ඔබ කවුරු උනත් ජීවිතේ තනිකම පාලුව කාන්සිය මොහොතක් හෝ විදල දැනිලා ඇති.... ඒත් ඒ විදින තනිකම ඔබට මොහොතකින් අමතක වෙලා යනව. මොහොතකින් ඒ තනිකම මැකෙන කුමන හෝ සිදුවීමක් සිදුවන නිසයි එහෙම තනිකම අමතක වෙලා යන්නෙ...
නමුත් ආදරය සෙනෙහස වැනි කාරණා වලදි අපි අපේ ජීවිතේ තනිවෙලා කියල දැනුනම.... භෞතිකව සිදුවන තනිවීමට වඩා දරාගන්න අපහසුම කාරණය තමා අපි අපේ සිතන්ම තනිවෙලා කියන තත්වයට පත්වීම හා අපේ සිතට එය දැනීම... එවිටදි ඒ තනිකම දුරස්කරන්න සිව්රග සේනාව පැමිණීයත් වැඩක් නෑ.. ඇය හෝ ඔහු නැතිනම්... මේ ගීතයත් අන්න ඒ වගේ ගීතයක් ලෝකයටම මූසල දේවල් ඔහු ලංකරගෙන... තනිකම විදිනවා... සංගීතයත් පද රචනයත් එකතුවෙලා අපිට ඈත ගම්මානයක, කටුමැටි ගෙදරක කළුවරේ පැදුරක් එලාන හාන්සිවී සිටින පුද්ගලයෙකුගේ අදෝනාවක් ගැන ගීතයක් නෙමෙයි චිත්‍රපටියක් පෙන්වනවා.... මේ ගීතය මගින් ඔබ හා මම ජීවිතය ගෙවද්දී විඳපු සුන්දර වගේම අසුන්දර සිද්ධි, විරහව... එක්වීම්... වෙන්වීම්... මේ හැම දෙයක්ම අප ඉදිරියේ චිත්රණය කරනවා........
තවදෙයක් තමයි අපි හැමෝම වගේම අපිටත් වඩා අපේ අච්චිල සීයල පැරණි මත සමග ගොඩාක් බැදිල ඉන්නෙ... මටනම් අදටත් හූනෙක් චික් චික් සද්දයක් දැම්මොතින් සූදානම් උන ගමන යනව බොරු... මොහොතක්වත් ඉන්න වෙනව... හිටියෙ නැතිනම් බලෙන් හරි නවත්තගන්නව... බස්සෙක් ඇඩලීම, උලලේනාගේ සද්දය, ගොම්මන වගේ දේවල් අශුබ දේවල් විදියටයි අපේ පැරැන්නො සලකන්නෙ... ඒ අසුබ දේවල් මේ ගීතයේදි තනිකඩය ලගට ගන්නෙ ඇයි කියන ගැටළුව මේ ගීතය පුරාවටම ප්‍රශ්ණාර්ථයක්... අපි බලමු ගීතය ගැන කතාරමින්ම ඒ පිළිබදව...
මේ පුද්ගලයාගේ ජීවිතයේ අවසානයේ ඔහුගේ තනියට ඉන්නේ තනිකම විතරයි. ඉඳිකඩ පැන එන්නැයි තනිකමට ආරාධනා කරන්නේ වෙන කිසිවකට නොවේ. තුරුළු වෙලා නිදාගන්න ඔහුට ඉන්නේ මේ තනිකම විතරයි. තමා දමා ගිය කෙනා නිසා ඔහු තනිවෙලා.... ඒ තිනකම ඔහු විදිනවා... හැබැයි පුළුවන් කමකට නෙමෙයි.. ඔහුට විදින්න වෙලා... ඇය ඔහුව තනි කරලා....
පිලේ පහන නිව්වා මං
ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන
මං නිදි පැදුරේ...
ගොම්මන් කළුවර නැතිවෙල ගියේ මගේ මේ පාළු පැල්පතේ තිබුන පහන් එළියෙන්... ඒ අඳුර කපාගෙන දැල්වෙන පහන නිවා දමා මම නිදි පැදුරට වැටුණා. මෙහෙම කළුවරේ නිදි නැතිව හාන්සිඋනාම තමා සිතුවිලි ගලා ගෙන එන්නෙ.. ඝනඳුරත් එක්ක හුදෙකලාව තදින් දැනෙනවා. මොනවා කරන්නද..? හැමදාම තනියම ඉන්න තනිකම වෙනදා වගේම ඉදිකඩ පැනලා වරෙන්. මම උඹ එන තුරු නිදි පැදුරේ බලා ඉන්නවා.
පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්න...
පසලොස්වක හද පායල දැන් පසලොස්වක ඉදන් අමාවකට යන කාලයේ... ඒ කියන්නෙ හදේ පිරිපුන් බව අඩුවෙමින් පවතින කාලය.... මේ පරාජිතයාගේ තනියට ඉන්නේ අන්න ඒ බැස යන සීතල පසළොස්වක සඳ. ඒ විතරක් නෙමෙයි දොළේ වතුර බැසයන තාලෙට වැනි වැනී නටන උණ පඳුරත් ඔහුගේ තනිය මකනවා. උලලේනා කියන්නේ මූසල සතෙක් විදිහටයි සැලකෙන්නේ. උලලේනා හඬන්නේ දුක්බර මොහොතක. ඒ සුබ සුන්දර හඬක් නොවේ. නමුත් උලලේනට හඩා යන්න කියනව... ඇයිමේ මෙහෙම අසුන්දර දෙවල් ලංකරගෙන.....?
කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක...
ඇයි මේ තිනිකඩයා වේදනා විදින්නේ... මූසල දේවල් ලංකර ගන්නේ කියල අපිට පැහැදිලි කරන්නෙ මෙන්න මේ පද පේලිවලින්... හැමෝටම වගේ මටත් සතුටු කාලයක් තිබුනා.... මටත් තනිකමට කෙනෙක් හිටියා... ඒත් ඒ සතුට එක් හවසක පස්සා දොරෙන්ම යන්න ගිහින්. අන්න ඒ වේදනවා තමාටම කියාගන්නත්, සාමජයට පිටට නොදී ඒ වේදනාව විදින්නත්, ඒ සිදුවීම් නිසා ඔහු තුල සමාජය හා ඇති සියුම් වෛරය ප්‍රතිනිර්මාණය වීමටත් අවැසි නිසා තමයි මේ මහා මූසල දේවල් ඔහු සිය ජීවිතයට සුන්දර විදියට ලං කරගන්නේ... සමාජයටම එපා දේවල් සමාජයට හොදනැති දේවල් ඔහුට හොදයි.... දැන් මගේ සුසුම් නමැති මල් යායේ හමන්නේ බොල් ඉපනැලි සුවඳ විතරයි. ඇය නැති තනියත් එක්ක මගේ හිතේ ඉපදෙන දුක නිසායි දෙනෙත් තෙත් වන්නේ......
අපේ ගී පද රචකයා පවසන්නෙ මෙන්න මෙවැනි අදහසක්...
සොබා දහමේ සත්‍ය ස්වභාවය ආදරයටත්, ජීවිතයටත් පොදුයි කියා කියන්නයි මම උත්සාහ කළේ. මා ලියූ ගීත අතුරින් විශේෂිත ගීයක්. මට මතක හැටියට අසූහත අසූඅට වගේ කාලයක සුනිල් එදිරිසිංහ කැසට් එකකට සිංදුවක් ලියන්න මට ආරාධනා කළා. ප්‍රේමයේ සුන්දරත්වය වගේම ආදරයේ ජයග්‍රහණය ආදී ගීත ඒ කැසට් පටයේ තිබුණා. මම හිතුවා ප්‍රේමය වුණත් පරාජිත ස්වභාවය විවරණය කරන ගී සුනිල් ගේ හඬින් එතරම් ගායනා වෙලා නෑ කියලා. එවැනි නිර්මාණවලට ඉඩකඩ තිබුණා. එනිසා මම ප්‍රේමය ගාවන්නේ නැතුව හුදෙකලාව, පාළුව ගැන කියෑවෙන ගීයක් හැදුවා. ඒක තමයි මේ ගීතය.
පිලේ පහන නිව්වා මං
ගොම්මන් අඳුරේ...
තනිකම වරෙන් ඉදිකඩ පැන
මං නිදි පැදුරේ...
පෑලවියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
දොළේ හඬට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
කාගෙත් දුකට හූමිටිලන උලලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදාගන්ඩ
කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරි මාවක
මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
බොල් ඉපනැලි පුස්ඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
මගේ දුකට දෑස හඬයි කඳුළු හලා ගංගාවක
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
තනිකම කියන දේ සහ තමාට අත්වූ ඉරණම මේ විදියට මූසල දේවල් ලංකරගෙන ආදරවන්තයෙක් ප්‍රකාශ කරද්දි, ආදරවන්තියක් තමාට වූ අසාධාරණය ඉතා සුන්දර වූ යෙදුම් යොදාගෙන අපිට ගෙන එනවා... සුන්දර ගීතය, කැටපත් පවුර, අසුරු සැන ආදිය විතරක් නෙමෙයි ඇය තමා හැර ගිය පෙම්වතාට, සමාජයට පමණක් නෙමෙයි ආදරයට පවා වෛර නොකර දුක්වෙනවා.. ඔබ දුක් නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා... රසවිදලම බලන්න ගීත දෙකේ තේමාවන් සමාන උනත් එය සුන්දරව ප්‍රකාශකරන්නාවූ ස්වරූපයන් දෙක...... (මේ ගීතය ගැනත් විචාරයක් ලබා දිය යුතුයි. එය පසුවට...)
උම්මග්ග ජාතකයෙන් බිදක්......
උම්මග්ග ජාතකයේ එන මහෞෂධ පණ්ඩිතයන් ගැන ඔබ අසා ඇති... ඔහු වගේම බුද්ධිමත් කෙනෙක් තමයි ඔහුගේ බිසව වන අමරා දේවිය.... ඇය ගැනත් ගොඩාක් අය අසා ඇති. ඔන්න මම අද අපේ යාළුවන්ට කියන්න යන්නේ ලස්සන කතාවක්. ඒ තමා, මහෞෂධ පණ්ඩිතයන් මේ අමරා දේවිය තමන්ගේ බිසව විදියට තෝර ගත්ත කතාව... තමන්ගේ බුද්ධි මට්ටමටම සරිලනවදැයි සොයාගත් විදිය....
මහෞෂධ පණ්ඩිතයන්, රජතුමාට උපදෙස් දෙමින් සේවය කරන්නට උනා. ඔහුට දැන් සැප සම්පත් වලින් කිසිම අඩුවක් නෑ. ඉතින් ඔහුගේ මෑනියන් මේ පණ්ඩිතයන් සොළොස් හැවිරිදි වුනාම අපිට සමාන කුලයෙකින් ස්ත්‍රියක් පණ්ඩිත තුමාට සරණ පාවා දෙන බව සුදුසුයි කියල හිතල ඒ බව මහෞෂධ පණ්ඩිතයන්ට සැල කලා. ඔබ සොයාදෙන කෙනෙක් මට සරිලන්නෙ නෑ... මම මටම සරිලන කෙනා සොයාගන්නම් නමුත් ඊට පළමු ඇයගේ බුද්ධිය පරීක්ෂා කල යුතුමයි පණ්ඩිතයන් ප්‍රකාශ කලා.
ඒ කාලයේ උතුරු යව මැදුම් ගමේ දුප්පත් පවුලක් සිටියා. මොවුන් අතීතයේ පොහොසත් වෙලා සිටියත් දැන් දුප්පත්. මේ පැරණී සිටු පවලේ සිටියා අමරා කියල කුමාරිකාවක්. ඇයගේ පියා දැන් කුඹුරු වැඩ තමා කරන්නෙ. ඉතින් පියාට ඇඹුල අරගෙන ඇය යනවා කුඹුරට.
මහෞෂධ පණ්ඩිතයන් තමාගේ කාර්යයකට යන ගමනේදී දකිනව ඉදිරියෙන් එන මේ ස්ත්‍රිය දේහ ලක්ෂණ වලින් ඔහුට තේරෙනව මැය නම් මගේ බිසවට සරිලනව. නමුත් මැය විවාහකද නැද්ද, බුද්ධිමත්ද නැද්ද මා පරීක්ෂා කල යුතුයි. මහෞෂධ පණ්ඩිතයන් සිතනව. ඇයත් අදුනගන්නව තමා ඉදිරියට එන මේ පණ්ඩිතතුමා මහෞෂධ පණ්ඩිතයන් කියල. ඇයටත් යම් සිතක් පහලවෙනවා ඔහු ගැන.
මහෞෂධ පණ්ඩිතයන් ඈතදිම සිය ඇගිලි හකුලල මිට මොලව ගත්ත. අමරා දේවිය මෙය දැකල අත්ල විදාහැරිය. හස්ථ මුද්‍රා වලින් දෙන්නම තේරුම් ගත්ත දෙදෙනාම අවිවාහකයි කියල. ඇයට ලංවුන පණ්ඩිතයන් මේ විදියට විචාරණව... බලන්න අපේ යාළුවන්ටත් මේ සංවාදයේදී අසන ප්‍රශ්ණ හා පිළිතුරු වැටහෙනවද කියලා.......
ප්‍රශ්ණය...
මුතු වරුසා වත සරසා මැදියම් හිරු රැසේ
කොහි සිට කොහි යනවද ඔබ මොනවද ඔය හිසේ...?
පිළිතුර...
ගියොත් කෙනෙකු යලිත් නො එන තැන ඇති කුඹුරක (සොහොන් බිම අසල)
පියා සීසායි මම බත ගෙනයමි හනිකට
ප්‍රශ්ණය...
සොහොන් බිම අසල කුඹුරක වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ කියන් කවුද කියා...?
පිළිතුර...
පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙකු වේද ඒ නම මට හිමි (නොමැරෙන = අමර)
අමරා දේවී ඔබ අමරා දේවී
නැණවත් දේවී ඔබ අමරාදේවී
දැන් ඉතින් ගීතය ගැන මොනව කියන්නද... මෙතැනින් ගිහින් අහන්නකෝ... - http://ranatunga.saatunes.com/track/sandak-sadisi-landak
මෙතැනින් ගිහින් බාගත කරගන්න (ගීතය සොයා දුන්නේ JHHA සොයුරා) - http://www.mediafire.com/?25e757w6v5kbwtm
ඉන් පසුවද තවත් ප්‍රශ්ණ කිහිපයක් අසන ලදී. උම්මග්ග ජාතකයේ 12 වන කොටසේ ජන්නපථ ප්රශ්නය නම් පරිච්ඡේදයේ සියළු විස්තර සදහන් වී ඇත.
me sinduwa kalin ahala thibune neඋම්මග්ග ජාතකයෙන් බිදක්......
dan download kara ahanna one
hamadama wage lassanata wicharaya karala thiyenawa 
ජාතක කතා වල ගෙතූ පෙම් කතා, බුද්ධ කාලීන ප්‍රේමය, අසම්මත වුවත් බුද්ධ පුත්‍රයින් චීවරයෙන් වසාගත් පාරිශුද්ද ප්‍රේමය. මෙවෑනි දෑ සිහි නගන විට සිත කුමක්දෝ ශාන්ත වු මානයක් කරා දිවයයි. බුදුන් දෙසූ ප්‍රේමය කෙතරම් ආද්යාත්මිකද වෑටහෙන්නේ තම ප්‍රෙමය ආගමානුකූලව පිලිපෑදිය කල්හීය. තනිව දිනිය නොහෑකි සසර දෙදෙනෙකු එකට දිනිය හෑකිනම් සාන්සාරික ආදරයේ ඉම එයම නොවේද! කෙසේ නමුත් බෑදීම් ඈති තාක් අප සසර සරන බව බුදු වදනයි.
සිදුහත් යශෝදරා පෙම් වතට මතුල ඈත්ත කෑමෑත්තකට වඩා එහා ගිය අති භක්තියකි. සස්ලිට් ගේ ඉහත විවරනය වෙනත් හුයක මා කලකට ඉහත විරහව රහක් කරගත් කලෙක ලියු යමක් සිහියට කෑදවීය, ලෝ වෑඩ පිනිස මෙසේ පලකරමි..
ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? නෑවතත් අසමි .... ඔබේ ප්‍රේමය ආධ්‍යාත්මිකද? ඔබට මදක් සිතන්නට ඉඩදී මම මට සිතෙන දේ කියන්නම්...
අද කලකට පසු..කලක් මගේ ප්‍රියතම වු ගීතයක් ඈසුවෙමි,
ඔබ දෙපා බදා මා හෑඩූ තරම්
ලොව හෑඩුවා නම් ඒ යශෝදරා...
මා හෙලූ තරම් කදුලෑලි හෙලුවා
රජ කතන්දරේ එන සද කිදුරා...
http://www.mediafire.com/?99n77aj24p3ikpb
මා මේය දහස් වතාවක් අසා ඈති.. නමුත් අසන අසන හෑම මොහොතකම හිතට දෑනෙන්නේ ශෘන්ගාරයකට වඩා එහා ගිය ශාන්තියක්.
ඔබේන් යමෙක් ඈසුවොත් ඔබ අසා ඈති හොදම පෙම්වතුන් යුවල කවුද කියලා... ඔබ මොකක්ද දෙන පිලිතුර? දම්මි සුගත්? මොනිකා බ්‍රිටෝ? කසුන් චාපා? ජෑක් රෝස්? රෝමියෝ ජුලියට්? මාක් ඈන්තනී ක්ලියෝපෑට්රා? බොහේ දෙනෙක්ට මෙවෑනි අය මතක් වෙයි.. නමුත් මගේ මතය නම් මෙලොව පහල වු උතුම්ම පෙම්වතුන් යුවල සිදුහත් යශෝදරා දෙපලයි.
සූවිසි සන්ක්ය කප් ලක්ශයක් පෙරුම් පුරන ප්‍රේමයක් තරම් උතුම් පාරිශුද්ද පෙමක් වෙන කොයින්ද.. මට හෑගෙන දෑනෙන විදියට වර්තමානයේ අපි හෑමෝම අත්විදින්නේ සෑහෙන භොතිකකරනයකට ලක්වු ප්‍රේමයක්.. ප්‍රේමයේ අප ආධ්‍යාත්මය සුවපත් කරන මානයන් සන්ස්පර්ශ්නය කරන්නේ අප කීයෙන් කී දෙනාද? චිත්‍රපටයකට, හෝටල් කාමරයකට සීමාවු පෙම් කතන්දර අප අතර කෝතෙකුත් ඈත්ද?
සද කිදුරු ජාතකය ඔබ අසා ඈතිනම් එහි මදක් ගෑබුරට ගොස් කතාව විමසන්න.. අසා නෑතිනම් වහාම තම පෙම්වතා හෝ පෙම්වතිය සමග අසන්න... අසා ප්‍රේමයේ අස්වෑන්න වපුරන්න.
පුරුශයෙකුට ලෑබිය හෑකි උතුම්ම ප්‍රේමය යශෝදරාවන් සිදුහත් කුමරුන්ට දුන් ප්‍රේමයයි... සද කිදුරු දා කව සේම, යශෝදරා වත ද සියලුම පෙම්වතුන්/තියන් කියවිය යුතුය. සම්පුර්නයෙන්ම මතක නෑතත් මතක හෑටියට එහි පද පේලි කිහිපයක් ඔබට ගෙනහෑර දක්වන්න දෙන්න මට අවසර,
සිදුහත් කුමරුන්ගේ නික්මයාමට මොහොතකට පෙර ඔහු ඈය කෙරේ තිබු ප්‍රේමය ප්‍රකාශ වන එක් කවියක් මෙසේය,
සාගර ජලය මදි හෑඩුවා (1) මා හින්දා
කීකරු ලද ලියක් මේ ලොව් තුල ඈත්දා?
වෙන් කර අදම යන්නේ බුදු භව සින්දා
සුන් කර කෙලෙස් දුරු කර එක සිත් පෑහෑදා
පෑතුම් භලෙන් දෙන්නා ආවේ පේවී
කතුන් සෑමට නායක බිම්බා දෙවී
ඉතින් සසර ඈවිදින්නේ නෑත දේවී
ගොසින් බුදුව එනකල් සිටපන් දේවී
ඈය හෑර යෑම සිතට නෑඝෙන සෑම විටම.. ඔහුගේ සිතේ මෑවෙන්නේ ඈයගේ අප්‍රමාන ගුන සමුදායයි...
[(1) නිරොශා විරාජිනිගේ ගීයක මම මේම උපමාව අසා ඈත.. ]
පසුදා උදෑසන අවදි වු පසු ඈය තම ස්වාමියා සිහිකර වෑලපෙන්න පටන් ගනී..
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අදුරුයි ස්වාමිනේ
කෑලේ තිබෙන කොයි දෙවත් රස වේවා
මලේ බබරු ලෙස පිරිවර ඈති වේවා
අවුවේ තිබෙන රෑස් මාලා අඩු වේවා
ගව්වේන් ගව්ව දිව මාලිග සෑදේවා(2)
කම් රස විදීමක් නෑත මම දිවුරනවා
වෙන් කර ගියත් මම සීලේ පිහිටනවා
[(2) ජොතිපාලයන්ගේ උන්මාදිනියේ වෙන්වී යන පිටුපාලා ගීතයේ බාවිතා වන්නේ මේම පද දෙකයි]
මෙසේ ඈරබෙන යශෝදරාවත තවත් දීර්ඝව ගලායයි.. අවසන බුදුන් වහන්සේගේ ආගමනය.. බිම්බා දේවිය බුදුන් වෑදීම, රාහුල කුමරුන් බෑහෑදෑකීම ආදී අවස්තාවන් විස්තර කරයි. මේ සියල්ලන්ගෙන්ම ගම්‍යවන්නේ සාන්සාරික ප්‍රේමයයි.. හදවතේ ගෑභුරුම තෑන කෑකෑරේන ආත්මීය ආදරයයි. ඔබ පෙම්වතෙක් නම් මදක් මේ ගෑන සිතන්න... ප්‍රේමයේ ඔබේ බලපොරොත්තුව කුමක්ද? ඔබ සෑබෑ ප්‍රේමය අත්විදිනවාද? සෑබෑ ප්‍රේමය තරම් සුවදෙන ඔසුවක් ලොව තවත් නෑත.
මේ ඔබේ ප්‍රේමයත් ආධ්‍යාත්මිකද යන්න සිතිමට කාලයයි...
මේ සින්දුවෙ විචාරයක් දාන්න පුලුවන්ද ?
![]()
http://sinhala-lyrics.com/get_lyric.php?lid=1856
Nice thread, keep up the good work.



. ඒ නිසා මටනම් බෑ.. අපේ වෙනත් සහෝදරයෙක් කරයි.. 


ඒ වගේම තව ගීතයක් තියෙනවා පුළුවන්නම් සොයාගෙන රස විදින්න - මටනම් කොහෙත්ම බෑ සහෝ... ඔය ගීතය අහන හැම වෙලේම මගේ නෙත් තෙමනවා... ඒ නිසා මටනම් බෑ.. අපේ වෙනත් සහෝදරයෙක් කරයි..
ඒ වගේම තව ගීතයක් තියෙනවා පුළුවන්නම් සොයාගෙන රස විදින්න -
මා හද විනිවිද දකින්න...
දෑසක් නුඹට තිබුනානම්...
මා හද කියවා බලන්න ඔය සිතට හැක වී නම්....
තවම නුඹගේ මං....




සහෝදරයා ඔබ පැවසූ දෙයනම් සුපිරිය... මටත් ගීතයක් ඔබේ විචාරයත් සමග මතක් උනා,
එය ඔබේ විචාරය හා සම්බන්ධ නිසා මම මෙහි එය දමනවා... ඔබෙන් නොවිමසා කලේ සමාවෙන්න සහෝදරයා .....
මහා අභිනිෂ්ක්‍රමණය සමග යශෝධරාවන්ගේ වැලපීම....
![]()
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා...//
නින්දේය එදා හිමි ඔබ යනවිට මා උන්නේ
දැනුණානම් පැනයන බව නෑ යන්නට දෙන්නේ...//
මේ මාළිගයේ...
මේ මාළිගයේ දැන් මට මොන සැපතද ඇත්තේ
මා තාම නැතේ සඳළු තලෙන් පහලට බැස්සේ
පොඩි රාහුල පුතු හා මට දුක් ගින්දර දිලා
ගියෙ ඇයිද තපස් රැකුමට සිදුහත් හිමි රජා
සන්සාර සැපේ කළකිරුණලු ඇත්තද ඒක
සිදුවීද නැතොත් මාගෙන් වරදක් කිසි දාක...//
ගලවාල දමා...
ගලවාල දමා කණකර අබරණ හැමදාක
වැළපේවි යසෝදරා සොහොන් පිටියකි මේක
නින්දාව නිසා කපිලවස්තු පුර බැහැ ඉන්න
නොපමාවම ඇවිදින් අපවද ඔහි ගෙනියන්න
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා
මහ රෑක මොකෝ යන්න ගියේ මා හැරදාලා
so many great memories..මේ සින්දුවෙ විචාරයක් දාන්න පුලුවන්ද ?
![]()
http://sinhala-lyrics.com/get_lyric.php?lid=1856
Nice thread, keep up the good work.
but this person has understood and read and heard this girl in a way nobody else has, yet he cannot love her.
shucks. I think the first part says about how this guy is the only person that ever understood this girl, he's the only person that saw and heard the things she expressed into the air, and wrote in the sky..how many of us feel this way, ignored and misunderstood by the people around, with nobody to ever know what we feel and what our thoughts arebut this person has understood and read and heard this girl in a way nobody else has, yet he cannot love her.
he sees and hears her for what she is, but not her loveshucks.
second part is quite obvious. hope this helped.
second part is the most important part of this song bro. it describe the reason of first part
seems to me she says,
why don't you tell us what you think of this..