කාලෙකට පස්සේ වෙලාවක් ආව මේ පෑත්තේ ඈවිත් යන්න...හිස් අතින් එන්නත් බෑනේ...
එඩ්වඩ් ජයකොඩි මහතා ගායනා කරන
රෝහන වීරසින්හයන්ගේ තනුවට
මියුරු ගීයක්.....
නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර නුඹෙ නමින්
අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ
පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා...
ළැම හසුන් රැඟුම් පා
මනමත් කළා දෝ
රත තොලින් තොලට දී
සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය
මගේ හිතත් ඔබ ළඟ නැවතිලා