝ කොන්වන්ට් එකෙන්ද කෙල්ලෙක් හොයාගන්නේ..?"



    පැතුමා, නෙලුනිට කඩාගෙන පැන්නා. කොල්ලො කෙල්ලෝ ආයෙත් හිනාවෙන්න ගත්තේ, නිරෝමිගෙයි, පැතුම්ගෙයි වනචාරී කතාව මතක් වෙනා වෙන්න ඇති..



    "නෙලුනි... ඔයත් එකක් මතක තියාගන්න.. මං ඇගේ හැම අවයවේකින්ම ඔයාට ප්‍රේම කරන එකෙක්. අනික නවෝදයා ෆුට්බෝල් ගහන්නේ.. ඔයා උනන්දුවක් දක්වන්න ඕන ක්‍රිකට් ගහන ඈයෝ ගැන. මං මේ පාර ටීම් එකේ දෙවනි අතිරේක ක්‍රීඩකයා.."



    නෙලුනිගෙ මූණ රතු වුණා. ඒ ඇයි කියලා කියන්න අපි හැමෝම දැනන් හිටියා. මොකද නෙලුනිගෙ තාත්තා සරත් සර්.. ක්‍රිකට් මැච් වල අම්පයර් කෙනෙක් හින්දා.. ඒත් නෙලුනි නම් ක්‍රිකටර්ස්ලට බිංදුවක්වත් කැමති නෑ කියන්න මේ බෙකම් නම් හොදටම දැනන් හිටියා..

    "ඇයි මං ක්‍රිකටර්ස්ලා ගැන උනන්දු වෙන්නේ..?"


    "ඔයත් එක්ක යාලුවෙන, ඕන කොල්ලෙක් ඇගිල්ල විතරක් උස්සල අවුට් කරලා දාන්න සරත් සර්ට් පුළුවන් සීදේවි.. එතකොට අපි වගේ හැන්ඩියොන්ට ටීම් එකට එතෑකි.."



    නෙලුනිගෙ මූන මැලවිලා යද්දි මං පංතියෙන් පිටවුණා. පැතුමයි, මහේලයි මගේ පිටිපස්සෙන් බාස්කට් බෝල් කෝඩ් එක ළගට ආවා..



    "උඹලා පංතියට පලයල්ලා....."



    "බලයා, ලනුවක් දුන්නද දන්නෙත් නෑ.."



    "නෑ මහේල.. ඌ මට බොරුවක් කියන්නෙ නෑ.. මං යනවා.."



    කොරිඩෝ එක දිගේ හෙමින් සීරුවෙ ඇවිදගෙන ඇවිත් ප්‍රින්සිපල්ගෙ ඔෆිස් රූම් එක ළග මං නතරවුණා. ලස්සනට සුදු පාටට බැබලි බැබලි තියෙන මේ රූම් එකට කී පාරක් නම් නවෝද්ව ගෙනල්ලා තියෙනවද..? ඒ ඉතිං නරක දේවල් වලට වගේම හොද දේවල් වලටත් එක්කනේ..



    "ආ.... එනන් නවෝද්..."



    මාව දැක්කා විතරයි ප්‍රින්සිපල් සර් අත වනලම කතා කරා.. ඒ කටහඩේ අවුලත් ආවාධයක් පේන්න තිබුණේ නැති හින්දා මගේ පපුවට අලුත් හුස්මක් වැටුණා. ප්‍රින්සිපල් සර් එක් විනය භාර ජයසූරිය සර්රුත්, ක්‍රීඩා අංශ බාර සෝමතිලක සර්රුත් ලොකු කතාබහක හිටියේ. මේක නම් පොතේ හැටියට තලපතාගෙ කේස් එකක් වෙන්න බෑ. වෙන මොකක් හරි අටමගලයක් තමයි..



    "නවෝද්... දන්නවද අපි එන්න කිව්වෙ ඇයි කියලා..?"



    විනයා කටහඩ බර කරලා අහද්දි නම් මං ටිකක් සීතල වෙලා ගියා. ඉතා හොදට ආදරෙන් සෙනෙහසින් මත්වෙලා වගේ කතා කරලා, කණ පැලෙන්න බනින් එක විනයගෙ සංසාරගත පුරුද්දක්. ඒක කිසිදු අඩුපාඩුවක් නැතුවම ප්‍රින්සිපල් සර්රුත් පුරුදු පුහුණු වෙලා හිටියා. එතන තිබුණ එකම සැනසීම අපේ කොයි දේටත් දුකට සැපට ඉදපු සෝමතිලක සර් විතරමියි..



    "දන්නෑ සර්..."



    මං බොහොම අහිංසක ලීලාවෙන් කිව්වා.. මං දන්නවා මේ හැගීම්බර් මූණට, බලන් ඉන්න එවුන්ගෙ මුළු හදවතම දියවෙලා වතුර වගේ වැක්කෙරෙනවා කියලා.. ඒත් ඒ ආකිමිඩියස් මූලධර්මෙ විනයටයි, පිනාටයි අදාලා වුණේ නෑ. ඒ වගේ ගල් කාෂ්ඨක හදවත් වලින්ලු මිසරයේ පිරමිඩ හදලා තියෙන්නේ..



    "අපි මේ ගැන නවෝද්ට දැනුම් දෙන්න කලින් හුගාක් සාකච්ඡා කලා. අපිට පැති කිහිපයකින් යම් යම් ප්‍රශ්න ආවා. මොකද මේ පාසලට බලපෑම් කරන්න පුළුවන්, ඕල්ඩ් බොයිස්ලා වගේම, වටපිටාවෙ පුද්ගලයෝ සෑහෙන ගානක් ඉන්නවා. එයාලා අපි කරන කියන හැම දේම දිහා හොද අවධානයකින් බලාගෙනයි ඉන්නේ.. ඒත් ඒ හැමදේටම වඩා අපිට වටින්නෙ ඉස්කෝලෙ අභිමානය, ගරුත්වය."



    විනයා නවත්තපු තැන ඉදන් කතාව පටන් ගත්තෙ ප්‍රින්සිපල් සර්. මොන අලකලංචියක් අදින්න හදනවද මංදා. ගරුත්වයයි, අභිමානයයි තියාගන්න ඕන දේවල් තමයි. ඒත් ඒවා විහිලුවකටවත් බඩගිනි වෙලාවකට කන්න නම් බෑ නේ. කොටින්ම මාළුපාන් ගෙඩියක් තරම්වත් වටින්නෙ නෑ. ඒත් ඉතිං පෙනුමට නම් හොදයි. මොන මාලුපාන් ගෙඩිය උනත් මේකට තලපතා ගෑවෙන්න එපා කියලා මං තු් සිතින්ම ප්‍රාර්ථනා කලා. සමහර විට තලපතා, විනයට SMS එකක් යැව්වද දන්නෙ නෑ. ඒත් ඉතිං පීසා කුලුණත් ඇද කරපු, ටජ් මහලේ වහලෙන් බැහැපු, අපේ ශ්‍රී ලංකා ඇම්ඩා, දොලහා වසර ඒ පංතියෙ ඉන්දෙද්දි මාව කැදවපු එකනේ අවුල..



    "ම.. මට සර් කියන දේ තේරෙන්නෙ නෑ.."



    "අපි තීරණය කලා.. ෆුට් බෝල් ටීම් එකේ නායකත්වය ඔයාට බාර දෙන්න.. ඔයා ඒකට ලෑස්තිද..?"



    සෝමතිලක සර්ගෙ වචන වලින් මට දැනුනෙ මං අහසෙ පාවෙනවා වගේ හැගීමක්. මගේ දෙයියනේ.. කෝයි තරම් ලස්සන, කොයි තරම් සංතෝස ජනක ආරංචියක්ද මේ..? මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මගේ ඇස්වලට කදුළුත් පිරීගෙන ආවා..



    "ඔව්.. සර්... මං ඒක බාරගන්න ලෑස්තියි. මං මගේ උපරිමයෙන්ම මේ ඉස්කෝලේ දිනවන්න ට්‍රයි කරන්නම්.. සර්ලට හුගක් ස්තුතියි"



    "නවෝද්.. මේ ඉස්කෝලෙ ගැන එහෙම හිතන එකත් අපට ලොකු ආඩම්බරයක්. අපිට ඔයා ගැන හැමදාටම ආඩම්බරයක් වෙන්න ඉඩ තියෙන්න."



    තවත් මෙතන හිටියොත් පිනයි, විනයයි මොනවා කියයිද දන්නෑ. ඒක හින්දා මං ඔෆිස් එකෙන් එළියට ආවා. වැඩි විස්තර සෝමතිලක සර් හම්බවුණහම දැනගතහැකිනේ.



    "බෙකම්... මොකෝ අවුල..?"



    අපේ පංතියට ගොඩවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මුලින්ම මට පණවිඩේ දුන්නු බලයා පංතියෙන් එළියටම ඔලුව දාලා ඇහුවා. ඒ තරංගනී ටීචර් උංගෙ පංතියෙ ඉදිද්දිමයි. ටීචර්, චමිල්ට පැලෙන්න බනින ගමන් පාඩම පටන් ගත්තා. මං අපේ පංතියට ගොඩ වුණා..



    "නවෝද්... මෝකද උනේ..?"



    "අවුලක්ද මචං..?"


    "අවුලක්නම් ඉක්මන්ට කියපං.. පවුලක් වෙන්න.."



    "බලපල්ලා මුගේ මොනවා හරි අඩුයිද කියලා.."



    "නෙලුනි ලංවෙලා බලන්න නවෝද්ගෙ හාට් එක තියෙනවද කියලා.."



    "ඇයි..?"



    "විනයට එහෙම එකක් නැති හින්දා. මුගේ එක අරගත්තද දන්නෑ නේ.."



    මාධව කියද්දි හැමෝගෙම මූණු හිනාවනේ පිරුණා..



    "බෙකම්...? සිරාවටම මොකෝ උණේ..?"



    ආයෙත් අල්ලපු පංතියෙ චමල්ගෙ කටහඩ ඇහෙද්දි අපි හැමෝම ඒ පැත්තට හැරුණා. මෙන්න දෙයිහාමුදුරුවනේ මේකා අපේ පංතිය ඇතුළෙ.



    "යකෝ... තරංගනී මිස් ඉන්නවා නේද පංතියේ..?"



    "ඔව් බං.."



    "ඉතිං.. තෝ අපේ පංතියට ආවේ..?"



    "මට මුගේ සැපදුක් අහන්න හිතුනා බං.."



    ඌත් මාර වෙලාවට තමයි මගේ සැප දුක් අහන්න ඇවිත් තියෙන්නේ.. උංගෙ පංතියෙ මිස් උගන්නන වෙලාවක..



    "යකෝ.. පංතියට පල.. තරංගනී මිස් ආවොත් අපිටත් දෙහි කපයි.."



    මෙච්චර වෙලා කතා බහක් නැතුව ඉදපු කල්හාර කිව්වා. ඌ කොහොමත් අධ්‍යාපනේ ගැන උනන්දුවෙන් හිතන එකෙක්. බොහෝම භක්තියෙන් පාඩම් වැඩ කරන එකෙක්. ඒත් ඌ කවදාවත් පංතියෙ විසිවෙනියගෙන් උඩට නම් ආවෙ නෑ. හැමෝම ඌට නෝන්ඩිය දානකොට ඌ කියන්නේ, පංතියෙ මිස්ලා කැමති ඌව විසිවෙනියගෙන් පල්ලෙහා තියන්නලු.



    "ඔව් අනේ.. ඔයා පංතියට යන්න.. දන්නවනේ තරංගනී මිස්ගෙ හැටි..."



    "මාව පංතියෙන් එළියට දැම්මා කෙල්ලේ.."



    ඌ ඒක කිව්වෙ, බොහෝම ප්‍රීතිමත් විදියට. එතැන ඉදලා ප්‍රිනිසිපල් කියපු දේවල් හැමෝටම කියද්දි කොල්ලො කෙල්ලා එක හුස්මට හුරේ පාරක් දැම්මා..



    "එහෙනම්... අලුත්ම ෆුට්බෝල් කැප්ටන් ඉන්නෙ අපේ පංතියෙ ආ..."



    මහේලට එච්චරයි කියන්න හම්බවුණේ..



    "මො..ක..ද.. මේ.? මේක නාඩගම් මඩුවක්ද..?"



    අපේ පංතියට මූණ දාපු තරංගනී මිස්ගෙ කේන්තිය පෙට්ටියෙන් එකයි. තත්පරේට දෙකට අපි හැමෝම සයිලන්ස් වුණා. එතකොට තමයි මිස්, බලයව දැක්කේ. මිස්ගෙ ඇස් බෝල් දෙක, කුරුම්බැට්ටි සයිස් එකට ලොකු වුණා.



    "චමිල්.. ඔයා මොකද මේ පංතියේ..? මං ඔයාට කිව්වෙ එළියෙන් ඉන්න කියලා නේද..?"



    "ඇත්තද මිස්..? මටනම් ඇහුනෙ අල්ලපු පංතියට වාහාම යන්න කිව්වා වගේ. අනේ මංදා මට මේ දවස්වල හෙණට අපලයි. අපෙ අම්මා මට බෝධි පූජාවකුත් තියනවා.."



    චමල්ගෙ කතාවට පංතියෙ හැමෝටම හිනායන්න ආවත්. හැම එකාම හිනාව නවත්තගෙන හිටියෙ, තරංගනී මිස්ගෙ හැටි දන්න හින්දා. හොරු කඩාපු ලාච්චුවක් වගේ වෙච්ච මූණ පිටින්, තරංගනී මිස් ආපහු යද්දි කොල්ලො කෙල්ලො හික ිහිකි ගාන්න ගත්තා. බලයා මට ඇහැකුත් ගහා කොරිඩෝ එකට ගියා. ඌ පුලුවන් නම් අද දවසෙම ඔතන ඉදියි..



    ************************************



    ඉන්ටවල් එක වෙලාවෙදි පංතියෙ කොල්ලො, කෙල්ලො ටික ඔක්කොම මට විෂ් කලා.. ඒ වෙනකොට අනිත් පංති වලට නිව්ස් එක ගිහින් තිබුනා. මං හිතන්නෙ බලයා කොරිඩෝ එකේ ඉදගෙන හැම පංතියටම නිව්ස් එක යවලද කොහේද..?



    "බෙකම්.."



    ඉන්ටවල් ඉවරවෙන්න ඔන්න මෙන්න කියලා වගේ තියෙද්දි 12 වසර ඒ පංතියෙ ඇම්ඩා මගේ ළගට ආවා. උගේ මූණෙ හිනාව කට කපලා එකයි.



    "වැඩේ ආරංචියි.. මැක්සා මචං.. මැක්සා ආ... මට බොක්කෙන්ම සංතෝසයි බං... උඹ ඇරෙන්න ඔතෙන්ට හරියන වෙන කිසිම එකෙක් නෑ බං. "



    "තැන්ක් යූ නාලක.."



    "උඹ.. අපි හැමඑකාගෙම ෆිට් එකනේ බෙකම්.. උඹඨ අවුලක් වෙන්න අපි ඉඩ තියන්නෑ.."



    ඇම්ඩගෙ කතාවෙ පුංචි කොස්සක් මට දැනුනා. මං උගේ මූණ දිහා බැලුවා. අර මුලින් තිබ්බ හිනාව වෙනුවට ලොකු කල්පනාකාරී බවක් ඒ මූණ මැදට ඇවිල්ලා තිබුණා.



    "අවුලක්... මොකක්ද නාලක..?"



    "පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ආරංචියි.."



    "ඒ කිව්වේ..?"



    " මේ පාර අන්ඩර් නයින්ටීන් ටීම් කැප්ටන් එක පෙත්තාවඩුවට නොදී උඹට දීපු එක ගැන.."



    "පෙත්තාවඩුවට හරියට සෙල්ලම් කරන්න බෑ නේ බං.. රාහුලෙත් එක්ක තිබ්බ මැච් එකේ ඌ අපිව විනාස කරලා දැම්මනේ බං.."



    "ඒක තමයි, ඒත් පිනයි, විනයයි, සෝමතිලක සර්රුයි කරන්න ඕන හොදම වැඩේ කරලා තියෙනවා.. උඹට කැප්ටන් කම දීළා.."



    පෙත්තාවඩු කියලා කියන්නේ. 13 වසරේ කොල්ලෙක්. උගේ මොකක්දෝ උප්පත්ති දෝසෙකට ඌ යන්නෙ පොලොවට අගල් ගනක් උඩින්. කිසිම විශ්වාසයක් තියන්න බැරි එකෙක් වගේම මේ ලෝක මනුස්සකමක් ගෑවිලාවත් නැති එකෙක්. මොන කරුමෙකට අපේ ෆුට්බෝල් ටීම් එකට සෙට් වුනාද මංදා. ඒ උනාට උගේ ඇගපත නම් දාර සයිස්..



    "ඒ කියන්නෙ මගේ කැප්ටන් කමට ඌ බකට් එක අදින්නද හදන්නේ..?"



    "මට හිතෙන විදියට නම් ඔව්. කෝකටත් අපි නිවාඩු පාඩු වෙලාවක සෝමතිලක සර්ව හම්බවෙමු. ඒක ඇගට වගේම හිතටත් ගුණයි. අන්න දැල්ලා බෙල් එකට පාතබන්නයි යන්නේ.. මං යනවා.."



    නාලක යන්න ගියා.. ඒ එක්කමයි මහේල ළගට ආවේ.



    "ඇම්ඩන් මොකද කියන්නේ.?"



    "පෙත්තාවඩු ගේම ඉල්ලනවා කියන්නේ..?"



    "මොකක්...? "



    "ඔව්... මාව කැප්ටන් කලාට.."



    "යකෝ ඒක මාර කතාවක්නේ.. ඕකට විනාඩි දහයක් දුවන්න බෑ.. හති කූඩයයි.."



    "අනික බෙකම්නෙ.. ඉස්කෝලෙ ඉන්න හොදම ප්ලේයර්. මූට නොදී පෙත්තාවඩු කියන්නෙ ඌට ඒක දෙන්න කියලද..?"



    පැතුමත් පැත්තක ඉදලා කතාව අහගෙන වගේ..



    "ඌ හිතනවද දන්නෑ.. බොඩි බිල්ඩින් කරලා අත් දෙක විතරක් හදාගත්තට, ෆුට්බෝල් ගහන්න පුලුවන් කියලා.."



    "ඔව්... නවෝදයා.. ඌ දුවන්නෙ බයිසිකල් හැඩල් එකක් උගුරෙ හිරවෙච්ච ගානට.. මස්ල්ස් පුම්බගෙන.. හරියට ෆුට්බෝල් ගහනනෙ අතින් වගේ.."



    "ඒකද ඌ මස්ල්ස් පිම්බුවාහම, උරිස්සයි, වැලමිටයි අතරෙ දොඩම් ගෙඩි වගේ ගැට ගැට එන්නේ..?"



    "පිස්සුද පැතුමා.. ඒ ඌට බඹරු ඇනලා.. තාම ඉදිමුම බැහැලා නෑ."



    ‍කොල්ලො යස කතා තමයි කියන්නේ. පෙත්තාවඩුගෙ ආත්මෙම මෙතන ඉවර කරයි වගේ. මොනවා උනත් පෙත්තාවඩුගෙ තාත්තා, අපි මිනිහට කිව්වෙ මහා පෙත්තාවඩු කියලා.. මහා පෙත්තාවඩුට හොද සල්ලි තිබුණා. ඒ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ කියලයි උං හිතන් හිටියේ. ඒත් කැප්ටන් කම පෙත්තාවඩුවට හම්බ නොවී මට හම්බවෙලා කිව්වාම මහා පෙත්තාවඩුගෙ කලර්ස් එතනින්ම ඉවරයි.....



    ෴මතුසම්බන්ධයි෴

    | PDF ආකාරයට ලබාගන්න |



    පුළුවන් නම් මේ බ්ලොග් එකට ෆලෝව් පාරක් දාලා ෆේස් බුක් පේජ් එකට ලයික් එකකුත් දාන්නකෝ..:D
    http://kathandarapoth.blogspot.com/

     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    අම්මෝ බන් උබ පටන් ගත්තද ? එළමකිරි උබ මේ pm1 ක් දානකන් මි හිටියේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කතාව නම් නියමයි මචන්
    ස්තුතියි සහෝ..

    Muge poth wala price eka thamai wadi
    හ්ම්... ලියන්න විදින දුකට සරිලන ගානක් මචං.. ගොඩක් අය ලියන පොත් වල අවසානය කුප්පයි..

    අම්මෝ බන් උබ පටන් ගත්තද ? එළමකිරි උබ මේ pm1 ක් දානකන් මි හිටියේ...
    ඔව් මචං අලුත් එකක් පටන් ගත්තා.. :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-02.jpg



    02

    ඉස්කෝලෙ ඇරිලා ගෙදර එන්න මං පාරට ආවා. මහේලයි, කල්හාරයි, මාධවයි බස්ටෑන්ඩ් එකට යද්දි, මං පැතුම් එක්ක කොලේජ් ලේන් එකට ආවා.


    "බෙකම් කෝ උඹේ ට්‍රේල..?"


    පැතුම් ඇහුවෙ මගේ දුකට සැපට හැමදේටම තියෙන මවුන්ටන් බයිසිකලේ ගැන.


    "උදේ ඉස්කෝලෙ එන්න බලද්දි පැච් එකක් බං.. හුළං හොදටම බැහැලා.. උදේ එන්න පරක්කු උනෙත් ඒකයි.."


    කොලේජ් ලේන් එකේ ටික දුරක් එද්දි, පස්සෙන් කවුරු හරි දුවන් එන සද්දෙ අපිට ඇහුනා. හැරිල බලපුවම තමයි ඇම්ඩන්ව දැක්කේ..


    "උඹ මොකද අද මේ පැත්තේ..?"


    වෙනදට යූ.සී ග්‍රවුන්ඩ් එකෙයි, ලයිබ්‍රරියෙයි අතරින් පල්ලම් බහින එකා, ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තට ආපු හින්දා මං ඇහුවා. නාලකගෙ මූණට ආවෙ පැණි කොමඩු ජාතියෙ පැණි ගලන හිනාවක්..


    "උඹ හවස ග්‍රවුන්ඩ් එනවද...?"


    "ඔව්... කෑම ටිකක් කෑවා.. අනිත් පැත්තට හැරුණා.."


    "හරි.. එහෙනම් මමත් එනවා.."


    ඇම්ඩා කිව්වෙ එච්චරයි... ඌ ආයෙත් හැරිලා තාර පාර පැත්තට දුවලා ගියා.


    "ඌ මොකක් හරි අවමගුලක් කරන්නයි හදන්නේ.. බලාගෙන නවෝද්.. ඕකා ගෑවුණොත් උන්ඩක පුච්චයට හිටන් හානි වෙනවා.."


    පැතුම්ගෙ කටේ තියෙන්නෙම ඉතිං ශරීර අවයව විතරයි.. ඌට එතනින් එහාට ජීවිතයක් නෑ..


    "ඒ උනාට ඇම්ඩා හරි හොද එකා පැතුම්.."


    "හොද..? උඹට ළගකදි මොකෙක්වත් වැහුණෙ නෑ නේද..? ඌ තලපතාට දුන්නු ගින්න කොහොමද..? ඉතිහාසෙවත් එහෙම එහෙම කතාවක් තියෙනවද..? හු..ට්ටා... නවෝද්.. අර බලපංකෝ.."


    ඒ වෙනකොට අපි කොලේජ් ලේන් එකේ කොනටම ඇවිල්ලා තිබුණා. ඉන්ටවල් එකේදිත් ටක් ෂොප් එක පැත්තෙ ගියේ නැති හින්දා මං හිටියෙ බඩගිනි සංගිතෙ කිය කියා..


    "මොකක්ද..?"


    "ක... කවුද බං මේ..? හරියට මමියක් වගේ.."


    පැතුම් පෙන්නුවෙ කොලේජ් ලේන් එක ඉවර වෙනවත්තෙක්කම වගේ තිබ්බ අතුරු පාරෙ හිටපු කෙනෙක්ව.. මිනිහගෙ පුළු ඇග පත පුරාම තිබ්බේ.. බැන්ඩේජුයි, ප්ලාස්ටර්යි විතරයි.. ඒ මදිවට බෙල්ල වටේට ගැට ගහපු සුදු පටියකින් අතකුත් එල්ලගෙන..


    "කාගෙන් හරි හොදටෝම කාපු පොරක්.. අපරාදෙ කියන්න බෑ.. ගහපු එකා කැත නැතුව ගහලා තියෙනවා.. ආසාවේ බෑ.."


    ඇත්තටම මූ මොකාද අප්පා.. ඉස්කෝලෙ ඇරෙන පට්ට දවාලෙ මෙහෙම අතපය බැන්ඩේජ් කරගෙන එල්ලන් ඉන්න මූටද පිස්සු.. නැත්නම් මේක දකින අපිටද පිස්සු..?


    "නවෝදයා.. මට නම් පේනනෙ මුගේ මුළු ඇගම බයිපාස් කරලා වගේ.. හ.. හත්තිලව්වේ මේ. මේ.. අර වහුකුණානේ.."


    "කවුද..?"


    හොදට ළංවෙලා තියෙද්දිත් මට මමිය අදුනගන්න බැරි වුණා. මගේ බඩගින්න, මගේ මෙමරි ධාරිතාවය අඩු කරලද මංන්දා..


    "ප්‍රනාන්දු සර්ගේ ටික්කා... යස වැඩේ ඕකට.."


    "මොනවා.. දුෂ්මන්තයා..?"


    පැතුම් කියපු දේ නිට්ටාවටම හරි.. මේ නැව් ගානට කාලා ඉන්නේ දුෂ්මන්තයා නේන්නම්. බුදු සන්තෝ.. මූට කවුද අප්පෙ මෙහෙම නරකාදි විදියට ගැහුවේ.. සමහර වෙලාවට මූ ගුටි කෑවෙ නැත්නම්, බස් දෙකක් හැප්පෙන තැනක බස් දෙක මැද්දෙන් හිටියද දන්නෙත් නෑ.. ශාරීරික අවයව.. ඒ තරම් අලංකාරයි..


    "දුෂ්මන්ත.."


    "ආ.. නේ.. නවෝද් ඔයා... මට අදුනගන්නත් බැරි වුණා.."


    බලන් ගියාම දුෂ්මන්තයටද පිස්සු.. නැත්නම් මටද..? මමිය වගේ පටි බැදගෙන ඉන්න ඌම කියනවා මාව අදුනගන්න ඌට බැරිලු..


    "මොකද උනේ.?"


    "ආ... නේ.. බලන්න කොල්ලො.. මට වෙච්ච දේ..."


    ශරීරයට මොන ආබාධෙ උනත් මුගේ ගෑනු කටහඩට නම් මෙලෝ හෙණයක් නෑ..


    "ඇයි.. බස් එකෙන්වත් වැටුනද..? නැත්නම් පොලීසියෙ බාප්පෙකුට හූවක් තිව්වද..?"


    මූට නම් යසයි වෙච්ච වැඩේ කියලා හිතට හිතෙද්දි. මං බොහොම දුක සේ ගානට ඇහුවා.. ඒ දුකට ඒ ගානට අහුවුණා..


    "මට නින්ජා ගැහිල්ලක් ගැහුවනේ.. ඔය ලපටි ඇස්වලින් මං දිහා ඔහොම බලන් ඉන්නෙපා ඒයි.. මට වාවන්නෙ නෑ.. දැන් දවස් තුනහාමාරක් වෙනවා.. හයියෝ මෙයා.. ගුටිකාපු ඒවා දැනුයි වැඩි හරියක් රිදෙන්නේ.."


    "මොන ගැහිල්ලක්ද බං.."


    මෙච්චර වෙලා ආසාවෙන් මේ ප්‍රීතිමත් දර්ශනය බල බලා ඉදපු පැතුම් ඇහුවා..


    "නින්ජා... අනේ නින්ජා.. ඇයි මෙයා අර ජපානෙ ඉන්නෙ.. අන්න ඒ නින්ජලා වගයක්.."


    "මොකක්... බහුබූත කියවන්නැතුව ඉදපං බං.. ජපානෙ ඉදලා නින්ජලා ඇවිත් උඹට ගහලා යන්න උංට පිස්සුද.. ආ නවෝදයා.. අපේ ප්‍රනාන්දු සර්ගෙ ෆිසික්ස් පංතියක් ජපානෙ නෑ නේද..?"


    "ඔහොම කතා කරන්න එපා මෙයා.. මටත් තදවෙනවා.. මූණු වහගෙන, කලු ඇදගෙන.. එදා රෑ කලුවරේ මාව හතර පැත්තෙන් අල්ලගෙන හයියෝ.... අනේ... අම්මෝ.. මට ගැහුවා දෙයියනේ.. ඔව් මෙයා.. මං වගේ කිසිම කෙනෙකුට වරදක් නොකරන අහිංසකයෙකුට තඩි බෑවට එයාට හොදක් නම් වෙන්නෙපා.. අත් කකුල් තාම වේදනායි.."


    ජපන් නින්ජා තියා කවුරු උනත් වැඩේ කරපු එකා නම් විලි ලැජ්ජා නැතුවම මූට ගහලා තියෙනවා..


    "උඹට අදුරගන්න බැරි උනාද..? ගැහුවෙ කවුද කියලා.. ජපන් ගැන්සියක් හිටියා කියලනේ උඹ කියන්නේ..? ආ.. උංගෙ කකුල් සුදුද..? මුණෙ තිබ්බ ඇස්වල කලු ඉංගිරියෝ උඩ ගිහිල්ලද තිබ්බේ.."


    ඔන්න පැතුමා කොරනේල් විබාගෙ පටන් ගත්තා. දැන් ඉතිං කීයට යන්න වෙයිද මංදා.. හැබැයි පැතුමා, අහපු එකට දුෂ්මන්තයට මල පැනලා කියලා මට තේරුණා.


    "මං දැකපු ඉංගිරියක් නෑ.. මෙයා කලුවරේ.. උං මගේ බඩටමයි ගැහුවේ.. හයියෝ... වාවන්නේ නෑ.."


    "දැන් උඹ මේ කොහෙද යන්නේ..?"


    "කොහේ යන්නද මෙයා.. මං මේ ටිකට් කපාගෙන ගෙදර යනවා ඉස්පිරිතාලෙ ඉදලා.."


    "තලපතා... මේ ගැන.. ආ නෑ වරදුනා.. ප්‍රනාන්දු සර් මේ ගැන දන්නවද..?"


    "සර් නම් ආවා මෙයා හැමදාම.. පව් සර්ටත් දුකයි.. සර් නම් කියන්නෙ වනේ වන හතුරෙක්ලු මට මෙහෙම ගහලා තියෙන්නේ.."


    වනේ වන හතුරෙකුටවත් වෙන්න ඕන නැති දෙක් තමා මූට නම් වෙලා තියෙන්නේ.. යසයි.. වෙච්ච වැඩේම නම්.. බඩගින්න නම් දැන් එකසිය හයයි දශම පහට නැගලා. තවත් ඉවසන් හිටියොත් ෂුවර් එකටම ඔස්ටියෝ පොරෝසිස් හැදෙනවා.. නෑ.. නෑ.. වැරදුනා ආතර් අයියගෙ ආතරයිටීස්.. නෑ හත්තිලව්වෙ නෑ.. ගෑස්ට්‍රයිටීස්.. අන්න හරි ඒක තමයි.. ඒක හන්දා මායි, පැතුමයි දුෂ්මන්තගෙ අදෝනාව මැද්දෙම එතනින් පැනගත්තා..


    **********************************


    "සුදු පුතා.. මොකෝ අද පයින්ම..?"


    වත්ත ගාවට එන්න හම්බවුණේ නෑ.. මෙන්න නැන්දා අපේ ගේ ඉස්සරහම. අම්මපල්ලා. මේ වෙලාවෙ නම් ලක්ෂ පනහකුයි, දුවයි දෙනවා කිව්වත්, කයියට නම් සෙට් වෙන්න වෙන්නෙ නෑ. පපුව පැලෙන්න බඩ ගින්දරයි..


    "මේ වෙලාවෙ බෑ නැන්දෙ. පට්ට බඩගිනියි."


    "මොකක්... පට්ට..?"


    "ඔව් නැන්දෙ.. ඒක.. මේ.. අලුත් වචනයක්.."


    "මොන අලුත් වචනයක්ද..? හනේ මංදා.. මං නම් දන්න කියන කාලේ ඉදලා ඕක අහලා තියෙනවා.."


    "අගට මහා පරිමාණෙ කුණුහරුප කෑල්ලකුත් එක්ක නේද..?"


    මං හිනාවෙලා ගෙට පැන්නා. අපි කෙරුවෙ ඒක හොද වචනයක් කෙරුව එක විතරයි.. නැන්දටත් පුංචි හිනාවක් ගියා..


    "අම්මේ... අම්මේ... කෝ මේ අම්මා..? අමේමේ.. මට යක්කු දෙකක් කන්න බඩගිණියි.. එක යකෙක් හරි කන්න දෙන්ඩෝ.."


    ඇදුම් මාරුකෙරුවෙත් නෑ.. මං කෙලින්ම කෑම මේසෙට වාඩිවුණා. ආයෙ මොන මැනර්ස් ද..?


    "අනේ... අනේ.. සුදු පුතා.. මූණ කටවත් හොදගත්තෙ නෑ නේද..?"


    "හැමදාම උදේට හෝදනවනේ අම්මේ.."


    "ඒ උනාට විශබීජ හිටත් ඇති.. අතවත් හෝදගන්න."


    "මං තරම් විශබීජයක් කොහේවත් නෑනේ අම්මා. ඌරට මොන සෞඛ්‍යයද අම්මා.. ඉක්මනට කෑම ටික බෙදන්න.. ප්‍රැක්ටිස් යන්නත් පරක්කු වෙනවා.."


    "මං මාමට කියලා පැච් එකත් දාලා තිබ්බා.. ඔයා එන්න පරක්කු වෙන්නෑනේ සුදු පුතා..?"


    "නෑ අම්මා.. පැච් එක දාපු එක නම් කියලවත් කරගන්න බැරි වැඩක්... අම්මා බයවෙන්න එපා.. හත වෙද්දි කොල්ලා ගෙදර.."


    "තාත්තා ටිකක් පරක්කු වෙනවා කියලා කෝල් එකක් දුන්නා ඒකයි.."


    ගෙදර හැමෝම මට කතා කෙරුවෙ සුදු පුතා කියලා. බලන් ගියහම ග්‍රවුන්ඩ් එකේ ඉදලා අව්වට පිච්චිලම මගේ ඇති ලොකු සුදක් නෑ. මට සුදු කියලා කියනව නම්.. අපේ පංතියෙ නදිනි වගේම සුදුම සුදු කෙල්ලන්ට මොකක්ද කියන්නේ..?


    කොයිතරම් බඩගින්නෙ හිටියත් උඩින් පල්ලෙන් කාලා දාලා මම ගෙදරින් එළියට බැස්සා.. අම්මා, අවසානය දක්වා බලන් හිටිය නම් හෙන බැනුමක් ටක්කෙටම ෂුවර්. කතාවෙ හැටියට කෑම නෑ කියලා. කෝ ඉතිං එක යකෙක් නෙමේ යක්කු කාලක්වත් කාලා නෑ කියලා..


    ග්‍රවුන්ඩ් එකට මං එනකොටත් දෙකහාමාර පහුවෙලා බලපු බලපු හැම පැත්තෙම කට කපලා එකයි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. කලාප තරග, ස්පෝර්ට් මීට්, අරවා මේවා හින්දා ග්‍රවුන්ඩ් එකත් කාර්යය බහුල වෙලා. ග්‍රවුන්ඩ් එකේ කොනෙන්ම තිබ්බ අලි පත කොට්ටම්බා ගහ ගාව හිටපු සෝමතිලක සර් ගාවට මං ගියා..


    "සර්... කාලද..?"


    මගේ ප්‍රශ්නෙට වියපත් ඒ මූණෙ යස අපූරු හිනාවක් උතුරලා ආවා..


    "උඹ විතරයි කොල්ලො ඔහොම අහන්නෙවත්.. මං උඹට කැමතිත් ඒකයි.."


    "අද ග්‍රවුන්ඩ් එකේ හවුස් ෆුල්නේ සර්.. ප්‍රැක්ටිස් කරන්න ටිකක් වෙලා ඉන්න වෙයි වගේ.."


    මං කතාවෙ පීල්ල මාරු කලා. නැත්නම් සර් මගේ වරුණෙ මං ඉස්සරහා දිග අරින්න ගන්නවා.


    "කමක් නෑ.. ග්‍රවුන්ඩ් එක රිලීස් වෙනකන් අපි ටිකක් කතා කරමු පුතා. මට ඔයාට කියන්න දේකුත් තියෙනවා.."


    මං එකපාරටම සෝමතිලක සර් දිහා බැලුවා. මොකක්දෝ බැරෑරුම්කමක් ඒ මූණෙ පිරිලා. මං ඒකට ආස වුණේ නෑ. මං කැමති සර් හිනාවෙලා ඉන්නවට.


    "මේ ඉස්කෝලෙ, ෆුට්බෝල් ටීම් එකේ ලීඩර් ෂිප් එක ඔයාට අපි දුන්නෙ හේතු ගොඩක් හින්දා.. එක තමයි ඔයාගෙ දක්ෂතාවය.. රිජන් වයිස් ගත්තත් ඔයා තමයි දක්ෂතම ක්‍රීඩකයා. අනික තමයි ඔයා මේ අවට ඉස්කෝල වලත් ජනප්‍රියයි.. මේකෙ වගේම හුගක් ලමයිනුත් ඔයාට කැමතියි. මං කියන දේ ඔයාට තේරෙනවා නේද පුතා..?"


    "ඔව්... සර්.."


    "ඔයා හුගක් දගයි කියන්න මං දන්නවා.. මේක ටිකක් බැරූරුම් වගකීමක්.. ඉස්කෝලෙ ගරුත්වය තියන්න ඕන. ඔයා යටතෙ ඉන්න ප්ලේයර්ස්ලාගෙ හැගීම් දැනීම් හදුනගන්න ඕන.. මොකද පුංචි අතපසුවීමක් ඇති හැමදේම ආපස්සට යන්න.. ඒක හින්දා සෑහෙන අවධානෙකින් වටපිටාව ගැන බලන්න. ඔයාට කැමති හුගාක අය ඉන්නවා වගේම. ඔයාට ඉරිසියා කරන අයත් ඉතා සුළු පිරිසක් ඉන්නවා. ඒ අයව අදුරගෙන පරිස්සමින් මේ ගමන යන්න.. මං ඔයාට සුභපතනවා පුතා.."


    මගේ ඇස්වලට කදුළු අවා.. සෝමතිලක සර් මේ තරම් ලෙංගතුකමින් මට කතාකරලා තිබුණෙම නෑ. මං සර්ගෙ අත් දෙකෙන් අල්ලගත්තා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "සර්ගෙ වචනෙත් මට ඇති.. මං කවදාවත් සර්ගෙ බලාපොරොත්තු කඩන්නෙ නෑ.."

    සෝමතිලක සර් එතනින් එහාට වචනයක්වත් කතා කෙරුවෙනෑ. මමත් ටික් වෙලා ඉදලා, ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. බලයා නම් ආවෙ තුනත් පහුවෙලා. ඌ කොහොමත් ව්‍යායාම කරන්න කම්මැලියි. ඒක හින්දා ඒවා මග ඇරෙනකල් ඉදලයි එන්නේ. හවස් වෙද්දි ෆුල් ටීම් ගහන කොල්ලො ටිකයි, රිසව් ඉන්න හත් අට දෙනයි ඇවිත් මට විෂ් කලා..



    "අරකා ආවෙ නෑ නේද..?"



    චමිල් හති කූඩයක් දාගෙන මගේ ළගට දුවගෙන ආවා..



    "කවුද..? මොකාද..?"



    "පෙත්තාවඩු බං.. ඌ ඕනකමින් මග ඇරියා වගේ බෙකම්.."



    "කමක් නෑ චමිල්.. ඌ කොයි වෙලාවෙ හරි ප්‍රැක්ටිස් එන්න ඕනෙ නේ.. එහෙම නැත්නම් ඌට මේක අතාරින්න වෙනවා. එහෙන් මෙහෙන් ප්‍රැක්ටිස් ඇවිත් මැචස් ගහන්න බෑනේ බං.. හැමදාම එන ඈයොත් මැච් එකක් හරි ගහන්න බලන් ඉන්නවනේ.."



    "මොන දේ උනත් පරිස්සමින්.. ඒකා මහ කුණු ගොඩක් බං.."



    "මං ඒක දන්නවා.. හ්ම්.. වරෙන් ලාස්ට් රවුන්ඩ් එක ප්ලේ කරමු.."



    එතැන ඉදල සෑහෙන වෙලාවක් යනකන් මං ටීම් එකත් එක්ක ප්‍රැක්ටිස් කලා. හුගාක් වෙලාවට මං බෑකිට තියන්න හිටියෙ චමිල්ව.



    "බෙකම්.."



    සෙල්ලම් කරද්දි කොයි තරම් අවධානෙන් හිටියත් ඇම්ඩන්ගෙ කටහඩ නම් මගේ කණ පුරෝලම ඇහුණා. එතකොටයි මට මතක් වුණේ, මූත් අද ග්‍රවුන්ඩ් එනවා කියලා කියපු එක..



    "මොකද බං.. උඹ වළ බහින තැන්වලට ගංවතුර ගලලද.. ග්‍රවුන්ඩ් එක අස්සෙ රිංගන්නේ..?"



    බෝලෙ චමිල්ට පාස් කරලා දාලා මං ග්‍රවුන්ඩ් එකේ කෝනර් එකට ආවා..



    "ඔන්න.. ඔන්න.. බෙකම්.. උඹලා අපි ගැන හිතන විදිය.. අඩේ... මං මහත්තයෙක් වගේ මෙන්න ඇවිල්ලා ඉන්නවා.."



    "හරි.. උඹ මොකටද ආවේ..?"



    මං කෙලින්ම කතාවට බැස්සා.. ඒ සෑහෙන අවධානයක් ඇම්ඩට දීලා. නැත්නම් මූ මගේ ෆුට්බෝලෙත් උස්සගෙන යයි.



    "උඹට පේනවද අර ඈත ප්‍රැක්ටිස් කරන කලු කෙල්ල..?"



    "මොන...?"



    "ඇයි බං.. අර රතුපාට බොටම් එකක් ඇදලා ඉන්නේ.. කහ පාට ටී ෂර්ට් කෑල්ලකුත් දාගෙන.."



    "ඉතිං.."



    මුකුත් හිතාගන්න බැරිව මං ඇහුවා. මූ මොන මල රෙද්දකට ඇව්ලල්ද කියලා මං දන්නෙ නෑ නේ..



    "ඕකි මට හෙන සවුත්තුවක් දැම්මා බෙකම්.."



    "ඉතිං...?"



    "හැම එකටම ඉතිං, හිචිං ගාන්න එපා බං.. ටිකක් වැදගත් පුරවැසියෙක් වගේ මේ කතාව අහගෙන ඉදපං.. කොහෙද ඉතිං අපි බොක්කෙන් උනාට, උඹල අපිට බෙලෙක්කෙන් නේ.."



    "නාලකයා... මෙතන කයිය ගහන්න වෙලාවක් නෑ බං. අතන ගෝලිට හොද එකෙක්ව බලන්න ඕන. දැන් ඉන්න එකාගෙ අත් දෙකේ හිල්. නැත්නම් මැචස් පැරදුනාම හැම එකාම මාව කයි.."



    "ගෝලිට කවුරුත් නැත්නම් මම එන්නම්.. දැනට හොද එකා වගේ මාව පිස්සෙක් නොකර මේ කතාව අහගෙන ඉදපං.."



    මෙකාගෙන් නම් බේරුමක් නෑ කියන්න මං දැනගත්තා. අපරාදෙ අද මං ග්‍රවුන්ඩ් එනවා කියලා මූට කිව්වේ. දැන් ප්‍රැක්ටිස් කරිල්ල පැත්තක තියලා මුගේ අවමගුලකට සවන් දෙන්න වෙනවා.



    "හරි.. අර ඈත බැබලි බැබලි ඉන්න කලුකුම්රබ දේවතාවි මං දැක්කා. ඒකි එක්ක උඹේ තියෙන අවස්ථා සම්බන්ධෙ මට කියපං ඉක්මනට..."



    "උඹට කියන්න බෙකම්.. ඕකි තමයි මගේ හතුරොන්ගෙ ලයිස්තුවෙ අංක එකටම ඉන්නේ. කලින් හිටපු එකා දැන් එතන නෑ. ඌ මේකිට පස්සෙ ඉන්නේ.."



    "කතාව කියපං නාලක.."



    "එදා තලපතාගෙ සීන් එක, ඒකි අපේ ගෙදර හත්මුතු පරම්පරාව එක්කම කියලනේ බං.."



    "නෑ.. හ්...! ඒකි කොහොමද උඹලගෙ ගෙදර එවුන්ව දන්නේ.. අනික ඒකි අපේ ඉස්කෝලෙත් නෙමෙයි නේ.."



    "හරි බං.. ඕකි අපේ ගෙවල් ළග.. අපේ අම්මවයි, තාත්තවයි හොදට දන්නවා.. උඹ කියන්නේ.. මාව ගෙදරින් එලෙව්වෙ නැති එක විතරයි.. මට රෑට කන්නත් නැතිවුණා."



    "ඒ උනාට උඹ පහුවෙදිනා හොදට කාලා බඩත් එක්ක තිබ්බ වෛරෙ පිරිමහන්න ඇතිනේ.. ඔන්න ඕක අල්ලලා දාපං.. මේකිට ඕවා ඉබේම පඩිසන් දෙයි.."



    "ඒ කොහොමද බෙකම්..?"



    ඇම්ඩන් එපාර සදාකාලික අහිංසකයා වෙලා.. මූ මෙහෙම තත් වෙච්ච ඇස් පිටින් බලන් ඉන්නකොට කිසිම සාන්තුවරයෙකුට කියන්න බෑ මූ පෘතුවියයි, අගහරුයි දෙකම කාපු එකෙක් කියලා. ඒ වගේම මූ බ්‍රහස්පතිත් කන්න බලාගනෙ ඉන්නවා කියලා.



    "දැන් බලපං අර වහුකුණාට වෙච්ච දේ.."



    "කවුද..?"



    "ප්‍රනාන්දු සර්ගෙ ටික්කා.. දුෂ්මන්තයා.. ඌට ජපන් නින්ජලා වගයක් හොදටම ගහලා.. ඔන්න අද තමයි ඉස්පිරිතාලෙ ඉදලා ටිකට් කපන් ගිහින් තියෙන්නේ.."



    "ඔව්.."



    "උඹලා එදා කැහිකූරු ඇදපු එක තලපතාට කිව්වේ දුෂ්මන්තයනේ.. ඉතිං ඌට ඒක ඉබේම පඩිසන් දීලා. මේකිටත් එහෙම වෙයි.."



    "උඹ එහෙමද හිතන්නේ..?"



    "ඇයි..?"



    "ඌට ගැහුවේ මායි, තව ගමේ කොල්ලො දෙන්නෙකුයි.. හහ්.. හහ්.. හහ්.. හා.."



    ඇම්ඩන් හක හක ගගා හිනාවෙනවා. වෙලා තිබ්බ වැඩේ මටත් අදහාගන්න බැරි වුණා. මූණෙ යකෝ එහෙනම් දවසකටවත් මිනිහා. දුෂ්මන්තයට නැගිට ගන්න බැරිවෙන්න ගහලා තියෙන්නෙ මූයි එහෙනම්.



    "උඹට කියන්න බෙකම්.. ඌ අර ගෑණු කටහඩින් අනේ මට සුදු මල්ලි මට ගහන්න එපා කියලා කියද්දිම මං උගේ බඩට තුන්පාරක්ම ගැහුවා.. ආයෙ ජීවිතේට කේලම් නොකියන්න.."



    "පවු නාලක.."



    "පවු තමයි.. තලපතාට එහෙම මාට්ටු උනා නම් කොහොමද..? ආයෙ කලිසකමක් ඇදගෙන පංති එනවා නම් බොරු.."



    "දැන් උඹ මේකිට මොකක්ද කරන්නේ..?"



    පරන කතාව පැත්තකින් තියලා මං අලුත් කතාවට බැස්සා.. මූ නැත්නම් පරන කතාවම පට්ට ගහයි..



    "ඒකි ආයෙ පාරෙ ගිහිල්ලා ඉවරයි.."



    "ඇයි උඹ ඒකිටත් නින්ජා පෙන්නනවද..?"



    "නෑ.. නෑ.. ඒකි අපිට නින්ජා පෙන්නයි.."



    "කියන කුණුහරුපයක් තේරෙන්න කියපං බං.."



    "මං ඒකිගෙ ඇදුම් බෑග් එක ඉස්සුවා.."



    "මේ.. යකෝ පිස්සු නටන්න එපා.. ඒකි කොහොමද පාරෙ යන්නේ.."



    "ඒක තමයි මම කිව්වෙ පාර ගිහිල්ලා ඉවරයි කියලා.."



    "නාලක... ඕක හොද වැඩක් නෙමෙයි. ඒකි කෙල්ලෙක්.."



    "ඒකද ඕකි අපේ ගෙදරට කිව්වේ..? මං ඕකිව අතාරින්නෑ බෙකම්. ඕකි කොල්ලෙක් උනා නම් මං ඉස්පිරිතාලෙ යන්න වැඩේ කරනවා. කරුමෙට ඒකි කෙල්ලෙක් නේ.."



    "දැන් උඹ ඕවා ඇයි මට කියන්නේ..?"



    "තනිකරම යහපත උදෙසා බෙකම්.. තනිකරම යහපත උදෙසා.. උඹ ප්‍රැක්ටිස් කරපං.. මං යනවා.."



    ඇම්ඩන් තත්පරේට දෙකට මාරු වුණා. ඌ හිටියොත් පැත්තක් නෑ.. ගෝරි ගොඩයි හන්දා මාත් සැනසීමෙන් උඩට හුස්මක් ඇද්දා. ඒ එක්කමයි චමිල් මගේ ළගට ආවේ..



    "මොකද ඇම්ඩා කියන්නේ.. මොකටද ඌ ග්‍රවුන්ඩ් එකට ඇවිත් තියෙන්නේ..?"



    බලයටත් ඕන්නැති ඇට මගුලක් නෑ. ඌට මොකටද ඇම්ඩගෙ ඒවා. හරියට මූ, උගේ අම්මා අප්පා වගේනේ.



    "මාව බලලා යන්න.."



    "පිස්සුද බං.. මං දන්නැතුවයෑ ඕකගෙ ඉතිහාසෙ.. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඕකා මොකටද අර කොන්වන්ට් එකේ හෙඩ් ප්‍රිපෙට්ගෙ බෑග් එක ඉස්සුවෙ කියලා.."



    "හෙඩ් ප්‍රිපෙට්ගේ..?"



    "මං උඩ ගිහින් බිම වැටුනා. ඇම්ඩන් කිව්වේ, ඌ ඉස්සුවෙ උංගෙ ගෙදර ළග ඉන්න කලු කෙල්ලගෙ බෑග් එක කියලනේ. දැන් මේ බලයා මොනවද කියවන්නේ..?"



    "ඔව්.. ඌ දුවගෙන ඇවිත් වීරයා වගේ කිව්වෙ ඒක නෙමෙයිද..?"


    "නෑ චමිල්, ඌ කිව්වෙ වෙන කෙල්ලෙක්ගෙ බෑග් එකක් උස්සපු කතාවක්.."



    "මොන කෙල්ලගෙද..?"



    "අර රතු බොටම් එකක් ගහගෙන දුවන්නේ.."



    "ආ... ඒ.. ඉන්කි නේ.."



    "කවුරු...."



    "මාත් නම දන්නෑ.. ඒත් ඒ කෙල්ලට කවුරුත් කතා කරන්නෙ ඉන්කි කියලා.. පේන්නැද්ද පට්ට කලුයි නේ.."



    ප්‍රැක්ටිස් කිරිල්ල පැත්තක තියලා මං කල්පනා කරන්න ග්තතා. ඇම්ඩා සාමාන්‍යයෙන් ටොම් පච ඇද බෑවට, මට පච කියන එකෙක් නෙමයි. මාව අමාරුවෙ දාන එකෙකුත් නෙමෙයි. මෙච්චර කාලකෙට වෙච්ච දේවල්වලින් මං ඒ ගැන නිගමනේකට ඇවිල්ලයි තිබුණේ.



    "ඇම්ඩට අවුල තිබ්බෙ ඔය ඉන්කිද කවුද කියන කෙල්ලත් එක්ක...? ඉතිං ඇයි ඌ අර කොන්වන්ට් එකේ හෙඩ් ප්‍රිපෙට්ගෙ බෑග් උස්සන්නේ..?"



    "කතන්දරේ එහෙම එකක් නම් මේක මල කුණුහරුපයක් වගෙයි මට පේන්නෙ.. සමින්දි අක්කගෙ බෑග් එක ඌ ඉස්සුවෙ, ඒකිත් එක්කත් අවුලක්ද දන්නෙ නෑ.."



    සමින්දි කියලා කිව්වෙ කොන්වන්ට් එකේ හෙඩ් ප්‍රිපෙට්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කිව්වොත් ටච් කරපු ගමන් පුපුරන ඔටෝ මැටික් බෝම්බයක්. රූපෙ කොයි තරම් සිරියාවන්ත උනත් තනිකරම කොච්චි මිරිස් කරලක්, ළගින් ගියත් බඩ දනවා.. ගේම්ස් වලට හිටියෙ නැති වුණත් කොන්වන්ට් එකේ කෙල්ලො ප්‍රැක්ටිස් එන හින්ද, සමින්දි අක්කත් ට්‍රැක් කිට් එකක් දාගෙන ග්‍රවුන්ඩ් එන්න පුරුදු වෙලා හිටියා. කොන්වන්ට් එකේ කෙල්ලො නම් ඒ දේට ඩිංගක්වත් කැමති වුණේ නෑ.



    "ඌ ඕන මගුලක් කරත්තාවේ චමිල්.. අපි අපේ වැඩේ කරමු.."



    ඒ වෙනකොට ග්‍රවුන්ඩ් ආපු හුග දෙනෙක් ආපහු ගිහින් තිබුණා. තවත් ටිකක් ප්‍රැක්ටිස් කරලා, මං ට්‍රැවලින් බෑග් එකත් කරට දාගෙන මවුන්ටන් බයිසිකලේට නැංගා. අද නම් ඇදුම් චේන්ජ් කරන්නවත් බැරි තරමට මහන්සියි. ගෙදරම ගිහින් චේන්ජ් එකක් දාගන්නවා කියලා මං හිතාගත්තා..



    ***************************************



    මං ගෙදරට ගොඩ වුණේ වටින් පිටින් කලුවර වැටෙද්දිම. තාත්තා නම් ඒ වෙනකොට ඇවිල්ලා තිබුණා. රාජ්‍ය බැංකුවක විධායක නිලධාරියෙක් වෙච්චි තාත්තා ගත කොරුවෙ අවිවේකි ජීවිතයක්. මායි, අම්මයි ඒ දේ තේරුම් අරගෙන තාත්තට සාමකාමීව ජීවිතේ ගෙනියන්න ඉඩ හදලා දුන්නා..



    "සුදු පුතා.. ඔයාට හුගක් මහන්සි පාටයි.."



    බයිසිකලෙන් බහිද්දිම තාත්තා මගේ මූණට එබුනා. ලොකු පලල් කණ්නාඩියෙ රාමුව ඇතුළෙන් තාත්තගෙ කරුණාවෙන් පිරිච්ච ඇස් මං දැක්කා..



    "අද ඔය අලුත් තානාන්තරයක් හම්බවෙලා තියෙන්නේ.."



    පොල්කිරි මිරික මිරික ඉදපු භාජනෙත් උස්සගෙන අම්මා සාලෙ මැදට ආවා..



    "මොකක් ගැනද සුදු පුතා මේ අම්මා කියන්නේ..?"



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "අන්ඩර් නයින්ටීන් ෆුට්බෝල් ලීඩර්ෂිප් එක මට හම්බවුණා තාත්තෙ.."


    තාත්තගෙ කරුණාවෙන් පිරිච්ච ඇස් අගට කදුළු බිංදු දෙක තුනක් එක සැරේට උනාගෙන ආවා. ඒවා සතුටු කදුළු කියන්න මං දැනන් හිටියා.


    "පුතාට කවදාවත් වරදින්නෙ නෑ.."


    තාත්තා එච්චරයි කිව්වේ. කොහොමටත් තාත්තා වැඩිපුර කතා කරන කෙනෙක් නෙමෙයි. එයාගෙ හැසිරීමෙන්, ඉගි බිගි වලින් අම්මයි, මායි හුගාක් දේවල් තේරුම් ගත්තා. වැඩිපුර කතාබහ නොකලට, තාත්තා අම්මටයි මටයි පණ ඇරලා කියන්න, අපි දෙන්නම දැනන් හිටියා..


    "බෑග් එකේ මොනවද සුදු පුතා මෙච්චර..? හරි බරයි නේ.."


    සාලෙ ඉදලා කාමරේට මගේ ට්‍රැවලින් බෑග් එක උස්සගෙන යන ගමන් අම්මා කිව්වා. පොල් කිරි එක අම්මගෙ අනිත් අතේ. ට්‍රැවලින් බෑග් එකේ වෙනදා නැති අමුතු බරක් ලාවට වගේ බයිසිකලේ පැදගෙන එද්දි මට දැණුනත්, මං ඒක ඒ තරම් ගණන් ගත්තෙ නෑ. ඇගේ තිබ්බ මහන්සියට කියලයි මම නම් හිතාගත්තේ..


    බෑග් එක ඇදෙන් තියලා අම්මා ගියා.. මං බෑග් එකේ ෂිපර් එක ඇද්දෙ ඇතුළට දාපු ස්ලිපර්ස් දෙක එළියට ගන්න. නැත්නම් හෙට හවස් වෙනකල්ම ඒක මේක ඇතුළෙනේ. ඒත් ස්ලිපර්ස් දෙක වෙනුවට මගේ අතට අහුවුණෙ වෙන මොකක්දෝ බෑග් එකක්.. මොන මල මගුලක්ද මේ.. බෑග් එකක් ඇතුලෙ තවත් බෑග් එකක් තියෙන්නෙ කොහොමද..? යකෝ මගේ බෑග් එකට බබෙක් හම්බවෙලාද..? මගේ ඔලුවත් එක්ක විකාර වෙද්දි, කෝකටත් කියලා මං කාමරේ දොර වැහුවා. ට්‍රැවලින් බෑක් එක ඇතුලෙ ස්ලිපර්ස් දෙක එහෙමම තියෙද්දි, ආගන්තුක කලු බෑග් එක අතට ගත්තා. ඒක ගෑණු ලමයි පාවිච්චි කරන ජාතියෙ හුරුබුහුටි එකක්. කාගෙද බොලේ මේ බෑග් එක. මේ ඉලව්ව කොහොමද මගේ එකට ආවේ..?


    ඒ එක්කම තමයි ඔලුව හිරිවැටෙන්න වගේ මට තේරුනේ. මේ බෑග් එක කාගෙද කියලා.. මේ ගල් කාෂ්ඨක ඇම්ඩව මැරුවත් හිත් වදින්නෙ නෑ දෙයියනේ.. මූ අර ඉන්කිද කවුද කියන කලු කෙල්ලගෙ බෑග් එක කියලා, සමින්දි අක්කගෙ බෑග් එක උස්සලා මගේ ට්‍රැවලින් බෑග් එකේ දාලා. තවත් හිතන්න දෙයක් නෑ. මගේ හිත සහමුලින්ම නතරවෙලයි තිබුණෙ. මට උගෙ වචන ආයෙත් මතක් වුණා. තනිකරම යහපත උදෙසා බෙකම්.. යහපත උදෙසා.. කියලා ඇම්ඩා කිව්වෙ. මේ මොන යහපතක්ද දෙයියනේ.. පට්ට විනාසයක් මිසක..


    මං ග්‍රවුන්ඩ් එකේ ඉද්දි සමින්දිලා මේක හෙව්වා නම් මොන දෙයියට්න කියන්නද..? හයියෝ... මෙහෙමත් පාප මිත්‍රයෝ.. මූ මේ වගේ අලුගුත්තේරු වැඩක් මට කෙරුවෙ ඇයි..? ඒකට ඉතිං හෙට උදේ වෙනකන් ඉවසන් ඉන්න වෙනවා. ඒකා හෙට ඉස්කෝලෙ එයිද කියලත් මට ෂුවර් නෑ. කෝක වෙතත් මේක ගෑනු ළමයෙක්ගෙ බෑග් එකක්නේ. ඒක හන්දා මං හෙමින් සීරුවෙ ඒ කලු බැග් එකේ ෂිපර් එක පහළට ඇද්දා. හයියෙන් ඇද්දොත් එයාට රිදෙයිනේ. මේක ඇතුලෙ මොන මොනවා තියෙයිද කියලා කවුද අප්පා දන්නේ..?


    ඉස් ඉස්සෙල්ලම මගේ අතට අහුවුණේ සුලෝජි පොතක්. මං නම බැලුවා. සමින්දි ඉදුනිල්මි දහතුන වසර.. පිස්සු හැදෙනවා. හැඩ වගේම තමයි නමත්. ඉදුනිල්මි.. මම ඒ වගේ නමක් ඇහුවමයි ඔය. ඊගාවට මගේ අතට ආවේ පුංචි පර්ස් එකකුයි, ඕෆ් කරපු හෑන්ඩ් ෆෝන් එකකුයි. ඒ දෙකේම තිබ්බෙ අමුතුම හුරුබුහුටිකමක්. ඊගාවට මගේ අතට ආපු එකෙන් මං උඩ බිම බැලුවා. ඒ රනින් ෂෝට් එකකුයි, යට ඇදුම් දෙකකුයි. ඒවා ඔක්කොම අලුත් ඒවා. තව මේස් ජෝඩුවක්, පුංචි වතුර බෝතලයක්, පැරසිටමෝල් කාඩ් එකක්, මසල්ස් පෙරලුනාම ගාන බාම් එකක්, නහය බ්ලොක් උනාම නහයට දාලා අදින මාක් ටූ ඉන්හේලර් එකක්, සම්පත් බෑන්ක් ක්‍රෙඩිට් කාඩ් එකක්. ඔය වගේ පුංචි පුංචි ඒවා මහා හුගක්. මේවට දැන් මොකද කරන්නේ කියන හැගීමයි මට ඉස්සෙල්ලම ආවේ. ඒ එක්කම ඒ ආගන්තුක නොවන ද්‍රව්‍ය වලට පුංචි ආසාවකුත් මගේ හිතේ ඉපදුනා.


    "සුදු පුතා.. මොකද කරන්නේ..? අද තේ බොන්නෙ නැද්ද..?"


    අම්මගෙ කටහඩ දොර ගාවින් ඇහෙද්දි මං ගැස්සිලා ගියා. සමින්දිගෙ ලට්ට ලොට්ට ටික ඔක්කොම ආයෙමත් එයාගෙ බෑග් එකට ඔබලා, ඒ බෑග් එක ආයෙත් මගේ බෑග් එක ඇතුළට ඔබලා මං කාමරේ දොර ඇරියා.


    "මං ඇදුම් මාරු කලා අම්මා.."


    අම්මා මගේ මූණෙ ඉදලා, කකුල් දෙක ළගට යනකන් බලලා සවුත්තුවට හිනාවුණා..


    "ඇදුම් මාරු කරලා.. ආයෙත් ඒ ඇදුම්ම ඇදගත්තද..?"


    අම්මගෙ කතාවට මටත් හිනා ගියා. ඇත්තට නේන්නම්.. මං තාමන් ඉන්නෙ ග්‍රවුන්ඩ් ඇදගෙන ගියපු ඇදුම් පිටින්මනේ.. ෂිහ්.. ඇත්තට.. විලිලැජ්ජාවෙ පණ යනවා..


    "අද නම් ඔයාට මොනවා හරි වෙලා සුදු පුතේ.."


    කියාගෙන අම්මා ගියා.. ඒක ඇත්ත අම්මා.. මේ නාලක කියන ඇම්ඩන් හන්දා, මට අද නින්ද යන එකක් නෑ. දැන් මම මේ බෑග් එක සමින්දිට දෙන්නෙ කොහොමද..? එයා හිතයිද දන්නෑ මං මේ දේ ඕන කමින් කලා කියලා. එක්කො මේක ඇම්ඩට දීලා මං පැත්තකට උනා නම් හරි. ඌ ඕන මළ දානයක් බේරගනියිනේ. ඒත් එකටත් මගේ හිතේ හරි හමන් කැමැත්තක් තිබුණෙ නෑ. මට වැඩිය වයසින් වැඩිවුණ සමින්දිගෙ හදක් වගේ සුදු මූණ මට මැවිලා පෙණුනා. ඒ ඇයි කියලා කියන්න නම් මට තේරුමක් තිබුණෙ නෑ. සමින්දිව මං ඕන තරම් ග්‍රවුන්ඩ් එකේදි දැකලා තිබුනා. එයා හෙන හයිෆයි කියලා කියන්නත් මං දැනන් හිටියා. ඒත් එයාව මං දැක්කේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරන අනිත් කෙල්ලො විදියටමයි. ඒකේ කිසිම විශේෂත්වයත් තිබුණෙ නෑ. ඒත් එයාගෙ මේ පුංචි ලට්ට ලොට්ට ටික දැක්කාම නම් මගේ හිතට මොකක්දෝ දෙයක් වෙලා තිබුණා.


    *************************************

    පහුවෙනිදා උදේම මං ඉස්කෝලෙ ගියේ ඇම්ඩව හොයාගෙන ඊයේ සිද්ධ කරපු ත්‍රාසජනක සිද්ධියෙ, මතක පෙළහර උගේ බෙල්ලෙන්ම අල්ලන් අහගන්න පුළුවන් නේ. ඒත් මං පන්තියට යනකොට පැතුම් කොල්ලො ටිකත් එක්ක බර කතාවක්.


    "උඹලට ඇතත් වශයෙන්ම මේවා කියන්න ඕනෙ නෑ. ඒත් හෝඩියෙ ඉදලා හරි, පහ වසරෙ ඉදලා හරි, හොටු කෑලි වගේ උඹලා, දැන් ටිකක් වැදගත් වෙලා.."



    පැතුමා උගේ ගොරෝසු කටහඩින් හෙණට තෙල බෙදනවා. නිරෝම් ඇස් කොකෙන් මා දිහා බැලුවත් ඒකිගෙ ඇස් තිබ්බෙ පැතුමා දිහාවෙ.



    "හරි.. පැතුම්.. ඔයා දැන් උඩ පැනගෙන කියන්න ආපු දේ කියන්නකෝ.. අපිට වැඩ තියෙනවා. ක්ලාස් එක අස් කරන්නත් ඕන."



    නෙහාරා කොස්සකුත් අතේ තියාගෙන පැතුම්ට ලංවුණා. ඇම්ඩව හම්බවෙන්න යන්න, තදටම ඕනකමක් තිබුණත් මේකා කියන්නෙ මොනවද කියලා අහගන්න මං නැවතුණා.



    "නෙහාරා මේ.. හොදට තියෙන මගේ පතිවෘර්තාව කන්න හදන්න එපා හරිද..? ඩිංගක් සැනසීමෙන් අහන් ඉන්න.. මං ඔයාලගෙන් අහන්නේ, ඔය දෙයියො කියන ජාතිය ඉන්නෙ කොහේද කියලා..? හා පුළුවන් නම් කියන්න.. මං ඉන්ටවල් එකට මාලුපාන් ගෙඩියක් අරන් දෙනවා.."



    ඉදලා ඉදලා පැතුමා ඇහුවෙ මාර ප්‍රශ්නයක්. දෙයියො ඉන්නෙ කොහේද..? මාත් ටිකක් කල්පනා කරා. ඒත් හිතේ තිබ්බ සමින්දි අක්කගෙ බෑග් තඩිය හින්දා මෙලෝ අදහසක් ඔලුවට ආවෙ නෑ.



    "දෙයියො නේද..? දෙයියො ඉන්නෙ නම් උඩ.."


    ටිකක් විතර හිතලා මතලා චංචලා උත්තර දුන්නා.



    " තව.. තව.. හැමෝම කියමු බලන්න.."



    "මං නම් කියන්නෙ දිවිය ලෝකේ.."



    "නෑ.. නෑ.. ඒත් වැරදියි.."



    "ෂුවර් එකටම දේවාලෙක.."



    "පිස්සුද ෂිරෝමි.. දේවාලවල කොහේද දෙයියෝ. හොදයි බෙකම්.. අපේ අසහාය ක්‍රීඩකයා.. උඹ කියපං බලන්න.. මේ තරම් සරල ප්‍රශ්නෙට තියෙන උත්තරේ. මං හිතන්නෙ උඹටත් බෑ."



    "දෙයියො ඉන්නෙ මිනිස්සුන්ගෙ හදවතේ.."



    මං ටිකක් වැදගත් උත්තරයක් දුන්නා. නිරෝමිය, නෙහාරයි මං දිහා ටිකක් අමුතු විදියට බැලුවා.



    "සියලු උත්තර වැරදියි. තව කාට හරි උත්සාහ කරන්න ඕනෙද..? ආ.. කමක් නෑ.. උඹලා වගේ ගොං හැත්තක් එක්ක ආශ්‍රය කිරීඹ පවා පවක්. වේදනාවට කරුණක්. මේ තරම් අපිට සම්බන්ධ, නිතරම කතා කරන, හිතන දෙයියො ඉන්නෙ කොහෙද කියලා උඹලා දන්නෙ නෑ.. ඇත්තමයි මං අද ප්‍රථම වතාවට ලැජ්ජා වෙනවා. උඹලත් එක්ක මේ මැත්ස් ක්ලාස් එකට වැටීම පිළිබදව.."



    "අපිට නම් ඒ හැගීම ආවෙ ඔයා මේ ක්ලාස් එකට ආපු පළවෙනි දවසෙම.. කමක් නෑ.. ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔයාම දෙන්නකෝ.."



    ඉදලා ඉදලා නෙලුනි කිව්වෙ පැතුමගෙ හද පැලෙන කතාවක්. ඌ ඔලුවත් කහලා, කටහඩේ රැල් බුරුල් කලා..



    "මං මේ උඹලට හින්දයි කියන්නේ.. වෙන පංතියක එකෙකුට නම් කියන්නෙම නෑ.. අර නාලකයා වගේ ඇම්ඩෙකුට නම් කියන්නෙම නෑ. ඇත්ත වශයෙන්ම දෙයියො ඉන්නෙ කොහෙද දන්නවද...? නෑ.. ඔයගොල්ලො දන්නෙ නෑ.. දෙයියො ඉන්නෙ බාත්රූම් එකේ.."



    "ඈ...."



    "පිස්සු අනේ මෙයාට.."



    "මොනවද පැතුම් මැන්ටල් උත්තර දෙන්නේ..?"



    "දෙයියො කොහෙද බාත්රූම් ගියේ.."



    හැමෝම එපාර පැතුමට වද දෙන්න ගත්තා. පංතියෙන් එළියට යන්න ඔන්න මෙන්න කියලා තියලා මං ආයෙත් නතර වුණා. මේකා තවත් මොනවද කියන්නෙ බලන්න..



    "ඒකනේ කියන්නේ.. උඹලා කිසි දෙයක් දන්නෑ. හැබැයි මේ දේ මාත් දැනගත්තෙ මේ ළගදි. ඒකත් දැඩි ඕනෑකමකින් අහගෙන ඉදලා. හැමදාම උදේට අම්මා බාත්රූම් එකට ගිහින් හුගාක් වෙලා ඉන්නකොට, තාත්ති ලතෝනි ගහනවා.. අනේ දෙයියනේ ඔයා තාමත් බාත්රූම් එක ඇතුලෙද කියලා.."



    කෙල්ලො ටික එක පොදියට හිනාවෙන්න ගනිද්දි මං පන්තියෙන් පැනගත්තා. පැතුමත් කියන්නෙ මාර කතා තමයි. කොරිඩෝ එක දිගේ ඇවිත් මං ඇම්ඩගෙ පංතියට එබුණා. ඒත් ඌ පේන්න හිටියෙ නෑ..



    "පැතුම්..."



    ආපහු හැරෙද්දි මෙන්න ඇම්ඩා, මගේ පිටිපස්සේ. උගේ මූණෙ හිනාව පුරෝලා එකයි. යට හක්කෙ පණුවො කාපු දතකුත් පේනවා.


    "අරකිට ඊයේ මරු වැඩේ තමයි වෙන්න ඇත්තෙ නේද..? ෂිහ්.. මට ඒ දර්ශනේ බලන් ඉන්න බැරි වුණානේ."



    පෙනේද මූ උපාසක බක බක වගේ ඇවිත් මට මොත්තෙ දාන හැටි. අනේ කුණු සංසාරේ.. ඌට ඒ දර්ශනේ බලාගන්න බැරි උනාලු. මට ඇඩෙනවත් එක්ක. පව් අප්පා..



    "කාටද..?"



    "කාටද අහන්නේ..? ඉන්කිට මිසක් වෙන කාටද..? ඒකි අර දාඩිය දාපු ඇදුම් පිටින් මූණකටවත් නොහොද බස් එකේ ගියාම කාටද ආඩම්බර..? මිනිස්සු ඔක්කොම නහයවල් වහගන්න ඇති. අඩුම ගානෙ දෙන්නෙක්වත් සිහිය නැතුව වැටෙන්න ඇති.."



    "ඔව්.. ඔව්.. එහෙම වෙන්න ඇති.."



    අහසටත්, පොළොවටත් ගානක් නැතිව මං කිව්වා..



    "ඕකිට මං දැන් රෙස්පට් එක පෙන්නන්නෙ බෑග් එක පෙන්නලා.. බලමුකෝ.. නලාවට දපනෙ වැටිච්ච නයා වගේ ඕකි එන හැටි.."



    ඇම්ඩා මොනවා කියනවද කියලා මට අගක් මුලක් තේරුණේම නෑ. මේ කතාවෙ කොහේ හරි ඌට පැටලිලා. සමින්දිගෙ බෑග් එක ඉස්සුවහම ඉන්කි අවුල් වෙන්නෙ ඇයි..? මට හිතාගන්න බැරි වුණේ ඒකයි..



    "උඹ මොනවද බං මේ කියවන්නේ..?"



    "උඹට ඊයේ කියන්න බැරි වුණා. මං ඉන්කිගෙ බෑග් එක, උඹේ ට්‍රැවලින් බෑග් එකට දැම්මා. හහ්.. හහ්.. හා.."



    සියලු වාද භේද අමතක කරලා ජාතික සමගිය ඇතිකරන්න වගේ ඇම්ඩා හිනාවෙන්න ගත්තා. ඇත්තමයි... මට මුගේ කට කතහැකි..



    "ඉතිං..?"



    "ඉතිං කියන්නෙ.. උඹ ගෙදර ගියාම හොල්මන් වෙන්න ඇති නේද..? කාගෙද අප්පා, මේ හඩු ගන්දස්කාර බෑග් එක කියලා.."



    "කිසිම හොල්මනක් වුණේ නෑ.."



    "ඈ... ඒ කියන්නෙ බෑග් එකක් තිබ්බෙ නැද්ද..?"



    "තිබ්බා.."



    "එතකොට...?"



    "ඒ බෑග් එක ඉන්කිගෙ නෙමෙයි.."



    "එහෙනම්..?"



    "කොන්වන්ට් එකේ හෙඩ් ප්‍රිපෙට්ගෙ.."



    බලන් ඉද්දිම ඇම්ඩගෙ ඇස් උඩ ගියා. ඕකා මේ තරමට අවුල් වෙනවා මං ඔය දැක්කමයි..



    "බෙකම්..? උඹ ඔය ඇත්තමද කියන්නේ..?"



    "බොරු කිව්වට උඹ තෑගි දෙන්නෑනේ.."



    "ෂහ්... ෂහ්... ෂහ්... මට කොහොමද බං මේ වගේ වස වැරැද්දක් උනේ.. හිතාගන්නත් බෑනේ.."



    "හිතාගනින් පස්සේ.. යකෝ වැරදිලාවත් සමින්දි අක්කා එයාගෙ බෑක් එක හොයලා හොයලා මගේ එක ඇතුලෙත් බැලුවා නම් හෙට, පටි හතම රෝල්නේ.. ඔහොම කඩප්පුලි වැඩ කරන්නෙපා යකෝ..."



    "සොරි බෙකම්.."



    "ඔය සොරිය කොහේ හරි ගහගනින්.. මීට පස්සෙවත් වැඩක් කරනකොට හතර කොන බලලා මාව දැනුවත් කරපං.. පිස්සු කෝච්චිය වගේ යන්නැතුව.."



    ඇම්ඩා ඔලුව කහ කහා මං දිහා බලන් හිටියා. උගේ මුළු මූණම අවුල් වෙලා. උදේ මුලින් දකිද්දි තිබ්බ අවමංගල හිනා කෑල්ලවත් නෑ.. කාට හරි සහලෝලා ගේමක් දෙනවා නම්, උගේ කටේ ඒ රාජකීය හිනාව වරදින්නෙම නෑ. හැබැයි මේ පාර ඌටම තමයි පිස්සු බලු බෙහෙත් බොන්න උනේ..



    "එහෙනම් ඉන්කි කෙල්ල යස අගේට බස් එකේ යන්න ඇති. උඹ කියනවා නම්, උඹ ගාව තියෙන්නෙ සමින්දිගෙ බෑග් එක කියලා.. වැඩේ කොහෙන් පත්තු වෙයිද මංදා.. උඹ දැන් කොහොමද ඒකිට ඕක දෙන්නේ..?"



    "කුණුහරුප අහන්නෙපා.. ඇයි මං මේක ඒකිට දෙන්නේ..? උඹ ගෝවා පැළ කරා නම්, ගෝවා ගෙඩිම කඩාගනින්.. ඇපල් කඩන්න එන්නෙ නැතුව.."



    "පොඩ්ඩක් කේන්ති ගන්නැතුව ඉදපං බෙකම්.. මට පොඩ්ඩක් කොහේ හරි වරදින්න ඇති.."



    "පොඩ්ඩක් නෙමෙයි වස්සො.. සෑහෙන්න වැරදිලා.."



    "එහෙනම් මට බෑග් එක ගෙනල්ලා දීපන්.. කොහොම හරි මං ඒක සමින්දිට දෙන්නම්.. උඹ අදත් ප්‍රැක්ටිස් එනවද..?"



    කරන්න පුළුවන් දහ පදුරා වැඩ ඔක්කොම කරලා දැන් මූ සමන් මලෙන් නාපු එකා වගේ ප්‍රශ්න අහන ලස්සන.. අනේ ඇත්තට මූටත් ඉර හද පායනවනේ..



    "නාලකයා.. මගේ ප්‍රැක්ටිස් එක උඹට මොකටද..?"



    "නිකං බං.. නිකං"



    "නිකං වෙන්න බෑ.. ඇත්ත කියපං.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "උඹ සෑහෙන්න වද කරන හන්දයි මම මේ කියන්නේ.. මං අද නම්, ඉන්කිගෙ බෑග් තඩිය නිච්චියටම උස්සනවා.. ඕකි දහදුක් විදිනවා බලලා මට සැනසෙන්න ඕන.."


    මේ එකක් කරලා දිරව ගන්න බැරිව ඉන්නවා. මේකා තවත් කොඩිවිණයක් කරන්නයි ලෑස්තිවෙන්නේ. මේ පාර මූ, කොන්වන්ට් එකේ, ක්‍රීඩා භාරව ඉන්න මිස්ගෙ බෑග් එක උස්සන් ඒවිද මංදා..


    "නාලකයා.. උඹ ඕන මගුලක් කරගනින්.. හැබැයි ඔය උස්සන් එන අවමංගල භාණ්ඩ, මගේ රෙද්ද අස්සට ගේන්න එපා.. උඹ උස්සන ඒවා, උඹම ගෙදර අරන් පලයං.."


    "එහෙම කියන්න එපා බෙකම්.. අපි හොද යාළුවොනේ මචං.."


    හපොයි මුගේ හොද යාළුකම.. බෝමබයක් බඩේ බැදගත්තු ත්‍රස්තවාදියෙක් එක්ක පවුල් කනවා වගේ තමයි මූත් එක්ක ඉන්න එක..


    "මං උඹට බෑග් එක ගෙනැල්ලා දෙන්නම්..."


    දැල්ලා, බෙල් එකට පත බාන සද්දෙ ඇහෙද්දිම මං කිව්වා අනුන්ගෙ ප්‍රේම කතා මට වැඩක් නෑනේ..


    "මට එපා..."


    "ඇයි.....?"


    "මට ඕන ඉන්කිගෙ බෑග් එක.."


    "කුණුහරුප කියන්න එපා නාලක, ඉන්කිගෙ බෑග් එකක් කොහෙද මගේ ළග..?"


    "ඒක තමයි.. මට සමින්දිගෙ ඒවා වැඩක් නෑ.. ඒවා උඹම බලාගනින්. මගේ ගේම තියෙන්නෙ ඉන්කිත් එක්ක.. ඒකි මාව සහමුලින්ම ඝාතනයට ලක් කලා.."


    බලන්න අප්පා.. මුගේ ගද කතාවෙ හැටි.. සමින්දිගෙ ඒවා මටම බලාගන්නලු. හරියට මං මේ වැඩේ කරා වගේ. තවත් මූත්තෙක්ක ඉදලා වැඩක් නෑ.. මං පංතිය දිහාට ඇවිදගෙන ආවා..



    "මේකගෙ නම්, මොකක් හරි හොරයක් තියෙනවා.."



    "ඔව්.. ඔව්.. ඔව්.. හොර පූසා වගේ ඇස් කරකවන තාලෙන් මටත් කියතැහැකි.."



    පංතියට ඇතුල්වෙන්න හම්බවුණේ නෑ.. මහේල වාදෙ පටන් ගත්තා. කල්හාරත් ඊට එක්කහු වෙලා..



    "ඔයාට කියන්න නිරෝමි.. ඈ... ඔයාට මං කියන දේ ඇහෙන්නෙ නැද්ද..? ඔයා පංති නායිකාව නේද..? ඔයාට කියලා ආත්මයක් තියෙනවා නේද..?"



    පන්සිල් අරන් ඉවරවුණා විතරයි, පැතුම්ගෙ අදෝනාව ඇහෙන්න ගත්තා..



    "මොනවා ගැනද පැතුම් ඔයා කියවන්නේ.. මගේ ආත්මෙ ලස්සනට තියෙනවා.. ඔයා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.."



    නිරෝමි ටිකක් සැරට කිව්වා. කෙල්ලගෙ මූණ අද උදේ ඉදලම හරි නෑ. මගෙත් එක්කත් වැඩිය මූණ දීලා හිනාවුණේ නෑ..



    "අනේ.. සත්තලං කෙල්ලේ... ඔයා ඇයි ඔහොම ඔරවන්නේ.. මං මේ ඔයාටයි, අපේ පංතියෙ ඉන්න සියළුව ස්ත්‍රී පාර්ශවයන්ටයි අමතන්නේ. මං ඇත්තටම කණගාටු වෙනවා ඔයාලා ගැන.. අම්මපා.. මට දුකයි.. හ්..ග්..ග්.. මට ඇඩෙනවා..."



    පැතුම් සැබෑ විදියටම අඩන්න ගත්තා..



    "කියන මගුලක් කියපං.. අන්න චේතනා මිස් එනවා..."



    "හයියෝ... දුකයි.. අපේ ඔය නවෝද් ඉන්නවා නේද..? ඔය නවෝද්.."



    පැතුම් කතාව මග නවත්තලා හැමෝගෙම අවධානෙ ඌ දිහාට ගත්තා. මගේ නම කියවුණා විතරයි කෙල්ලො ටික මං දිහායි පැතුම් දිහායි මාරුවෙන් මාරුවට බලන්න ගත්තා..



    "මේ පන්තියේ.... මේ දොළහා සී පංතියේ මේ තරම් රූප සුන්දරියො වගේ සොදුරු ගෑනු ලමයි ඉන්දෙද්දි, මේ අපේ නවෝද් නොහොත් බෙකම්, දොළහ ඒ එකට රිංගන්නෙ ඇයි..? උත්තරේ ඔයාලටම බාරයි ගෑනු දරුවනේ.. දුක වැඩි නිසා මං නවතිනවා.. අයියෝ.. මට ඇඩෙනවා.."



    පැතුම් කතාව නවත්තද්දිම පංතියෙ හැම කෙල්ලෙක් වගේම මං දිහා බැලුවා. යකෝ මූ කොටියම කන්න එපායෑ.. මූ මොකක්ද මේ කිව්ව කඩප්පුලි කතාව.. හැම ඇහැක්ම මග ඇරලා මං නිරෝමි දිහා බැලුවා. ඒ දිග ඇස්වල තිබෙබෙ තරවටුවක්. හරියට නිකං දග වැඩ කරලා අහුවෙන්න එපා කියනවා වගේ. ඒ එක්කමයි චේතනා මිස් පංතියට ආවේ..



    *************************************



    පීරියඩ් එකෙන් පීරියඩ් එක ගෙවිලා ගියා. ආයේ හාවක් හූවක් නෑ... වැඩම තමයි.. දෙපැත්තෙ පංති දෙකත් මීක් සද්දයක් නෑ. හැමෝම ගජරාමෙට වැඩ... අන්තිම පීරියඩ් එකට කලින් අපිට තිබ්බෙ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක. ඒ පීරියඩ් එකේදි කොල්ලො කෙල්ලො කවුරුවත් සිංහලෙන් කතා කරන්නෙ නෑ. ඒකට එක්තරා හේතුවක් තිබුණා. ඉංග්‍රීසි වලට අපට හිටියෙ ජයමාන්න මිස්. එයාගෙ කටේ නිතරම තිබ්බ වචනයක් තමයි ඇක්චුවලි කියන එක. කොටින්ම එයා මුළු දොළහ වසරෙම ෆේමස් වෙලා හිටියේ මිසිස් ඇක්චුවලි කියලා. අන්න ඒ මිස් අපි හැමෝටම තහනම් නියෝගයක් දාලා තිබුණා. ඉංග්ලිෂ් පීරියඩ් එකේදි සිංහල කතා කිරීම තහනම් කියලා.



    ඔන්න ඉතිං ජයමාන්න මිස් පංතියට ඇවිත් නැචුරල් ඩිසාස්ටර්ස් ගැන මොනවදෝ අප්‍රබංශ වගයක් කියවගෙන යනවා. මේ ලෝක බලු බල්ලෙකුට තේරෙන්නෙ නෑ. ඒ අතරේ නිදිමත කියන්නෙ, කට කපලා එකයි. මොන රෙදි හැට්ටෙ ඇන්දත් ඒක මග ඇරෙන්නෙ නෑ. ආත්ම ගණනාවක් තිසේසෙ පතාගෙන ආපු නිදිමතක්ද කොහෙද..?



    මගේ ළගම හිටියෙ පැතුමයි, මහේලයි. පැතුම්ගෙ මූණ අමුතුවෙනවා මං නිදිමතේ දැක්කා. උගේ ඇස් හීනිවෙලා, හීනිවෙලා, හිනිවෙලා ගිහිල්ලා අන්තිමට පියවුණා. යකෝ මූ පලු පැලෙන්න බදි නේද..? ටිකකින් පැතුමා, නින්දෙන් ඇහැරිලා, ඌ උගේම අතක් කොනිත්ත ගන්නවා මං දැක්කා. පේන් විදියට මූට නම් නිදිමත් උත්සන්න වෙලාද කොහෙද..? කොහොම උනත් ඌ උගේ අතත් කොනිති ගහගෙන, එහා පැත්තෙ ගොරව ගොරව නිදාගෙන ඉදපු මහේලගෙ අතත් කොනිත් ගහන්න ගත්තා. අන්න ඒකෙන් තමයි වැඩේ අලම උනේ.. ජයමාන්න මිස්, කන්නාඩි කූට්ටම යටින්, ඇස් දෙක එළියට දාලා පැතුම් දිහා බැලුවා.



    "නව්... ලුක් ඇටි හියර්... මයි ඩියර් චිල්රන්.. ඇක්චුවලි.. ආ.. හේයි.. වට් ආ යූ ඩුයින්.."



    ජයමාන්න මිස්ගෙ කටහඩට, මෙච්චර වෙලා අඩ නින්දෙ හිටපු කීපදෙනෙක්ම උඩ ගිහින් බිම වැටුනා. ඒ හැම එකාම හිතුවෙ මිස් කතා කරේ තමන්ට කියලා..



    "ස්ටෑන්ඩ් අප්..."



    "බෙකම්..? මිස් ඇක්චුවලි කාටද බනින්නේ..?"



    දෙයි හාමුදුරුවනේ... මූ වගේ කිරි සප්පයෙක්.. මාතලි දිව්‍ය රාජයා වගේ ජයමාන්න මිස් ඉනට අත් දෙක ගහගෙන මේ පැත්ත බලන් ඉන්නවා. මේකා මගෙන් අහපු කඩප්පුලි කතාවක හැටි බලන්නකෝ..



    "හේයි.. මෑඩ්නස්.. අයිම් ටෝකින් ටූ යූ.. ඩිඩ්න්ට් යූ හියර් මී.."



    ජයමාන්න මිස්ට ඉංග්‍රීසි බඩයන්න ගත්තා. පැතුමා, තාමත් මගේ දිහාට හැරිලා.. ඌ උගේ අනාගතේම විනාස කරගන්නයි යන්නේ.. කරන්න දෙයක් නැතිකමට මං බිම බලාගත්තා.



    "යකෝ... මිස් ඇක්චුවලි මට මොනවද කියන්නේ..?"



    "උඹට හිනාවනේන ලු.."



    මහේලයා කියපු කතාවට මට හිනායන්න ආවත් මං හිනාව තද කරගත්තා..



    "හත්තිලව්වෙ.. මං හිතුවෙ මට බනිනවා කියලා.. එහෙනම් මං හිනාවෙන්නද බෙකම්..?"



    "මගෙන් අහන්නෙපා යකෝ, මාවත් නැගිට්ටවයි.."



    "හේයි.. හේයි.. පවට් ඉස්ද ෆනි..? ඇක්දුවලි වට් ආ යූ ඩුයින් හිය..? යූ වෙස්ටඩ් ද ගෝල්ඩන් ටයිම්.. මෑඩ් බොයි.."



    "සෑහෙන්න කියවනවනේ බං.."



    "ඔව්.. උඹ හිනාවෙන්නෙ නැතුවට තරහා ගිහිල්ලා.."



    ටිකකින් පැතුම්, ගල් ඉන්න වගේ කෙලින් වුණා. ඊට පස්සෙ ඌ මිසිස් ඇක්චුවලි දිහාට ආදරණිය බැල්මක් හෙලාලා හිනාවනේන ගත්තා..



    "හ්බ්... ග්ග්.. ආ... ආ.. බෑ.. බෑ.. ම්හ්.. හ්ප්.."



    මුළු පංතියම හිනා සාගරයක් වෙද්දි ජයමාන්න මිස්ගෙ ඇස් දෙක නළලටම ගියා..



    "ඒ ළමයට මොකද වෙලා තියෙන්නේ..? කතා කරන්න බැරි ළමයෙක්ද..? මේ පංතියෙ ගොලුවොත් ඉන්නවද..?"



    ජයමාන්න මිස් ඇහුවෙ, ළගම හිටපු නිරෝමිගෙන්.. හැබැයි ඒ පිරිසිදු සිංහලෙන්.. පැතුම්ගෙ අංග ලක්ෂන හන්දා ඉංග්‍රීසි මිස්ටත්, ඉංග්‍රීසි අමතක වෙලා...



    "මිස් කියලා තියෙනවනේ, සිංහලෙන් කතා කරන්න එපා කියලා.. පාඩම වෙලාවෙදි ඒකයි.."



    "හයියෝ.. මේ වගේ පිස්සු ළමයෙක්.. ඇක්චුවලි... ටෙල් මී.. ඔය ළමයා කියන්න.. වට් ඉස් ද නැචුරල් ඩිසාස්ටර්ස්.."



    මට පේන විදියට නම්, මිසිස් ඇක්චුවලි අද පැතුමව වළදයි වගේ..



    "බෙකම්... මෙයා මොනවද මේ අහන්නේ..? මට කුනුහබ්බෙන් බනිනවද..?"



    "නෑ.. උඹ දවල්ට කන්නෙ මොනවද කියලා අහනවා.."



    "අම්මපා.. සීදේවී මිස් කෙනෙක් බං.. එක්කො කඩෙන් කනවා.. නැත්නම් ගෙදර ගිහිල්ලා කනවා.."



    පැතුම්ගෙ කතාවට කෙල්ලො, කොල්ලො ආයෙම හිනාවෙන්න ගත්තා. ඒත් ජයමාන්න මිස්ගෙ එක බැල්මකින් ඒ හැම හිනාවක්ම යටපත් වුණා..



    "වට් නොන්සන්ස්.. මං කෑමක් ගැන ඇහුවෙ නෑ.. උගන්වන වෙලාවෙ හොදටම නිදි..? හ්ම්.. කියනවා බලන්න, ඊයෙ පෙරේදා සිද්දවුණ නැචුරල් ඩිසාස්ටර් එක මොකක්ද කියලා.."



    හප්පට සිරි.. ඇදලා ඇරියා නේද තුන් මුනින් බේරිලා යන්න.. ඒත් පැතුමා අවුල් වුණේ නෑ.. සිංහල හෙළ විරුවෙක් වගේ මිනිහා කද කෙලින් කරගත්තා..



    "හරියටම කියන්න බෑ මිස්."


    "ඇයි...?"



    "ඒක කොහොමටවත් හරියට කියන්න බෑ.."



    "මං අහන්නෙ ඇයි කියලා..."



    ජයමාන්න මිස් තනිකරම සිංහලට පෙරළිලා..



    "මං නිදාගෙන හිටපු වෙලාවෙ උනාද දන්නෙ නෑනේ මිස්.."



    පැතුම් කිව්වෙ, පංතියෙ හැමෝම හිනාවෙද්දි.. අපි හිතුවෙ මිසිස් ඇක්චුවලිට ලෙල්ලටම තදවුණා කියලා.. ඒත් මිස්ගෙ මූණට පුංචි හිනාවක් ආවා..



    "ඇක්චුවලි.. යූ ආ මෑඩ් බෝයි.. බට් අයි ලයික් යූ වයිල්ඩ්.."



    මිස් කතන්දරේ එතනින් නතර කරලා, හෙමින් සීරුවෙ පාඩම දිගටම කරගෙන ගියා..


    "මචං.. මිස් බැදලද..?"



    ජයමාන්න මිස් පංතියෙන් එළියට ගියා විතරයි.. ඔන්න කොල්ලන්ගෙ කටවල් ඇරුණා.



    "ඇයි..?"



    "ඇයි අහන්නේ... කැත නැතුව මූට ලයික් කිව්ව හැටි බලපංකෝ.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ඕකට තමයි කියන්නෙ ගුරු ගෝල ශිෂ්‍ය සම්බන්ධය පිලිබද මානව වර්ගීකරණය කියලා.."


    කතාව ටිකෙන් ටික සම්භාව්‍ය වෙද්දි කල්හාර මැද්දට පැන්නා. ඌ කොහොමත් සම්භාව්‍ය දේවල් වලට කැමති නෑ..



    "කොහොමත් මූත් එක්ක හිටියොත් නම් අපිටත් නාන්න වෙනවා.. කසාද බැදිල්ල කෙසේ වෙතත්.."



    "අන්න.. අන්න.. කල්හාරයා උඹට වැරදිච්ච තැන.. ඇත්ත වශයෙන්ම.. නෑ මචං.. මොකක්ද අර වචනේ හරි.. ඇක්චුවලි මට උඹලා ගැන කණගාටු හිතුනා.. කොටින්ම, සාගතකාරයෝ වගේ නිදිමත වෙච්චි උඹලගෙ ඇස් දැක්කාම, අර සුන්දර ගෑණු ලමයින්ගෙ කටවල් දෙපැත්තෙන් ගලපු කුණුකෙල ගංගාව දැක්කාම, මට සතර පෙර නිමිති වලින් දෙකක්ම පෙණුනා. ඒකයි.. මං උඹලව යමිකිසි උත්තේජනයකට භාජනය කලේ.. උඹල දැන් මට බොරුවට කෑගහනවා. ෂිහ්... විලි ලැජ්ජාවයි යකෝ.. ඔහොමද මනුස්සකන් දන්න මනුස්සයෙකුට සලකන්නේ..?"



    "ක... කවුද කුණුකෙල පෙරුවේ..?"



    පැතුම්ගෙ කතාවට ඉස්සෙල්ලම ප්‍රතිචාරෙ පෙන්නුවෙ නෙහාරා.. බොලේ.. ඒකිගෙ ඇස්දෙක රතු වෙලා නේද..?



    "නෑ.. සත්තලං.. මං ඔයාව සිහිපත් කරගෙන එහෙම කැත වචනයක් කිව්වෙ නෑ.. ඔය ශ්‍රී මුඛයෙන් ගලන්නෙ ආස්‍රත ජලයනේ.. නහය බ්රුස් ගාලා උඩට ඇද්දහම යන්නෙ, දෙකේ දෙකේ කොල පාට ඉදිආප්ප වැල්නේ.."



    "චීයියා...."



    කොල්ලො ටික ආයෙත් හිනාවෙන්න ගනිද්දි නෙහාරා අනිත් පැත්ත බලාගත්තා..



    "නවෝද්..."



    ඉස්කෝලෙ ඉවරවෙන්න තව එක පීරියඩ් එකයි තිබ්බේ. ඒ පීරියඩ් එක අයිති වුණේ හේමන්ත සර්ට.. දැල්ලා පටෝං ගාලා බෙල් එක ගහලා විනාඩි හත අටක් ගියහමයි කොහොමත් එයා පංතියට ආවෙ. ඔන්න ඔය පුංචි කාල සීමාවෙදි තමයි මට නිරෝමිගෙ කටහඩ ඇහුණෙ.



    "ඇයි.. නිරෝමි..?"



    "දොළහා ඒ පංතිය ඇතුලෙ ඔයාට තියෙන වැඩේ මොකක්ද..?"



    නිරෝමිගෙ මූනෙ තිබ්බෙ තනිකරම ප්‍රශ්න පත්තරයක්.. ඒත් මගේ හිතට ඇවිත් තිබ්බෙ මොකක්දෝ නොරිස්සුම් සහගතබවක්..



    "ඇයි අහන්නේ..?"



    "ඔයා ඔයි තරම් නපුරු වෙන්න එපා නවෝද්.. මං අහපුදේට උත්තර දෙන්න.."



    "ඔයා පංතියෙ ලීඩර් උනා කියලා මං හැමදේම කියන්න ඕනද...?"



    "මං හැමදේම ඇහුවෙ නෑනේ නවෝද්.. ඔහොම දෙයක්වත් අහන්න අපි අතරෙ යාලුකමක් නැද්ද..? ඔයා මට සලකන්නෙ ඔහොම නම්, අපි මේ එකට හිනාවෙලා සන්තෝසෙන් ඉන්නෙ බොරුවටද..? ඒක උඩින් මවාගත්තු දෙයක් විතරද..?"



    හප්පොච්චියේ කෙල්ල සීරියස් වෙලා.. ඔන්න ඕක තමයි කෙල්ලන්ගෙ තේරුම් ගන්න අමාරු දේ.. ඇයි හත්වලාමේ, අපි සීරියස් වෙනකොට උං නෝමල් වෙනවා. උං සීරියස් වෙනකොට අපි නෝමල් වෙනවා..



    "සොරි නිරෝමි හිත රිදුනා නම්.. මං ඒක හිතලා කිව්වෙ නෑ.."



    එතනින් එහාට මුකුත් කතා කරන්න හම්බවුණේ නැත්තෙ හේමන්ත සර් පංතියට ආපු හින්දා. නිදිමතයි, හිතේ අමාරුවයි දෙකම ඉවර කරගෙන තිබ්බ හන්ද, අමාරුවක් නැතුව ඒ පීරියඩ් එක ඉවර කරගන්න පුළුවන් උණා..



    ෴මතුසම්බන්ධයි෴

    | PDF ආකාරයට ලබාගන්න |

     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    මචන්, උබට නම් පට්ටම අදහස් තම තියෙන්නේ,, අනේ රත්තරන් මේවා ඉක්මනටම දාපන්කෝ,,මට ඉවසගෙන ඉන්න බේ ඕන්