සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

cat404

Member
Dec 26, 2006
57
0
0
Story of the song

Hamuwennata Samugannata Awith Yana Ena - Roshan Fernando

macho me song eka liyanna hethu una kathawa kauru hari danna wada ?

 
Last edited:

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා
    එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
    දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා
    මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා

    ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා
    කොහොම කියන්න්න්ද මගේ කවිය මම කෑ ගසලා
    කවිය මගේ හඩ නොනැගේ හිත පතුලෙ තව සැගවේ

    වැටකොට බැද ඇති පැලට උඩෙන් මගෙ ඉගිල්ලිලා
    මගෙ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා
    මඩිස්සලේ හදිස්සියෙ පැලේ දොරෙන් වරෙන් අනේ

    නන්දා මාලනී:confused:
     

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    හන්තානට පායන සඳ...

    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න...
    මා නොදකින ඒ පුර හඳ
    ඔබට හැකිය දකින්න...//

    අඳුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න...//
    කුඩේ යටින් ඔබ යන කල
    එපා තනිය දැනෙන්න...

    ලතා මඩුළු අත වනාවි
    එපා අහක බලන්න...//
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න...

    හන්තානට පායන සඳ...//

    ගායනය : අමරසිරි පීරිස්
    සිංදුව අහන්න මෙතනින්
     
    • Like
    Reactions: maheshsenadheera

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    කාලෙකට පස්සේ වෙලාවක් ආව මේ පෑත්තේ ඈවිත් යන්න...හිස් අතින් එන්නත් බෑනේ...

    එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන
    රෝහන වීරසින්හයන්ගේ තනුවට
    මියුරු ගීයක්.....




    නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
    නුරාවෙන් වෙළී
    මල් පිපෙන සුළඟ නීල වලා
    තුළට ගුලි වෙවී
    සඳ හොරෙන් සිනා වී
    නිල් දිය මතට පාවෙමින්
    හදේ දොරටු විවර කළෙමි
    සොඳුර නුඹෙ නමින්

    අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
    සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
    කිරි කවඩි සිනාවේ
    පෙළහර දකිනු රිසින්
    මගෙ සිත ගොළු වෙලා...

    ළැම හසුන් රැඟුම් පා
    මනමත් කළා දෝ
    රත තොලින් තොලට දී
    සෙනෙහස රකී දෝ
    සිත සතුට ගෙනාවේ ඔබමය
    මගේ හිතත් ඔබ ළඟ නැවතිලා
     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    සයුරින් එතෙරට වැලි කතරේ ගිය අයියන්ඩි

    සයුරින් එතෙරට වැලි කතරේ ගිය අයියන්ඩි
    ඔබ කවදා ඒ දැයි බලාන ඉන්නේ නෑනන්ඩි
    පෙර වාගේ ඔබ හා මා ලංවිලා හිදින්නයි ඕන

    දුර ඈත මරු කතරේ ගිනි අව්වේ දැවිලා
    ගිම් නිවන හැන්දෑකරේ
    ගම්මානෙ වෙල් එලියෙ මද පවනේ මුදු සිහිල
    සිහිවේද අයියන්ඩියෙ

    ඔබගේන මුතුමාල පටසේල පලදන්න
    හිරියක් නැගේ මා හිතේ
    මල්පිපෙන බක් මහට කැන්දාන ගෙනයන්න
    එනවාද අයියන්ඩියෙ:love:

    ස්වර්ණලතා කවීශ්වර
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ලදේ මා නම් සිතුවෙ ඔබ මට
    ආදරෙයි කියලා...
    දන්නේ නැ..... දන්නෙ නෑ මේ වන තුරුම ඔබ
    අන්සතුයි කියලා...............

    සිහිල් සෙවනේ සතුටු උයනේ
    සෙනෙහසින් හමුවී...........//
    මගේ තුරුලේ ඔයා රැදුනෙ ආදරෙන් ලංවී
    අද ඔබේ..............අද ඔබේ සුරතේ වෙලී
    වෙන කවුරුදෝ ඉන්නේ

    වෛර නොකරමි වරද නොකියමි
    ඔබට මා කිසිදා..........//
    සුභ පතන්නෙමි ඉවත යන්නෙමි
    නෙත කදුලු පිසදා............//
    හමු නොවෙවා .....හමු නොවෙවා
    කිසිදු දිනයක යලිදු පෙර වාගේ

    පුන්සිරි සොයිසා
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්
    දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින්
    වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් ඉන්නේ
    මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වගේ ඔබේ මුවන්

    ඉඳුන් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුනු අහිංසකාවිය
    අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය
    මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ පුරුදු හඩින් ඇයි හිනා නොවන්නේ
    මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්

    පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන්
    පුංචි දැරිය යුවතියක වුනාදෙන් මගේ බොළඳ හිත මට තිබුනාදෙන්
    ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
    මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වගේ ඔබේ මුවින්

    මම නම් ආසයි .................

    සනත් නන්දසිරි:love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්
    දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින්
    වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් ඉන්නේ
    මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වගේ ඔබේ මුවන්

    ඉඳුන් මහේ නෙත මුලින්ම දුටුදා මා හා හිනැහුනු අහිංසකාවිය
    අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය
    මා ආගන්තුක ලෙසද පෙනෙන්නනේ පුරුදු හඩින් ඇයි හිනා නොවන්නේ
    මම නම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්

    පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන්
    පුංචි දැරිය යුවතියක වුනාදෙන් මගේ බොළඳ හිත මට තිබුනාදෙන්
    ලොවට බයේ ඇයි ජීවත් වෙන්නේ දුරින් නොවේ ඔබ ළඟයි හිඳින්නේ
    මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වගේ ඔබේ මුවින්

    මම නම් ආසයි .................

    සනත් නන්දසිරි:love:
    :(:(:(:(:(:(:(
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    සෑදා කලුවර කුරගගා විත්
    ඔබෙ පෑල්පත මගෙ දසුනින්
    ඈත් වු සද මගෙ සරා සද
    තනිවෙලා මා තනිවෙල ආ.... ආඅ

    වලකුලකුදු නොමෑති අහසේ
    මලානික වූ මගේ සිතුවිලි
    ගල් ගෑසි ඈත පාලු වී ඈත
    අන්දුර පමනක් රජ වෙලා ආ... ආඅ

    ඔබේ ලෝකය මගේ ලෝකය
    අතර ඈත්තේ රෑයක් පමනයි
    ගව් ගනන් දුර ජීවිතෙ බර
    මගේ හිස මත බර වෙලා ආ...ආඅ

    ~විශාරද නන්දා මාලිනියන්~