කොසොල් රජු දුටු සිහින
බුද්ධකාලීන කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා විසින් විවිධාකාර සිහින 16ක් දැකීමෙන් පසුව ඒවාට ආදාල සිහින ඵලාඵල විමසීම සඳහා මුලින්ම බමුණන් කැඳවනු ලැබේ. බමුණෝ එම සිහින දහසයම කොසොල් රාජ්‍යයට ඉතාමත් අශුභ බව සඳහන් කර ඒ සඳහා සතුන් විශාල ප්‍රමාණයක් මරා බිලි පූජා සහිත යාගයක් කළ යුතු බවට රජුට උපදෙස් දෙති. එනමුත් කොසොල් රජු බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් තමා දුටු සිහින 16 ගැන විස්තර උන්වහන්සේට පැවසීය. බුදුරජාණන්වහන්සේ එම සිහින 16ට අදාල අනාගත නිමිති එකනෙක රජුට පැහැදිලි කරමින් ඒවා කොසොල් රජුගේ රාජ්‍යකාලයේදී සිදුනොවන කාරණා බවත්, තවද ඒවා අනාගත කාලයේ පාලකයන්ගේ සහ ජනතාවගේ චර්යාව පිරිහීමෙන් සිදුවන දේ බවත් වදාල සේක.බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි. -
( උපුටා ගැනීමකි )

නියමයි මචන්..