♥ සොදුරු නවෝදය ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-06.jpg



    06

    සෙනසුරාදා, ඉරිදා දවස් දෙක මහා අපත තාලෙට ගෙවිලා ගියා. ෆුට්බෝල් ෆැක්ටිස් කරන්න ග්‍රවුන්ඩ් එකට ගියත් ඉන්කිවත්, සමින්දිවත් මං දැක්කෙ නෑ. ඉන්කි කෙසේ වෙතත් සමින්දි නම් එන්නැත්තෙ ලැජ්ජාවට වෙන්න ඇති කියලා මං හිතාගත්තා..




    බදාදා රාහුලෙත් එක්ක පළවෙනි මැච් එක තියෙන හන්දා මමයි, ටීම් එකේ අනිත් කොල්ලො ටිකයි සෑහෙන්න මහන්සි වෙලා ප්‍රැක්ටිස් කලා. මේ වාරෙ පළවෙනි මැච් එක අනාගත්තොත් ඉදලා වැඩක් නෑ.



    "අරකා කිසිම ඕන කමකින් ප්ලේ කරලා තිබ්බෙ නෑ බෙකම්.."



    නිවාඩු පාඩු වෙලාවෙ හති අරිනකොට බලයා මට ලංවෙලා කිව්වා. ඌ හිටියෙ මූණ හොදටම හතරැස් කරගෙන..



    "කවුද පෙත්තාවඩුද..?"



    "හ්ම්.."



    මට එච්චරයි අහන්න උනේ, කුණාටුවක් එනවා වගේ පිඹගෙන පෙත්තාවඩු අපි ළගට ආවා..



    "උඹ මොනවද බෙකම්ට කිව්වේ..?"



    ඌ ඒක චමිල්ගෙන් ඇහුවෙ ගහගන්න වගේ..



    "මමයි, බෙකමුයි කතා කරන ඒවා උඹට කියන්න ඕන කියලා මං දැනගෙන හිටියෙ නෑ නේ.."



    මහා නෝන්ඩි තාලෙට හිනාවක් දාලා බලයා කිව්වා..



    "උඹයි බෙකමුයි ඕන මගුලක් කතා කරගත්තට මට කමක් නෑ.. හැබැයි කේලම් කියන්නෙ නැතුව.."



    "මොනවද ඩෝ... උඹ කිව්වේ..?"



    "ඇයි කියපුවා ඇහුණෙ නැද්ද..?"



    බලයයි, පෙත්තාවඩුයි තව ටිකකින් මෙතන මරා ගන්නවා. ඒක අපේ ටීම් එකට වගේම ග්‍රවුන්ඩ් එකටත් හොද නෑ. මං කතාව මැද්දට පැන්නා..



    "චමිලුයි, මමයි කතා කරන එප උඹට ප්‍රශ්නයක්ද..?"



    පෙත්තාවඩුගෙන් මම මූණටම ඇහුවා..



    "න්... නැහ්.."



    "එහෙනම් පාඩුවෙ පැත්තකට වෙලා ඉදපං, නටන්න එන්නැතුව. අනුන්ගෙ කටවල් දිහා බලන් නැතුව හරියට ප්‍රැක්ටිස් කරපං.. බදාදා මැච් එක.."



    "මං දන්නවා.."



    පෙත්තාවඩු ඒ ටික කිව්වෙ අලි ඔලුවෙන්. උගේ කන රත්වෙන්න දෙකක් දෙන්න හිතුණත්, මේ වැඩ වලදි ඉවසීම අනිවාර්‍යය අගයක් වෙන්න ඕන කියලා මං හිතාගත්තා. නැතිනම් සෝමතිලක සර් උනත් හිතයිමට ටීම් ඒකේ කොල්ලොත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බෑ කියලා..



    "නියමයි බෙකම්.. ඔන්න ඔහොම තමා ගදයොන්ට කතා කරන්න ඕන.."



    ප්‍රැක්ටිස් කරන්නෙත් නැතුවම පැවිලියන් එක පැත්තට ඇවිදගෙන යන පෙත්තාවඩු දිහා බලාගෙන බලයා කිව්වා..



    "ඌ නිතරම කොක්ටමයි එන්න හදන්නේ.. මොකක් නමුත් අවුලක ඌ ඉන්නේ.."



    "අවුල තමයි කැප්ටන් කම බං. ඌ බලන් ඉන්නෙ, සුදු රෙද්දක ඔතලා ලස්සනට උගේ අත් දෙක උඩින් සෝමතිලක සර් ඒක තියයි කියලා.."



    "මං නැතත් ඌට කැප්ටන්කම දෙන්න සෝමතිලක සර්ගෙ මොලේ කොලොප්පන් වෙලා නෑ.. වරෙන් අන්තිම රවුන්ඩ් එක ගහමු.."



    ප්‍රැක්ටිස් ඉවරවෙලා සෝමතිලක සර්ව හම්බවුණා. සර් නම් බුදු ෆිට් එකේ හිටියෙ අපිට රාහුලෙන් මැච් එක ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා.. මටත් ඒ විශ්වාසය තිබ්බා.. ඒත් පෙත්තාවඩු වගේ වහුකුනෙක් එක්ක ෆුට්බෝල් වගේ සාමූහික ක්‍රීඩා කරලා ජයගන්න ඕන ක්‍රීඩාවක් කරගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මට තිබ්බා. ඒත් මං ඒ කිසිම දෙයක් සෝමතිලක සර් එකක් කියන්න ගියේ නෑ..



    *********************************



    කොලෙජ් ලේන් එකට මෙහායින් තිබ්බ වැලි පාරට මං බයිසිකලේ හැරෙව්වෙ ටිකක් කලින් ඉස්කෝලෙට යන්න. මොකද අද මිසිස් ඇක්දුවලි ඉංශ්‍රීසි ඩික්ටේෂන් ගන්නවා කියලා කලින් දවසක පැහැදිලිවම කියලා තිබුණා. අද ෂුවර් එකටම අපේ පංතියෙ යම යුද්ධයක් වෙනවා. කොල්ලො කෙල්ලො ටික මෙලහකටත් පොත් පෙරලගෙන කට පාඩම් කරනවා ඇති..



    "ඒ කියන්නෙ උඹට බෑ..."



    කොලෙජ් ලේන් එකේ ඉස්කෝලෙ ළගම තියෙන වංගුවෙන් මතුවෙනකොටම මට ඇහුණෙ චතුරංගයගෙ කටහඩ.. උගේ ළගම හිටිය ලස්සන පුංචි නංගි කෙනෙක්.. ඒ කෙල්ල හෝ ගාලා අඩනවා..



    "ම.... ම.. මං කැමති නෑ අයියේ.."



    "ඇයි උඹ කැමති නැත්තේ.. බලපං.. මං ලස්සන නැද්ද..? මේ ඉස්කෝලෙ මං කොච්චර ජනප්‍රියයිද..? ඕන එකෙක් මාව දන්නවා. උඹේ අර කෝටුකිතයියට වැඩිය මං කොයි තරම් හොදද..?"



    මොකක්ද යකෝ මේ හැන්සාඩ් වාර්ථාව..? චතුරංගයා ඌ ගැනම අඹ වර්ණනාවක් ගහගන්නේ.. කවුද මේ ඌ ළග දෙකට නැමිලා ඉන්න බටු ඇටේ..?



    "ම.. මට එපා එ.. එයා හොදයි.."



    "හොදයි..? මං උඹට දෙන්නෙ කණ පැලෙන්න. බැල්ලි. මං උඹට මේ අන්තිම හොදින් කියන්නේ.. මං උඹලට මේ ඉස්කෝලෙ ඉන්න දෙන්නෙ නෑ.. මට අදම උඹෙන් උත්තරයක් ඕන.. මේ දැන්.."


    චතුරංග අර පුංචි කෙල්ලට ගහන්න පැන්නා. ඒකි පණ බයේ පැත්තකට උණා. ඒ වෙද්දි මගේ ඔලුවට මේ විකාශනය වෙන සංස්කෘතික වාර්ථාමය චිත්‍රපටයේ කතා සාරාංශය මතක් වෙලයි තිබුණේ. මේක මේ හෙණ පැරණි කතාන්දරයක්. ආයෙත් අලුත් සී.ඩී වල ගහලා.. අපි රැවටෙයි ඕවට...



    "මං.. මං ප්‍රින්සිපල් සර්ට කියනවා.."



    "කියලා තිබ්බොත් මං අද දවල් වෙද්දි මිලාන්ව මහ ඉස්පිරිතාලෙට යනවනවා.. තේරුණාද..?"



    කෙල්ලගෙ ඇස්වලින් හෝ ගාලා කදුළු කඩන් පැන්නා. පව් අප්පා.. දුක කියන්නෙ පෙට්ටියෙන් එකයි.. තවත් බලා සිටීමේ ප්‍රීතියක් නැති හන්දා මං මේ ධාරානිපාත වර්ෂාව මැද්දට පනින්න තීරණය කලා..



    "චතුරංග.."



    මං කෙලින්ම ගියේ චතුරංගයි, අර කෙල්ලයි මැදට.. මාව දකපු ගමන් උගේ ඇස් දෙක මැලේසියන් රඹුටන් ලොද දෙකක් වගේ ලොකු උනා. මං කෙල්ල දිහාත් හොදට බැලුවා. එහෙනම් මේ ප්‍රියාවිය තමයි අර දහය වසරෙ මිලාන්ගෙ හිත ගත්තු පිංවන්තිය..



    "බෙකම්.."


    "උඹ මොකක්ද මේ කරන්නේ..?"



    "ඇ.. ඇයි...?"



    "ඇයි කියලා අහන්නේ..? මං උඹට එදත් කිව්වා.. මේ වැඩේ කරන්න එපා කියලා.."



    "බෙකම් උඹ මේකට අත දානන් එපා.."



    "අත නොදා බෑ.. නිලංකා කියන්නෙ මගේ නංගි කෙනෙක්.. ඒක මං උඹට මේ ආයෙත් මතක් කරන්නයි හදන්නේ.. නිලංකා ඔයා ක්ලාස් එකට යන්න.."



    පුංචි කෙල්ලට මං කෙලින්ම කිව්වා. මං කියපු දේ අදහාගන්න බැරිව වගේ, ඒකි මං දිහා බැලුවා. සමහර විට ඉෂ්ඨ දේවතාවක් වගේ ඉස්කෝලෙ ඉන්න ජනප්‍රියම කොල්ලා ඇවිත්, තමන්ව ආරක්ෂා කරපු එක ඒකිට වාවගන්න බැරි වෙන්න ඇති.. පපුව පැලෙන්න ඇති..



    "කිව්වම අහලා ක්ලාස් එකට යන්න.."



    තාමත් ගල්වෙලා බලන් ඉන්න නිලංකා දිහා බලලා මං සැර කලා. කෙල්ල පොත් මිටියත් තුරුළු කරන් පණ එපා කියලා ඉස්කෝලෙ පැත්තට දිව්වා.



    "මේකට උඹට සෑහෙන්න වන්දි ගෙවන්න වෙයි බෙකම්.."



    චතුරංගගෙ ඇස් දෙක දිලිසුනා. ඌ පුළුවන් නම් ඒ ඇස්වලින් මාව පුච්චාවි..



    "කටින් විතරක් නෙමේ ක්‍රියාවෙනුත් ඒක පෙන්නපන්.."



    "ඔව්.. මං ඒක කරනවා.."



    "පුලුවන් දෙයක් තියෙනවා නම් කරපං.. හැබැයි දෙකයි පනහෙ වැඩ නම් කරන්න එපා.. එහෙම උනොත් උඹට බාස්කට් බෝල් කෝඩ් එක ඇතුළෙදිම මං ගේම දෙනවා.. මතක තියාගනිං.. උඹ වගේ නෙමෙයි.. මේ බෙකම් කිව්වොත් කිව්වා.. වැඩිය දැගලුවොත්, දහය වසරෙ කොල්ලන්ට කියලයි උඹට නෙලන්නේ.."



    චතුරංග මුකුත් කිව්වෙ නෑ.. ඌ ගල් උනා කියලා මට තේරුණා. මූත් අර පෙත්තාවඩු වගේ තමයි. කට විතරයි. පරාණ බයයි ෆේස්ටු ෆේස් එන්න..



    "උඹ මට බාස්කට් බෝල් කෝඩ් එකේදි මොනවා හරි කලොත්, මං උඹට ග්‍රවුන්ඩ් බහින්න දෙන්නෙ නෑ.."



    "මං උඹට මුකුත් කරන්නෙ නෑ.. උඹ ඉස්සර උනොත් තමා මං ඉස්සර වෙන්නේ.."



    "බලමු..! උඹට රාහුලත් එක්ක මැච් එක බදාදානේ.."



    "උඹ මොනවා කරන්නද..?"



    "කරන දේ එදාට බලපං.."



    චතුරංග කිව්වෙ අමුතු විදියට. මේ වහුකුණා මට මොනවා කරන්නද..? ඕන නම් ග්‍රවුන්ඩ් එක අයිනට ඇවිල්ලා නරියෙක් වගේ හූ කියයි. එච්චරයි.. වෙන මුකුත් ඌට කරන්න බෑ.. චතුරංගයා එතන ඉද්දිම මං ඉස්කෝලෙට ඇතුල් වුණා. බාස්කට් බොල් කෝඩ් එකේ කොල්ලො ප්‍රැක්ටිස් කරනවා. උංගෙන් හුග දෙනෙක් මං දන්නවා..



    පංතියට ඇතුල්වෙද්දිම මං දැක්කෙ නෙහාරයි, මහේලයි බර කතාවක් දාගෙන ඉන්න හැටි. නෙහාරා දවස් දෙකක්ම ඉස්කෝලෙ ආවෙත් නැති හින්දා මං පොත් ටික තියලා උන් දෙන්නා ළගට ගියා..



    "නෙහාරා.. මොකද උනේ..?"



    මහේලගෙ මූණත් ඒ තරම් සුවබර තත්වයක නෑ. නෙහාරා උනත්

    අඩන්න බැරි කමට හිටියේ..



    "අ.. අනේ නවෝද්.. අමල් මාත් එක්ක හොදටම තරහ වෙලා.."



    "ඉතිං..?"


    "ඉතිං කියන්නෙ බං.. නෙහාරා හොදටම අප්සට් වෙලයි ඉන්නේ.. උඹට පෙන්නෙ නැද්ද..?"



    ඔන්න... ඔන්න ගාල කඩාගත්තු ගොන් වස්සා වගේ මහේල පැන්නා.. මූට මොකක්ද හත්තිලව්වේ නෙහාරා ගැන මේ තරම් පපුව උනුවෙන රෝගෙ..



    "මට පේන්නෙ නෙහාරට වැඩිය උඹට අප්සට් වෙලා වගේ.. මොකක්ද නෙහාරා උනේ..?"



    "අමල් හිතන් ඉන්නෙ මං මහේල එක්ක යාළුයි කියලා.. එදා මගේ ඉස්සරහා මහේල එයාට ගැහුවනේ.. එයා අහන්නෙ ඇයි මං මහේලට හැහුවෙ නැත්තෙ කියලා.."



    "ඒක මාර කතාවක්නේ.. ඇයි ඔයා මහේලට ගහන්නේ..?"



    මේවා මොන හතරබීරි කතාද අප්පා.. උපන්තේකට මම නම් අහලා නෑ.. මේ අද ඇහුවට..



    "මම එයාට ආදරේ නම්, ඒක කරන්න තිබුණලු.."



    "ඉතිං අමල්ට තිබ්බනේ එදා මහේලට ගහන්න.."



    "මාත් කිව්වා.. ඒත් එයා එහෙම කරා නම්, ඔයාලා දෙන්නයි මායි එකතුවෙලා එයාට ගහයිලු.."



    හත්තිලව්වේ.. ඒකා තණකොළ ද මංදා කන්නේ. මොන කුණුහරුප කතාවක්ද ඒ...?



    "මෙහෙම කිව්වට තරහා වෙන්න එපා නෙහාරා.. ඌ වගේ බත්බරියෙක් ඔයාට මොනම විදියකින්වත් මැච් වෙන්නෙ නෑ. ඔයාට සසර වසනා තුරාවටම දුක් විදින්නයි වෙන්නේ.."



    "මට අමල්ව අමතක කරන්න බෑ නවෝද්..."



    "ඇයි එකා ඔයාට වශී ගුරුකමක්වත් කලාද..? නිකං පිස්සු නටන්නැතුව ඉන්න නෙහාරා... ගැළපෙන්නෙ නෑ කියලා දැන දැනම ජරා ගොඩක් බදාගන්න එපා.. මේ වෙලාවෙ ඔයාට ලොකු දුකක් දැනෙයි.. අමල්ගෙන් අයින් වෙන එක ගැන.. ඒත් ඒක අනාගතයෙදි ඔයාට ලොකු සහනයක් වෙයි.. කොයි තරම් ආදරේ උනත් අපි ඉස්සරහා අමල් ඔයාට කතා කරපු හැටි මතක නේ ආ..?"



    "ඔ.. ඔව්.."



    "එහෙනම් එච්චරයි..."



    තවත් නෙහාරා එක්ක කතා කරන්න දෙයක් මට තිබ්බෙ නෑ.. මේ වගේ දැනුම් තේරුම් තියෙන වයසකදි ජීවිතේ ගැන පුංචි තීරණයක් ගන්න බැරිනම් එයාගෙ ඔය හැදිමිටේ දිගට තියෙන ගෑණු මොලෙන් කිසි වගතුවක් නෑනේ. කොයි තරම් හිත අමල් දිහාට ඇදෙනවා උනත්, තමන් තේරුම් ගන්න ඕනෙනේ.. මේ යකා එක්ක ජීවත් වෙන්න පුළුවන්ද කියන එක..



    "බෙකම්.. මූ මොකද එදා ප්‍රයිඩ් රයිස් දන්සැලට ආවෙ නැත්තේ..? උඹ මූට සුහද සිතින් විවෘත ආරාධනයක් කලා නේද..?"



    මායි, මහේලයි ඩෙක්ස් පේලිය ළගට යද්දි පැතුම් ඇහුවා. මත් දැනුයි මතක් වුණේ.. මහේල එදා සමින්දිගෙ දන්සැල මග ඇරියා කියලා..



    "ආරාධනා කලා නම් තමයි.. මුගේ කැතකමට මූ ආවෙ නෑ පැතුම්.. අච්චර ගල් කාෂ්ඨක ඇම්ඩත් ආපු එකේ.. මූ ආවා නම් හෙන වදිනවද..?"



    "බෙකම්.. මං එදා නොගිහින් බැරි ගමනක් ගියා බං.."



    "ඒ කියන්නෙ නොඑන ගමනක්ද..? නිකං පලයං බං යන්න.. බෙකම් එන්න කිව්ව නම් මොන අවයවේ ගැලවුනත් අපි නම් යනවා.. උඹ මහා පාප මිත්‍රෙයක් බං.. කොහොමද උඹලව විශ්වාස කරලා වැඩක් කරන්නේ..? "



    පැතුම්ගෙ ගල්, මුල් වාගේ ප්‍රහාරක වචන ඉස්සරහා මහේලට කර කියාගන්න දෙයක් නැතිවුණා..



    "ම.. මං.. මං නෙහාරව බලන්න ගියා.."



    "මොකක්..?"



    ඒ ප්‍රශ්නෙ මායි පැතුමයි ඇහුවෙ තරගෙට වගේ.. මූ මොනවද බං මේ දොඩවන්නේ..? මං මගෙන්ම අහගත්තා..



    "ඔව් බෙකම්.. එදා සිද්ධියෙන් පස්සෙ දවස් දෙකක් එයා

    ඉස්කෝලෙ ආවෙ නෑ.. මගේ හිතට මහා වදයක් වගේ ඒක දැනුනා. ඒකයි මං ගියේ.."



    "යකෝ.. පිස්සු නටනවා කියලා ඔහොමත් හාල්පාරු වැඩ කරනවද..? ෂිහ්.. ඇත්තට උඹ වගේ එකෙක් නම් ලොවෙත් නෑ.."



    "ඒකිගෙ දුක සැප බලන්න කොල්ලෙක් ඉන්නවා කියලා තෝ එදා දැනගත්තේ.. දැන් උඹ ගියේ ඒකිගෙ මොන අල මාලුව බලන්නද..? අනික ඒකි හැම තිස්සෙම මට අමල් ඕනා.. මට අමල් ඕනා කියලා මතුර මතුර ඉන්න එකේ.. අම්මපා උඹට විලි ලැජ්ජාවක් කියලා නාමයක් ගෑවිලාවත් තියෙනවද..?"



    මායි, පැතුමයි දන්න කියන හැම වචනෙකින්ම මහේලට බැන්නා. ඇහැට කනට පේන්න හිටියට ඌ කරොත් කරන්නෙ, මලාට හරියන්නැති වැඩම තමයි.. එතනින් එහාට කතාව සමාප්ත වුණේ ඉස්කෝලෙ පටන් ගත්තු හින්දා. ඒත රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ව්‍යාවහරික විද්‍යාව, ශුද්ධ ගණිතය අතරේ කාලය ගෙවිල යද්දි, මායි, පැතුමයි මහේලයට ඇතිවෙනකල් බැනලා හිත සැහැල්ලු කරගත්තා. එදා දවසෙ අන්තිම පීරියඩ් එක වැටිලා තිබ්බෙ ඉංශ්‍රීසි. මුළු පංතියෙම කොල්ලො කෙල්ලො දැනගෙන හිටියා අද ජයමාන්න මිස් ඩික්ටේෂන් ගන්නවා කියලා. ඕවා කාත් එක්කවත් කියන්න පුළුවන්ද අප්පා. හතර විලි ලැජ්ජාවෙනේ පණ යන්නේ.. පොඩි ඈයොන්ගෙන් වගේ ඩික්ටේෂන් ගන්නවා කියලා..



    කෙල්ලො නම් පාඩම් කරලා ඇති.. ඒත් කොල්ලො නම් මේ ලෝකෙ සංසාරයක් බලලා නෑ කියන එක නම් මට ඕන තැනක දිව්රලා කියන්න පුළුවන්..



    "බෙකම්.."



    "පීරියඩ් එක කට් කරමුද..? මිසිස් ඇක්චුවලිට ඕන අළ අඩයක්

    කරගන්න කියලා.."



    කල්හාර ඇවිත් මට රටක් වටින යෝජනාවක් කරා. ඇයි මේ වගේ ප්‍රියමනාප අදහසක් මීට කලින් මගේ හිතට ආවෙ නැත්තේ..? ඇයි මං ඉස්කෝලෙ තාප්පෙ මිටිම තැන හොයලා බලන්නෙ නැත්තේ..?



    "පැතුම්.. මගේ පොත් ටික ගනිං.."



    මං පැතුමට මගේ දායාදය බාර දුන්නා. ඌ ඒක කෙල්ලොන්ගෙ පොත් අස්සෙ තියාවි.. වැඩේ ගොඩින්ම අහවරයි. පන්තියෙන් එළියට යන්න ඉස්සෙල්ලම පෙරමුණ ගත්තෙ මම.. ඒත් ඊට කලින් අපේ පංතියෙ, පංති නායිකාව මගේ ගමන හරස් කලා..


    "නවෝද්.. මේ වැඩේ කරන්න එපා.."



     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නිරෝමි ඉනටත් අත්දෙක ගහගෙන. අරනෝලිස් සුභසිංහ වගේ. සමාවෙන්න.. ආර්නෝල්ඩ් ස්වසෙනගර් වගේ බලන් ඉන්නවා.. මගේ පිටිපස්සෙන් පැතුම්, කල්හාර, මහේල, ජනිත, පෙළින් පෙළ ගැහිලා කට උඩ බලන් ඉන්නවා. මේක ජාතික අවශ්‍යතාවයක් හින්ද මං කටහඩ අවදිකරන්න උත්සාහ ගත්තෙ නෑ.. මොකටද නිකං..


    "නිරෝමි මං මගේ උන්ඩුක පුච්චය අල්ලලා දිව්රනවා.. කරුණාකරලා අපේ බෙකම්ගෙ යුගයේ පිය සටහන් මකන්න ලෑස්තිවෙන්න එපා.. ජාතික වීරයෙක් වගේ ඌ පංතියෙන් යන්න හදන්නේ.. ඔයා ඒකට පිවිතුරු සිතින් යන්න ඉඩ දෙන්න.."



    "පැතුම්.. ඔයා ඕන නම් යන්න.. නවෝද් එක්කන් යන්න එපා."



    නිරෝමි, පැතුමට කඩාගෙන පැන්නා. මුළු සංසාරෙම ඇස් ඉස්සරහට කඩාගෙන පාත් වුණා වගේ පැතුමගෙ ඇස් බෝල දෙක ලොකු උනා..



    "නිරෝමි.. ඔයා කටින්ද.. එහෙම නැත්නම් උන්ඩුක පුච්චෙන්ද කතාක රන්නේ..? බෙකම් යන්නෙ මගේ කකුල් දෙකෙන්ද..? හරි කෙලියක්නේ යකෝ මේක..."



    "නවෝද්.. ඔයා ගියොත් මං ජයමාන්න මිස්ට කියනවා.."



    "මං දන්නවා ඔයා කියන්නෑ කියලා.."



    "ස්ලීස් නවෝද්. තව එක පීරියඩ් එකයි. ඒකෙවත් ඉදලා යන්න.. ඔයා කොයි වෙලාවකවත් පංතියෙ නෑ.."



    "
    බෙකම් මං දන්නවා උඹ අයිශ්චර්යා රායි ආවා කිව්වත් ආපහු හැරෙන්නෙ නැති විත්තිය.. යමං පුතා.."


    කල්හාර ඉස්සරහට ආවා.. මහේල, නෙහාරා දිහා බල බලා තව ඩිංගක් පස්සට ගියා..



    "අයිශ්චර්යා නෙමෙයි.. අන්න මිසිස් ඇක්චුවලි කට ළගටම ඇවිල්ලා.. දැන් යමං පංතිය ඇතුලට..."



    සුළි සුළගක් හමාගෙන එනවා වගේ ජයමාන්න මිස් අපේ පංතියට කඩාපාත් වුණා. මට වාඩිවෙන්නවත් වෙලාවක් නෑ.. නිරෝමිගෙ මූණ නම් හිනාවකින් පිරිලා තිබුණා. පිස්සු කෙල්ල.. හිතාගෙන ඇති මහ ලොකු වීර කමක් කලා කියලා..



    "ඇක්චුවලි.. ඇයි මේ ළමයා හිටගෙන..?"



    ජයමාන්න මිස් කෙලින්ම මගෙන් ඇහුවා.. ඒත් ඒකට උත්තරයක් දුන්නෙ කල්හාර.. මං හෙමිට වාඩිවුණා..



    "ඒ ළමයෙක් නෙමෙයි මිස්.."



    "ඇක්චුවලි.. එහෙනම් කවුද..?"



    අද ජයමාන්න මිස්ගෙ ඉංශ්‍රීසි කච කචේ නම් ටිකාක් විතර අඩුවෙලා. සිංහල බඩ යනවද කොහෙද..



    "එයා තරුණයෙක්.. ලාවට දැලි රැවුල ආපු තරුණයෙක්.. හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ලයිව් පිරිමියෙක්."



    "ෂටප්.. වට් ආ යූ ටෝකින් එබවුට්.."



    මොන පිස්සුද ඔය බඩ යන්න ගත්තෙ පලාතම ගද ගස්සගෙන.. දැන් ඉතිං මෙතන ඉන්න හිටින්න නැති වෙනවා..



    "පැතුමා.. මිසිස් ඇක්චුවලි මොනවද කියන්නේ..?"



    "කටවහගනින්.. ඔය පැත්තට ලෑන්ඩ් කරනවා.."



    "ඇක්චුවලි.. අපි දැන් බලමු.. කලින් දවසෙ මං දීපු ඩික්ටේෂන් වල ස්ටෑඩඩ් එක කොහොමද කියලා.."



    "පැතුමා.."



    "ම්.."



    "ෆුට් බයිසිකල් වල වගේ, ඩික්ටේෂන් වලත් ස්ටෑන්ඩ් එකක් තියෙනවද බං..?"



    කල්හාර හෙමින් සීරුවෙ අහපු එකට මට බකස් ගාලා හිනාවක් ගියා.. ජයමාන්න මිස් කණ්නාඩි දෙක උස්සගෙන මගේ ළගට ආවා..



    "හේයි... යූ.. යූ.. වයි ආ යූ ලාෆින්.."



    "මිස්.."



    "ඉයර්ස්.. යූ කැන් ස්පීක්.."



    පැතුමා නැගිට්ටා.. මේක නම් මාර වැඩක්. ප්‍රශ්නෙ ඇහුවෙ මගෙන්.. මේක මොකට නැගිට්ටද මංදා..



    "අයි තිනක් හී ඩ්‍රින්ක් ද මෝෆීන්.."



    උගේ කතාවට මුලු පංතියටම හිනා ගියා. ජයමාන්න මිස්ටත් පුංචි හිනාවක් ගියා. කොහොමටත් ජයමාන්න මිස් ඌට කැමතියි නේ.. ඈ.. ඒක දන්නෑ කිව්වා. ඇයි හත්තිලව්වේ.. ගිය සතියෙනේ මිස් ඌට ලයික් කිව්වේ.. දැන් පේන විදියට නම්, ඌත් මිස්ට ලයික් වගේ..



    "හව් මෙනි ස්ටුඩෙන්ට් කේම් ටු ක්ලාස් ටුඩේ..?"



    ඒ පාර මින් හැරුනෙ නිරෝමි දිහාට.. මිසිස් ඇක්චුවලි මොකටද

    මංදා අද පංතියට ආපු ගාන.. සමහර විට හොරෙන් ගියා නම් බඩුම තමයි.. නිරෝමිත් ගාන කිව්වා.. ඒ පාර මිසිස් ඇක්චුවලි වන්, ටූ, ත්‍රී කියලා ගණින්න ගත්තා..



    "ගියා නම් සොරිම තමයි බෙකම්.."



    "සිරාවටම.. කරටියෙන් අහුවෙන්නේ.."



    "බෙකම්, මොනවා හරි කරපං.. මං මෙලෝ මගුලක් පාඩම් කලේ නෑ..."



    "පැතුම්.. මිසිස් ඇක්චුවලි උඹත් එක්ක ෂේප් නේ.. මොකක් හරි බයිලයක් ගහපන්.."



    කොල්ලොන් ගෙන් විවිධ අදහස් යෝජනා ගලාගෙන එනවා. ඒත් ඔලුවට නම් මෙලෝ අයිඩියාවක් එන්නෑ..



    "රායිට්... නොට් ප්‍රොබ්ලම්.. ඇක්චුවලි.. හැමෝම ඉන්නවා.. නව් වී කැන් ස්ටාට් ද ඩික්ටේෂන්.."



    හැමෝම සුභ මොහොතින් බලාපොරොත්තු උන මංගල නැකත උදාවුණා. දැන් ඉතිං චක්කරේ දිපංකෝ. මුලින්ම ජයමාන්න මිස් හැරුනෙ ගෑනු ලමයි දිහාට. නෙලුනියි, චංචලයි යාන්තමට වැඩේ ගොඩදාගත්තා.. නිරෝමි නම් ස්පෙෂලි.. මාර ඇඩ්වාන්ස් විදියට ගේම් එක දුන්නා.. එයා ස්පෙල් කරපු හැටියට ඇත්තටම මටත් ආස හිතුනා. ආස හිතුණට වැඩක් නෑ කියන්න මං දැනන් හිටියා. මොකද ඔය මල ඉලව් භාෂාව කොහොමටවත් පාඩම් වෙන්නෑ..



    "බෙකම්.."



    "ම්..."



    "අපිට කඩ්ඩ දිය කරලා පෙව්වොත් නම් හරියයි නේද බං.."



    "ඒත් වැඩක් නෑ.. ගලනාලය පුපුරලා අපිට බඩ යයි.."



    "හේයි... හේයි.. මොකක්ද ඔය දෙන්නගෙ කතාව..? ස්ටෑන්ඩ් අප්.. ඇක්චුවලි.. වට්ස් යුවර් නේම්..?"



    ඔය ඇදුනෙ හූරන ලොතරැයිය නියමෙට.. කතා කලොත් සොරිම තමයි. මං මුලින්ම නිහඩ වෙන්න තීරණය කලා. ඒත් මගෙත් එක්ක කච කචේ දාපු පැතුමා නිහඩ වුණේ නෑ. ඌ වඩාත් සංවේදි වුණා. ඒ කියන්නෙ මං වෙනුවෙන් උත්තර දෙන්න පැනලා බාරගත්තා. කොහොමටත් උගේ සිරිත ඒකනේ..



    "හීස් නේම් ඊස් බෙකම්.."



    "වට්..? ආ යූ නොන්සන්ස්.. වෙයාර් ඊස් ද බෙකම් හියර්.. හී ඊස්

    ඉන් ඉන්ග්ලන්ඩ්.."



    හයියෝ.. මෙහෙමත් විනාසයක්.. පැතුමට නම් ගල් ගහලයි මරන්න ඕන. මං නැගිට්ටා..



    "මං පංතියෙ පාඩම කරද්දි ඔයාලා දෙන්නා හිටියෙ වෙනමම ලෝකෙක.. මං ඇහුවෙ ඒ කොහේද කියලා.."



    ඒ පාර ජයමාන්න මිස් මුලුමනින්ම ආර්ය සංස්කෘතික වෙලා. සිරියාවෙ බෑ.. බුරුමය වගේ හැඩයි..



    "මිස්.."



    ඩික්ටේෂන් වලට යන වෙලාව ටිකක් හරි අඩුවේවිනේ කියලා හිතාගෙන මං හෙන අහිංසක මූණක් මවාගත්තා. මං උප්පතියෙන්ම දන්නවා මේ අඩන මූණට ඕන දාමරිකයෙකු ඇඩෙන සයිස් කියලා..



    "ඉයර්ස්.. නව් යූ කැන් ටෙල් මී.."



    "පැතුම් මගෙන් අහනවා...."



    "ඔව් පැතුම් ඔයාගෙන් මොනවද අහන්නේ බෙකම්..?"



    මිස් එපාර මට බෙකම් කියලා කතා කලා..



    "ඉහල ආකාසයේ පාකර යැවිය හැකි ගල් වර්ගය කුමක්ද කියලා.."



    "වට්..?"



    "ඔව් මිස්.. තව ප්‍රශ්නයක් ඇහුවා.. ගුවන් විදුලි, රූපවාහිනී නාලිකාවල බර මනින උපකරනයේ නම මොකක්ද කියලා.."



    "වට්..? මොනවද ඔයා මේ කියන්නේ..?"



    "මගෙන් අහපු දේවල් තමයි මිස්.."



    "ඔය ප්‍රශ්න වලට එන උත්තර ඔයා දන්නවද..?"



    "ඔව් මිස්..?"



    "ඕවයි, මගේ ඉංශ්‍රීසි පාඩමෙයි අතරෙ තියෙන සම්බන්ධෙ මොකක්ද බෙකම්..?"



    "ඒ ගැන මාත් කල්පනා කර කර ඉන්නකොට තමයි මිස් මට

    කතා කලේ.."



    "ඒකත් එහෙමද..? එහෙනම් ඔය ප්‍රශ්න දෙකකට උත්තර කියලම පාඩම් පටන් ගනිමු.. මට පේන විදියට නම් අද ඩික්ටේෂන් ගන්න වෙන්නෙ නෑ වගේ.."



    ජයමාන්න මිස්ගෙ ඒ සිරියාවන්ත කතාවෙන් මගේ හැම රෝම කූපයක්ම පුංචි ආඩම්බරයකින් දගලන්න ගත්තා. අපිට ඕන කෙරුවෙත්

    ඒකනේ..



    "ප්‍රශ්න දෙකටම උත්තරේ මිස් කිව්වොත් තමා වැඩිය හොද.. මිස්ට ඔය වගේ ඒවා සෑහෙන්න සිම්පල් නේ.. අපිට ඒ ගැන අවබෝධයක් තියෙනවා.."



    මගේ කතාවෙන් පස්සෙ මොනාද කියන්නෙ කියලා ජයමාන්න මිස් ටිකක් කල්පනා කලා. සමහර විට එයා ඒකෙන් ලොකු විශ්වාසයක් ගොඩ නගා ගනියි. අපි එයා ගැන මහා ඉහලින් හිතයි කියලා..



    "අයි කාන්ට් බෙකම්.. අයි කාන්ට්.. ඔයාම කියන්න බලන්න.. ඔය අප්‍රබංශ ප්‍රශ්න වලට උත්තර.."



    "අහසේ පා කරන්න පුළුවන් ගල් වර්ගය තමා සරුංගලේ.."



    "ඈ.."



    ජයමාන්න මිස්ගෙ ඇස් දෙක උඩ ගියා.. එයා ඒ වගේ සරළ උත්තරයක් හීනෙකින්වත් බලාපොරොත්තු උනේ නෑ කියලා මං දන්නවා..



    "අර රූපවාහිනී නාලිකාව වල බර මනින උපකරණය තමා ප්‍රොගෑම්.."



    "වට්..?"



    කොල්ලො කෙල්ලො යස අගේට හිනාවෙන්න ගනිද්දි. ඉස්කෝලෙ කාලපරිච්ඡෙද අටම අවසානයි කියලා දැනුම් දෙන බෙල් සද්දෙ යස අපූරුවට ඇහුණා. බෙල් එක උස්සල පොලේ ගහන දැල්ලා අඩුපාඩුවක් නැතුවම, අදත් වෙලාවට බෙල් එකට පතබාලා තිබුණා. කොහොමින් කොහොම හරි ඩික්ටේෂන් දෙන එකෙන් අදට යාංතමට ගැලවුණා. මිස්ටත් ඒක තේරුණත් එයා හිටියෙ ඒක නොතේරුණා වගේ. ඉස්කෝලෙ ඇරෙද්දිම කොල්ලො ටික මට ඇට්ටි හැලෙන්න ස්තුති කලා. ඩික්ටේෂන් කරදරයෙන් හිතාගන්න බැරි විදියට හැමෝවම බේරගත්තා කියලා..



    ෴මතුසම්බන්ධයි෴


    | PDF ආකාරයට බලාගන්න |

     
    • Like
    Reactions: dhanu77

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    උබ මේක නවත්තන්නේ අමුතුම තැන වලින්නේ....:confused::confused:ඉතුරු ටික දාපන්කෝ මචෝ.:rolleyes::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    මට රේප් දෙන්න බෑ ලු :sorry::sorry::(:(:(:(:(
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    fattaaaaaaaaa machoo siraawatama magee scl time eka mathak wenawa me wageema seen welaa thiyenawa matath .. ela ela ituru tikath ikmanata dahan machoooooo.. rep +
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-07.jpg



    07

    රාහුලෙත් එක්ක මැච් එක තියෙන හින්ද මායි, බලයයි දොළහ වෙද්දිම ඉස්කෝලෙන් එළියට ආවා. පන්තියෙ කෙල්ලො කොල්ලො තරගෙට වගේ මට විෂ් කලා. ඇයි ඉතිං පළවෙනි වාරෙ පළවෙනි මැච් එකනේ.

    "හොදට ප්ලේ කරන්න.. මට නම් එනන් බැරි වෙයි.."


    යන්න කිට්ටු වෙනකොට මට කිට්ටු කරපු නිරෝමි කිව්වා. නෙලුනියි, චංචලයි මහා ලොකු හිනා තඩි දෙකක් මුළු මූණෙම පුරෝගෙන ඇවිත් ගෝල් දෙකක්වත් ගහන්න බලන්න කිව්වා. නෙහාරා නම් හිටියෙ සම්පූර්ණ අවුටු ඔෆ් ඕඩර් ගිහිල්ලා. ඔව් ඉතිං.. ඒකිට ලව් මාන්දමනේ.. ඒක දැන් කක්කල් කැස්සට ඇවිල්ලා. ටීම් එකේ කොල්ලො ටිකයි, සෝමතිලක සර්රුයි මායි ග්‍රවුන්ඩ් එකට එද්දි රාහුලේ ටීම් එක පෙර පුහුණුවීම් වලත් යෙදෙන්න පටන් අරන්. මගේ ඇගට මොකක්දෝ අමුතු හැගීමක් ආවා. ඒක නිකං බයක් වගේ දෙයක්..


    "නවෝද්.. ඔයා තමයි නිතරම සෙන්ටර් එකේ ඉන්න ඕන. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් එනවා. කෝ මේ පෙත්තාවඩු.."


    කොහේදෝ මුල්ලක ඉදපු පෙත්තාවඩු, සෝමතිලක සර්ගෙ කතාවෙන් ඉස්සරහට ආවා..


    "පෙත්තාවඩු.. ඔයා නිතරම බෑකී ප්ලේස් එක කවර් කරන්නෝන. එහෙ නැතුව නවෝද්ගෙ පස්සෙන් එනවා නෙමෙයි තේරුණාද..? සෙන්ටර් එකේදියි, රාහුලේ ගෝල් එකටයි බෝලෙ ගෙනියන එක විශේෂයෙන්ම නවෝද්ටයි චමිල්ටයි බාර දීලා තියෙන්නේ.."


    "සර්, චමිල් බෑකිනේ ප්ලේ කරන්නේ.."


    පෙත්තාවඩු කෙදිරිගානවා.. සෝමතිලක සර්ගෙ මූණට ලොකු හිනාවක් ආවා..


    "අපි අද එයාට සෙන්ටර් ගස්සවනවා. ඒක මගේ තීරණයක්.. එහෙනම් ඉතින්.. හොදට සෙල්ලම් කරන්න.. ප්‍රශ්න තියෙනවා නම් ඒවා මැත් එකෙන් පස්සෙ බේරගමු..."


    සර් කිව්වෙ පෙත්තාවඩුගෙ මූණ දිහාම බලාගෙන. ඌ කාලා ඉන්න බැරිව වගේ ඇඹරෙන හැටි දැකලා මට හිනා ගියා..


    "චමිල්... මගේ බූට්ස් දෙකයි, බෑග් එකයි අරන් වරෙන්.."


    පැවිලියන් එකේ තියලා ආපු බෑග් එක ගේන්න මං චමිල්ව යැව්වා. මගේ ඇස් පිට්ටනිය පුරාම ඊගාවට දිව්වේ.. සමින්දි අක්කව හොයාගෙන.. ඒත් එයා තියා ඉන්කිවත් පේන්න හිටියෙ නෑ. එදා ෆුඩ් සෙන්ටර් එකේ දානෙන් පස්සෙ සමින්දිවයි, ඉන්කිවයි දෙන්නවම මං දැකලා තිබුණෙ නෑ.. හිතට පාලුවක් වගේ හැගීමක් ගලාගෙන එද්දි, මං ආයෙත් ග්‍රවුන්ඩ් එකේ යකඩ වැට දිහා බැලුවා. එතකොට තමයි මං දැක්කෙ.. බාස්කට්බෝල් ටීම් එකේ තුන් හතරදෙනෙක් එක්ක ඉන්න චතුරංගයව.. මූ නම් ඇවිත් ඉන්නෙ හොදකට නෙමෙයි කියලා මං තේරුම් ගත්තා. නැත්නම් මූ කවදාවත් ෆුට්බෝල් මැච් වලන්න එන එකෙක් නම් නෙමෙයි. කිව්වා වගේම මට හැරෙන තැපෑලෙන් ගේම දෙන්න ආවවත්ද..?


    "බෙකම්...?"


    ගියපු පයින්ම බලයා දුවගෙන එන හැටියෙන්ම මොකක් හරි අවුලක් කියලා මට තේරුණා.

    "මොකද බං..?"


    "උඹේ ට්‍රැවලින් බෑග් එක විතරයි තියෙන්නෙ.. බූට් දෙක නෑ.."


    "මොකක්..?"


    "ඔව්.. මං හැමතැනම බැලුවා.. කොහේවත් නෑ.."


    "බූට්ස් නැතුව කොහොමද බං ප්ලේ කරන්නේ..?"


    "මොකෙක් හරි කඩප්පුලි වැඩක් කරලා වගේ.. වරෙන් සෝමතිලක සර්ට කියමු.."


    "ඕන්නෑ.. අපි තව ටිකක් හොයලා බලමු.."


    බූට්ස් දෙකට මොකද වුණේ.. මගේ ඔලුවට කෙලින්ම ආවෙ චතුරංගව. ඌ කවදාවත් නැතුව මැච් එක බලන්න ආපු එකෙයි, මගේ බූට් දෙක නැතිවෙච්ච එක අතරෙයි සම්බන්ධකමක් තියෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඒත් මං කොහොමද ඒක ඔප්පු කරන්නේ..?


    "අරුත් මේ පැත්ත බලනවා වැඩියි.."


    "කවුද චමිල්..?"


    "පෙත්තාවඩු.. උගේ මොකක් හරි හොරයක් තියෙනවා. බිත්තරයක් උගුරෙ හිරවෙලා වගේ ඌ දගලන්නේ.. බලපංකො මූණෙ තියෙන හොර පූස් ගති ලක්ෂන.."


    මැච් එකට වෙලාවත් ළගයි. ඒ වෙනකොට යූ.සී ග්‍රවුන්ඩ් එකට සැලකිය යුතු තරමෙ පිරිසක් එක්කහු වෙලා හිටියා. අපේ ඉස්කෝලෙයි, සිංහ ක්ලබ් එකෙයි, යූත් ක්ලබ් එකෙයි හුග දෙනෙක්ව යකඩ වැටෙන් පැනලා ග්‍රවුන්ඩ් එක ඇතුළට ඇවිල්ලයි හිටියේ. හැමෝගෙම අවධානෙ යොමුවෙලා තිබුණෙ මගේ දිහාට..


    "බූට් දෙක ගත්තෙ ඌ වෙන්න බෑ චමිල්.. ඌ වෙන මගේඩි වැඩකටයි සෙට් වෙන්නේ.. මට හිතෙන විදියට නම් චතුරංගයා මේකට සම්බන්ධයි.."


    "අපි දැන් මොකද කරන්නේ..?"


    "මොනවා කරන්නද.. වෙන බූට්ස් දෙකක්වත් දාලා සෙල්ලම් කරමු.."





    චමිල් එකක් මං පැවිලියන් එක පැත්තට ආවා. ඒ එද්දි අපේ ඉස්සරහට ආපු එකා දැකලා මගේ හිතට ආවෙ මාර ෆිට් එකක්..


    "යකෝ.. මේ අපේ ඇම්ඩා නේද..?"


    "නාලක... උඹ මොකද මෙතන කරන්නේ...?"


    "ඇයි බං.. මං උඹට කිව්වෙ මැච් එකේදි චියර් කරන්න එනවා කියලා. උඹට චියර් කරන්න නැත්නම් චියර් කරන්න නැත්නම්, කරන චියර් ලොවෙත් නෑ. ඒක නෙමෙයි පොඩි අවුලක් තියෙනවා.."


    ඇම්ඩගෙ පොඩි අවුල කියන්නෙ සුනාමි තත්වයක් වගේ තමයි.. ඌට ලොකු අවුලක් ආවා කියන්නෙ ලෝක විනාසෙ කියලා හිතාගතහැකි..


    "මොකක්ද..?"


    "සමින්දියි තව නැට්ටිච්චියෙකුයි එහා කොනේ හොරගල් අහුලනවා.. නිකං මොකාක් හරි හොර වැඩක් වගෙයි තේරෙන්නේ.."


    සමින්දි අක්කගෙ නම ඇහුනම මගේ හිතට මොකක්දෝ සතුටක් ආවා. ඒ කියන්නෙ එයා අද මැච් එක බලාවිනේ.


    "හොර වැඩක් උනාට කමක් නෑ.. නාලක.. මගේ බූට්ස් දෙක නැතිවෙලා.."


    "මොකක්... ඒ කොහොමද..?"


    "මං දන්නෑ.. උඹ ඩිංගක් බලපං.. සෝමතිලක සර් ගාව පරණ බූට් දෙකක් තිබ්බා. ඒක මට හරි යයි.. සමින්දි මොනවද කරන්නෙ කියලා අවධානයෙන් ඉදපං.."


    "ඒවා හරි බෙකම්.. මං ආවෙත් උඹේ ආරක්ෂාව සහතික කරන්න.. පේන්නෙ නැද්ද යකඩ වැට ගාව ඉන්න චතුරංගයා.. අරහෙන් පෙත්තාවඩු.."


    "පැවිලියන් එක පැත්තෙන් සමින්දි.."


    ඒ ටික නම් කිව්වෙ චමිල්.. උං කියන එකත් ඇත්ත. මේක නිකං මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑවා වගේ කතාන්දරයක්. හතුරො දෙකයි එක හැතිරියි.


    බූට් දෙකේ වැඩේ ඇම්ඩට බාර දීලා මං සෝමතිලක සර්ගෙන් පරණ බූට් දෙක ඉල්ලගත්තා. මැච් එක පටන් ගන්න කලින් සමින්දි අක්කව දකින්න ඇස් දෙකට හොදටම ඕනෙකම තිබ්බත් ඒ දේ ඉෂ්ඨවුණේ නෑ.. අන්තිමට හිතේ සාංකාවක් වගේ හැගීමක් ඉතිරි කරගෙනයි මං ග්‍රවුන්ඩ් එක මැදට ගියේ. කොල්ලො ටික චියර් එද දෙද්දි මැච් එක පටන් ගත්තා. මුල් විනාඩි දහය පිස්සු බල්ලො වගේ බෝලේ අරගෙනයි, බෝලෙ පිටිපස්සෙනුයි හැමෝම දිව්ව එක විතරයි වුණේ. කිසිම වගතුවක් නෑ. අන්තිමට ඉන්ටවල් හම්බවෙද්දි කවුරුත් ගෝල් එකක් ගහලා තිබුණෙ නෑ..


    ඉන්ටවල් එකෙන් පස්සෙ පැති මාරු වෙද්දි සෝමතිලක සර් මට කිව්වෙ ග්‍රවුන්ඩ් එකේ ලයින් එක දිගේ බෝල් එක අරන් යන්න කියලා. උංගෙ ඒ පැත්ත දුර්වලයි වගේ කියලා. මුල් හාෆ් ටයිම් එකේ මං කෙරුවෙ රාහුලේ පීඩනය වැඩිවෙනකොට සෙන්ටර් එකෙ ඉදන් ටිකක් පහුබැහැලා. බැකී විදියට හිටපු පෙත්තාවඩුට බෝලෙ පාස් කරපු එක. ඌ කරේ පණ එපා කියලා බෝලෙ ගුවන් ගත වෙන්න පාරක් ගහපු එක.. එහෙම නැතුව, මටවත් චමිල්ටවත් වෙන කාටවත් පාස් කරේ නෑ..


    "කමෝන් බෙකම්..."


    "දීපන් දුවන්න... රාහුලේට.."


    සෝමතිලක සර් කියපු විදියට මං ග්‍රවුන්ඩ් එකේ කෝනර් එකට වෙනකල්ම චමිල් එක්ක පාස් කර කර බෝල් එක, ග්‍රවුන්ඩ් එකේ පැත්තෙ අයින දිගේ අරන් ගියා. රාහුලේ ගෝල් පෝස්ට් එක ළංවෙද්දි කොල්ලන්ගෙ කෑගැහිල්ල වැඩි උනා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රාහුලේ ටීම් එකේ ප්ලේයර්ස්ලා හිතුවෙ මං කෝනර් කික් එකක් කරාවි කියලා. ඒත් මං කෙරුවෙ කෝනර් කික් එක චමිල්ට දීලා විදුලි වේගෙන් ගෝල් පෝස්ට් එක දිහාට දුවගෙන ආපු එක. ඒ එක්කම චමිල්, බෝලෙ උඩින්ම බෑකීවත් පහු කරන් මගේ ඉස්සරහට වෙන්න එව්වා. ඒක සෑහෙන තරමෙ සැර පාරක්. කකුල දාලා නවත්තලා, ලතාවකට ගෝල් එක දිහා බලලා සැප අරගෙන ගහන්න පුළුවන් පාරක් නෙමෙයි. ඒකට අනිවා හෙඩ් කිරිල්ලක් කරන්න වෙනවා කියලා මට තේරුණා. තත්පර ගානකදි මං ඒ දේ කරා. ඒ වගේ දෙයක් රාහුලේ ගෝලි බලාපොරොත්තු උනේ නෑ. මිනිහගෙ වම් පැත්තෙන් බෝලෙ ගෝල් එක ඇතුළට ඇදිලා ගියා.
    "කමෝන් බෙකම්..."


    "ඒ පාර නම් ලොවෙත් නෑ.."


    "මැක්සා.. මචං.. මැක්සා.."


    "උඹව සිංහ ක්ලබ් එකට අනිවා ගන්නවා..."


    "සුපිරි පාරක් බෙකම්.. හෝදන්න දෙයක් නෑ.."


    මැච් එක බලන කොල්ලො හැම පැත්තෙන්ම කෑගහනවා. ටීම් එකේ හැමෝම වගේ දුවගෙන ඇවිල්ලා මට විෂ් කරත් පෙත්තාවඩු මගේ ළගට ආවෙ අකමැත්තෙන් වගේ. උගේ මුළු මූණම පිරිලා තිබුණෙ ලොකු ඉරිසියාවකින්. සෝමතිලක සර් නම් මගේ අත් දෙකෙන්ම අල්ලගෙන, ඊලගට කරන්න ඕන දේ සට සට ගාලා කිව්වා. එතන ඉදලා අපට ගේමක් තිබ්බෙ නෑ. මැච් එකේ ටයිම් එක අවුට් වෙන්න ඩිංග වෙලාවක් වෙනකොට රාහුලේ කොල්ලන්ගෙ ඇටෑක් එක සෑහෙන්න අඩුවෙලා තිබුණා. ඇත්තට කියනවා නම් උං මැච් එක අතෑරලා දාලයි තිබුණෙ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මමයි, චමිලුයි තවත් ගෝල් දෙකක් ගත්තා. අන්තිමට මැච් එක ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි වගේ ලකුණු ගාන තිබුණෙ තුනට බිංදුවයි..


    ඔය අතරෙ තමයි, රාහුලේ කැප්ටන් මාවයි චමිල්වයි මගෑරලා අපේ ගෝල් පෝස්ට් එක දිහාට බොලෙ අරන් ගියේ. බෑකීට හිටපු පෙත්තාවඩුට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නෑ කියලා මං සහසුද්දෙන්ම දැනගෙන හිටියා. උගේ කකුල් දෙක ආසන්නෙන්ම බෝලෙ යනවා.. තවල් බලන් හිටියොත් ගෝල් එකක් රාහුලේට යනවා කියල මට සෑහෙන විශ්වාසයක් තිබ්බා. හිතේ තිබ්බ අන්තිම ශක්තිය දාලා මං දුවලා ගිහින් රාහුලේ කැප්ටන් එක්ක එක පෙලට වැටුණා. ඒ වෙනකොටත් බෑකී විදියට හිටපු පෙත්තාවඩු ඉස්සරහට ඇවිත් හිටියෙ. බෝල් එක මායි, පෙත්තාවඩුයි රාහුලේ කැප්ටනුයි මැද්දෙ හිරවෙද්දි පෙත්තාවඩු මගේ ඈන්කල් එක හරියට, බෝලෙට ගහනවා වගේ හයියෙන් පාරක් ගැහුවා. ඒක හිතාගන්නවත් බැරි තරමට ඉක්මනට වෙච්ච දෙයක්..


    "බුදු අම්මෝ..."


    මගේ කටින් මහා සද්දෙට කෑගැහෙද්දි මං උඩින් විසිවෙලා ගිහින් බිම වැටුනා. ඒ අතරෙම රෙෆ්ලි විසිල් කරපු හින්දා මැච් එක ඉවර වුණා. සෝමතිලක සර්රුයි, ග්‍රවුන්ඩ් එක වටේ හිටපු කොල්ලො කීප දෙනෙකුයි එක පොදියට මගේ ළගට දුවගෙන ආවා..


    "නවෝද්.. ඔයාට අමාරුද..?"


    "බෙකම්.. මොකද උනේ..?"


    උඩින් විසිවෙලා ඇවිත් වැටුණ පාර මට කොහෙත්ම නැගිටගන්න බැරි උනා. වම් කකුලත් හොල්ලන්න බැරි තරම්. මං අමාරුවෙන් සෝමතිලක සර් දිහා බැලුවා. සර්ගෙ මුළු මූණ පුරාම තිබ්බෙ ලොකු කණගාටුවක්. ඒ වගේම තරවටුවක්.


    "පෙත්තාවඩු හිතලමයි නවෝද්ට ගැහුවේ.."


    "හරි නම් ඌ අනිත් ටීම් එකේ එවුන්ට එපාද ෆවුල් ගහන්න.. මොන අලි හරකෙක්ද..?"


    "බෙකම් නැත්නම් ලොවෙත් දිනන් වෙන්නෑ මැච් එක. අරූගෙන් කී පාරක් ගෝල් එක පැත්තට බෝල් එක ගියාද..? උගේ කකුල් දෙක මැද්දෙ පත හිලක්නේ.."


    කොල්ලො දෙන්නෙක්ගෙ කරට අතදාගෙන මං පැවිලියන් එකට ආවා. ඒ අතරෙ සෝමතිලක සර් පෙත්තාවඩුට ඇප නැතිවෙන්න බනිනවා මං අහගෙන. ඌ කිව්වෙම ඒක අත්වැරදීමකින් උනා කියලා. ඒක යස අත්වැරදීම. වෙන වෙලාවක නම් මං උගේ කකුලක් කඩනවා. ඒත් මේ දෙනෝ දාහක් බලන් ඉන්න තැනක් නේ..


    "නවෝද්.. අඩිය තියන්න බලන්න.."


    "බෑ සර්.. රිදෙනවා.."


    "එහෙම කියලා හතර ගාතේ දාලා ඉදලා වැඩක් නෑ.. ඉන්න මං මසාජ් කරන්නම්.."


    එතන ඉදලා පැය බාගයක් විතර යනකල් සිද්ධ වුණේ මගේ කකුලට දැවැන්ත ගනයේ ප්‍රතිකාර තොගයක් බම්බවෙච්ච එක.. අන්තිමේදි ලා රෝස පාට බැන්ඩේජ් එකකින් ඈන්කල් එක හරියට තදට බැදලා තිබුණා.


    "දැන් කොහොමද නවෝද්..?"


    "තාම රිදෙනවා සර්.."


    "ඕක අඩුවෙලා යයි.. මං අර රාහුලේ සර් එක්ක කතා කරලා එන්නම්..."


    සෝමතිලක සර් මගේ ඔලුවත් අත ගාලා පැවිලියන් එකෙන් එළියට බැස්සා. මං පැවිලියන් එකේ බංකුවක දිගෑදුනා. තාමත් කකුලෙ ඈන්කල් එක හරියෙන් ලොකු වේදනාවක් එනවා. සමහර වෙලාවට ඉවසන්න බෑ. තවත් පැය භාගයක්, විනාඩි හතලිස් පහක් විතර යනකල් අරහෙන් මෙහෙන් කොල්ලො එකා දෙන්නා සැරින් සැරේට මට මොකද උනේ කියලා බලන්න පැවිලියන් එකට ආවා. උඞ අහන ඒවට උත්තර දීලම පණ යනවා. අන්තිමේදි අහන අහන ඒවට උත්තර දුන්නෙ බලයා..


    රාහුල ඉස්කෝලෙ කෝච් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරලා මගේ දක්ෂතා ගැන අගය කලා. එයා නම් සිරාම මනුස්සයෙක්. තමන්ගෙ ටීම් එක ඉස්සරහම මාව අප් කරලා තිබ්බා. ඒ වෙලාවෙ පෙත්තාවඩු පේන්නවත් හිටියෙ නෑ. හිටියා නම් ඌට බඩ යනවා..


    "බෙකම්..."


    වටවෙලා හිටපු කට්ටිය එහෙට මෙහෙට විසිරුනාට පස්සෙ, කොහෙදෝ මුල්ලකින් මට ඇම්ඩගෙ කටහඩ ඇහුණා. මේකා ගැන මට අමතකම වෙලානේ තිබුණේ. ඇම්ඩව දැක්ක ගමන් මට සමින්දිව මතක් වුණා. මට වෙච්ච දේ සමින්දි දැක්කද දන්නෑ. එයා නම් හොදටම හිනාවෙයි කියලා මට හිතුණා.


    "මේ මොකද බං මේ...?"


    ඇම්ඩගෙ ඇස් දෙක ලොකු වෙනවා මං දැක්කා. ඒ කියන්නෙ ඌ මැච් එක බලලා නැද්ද..? මූ මට චියර් කරනවා කිව්වනේ..


    "පෙත්තාවඩුගෙ වැඩක්.."


    බලයා එතන ඉදලා වෙච්ච සීන් එක සවිස්තරාත්මකව ඇම්ඩට කියාගනෙ ගියා. ඒත් මට ඒක ඒ තරම් වැදගත් උනේ නෑ. මං හිත හිතා හිටියෙ ඇම්ඩා මොකක්ද කරේ කියලා මැච් එක වෙලාවේ..


    "මං ඌව තියන්නෑ.. අනිවා බෙකම්.. මං උගේ ඈන්කල් දෙකම කඩනවා.. අද හවස් වෙන්න කලින්..."


    ඇම්ඩා ආයෙ කිව්වොත් කිව්වා. අරූට රෝද පුටුවෙන් යන්න වැඩේ සෙට් කරයි. ඒක හින්දා මං ඌට බාධා කරා..


    "එපා නාලක.. ඌ ගැහුවෙ හිතාමතාම නෙමෙයි.. ඒත් අපි දැනගන්න ඕන ඒ ඇයි කියලා.."


    "ඒක තමයි බෙකම් මම කියන්නේ.. උඹ ඒ සියුමැලි මල් වැනි කොන්තරාත්තුව මට බාර දියන්කෝ.. මං ඒක යස අපූරුවට බලාගන්නම්.. පෙත්තාවඩුට දෙක තුනක් අනිනකොට මාල ගිරවා වගේ දොඩවයි.. පෙත්තප්පු බත් කෑවා කියලා.."


    "ඒක අතෑරලා දාපං.. සමින්දි අක්කා ගියාද..?"


    කතාවෙ පීල්ල වැඩි කරා සැර වැඩියි කියලා මට තේරුණේ ඇම්ඩයි, බලයයි දෙන්නම මං දිහා අමුතු විදියට බලපු හින්දා.. උංගෙ ඒ ඩයල් එක එහෙම වෙන්නෙ අදහාගන්න බැරි දෙයක් උනාම..


    "එහෙම අතාරින්න බෑ බෙකම්.. වරෙන් චමිල්.. අපි පෙත්තාවඩු හම්බවෙමු.. නෙලමු ඇට, ලේ, මස්, නහර, දංකුඩ වෙන්න.."


    "හ්ම්... යමං... මාත් මේ යන්න එකෙක් නැතුව හිටියේ.."


    "නාලක.. කිව්වහම අහලා ඉදපං.. මාව මෙතන තනියෙම තියලා යන්නද හදන්නේ ආ..?"


    ඇම්ඩා යන්න ගියපු ගමන නවත්තලා ඌ ඉද්ද ගැහුවා වගේ එක තැන නතර වුණා.


    "උඹ කියන්නෙ මොනවා කරන්න කියලද..?"


    "මං අහපු දේට උත්තර දියන් නාලක.. සමින්දි ගියාද..?"


    "සමින්දි අක්කා ගියේ නෑ.. එයා මෙතන මාර ගේමක් දුන්නා.."


    ඇම්ඩා මොනවා කියන්න හදනවද මංදා.. මූ කියන ඒවා විශ්වාස කරලත් බෑ.. නොකරත් බෑ.. පැත්තක්ම ගිහින් අන්තිමට නතර වෙන්නේ..


    "කියන දෙයක් තේරෙන්න කියපං.."


    "කතන්දරේ කෙටියෙන් මේකයි බෙකම්.. උඹේ බූට් දෙක නැති උනා කිව්වනේ.."


    "ඔව්.. මම සෙල්ලම් කලෙත් වෙන දෙකක් දාගෙන...."


    "බූට්ස් දෙක ගත්තෙ සමින්දි.."


    "මොනවා...?"


    "ඔව්.. මං මුලින්ම උඹට කිව්වනේ බෙකම්.. සමින්දිගෙ ගොරහල් ඇහිල්ල මට ඒ තරම් දිරවන්නෙ නෑ කියලා.. මම ෂේප් එකේ බලන් හිටියා. මෙයා මොකටද මේ ලංවෙන්නෙ කියලා.."


    "උඹ කියන්නෙ සමින්දි මගේ බූට් දෙක අරන් ගියා කියලද..?"


    "හිටපංකෝ කියනකල්.. වැඩේ කෙරුවෙ සමින්දි නෙමෙයි.. අනිත් උරචක්කර මාලේ.. ඒත් ප්ලෑන් එක සමින්දිගෙ.. ඒක නම් බුදු ෂුවර්.."


    "සමින්දි අක්කා මොකටද බං මගේ බූට්ස් දෙක ගන්නේ.. එයා ෆුට්බෝල් ගහනවද..?"


    "ඒක තමයි බෙකම් මටත් තේරෙන්නැත්තේ...? හැබැයි මොකක් නමුත් මාස්ටර් ප්ලෑන් එකක්.. සෑහෙන අවධානෙකින් මූණ දෙන්න වෙනවා.. උඹට මතකද එදා ෆයිඩ් රයිස් කන්න සල්ලි දීළා කියපු වචන සෙට් එක..?"


    "ඔව්.. මම ලේසියෙන් අතාරින්නෑ කියලා කිව්වා.."


    "අන්න හරි.. අනිවා බෙකම්.. මේක ඒ කතාවෙම පරිච්ඡේදයක්"


    මේ වෙලාවට ඇම්ඩට ඇවිල්ලා තිබුණේ ෂර්ලොක් හෝම්ස්ගෙ බාප්පගෙ මූණ. චමිල්ගෙ තිබ්බෙ දොස්තර වොට්සන්ගෙ එක කුසේ උපන් පුංචි අම්මගෙ අදුනන පුතෙක්ගෙ මූන..


    "උඹ බෑග් එක ඉස්සුවා කියලා සමින්දිට මාට්ටු වෙලාද නාලක..?"


    "පිස්සුද බෙකම්.. එහෙම කතන්දරයක් ලොවෙත් නෑ.. මේ කතාවෙ හොදම හරිය තියෙනවා තව ඉස්සරහට. අනිවා.. ප්‍රේක්ෂකයා භිතියෙන් කුල්මත් වෙනවා.."


    මගේ කකුල ගැන වගේ වගක් නැතුව ඇම්ඩා කියවගෙන යනවා. ඒත් උගේ කතාව මාර ඉන්ටෙරස්ටින්.. ඒක හින්දා කණ අහකට ගන්න හිතෙන්නෙම නෑ..


    "එහෙනම් අපේ බෙකම්ගෙ බූට්ස් දෙක අරගෙන සමින්දි ගෙදර ගිහිල්ලද..?"


    ඉවසා වදාරගෙන ඉදලා ඉදලා බලයත් කට ඇරියා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "එයත් හිතන් ඉන්න ඇත්තෙ නම් එහෙමයි.. තාමත් හිතනවා ඇත්තෙ එහෙමයි. ඒත් බෙකම්ගෙ යහපත උදෙසා නිරන්තරේ කැපවෙන සත් ගුණවත් නාලක නැමති උදාර යුග පුරුෂයා ඒ සෑම සිතුවිල්ලක්ම බලයෙන් නෙරපා දැමුවා.."
    "මේ උඹ අපේ පැතුමා වගේ වෙන්න එනවද..? කියන රෙද්දක් තේරෙන්න කියපං.."


    "සමින්දියි අර අනිත් උරචක්කර මාලෙයි උඹේ රටක් රාජ්ජයක් වටින බූට්ස් දෙක හොදම වර්ගයේ කඩදාසියක ඔතලා අර කලුපාට ටියුලිප් පොලිතින් බෑග් එකක දාලා, හෙණට ආදරේ හිතෙන තාලෙට ඇගට තද කරගත්තා. ඊට පස්සෙ අර උරචක්කර මාලෙගෙ ට්‍රැවලින් බෑග් එක ඇතුලට දාගත්තා. කතන්දරේ ඔය විදියට තමයි නිමාවෙන්න ගියේ."


    "නිමාවෙන්න ගියේ කියන්නේ..? උඹ ඒකෙ නිමාව වෙනස් කරන්නද යන්නේ..?"


    "අනිවා බෙකම්.. අනිවා.. මේ වගේ ගේම් ලොවෙත් නෑ.."


    "ඒ කියන්නේ..?"


    "මං උංගෙන් ආයෙත් උඹේ බූට්ස් දෙක පැහැර ගත්තා.. හ්හ.. හ්හ.. හා.. දැන් ඒක මගේ බෑග් එකේ.."


    මේකා නම් අදහන්න වටිනා එකෙක්. අච්චර සිරාවට ඔතලා බෑග් එකක් ඇතුලෙ තිබ්බ බූට්ස් දෙක මේකා කොහොම ගල් කරාද මංදා..


    "මැක්සා.. නාලක.. මැක්සා.. ඒක නම් සුපිරි ගේමක්.."


    මට ඒ වචන ටික ඉබේටම කියවුණා. ඇත්තටම ඌ දීපු ගේම් වලින් ඉන්ටර්නැෂනල් තත්වගේ ඉස්සරහයින්ම තියෙන ගේම තමයි මේක..


    "තැන්ක් යූ බකෙම්.. උඹෙන් ඔවැනි ප්‍රසංසා අහන කොට මට තවත් බෑග් එකක් උස්සන්න හිතෙනවා.."


    "මේ පිස්සු නටන්නැතුව ඉදපං.. සමින්දියි අර අනිත් කෙල්ලයි ගෙදර ගිහිල්ලා මගේ බූට්ස් දෙක හොයනකොට කොහොම ගතියක් ඒවිද කියලා, මතක් වෙනකොට දැනෙන ගතිය මට වාවන්නෑ.."


    "සමහර විට මචං.. සමින්දි අක්කා මෙතෙන්ට එන්නත් පුළුවන්.. මෙතන තත්වෙ මොකද කියලා බලන්න.. එහෙම උනොත් අපි බූට්ස් දෙක පැලෙන කල් හොයනවා වගේ ඇට් කරමු.."


    සමින්දි අක්කා මගේ බූට්ස් දෙක අරන් ගියේ ඇයිද කියලා මට තාමත් හිතාගන්න බැරි වෙලයි තිබුණෙ. සමහර විට මට පාඩමක් උගන්නන්නම් කියලා හිතාගනෙ එහෙම වැඩක් කරන්න ඇති. ඒත් මැච් එක කටේ තියෙද්දි එහෙම වැඩක් කරපු එක නම් මට ඒ තරම් හොද සිතුවිල්ලකින් හිතන්න බැරි වුණා..


    "උඹේ කකුලෙ තත්වෙ කොහොමද බෙකම්..?"


    "දැන් නම් ටිකක් අමාරුව අඩුයි වගේ.. කොර ගගහ ඇවිදින්න පුළුවන් වෙයි.."


    "කොර ගගහ යන්නෙ මොකටද..? අපි උඹව උස්සගෙන යන්නම්කෝ.. අප්පට සිරි.."



    බලයගෙ වචනවල තිබ්බ පුදුමෙ ඒ මූණෙත් තිබ්බා. හැරිලා බලද්දි තමයි මං දැක්කෙ අපි දිහාට එන සමින්දි අක්කව..



    "බෙකම්.. මං කිව්වෙ නැද්ද..? අර උරච්ක්කර මාලෙ, බෑග් එකත් එක්ක පිටත් කරලා මෙයා තනියෙන් එන උජාරුව.. චමිල් බොරුවට පාත්වෙලා මොනවා හරි හොයනවා වගේ ඉදපං.."


    සට සට ගාලා ඇම්ඩා, උගේ ක්‍රියාන්විතයෙ අවසාන උපදෙස් ටික නිකුත් කලා. මූ වගේ එකෙක් යාලුවෙක් නොවී හතුරෙක් උනා නම්.. මැරි මැරී තමයි දෙයියනේ ජීවත් වෙන්න වෙන්නේ..


    "මයිගෝඩ්.. නවෝද් මොකද මේ...?"


    ළගටම ආපු සමින්දිගෙ මූණ පුදුමයෙන් ගල් ගැහුණා. ඒ කියන්නෙ එයා මගේ ඇක්සිඩන්ට් එක දැකල නැද්ද..? එහෙමත් නැත්නම් එයා ගෞරවනීය රංගනයකද මේ යෙදෙන්නේ..? පොතේ හැටියට නම් ආරාධිත රංගනයක් වගේයි..


    "කකුල ඩිංගක් පෙරලුනා.. අද අපේ මැච් එකනේ.."


    "මාත් ඩිංගක් බැලුවා.. අර ඔයා ගෝල් එක ගත්තු විදිය හරිම ලස්සනයි.. ඔයා ගානට හෙඩ් කලා.."


    "තැන්ක් යූ.. ඒක නෙමේ ඔයා අද ග්‍රවුන්ඩ් ආවෙ ප්‍රැක්ටිස් වලටද..? අද ග්‍රවුන්ඩ් එක මේ මැච් එකට බුකින්නේ.."


    "ආ... ඔව්.. ඔව්.. නෑ.. නෑ.. නෑ.. මං වෙන වැඩකට ආවේ.. ඒක නෙමෙයි.. මේ දෙන්නා මොනවද මේ බිම පෙරලගෙන හොයන්නේ..?"


    ඇම්ඩගෙයි, බලයගෙයි රංගනය සාර්ථක වෙන සුභ පෙර නිමිති පහල උනා. සමින්දි අක්කා සවකැමැත්තෙන්ම එයාගෙ මරුවැල අතට ගත්තා. ඔහොම යන් වස්තුවෙ.. ඔහොම යං.. මං තව ටිකකින් කොකා ගස්සන්නම්.. කෑලි නැතිවෙන්නම..


    "මගේ බූට්ස් දෙක.."


    "ඔයාගෙ බූට්ස් දෙක..?"


    සමින්දි අක්කගෙ ඇස් දෙක පුදුමයෙන් ලොකු උනා. ඒ සුදු මූණට ඇවිත් තිබුණෙ හරිම අවුල් සහගත බවක්. දෙයියනේ.. කෙල්ලොන්ට මේ තරම් යස අපූරුවට රගපාන්න පුළුවන්ද..? මෙයා නම් රාජ්‍ය සම්මානයක් උනත් ලබා ගනියි.. වසරේ හොදම නිළියට හම්බෙන..


    "ඔව්.. මැච් එක ගහන්න, දාන්න බලද්දි ඒක නෑ.."


    "ඔයාට අමතක වෙලා ගෙදරවත් දාලා ආවද..?"


    පව් අප්පා.. මෙහෙමත් අනුකම්පාවක්.. සෙනෙහස හතර වටේ දෝර ගලනවා..


    "නෑ.. මං අරගෙන ආවේ.. කොහේට හරි මිස් ප්ලේස් වෙලා.. නැත්නම් කවුරු හරි උස්සලා..."


    සමින්දිගෙ මූණ ඩිංගක් වෙනස් වුණා. උස්සලා කියලා කිව්වාම. අනේ අම්මපල්ල මෙහෙමත් කෙල්ලො. මූණෙ ලස්සන හදවතේ තිබේ නම් කියලා අර ත්‍රීවිල් වල ගහලා තියෙන්නේ රෝද තුනෙන් යන හින්දද..? නෑනේ.. මෙන්න මේ වගේ දරුණු ගනයේ ගෑනු ළමයි හින්දනේ..


    "හරිම අපරාධයක්නේ.."


    "ඒක නම් එහෙම තමයි.. මං දැන් බූට්ස් දෙකේ ආසාව අත් ඇරලයි තියෙන්නේ.. අපි තුන්දෙනාම හොයලත් හොයාගන්න බැරි වුණානේ.."


    "ඒ උනාට අපි තව ටිකක් හොයමු.."


    "එපා.. ඔයා නිකං කරදර වෙනවා.. මේක හම්බවෙන මගුලක් නෙමෙයි.."


    "මොන කරදරයක්ද..? එහෙනම් ඔයා මගේ බෑග් එකත් හොයලා දුන්නේ.."


    "ඒක තමයි මාත් කියන්නේ..? මේක මට හොයගන්න බැරි නම් කාටවත් හොයාගන්නත් බෑ.. මං අදහස අතෑරලා කිව්වෙ ඒකයි.."


    මං තැනට ගානට ලතාවට කතාව ගෙනාවා.. මෙතනින් එහාට ඒක සමාජගත කරගන්නෙක සමින්දිට බාරයි..


    "කාටවත්ම බෑ කියලා කිව්වේ..?"


    "කාටවත්ම බැරි හින්දනේ.. දැන් පේන්නෙ නැද්ද පැය ගානක් තිස්සෙ බංකු අස්සෙයි, පැවිලියන් එකෙයි, ග්‍රවුන්ඩ් එකෙයි අපි පණ දාගෙන හෙව්වා ඒත් වැඩක් උනේ නෑනේ.."


    "ඔයා කියන්නෙ.. ඔයාගෙ බූට්ස් දෙක කාටවත්ම හොයන්න බෑ කියලද..?"


    "ඔව්.. මං ඒකෙ ආසාව අත්ඇරලා ඉවරයි.."


    "ඒක කවුරු හරි හොයාගත්තොත්.."


    "ලෝක පුදුමයක්.."


    "මං අහන්නෙ කවුරුහරි හොයාගත්තොත් මොකද වෙන්නෙ කියලා..?"


    "මට බැරි නම් කාටවත්ම බෑ.."


    "මං හොයලා ගෙනාවොත්..?"


    ඕනම කරන තැනට කතාව එද්දි උද්යෝගය වැඩිකමට මට ඇම්ඩා දිහා බැලුනා.. ඌ මට ඇහැක් වහලා ආයෙත් බූට්ස් දෙක හොයන්න ගත්තා..


    "ඔයාට බෑ.."


    "මොනවද ඔට්ටු..?"


    "ම්.. ෆයිඩ් රයිස් විත් චිකන්.."


    "හොදයි.. මං කැමතියි.. දැන් කොහොමද මේක වෙන්නේ..?"


    දැනටම දිනල කියලා හිතන් ඉන්න සමින්දිගෙ මූණෙ සංතෝසෙ පෙට්ටියෙන් එකයි. ඒත් ඒ පෙට්ටියටම දුක පුරෝලා එකක් වැටෙන කල් එයාම දන්නෙ නෑ..


    "මගේ බූට්ස දෙක දවස් දෙකක් ඇතුලත ඔයා හොයන් ආවොත්, මං ඔයාටයි ඔයාගෙ යාලුවො දෙන්නෙකුටයි ඔය කිව්ව විදියට ලන්ච් අරන් දෙනවා.."


    "මං පැරදුනොත්..?"


    "ඔයා මටයි මගේ යාලුවො තුන්දෙනෙකුටයි අරන් දෙන්න ඕන.. හරිනේ..?"


    "හරි... මං එකගයි.."


    කෙල්ලගෙ මූණ සංතෝසෙ කියන්නේ, කියන්න වදන් නෑ.. මටත් සංතෝසෙ කියන්නෙ, ඒ වගේම තමයි.. ඒකම දෙකට දෙවිදියකට හිතන දෙන්නෙකුට මෙහෙම සන්තෝස වෙන්න පුලුවන්ද අප්පා..


    "වැඩක් නෑ.. බෙකම් හොයලා.. අපි සෝමතිලක සර්ටවත් කියලා බලමු.."


    "ඒකනේ.. කවදාවත් උනේ නැති වැඩක් නේ.."


    දැන් ගරු ගරපෑම් පටන් ගත්තේ, ඇම්ඩයි, බලයයි.. මං බොහොම අමාරුවෙන් හිනාව තදකරන් හිටියා. යකෝ.. මුං දෙන්නවනේ මට ගුණසිංහ සර්ගෙ නාට්‍ය හා රංග කලාවට අරගෙන යන්න තිබුණේ..


    "එහෙනම් මං යනවා.. ඔට්ටුව ස්තිරයිනේ.."


    "අනිවා.. මේ බෙකම්ගෙ වචන දෙකක් නෑ.."


    සමින්දි පැවිලියන් එකෙන් හැබැලා ග්‍රවුන්ඩ් එක පැත්තට යනකල් ඉදලා මායි, ඇම්ඩයි, බලයයි පැලෙන්න හිනා උනා..


    "කෙල්ල එහෙනම් අපේ බෙකම්ගෙන් ප්‍රයිඩ් රයිස් කන්න හෙණ ආසවෙන්ලු ඉන්නේ.. අනේ කවපං බෙකම්.. දැක්කනේ.. නා දලු වගේ තිබ්බ තොල් පෙති.."


    "මගුලක් කියනවා.. ඒකි කොහොමද ගානට තැනට ආපු හැටි.. ලොවෙත් නෑ චමිල් කතාව නම්.."


    "නෑ බෙකම්.. උඹල දෙන්නගෙම ටාගට් එක උනේ බෙට් එකට යන එකනේ.. ඉතිං ඒක ඉබේටම එතෙන්ට ගියා.. හැබැයි ඒකි නම් සුපර්.. කොලිටියක් තමයි.."


    ඒ වෙද්දි සෝමතිලක සර් ත්‍රීවිල් එකක් පැවිලියන් එකට එවලා තිබ්බා. පෙත්තාවඩුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්න කියලා, ප්‍රින්සිපල් සර්ටයි, විනය බාරව ඉන්න ජයසූරිය සර්ටයි කම්ප්ලේන් කරා කියලත් සෝමතිලක සර් කිව්වා. ඒ හැමදේම කිව්වේ, කෙරුවෙ මං පෙත්තාවඩු එක්ක පැටෙලෙයි කියලා සර් බයෙන් හිටපු හින්දා කියලා මට තේරුණා. සමහර විට මහ පෙත්තාවඩු මේකට අත දාවි කියන බය සෝමතිලක සර් ළග තිබුණා..


    **************************************


    ගෙදරට ඇවිල්ලා ඇදේ ඇල උනාමයි මට යාන්තන් සැනීමක් දැනුණේ.. අද දවස මොන මොන දේවල් උනාද හත්තිලව්වේ.. අන්තිමට නිකං දවස ගෙවිල යන්නෙත් නෑ වගේ..


    මගේ බැන්ඩේජ් කරපු කකුල දැක්කම අම්මා හුගාක් කලබල උනා. උනේ මොකක්ද කියලා විවිධ පැතිවලින් ප්‍රශ්න අහලා, මගෙන් උත්තරේ ගන්න ට්‍රයි එකක් දුන්නා. ඒත් මේ බෙකම් නෙමෙයි කටක් හෙල්ලුවේ. මං කිව්වෙම සෙල්ලම් කරද්දි රාහුලේ කොල්ලෙක්ගෙන් පාරක් වැදුනා කියලා. අපේ ඉස්කෝලෙ එකෙක් මට හිතල ගැහුවා කිව්වා නම් අම්මා හොදටම බයවෙයි. රෑ තාත්තා ආවමත් අම්මා පුරුදු විදියට භූමිකාව රග දැක්කුවා. හරියට මං අතපය හතරම කඩාගෙන ගෙදර ආවා වගේ.. ඒත් තාත්තා ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. මගේ බැන්ඩේජ් එක ගලවලා බලලා ආයෙත් තිව්ව විදියටම බැන්දා..


    "කොල්ලො උනාම ඔහොම තමයි.. ටිකක් දුවලා පැනලා විසේ කරන්න ඕන.. නැත්නම් කොලු කමෙන් වැඩක් නෑ.."


    වැඩිය කතා කරන්නැති තාත්තා එහෙම කියද්දි මට ඇහුණෙ බුදු සනීපයක්.. ඔන්න ඔහොම ඉන්නව නම් මොනව කරන්න බැරිද අප්පා..


    "තාත්තලා, පුතාලා ඕන දෙයක් කරගන්නෙයි ඇත්තේ.."


    එහෙම කියාගෙන අම්මා කාමරෙන් යද්දි මගේ ඔලුවත් අතගාගෙනම තාත්තා, අම්මගෙ පිටිපස්සෙන් වැටුණා..


    *********************************


    පහුවෙනිදා මං ඉස්කෝලෙ ගියේ කොර ගගහා. ඒක ටිකක් ඇඩ්වාන්ස් තත්වයක්. බොරුවටත් එක්ක ඩිංගක් කොර ගගහා යනකොට මාර ගතියක් තියෙනවා.. දහය වසරෙ, එකොළහ වසරෙ කෙල්ලො මං දිහා බලන් හිටියෙ මාර ආසාවෙන් කියන්න මං දැනන් හිටියා. ඒක හින්දම මං ටිකක් හිතට අරගෙනයි හිටියේ..


    මේ වෙනකොට ඊයෙ මැච් එකේ විස්තරේ අකුරක් නෑරම මුලු ඉස්කෝලෙ පුරාම විකාශනේ වෙලා තිබුණා. හැමෝම වගේ මං දිහා බැලුවෙ වීරයෙක් ගානට දාලා. මාව ගෑවිලා කතා කීපයක්ම නිර්මානය වෙලා තිබුණා. එකෙන් හොදම එක තමයි කකුල කඩාගෙනත් මං ප්ලේ කරලා ගෝල් ‍දෙකක්ම ගැහුවා කියනෙක..


    කොහොම උනත්, පංතියට එද්දිම හුරේ පාරක් දාලා කොල්ලො සෙට් එක මාව පිළිගත්තා. ඒ අතරෙ සුපුරුදු විදියටම පැතුමා බර කතාවක්..


    "මට අපේ බාප්පව එපා උනා මචං.."


    ඌ කල්හාරට හෙණ තෙලක් බෙදනවා. කල්හාර මට අත වනලා කතා කරද්දි මාත් එතෙන්ට ගියා. මාව දැක්කහම පැතුම්ගෙ ෆිට් එක වැඩිවුණා. කතාවෙ සද්දෙත් වැඩි වුණා.


    "ඇයි පැතුමා උඹට බාප්පව එපා උනේ.."


    හෙන අහිංසක තාලෙට මාධව ඇහුවා..


    "ඒකා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයක් පටන් අරගෙන.."


    "ෂිහ්.. මහ නසරානියෙක්නේ බං උඹලගෙ බාප්පා.."


    "මාත් එහෙමයි බං බාප්පා ගැන හිතන්නේ.."


    "ඉතිං උඹ බාප්පට අවවාද කලේ නැද්ද..?"
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ලෝකෙ ජීවත්වෙන හැටි උඹ බාප්පට ඉගැන්නුවෙ නැද්ද..?"
    "උඹේ සොදුරු අත්දැකීම්, ගෑනු සම්බන්ධයෙන් උඹේ ඇති උපකල්පන උඹ බාප්පට දුන්නැද්ද..?"


    "බෙකම්.. උඹ මගෙන් කුණුහරුප අහන්නෙපා.. මං බාප්පට කෙලින්ම මගේ අප්‍රසාදය පළ කරා.."


    "ඉතිං..?"


    "උඹලා දන්නවද..? බාප්පා කියන්නෙ මාර කතාවක්.. කන්න කෑම ටික හදලා දීලා, රෙදි ටික හෝදලා, මැදලා කාරිය, මගේ ප්‍රශ්නත් අහගෙන ඉදලා, දරුවන්ගෙ ප්‍රශ්නත් විසදලා, මං කුණුවෙන්න බිලා ආවහම ඔලුවෙ දෙහි ගාල, කබරයා දැම්මම කාමරේ හොදලා ඔය වගේ හැමදේම කරන්නෙ පුංචි අම්මලු.."


    "ඉතිං යකෝ උඹලගෙ පුංචි අම්මා මනුස්ස දෙව්දුවක්නේ.."


    "මාත් ඔහොමම කිව්වා මාධවයා. බාප්පා කියනවා මිනිහගෙ හැම දුකකටම හැම සතුටකටම ජීවිතේ හැමදේකටම ළගින් හිටියෙ පුංචි අම්මලු.."


    "ඔය හැමදේම කරද්දි මොකටද වෙන ගෑනියෙක් ළගට ගියේ කියලා උඹ බාප්පගෙන් ඇහුවෙ නැද්ද.? අපිට උනත් තද වෙනවනේ මේවා අහනකොට.. "


    "මං ඇහුවා කල්හාරයා.. මං ඇහුවා.."


    "බාප්පා මොකද කියන්නේ..?"


    "ඔච්චර දේවල් මං වෙනුවෙන් කරද්දි, සෑහෙන්න කරදර විදිද්දි, හැමදේට බාප්පට පුංචි අම්මා ළගට යන්න බෑ කියන්නේ.."


    පැතුමා ඒ කියපු තාලෙට මටත් හිනා ගියා. මේකා මේවා කොහෙන් අහුලගෙන එනවද මංදා. එහෙමත් නැත්නම් ඇත්තටම වෙනවද දන්නෙත් නෑ..


    "බෙකම්..."


    එකපාරටම දොළහ බී පංතියෙ චමිල් එබුනා..


    "ඇයි..?"


    "උඹේ කකුල කොහොමද..? ඇම්ඩත් අහන්න කියලා කිව්වා.."


    "කකුල නම් හොදයි.. ඒත් ඇම්ඩට මෙතනට එන්න බැරි.. ඌ මොනවද කරන්නේ..?"


    "ඒකා ඊයෙ රෑ ඉදලා නෝම්බි අල්ලලා.."


    "නෝම්බි..?"


    "ඔව් බං.. හෙට දොළහෙන් පස්සෙ නෝම්බි ඉවරයිලු.. දානමය පුන්‍ය කටයුත්තක් තියෙනවලු.."


    බලපා අපේ පංතියෙන්, උගේ ඔලුව ගත්තා. ඌ දොළහා බී වුණාට නිකං උභයජීවියෙක් වගේ. හුගාක් වෙලාවට දොළහා සී එකෙත් ඉන්නවා..


    "මොකක්ද බෙකම්.. බලයා දානයක් ගැන කිව්වේ..?"


    චමිල්ගෙ දානමය පුණ්‍ය කටයුත්ත පැතුමටත් ඇහිලා. මං ඉතින් ඉස්කෝලෙ පටන් ගන්න කලින් නිවාඩු පාඩුවෙ පැතුමට ඒක විස්තර කලා. ඌ මං දිහා බලන් හිටියෙ, කතරගම දෙයියො දිහා බලන් ඉන්න තරමෙ භක්තියෙන්..


    **********************************


    සෙනසුරාදා උදේ ඉදන් මම, සමින්දිගෙ මූණ දකින්න යන්න පෙර ම බලාගනෙයි හිටියේ. හුගාක් වෙලාවට එයා මේ වෙනකොට දන්නවත් ඇති, බූට්ස් දෙක එයාට අහිමිවෙලා කියලා. කෙල්ල තුන් මුනින් දාඩිය දාගනෙ හොයනවා ඇති, ඒකට මොකද වුණේ කියලා..


    කතා කරගත්තු වෙලාවට මං චයිනීස් ෆුඩ් සෙන්ටර් එක ළගට දවල් එක වෙද්දි ගියා. ඒ වෙනකොට ඈන්ක්ල් එක හුගාක් දුරට හොද වෙලා තිබුණත් ෂෝ එකට වගේ මං කකුලෙ බැන්ඩේජ් එක බැදගෙනයි තිබුණේ. බැන්ඩේජ් එකත් බැදගෙන බාගටෙ කොර ගගහ යනකොට මාර කලර්ස් එකක් තමයි..


    "බෙකම්..."


    මවුන්ටන් බයිසිකලෙන් බහින්න හම්බවුණේ නෑ.. ඇම්ඩයි, බලයයි මෙන්න මගේ ඉස්සරහා..


    "අපි දහයෙ විතර ඉදලා මෙතන.. ඇයි බං උඹ පරක්කු උනේ..?"


    ඇම්ඩා අහන කතා වල හැටි බලන්න අප්පා. ඔලුව හොදට තියෙන එකෙක් කවදාවත් මේ වගේ ඒවා අහවිද..?


    "නාලක.. සමින්දි අපිට දෙනවා කිව්වෙ ලන්ච් එකක්.. එහෙම නැතුව බ්‍රෙක්ෆස්ට් එකක් නෙමෙයි.."


    ටිකක් වෙලා යනකොට පැතුමත් ආවා, අපි තුන්දෙනා ළගට. ඌ නම් මගුල් ගෙදරක යන්න වගේ ලෑස්තිවෙලා හිටියේ.. ඇම්ඩා ඌව දැකපු ගමන් හෙණ කැපිල්ලක් දැම්මා.. අහුන්ගෙ කෑම වේලක් කන්න මේ තරම් සිරාවට ලෑස්තිවෙලා ආවා කියලා. එතකොට ඇම්ඩා ඇවිල්ලා ඉන්නෙ වෙන මොනව හරි කරන්නද කියලා නම් පැතුමට අහන්න අමතක වුණා..


    "මූණ, කට, නහය සීදේවි පාටට තිබුනට ගෑනු ළමයි මෙච්චර මෝඩ ඇයි බෙකම්..?"


    ඇම්ඩගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට හම්බවුණේ නෑ.. වටපිට බල බල ෆුඩ් සෙන්ටර් එක පැත්තට එන රූපෙ මං ඈතදිම අදුනගත්තා. බලයගෙ, ඇම්ඩගෙ වුණත් ඇස් තිබ්බෙ ඒ දිහාට යොමුවෙලා. පැතුම් විතරයි කෙල ගිල ගිල ෆුඩ් සෙන්ටර් එක දිහා බලන් හිටියේ. ඌට රෝස්ට් චිකන් මතක් වෙන්න ඇති..


    "සමින්දි එනවා.."


    ඇම්ඩට කියවුණා.. මෙච්චර කාලෙකට මං සමින්දි අක්කව දැකලා තිබ්බෙ ස්කූල් යුනිෆෝම් එකෙන් හරි ට්‍රැක් කිට් එකක් හරි ඇදලා ඉන්නවා විතරයි.. ඒත් එයා අද කලු පාට ලොකු ඩෝට් වලින් පිරිච්ච දිග ගවුමක් ඇදලා හිටියා. එයාගෙ අර ස්කූල් යුනිෆෝම් එකට පේන අලි උණ මේ ඇදුමට නම් කොහොමටවත් පේන්න නෑ. අමුතුම චාම් බවකුයි තිබ්බෙ. ඒ වදිවට හිත ඇදලා ගත්තු ලස්සනකුත් තිබ්බා..


    "නවෝද්.."


    මගේ නම කියලා විහිලුවටවත් කතා කරන්නැති සමින්දි අක්කා, කෙලින්ම මට කතා කරා. මං දිහා එයා එයා හොදට බැලුවා. ඒ සුදු මූණෙ තිබ්බෙ අන්ත පරාජයක මං සලකුණු. වැඩේ අනිලා කියලා දැනටමත් දන්නවා ඇතිනේ..


    "කෝ මගේ බූට් දෙක..?"


    මං කෙලින්ම කතන්දරේට බැස්සා. තවත් දිග පළල මැන මැන කුණුවෙන්න ඕනෙ නෑනේ..


    "ම.. මට හොයාගන්න බැරිවුණා.."


    "ඒ කියන්නෙ ඔයා බෙට් එක පරාදයි සමින්දි.."


    "ඔ... ඔව්.. ම.. මං පරාදයි.."


    ජීවිතයේ ඉතාමත් අකමැත්තෙන් කියන වචන කීපයක් සමින්දි අක්කා මගේ ඉස්සරහා කිව්වා. එයා කවදාවත් පරාජයක් එක්ක ඉන්න කැමති කෙනෙක් නෙමෙයි කියලා ඒ වෙනකොටත් මං හොදටම දැනගෙනයි හිටියේ..


    "එහෙනම් ඉතිං වැඩිය කච කචේ නැතුව, අපි කට්ටියට කෑම වලින් සංතෘප්ත උනානම් හොදයි නේද..? කෑම අරන් දෙන්න කෙනෙකුයි, ඒ කෑම බිංදුවක්වත් අපතේ අරින්නැතුව කන්න උපන් හැකියාවක් ඇති කීපදෙනෙකුයි ඉද්දි තවදුරටත් ඇයි අපි බලන් ඉන්නේ, ෆුඩ් සෙන්ටර් එකට යන්නැතුව.."


    ඇම්ඩගෙ කතාවෙන් සමින්දි අක්කට ලැජ්ජ හිතුනා වගේ. එයා පටාස් ගාලා පර්ස් එක අරලා රුපියල් දෙදාහක් මගේ අතට දුන්නා. රුපියලා දෙදාහ දැක්ක ගමන් පැතුමට එහෙම අවුරුදු වගේ. උගේ කට කන ළගටම ගියා. හිනාව පෙට්ටියෙන් එකයි..


    "අපේ සාගින්දර නිවන ඔබතුමියට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.."


    "තව බෙට් එකක් දාමුද..?"


    ඇම්ඩගෙයි, බලයගෙයි මූණු දිහා බලන් ඉදලා සමින්දිගෙ ඇස් මගේ ඇස් දෙක හෙව්වා. හුගාක කැමැත්තෙන් මං ඒ ඇස්වලට ඉඩ දුන්නා.


    "මේක මං දිනන්නම තිබ්බ චාන්ස් එකක්.."


    සමින්දි මට ටිකක් ලංවෙලා කිව්වා..


    "ඔව්.. ඔයා දිනන්න තිබ්බා.. ඒත් දිනන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මං දිනුවා.."


    "මට තේරුන්නෑ.."


    "පැතුමා මගේ බූට්ස් දෙක පෙන්නපන්.."


    පිටේ එල්ලගෙන යන ඩබල් පටි දාපු බෑග් එක ඇතුලෙන් පැතුම් මගේ ෆටුබෝල් ගහන සපත්තු දෙක එළියට ගත්තා. ඒක තාමත් පත්තර කොලේකින් ඔතල, කලු ටියුලිප් බෑක් එකකින් ආවරණය කරපු ගමන්ම තිබුණා. බලන් ඉද්දිම සමින්දි අක්කගෙ ඇස් උඩ ගියා.


    "ඔ.. ඔයා කොහෙන්ද මේක හොයාගත්තේ..?"


    "මට හොයන්න බැරි දෙයක් ලොවෙත් නෑ සමින්දි.. වෙච්ච හැමදේම මං දන්නවා.."


    ඒ ලස්සනට මූණෙ තිබ්බෙ කිසිම දෙයක් අදහාගන්න බැරි ගතියක්. ඒ අහන දේවල් ඇහෙන්නෙ ඇත්තටමද කියලා හිතාගන්න බැරිවයි එයා හිටියේ..


    "හැමදේම කිව්වේ..?"


    "ඔයා කොන්වන්ට් එකේ හෙඩ් ෆ්‍රිෆෙක්ට් වෙන්න පුළුවන්.. ඒත් මං මගේ ඉස්කෝලෙ නෝමල් ෆ්‍රිෆෙක්ට් කෙනෙක්වත් නෙමෙයි. මං ෆුට්බෝල් ගහන බෙකම්.. එච්චරයි.. ඒත් ඔයා කරපු හැමදේම මං දැක්කා.. මගේ ඇස්වලින් බේරෙන්න බෑ ඔයාට.."


    "මොනවා ගැනද ඔයා මේ කියන්නේ..?"


    "ඔයා හොරෙන් උසස්පු මගේ බූට්ස් දෙක ගැන.. ඊට පස්සෙ කැත නැතුව මාත් එක්ක දාපු බෙට් එක ගැන.. ඔයාට දැන් පුදුම ඇති නේද..? ඔයා උස්සපු බූට්ස් දෙක මං ගාව තියෙන්නෙ කොහොමද කියලා.."


    වැදිච්ච පාරෙ සැරකමට සමින්දිට වචන හිරවුණා වගේ. එයා සම්පූර්ණයෙන්ම අවුල් වුණා. ඒ අවුල්වීම මගේ හිතට ගෙනාවෙ ලොකු සතුටක්. මට හොදට මතකයිනේ එයා මට මුලින්ම දාපු අලි ටෝක්ස්..


    "ම.. මං ඔයාගෙ බූට්ස් දෙකක් ගත්තෙ නෑ..."


    "නිකං බොරු කියන්නෙපා සමින්දි.. මේ ඉරිදා ලංකාදීප පත්තරේ පිටුව ඔයාගෙ නෙමෙයිද..? මේ කලුපාට ටියුලිප් බෑග් එක ඔයාගෙ නෙමෙයිද..? ආ.. ඔයාට බෑ කවදාවත් මට රිටර්න් එක දෙන්න.."


    "ඔ.. ඔයා මේ මොනවද කියන්නේ..?"


    "මං කියපුවා බොරු නෙමෙයිනේ සමින්දි.. ඔයාට කවදාවත් බෑ මගෙත් එක්ක ඇටෑක් කරලා දිනන්න.. මං ඒක එදත් කිව්වා. අදත් කියනවා.."


    සමින්දිට තවත් කතා කරන්න දෙයක් තිබ්බෙ නෑ.. ඒ මූණට දැන් දැන් එන්න අරන් තිබුණෙ ලොකු තරහක මං සලකුණු. ඒක එයා හුගාක් අමාරුවෙන් හිර කරගත්තා.


    "බෙකම්.. උඹ කතා කරනවා වැඩියි.."


    "අරහෙ චිකන් කෑලි දුක් විදිනවා.."


    "උඹල කතා කරලා එනකල් අපි පටන් ගන්නද..?"


    මගෙයි, සමින්දිගෙයි කතාව මැද්දට ඇඩ්වර්ටීස්මන්ට් දැම්මා වගේ ඇම්ඩයි, පැතුමයි, බලයයි පැන්නා. උංට කතා කරන්නෙපා කියන සංඥාව දීළා මං ආයෙමත් උගුර පාදගත්තා..


    "ඔයා කරපු දේවල් කරේ නෑ කියලා කියනවා නම් මං ඒ ගැන වැඩිය එලවන්නෙ නෑ.. මොකද ඔයාගෙ හිත දන්නවනේ.. මම නම් දෙයක් කරා නම් කරා කියනවා.. ඔයා වගේ කැත විදියට හංගගෙන ඉන්නෙ නැතුව.."


    සමින්දි වචනයක්වත් කිව්වෙ නෑ.. ඒක හන්දම මට බාධාවක් නැතුව කතා කරගෙන යන්න පුළුවන් උනා..


    ඔයා ඩිබෙට් ටීම් එකේ කැප්ටන් වෙන්න පුළුවන්. ඒත් මගෙත් එක්ක කතා කරලා ඔයාට දිනන්න බෑ. ඔයා මගෙන් උස්සලා බෑග් එකට දාගත්තු මගේ බූට්ස් දෙක මං අරගත්තේ ඔයාගෙ යාලුවගෙ බෑග් එක ඇතුලෙ තිබිලා. ඔයා මට දීපු ගේමට වැඩිය, අන්න ඒවටයි ගේම් කියන්නේ.. නිකං නෙමේ මැක්සා ගේම්.. ඒවා ලොවෙත් නෑ සමින්දි..


    රෝසපාට තොල්පෙති කිටි කිටියෙ එකට එක තදවෙද්දි සමින්දි එයාගෙ කේන්තිය, දරාගැනිමෙ උපරිම සීමාවට ඇවිල්ලා කියලා මට තේරුණා. කරන්න දෙයක් නෑ බබා. ඔයා තමයි මේ අනේක වර්ගයේ හැදි වර්ග තියෙද්දි පොල්කටු හැන්දකින් බෙදාගත්තේ..


    "ම... මම"


    "කියන්න සමින්දි කියන්න.. මං අහගෙන ඉන්නේ.."


    ඒත් එයා මුකුත් කිව්වෙ නෑ.. මොනව හරි කියන්න ඇවිත් එයා වචන ටික ගිලගත්තා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "පළවෙනි පාර මං ඔයාට වැටෙන්නම ගැහුවා බෙට් එකේදි. දැන් දෙවෙනි පාර ඔයාට ඇපත් නෑ.. ඇයි ඉතිං දිනන්න තිබිච්ච හොදම අවස්තාවක් මං කැත නැතුව උදුරලා ගත්තා.. නිකං ලැජ්ජයි, ලැජ්ජයි වගේ නේද..? ඔයාට කවදාවත්, කවදාවත් බෑ මේ බෙකම්ව පරාද කරන්න.."

    මං කිව්වෙ ලොකු විශ්වාසෙකින්. ඒ විශ්වාසෙ ඉස්සරහ සමින්දිගෙ ආත්ම ශක්තිය දෙදරලා ගියා..


    "බ... බලමුද..?"


    "බලන්න දෙයක් නෑ.. මේ වෙච්ච අන්ත පරාදවීම් දෙකටම වැඩිය කැත පැරදීමක් තමයි.. ඊලග ටර්න් එකේ ඔයාට ලැබෙන්නේ.."


    කේන්තිය වැඩිකමටද මංදා සමින්දිගෙ ඇස්වලින් කදුළුත් උනාගෙන ඇවිල්ලා. ඒ වෙනකොට ඇම්ඩයි, බලයයි, පැතුමයි හිටියෙ චයිනීස් ෆුඩ් සෙන්ටර් එකේ ඉස්සරහා දොර ගාව. උංට නම් පුදුම හදිස්සියක් තියෙන්නේ.. හරියට තව ටිකකින් මේ ලෝකෙ සියලුම කෑම ජාති ඉවරවෙනවා වගේ..


    "ම.. මං ඔයාට කිසිම සමාවක් දෙන්නෑ.."


    මෙච්චර වෙලා වචන හිරවෙලා තිබ්බ සමින්දිගෙ කටට වචන ගලාගෙන ආවා..


    "ඔයාගනේ සමාවක් මට ඕනෙ නෑ සමින්දි.. මීට කලින් ඔයා සෑහෙන තරම් කට්ටිය එක්ක හැප්පිලා ඇති. ඒ වගේම දිනලත් ඇති. ඒත් මේ බෙකම්ට ඒවා වලංගු නෑ. මං ඉස්සරහා ඔයාට තියෙන්නෙ නියත පරාජයක්.. මොකද කියන්නේ..?"


    "කි... කියන්න ලොකු දෙයක් නෑ.. ඔයා මට වැඩිය දක්ෂයි කියලා මං පිළිගන්නෙත් නෑ.. මොනම හේතුවකටවත් ඊලග පාර ඔයාට දිනන්න දෙන්නෑ.. ඒක මේ සමින්දිගෙ පොරොන්දුවක්.. මං ඔයාට වැටෙන්න ගහනවා.. ඒක ස්ථිරයි.."


    හප්පට ඩෙන.. කොහොමද කොල්ලො ඒ චැලේන්ජ් එක.. මුලු සංසාරෙම කිලිපොලා යනවා නේද..?


    "මට වැටෙන්න ගහන්න, ඔයා තව පාරක් කොන්වන් එකේ හෙඩ් ප්‍රිපෙට් වෙලා ආවත් බෑ තේරුණාද..?"


    "බලමුද..?"


    දිග ඇහිපියන් යට තිබ්බ, ලස්සන ඇස් දෙකේ තිබ්බ වෛරයක් එක්ක ගෑවිච්ච චැලේන්ජ් එකක්. මං ඒක බොහෝම සුන්දර සිතින් බාරගත්තා..


    "බලමු.."


    ඇස් දෙක මගේ මූණෙ තියාගෙනම සමින්දි හැරුණා. ජීවිතයෙ කොයි තරම් දුරකටද කියලා දන්නෙ නැති තැනකට. හුගාක් දේ අතෑරිලා යන්න හදන වෙලාවෙ මං සමින්දිට ආයෙත් කතා කලා..


    "බෙට් එක පරාද වුණාට කමක් නෑ.. අපිත් එක්ක කෑම ටිකක් කාලා යමු.."


    මගේ ආරාධනාවෙන් ඒ ඇස් දීප්තිමත් උනා. ඒවා හරියට නිවි නීවී පත්තුවෙන සීරියස් බල්බ් වැලක් වගේ..


    "පැරදුන තැන්වල ඉදලා මට පුරුදු නෑ.."


    "උච්චකම තියලා කෑම ටිකක් කමු.."


    "මගේ උච්චකම මට.. ඒක මං ගාව තිබුනාවේ.. හැබැයි කොයි වෙලාවෙ හරි මේවයේ රිටර්න් එකක් ළගදිම එනවා. එහෙම නාවොත් මං සමින්දි නෙමෙයි.. තේරුණාද..?"


    සට සට ගාලා ඒ වචන ටික කියලා සමින්දි හැරුණා.


    "මේ බෙකම් එක්ක හැප්පිලා දිනපු කිසිම කෙනෙක් නෑ.. කාටවත් දිනන්නත් බෑ.."


    අපෙන් ඈත්වෙලා යන සමින්දි දිහා බලලා මං කෑගැහුවා..

    "දිනාවි..! තව ඉස්සරහට දිනාවි..! ඒත් දිනන්නෙ සමින්දි..!"


    ආපහු හැරිලා කෑගහලා ඒ ටික කියලා සමින්දි ස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ගියා..


    තවත් ඉතිං ඒ ගැන කතා කරලා වැඩක් නෑ.. ගේම නම් ගේම.. ඔයාට කවදාවත් බෑ මාව පරද්දන්න.. කතන්දරේ එච්චරයි..


    "බෙකම් වරෙන්..."


    "සමින්දිගෙ පස්ස දිහා බලන් හිටියා කියලා බඩ පිරෙන්නෑ.."


    ඇම්ඩයි, පැතුමයි මොනවදෝ කියවද්දි, උං එක්ක ලන්චි එක ගන්න යන්න මං ඒ දිහාට අඩිය ඉස්සුවා. සමින්දි හදන්නෙ මාත් එක්ක හැප්පෙන්න නම් මේ බෙකම් ඕන වෙලාවක එවරෙඩි බැටරියෙ පූසා වගේ රෙඩි.. ආයෙ දෙකක් නෑ සමින්දිට ඇපත්න නෑ..


    ෴සොදුරු නවෝදය 2 කොටසින් හමුවෙමු෴

    | PDF ආකාරයට ලබාගන්න |