ඡායාරූපකරණය ඉගනගනිමු. part 5

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඡායාරූපකරණය ඉගනගනිමු. part 5

    1වන කොටසට මෙතනින්
    2වන කොටසට මෙතනින්
    3වන කොටසට මෙතනින්
    4වන කොටසට මෙතනින්


    කලින් ත්‍රෙඩ් එකේ සඳහන් කළ පරිදි මේ ත්‍රෙඩ් එකේදි අපි කැමරාවේ ඇති විවිධ modes ගැන කතා කරමු.

    Fully Automatic
    මෙය සාමාන්‍යයෙන් ඕනෑම කැමරාවක ඇති සහ බොහෝවිට බොහෝදෙනෙක් භාවිතා කරන mode එකයි. මෙහිදී සිදුවන්නේ අවට පරිසර තත්තවය අනුව කැමරාව විසින් ස්වයංක්‍රීයව settings හදා ගැනීමයි. භාවිතා කිරීම ඉතා පහසු වේ. නමුත් මෙහි ප්‍රධාන අවාසිය වන්නේ ඡායාරූපය ඡායාරූපශිල්පියාට අවශ්‍ය ලෙස නොව කැමරාවට අවශ්‍ය ලෙස තිබීමයි. සමහර අවස්ථා වලදී මෙම mode එක භාවිතා කිරීම මගින් සාර්ථක ඡායාරූප ගැනීමට අපහසු වෙයි.

    Portrait mode
    portrait-mode.png

    පුද්ගලයන්ගේ උඩුකය ඡායාරූප ගැනීමට භාවිතා වේ. පසුබිම blur වීමක් සිදු වේ. නූතන ඩිජිටල් කැමරා වල මුහුණ focus වීම කොටුවක ආධාරයෙන් පෙන්වයි. zoom in මගින් වඩා පැහැදිලි සහ ලං වුනු ඡායාරූපයක් ලබාගත හැකිය.

    Macro mode
    macro-mode.png

    ප්‍රමාණයෙන් කුඩා ඡායාරූප ගැනීමේදී උපකාරී වේ. කෘමීන්, කුඩා මල් වැනි දැ ඡායාරූපගත කිරීමට උපකාරී වේ. අවශ්‍ය වස්තුවට 2-10cm අතර කැමරාව තබා ඡායාරූපය ගතයුතු වේ. කැමරාවේ කුඩා සෙලවීමකින් පවා blur වීමක් සිදුවිය හැකිය. එමනිසා tripod එකක් භාවිතා කිරීම සුදුසු වේ.
    macro_photography_35.jpg


    Landscape mode
    th_Landscape_Mode_Symbol.jpg

    විශාල ප්‍රදේශයක් එකවර ඡායාරූපගත කිරීමේදී මෙය භාවිතා වේ. බොහෝ විට Nature photography වලදී භාවිතා වේ. ආලෝක ප්‍රමාණය අඩු අවස්ථාවක මෙම mode එක භාවිතා කරන විට කැමරාව විසින් shutter speed එක අඩු අගයක් දීමේ හැකියාව තිබෙනවා. එවැනි අවස්ථා වලදී කැමරාව සෙලවුනොහොත් blur වීමක් සිදුවිය හැකි නිසා tripod එකක් භාවිතා කිරීම උචිත වේ.

    Sports mode (Action mode)
    th_Sports_Mode_Symbol.jpg

    චලනය වන වස්තූන් ඡයාරූපකරණයේදී උපයෝගී වේ. මෙහිදී shutter speed එක වැඩි අගයක් ගනී. continuous shooting වලදී උපකාරී වේ.
    dilshan_wideweb__470x3350.jpg


    Night mode
    night-icon.gif

    අඩු ආලෝක තත්වයන් යටතේ, රාත්‍රී කාලයේදී ඡායාරූප ගැනීමට උපකාරී වේ. shutter speed එක අඩු අගයක් ගන්නා නිසා tripod එකක් භාවිතා කිරීම සුදුසු වේ. එසේ නොමැති නම් ඡායාරූපය බොඳ වීමක් සිදු වේ. පහලින් තිබෙන්නේ එලෙස බොඳ වුනු ඡායාරූපයක්
    FunwithnightmodeAMJP.jpg


    තවත් ත්‍රෙඩ් එකකින් අපි කැමරාව නිවැරදිව අල්ලාගන්නා ආකාරය පිළිබඳව කතා කරමු.

    ඔයාලගෙ කමෙන්ට්ස් නැති වුනොත් මට ත්‍රෙඩ් දාන්න එපා වෙයි. මොකද ඔයාලගෙ කමෙන්ට්ස් තමයි මට මේකෙන් ලැබෙන ආත්ම තෘප්තිය. ඉතින් කමෙන්ට් එකක් දාල යන්න.

    part 6
     
    Last edited:

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Thank u Very much machan..mama DSLR camera ekak aran eka use karanna danna nathi hinda davas ganak ottu vela DVD tutorial ekak bava..me thread eka thibba nam eka ona naha...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,269
    17,180
    113
    නියමයි මචන්...සුපිරි වැඩක් ..දිගටම ලියන්න අපි කියවනවා..:):):)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් thread එක තව ඉස්සරහට අරන් යන්න... ගොඩක් වැදගත්.. අපි දිගටම ඉන්නවා :)